සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

(2011 අප්‍රේල් 21, W3Lanka) එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට ලංකාව සම්බන්ධයෙන් ,උපදෙස් දීම පිණිස පත් කරන ලද විද්වත් කමිටුව ලංකාවේ රජය විසින් මුල සිට ම ප්‍රතික්ෂේප කරන ලද එකකි. 


එහෙත් රජය මෙම කමිටුව පිළිබඳ අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතකි. එළිපිට ප්‍රතික්ෂේප කළ කමිටුව හොර රහසේ හමු වීමට රජය විදේශ ඇමති ජී.එල්. පීරිස් යැවුවේ ය. 


කමිටු වාර්තාව නිකුත් වූ පසු නැවතත් ආණ්ඩුවට කමිටුව එපා වී ඇත. 


ආණ්ඩුවේ ප්‍රතිපත්ති බොහොමයක් මෙවැනි ය. නිශ්චිත එක් ජාතික ස්ථාවරයක ඉඳිමින් කටයුතු කරනවා වෙනුවට රට කරවන පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මත රජයේ ප්‍රතිපත්ති පමණත් නො ව රටේ නීතිය හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කරන ආකාරය නිතර දක්නට ලැබේ. 


ආණ්ඩුවට සහාය දක්වන දේශපාලකයන් වන චන්දන කත්‍රිආරච්චිට එරෙහිව දස වසක් තිස්සේ විභාග වෙමින් තිබුණ නඩුවක මිනීමැරුම් චෝදනා නීතිපතිවරයා හිටි හැටියේ ඉවත් කර ගත්තේ ය. මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එරෙහිව තිබූ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව ද ඉල්ලා අස් කර ගත්තේ ය. මෙම තත්වය කෙතරම් නරක එකක් වී ද යත් අග්‍ර විනිශ්චයකාරතුමාට පවා නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය නො කර සිටිය නො හැකි වී තිබේ. 


හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව පවරා ඇති සුප්‍රකට සුදු කොඩි නඩුව ද තවත් අර්බුදකාරී නඩු නිමිත්තකි. ආණ්ඩුවේ නායකයන්ගේ පටු අවශ්‍යතාව වන්නේ සරත් ෆොන්සේකා හිරේ ඇරීමයි.


ඒ සඳහා ඔහු ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත රජයේ හමුදා භාර වීමට පැමිණි කොටි නායකයන් ඝාතනය කළ බව පැවසුවේ යයි ඔප්පු කිරීමට ආණ්ඩුවට උවමනා වී තිබේ. සරත් ෆොන්සේකා එසේ පැවසූ බව ඔප්පු වුවහොත් එහි ඇති බරපතල ආදීනව කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කර ඇති බවක් නො පෙනේ. 


ආණ්ඩුව යුද අපරාධ කළ බව හිටපු හමුදාපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව ඔප්පු කිරීම හා එම රහස හෙළි කිරීම පිළිබඳ හිටපු හමුදාපතිවරයාට එ‍රෙහිව දඬුවම් කිරීම ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට අදාළ සාක්කියක් සංයුක්ත කර ගැනීමකි. 


එවැනි ප්‍රකාශයක් කළ හිටපු හමුදාපතිවරයා ආණ්ඩුවට එරෙහි යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයකදී සාක්කි දීමට ඉදිරිපත් කරන්නට පවා ආණ්ඩුවට සිදු වන්නට ඉඩ තිබේ.


ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වයකට මුහුණ දී සිටින්නේ එහි අමනෝඥ ක්‍රියා කලාපය නිසා ය. නීතිය සියතට ගත් ඒකාධිපති පාලනය සඳහා ගෝලීය ධනේශ්වරයෙන් සහයෝගය දිනා ගැනීමට මහින්ද රාපක්ෂ පාලනයට නො හැකි වී තිබේ. 


ජාත්‍යන්තර සම්මුතීන්ට එරෙහිව යන ඒකාධිපතීන්ගේ පාලනයන්ගෙන් හෙම්බත් වී සිටින ලෝකය සමග පවතින්නට නම් වෙනස් විය යුතු ව ඇති බවට රාජපක්ෂ පවුල් පාලනයට ලැබෙන බලවත් සංඥාව කෙරෙහි ඔවුහු අවධානය යොමු කළ යුතුව තිබේ. 


එක්සත් ජාතීන්ට එරෙහිව තවත් වරක් අවි අමෝරා ගන්නට යාම වෙනුවට සිහි බුද්ධියෙන් යුතුව මෙම වාර්තාව කෙරෙහි අවධානය යොමු කිරීම පාලකයන්ගේ ආරක්ෂාව පිණිස හේතු වනු ඇත. 


සත්‍යයට මුහුණ දීම එය මගහැර යාමට උත්සාහ කිරීමට වඩා නිවැරදි උපායකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සමහර වෙලාවට සුදු කොඩි දමා බේරෙන්න පුළුවනි.
    http://kathandara.blogspot.com/2011/03/hack-me-if-you-can.html

    ReplyDelete
  2. තමුන්ගේ ඇමරිකන් ස්වාමින් පින වන්නට කට මැත දොඩවා සුදු කොඩි කතාව කියා රට පාවා දුන් ඒ මෝඩයාට ශාප වේවා ! ශාප වේවා ! ශාප වේවා !

    ReplyDelete
  3. /*ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වයකට මුහුණ දී සිටින්නේ එහි අමනෝඥ ක්‍රියා කලාපය නිසා ය.*/

    මොන හු** කතාවක්ද පැරකුම් ඒක ?? එතකොට මෝඩ චුන් එකක් ගන්න පොර ටෝක් දීපු (දුර දිග නොබලා) පොන්නසේකා හරි ? ඒ ගැනත් කියන්න

    ReplyDelete
  4. Fonseka hariya kiyala mama kiyanne nehe, namuth mama ekak hondin terum aran tiyenawa.Fonsekawa hire damanta uwamana une fornseka balayata awoth horakam kala aya seratama hire yanna wena kiyapu nisa.Mekata paksha ,vipaksa deshapalakayop menma niladhari pelentiyada bayauna,mokada miniha kiyanade karana kenek nisa.Meweni prakashayak karanna konda tibuna minihek hetiyata mama fonsekawa dakinawa.Me wage prakashayak mona deshapalakayekwath mewenakan prakasha karala nehe karannat behe mokada okkoma horu.Mewa H**** kata hetiyata dakina ettoth inna ratak gene kumana kathada.

    ReplyDelete
  5. 2010 ජනාධිපතිවරණය තිබ්බ කාලෙම ඔය සුදු කොඩි කතාව යද්දී ප්‍රබල මහින්ද පාක්ෂිකයෙක් ඔය සුදු කොඩි කතාව කියලා ෆොන්සේකාව හිරේ යවන්න ඕනේ කියද්දී මම කිව්වේ "එහෙම එකක් ආණ්ඩුව කරනවා නම් ඒක උඩ බලාගෙන කෙළ ගහගන්න වැඩක්" කියලා.

    දැන් ඒක ඇත්ත වේගෙන යනවා වගේ. කන්න ඕනේ වෙලාවට කබරගොයා තලගොයා කරගත්තාට රිටන් එක එද්දී දුවන්න පාරවල් හොයන්න වෙනවා............

    - White Phoenix

    ReplyDelete
  6. අන්තිම ඇනෝ හෙවත් ප්‍රබාත් නැවත සිහිබුද්ධියෙන් යුතුව මෙම පෝස්ට් එක කියවිය යුතුය

    ReplyDelete
  7. ධනය හා බලයට ඇති කෑදර කම නිසා තමන්ට සහාය දක්වන ඕනෑම ත්‍රස්තවාදියෙක්, මිනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, කප්පම් කරුවෙක් රටේ නීතියට පවා අභියෝග කර දේශප්‍රේමී ලේබල් අලවා හුරතල් කරන රාජපක්ෂ පාලනය තමන්ගේ දූෂිත පාලනයට අභියෝග කරන ඕනෑම අයකු ශාරීරිකව,මානසිකව,කායිකව,දේශපාලනිකව හෝ සමාජීය වශයෙන් ඝාතනය කිරීමට කල හැකි අන්තිම පහත් උත්සාහද දැරීමට පසුබට නොවන්නේය. මෙම උත්සාහයේ තවත් එක් පැතිකඩක් ලෙස සරත් ෆොන්සේකාට එරෙහි සුදු කොඩි නඩුව ක්‍රියාත්මක වන්නේය. කිසිසේත් දූරදර්ශී නොවන මෙම රජය සරත් ෆොන්සේකා යන තනි පුද්ගලයාගෙන් පළි ගැනීම හැර මෙම නාටකයේ දිගු කාලීන දුර් විපාක නොදැකීම පුදුමයක් නොවේ.

    යුද්ධය නිම වීමට ආසන්න කාලයේ සිටම ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල වූ අතර එය කිසි ලෙසකින් වත් ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඇති වූ අළුත් තත්වයක් නොවේ. නමුත් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය සමයේ කරන ලද ප්‍රකාශ හේතුවෙන්ම පමනක් ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනා එල්ල වන බව රජය විසින් රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් ප්‍රචාරය කරවන ලද්දේ සරත් ෆොන්සේකා මහතා ද්‍රෝහියෙකු ලෙස පෙන්වා ජනාධිපතිවරණ සමයේදී ඔහුගේ වරිතය දේශපාලනික වශයෙන් ඝාතනය කිරීමේ බොළඳ අදහසිනි. ඡනාධිපතිවරණයෙන් පසුව පවා ෆොන්සේකා තමන්ට අභියෝගයක් වේය යන බියෙන් සුදු කොඩි නඩුව ඇතුළු මාලා නාටක කරලියට පිවිසුනි.

    ප්‍රභළ සාක්ෂි වලින් තොරව එක්සත් ජාතීන්ට කිසිම රටකට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කළ නොහැක. කිසියම් ජනාධිපති ධූර අපේක්ෂකයකු සිය මැතිවරණ ව්‍යාපාරය තුල දක්වන අදහස් මත යුධ අපරාධ චෝදනා ගොනුවේය යන රජය ගෙන යන ප්‍රචාර විහිළු සහගතය. නමුත් රටක අධිකරණයේ විභාග වන නඩුවක ඉදිරිපත් වන සාක්ෂි සහ නඩු තීන්දුව නම් එක්සත් ජාතීන්ට ප්‍රභළ සාක්ෂි ලෙස සැලකිය හැක. ෆොන්සේකා කෙරෙහි වෛරයෙන් ආණ්ඩුව ගොනු කල සුදු කොඩි නඩුව ආණ්ඩුවටම පාරා වලල්ලක් වන්නේ එබැවිනි.

    ReplyDelete
  8. පොන්නසේකා නම් නොම්බර එකේ මෝඩයෙක් ....කාලකණ්නියෙක්...අතට ගත්ත දේ කටට දා ගන්න පින නෑ...කුහක කම ඔක්කොන්ටම වැඩිය ලොකුයි

    ReplyDelete
  9. තොපි සරත් ෆොන්සේකා වීරයා නිදහස් කරන්නේ නැත්නම් ආණ්ඩු කරන බල්ලනේ තොපි දැනගනිව් තොපිට චන්දේ දීපු නැති චන්ද පොලට ආවේ වත් නැති 50% ක් ලංකාවේ ඉන්නව තොපිට වෙනදේ තොපිම බලගෙන ඉදිව් එදාට හිනාවෙන්නේ තොපි නෙවෙයි අපියි හ හා හා හ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා