ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ ජීවිත සූරා කන මාධ්‍ය ආයතන

හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන කේ. එච්. ප්‍රියන්ත රත්නායක මහතා (46) මින්නේරිය සමගිපුරදී වල් අලි ප්‍රහාරයකට ලක්‌ව මිය යාම අතිශය කණගාටුදායක පුවතකි.

ගමකට ඇතුළු වී මිනිස් කලබල මැද වල්මත් වී බියෙන් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන වන අලියකු ඉස්සරහින්, පස්සෙන් වීඩියෝ කරන්නට ගිය මාධ්‍යකරුවන් දෙදෙනෙක් අතරින් එක් අයෙක් මෙම ශෝචනීය ඉරණමට ගොදුරු වී තිබේ.

ස්ථිර නිවසක් හෝ නැති, කුලී නිවසක ජීවත් වන තිදරු පියකු වන මෙම මාධ්‍යකරුවා මෙවැනි අනතුරුදායක ක්‍රියාවකට යොමු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ සේවය ලබා ගන්නා මාධ්‍ය ආයතන වගකිව යුතු ය.

සාමාන්‍යයෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ විවිධ ආකාරයෙන් මාධ්‍ය ආයතන ගණනාවකට එක වර සේවය සපයති. සපයනු ලබන ප්‍රවෘත්තිවලට පමණක් සුළු ගෙවීමක් ලබන ඔවුන්ට පැවැත්මක් තිබෙන්නේ එවිට ය. අඩු තරමේ ඔවුන්ගේ නම හෝ ප්‍රචාරය වන්නේ දේශපාලකයකුගෙන් ගුටි කෑම වැනි අනතුරුදායක කටයුත්තකදී පමණි. 

ප්‍රාදේශීය මාධ්‍යකරුවන් යනු මාධ්‍ය ආයතනවල සූරාකෑමට දරුණු ලෙස ගොදුරු වන පිරිසකි. ඔවුන්ට සාමාන්‍යයෙන් ගත් කල කිසිදු පුහුණුවක් නැත. මාධ්‍යකරුවන්ට ලබා දෙන විධිමත් ආරක්ෂක පුහුණුවකදී නම් වාර්තාකරණයේදී ආත්මාරක්ෂාව සපයා ගන්නා ආකාරය පුහුණු කරනු ලැබේ. එහෙත්, ලංකාවේ බහුතරයක් ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට ප්‍රවෘත්ති පිළිබඳ මූලික අවබෝධය පවා නැත. බොහොමයක් මාධ්‍යකරුවන් එවන ප්‍රවෘත්ති නැවත ලියන්නට සිදු වේ. 

මාධ්‍ය ආයතනවලට ප්‍රාදේශීය මාධ්‍යකරුවා තවත් එක් උපකරණයක් පමණි. මොන යම් ආකාරයකින් හෝ ප්‍රාදේශීය ප්‍රවෘත්ති ලැබෙනවා නම් මාධ්‍ය ආයතනවලට ඇති ය. රටේම මිනිසුන්ට වන අසාධාරණකම් විවේචනය කරන මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සූරාකෑම නැවැත්වීමට කටයුතු කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා උ‍ඹෙත් බං තියෙන්නේ මහ දැනමුත්තගේ තීන්දුනේ. පිස්සු බයිලා කියන්නේ ඔවට බං. වාර්තාකාරයෙක් ගොන් පාර්ට් දාලා කෙළවගත්තමත් ආයතනය වග කියන්න ඕන? පව් නො දී හිටපං බං.

    ReplyDelete
    Replies
    1. ෂික් ! අලියා ගහලා මැරෙනවා ලයිව් රෙකෝඩ් කරගත්තනං ජාත්‍යන්තර මාධ්‍යකරුවෙක් වෙන්න තිබුනා.
      එතන හිටපු අනිත් කැමරාකාරයත් කැමරාව දාලා ප්‍රියන්ත බේරන්න දුවනවා, උෳට නං කවදාවත් ලංකාවේ ජනමාධ්‍යවේදියෙක් වෙන්න තියා, චැනල් එකකට වැස්සකටවත් ගොඩවෙන්න ලැබෙන්නෑ ඕං ..පුල් සූවර්.

      වන අලි ගැවසෙන ප්‍රදේශ වල ජනතාවට අලිවැට වෙනුවට 8MP ඉස්මාට් ‍ෆෝන් දෙනු.

      Delete
    2. Parakumta thama thiynne jvp pissu vikara priyantha illan kawa bawa ratama dakka He asikn it

      Delete
  2. විශ්‍රාමික කැරලිකරු පැරා දැන් දවල් මිගෙල් රෑ දනියෙල් ද? නැතහොත් එයා දැන් ලොකු ළමයෙක් ද? 01
    ==================================================================

    බහුවිධ විසාහි හසළ සුරුවිරු අජිත් පැරකුම් දිසානායක සූරීන් හෙවත් පැරා කලක පටන් පවත්වාගෙන යන "ඩබ්ලිව් තුන ලංකා" වියුණු සටහන් අඩවිය සියුම් සම්පරීක්ෂාවකට යොමුකරන කවරෙකුට වුව ඔහුගේ පශ්චාත් කාලීන චලස්ථානීය සමාජ-දේශපාලන චර්යාව ඥානනය කර ගැනීම අසීරු කාර්යයක් නො වන්නේ ය. දේශපාලන කතිකාව තුළ න්‍යායාත්මක කරුණු මත පිහිටා තම දේශපාලන භාවිතාව වෙනස් කර ගැනීමට ඇති හිමිකාරීත්වය අපි සර්වාකාරයෙන් ම පිළිගනිමු. ස්වයං විවේචනයක් කර ස්වකීය හාවිතාව අසත්‍ය මාර්ගයෙන් සත්‍ය මාර්ගයට යොමුකරවා ගැනීම මාක්ස්වාදී දේශපාලන එළැඹුමට අනුගත නො වන්නක් නො වේ. පැරා ජ.වි.පෙ. දෙවන අසාර්ථක කැරැල්ලට පසු තම දේශපාලන මාර්ගය වෙනස් කිරීමට අපගේ විවේචනයක් නොමැත්තේ එනිසා ය. තම සහෝදරත්වය නින්දිත ලෙස පාවාදෙමින් පැරා එම වෙන් ව යාම කළ ආකාරය ගැන අපට පිළිකුලක් ඇතත් අපි අදට ද ඒ සඳහා ඔහුට තිබූ අයිතිය පිළිගනිමු.

    පැරා තම දේශපාලන භාවිතාව නිසල විල් තෙරක ජල තලයක් සේ සුපැහැදිලි න්‍යායක් මත ප්‍රතිෂ්ඨා කර ගත්තෙක් නො වේ. සැබවින් ම පැරා දෙවන කැරැල්ලේ දී කළ සුවිශාල කාර්යභාරයක් නැත. ඇතැම් අවස්ථාවල අතීතකාමයෙන් කුල්මත් වන පැරා "කැරැල්ල ගැහැව්වේ අපි තමා", "පංති පහ අරයට කළේ මම තමා" වැනි පරවම්භවනයන් අසූව දශකයේ ලාංකීය දේශපාලනය අත්විඳ නැති පරම්පරාවට මහත් උජාරුවෙන් පැවසුව ද අපට නම් ඒවා ටෙනිසන් කුරේ ආකාර කුණුහරුප විසුළු ය. පැරා අප සිටින තැන්වල කොහොමත් එවැනි කටපුච්චම් නො පවසන්නේ එසේ පවසා අත්විඳි අතීත අත්දැකීම්වල ප්‍රත්‍යනුවේදනීය ඉගැනුම නිසා විය යුතු ය. දෙවන කැරුල්ල සඳහා පැරාගේ සම්ප්‍රදානය දේශපාලනමය නො ව සිවිල්මය එකකි (සන්නද්ධ ක්‍රියාකාරීත්වයට තේ සැපයීම, කෑම වේල් සැපයීම යනාදිය අයත්වන්නේ ද මෙකී සිවිල් කාර්යභාරයන්ට ය).

    පැරාගේ සැලකිය යුතු දේශපාලන මැදිහත්වීම එළැඹෙන්නේ කැරැල්ලෙන් පසු ව ය. රාජ්‍යතන්ත්‍රයේ හීලෑකරවීමට පත් වන (පුනරුත්ථාපන යන වදනින් ද ඇතැම්හු මෙය හඳුන්වති) පැරා යම් න්‍යායාත්මක පදනමක් මත ප්‍රතිෂ්ඨා වී දේශපාලන භාවිතාවක් ප්‍රකට කරන්නේ හිරු යුගය තුළ ය. මුද්‍රණාලයේ "බල්ලෝ" අල්ලන්නට දැමිය යුතු පැරාට ලේඛන පන්නරය දෙන්නේ භාෂණ සහෝදරයාගේ කරුණා සීතල හදවත නිසා ය. එහෙත් න්‍යායාත්මක සුශ්නිශ්ධභාවයක් නැති, න්‍යායමුක්ත හාවිතාවයක නිමග්න පැරාට වැඩි කලක් එතැන ද සිටිය නො හැකි වේ. පැරාට වාම දේශපාලන මඟක අනාගතයක් නැති බව අප නිගමනය කළේ එදා ය. අලගියවන්නයන් පැවසූ සේ ම පැරා වැනි කූපමණ්ඩුකයෙක් භාෂණ සහෝදරයා වැනි සුධවල අරවින්දයක් පිපි විලක ම සිටිය ද ඒ අරවින්දයේ සුවඳ නො දනී. භාෂණ සහෝදරයා වැනි තථ්‍යවාදී වාමාංශික බුද්ධිමතෙකුගෙන් ශික්ෂණය වන්නට නො හැකි පැරා අවසානයේ නතර වන තැන අපි එදා ද දැන සිටියෙමු. පැරා නො දැන සිටිය ද ඒ වන විටත් පැරාගේ උපවිඥානය පිටකා්ට්ටේ කරා ගමන අරඹා තිබිණ. එදා ජේ. ආර්. මරන්නට නන්දෙඩූ ප්‍රති-මාර්ක්ස්වාදී ජ.වි.පෙ. සමඟ සිටි පැරා අද ජේ. ආර්.ගේ බෑණාට කඩේ යාම දෛවයේ සරදමක් හෝ ස්ටොක්හෝම් සහලක්ෂණය හෝ නො ව පැරාගේ දේශපාලන කටුසුභාවය යි. (ජේ. ආර්. මරමු වැනි සටන් පාඨ මාර්ක්ස්වාදී හෝ ලෙනින්වාදී වන්නේ නැත. ලෙනින් තම සහෝදරයාට එරෙහි වූයේ ද සහෝදරයා සාර් මරමු වැනි පුද්ගලවාදී අස්ථානයකට පිළිපන් නිසා ය). පැරාට පිටකෝට්ටේ යන්නට වරපත් ලැබෙන සුදුසුකම ද පිටකෝට්ටෙන් ඇකමතයක් ද සමඟ ලැබෙන කාර්යභාරය ඉටු කරන්නට හසුරු කෞශල්‍යය ද ලැබුණු ආකාරය පැරාට ගිය සතිය වන තෙක් ම අමතක වී තිබිණි.

    ReplyDelete
    Replies
    1. උබට පිස්සු... ගිහින් බෙහෙත් ගනින්

      Delete
    2. /භාෂණ සහෝදරයා වැනි සුධවල අරවින්දයක්/
      /භාෂණ සහෝදරයා වැනි තථ්‍යවාදී වාමාංශික බුද්ධිමතෙකු/

      මට හිනාව නවත්තගන්න බෑ ඕයි!!!!

      Delete
  3. විශ්‍රාමික කැරලිකරු පැරා දැන් දවල් මිගෙල් රෑ දනියෙල් ද? නැතහොත් එයා දැන් ලොකු ළමයෙක් ද? 02
    ==================================================================

    එකවර ම නපුරු ස්වප්නයකින් පමුජ්ජිත වූවකු සේ, නැතහොත් දීර්ඝ කෝමාවකින් සිහි එළැඹියෙකු සේ පැරා පසුගිය දිනක "විමල් දැන් ලොකු ළමයෙක් ද?" යන හිසින් ලිපියක් ලිය යි. පිටකෝට්ටෙන් පෝෂණය වී නව ජීවයක් ලබා පසුගිය කාලයේ විමල් (හිටපු) සහෝදරයාගේ වස්ත්‍ර ලිහූ පැරා එක වර ම "විමල් ඒ දේශපාලනයේ පරිණත පුද්ගලයෙක් බව පෙනේ", "විමල් වීරවංශ සුන්දර රූසපුවක් ඇති, එහෙත්, එතරම් උස මහත නැති මිනිහෙකි",
    "කුසලතා පූර්ණ මාධ්‍යකරුවකු" යනාදී විරුද්ධාභාස දොඩ යි; වෙනස් තනුවක් වය යි. කවර නම් අරුමයක් ද මේ?

    මෙකී ලිපියේ ඇති අපට වැදගත් ම කොටස වන්නේ පැරා භාෂණ සහෝදරයා පිළිබඳ කරන මනබන්ධනීය, ආස්වාදනීය, වර්ණනීය ගුණ කථනය යි:

    "බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ හා මහනුවර ධර්මරාජයේ උගත්, ඉංග්‍රීසි දත්, බුද්ධිමත් තරුණයකු වූ රෝහිත භාෂණ"

    "පක්ෂයට බුද්ධිමය දායකත්වයක් සපයන්නට සමත්කම් තිබුණු සම්පතක්"

    පැරා මෙම වදන් පවසන්නේ මුඛයෙන් ද අධෝමුඛයෙන් ද යන්න අපට විමසන්නට සිදු වේ. පසුගිය සමයේ භාෂණ සහෝදරයාට අස්ථානීය, අසත්‍ය වෝදනා කරමින් පශ්චාත්හාගය කොනිත්තන්නට ප්‍රයත්න දැරූ පැරා ද මේ වැකි ලියන්නේ? එකී චෝදනා නළ මුඛයෙන් ද මේ වදන් පවසන්නේ?

    බුදුන් පිළිබඳ මාරයාගෙන් ද ජේසුන් පිළිබඳ සාතන්ගෙන් ද චරිත සහතික අනවශ්‍යය සේ ම භාෂණ සහෝදරයා පිළිබඳ අපට පැරාගෙන් චරිත සහතික ද අනවශ්‍ය ය. පැරා, ඔබ ඔබට ලියන්නට බාර දී ඇති දේ පිළිබඳ ලියන්න. අලියා මාර්ක් ඇකමතවලින් භාෂණ සහෝදරයා වගේ සුපිරිසිඳු වමෙකු පිළිබඳ ගුණ කථනයක්වත් එපා. උත්සහයට ස්තුතිය දෙනු රිසි ය. එපමණි. යළිත් නම් අවැසි නැත.

    පසුගිය මාස කීපය පුරා රනිල් වික්‍රමසිංහට වඩා කොළ පාට වී සිටි පැරා ඊයේ පෙරේදා සිට ළා කොළ වේ ගෙන යයි; පිටකෝට්ටේ ඇති පැරාගේ නව මහ ගෙදර ඵෛතිහාසික වල් අම්බලම සමඟ පටලවා ගනී; විමල් වීරවංශගේ ගුණ දකී; භාෂණ සහෝදරයාගේ ගුණ දකී. පැරා, ඒ මොකක් වුණත් ඔබට වමේ යළි අවකාශයක් නැති බව මතක තබා ගන්න. අප ඔබ වමෙන් පිටුවවහල් කර, පිටතොටකරණය කර අවසාන යි. අජිත් පැරකුම් ජයසිංහට එනම් පැරාට යළි වමට වීසා ලැබෙන්නේ නැත. ආදරණිය පියෙකු, ස්වාමිපුරැෂයෙකු ලෙස කුටුම්බ පෝෂණය කරන්නට ඇති නිසා අලුත් තැනවත් විනාශයක් නො කරගෙන සිටින්න පැරා. මෙපමණ පිටකෝට්ටේට කඹුරා වුව තවමත් පැරාට දිනමිණ හෝ සිළුමිණ හෝ නො ලැබීම දුකක් තමා. එහෙත් උකටලී නො වන්න පැරා.

    විමල් වීරවංශගේ දේශපාලන ගමනේ විවිධ අවධි ගැන මහා විශ්ලේෂණීය ආඛ්‍යානයක් ලියන පැරාට තමන්ගේ කණු වී ඕජස් ගලන අපදානය නො පෙනේ. පැරා ඊයේ එකක් පවස යි; අද තවෙකක් පවස යි. දවල්ට එකක් ලිය යි; රෑට තවෙකක් ලිය යි. "විමල් දැන් ලොකු ළමයෙක් ද?" යනුවෙන් අපෙන් අසන පැරාගෙන් අපට අසන්නට ඇත්තේ: පැරා දැන් දවල් මිගෙල් රෑ දනියෙල් ද? නැතහොත් පැරා දැන් ලොකු ළමයෙක් ද?

    ReplyDelete
    Replies
    1. උබට පිස්සු... ගිහින් බෙහෙත් ගනින්

      Delete
    2. /පැරා ඊයේ එකක් පවස යි; අද තවෙකක් පවස යි. දවල්ට එකක් ලිය යි; රෑට තවෙකක් ලිය යි./

      ඒක තමයි ඕයි අපේ පැරාගේ අනන්‍යතාවය කියන්නේ.

      මතක නැද්ද දවසක මතුගම කක්කුස්සි නෑ කියල ලියල ඊට පස්සේ කොල්ලෝ දෙන්නෙක් පාර අයිනේ චූ කරා ඒක හරිම කැත වැඩක් කියල ලිව්වා. කක්කුස්සි නැත්නම් පාර අයිනේ චූ කරනවා වගේ පැලැස්තර විසඳුම් වලට යන්නේ නැතුව බිජ්ජ පැලෙනකම් තද කරගෙන ඉඳල සමාජවාදයට ගිහිං ඊට පස්සේ කක්කුස්සියක් හදල චූ කරන්න කියල සමාජය දැනුවත් කරන එක තමයි පැරා කරන්නේ.

      අනන්‍යයි නේද?

      Delete
  4. madya ayatana keepayaka atam madaya vediyo vada karanne ek ayatanayaka mudala pramanavat novena nisa. ayatanada.ekama pudgalaya vivida nam bavita karamin mudalata jeevitaya paraduvata tabati. mohu ayatana keeyaka vada kalada. tama jeevikava raka ganeemata. dan mila kalata vadak vevida

    ReplyDelete
  5. එකඟයි. බොහොමයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලියන භාෂාව එදිනෙදා සමාජයේ ජනප්‍රිය භාෂාව මිසක් ව්‍යක්ත භාෂාව නෙවෙයි. ඒ වගේමයි ඔවුන්ගේ වාර්තාකරණයේ තිබෙන්නේ තරගකාරී බව මිසක් ප්‍රවෘත්තිමය වටිනාකම හෝ එය ඉදිරිපත් කිරීමේ ස්වභාවය නොවෙයි. කෙටි මං ඔස්සේ ඉහලට නැගීමේ ආශාව විනා අභ්‍යාසය අධ්‍යයනය මගින් පරිචයක් ලබාගැනීමට උත්සාහ කරන්නේ නැහැ. නිතරම අනෙක් ආයතන සමග තරගකාරී ප්‍රවුරුත්ති සඳහා විවිධ වාර්ථා ලබාදෙන්නේ නැත්නම් ඔවුන් තමගේ මාධ්‍ය ආයතයෙන් කුණු බැනුම් අහනවා. ඒ නිසා ජීවිතය ගැන නොසිතා මෝඩ වැඩ කරන්න පෙළඹෙනවා.

    ReplyDelete
  6. සිංහල මාධ්‍ය වේදියො කියන්නෙ බොහොම දුර්ලභ ජාතියක් ! ඇතැම් ආයතනයක “වේදියෝ“ ඇත්තෙම නෑ.ඉන්නෙ මාධ්‍ය කරුවෝ විතරයි. කරුවන්ට අත්වැඩ දෙන අය තමයි ප්‍රාදේශියව ඇති කර ගෙන ඉන්නෙ. සිත් කම්පාවෙන් මුසපත් කළ ඒ සිද්ධිය සම්බන්ධයෙන් කවුරු මොනවා කිව්වත් පැරා මෙතනදි සීයට සියයක්ම හරි

    ReplyDelete
  7. උන්ගේ ගොන්කම් වලට මාධ්‍ය ආයතනය වග කියන්න ඕනෙද...?

    මාධ්‍ය ආයතනවල ඉන්නේ ගොන්නුද....?

    ReplyDelete
    Replies
    1. apoyi innawaa. sirase derane hiru naalikaawe swarnawaahiniye gonnu innawaa. umbatath oneda?

      Delete
  8. පොඩි විජේSeptember 9, 2015 at 4:00 PM

    මේ යකාගේ ගෑනී දරුවෝ නං අනාථයී ඒත් නිවුස් නං ෆස්ට්,
    මිනිය විකුනන එයාර් ටයිම් එක හැටියට,මේ අවුරුද්දේ ලංකාවේ හොදම රිපෝටර් සම්මානේ ගෑනී දරුවෝ ගන්න හැටි පෙන්නලා කොම්පැනිය තවත් රුපියල් මිලියන ගානක්නං හම්බකරගනියි.

    මං පොර වෙන්න මාධ්‍යවලට ඇවිල්ලා ගොන් කතා කියල පුක නැති කරගන්නවට වඩා,
    මං පොර වෙන්න කැමරා උස්සාගෙන අලි පස්සේ ගිහින් ජීවිතය නැති කරගන්න එක නං හොඳයි ඕං ,

    වයස අවුරුදු 0 - 120 දක්වා සියලු දෙනාම සුපර්ස්ටාර්ලා විමේ සිඟිති ආතල් ඇති බුද්දිමත් ජනතාවක් වෙසෙන අරුම පුදුම රටක් මේක ඕයී. (හීනමාන ලන්තයක්)

    ReplyDelete
    Replies
    1. Obata naraka mohothaka, hiinamanaya ho asaniipa thathvayak pavathina mohothaka me mathrukava netha getunu bava mage hengiimaiYako Parakum Jaysinghe ge wife vasara 20kata vada itha uthum sevavak sapayana ayek heda kshestraye Nirogi mal vage daruvo denna. Parakumge mathrukavata adala comment karanna

      Delete
    2. පොඩි විජේSeptember 9, 2015 at 9:31 PM

      දැන් Anonymous කියන්නේ අලි ගහලා පැරා මැරිලා කියල hengiimen මම ඉන්නවා කියලද?.
      නැත්තං Parakum Jaysinghe ge wife හා Nirogi mal vage daruvo denna ගැන තමුසේ මොන මඟුලක් ද කියන්නේ .

      යකෝ හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන කේ. එච්. ප්‍රියන්ත රත්නායක මහතා (46) ගැන තමයි මම කියන්නේ. මේ යකාගේ ගෑනී දරුවෝ ගැන තමයී මම කනගාටුවෙන්නේ. පොඩි පැටව් තුනක් ඉන්නේ. මේ මනුස්සයෝ ඉන්නෙත් කුලී ගේක. මීඩියා කොම්පැනිය මිනිය විකුනන එයාර් ටයිම් එකේ ආදායමෙන් 25% මේ පවුලට ලැබුනොත් ගෙයක් දොරක් හදා ගතහැකියි. එච්චරයි.

      Parakumge mathrukavata adalaව දාන comment වලට තෝ හරියට රිප්ලයි කරපිය .නැත්තං තොට වගේම asaniipa thathvayak මටත් ඇතිවෙයි.

      (දැන් අලිත් එක්ක සර්කස් හිටං පෙන්නන පැරා, හස්තිකාන්ත මන්තරෙත් දන්නවා ඇති.)

      Delete
  9. අැයි පැරා දෙෂපාලන අාතල් දීල ඉවරද දැන්........._ඔන්න අද අනිත් උනුත් පත් කරල.... දැන් නින්ද යනවද

    ReplyDelete
    Replies
    1. Hah hah ha ! Well said ! This bugger is extremely cunning & just writing bullshits to avoid the blame now. Shame on u Mr. Ajith.

      Delete
  10. JR kiwwaa thamange aarakshaawa thaman balaaganna ona kiyalaa. Lankaawe jeewathwenawaa nam eka hetatath sathyayak.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා