ඔවුන්ට අමතක වී ඇති මූලික කාරණය වන්නේ සිදු වී තිබෙන්නේ පිපිරීමක් නො වන බවයි. සිදු වී තිබෙන්නේ විනාශයක් සඳහා යොදා ගත හැකිව තිබුණු භයානක ද්‍රව්‍ය ප්‍රමාණයක් කල් තබා සොයා ගැනීමයි.
එය ආරක්ෂාව පැත්තෙන් ජයග්‍රහණයකි. එම සොයා ගැනීම කළ අය ප්‍රශංසාවට ලක් කළ යුතු ය. එහෙත්, ජී.එල්. පීරිස් වැනි මහින්දගේ අන්තේවාසිකයන් මේ කරන්නේ කුමක් ද?
දැන් ඔවුන්ට තිබෙන ප්‍රශ්නය එය සොයා ගැනීම බව පෙනේ. සිංහල පත්තර පිටුවක ඔතා තිබුණු මෙම බෝම්බය පුපුරුවනු ලබන තැනට ගියා නම් ඔවුන් මීට වඩා අමන්දානන්දයට පත් වී “අපි ඔය ටික කිව්වා," යි කියමින් උඩ පනිනු ඇත.
තමන්ගේ දේශපාලන ඉච්ඡා භංගත්වය මේ අයුරින් සනසා ගැනීම කෙතරම් පවිටු ක්‍රියාවක් ද යන්න සිතා බලන්න. තමන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා බෝම්බ පුපුරන තෙක් බලා සිටින මෙවැනි අය නියම ත්‍රස්තවාදියෝ ය.
අවධානය යොමු විය යුතු තවත් සිදුවීමක් දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව ද සිදු වී තිබේ. එහි ගමන් කරන වාහනවලට ගල් ගසන්නන් ජී.එල්. පීරිස්ලාගේ පහළ මට්ටමේ ගෝලබාලයන් වන්නට පුළුවන. ඒ ගැන වහා සොයා බැලිය යුතු ය.
ගරිල්ලා යුද්ධයක් යනු සම්ප්‍රදායික යුද්ධයකට වඩා භයානක විය හැකි තත්වයකි. උදාහරණයක් ලෙස යුරෝපය මේ මෙහොතේ මුහුණ දෙමින් සිටින්නේ නාගරික ගරිල්ලා යුද්ධයකටයි. පවිටු අරමුණු ඇති සුළු පිරිසකට පුපුරන ද්‍රව්‍ය රැස් කර, බෝම්බ හදා, එයින් සිවිල් වැසියන් ඝාතනය කර විශාල විනාශයක් ඇති කරන්නට හැකියාව තිබේ.
ජී.එල්. පීරිස් කියන අන්දමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රැක ගත්තා ය, ආරක්ෂාව තර කළා ය, හමුදා නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියාමාර්ග හා අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො කර සිටියා ය කියා ත්‍රස්තවාදය නැති වන්නේ නැත.
එයට කළ යුතුව තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමයි. දෙමළ ඊලාම් අරගලය ඇති වූයේ හුදෙක් ම ආර්ථික ප්‍රශ්න නිසා නො වේ. එතැන පැහැදිලි දේශපාලන ප්‍රශ්නයක් තිබිණි. යුද්ධය අවසන් කර වසර හතක් ගත වී ඇතත්, තවමත් මෙම දේශපාලන ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම සඳහා පියවර ගෙන නැත.
දහස් ගණනින් මිනිස් බෝම්බ නිර්මානය කළ ප්‍රශ්නය එහෙමම තබාගෙන ආරක්ෂාව තර කළ පමණින් නැවත මිනිස් බෝම්බ නිර්මානය වීම නවතින්නේ නැති බව ජී.එල්. පීරිස් හා ඔහුගේ හාම්පුතුන් තේරුම් ගත යුතු ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.