බාබේරියාවේ ඉස්පීකර්තුමා එහි ශ්‍රේෂ්ඨ කෝට්ටෙකට මාර සද්දයක් දැම්මේ ඇයි?

බාබේරියාවේ ඉස්පීකර්තුමා එහි ශ්‍රේෂ්ඨ කෝට්ටෙකට මාර සද්දයක් දැම්මේය.මේ ඒ ගැනයි.ඔබ එවැනි පඩ සද්ද ගැන සිතන්නේ කුමක්්‍ද?

ඇත්තෙන්ම කීවොත්, මේ ගැන සිතිය යුත්තේ ශ්‍රේෂ්ඨ කෝට්ටෙකයි.

මේ සද්දය දැම්මේ බාබේරියා‍වේ ලෙපර්ඩ්නැගුම පනත ගැන තීන්දුව ඉස්පීකර්තුමාට නොදී එහි කතාසාප්පුවේ ලේකම්ට දුන්නා කියාය. කෙක්කෙන් ලියුං දෙන එක වැරදිලු. ඒක ඉස්පීකර්තුමාට අපහාසයක්ලු.

කතාසාප්පුව මාර රෙස්පෙක්ටබල් තැනක්ය කියා මේ හදිසියේ ඉස්පීකර්තුමාට මතක් වූයේ ඇයි? අනෙක් කාරණාවලදීත් එය ‍එසේමද? 

කතාසාප්පුව නීති සම්පාදනය කරන තැනක්ම නම් කුඩුකාරයෝ, බඩුකාරයෝ හා වෙනත් හඩු පොරවල් එතැන එතරම් පිරෙන්නේ කොහොමද කියා බාබේරියාවේ බාබේරියන්ස්ලා අසති. 

ඇත්තම කාරණය එයද? නැත. මේ ලෙපර්ඩ්නැගුම පනතට ශ්‍රේෂ්ඨ කෝට්ටෙක දැමූ උදැල්ල බාබේරියානු පාණ්ඩුවේ ගරානා බිස්නස්වලට දැමූ පුංචි කකුල් මාට්ටුවක් නිසාය. 

බාබේරියාවේ ලොක්කාට ඕවාත් වැඩද? ඔහු මල්ලීට වැඩේ ගොඩදා දුන්නේය. අයියා ලවා බැන්නුවේය.

ඔහු ශේෂ්ඨ ‍කෝට්ටෙකට දුන් පණිවුඩය නම් වැඩිය නටන්න එන්න එපාය කියාය. ජනක සහ මංජු පෙන්නුවේත් එකටය. යූ අන්ඩස්කර්ට්? 


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. යෙස් අයි අන්ඩර්ස්කර්ට් අන්ඩ ද බස් ඉස්ටෑන්ඩ්. යූ නෝ අයි සෝ දැට් ලෙජන්ඩ් ජර්නලිස්ට් ෆාර්ටින්ග් ටු අ මයික්. යෙස් යෙස් දැට් පුලින්ග් ජර්නලිස්ට්..

    අන්ඩර්ස්ටෑන්ඩ්.. අයි ඊට් පැඩි විත් ක්‍රොකඩයිල් කරි

    ReplyDelete
  2. ජනක සහ මංජුත් සද්ද බද්ද නැතුව ඉවර උනා කියන්නෙ, තව මොන කථාද ?

    ReplyDelete
  3. පැරා උඹ ලියන රෙද්දක් කලින් වගේ ලස්සනට ලියපන්කො කියවන්න ආස හිතෙන විදියට. මේ මගුලේ බාබෙරියාවක් දාගෙන මේ බ්ලොග් එකේ දැන් කිසිම ගතියක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.