Posts

Showing posts from August, 2013

වැඩිපුර ළමයි හැදුවොත් ජාතිය ගොඩ යයි ද?

Image
ඉහත රූපයේ දැක්වෙන්නේ සිංහල බෞද්ධ වීරයන්ගේ අලුත් ම වැඩසටහනයි. ජාතිය (සිංහල) දියුණු කරන්න ළමයින් හතරක් හැදීම. මගේ පවුලේ මාත් සමග සොයුරු සොයුරියන් හතරක් සිටිති. අප සිව්දෙනා හදා වඩා ගන්නට රජයේ රැකියා කළ අපේ මව්පියන් කෙතරම් වෙහෙස වුණා ද කියා තේරෙන්නේ දැන් ය. මට හා මගේ බිරිඳට ඉන්නේ දරුවන් දෙදෙනෙක් පමණි. අපට ඊට වඩා දරුවන් හදා වඩා ගැනීමේ ආර්ථික ශක්තිය නැත. මේ දරු දෙදෙනාටවත් සුරක්ෂිත පරිසරයක් හෝ අනාගතයක් ලබා දිය හැකි වනු ඇතැයි අපට වග කිව නො හැක. අද කාලයේ දරුවන් සිව්දෙනෙක් සහිත පවුලකට සාමාන්‍ය ජීවිතයක් ‍ගෙවීමට මසකට රු. 60,000කවත් ආදායමක් අවශ්‍ය ය. එවැනි ආදායමක් තනිව ඉපැයීම දුෂ්කර නිසා පවුලේ මවටත්, පියාටත් දෙදෙනාට ම රැකියා කරන්නට සිදු වේ.  ළමයින් වැදීම තරම් හැදීම පහසු නැත. කෑම බීම දීමටත් වඩා අමාරු රැකවරණය දීමයි. රැකියා කරන මව්පියන්ට ගෘහ සේවිකාවකගේ සේවය හරි හැටි ලබා ගැනීම අතිශය දුෂ්කර ය. ගෘහ සේවිකා වෘත්තියේ ඇති පහත් සේවා මට්ටම නිසා  කොපමණ මුදල් ගෙව්වත් ගුණාත්මක සේවාවක් ලබා ගත නො හැකි ය. ‍ඇත්තෙන් ම වැඩි දෙනෙකුට ගෘහ සේවිකාවකගේ සේවය ලබා ගැනීමට කොහෙත්ම හැකිය‍ාවක් නැත. මේ රටේ රැකියා කරන මව්

මිනිසකු ලවා හරකකුගේ පුක ඉම්බවන උඩුගම පොලිසිය

Image
වාරිස් ඩයිරි මිනිස්සු පරිණාමයේ මුල සිට ම සතුන් දඩයම් කරගෙන මස් කෑහ. එය මිනිස් සමාජයේ සාමාන්‍ය ලක්ෂණයකි. මස් කෑමට අකැමැති,  අහිංසාවාදී මිනිස්සු ද සමාජයේ සිටිති.  මස් කෑම හා සම්බන්ධ විවිධ සංස්කෘතික ලක්ෂණ තිබේ. එක් සමාජයක ආහාරයට ගන්නා මසක් තවත් සමාජයක් විසින් පිළිකෙව් කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. සෝමාලියානු මෝස්තර නිරූපිකාවක් හා ස්ත්‍රී ලිංගේන්ද්‍රිය විකෘති කිරීමේ ගෝත්‍රික චාරිත්‍රයට එරෙහි සමාජ ක්‍රියාකාරිකාවක් වූ වාරිස් ඩයිරි විසින් ලියන ලද කාන්තාරයේ කුසුම නම් වූ ඇගේ ජීවිත කතාවේ එක් තැනක ඇති සිද්ධියක් සිහිපත් වේ. වාරිස් සමග ඇගේ ඥාතීන් හමු වන්නට යන මාධ්‍ය කණ්ඩායමක් ඉදිරියේ සුරතල් කරනු ලබන එළු පැටවකු පසුව මරා උගේ මස් ‍භෝජනය පිණිස පිළිගන්වනු ලැබේ. මාධ්‍යකරුවන් පිරිස එය බුදීමට දක්වන අකැමැත්ත වාරිස්ගේ ඥාති ගෝත්‍රික ජනයාට තේරුම් ගත නො හැකි ය.  බිලි පූජා පැවැත්වීම ද ඇතැම් ආගම්වල සංස්කෘතික අංගයකි. එහෙත්, නූතන සමාජය විසින් අගය කරනු ලබන ශිෂ්ටත්ව සංකල්ප තුළ එවැනි දේ පිටුදකින බැවින් ඒවා වැළැක්විය යුතු බව මගේ ද අදහසයි. අභියාචනාධිකරණය මේ පිළිබඳ වැදගත් වන නඩු තීන්දුවක් දී තිබේ. ඒ අනුව බිල

සම ලිංගික විවාහය හා ද්වි ලිංගිකයන්ගේ ආශා

Image
BROKEBACK MOUNTAIN (2005) ලංකාවේ සම ලිංගිකත්වය නීතියෙන් තහනම් ය. එසේ ම රජයේ ව්‍යාපාරවලින් කොමිස් ගැහීම ද තහනම් ය. එය දූෂණයකි. ශ්‍රී ලංකා පොලිසියේ දූෂණ මර්දන ඒකකය කොමිස් කාක්කන් අල්ලා ගන්නට උත්සාහ කරනු අපි දැක නැත. එහෙත් පසුගියදා සමලිංගික පිරිසක් විසින් රත්මලානේදී පවත්වන ලද බව කියන ව්‍යාජ විවාහ මංගල්‍යයක් නම් අල්ලාගෙන තිබේ. උපත් පාලන කොපු, ඡායාරූප, වීඩියෝ ආදී මාරක නඩු භාණ්ඩ තොගයක් සමග සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම ව්‍යාජ විවාහයේ ඡායාරූප හා වීඩියෝ ද අත් අඩංගුවට ගෙන තිබෙන අතර දූෂණ මර්දන පොලිසියේ තිබූ එකී නඩු භාණ්ඩ ඕපාදූප වෙබ් අඩවි වෙත ලැබී තිබේ. එක් අඩවියක් මේ ඡායාරූප පළ කර තිබුණේ මෙම ව්‍යාජ විවාහයේ මනාලයා යයි සැලකෙන පුද්ගලයාගේ පමණක් මුහුණ ආවරණය කරමිනි.මනාලිය යයි ඔවුන් විසින් හඳුන්වන ලද, එසේ ම බාල වයස්කාරයකු බව ද කියන පුද්ගලයාගේ ඡායාරූප පළ කර තිබෙන්නේ කිසිදු ආචාර ධර්මයක් ගැන නො තකමිනි. 'මනාලයාගේ' පමණක් මුහුණ ආවරණය කර බාල වයස්කරුවකු ද බව කියමින් එකී 'මනාලියගේ' මුහුණ ලෝකයට නිරාවරණය කිරීම පිටුපස ඇති පුරුෂෝත්තමවාදය අමුතු ම එකකි.‍ ඇත්තෙන් ම එය

දීප්ති නිර්මාල් සංවාදය හෙවත් A Valediction: Forbidding Mourning

Image
එක්ස් කණ්ඩායම නම් පශ්චාත් නූතන හා කලින් කලට එක එක වාදී දේශපාලන කණ්ඩායම දෙකට කැඩුණේ 2004 දෙසැම්බර් 26දා හෙවත් සුනාමිය දවසේ ය. ඉන් පසු ද මේ කණ්ඩායම තව තව කෑලි කෑලිවලට කැඩී ගියේ ය. දීප්ති කුමාර ගුණරත්න නම් එක්ස් ශාස්තෘවරයාට එරෙහි වෙමින් කැඩී ගිය කණ්ඩායමට විවිධ ආකාරයෙන් බැන වැදීම දීප්ති කුමාර ගුනරත්නගේ පසුගිය නව වසරකට ආසන්න දේශපාලනයේ ප්‍රධාන කාර්යය විය. අපට සිතෙන පරිදි නම්, දීප්තිගේ භාෂාවෙන් ම කියනවා නම්, දීප්ති අනුගාමිකයන් හෙවත් ‍ගෝල පිරිසක් සහිත මහදැනමුතු ශාස්තෲවරයකු ලෙස විඳි ප්‍රමෝදය නිර්මාල් ඇතුළු පිරිස විසින් බිඳ දමන ලද නිසා වන්නට පුළුවන.  අප සමීපව ඇසුරු කළ නිර්මාල් රංජිත් දේවසිරිගේ පාර්ශ්වයේ මිතුරන්ගේ දේශපාලනය ද බොහෝ දුරට දීප්ති කුමාර ගුනරත්නගේ 'දේශපාලනය' දෙස බලාගෙන කරන්නක් විය. මෙය හරියට ජෝන් ඩන්ගේ " A Valediction: Forbidding Mourning "නම් කවියේ රූපකයක් ලෙස යෙදෙන කවකටුව වැනි ය. කවකටුවේ පැන්සල සවි වන වටේ යන අත කොහි ගියත් යන්නේ මැද ඇති නිසල කටුව වෙත බැ‍ඳෙමිනි. මැද ඇති කටුව ද එක තැන සිටියත් සිටින්නේ ම අනෙක් අත යන ගමන දෙස බලාගෙන ඒ දෙසට නැවීගෙන ය. කවියේ සඳහන් වන

ෆොන්ටෙරා, ලංකා ඊ නිව්ස් හා වාමාංශිකයෝ

Image
සමහර වාමාංශික කොටස්ද රාජපක්ෂ මාෆියාවේ හැඩ තල හඳුනා ගැනීමට නොහැකිව වල්පල් දොඩනු දැකිය හැකිය. අයෙක් ෆොන්ටේරා සමාගම බහුජාතික සමාගමක් බැවින් උන්ට මොනවා උනත් අපිට පාන් දැයි අසති . තවත් සමහරු කිරිපිටි අවුල මතින් දේශීය කිරි ගොවියා සමෘද්ධිමත් වන බවට හීන දකිති. මේ කණ්ඩායම් වලට රාජපක්ෂ මාෆියාව රාජ්‍ය මෙන්ම පුද්ගලික ව්‍යාපාර ගිල ගන්නා බූවල්ලකු ලෙස වැඩී ඇති ආකාරය නොපෙනේ. රාජපක්ෂලාට කප්පම් නොදී තවදුරටත් මේ රටේ කිසිවකුට ව්‍යාපාර කළ නොහැකි බව නොපෙනේ. වල් පල් හරහා රාජපක්ෂ මාෆියාවේ සැර බාල කරන්න හදන මේ වාමාංශිකයන්ට කිව යුතුව ඇත්තේ රාජපක්ෂලා හෙට දින ගෙන්වීමට නියමිත තුට්ටු දෙකේ චීන කිරිපිටි ගිලින්න දැන් සිටම සුදානමින් සිටින ලෙසයි. රාජපක්ෂලා යටතේ වේගයෙන් රට මුගාබේකරණය වෙමින් තිබේ. මෙහි අවසානය දැවැන්ත ව්‍යසනයක් වීම වැළැක්විය නොහැකිය. -විසල් කරුණාරත්න විසිනි- (ලංකා ඊ නිව්ස්) ෆොන්ටෙරාට මොනවා වුණත් අපට පාන්දැයි ඇසුවේ අප ය. අප එහෙම අසන්නේ හේතු ඇතිව ය. "ෆොන්ටෙරා යනු නවසීලන්තයේ කිරි ගොවියන් 10,600 ක් අයිතිය කියන බහුජාතික සමාගමකි යි අරුණි ශපීරෝ පෙන්වා දෙයි. එහිදී මගේ නම් හිතට එන්නේ ඉතින්

සනත් ගුණතිලකගේ මහණ වීමේ රංගනය

Image
ලංකාවේ සංඝ සාසනයට ගිය කල අවබෝධ කර ගත හැකි මහණ වීමක් ගැන වාර්තා විය.  ඒ සනත් ගුණතිලකගේ මහණ වීමයි. ඔහු මහණ වන්නේ සතියකට ය. ඒ තමන් රඟ පෑමට ඉන්නා භික්ෂු චරිතයකට පුහුණු වීමක් ලෙස බව ඔහු කියයි. ඔහුගේ තට්ටය බාන හැටි, සිවුරු පොරවන හැටි ආදියට පුළුල් මාධ්‍ය ආවරණයක් ලැබිණි.   මේ වනාහි ප්‍රචාරක වැඩසටහනකි. මහණ දම් පුරන්නට ඕනෑ නම් ඔච්චර මාධ්‍ය ප්‍රචාරයක් ඕනෑ නැත.  මේ චිත්‍රපටය කුමක්දැයි දැන් කවුරුත් අසති. කෙතරම් සාර්ථක මාධ්‍ය ප්‍රචාරයක් ද? මේ මහණ වීමේ රංගනය වෙනුවෙන් සනත් ගුණතිලක කීයක් ගත්තා ද හාමුදුරුවන්ට කීයක් ගෙව්වා ද යන කරුණුත් කියනවා නම් හොඳ ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

සරා සඳක් ගැන කදෝපැණියෙක්

Image
මේ සරච්චන්ද්‍ර ගැන ශාස්ත්‍රීය ලිපියක් නොවෙයි. සරච්චන්ද්‍ර ශාස්ත්‍රීය ජීවිතයක්. ඒත්, එවැන්නන් නො වන අපේ ජීවිතවලට ඔහු බලපෑවේ කොහොමද කියන කාරණේයි මම සාකච්ඡා කරන්නේ. සරච්චන්ද්‍ර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විද්‍යාර්ථියෙක්. ඔහු මුළු ජීවිතය ම කැප කළේ ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන්. ‍එහෙම බැලුවා ම ඔහු අනුන්ගේ ආලෝකය පරාවර්තනය කළ සඳක් නෙමෙයි. තමන්ගේ ම ආලෝකයක් තිබුණු තාරකාවක්. ඔහුගේ ඇසුරේ සිටි බව කියමින් තාරකා බවට පත් වන්නට උත්සාහ කරන බොහෝ දෙනෙක් නිකම් ම නිකම් ග්‍රහක කෑලි විතරයි. මම සරච්චන්ද්‍රව හොඳින් දැක්කේ ඔහු බොහෝ වයස්ගතව හිටිද්දී ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ තිබුණු දේශනයකදීයි. කොච්චර වයස්ගත වෙලා හිටියා ද කියනවා නම්, හෙළයේ මහා නාට්‍යකරුවා වූ ඔහුට සතර අභිනයත් මතක් කර දෙන්න වුණා. දේශනය අතරමගදී ඔහු සොබා දහමේ කැඳවිමකටත් ගිහින් ආවා, ''මං ඉතින් වයසක මිනිහනේ" කියා‍ගෙන. ඒ දේශනය ඒ තරම් හරවත් එකක් නොවෙයි. ඒත්, මම ඈත දුෂ්කර ප්‍රදේශක වැඩ කරමින් ඉඳිද්දි ‍ඒ දේශනය අහන්න තකහනියක් කොළඹ ආවේ, දේශනය අහනවාට වඩා සරච්චන්ද්‍රව දැකගන්නයි.සරච්චන්ද්‍රව හැබැහැනි දැක ගැනීම ගැන මගෙ හිතේ සතුටක් තිබෙනවා. සරච

එකේ සිට දහතුනට පංති තියෙන ලංකාවේ කොලීජි

අපේ අධ්‍යාපන ඇමතිතුමා බාලක හා බාලිකා පාසල් මිශ්‍ර පාසල් කරන්න යනවානේ. ඒ ගැන අපි මෙන්න මේ ලිපියේ ලිව්වා. අපේ පාසල් පද්ධතිය ගැන කතා කරන විට තවත් හාස්‍යජනක කරුණක් කෙරෙහි අවධානය යොමු ‍වේ. ලංකාවේ ලොකු ලොකු කොලීජි හෙවත් විද්‍යාල ඇත. මේ විද්‍යාලවල එකේ පංතියත් තිබේ. ඒ කියන්නේ මේවා ප්‍රයිමරියේ සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා ම උගන්වන ප්‍රාථමික හා ද්විතීයක කොලීජි වේ. එහෙම කොලීජි තිබෙන්නේ ලංකාවේ විතරක් වෙන්නත් පුළුවන. ඒවායේ ආදි ශිෂ්‍ය සංගම් කියන්නේ ළමයින් දාන සංගම් ය. තරාතිරම කුමක් වුණත්, සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයක් පාසල්වල  ආදි ශිෂ්‍ය සංගම් අල්ලාගෙන සිටින්නේ ලුම්පන් ධනවතුන් විසිනි. එතරම් අධ්‍යාපනයක් නො ලැබූ සල්ලිකාරයන් පිරිසක් වන මේ පිරිසට වෙන අනන්‍යතා නැති නිසා ඔවුන් අනන්‍යතාව ගොඩනඟා ගන්නට උත්සාහ කරන්නේ පාසල් ගෝත්‍රවාදය හරහා ය. ලංකාවේ පාසල් අඩු තරමේ ප්‍රාථමික, ද්විතීයක ලෙස හෝ ප්‍රතිව්‍යුහගත විය යුතුය. කලුතර ගුරුළුගෝමී විද්‍යාලය වැනි උසස් පෙළ සඳහා පමණක් වූ විද්‍යාල විවෘත වෙනවා නම් හොඳ ය. එකේ සිට 13 දක්වා සිසුන් එකම පාසලක ඉගෙනීම මළ විකාරයකි. එහෙත්, ඉහත කී ඊනියා ආදි ශිෂ්‍ය සංගම් මේ ක

ඒක ලිංගික පාසල් වසා බහු ලිංගික පාසල් පිහිටුවීම

Image
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලංකාවේ බාලක, බාලිකා පාසල් ක්‍රමය වෙනස් කරන්නට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන යෝජනා කර තිබේ.  බන්දුල ඇමති වුණත් මේ නම් කර තිබෙන්නේ ඉතා ප්‍රගතිශීලී යෝජනාවකි. මෙය ක්‍රියාත්මක කිරීම දුෂ්කර නැත. 2015 වසරේ සිට 1 ශ්‍රේණියටත්, 6 ශ්‍රේණියටත් විරුද්ධ ලිංගික සිසුන් බඳවා ගැනීම ප්‍රමාණවත් ය. ඒ සමගම බාලිකා පාසල් ලෙස නම් කර ඇති පාසල්වල නම් වෙනස් කරන්නට සිදු වනු ඇත. විශාඛා විද්‍යාලය,  දේවි විද්‍යාලය ආදී වශයෙනි. එය එතරම් දුෂ්කර නැත.  මෙතැනදී තවත් රසවත් කරුණක් කෙරෙහි අවධානය යොමු වේ. බාලිකා පාසල් තිබුණත්, පිරිමි ළමයින් පමණක් ඉන්නා කිසිදු පාසලක නමේ බාලක පාසල කියා නැති බව ඔබ දුටුවා ද? මේ බාලක, බාලිකා පාසල් ක්‍රමය ගැලපෙන්නේ ඉස්ලාම් අන්තවාදී ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ඉරානය වැනි පසුගාමී රටවලට ය. ලංකාව දැන්වත් මේ යටත් විජිතවාදී වික්ටෝරියානු උරුමයෙන් මිදිය යුතුය. ළමයින් ස්ත්‍රී පුරුෂ  වශයෙන් වෙන් කර එකිනෙකාගෙන් ඈත් කර තබන මෙම පසුගාමී ක්‍රමය වෙනුවට ස්වාභාවික පරිසරයක නිදහසේ ඉගෙන ගන්නට අවස්ථාව ලබා දීම සමාජමය වශයෙන් ඉතා ප්‍රගතිශීලී පියවරකි. මේ සමග ම මේ කරුණත් කිව යුතු ය. අ

පුංචි දේවල් (කවි)

Image
පුංචි දේවල් ජීවි‍තේ ඇඟිලි අතරින් රූටා ගලා යයි දිය දහර සේ ඉතිරි කොට අත මිණි කැට මිණ සාක්කුවේ ලූ කල එතැන බර බව සැබැවකි අත්ල තවමත් හිස් ම ය හිතත් බර වී අඩුවකි අතින් රූටා ගිය අඩුව සොයමින් ඇවිදිමි ගඟක එක දිය දෙවරක් ගලන්නේ නැත ගඟ නම් ගලා යයි මම ඉවුරේ බලා ඉමි ඈතින් ඔබ දකිමි ඈතින් ඈත ඈතම ලෝකයෙ ඇති සොඳුරුම දේ ඇත්තේ නෙත ළඟ නො වේ ය හැම විටකම බොහෝ විටෙක තණ පත් යට ගල් කැට යට සැඟවී ඇති පොඩි දේවල ජීවිත‍යේ සතුට තිබේ   අජිත් පැරකුම් ජයසිංහ මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

ෆොන්ටෙරරිස්ම්: ජාතිකවාදී බහු ජාතික සමාගම් හා පාරිභෝගිකයන්ගේ හිමිකම්

Image
ෆොන්ටෙරා සමාගමේ කිරිවල DCD (ඩයිසයින්ඩයිමයිඩ්) අඩංගු බවට ඇති වූ ප්‍රශ්නය දේශපාලනිකව විමසා බැලීම රසවත් ය.  එහි පැතිකඩ කීපයක් තිබේ. ගෝලීය ධනවාදයේ ස්වයං ප්‍රකාශිත ආරක්ෂිකාවක් වන ලාංකික සම්භවයක් ඇති ඇමරිකානු සිංහල කාන්තාවක් වන අරුණි ශපීරෝ සිය බ්ලොග් අඩවියේ ෆොන්ටෙරා කිරිපිටි අර්බුදය ගැන සාකච්ඡා කරන ලිපියේ සඳහන් කරන කරුණක් වන්නේ කිරිපිටිවල DCD අඩංගු යයි කියන අය එම අඩංගුවේ ප්‍රතිශතය හා එය කෙතරම් දුරට සිරුරට අහිතකර ද යන්න සඳහන් නො කරන බවයි. එසේම, ඇය මෙසේ ද තර්ක කරයි. "අවිනිශ්චිත ලෝකයක කිසිත් අවදානමක් නැතිව යමක් නිෂ්පාදනයට හැකි යැයි අයෙක් සිතන්නේ නම් ඔහු මුලා වූවෙකි. අපි කන බොන කිරි, මස් හා එළවළු යනාදී සියල්ල ලෝක ස්වභාවයෙන් ද මිනිස් ස්වභාවයෙන් ද අනතුරු උපදින හැකියාව සහමුලින් තුරන් කරන්නට සමත් වු ජගතෙක් ඉතිහාසේ ද වර්තමානයේ ද නොසිටියි." අපි එය පිළිගනිමු. එහෙත්, තමන් මිළ දී ගන්නා නිෂ්පාදනය හා සම්බන්ධව උපරිම තත්වාරක්ෂාවක්  ඉල්ලා සිටීම පාරිභෝගිකයන් පැත්තෙන් සර්ව සාධාරණ අයිතියකි. ඒ ඔස්සේ සිය නිෂ්පාදනවල තත්වය පිළිබඳ දැඩි සේ සැලකිලිමත් වීමට නිෂ්පාදකයන්ට සිදු වේ. වෙළඳපොළ තරගකාරිත්වය ධ

ඌරෝ (කවි)

Image
අපට මේ ඌරන්ව පරදවන්නට බැරිමුත් ඌරන් නො වී ඉන්නට අපට පුළුවන් නේ බොබ් ලේසි නැහැ ඌරා වයිරසයකි බෙහෙත් නැති ඌරුකම හැම තැන ම ඇත ගැලවීම නම් ලෙහෙසි නැත කන්නාඩියක් හැදුවා ඌරන් අඳුන ගන්නට මෙන්න බැලු විට එබිලා හොම්බක් පෙනිණි පීරිසි ඌරො මුදල් උපයනවා මුදල් මතම පවතිනවා  ඌරො පොතුත් කියවනවා පොතෙන් හිසට බැට දෙනවා ඌරා හා ඌරා අතර ඇත්තෙ ඌරුකම විතර ය මේ ඊරී බිම සීරී මිනිස් කසල බිම ඉහිරී ඌරුහාමි පා සිනාව එබී බලයි මා දිහාව ඌරු ඡන්ද එකතු කරන් ඌරෙක් යයි ඌරුහලට ඌරා නම් අරුම සතා උරුමය උගෙ හරි මහතා ඌරා තමයි එකම සතා අනෙක් එවුන් කුදුයි ඉතා ඌරො සිංදු කියනවා ඌරො නැටුම් නටනවා ඌරො කවිත් ලියනවා ඌරො ඒව බලනවා අජිත් පැරකුම් ජයසිංහ මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

ලෝගු අස්සේ ඉන්න සත්තු එළියට එන කාලෙ

මේ වීඩියෝව දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වෙන එකක්. ‍මේ කතා කරන්නේ ඇත්තට ම හාමුදුරු කෙනෙක් ද කියන එක මම දන්නෙ නැහැ. හාමුදුරු කෙනක් නම් පුදුම වෙන්න උවමනාවකුත් නැහැ. 1989 කැරැල්ල ආසන්න කාලෙ අපි රෑට හෝල්ට් ගහන්න ගියපු ලොකු පන්සලක් තිබුණා. එතන සාමනේර හිමිවරු රැසක් හිටියා. ඒගොල්ලෝ අපේ යාළු‍වෝ. ඒ කාලෙ ජවිපෙත් ජාතිවාදයට ආමන්ත්‍රණය කරමින් නේ හිටියේ. ඒ අතර හිටපු පිරිවෙන් යන පුංචි හාමුදුරු කෙනෙකුට උවමනා වෙලා තිබුණා පිරිවෙනේ ශිෂ්‍ය වර්ජන අවස්ථාවලදී වේගවත් කතා පවත්වන්න. ඉතින් එයා කාමරේ ඇතුළේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කතා පවත්වන හැටි තව පොඩි හාමුදුරු කෙනෙක් අපට උපහාසයෙන් විස්තර කළේ අර කලින් කියූ පුංචි හාමුදුරුවෝ ගහන්න එළවද්දියි. සිංහල සමාජයේ භික්ෂුව කියන්නේ පහසුවෙන් පිළි ගැනීමට ලක් වන කෙනෙක්. අද කාලෙ භික්ෂූන් වැඩි දෙනෙක් දුෂ්කර ගම්මානවල දිළිඳු පවුල්වලින් එන අය. ඒ අයට උසස් අධ්‍යාපනය ලබන්න, ආදායම් සහිත පන්සල් දේපලක් බුක්ති විඳින, කාගෙත් වැඳුම් පිදුම්වලට ලක් වන ධනවත්, බලවත් පුද්ගලයෙක් වෙන්න හරි පහසුයි. ඔවුහු ගිහියන්ට වඩා ස්ත්‍රී ආකර්ශනයටත් ලක් වෙනවා කියලායි මට හිතෙන්නේ. ‍ සංඝ සමාජයේ මේ තිබෙන ලක

පිලියන් එකේ යන මිනිස්සු (කවි)

Image
මායි සෝමයයි හැන්දෑවට ටියුෂමක් දී එන සඳ කෙටි මගෙන්  නෑවිත් ටවුම හරහා ම එමි බස් නැතිව ඉන්නා කවුරු හෝ සයිකලේ පිටුපස තබාගෙන එන්නට ඕනැ මට නැත සමාජ සේවයක් පිං කිරීමේ චේතනාවක් සම්බන්ධකම් එකතු නො කරමි මළ ගෙදර එන්න බැනර් ගෙන හේතුවක් නැත මිනිස්සු රසවත් ය ‍හංදියේ කුකුළු මස් කඩය ළඟ කුකුළන් සේම එබෙමින් බලාපොරොත්තු දෑස් දැල්වෙයි හෙඩ් ලයිට් එකටත් වැඩියෙන් සමුපෙ ෂෙඩ් එකේ වැඩ කරන සෝමයා ඉන්නෙ බිලාය උගුර ළඟට ආයෙ නම් ගන්නේ නැත මං මළ වදේ කරේ යනවා ය යුනිෆෝම් එකෙන් යන පොලිසියේ නාකි සාජන්ට මීටර් සීය වුණත් ඇත එතන සිට තව බල්ලෙක් එනකල් සිටින මැක්කෙක් පුතා රට ඉන්න ආතර් වීදි දිග රස්තියාදුව සිංගර් කඩෙන් මැච් එක බලා කඩෙන් කෑමත් අරගෙන ඔක්කෝම බස් යනකල් ම ඉඳ  ඒය පාරට යන්නට පාළු ගෙදරට ටීවී එක බලන්නට බාර් එක ළඟ හවසට වඩේ විකුණන රාමන් යන්න නැග්ගා දවසක් පොල්තෙල් සුවඳ හමමින් ජාතික ව්‍යාපාරයේ මල්ලී නළ ළිං කණින ඇල්බට් ඔඩ් ජොබ් දෙමළ කොල්ලෝ මොඩ් හාදයෝ අත් දිග වෙහිකල් එක ගෙන්න ගන්නත් හැකි ත්‍රී වීලෙ යන්නෙත් නැති මහත්තයො ම

මේධානි දේශප්‍රියගේ Ex-alien හා දකුණු කොළඹ වරාය

Image
ආණ්ඩුවට බනින එක මෝස්තරයකි. එහෙත්, ඒ බනින එවුන් ම ආණ්ඩුව විසින් හාරන දූෂණය නම් පල් වලෙන් නාති. මැතිවරණවලදී රනිල්ගේ පිරිමිකම මදි ය කියා ගොස් මයිල් තියෙන යක්කුන්ට ඡන්දය දෙති. ඉන් පසු උන් අරිනවා ය කියමින් බනිති. මේධානි දේශප්‍රියත් ආණ්ඩුව වගේ ය. ඇගේ එක්ස් ඒලියන් වීඩි‍යෝව කවුරුත් බනින එකකි. එහෙත්, හැමෝ ම එය සොය සොයා බලන නිසා දැන් එය සමාජ මාධ්‍යවල වයිරල් වී තිබේ. බලන එක මෙන් ම බනින එකත් මෝස්තරයක් වී තිබෙන නිසා ඉන් පසු ඇයට බනිති. තමන් අකැමැති දේ ප්‍රවර්ධනය කිරීම හා ඒවාට ආදරය කිරීම ලංකාවේ ජනතා‍වගේ සුවිශේෂ ලක්ෂණයක් ද නො දනිමි. මට නම් හිතෙන හැටියට ලංකාවේ ජනතාවගෙන් බහුතරය තමන් කැමති, අකැමැති දේවත් නො දනිති. ඔවුන් කරන්නේ වැඩි දෙනෙක් කරන දේ ය. උදාහරණයක් ලෙස පසුගිය දිනවල ජනතාව වැල නො කැඩී දකුණු කොළඹ වරාය බලන්නට ගිය හ. ඉන් පසු ගියේ නැද්ද, අපි නම් ගියා යි කියමින් අනෙක් අයට උජාරුව ද පෙන්වති. මේ අන්දමින් ම පසුගිය කාලයේ හම්බන්තොට වරා‍ය, මත්තල ගුවන් තොට ආදිය ද බලන ලදී. දැන් කවුරුත් කරන්නේ ඒවාට නැව් හා ගුවන් යානා නො එන බව කියමින් හිනා වීමයි. මේධානි දේශප්‍රිය විසින් නිර්මානය කරන ලද එක්ස් ඒලියන් වීඩිය

ලිංගිකත්වය සම්බන්ධ පුවත් තුනක්

පසුගිය දිනවල විකාශය වූ ප්‍රවෘත්ති හා සිද්ධි කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු විය. යම් කිසි පුද්ගලයෙක් පාසල් සිසුවියක් යයි සිතිය හැකි යුවතියකගේ මුහුණු පොතෙන් අර ගත් ඡායාරූපයක් සිය ප්‍රොෆයිල් ඡායාරූපය ලෙස යොදා තිබිණි. අර දැරිය ඔහු පිළිබඳ වාර්තා කරන ලෙස ඉල්ලා ඇගේ මිතුරු මිතුරියන්ට පණිවුඩ එවා තිබිණි. අදාළ පුද්ගලයාගේ මුහුණු පොතට ගොස් බැලූ විට අර දැරිය එහි තබා තිබුණු පණිවුඩයක් ද දුටිමි. "තමුසෙ කවුද? ඇයි තමුසෙ මගෙ පිංතූරෙ ප්‍රොෆයිල් එකේ දාගෙන ඉන්නෙ?" කැමරාව සුලබ ආම්පන්නයක් වී තිබෙන නූතන යුගයේ කිසිවෙකු තවත් අයකුගේ ඡායාරූපයක් ගැනීම හා සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් හෝ වෙනත් කෙනෙකු විසින් ෂෙයා‍ කරන ලද ඡායාරූපයක් නො මනා නො වන දෙයකට භාවිතා කිරීමේදී විරුද්ධ වන්නේ කෙසේ ද යන්න ගැන ප්‍රශ්නයක් ඇත. මුහුණු පොත ප්‍රචලිත වීමත් සමග එයට සම්බන්ධ වී තමන්ගේ ඡායාරූප බෙදා ගත් කිසිවෙකුට තව දුරටත් එම ඡායාරූපය පෞද්ගලික යයි කීමට හිමිකමක් තිබේද? ඡායාරූපයක් යනු ආලෝකයෙන් ලිවීමේ කලාවක් වන මුත් එය චිත්‍රයක් වැනි පූර්ණ පරිකල්පනයක් නො වේ. ඒ නිසා කෙනෙක් ඡායාරූපයක නිර්මාන හිමිකම ගැන තර්ක කිරීම ද මට නම් විකාරයකි.

ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ (වටරැක විජිත හිමියන්ට පිළිතුරක්)

Image
මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී වටරැක විජිත හිමි හිටි හැටියේ වීරයකු ලෙස ඉස්මතු කර පෙන්වන්නට ජාතිවාදයට විරුද්ධ බලවේග උත්සාහ කළේ ය. ඒ සඳහා ඔවුන් විසින් යොදා ගනු ලැබුවේ එහිමියන් මුස්ලිම් මිනිසුන් සහභාගි වන සභාවකදී කළ කිසියම් දීර්ඝ කතාවකි.  එම කතාව ලිපිය අවසානයේ තිබේ. මට නම් එම කතාවේ කිසිදු වැදගත්කමක් නො පෙනිණි. එහි තිබෙන මූලික දෙය වන්නේ තමන්ගේ ජාතිය වන සිංහලකම හා ආගම වන බුද්ධාගම හෙළා දකිමින් මුස්ලිම් ජාතිය හා ඉස්ලාම් ආගම උඩ දැමීමයි.  එයට ප්‍රතිචාර ලෙස සිංහල ජාතිවාදීන් කළේ විජිත හිමි මේ කතාව පවත්වන්නට පෙර තමන් සමග සිටියදී කරන ලද කතාවක් ප්‍රචාරය කිරීමයි. එම කතාවේ විජිත හිමියන් කරන්නේ  අප මෙහි ඉහත සඳහන් කළ කතාවේදී කරන දෙයෙහි අනෙක් පැත්තයි. මට නම් මේ කතා දෙක ම අසන්නට විශේෂ උනන්දුවක් ඇති වූයේ නැත.  සිංහල බෞද්ධයෝ ආක්‍රමණශීලී, ආධිපත්‍යවාදී ලෙස කටයුතු කරමින් සුළුතර ජාතීන් පාගති. ප්‍රගතිශීලී සිංහලයෝ මෙම ක්‍රියා හෙළා දකිමින්, ඒවාට එරෙහිව අරගළ කළ යුතු ය. වටරැක විජිත හිමියෝ කුමන හේතුවක් මත හෝ ජාතිවාදී ව්‍යාපාරය සමග බිඳුණු පසු කරන්නට පටන් ගෙන තිබෙන්නේ සිංහලයන්

බෝ පැළ වගේ දුමින්දලා හා බෝ ගස් කපන චම්පිකලා

Image
අපි බෝ පැළ වගේ කට්ටිය යි සමහරු තමන්ගේ ‍‍ම හොර උපාසකකම ගැන උපහාසයෙන් කතා කරති. බෝ ගස ලස්සන ය. බෝ කොළය සොබා දහමේ අති සුන්දර ම නිර්මානයකි. ඒ සුන්දරත්වය හා ආගමික භක්තිය කැටි කර චන්ද්‍රරත්න මානවසිංහයන් හා අමරදේවයන් නිර්මානය කළ 'මහ බෝ වන්නම' හෙළයේ සුන්දර ම සංගීත හා සාහිත්‍ය නිර්මානයකි.  එහෙත්, බෝ ගස පොල් ගස හෝ කොස් ගස තරම් මිනිසුන්ට හෝ සතුන්ට ප්‍ර‍යෝජනවත් ශාඛයක් නො වේ. ඉතා කුඩා ඇටයකින් බෝ වන, ඉතා නිසරු බිත්තියක් උඩ පවා වැඩෙන්නට හැකි හැබැයි, වැවෙන්න ගත්තොත්, වඳ කරන්නට බැරි, ආක්‍රමණශීලී බෝ ගස ආගමික අන්තවාදය සඳහා කදිම උපමාවකි.  භාරත ලක්ෂ්මන් ඝාතන‍යේ විත්තිකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වාගේ පළමු නම වන දුමින්ද යන්නෙහි තේරුම ද බෝ ගස යන්නයි. දෙතිස් මහා පල රැක් බෝධි කියන සියල්ලම බෝ ගස් නො ‍වේ. සපු ගස ද ඒ අනුව බුදු කෙනෙකුට සෙවණ දුන් බෝධියකි. චම්පක කියන්නේ සපු ගසට ය. චම්පක රාමනායක යනු හොඳ සිංහල නමකි. චම්පික යනු බස නසන නමකි. එසේ ම චම්පික කියන්නේ ලංකාවේ දේශපාලන පොළවේ වැවෙන වල් පැළෑටියකි. මට මේ බෝ ගස ගැන ලියන්නට උවමනාවක් තිබිණි. එහෙත්, එය මට වඩා හොඳට කිසිවකු විසින් ෆේස්බුක්හි

ඉවසුවා ඇති නෙමෙයි ‍හොඳටෝම ඇති

Image
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

ඉරිදා පත්තර කියවීම හෙවත් පිළුණු බත් කෑම

Image
පිංතූරය අදාළ වන්නේ ලිපියට නොව මේ දිනවල සිදු වන ආගමික ගැටුම්වලට  ය.  ඉරිදා සිංහල පත්තර කියවමින් සිටිමි. දැන් පත්තර කියවීම වෘත්තීය මට්ටමෙන් කරන 'මාධ්‍යවේදීන්' ද බිහි වී තිබේ. ඒ අය පත්තරවලට ලියන්නේ නැත. කරන්නේ අනුන් ලියූ දේ රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් කියවීමයි. පත්තරවලට ලියන අයට වඩා මේගොල්ලෝ වැඩකාරයෝ ය. ඒ නිසා දැන් පත්තරකාරයන්ගේ අනාගත බලාපොරොත්තුව වී තිබෙන්නේ කිසියම් දිනෙක පත්තර කියවන්නකු වීමයි. පත්තරකාරයන් පත්තර කියවීම ඇත්තෙන් ම හොඳ දෙයකි. මන්ද, ඇතැම් පත්තර කර්තෘවරු තමන් කර්තෘකම කරන පත්තරයවත් කියවන්නේ නැත. මේ දිනවල ලංකාවේ වාමාංශික ලිබරල් බුද්ධිමතුන් විසින් සල්ලි සම්මාදම් කරමින් බේරා ගන්නට හදන එක පත්තරයක කර්තෘ ඒ වර්ගයේ කෙනෙකු බව කියන්නේ ඒ පත්තරයේ ම කර්තෘ මණ්ඩලයේ අය මිස මම නො වේ. එයා කරන්නේ තමන්ගේ සිතට එන වටිනා අදහස් ටික පිටු ගණනාවක ලියා එය බෙහෙත් ඩෝස් එකක් සේ අපට දීමයි. පත්තර කියවනවා කිව්වාට මම නම් කරන්නේ පත්තර බැලීමයි. බලන අතරේ හමු වන ඇතැම් රසවත් ලිපියක් කියවමි. 'පැය හතරකදී පිදුරු ඉන්ධන හා පොහොර හදන අලුත්ම තාක්ෂණය' නම් ලිපියක් රවිර පුවත්පතේ කියැවීමි. එහි දෘෂ