සුන්දර ඉංගිරිසි: ඉඩියම් හා රූඪී

Don't put all your eggs in one basket
සිංහලෙන් ප්‍රස්ථාව පිරුළු කියන ඒවාට ඉංග්‍රීසියෙන් proverbs කියන ජාතිය සමානයි. ඉංග්‍රීසියෙන් idioms කියන ජාතියට සිංහලෙන් රූඪි කියනවා. ඒවා එක්තරා ආකාරයක සුවිශේෂ භාෂා ව්‍යවහාරයක්. එහි තේරුම වචනාර්ථය ඉක්මවා යනවා. ඒ වගේ ම, එය රසවත් වචන පෙළගැස්වීමක්. උදා: අනූ නමයෙන් බේරුණා. මේ වචන කීපයෙන් ලොකු අරුතක් දෙනවා.

පහත උපුටා ගැනීම බෝවල - කේ. ඩී. සී. ගුණසේකරගේ ලිපියකින් ය.

වචන මහත් රාශියකින් කිවයුතු අදහසක් කෙටියෙන් සිත් කාවදින ලෙස ප‍්‍රකාශ කිරීමත් භාෂාව අලංකාර කිරීමත් මෙමගින් කෙරේ.

ඉන් කීපයක් මෙසේ විමසා බලමු.
අනූනවයෙන් බේරුණා - බෝම්බය පිපුරුණු තැනින් ගමන් කළ මගියා බේරුනේ අනූූ නවයෙනි.
අටපහ නොදත් - කිසිම වැඩක් හරිහැටි කරකියාගත නොහැකි ඒ මිනිසා අටපහ නොදත් මෝඩයෙකි.
අමුඅපායක් - පිටකොටුවේ එළවළු වෙළෙඳ පොළ වැසි දිනවලට අමු අපායකි.
අකුල්හෙළනවා - දුදනෝ යහපත් වැඩවලට ද අකුල්හෙළති.
ආගිය අතක් නැහැ - රැකියාවක් සොය සොයා ළතැවෙමින් සිටි තරුණයා ආගිය අතක් පිළිබඳ තොරතුරු දැන ගැනීමට නැත.
ඇමගිල්ලා - කූට ධනහිමියාගේ ඇමගිලීම නිසා ඔහු යටතේ සිටි සේවකයන්ට ඔහු නියම කරනු ලබන වැරැදි වැඩ පවා කිරීමට සිදු විය.
ඇඟේ ලේ වතුර වුණා - අවුරුද්දක් කල් දී ඊට පසුව ද යා යුතු නිවසක් සොයාගැනීමට කුලී නිවැසියාට අපහසු විය. හදිසියේ නිවස හිමියා පැමිණ සතියකින් පිට වී යන ලෙස කී විට කුලී නිවැසියාගේ ඇඟේ ලේ වතුර විය.
ඉවක්බවක් නැතිව - ඉවක්බවක් නැතිව ඉගෙනීීමේ කටයුතු කළොත් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගත නොහැකිය.
ඊ ගසක වේගයෙන් - කී‍්‍රඩා කිරීමට වේලාව හරි බව ගුරුතුමා දැන් වූ විට ළමයි ඊගසක වේගයෙන් කී‍්‍රඩාපිටියට දිවූහ.
උඩින් පල්ලෙන් - ‘කරන වැඩ හරියට කරනු මිස, උඩින් පල්ලෙන් කරන්න එපා’යයි අම්මා දියණියට කීවා ය.
උරචක‍්‍රමාලාව - හිතුවක්කාර බිරිඳ සැමියාට උරචක‍්‍රමාලාවකි. මහත් කරදරයකි.උඩක් බිමක් නැතිව - හරිහැටි රැකියාවක් නොකරන අතන මෙතන නිකරුණේ ගත කරන ඔහු උඩක් බිමක් නැති තරුණයෙකි.
උන්හිටිතැන් නැති - සුනාමියෙන් බොහෝ දෙනෙකුට උන්හිටි තැන් නැති විය.
එලොව පොල් පෙනුනා - පිටරටක රැකියාව කළ බිරිඳ රියඅනතුරකින් මියගිය බව දැනගත් තම දරුවන් සමඟ සිටි ස්වාමියාට එලොව පොල් පෙනුනේ ය.
ඔළුව ඉදිමිලා - තනතුර ලැබීමෙන් පසු මහජනයා ගේ අවශ්‍යතා තබා හමුවීමටවත් ඉඩ ලබා නොදෙන මන්තී‍්‍රතුමාගේ ඔළුව ඉදිමිලා යයි බොහෝ දෙනා පවසති.
කඩිමුඩියෙන් - තාත්තා රෝහල්ගත වී සිටින බව දැනගත් පුතා කඩිමුඩියෙන් එහි පිටත් වී ගියේ ය. - ශ‍්‍රී ලංකාතිලක බෝවල - කේ. ඩී. සී. ගුණසේකර 

ප්‍රස්ථා පිරුළු වගේ නොවෙයි, රූඪි මුල් භාෂාවේ සංස්කෘතියත් සමග දැඩිව බැඳී තිබෙනවා. ඒ නිසා ඒවා බොහෝ විට භාෂාවන්ට අනන්‍යයි. දෙවන බසක් ලෙස ඉංග්‍රීසි භාවිතා කරන අයට ඉඩියම් භාවිතයට ගැනීම ටිකක් අමාරු වෙනවා. එයට හේතුව සංස්කෘතික කාරණයක් ලෙසයි මම දකින්නේ.

මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඉතා සුලභව භාවිතා වන ඉංග්‍රීසි ඉඩියම් කීපයකට සමාන සිංහල රූඪි ගැන සොයා බැලීමයි.

  • At the drop of a hat - එක පයින්
  • Ball is in your court - බෝලෙ ඔයාගෙ පැත්තෙ
  • Beat around the bush - වටින් ගොඩින් කියනවා
  • Cry over spilt milk - ඉහිරුණු කිරට අඬනවා
  • Don't put all your eggs in one basket - ඔක්කොම බිත්තර එක මල්ලෙ දාගන්න එපා
  • Every cloud has a silver lining - සෑම කළු වළාකුළක ම රිදී රේඛාවක් ඇත
  • Give the benefit of the doubt - සැකයේ වාසිය
  • Keep something at bay - අතේ දුරින් තබා ගන්නවා
  • Kill two birds with one stone - එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරා ගන්නවා
  • Let the cat out of the bag - බළලා මල්ලෙන් එළියට පනිනවා
  • Once in a blue moon - හාවා හඳ දකින්නා වගේ
  • Sit on the fence - වැට උඩ
  • Scratch someone’s back - පිට කසා ගන්නවා
  • Add insult to injury - ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ
  • The last straw - මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා
  • Take what someone says with a pinch of salt - තාර බැර ඇරලා ගන්න ඕනැ
  • A bitter pill - තිත්ත කසායක්
  • Kick the bucket - කූරියා ගැහුවා (මැරුණා)
  • as easy as pie -කජු කනවා වගේ
  • give someone a hand - අත දෙනවා
  • add fuel to the fire - ඇවිලෙන ගින්නට පිදුරු දානවා
  • all bark and no bite - බුරන තරමට හපා කන්නේ නැහැ
  • A Taste Of Your Own Medicine - ඌරගෙ මාළු උගේ ම ඇඟේ තියලා කපනවා
  • Blood Is Thicker Than Water - වතුරට වඩා ලේ ඝනකමයි
  • Cock and Bull Story - අල්ලෙ පැලවෙන බොරු / ගල් පැලෙන බොරු
  • Don't Look A Gift Horse In The Mouth - නිකම් හම්බ වුණ අස්සයගෙ දත් ගනින්න එපා
  • Drive someone up the wall - බිත්තියට හේත්තු කරනවා
  • Get Up On The Wrong Side Of The Bed - ඇඳේ වැරදි පැත්තෙන් බහිනවා
  • Give Him The Slip - ලිස්සලා යනවා
  • Let Bygones Be Bygones - ගිය දේ ගියාවේ
  • Let Sleeping Dogs Lie - කැළේ ඉන්න නයි රෙද්ද පල්ලෙ දාගන්නවා
  • Bite The Hand That Feeds You - කන්න දීපු අත හපා කනවා

රූඪි අතර සමානකම් අනුව භාෂාවන් එකිනෙකින් කෙතරම් පෝෂණය වෙනවා ද කියන එක ගැන අපට හිතා ගන්න පුළුවන්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1.   “ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම සංචාරක බ්ලොග්කරුවෝ අද කවුඩුල්ල වන පෙතට ගොස් වන අලි නරඹමින් එහි අසිරිය විඳගත්හ.“

    පැරාට ආරාධනාවක් ලැබුනෙ නැද්ද මේකට? හරිම අසාධාරණයි!!

    මෙම සමුළුවට පැරාට ආරාධනා නොකිරීම පිළිබඳව පැරාගේ පාඨකයින් වන අපගේ බලවත් කෝපය සහ විරෝධය!!!

    ReplyDelete
    Replies

    1. මම සංචාරක බ්ලොග්කරුවෙක් නොවෙමි. ඒ නිසා ඔවුන් මට ආරාධනා නො කිරීම ගැන මට නම් ප්‍රශ්නයක් නැත.

      Delete
    2. අනේ අබියො, උඹෙ ඔය අනුන්ට කියල ට්‍රන්ස්ලේට් කරවගෙන බිස්න්ස් ප්‍රමෝට් කරන්න අටෝගත්තු බ්ලොග් කටු වලට මේ වගේ ඒවට එන්ට කියන්නෙ නෑ බොලං. හිතෙ දුකට අනිත් උංදැලට ආඩපාලි නොකිය හිටු. තෝ මොන හිපාටුවෙක්ද මේවට එන්ට කියන්ට?

      Delete
    3. පැරා සංචාරක බ්ලොග්කරුවෙක් නොවෙන එක ඇත්ත. නමුත් මොකද්ද මේ සමුළුවෙ අරමුණ? අපි සල්ලි දීලා වෙන රටවල් වලින් බ්ලොග්කරුවන් මෙහේ එක්ක එන්නේ ඇයි? අපේ රට ගැන ලියවා ගන්න නේද? ඉතින් එහෙම එකේ ඔවුන්ට අපේ රටේ මුල් පෙළේ බ්ලොග්කරුවන් මුණ ගැස්සුවා නම් දවස් භාගයකට හරි ඒකෙන් යහපත කාටද? දැන් වෙන්නෙ මේ බ්ලොග්කරුවන් ලංකාවෙ බ්ලොග් එකක් වත් කියන්න දන්න එවුන් නැහැ කියන මතයට යෑම නෙවෙයිද?

      Delete
    4. මේ කිසිවෙක් ලංකාව ගැන කිසිවක් නො ලියන්නත් ඉඩ තිබෙනවා. සාමාන්‍යයෙන් රජයේ සහ රාජ්‍ය නො වන සංවිධානවල ව්‍යාපෘති ඔය වගේ තමයි. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ හිතවතුන් සමග මුදල් ටික බෙදා ගැනීමයි. සංචාරක ව්‍යාපාරය ගැන අවශ්‍ය නැහැ. මම දැන් අවුරුදු ගානක ඉඳලා ජාතික ප්‍රශ්නය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලියනවා. ඒත්, ඒ හා සම්බන්ධ පුහුණුවකටවත් අපට ආරාධනා ලැබෙන්නේ නැති තරම්. ඒ නිසා ඔය ගැන කණගාටු වෙන්න එපා. අපි අපේ වැඩේ කරමු. මිනිස්සු අපව කියවන එක තමයි අපට ලැබෙන සම්මානය. ඒ මදිද?

      Delete
    5. මේක travel bloggers association, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල සහ ශ්‍රී ලංකන් එයාර් එකතුව කරන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්.

      සහභාගි වන්න තෝරගත්තෙ ට්‍රැවල් බ්ලොගර්ස් එකේ සාමාජිකයන් අතරෙන් විවිධ ජාතීන් රටවල් නියේනය වෙන පිරිසක්.

      මේකට ලංකාවෙ බ්ලොග් කරුවන් නෙමෙයි, අර ලක්දසුන් වගේ ලංකාවෙ සංචරණය ගැන ලියවෙන ෆොරම් එකක සම්පත්දායකයින් හමුවන්න අවස්ථාවක් ඉල්ලීම සාධාරණයි, නැතුව සිංහල බ්ලොග් කරුවන් කියන අය හමුවෙන එක....ඒක ගැලපෙන දෙයක්ද?

      කොහොම උනත් මේකට ඕනෙ කෙනෙක්ට යන්න පුළුවන්, සල්ලි දීල ටිකට් අරගෙන.

      Delete
    6. අනේ පැරා අර 72,500 පැජේක් එක අරගෙන පැරාටයි ඇනෝලා හතර දෙකකුටයි යන්න පුළුවන්නෙ. පැරාට බැරිද අපිව ස්පොන්සර් කරන්න?

      Delete
  2. "අනුන්ට කියල ට්‍රන්ස්ලේට් කරවගෙන"

    ඉතින් මොකද? ලැජ්ජ වෙන්න කාරණයක්ද?

    ReplyDelete
  3. අමු මිරිස් සල්ලි වලට මොකද උනේ...

    ReplyDelete
    Replies
    1. අමු මිරිස කෝ ... ෆේස්බුක් එකේ ...
      අබේපාලගෙ මී මුරේ ...
      පොළොන්නරුවේ යන්තරේ ...
      රනාගේ හෙට අනතුරේ ...

      බැංකු ගිණුමක් ඇරැඹුනා ...
      චමීරට වැඩ ගොඩ වුණා ...
      සංසාර දුක බෝ වුණා ...
      සල්ලි ටික මාටින් වුණා ...

      Delete
    2. මාරයා කියුදෙයක් වැරදී නැත.... අමු මිරිස් සෙල්ලමට කෙලවී ඇත... දැන් අළුත් වැඩක් පටන් ගමු....

      දේශීය කන්සෙප්ට් එකක් එක්ක යන්න ඕනි නිසා වම්බටු ගහගන්න වගේ වැඩක් ප්‍රමෝට් කරමු...

      Delete
    3. කොහොමද දැන් උඹලගෙ අමුමිරිස් සෙල්ලම.ඒකෙ සල්ලි රන්ඩුවෙන්නෙ නැතිව බෙදා ගත්තද.කළුසල්ලි සුදු කරගන්න ළිදක්වත් කපපල්ල
      මොනව කලත් සල්ලි බෙදා ගන්නකොට රණ්ඩු වෙනව හෙම නෙමෙයි.

      Delete
  4. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය ජාතිකයින් කතාකරද්දි මේවා ඉතා බහුලව භාවිතා කරනව.. ඔවුන් එක්ක අපහසුවකින් තොරව අදහස් හුමාරු කරගන්න මේවා දැන සිටීම රුකුලක්.. ඒත් පැරා කියල තියෙනව වගේ ම මේවා වෙනම ඉගෙන ගන්න හරි අමාරුයි.. උන් මේවා වෙනම් ඉගෙන ගත්තු ඒවා නෙමෙයිනේ...මට නම් උන්ගෙන්ම අහන්න ලැබීමෙන් හැර මේවා ඉගෙනගන්න චිත්‍රපටි බැලීමත් ලොකු උදව්වක් වුනා..

    ReplyDelete
  5. පුංචිම කාලෙ පොතක් හම්බුනා කියවන්න සිංහලෙන් ලියපු 'රූඪි හා ප්‍රස්ථාව පිරුළු' කියල.. ඒ මතකය නැවත අලුත් උනා.. එකල එයින් ලොකු තේරුමක් නොවුනත් පසු කලෙක බොහෝ ප්‍රයෝජනවත් උනා.. භාශාවක් ලස්සන වෙන්න අනිවාර්ය අංග තමයි උපමා උපමේය, රූඪි හා ප්‍රස්ථාව පිරුළු.. ඉංග්‍රීසි භාශාවේ මේ රූඪි බොහෝ සෙයින් ඉගෙන ගත හැකි ආකාරයක් තමයි ක්‍රිකට් තරඟ අතරතුර ඉංග්‍රීසි විස්තර විචාරයට සවන් දීම.. ක්‍රිකට් තරඟ බැලීමට කැමති අයට මෙය වටිනා විනෝදාංශයක් කර ගත හැකියි. ක්‍රිකට් තරඟ නරඹන අතරතුර මා අහුලා ගත් මෙහි සඳහන් නොවූ එවැනි ඉතා අලංකාර රූඪි කිහිපයක් ඉංග්‍රීසි බසින් පමණක් මෙහි ලියා තැබීමට අවසර!
    Face the music
    Glad to see the back of
    taking the long walk back
    looking down the barrel
    bread & butter stuff
    hat-trick
    pull a rabbit out of hat
    something up his sleeves
    blessing in disguise
    right on the money
    come out of fighting
    off the hook
    of his mark
    down & out
    down to the wire
    bench- strength.. many more if you keep your 'eyes on the ball' :D

    ජය ශ්‍රී!

    ReplyDelete
  6. "The last straw - මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා"

    මේ වැරදි පරිවර්තනයකි. The last straw සහ clutching a straw පටලවාගෙන ඇති සෙයකි. මුදල් ලබාගෙන කරන පරිවර්තන මෙයට වැඩ සැලකිල්ලෙන් කරනවා ඇතැයි සිතමු.

    ReplyDelete
    Replies
    1. ඔච්චර (කෝචොක්) ටෝක්ස් දෙන්නේ නැතුව වැරැද්ද හැදුවනම් හොඳයි නේද ?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා