Posts

Showing posts from March, 2014

පළාත් සභා ඡන්දෙන් පසු මෙතැනින් කොතැනට ද?

Image
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුවේ බහින කලාව ඇරඹී ඇති බව පැහැදිලි ය. ආණ්ඩුව ‍මේ මොහොතේ පටන් ම සැරසෙමින් ඉන්නේ මේ ජනවරම මංකොල්ල කෑමට ය. ඒ කියන්නේ විපක්ෂ ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීන් මිළ දී ගන්නට ය. ඔබේ මනාපයෙන් පළාත් සභාවට තේරී පත් වූ ගෙම්බන් කීපදෙනෙක් ආණ්ඩුවට එක් වනු දැක සිත කම්පා කර නොගන්නට ජනතාව වග බලා ගත යුතු ය. පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයේ වඩාත් කැපී පෙනෙන වෙනස ජවිපෙ නැගීමයි. අප ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පිබිදීම එතරම් නොතකන්නේ ඉතිහාසය පුරා ම මෙවැනි පුද්ගල කේන්ද්‍රීය සෝඩා බෝතල්වලට වැඩි ආයුෂක් නො තිබුණු නිසා ය. ජවිපෙ සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නේ තමන්ට සුපුරුදු අන්දමින් බිම් මට්ටමින් වැඩ කරන්නේ නැතිව වීම විශේෂයකි. ගෙන් ගෙට කැන්වසින් යාම, පෝස්ටර් ගැසීම, ‍කොඩි දැමීම වැනි ජවිපෙ සම්ප්‍රදායික ප්‍රචාරණ කටයුතු මෙම මැතිවරණයේදී එතරම් පුළුල්ව සිදු කෙරුණේ නැත. එයට ප්‍රධාන හේතුව ජවිපෙ බිම් මට්ටමේ ක්‍රියාකාරී බලවේගය පක්ෂයෙන් ඉවත් වී යාමයි. ජවිපෙ ඡන්ද ලබා ගත්තේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙතින් ලද ආවරණය නිසා ය. නායකත්ව වෙනස හා අනුර කුමාර දිසානායක තුළින් ප්‍රදර්ශනය

හම්බන්තොටින් (විතරක් නෙමෙයි පළාත් දෙකෙන්ම) ආණ්ඩුව ඇත්තෙන් ම පරාදයි

Image
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ඉතා වැදගත් සංඥාවකි. 2009 පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව එහි ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය  10%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී තිබේ.  අවසන් වශයෙන් පැවැත්වුණු ප්‍රධානතම මැතිවරණය වූ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුව දිස්ත්‍රික්කයේ ආසන හතෙන් පහක් ම දිනා ගත් අතර විපක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන දෙකක් පමණි. විපක්ෂයෙන් ආසන දිනා ගත්තේ එක්සත් ජාතික පක්ෂය පමණි. සරත් ෆොන්සේකාගේ පක්ෂය සමග සන්ධානගතව තරග කළ ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් දිනා ගැනීමටවත් බැරි විය. මෙවර මැතිවරණයේදී ආණ්ඩුව සමස්ත ආසන සංඛ්‍යාව වන 14න් අටක් දිනා ගනිද්දී විපක්ෂය හයක් දිනාගෙන තිබේ. 2009 පළාත් සභා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවතියේ ආසන 12ක් පමණි. ආණ්ඩුවට එයින් අටක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයට තුනක් ද ජනතා විමුක්ති පෙරමුණට එකක් ද හිමි විය.  මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සිය ඡන්ද ප්‍රතිශතයන් හා ආසන සංඛ්‍යාව වැඩි කරගෙන තිබේ.  තැපැල් ඡන්ද ප්‍රතිඵලයත් සමස්ත ඡන්ද ප්‍රතිඵලයත් අතර වෙනසින් පෙන්නුම් කරන්නේ රජයේ සේවයේ යෙදී සිටින මධම පං

MH 370 මැලේසියානු ගුවන් යානයේ අතුරුදහන් වීම සමාජ අර්බුදයක් ලෙස

Image
MH 370 නම් මැලේසියානු ගුවන් සේවයට අයත් ක්වාලාලම්පූර් සිට බීජිං බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානය අතුරුදහන් වූයේ මාර්තු 8දා ය. සති දෙකකට වැඩි කාලයකට පසුව පවා මෙම සටහන තබන මොහොතේත් යානයට හා එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයට අයත් 239 දෙනාට සිදු වූ දෙය අභිරහසකි. වින්දිතයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජනයා ඉල්ලා සිටින්නේ ගවන් යානයේ හා එහි ගමන් කළ මිනිසුන්ගේ ඉරණම පිළිබඳ සංයුක්ත සාක්කි ය. එහෙත්, මෙම මොහොත වන විටත්, එවැනි භෞතික සාක්කි කිසිවක් සොයා ගැනීමට හැකි වී නොමැත. සෙවීම සිදු වන්නේ චන්ද්‍රිකාවක් මගින් හඳුනා ගන්නා ලද සාධක මත පදනම්ව ය. සෙවීම සිදු වන මුහුදු කලාපය ඕස්ට්‍රේලියාව ආසන්නයේ දකුණුදිග ඉන්දියන් සාගරයේ ගැඹුරු හා පාළු සුවිසල් මුහුදු කලාපයක් වන අතර රළු කාලගුණය, අඩි 25,000ක් දක්වා .ගැඹුරු වූ මුහුදු පත්ලේ භූ විෂමතා හා ඉලක්ක ප්‍රදේශයේ සුවිසල්කම නිසා සාක්ෂි සපයා ගැනීම දුෂ්කර වී තිබේ. සාක්ෂි සොයා ගැනීමට අවුරුදු ගණනාවක් ගත වීමට ඉඩ ඇතැයි ද, ඇතැම් විට එය කළ නො හැකි දෙයක් වන්නට ද ඉඩ තිබෙන බව විශේෂයෝ පවසති. ගුවන් යානයේ කළු පෙට්ටියේ බැටරි තවමත් ක්‍රියාත්මකව තිබේ යයි සැලකෙන නිසා එයින් සංඥා

ඡන්දය දෙන්නට යන්නට පෙර හිතට එන සිතුවිලි

Image
අද පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය ජාතික මෙන් ම ජාත්‍යන්තර වැදගත්කමකින් ද යුක්ත ය. මෙහිදී ජනතාවට එක්කෝ ආණ්ඩුවට සුවිසල් වැඩි ඡන්දයක් ලබා දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුමත කරන්නට පුළුවන. ඒ කියන්නේ ආණ්ඩුවේ ජාත්‍යන්තර හුදකලාභාවය, දූෂිතභාවය, ජාතිවාදය, මානව හිමිකම් කෙරෙහි තිබෙන නො සැලකිල්ල, ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය හා ඒකාධිපති පවුල්වාදය නැවත අනුමත කරන්නට පුළුවන. ආණ්ඩුවට ඒ ජනවරමින් ඔකඳ වී තව තවත් ජාත්‍යන්තරව හුදකලා වන අන්දමේ ක්‍රියාමාර්ග ගන්නට පුළුවන. රටේ ඉතිරි සාරයක් ඇත්නම් එය ද සූරා කන්නට පුළුවන. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානවල පදයට නටමින් ජාතික ප්‍රශ්නය ආගම් ප්‍රශ්නයක් දක්වා ම අවුල් කරන්නට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදයට සමච්චල් කරන්නට පුළුවන. යන යකා කොරහත් බිඳගෙන ම යන්නා සේ මහා ජන මර්දනයකට වුව මෙම ජනවරම යොදා ගන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත. මේ ඡන්දයෙන් ආණ්ඩුව ජය ගන්නට තිබෙන ඉඩකඩ වැඩි ය. මැතිවරණයේදී තරගය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, විපක්ෂයත් අතර නො වේ. ආණ්ඩුවත්, විපක්ෂයත් අතර ය. ආණ්ඩුව සමස්ත රාජ්‍ය බලයමත්, මහජන මුදලුත් ඡන්දයට යොදවා තිබේ. එහෙව්

සුමතිපාල මානවඩු සහෝදරයාට අවසන් ගෞරව දක්වන්නට ගිය අජිත් කුමාර මන්ත්‍රීවරයාට පහර දීම

Image
ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක, දුම්රිය වෘත්තීය සමිති නායක, දේශපාලන ක්‍රියාකාරික සුමතිපාල මානවඩු සහෝදරයා අපෙන් සමු ගත්තේ ය.  ඔහු වෙනුවෙන් අපට කළ හැකි ආචාරය ලෙස මෙම සටහන සැලකිය හැකි ය. මන්ද, ඔහුගේ ජීවිතය ආශ්‍රය කරගෙන සමාජවාදී සංවාදය ‍පෝෂණය කිරීම වඩා වැදගත් යයි අපි සිතමු. ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණි පෙරටුගාමී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරට ජවිපෙ සාමාජිකයෝ පහර දුන් හ. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ ක්‍රියාකලාපය පෙන්නුම් කරන්නේ ඔහු එම ප්‍රහාරය අනුමත කරන බවයි. දැන් ඔහු කියන්නේ පොලිසියේ පැමිණිල්ලක් නැති බැවින් එවැනි සිද්ධියක් සිදු වී නොමැති බවයි.  ජවිපෙ 1971දී රට පුරා පොලිස් ස්ථාන රැසකට පහර දෙමින් කැරැල්ලක් ආරම්භ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් මිය ගිය හ. 1989දී ද එවැනි ම දෙයක් සිදු විය. ජවිපෙ විසින් මතු කරන නීති තර්ක මෙතැනදී අදාළ වන්නේ කෙසේ ද? ජවි‍පෙ ඇතුළු ගතානුගතික වාම දේශපාලනය හා වෙනත් ක්‍රම විරෝධී අරගල තුළ සාමාන්‍ය මිනිස් ගුණධර්ම දක්නට නො ලැබීම ඇත්තෙන් ම බරපතල අර්බුදයකි. තමන් සමග කලක් එකට සිට මතවාදී හෝ ප්‍රායෝගික හේතු මත

ලෝක නාට්‍ය දිනයේ අසඩක් නෙළුම් පොකුණේ දොර කලා රසිකයන්ට වසා දමයි

Image
ජනකරළිය අද ලෝක නාට්‍ය දිනයයි.  පරාක්‍රම නිරිඇල්ල‍ගේ හුණුවටයේ කතාව නෙළුම් පොකුණේ රඟ දැක්වෙන බව ලංකාදීපයේ දැන්වීමක දැක සංවිධායක ජූඩ් ශ්‍රීමාල්ට දුරකථන ඇමතුමක් දුන්නේ එහි ටිකට් මිළ විමසා දැන ගැනීමටයි. මතුගම සිට කොළඹ ගොස් නෙළුම් පොකුණෙන් නාට්‍යයක් බලන්නට තිබෙන හැකියාව පිළිබඳ විමසීමට මට අවශ්‍ය විය.  ලැබුණු පිළිතුර වන්නේ නාට්‍යය පෙන්වන්නේ ආරාධිතයන් වෙනුවෙන් පමණක් බව හා මේ වන විට ආර‍ාධනා යවා අවසන් බවයි.  1984, 85 වකවානුවේ මම දෙහිවල කරගම්පිටියේ කාමරයක නැවතී කාර්මික පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. සිකුරාදා දිනවල මා ආපසු ගෙදර එන මුත්, මා කියන මේ සිකුරාදාවේ ලයනල් වෙන්ඩ්ට්හි පුන්තිලා නාට්‍යය පෙන්වන ලදී. මට එය බැලීමේ දැඩි උවමනාවක් තිබිණි. මා අත රුපියල් විසි පහක පමණ මුදලක් ඉතිරි වී තිබිණි. ඒ කාලයේ ජෝන් ද සිල්වා වැනි රඟහලක සාමාන්‍ය ටිකට් පතක් රුපියල් පහළොවක් පමණ විය.  මට තරු පෙනුණේ ලයනල් වෙන්ඩ්ට් ගිය විට ය. පුන්තිලා නාට්‍යය රඟහල පුරා ම පෙන්වන ලද පිංතූර රාමු වේදිකාවෙන් මිදුණු නාට්‍යමය අත්දැකීමක් විය. එබැවින් එහි ආසන සැලසුම ද වෙනස් වූ අතර අඩු ම මිළ ටිකට් පතත් රුපියල් විසි පහක් විය. මම අත තිබ

පළා ගියවුන්ට මේ රටට කළ හැකි විශිෂ්ට ම සේවය

විමුක්තිය සොයා පළා යන ලංකාවේ ම්‍ධ්‍යම පංතිය   නම් ලිපිය හා බැඳේ. මා ප්‍රශ්න කරන්නේ ලාංකික මධ්‍යම පංතියේ කුහකත්වයයි. ඔවුන්ගේ සිහිනය තිබෙන්නේ සංවර්ධිත, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රටක සුරක්ෂිත සමාජයක ජීවත් වීමට ය. ඒ නිසා ඔවුහු ලද අවසරෙන් මේ රටෙන් පළා යති.  ඔවුන්ගේ කුහකත්වය තිබෙන්නේ තමන් අපේක්ෂා කරන ජීවන තත්වය මේ රටේ අැති වනවාට ඔවුන් තුළ තිබෙන අකැමැත්ත තුළයි. ජාතිවාදයට හා ඒකාධිපති පාලනයට සහයෝගය දෙමින්, ඔවුන්ගේ දූෂණයේ කොටස්කරුවන් වී සිටින ලංකාවේ මධ්‍යම පංතිය සිය පුරවැසිභාවය වෙනස් කිරීමෙන් අනතුරුව හෝ එය නතර කරන්නේ නැත.  මා මේ කියන කාරණය සිංහල මෙන්ම දෙමළ මධ්‍යම පංතියටත් පොදු ය. ලංකාවේ අද තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජාතිවාදී, දූෂිත, ඒකාධිපති පාලනය බිහි වුණේ සිංහල හා දෙමළ ජාතිකවාදී මධ්‍යම පංතික බලවේග විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග ඔස්සේ ය.  යම් කිසිවකුට මේ රටින් පළා යන්නට අයිතිය තිබෙන්නා සේ ම මෙහි සිට මේ සමාජය යහපත් අන්දමින් වෙනස් කර ගන්නට ද සෙසු මිනිසුන්ට අයිතිය තිබේ. පළා යන මිනිසුන් ගැටලුවක් වන්නේ මේ රටේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතවලට ඔවුන් කරන බලපෑම නිසා ය.  ඇත්තට ම රටේ ඉන්නට බැරි වීම

විමුක්තිය සොයා පළා යන ලංකාවේ ම්‍ධ්‍යම පංතිය

Image
මොහොතකට කලින් එක්තරා පුවත්පත් කතුවරයකුගේ ෆේස්බුක් ගිනුමක දුටුවා, ඔහු ස්ථිරවම ලංකාවෙන් පිට වී වෙනත් රටකට සංක්‍රමණය වන්නට යන බව.  මේ කතුවරයා සිංහල ජාතිකවාදී අදහස් ඇති තරමක් ලිබරල් නැඹුරුවකිනුත් යුත් කෙනෙක්. සිංහල ජාතිකවාදීන් පවා අවසානයේදී කරන්නේ මේ දේ. අඩු තරමේ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් හෝ ඔවුන් තෝරා ගන්නේ බටහිර, සංවර්ධිත රටකට සංක්‍රමණය වීමේ විසඳුමයි. මා නිරීක්ෂණය කර ඇති ආකාරයට ලංකාවේ වඩාත් ම උන්නතිකාමී මධ්‍යම පංතික බලවේගයේ ස‍ිහිනය සංක්‍රමණයයි. මෙහි තිබෙන පරස්පරය වන්නේ වැඩියෙන් ම දේශප්‍රේමී, ජාතිකවාදී, ආගම්වාදී අදහස් දරන්නේ ද මෙම බලවේගය ම වීමයි. දකුණේ ‍මහින්ද රාජපක්ෂ හා උතු‍රේ ප්‍රභාකරන් මෙම බලවේගයන්ගේ නිර්මාණ වෙති. එහෙත් ඔවුන් යන්නේ ලෝකෙන් උතුම් ම රට, ලෝකෙ හොඳ ම වතුර, සිංහල ගම, සරම හා බැනියම, බුලත් විට, සිංහල හාලේ බත් විතරක් නෙමෙයි සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුදු දහම, ජාතිකවාදී දේශපාලනය හා සිංහලයන්ගේ අහවල් එක වන මහින්ද චින්තනය ද මෙහි තබා ය. දෙමළ අය නම් අපට ඉතිරි කර යන්නේ මරාගෙන මැරෙන බෝම්බ ය. අප මේ කියන කාරණය සිංහල මෙන් ම දෙමළ ඩයස්පෝරාවට ද පොදු ය. රුද්‍රකුමාර්ට මෙන් ම ගෝඨාභය රාජ

සුන්දර ඉංගිරිසි - 3: දුෂ්කර බන්ධන හා නෝනිසමේනියාව

Image
ගිය සතියේ මම සිංග්ලිෂ් කවියක් ලිව්වා. ඒක ලිව්වේ සිංහල අකුරෙන්. සිංග්ලිෂ් කියන්නේ සිංහලයි ඉංග්ලිෂුයි කලවම් වුණ භාෂාවට. මේ විිධියට දෙමළයි ඉංග්ලිෂුයි කලවම් වුණ භාෂාවට කියන්නේ ටැංග්ලිෂ් කියලායි. පසුගිය දිනවල ජනප්‍රිය වී තිබුණු 'වයි දිස් කොලවරි, කොලවරි ඩී' සිංදුව ටැංග්ලිෂ්. කොලවරි කියන්නේ මා අසා ඇති විධියට අධික කෝපය යන තේරුම දෙන වචනයක්. මෙතැන ඩී කියන්නේ අඩී කියන එක. මේකයි මම ලියපු කවිය: ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ඉස් ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ශ්‍රී ලංකන් එක්ස්පැට්‍රියේට් ස්ටාර් හී කැන් ස්පීක් ඉංග්ලිෂ් සෝ එලක්වන්ට්ලි ලයික් අ ඩයමන්ඩ් ඉන් ද ස්කයි. අයි ඩෝන්ට් නෝ මේ ලෝකෙ දෙයක් එයාගේ වෙදකම් ගැන බට් හී කැන් ස්පීක් ඉංග්ලිෂ් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ් වෙන් හී ස්පීක්ස් ඉංග්ලිෂ් ලයික් ක්වීන්ස් එලකියුෂන් මාස්ටර් අපේ ඇ ඟ ේ මයිල් කෙළින් වෙනවා ය. ආෆ්ටර් දැට් වී ස්පීක් අබවුට් හව් හී ස්පීක්ස් අන්ටිල් වී ඉජකයුලේට්  හව් සොමි ඉට් ඉස් නෝ ප්‍රොබ්ලම් දෝ වී ඩොන්ට් අන්ඩස්ටෑන්ඩ් මේ ලෝකෙ දෙයක් ඇක්චුවලි හිස් වර්ඩ්ස් ආ පට්ට හිස් ඒත්, හී ස්පීක්ස් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ් යූ නෝ හී කැන්

W3Lanka විසිලක්ෂයේ සන්ධිස්ථානය

Image
අපේ බ්ලොගය පිටු වෙත පිවිසීම විසිලක්ෂයේ සීමාව පසු කරන්නට ආසන්න ය. (දකුණු පැත්තේ කොලමේ තිබෙන හිට්ස් කවුන්ටරය බලන්න) එය මහා මංගල්‍යයක් ‍නො වුණත් අපට සතුටකි. අප මෙම බ්ලොගය ආරම්භ කළේ දේශපාලන වශයෙන් අවිනිශ්චිත වකවානුවක අපගේ මැදිහත්වීම පවත්වාගෙන යාම සඳහා ය. අපි සිදු වෙමින් පවතින දේ ප්‍රශ්න කිරීම ද, විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම ද, හොඳ දේ අගය කිරීම  ද කළෙමු. අපි මෙම ‍බ්ලොගය සමග ගොඩනැගුණු සංවාද ඔස්සේ වෙනස් වෙමින් ගමන් කළෙමු.  මෙම බ්ලොගය වැඩිපුර ලියන්නේ අජිත් පැරකුම් ජයසිංහ වන මා බව සැබෑ ය. එහෙත්, මෙහි තිබෙන සියලු අදහස් මගේ  තනි අයිතියට ගත නො හැක. ඒ වෙනුවෙන් දැනුවත්වත්, නො දැනුවත්වත් තවත් බොහෝ අය සම්බන්ධ වී තිබේ. මම, මා යන යෙදුම් වෙනුවට අපි, අප යන යෙදුම් මෙහි භාවිතා වන්නේ ඒ නිසා ය.  අප මුලින් ම මෙම ‍බ්ලොගය ආරම්භ කළේ අප විසින් 2009 පෙබරවාරියේදී දියත් කරන ලද w3lanka.com නම් පුවත්, වි‍ශ්ලේෂ්‍ණ හා තොරතුරු වෙබ් අඩවියට සම්බන්ධව එහි ප්‍රවර්ධක බ්ලොගයක් ලෙසයි. එහෙත් පසුකාලීනව අප එම වෙබ් අඩවිය නවතා දැමුවෙමු. බ්ලොග්කරණයේ සුවිශේෂතා ගැන අවධානය යොමු කරමින් මෙම බ්ලොගය සංවර්ධනය කළෙමු. මේ ලියමින් තිබෙන්නේ

ජනමතවිචාරණවලින් වෙනම රාජ්‍ය බිහිකිරීම: ක්‍රිමියාවේ සිට ලංකාව දක්වා

Image
කළු මුහුදේ කහ පාටින් දැක්වෙන්නේ ක්‍රිමියානු අර්ධද්වීපයයි. ලෝක දේශපාලන සිතියම ඉතිහාසය තුළ ස්ථිතිකව තිබුණු දෙයක් නොවෙයි. බලතුලනය විවිධාකාරයෙන් වෙනස් වන විට ලෝක සිතියමත් වෙනස් වී තිබෙනවා. රටවල් තව රටවල් සමග එක් වීම, වෙන් වීම, රාජ්‍යවල දේශ සීමාවන් වෙනස් වී ලොකු පුංචි වීම ආදිය ලෝක ඉතිහාසයේ සාමාන්‍ය තත්වයක්. ජනමත විචාරණයක් ඔස්සේ කිසියම් ජනතාවකගේ අදහස විමසා, ඒ අනුව දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම මෑත වකවානුවේදී දකින්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් යුත් ක්‍රියාවලියක්. එහෙත්, මේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර යට බල දේශපාලන අවශ්‍යතා ක්‍රියාත්මකයි. ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ස්වීඩනය හා නෝර්වේ යන සීතල යුද සමයේ ස්වාධීනව සිටි රටවල් ඇතුළු යුරෝපා රාජ්‍ය රැසක් ම පසුගිය සමයේ ජනමතවිචාරණ පැවැත්වූයේ යුරෝපා සංගමය සමග එක් වනවා ද, නැද්ද යන්න තීරණය කරන්නයි. සවිට්සර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවෙයි. ඒත්, ස්විට්සර්ලන්තය පවා යුරෝපා සංගමයේ සංචලන නීතිවලට අනුගත වෙමින් යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර නිදහස් සංචලනයට අවසර දී තිබුණා. යුරෝපයේ ධනවත් නො වන රටක් වන ක්‍රොඒෂියාව මෑතදී යුරෝපා සංගමය

කමෙන්ට් දැමීම, කැපීම හා අපේ හැටි

මෙන්න රස කතාවක්. හැබැයි ඒ කතාව මිනිස් ස්වභාවය හා දේශපාලනය ගැනත් ගැඹුරු අරුත් මතු කරනවා.  මා ලියූ පසුගිය ලිපියේ මාතෘකාව දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය හා සිංහලයා මේ ලිපියේ මාතෘකාව ටයිප් කරද්දී මා අතින් වැරදි දෙකක් වී තිබුණා. එකක් ජනයා වෙනුවට ජනවා කියා ටයිප් වී තිබුණා. අනෙක් වරද හා වෙනුවට හි ටයිප් වී තිබීම. එය කවුරුවත් පෙන්වා දුන්නේත් නැහැ. මා දැක්කේත් නැහැ. ඒ නිසා හැදුවේ දැනුයි.  රෑ ලිපිය ලියලා උදේ බලන විට පාඨකයෙක් ජනවා යන වචනයේ වරද පෙන්වා දී තිබුණා. මා එය නිවැරදි කර එම කමෙන්ටුව ඉවත් කළා. එය සුළු ටයිපිං වරදක්. එම වරද නිවැරදි කළාට පසුව එම කමෙන්ටුවෙන් වැඩක් නැති නිසායි මම එය ඉවත් කළේ.  ඒත්, එම කමෙන්ටුව දැමූ පුද්ගලයා මගෙන් ලොකු ස්තුතියක් බලාපොරොත්තු වී තිබෙනවා. මම සාමාන්‍යයෙන් ඔය එක්ස්කියුස් මී, තැන්කිව් ආදිය මහ ඉහළින් බදාගෙන ඉන්න කෙනෙක් නොවෙයි. අපි සමාජය වෙනුවෙන් යමක් කරනකොට ඒකට තැන්කිව් බලා‍ෙපොරොත්තු විය යුතු නැහැ. මේ බ්ලොගය ‍වෙනුවෙන් මට වැඩිපුර ලැබෙන්නේ බැනුම්. ඒත්, මට ඒකයි ස්තුතියි අතරේ වෙනසක් නැහැ.  වරද නිවැරදි කරන්නට උදව් වූ පුද්ගලයා නැවත මෙවැනි අදහස් දැක්වීමක් කර තිබුණා. 

දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය හා සිංහලයා

Image
මගේ ලංකාවේ කොඩිය අනන්‍යතාවක් සහිත යම් ජන කොටසක්, පාලන බලය සහිත වෙනත් ජනකොටසකින් නිරතුරුව, අඛන්ඩව අසාධාරනයකට ලක් වෙනවා නම් එයම ස්වයං නීර්න හිමිකම සඳහා ප්‍රමානවත් නොවේද? එවන් පීඩිත ජනකොටසකගේ එකමුතුව ආගමිකද, මූල ධාර්මිකද, ජාතියක් මත පදනම් වූවක්ද යන්න අදාල වෙනවාද? ඉහත සඳහන් වන්නේ උතුරේ ප්‍රශ්නය දැන් මට පෙනෙන හැටි  යන ලිපිය හා ආශ්‍රිත සංවාදයේදී දිමිත්‍රි අපෙන් ඇසූ පැනයක්. මෙය ඇත්තෙන් සංකීර්ණ ප්‍රශ්නයක්. මේකට බොහෝ අය ඉතාම සරළ පිළිතුරක් දෙනවා. ඒ තමයි, ස්වයං නිර්ණ හිමිකම මූලධාර්මිකව පිළිගන්න එක. මටත් එහෙම කියන එක හරි ලේසියි. මෙච්චරයි. මම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම පිළිගන්නවා ය කියලා පැත්තක‍ට වෙලා ඉන්න පුළුවන්. ඒ ස්ථාවරය නිසා තර්ජන ඇති බව කියා බටහිර රටක‍ට සංක්‍රමණය වෙලා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධිත සමාජයක අලුත් ජීවිතයක් ආරම්භ කරන්නත් පුළුවන්. හුඟක් විදෙස්ගත දෙමළ තරුණ තරුණියන් කරනවා වගේ ඔය අවන්හල්වල වැඩ වැනි රැකියාවක් කරලා කොටි සංවිධානය නැවත ගොඩනගන්න මාසෙකට ‍ඩොලර් විසිපහක් පනහක් දෙන්නත් පුළුවන්. මට ප්‍රශ්නයක් නැහැනේ. මං ඉන්නේ එහෙනේ. මෙහේ මල්ලිලා යුද්දේ කරාවි. මෙහේ යුද්දෙ ති

උතුරේ ප්‍රශ්නය දැන් මට පෙනෙන හැටි

Image
1. ශ්‍රී ලංකාව කියන්නේ සිංහල ජාතික හා බෞද්ධ ආගමික, විෂම ලිංගික, පිරිමි ආධිපත්‍යයෙන් යුක්ත, බහු සංස්කෘතික සමානාත්මතාවට ගරු නො කරන රටක්. ඒ නිසා එය මූලිකව ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවෙයි. උතුර කියන්නේ දැනට ඒ ඒකාධිපති පාලනයට යටත් ජනතාවන් ජීවත් වන ලංකාවේ කෑල්ලක්. 2. ලංකාවේ බොහෝ සුළුතර ප්‍රජාවන් පීඩනයට පත් වෙනවා. දෙමළ බස කතා කරන ජනයා ඒ පීඩනයට එරෙහිව බලපත් ප්‍රතිචාරයක් දැක්වූ පිරිසක්. 3. මෙම ප්‍රශ්නයට විසඳුම තිබෙන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි අරුතින් යළි පිහිටුවීම හා ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඔස්සේ පූර්ණ රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් කිරීම තුළයි..  4. මෙතැනදී දෙමළ ජනතාව සටන් කරන්නේ ඔවුන්ගේ භූමිය තුළ ඔවුන්ට අවශ්‍ය දේ කර ගැනීම සඳහා ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන්. අපි ස්වයං නිර්ණ හිමිකම පිළි ගන්නවා කියන්නේ වෙන් වීම විතරක් නොවෙයි. ඔවුන්ට තමන්ට අවශ්‍ය ආකාරයේ පාලනයක් පිහිටුවා ගන්නට ද තිබෙන අයිතිය පිළි ගැනීමයි. 5. ගැටලුව තිබෙන්නේ මෙතැනයි. මිනිස් සමාජය සැහෙන සමාජ හා සංස්කෘතික සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. එය තුළ අපි සවුදි අරාබිය පන්නයේ හෝ ඊටත් වඩා අන්තවාදී ආගමික රාජ්‍යයන් බිහි කර ගන්න එක

නංගියෙක් එක්ක දාපු සමාජවාදී චැට් එක

Image
ඇත්තටම මේ සිස්ටම් එක වෙනස් කරලා හැමේකාටම සල්ලි බෙදිල යන දුප්පත්කම නැතිවෙන ක්‍රමක් හදතෑකි ද? බැරි වුණොත් මිනිස් කසල නිසා ලෝකය විනාශ වේවි. මිනිස් කසල බවට පත් වෙන දුප්පතුන් නිසා ධනවතුන්ගේ ලෝකයත් විනාශ වේවි. දිළිඳුකමේ සාගර මැද්දේ හදාගන්නා සමෘද්ධිමත් පුංචි දූපත් පවා ය‍ට වේවි.  ඉතින් ලෝකෙ විනාශ වේවි. ලෝකෙ හැමරටකම දුප්පත්කම තියෙනවා. ඒ වුණාට ලෝකෙට දුප්පත්කම දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා.  අපේ රටේ ඒ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනව ද? මට නම් හිතෙන්නෙ අඩු වෙනව කියලා. විෂමතා වැඩි වෙනවා. තියෙන එකා තව තව හැදෙනවා. නැති එකා කුඩු විකුණනවා. කුඩු ගහනවා. ගංජා ගහලා, කසිප්පු ගහලා මැරෙනවා.  ඒත් ඔයාත් කාර් එකක් ගත්තා.මම දන්න බොහෝ දෙනා ගත්තා.මධ්‍යම ප්‍රාන්තිකයො ගොඩකගේ ජීවිත අමාරුවෙන් හරි දැන් වෙනස් වෙලා. මැටි ගෙවල් නැති වෙලා. අපේ පැත්තෙ නම් ඇත්තටම තිබ්බ මැටි ගෙවල් දැන් නෑ. කුඩු ගහන එකා ඒක කොහොමත් කරනව නේ. සල්ලි හම්බෙන්න හම්බෙන්න කුඩු ගහනවා. සමාජ සංවර්ධනයක් වෙනවා. සියලු මිනිසුන්ගේ භෞතික සංවර්ධනයක් වෙනවා. ඒත්, විෂමතා වැඩි වෙනවා. ධනවාදය විසින් ප්‍රවර්ධනය කරන්නේ පරිභෝජනවාදයයි. මිනිස්සු ලැබුණ

එක්සත් ජාතීන්ගේ සංවිධානය නො තිබුණා නම්

Image
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට දරුණු හිසරදයක් වී තිබේ. දැන් ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ බටහිර ජාතීන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමට පිහිටුවා තිබෙන ආක්‍රමණික සංවිධානයක් ය කියා ය. එහෙත්, මේ ප්‍රශ්නය දෙස බලන්නට වෙනත් දෘෂ්ටි කෝණ ද තිබේ. ප්‍රවාහනයේ දියුණුව හා යටත්විජිතවාදයේ බලපෑමත් සමග ලෝ‍කයේ රටවල් අතර ගනුදෙනු හා සම්බන්ධතා වැඩි වුණා. ඒ නිසා ඒ සම්බන්ධකම් පවත්වාගෙන යාම සඳහා යම් යම් නියාමනයන් ද අවශ්‍ය වුණා. ජාත්‍යන්තර ටෙලිග්‍රාෆ් සංගමය ආරම්භ වුණේ 1865දීයි. විශ්ව තැපැල් සංගමය ආරම්භ වුණේ 1874දීයි. මේවා පටන් ගත්තේ නවීන මිනිස් සම්බන්ධතා විසින් එවැනි ආයතන ඉල්ලා සිටි නිසායි. ජාත්‍යන්තර අර්බුද යුද්ධ දක්වා දිග්ගැසීම වළක්වා ගන්නට අන්තර්ජාතික සංවිධාන අවශ්‍ය වුණා. 1899දී නෙදර්ලන්තයේ හේග්හිදී පවත්වන ලද ජාත්‍යන්තර සාම සම්මේලනය එවැනි ප්‍රයත්නයක්. ලෝකයේ රටවල් අතර සංවිධානයක් පිළිබඳ අදහස ප්‍රවර්ධනය කිරීමේ ගෞරවය එම්මානුවෙල් කාන්ට් නම් දාර්ශනිකයාට හිමි වේ. මුලින් ම එවැනි සංවිධානයක් බිහි වන්නේ පළමු ලෝක යුද්ධයෙන් පසුවයි. එහි නම ලීග් ඔෆ් නේෂන්ස් නම් වි