සෙලාන් බැංකු වෘත්තීය සටන, සේවක හිමිකම් හා අධිකරණ මැදිහත් වීම් නව ප්‍රවණතා
(2011 ජුනි 30, W3Lanka ) වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා හාම්පුතුන්ට බලපෑම් කිරීම පිණිස වැඩ වර්ජනය කිරීම ලොව පිළි ගත් සේවක අයිතිවාසිකමකි. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වෙමින් තිබෙන ලංකාව වැනි රටවල මෙම අයිතිවාසිකම සීමා කිරීම සඳහා අධිකරණය මැදිහත් වීම සුලබ තත්වයක් වී තිබේ. පහත සඳහන් දිනමිණ පුවත රතු අකුරින් දක්වා ඇති කොටස් කෙරෙහි විශේෂ අවධානය යෙමු කරමින් විශ්ලේෂණය කර බලන්න. සෙලාන් බැංකුවේ සේවකයින් අද (30) දින ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර තිබූ කෑම පැයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (29) නිකුත් කළේය. ලබන 06 දින හා 13 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනයද අත්හිටුවන ලෙස දිසා අධිකරණය නියෝග කෙළේය. බැංකු සේවකයින්ගේ වැටුප් ප්‍රතිශෝධනය මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කීපයක් එකවර ගැනීමට වර්ජනය කිරීමට තීරණය කිරීම සාධාරණ නොවන බව පෙන්වාදුන් දිසා අධිකරණය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සේවකයින්ගේ අයිතිවාසිකමක් බවද සඳහන් කෙළේය. සෙලාන් බැංකුව විසින් ලංකා බැංකු සේවක සංගමයට විරුද්ධව පවරා තිබූ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිස