බෝම්බ හම්බ වුණාම ජී.එල්. පීරිස්ට මේ තරම් ජොලි ඇයි?
චාවාකච්චේරියේදී හා මන්නාරමේදී සියදිවි නසාගැනීමේ ඇඳුම් කට්ටලයක් හමු වීමත් සමග ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ, මහින්ද යාපා අබේවර්ධන වැනි අය අමන්දානන්දයට පත් වී වහා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා සිය සතුට ප්‍රකාශ කරමින් ආණ්ඩුව ජාතික ආරක්ෂාව නො තකා හැර ඇති බවට චෝදනා එල්ල කළේ ය. ඔවුන්ට අමතක වී ඇති මූලික කාරණය වන්නේ සිදු වී තිබෙන්නේ පිපිරීමක් නො වන බවයි. සිදු වී තිබෙන්නේ විනාශයක් සඳහා යොදා ගත හැකිව තිබුණු භයානක ද්‍රව්‍ය ප්‍රමාණයක් කල් තබා සොයා ගැනීමයි. එය ආරක්ෂාව පැත්තෙන් ජයග්‍රහණයකි. එම සොයා ගැනීම කළ අය ප්‍රශංසාවට ලක් කළ යුතු ය. එහෙත්, ජී.එල්. පීරිස් වැනි මහින්දගේ අන්තේවාසිකයන් මේ කරන්නේ කුමක් ද? දැන් ඔවුන්ට තිබෙන ප්‍රශ්නය එය සොයා ගැනීම බව පෙනේ. සිංහල පත්තර පිටුවක ඔතා තිබුණු මෙම බෝම්බය පුපුරුවනු ලබන තැනට ගියා නම් ඔවුන් මීට වඩා අමන්දානන්දයට පත් වී “අපි ඔය ටික කිව්වා," යි කියමින් උඩ පනිනු ඇත. තමන්ගේ දේශපාලන ඉච්ඡා භංගත්වය මේ අයුරින් සනසා ගැනීම කෙතරම් පවිටු ක්‍රියාවක් ද යන්න සිතා බලන්න. තමන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා බෝම්බ පුපුරන තෙක් බලා සිටින ...