පිලියන් එකේ යන මිනිස්සු (කවි)

මායි සෝමයයි
හැන්දෑවට
ටියුෂමක් දී එන සඳ
කෙටි මගෙන්  නෑවිත්
ටවුම හරහා ම එමි

බස් නැතිව ඉන්නා
කවුරු හෝ සයිකලේ පිටුපස
තබාගෙන එන්නට ඕනැ මට

නැත සමාජ සේවයක්
පිං කිරීමේ චේතනාවක්
සම්බන්ධකම් එකතු නො කරමි
මළ ගෙදර එන්න බැනර් ගෙන
හේතුවක් නැත
මිනිස්සු රසවත් ය

‍හංදියේ කුකුළු මස් කඩය ළඟ
කුකුළන් සේම එබෙමින්
බලාපොරොත්තු දෑස් දැල්වෙයි
හෙඩ් ලයිට් එකටත් වැඩියෙන්

සමුපෙ ෂෙඩ් එකේ වැඩ කරන සෝමයා
ඉන්නෙ බිලාය උගුර ළඟට
ආයෙ නම් ගන්නේ නැත මං
මළ වදේ කරේ යනවා ය

යුනිෆෝම් එකෙන් යන
පොලිසියේ නාකි සාජන්ට
මීටර් සීය වුණත් ඇත
එතන සිට තව බල්ලෙක්
එනකල් සිටින මැක්කෙක්

පුතා රට ඉන්න ආතර්
වීදි දිග රස්තියාදුව
සිංගර් කඩෙන් මැච් එක බලා
කඩෙන් කෑමත් අරගෙන
ඔක්කෝම බස් යනකල් ම ඉඳ 
ඒය පාරට
යන්නට පාළු ගෙදරට
ටීවී එක බලන්නට

බාර් එක ළඟ හවසට
වඩේ විකුණන රාමන්
යන්න නැග්ගා දවසක්
පොල්තෙල් සුවඳ හමමින්

ජාතික ව්‍යාපාරයේ මල්ලී
නළ ළිං කණින ඇල්බට්
ඔඩ් ජොබ් දෙමළ කොල්ලෝ
මොඩ් හාදයෝ අත් දිග
වෙහිකල් එක ගෙන්න ගන්නත් හැකි
ත්‍රී වීලෙ යන්නෙත් නැති

මහත්තයො මා මෙතනින්
දාලා යන්නකො තැන්කියු
පිං සිද්ද වෙනවා සර්ට
ඕනැ උදව්වක් කියන්න - හික්

මල්ලි මං මෙතනින් හැරෙනවා
ඔයා බැහැලා ඉන්න
කවුරු හරි ඒවිනෙ

අජිත් පැරකුම් ජයසිංහ


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. niyamai... jayaveva

    ReplyDelete
  2. සමහරු යන්නෙ දැක්කම
    දැක්කෙ නෑ වගෙ ඔරවන්

    ReplyDelete
  3. හමුවේය දිනෙක මා
    සමුනොගේනම දිගට
    අවසානයට පසුවද
    යන්නට ඔබසමග
    නැවත නොම එමටම

    ReplyDelete
  4. පිලියන් රයිඩර්ගේ කවිය -

    අපොයි ඔය එන්නෙ අදත්,
    සස්ගාල මුවාවෙමි තාප්පෙට,
    දැක්කොත් දාගනියි අනිවා,
    හිත හොඳ හාදයා නං තමයි,

    නැග්ග වෙලාවේ ඉඳලම,
    සාදාරන සමාජයක්,
    අන්න ඒ වගේ මොකක්ද,
    ගැන කියවන එකනෙ වැඩේ,

    මොකද්දෝ හීනෙකුත් තියනවලු,
    ඉතිං යකෝ මම පලිද ඒකට?
    කං දෙකත් ගොඩ වෙලා බහිනකොට,
    ඊට මීට වඩා හොඳයි,
    පයිම්ම යනවා වැනි වැනි,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා