බාලචන්ද්‍රන්

ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් මරා දමන්නට මොහොතකට පෙර ගත් බව කියැවෙන තවත් ඡායාරූප කීපයක් මාධ්‍යයට නිකුත් වී තිබේ.

බාලචන්ද්‍රන් බාල දරුවෙකි. අත්අඩංගුවට ගෙන ඔහු මරා දැමුවානම් එය පැහැදිලිවම යුද අපරාධයකි. 

කොටි සංවිධානය යුද අපරාධවල නියැලුණ බව කවුරුත් දනිති. කොටින් විසින් කපා කොටා මරා දමන ලද දරුවන්ගේ සිරුරු මේ ලේඛකයා පදවියේදී හා හේරත්හල්මිල්ලෑවේදී සියැසින් දැක තිබේ. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් යොදාගත් බවද සත්‍යයකි. 

කොටි සංවිධානයේ නායකයා මේ යුද අපරාධවලට වගකිව යුතුය. එසේම, තවමත් ජීවතුන් අතර සිටින කරුණා අම්මාන්, කේ.පී. හා වෙනත් විදෙස්ගත කොටි නායකයන් මෙම යුද අපරාධ ෝදනාවලට වලට පිළිතුරු දිය යුතුය. 

එහෙත්, ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ බාලචන්ද්‍රන් බාල දරුවෙකි. ඔහු අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දැමීම යුද නීති, මානව හිමිකම් නීති පමණක් නොව සාමාන්‍ය මිනිස් ගුණධර්මවලටද පටහැනි තුච්ඡ ක්‍රියාවක් බව කිව යුතු නොවේ. 

මේ පිළිබඳ කතා කිරීමේදී ප්‍රභාකරන් අච්චර මැරුවා, මෙච්චර මැරුවා ආදී වශයෙන් කීම තේරුමක් නැත. මන්ද බාලචන්ද්‍රන් බාල දරුවෙකි.

ක් අපරාධයක් විසින් ඇති කරනු ලබන සමාජ ව්‍යසනය තවත් අපරාධයකින් පියැවෙන්නේ නැත.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මල් යහනක් මත අඩවන් දෑසින් ‍ම‍නෝජිනී සිටියා
    තණ පලසක් මත අඩවන් දෑසින් බුද්ධසීල සිටියා
    වෙඩි හඬ ‍ලේ කැටි අතරින් පාවී කිරි සුවඳක් ආවා
    අඩවන් ‍නෙත් මුළු ‍ලෝ‍කෙන් මේ විදියට ඇසුවා

    කන්ඩ ‍නොදී පුංචි අපට උණ්ඩ දුන්‍නෙ ඇයි
    පෑන ‍නොදී තුවක්කුවක් අතට දුන්‍නෙ ඇයි
    විදු බිම ‍වෙනුවට යුද්ධ බිමක් උරුම ක‍ළේ ඇයි
    පුංචි අපට මරණය හිත මිතුරු ක‍ළේ ඇයි

    අපට උරුම මව්කිරි ටික උදුර ගත්‍‍තෙ කවු‍දෝ
    අපට උරුම පිය ‍සෙ‍නෙහස අහිමි ක‍ළේ කවු‍දෝ
    කුරිරු යුද්ධයට නැවතීමක් ‍‍නොතියන්‍ ‍නො කවුරු‍දෝ
    පුංචි අ‍පේ කඳුළු මතින් කිරුළු ලන්නෙ කවු‍‍දෝ

    ගී පද රචනය : මහින්ද නාමල්

    ''එක් අපරාධයක් විසින් ඇති කරනු ලබන සමාජ ව්‍යසනය තවත් අපරාධයකින් පියැවෙන්නේ නැත.''

    මේ බව ‍තේරුම් ගන්නට සිංහලයන්ට තව ‍කොපමණ කල් ගතවේද?

    ReplyDelete
    Replies
    1. @තරුරසී
      ස්තුතියි.
      නොමිනිසුන් අතර තවමත් ඔබ වැනි අය කිහිප දෙනෙකු හෝ ඉතිරිවී සිටීම නිසා තවමත් සිංහල බ්ලොග් ලියමි කියවමි නැත්නම් මා බ්ලොග් එක වසා දමා මගේ වැඩක් කරගෙන ඉන්නට තරම් අද සිත්විය.

      Delete
    2. තරුරසී, උදිත මට උඹලා දෙන්නටාම කියන්නෙ ඇත්තේ උඹලා වැන්නවුන් මේ සමාජ යන්ත්‍රයේ දැති රෝද නොනවත්වා ධාවනය වීමට උපකාර වන ලිහිසි මාධයයන් වන බව ය. යන්ත්‍රය තුල ඇති දැඩි රළු දැති රෝද උඹලාව නොදැක්කා සේ මිරිකා දමයි පයිසෙකට මායිම් නොකරයි. එය දැති රෙදවල හැටි ය. නමුත් යන්ත්‍රයෙන් පිට සිට බලනා වුන්ට උඹලා නැත්නම් යන්ත්‍රය ලත් තැනම ලොප් වී හමාර වග පෙනේ. ඉතින් උඹලා නොනැවතී මිරිකෙන්න, පොඩි වෙන්න ඒ දැති රෝද උදෙසාම නොව මුළුමහත් යන්ත්‍රයේ පැවැත්ම වෙනුවෙනි.

      Delete
    3. මේ ෆොටෝ වල මෙම දරුවා ඉන්න ස්වරූපය කිසිම බයක් තැති ගැන්විමක් නැ නේද?

      Delete
  2. රත්නසිරිFebruary 19, 2013 at 10:32 PM

    ප්‍රභාකරන් කරපු වැඩ වලට ඔහුගේ පුතා පලි නං මහින්ද කරන වැඩ වලට නාමල් .............

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න එපා නාමල් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු බව.

      Delete
    2. එහෙමනම් අනිත් පුතාලා දෙන්නා,
      එතනත් එකෙක් නේවි නිසා,
      හදට යන පුතා ව අල්ලා ගමුද

      Delete
  3. පැරකුම් ජයසිංහ ගේ පෝසට් එකේ අන්තිමට මෙහෙම තියෙනවා.
    "මේ පිළිබඳ කතා කිරීමේදී ප්‍රභාකරන් අච්චර මැරුවා, මෙච්චර මැරුවා ආදී වශයෙන් කීම තේරුමක් නැත. මන්ද බාලචන්ද්‍රන් බාල දරුවෙකි."
    "එක් අපරාධයක් විසින් ඇති කරනු ලබන සමාජ ව්‍යසනය තවත් අපරාධයකින් පියැවෙන්නේ නැත."
    ඊළගට ඒ පැරකුම් ජයසිංහම මෙහෙම කියනවා.
    "කොටි සංවිධානය යුද අපරාධවල නියැලුණ බව කවුරුත් දනිති. කොටින් විසින් කපා කොටා මරා දමන ලද දරුවන්ගේ සිරුරු මේ ලේඛකයා පදවියේදී හා හේරත්හල්මිල්ලෑවේදී සියැසින් දැක තිබේ. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් යොදාගත් බවද සත්‍යයකි."

    පැරකුම් ජයසිංහටත් බාලචන්දන්ගේ මේ සේයාරූ දැක්ක ගමන් පදවිය සහ හේරත් හල්මිල්ලෑවේ සිද්ධි සිහියට එන්නේ අවිඥානය තුළ මනුෂ්‍ය හෘදයසාක්ෂියට පෙර තමන් තුළ සිටින සිංහලයා අවදිවී අවිඥානිකව මෙම සිදුවීම යුක්ති සහගත කිරීම නිරතවන නිසා නොවේද ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෙහි අවිඥානක යුක්ති සහගත කිරීමක් නැත. ඇත්තේ සවිඥානක ඉදිරිපත් කිරීමකි. අප ආමන්ත්‍රණය කරන්නේ සිංහල පොදු ජනතාවකගේ හෘදය සාක්ෂියට මිස සීමිත පිරිසකගේ ආත්ම තෘප්තියට නොවේ.

      Delete
  4. බාලචන්ද්‍රන් මරා දැමීම ගැන මේ ෆොටෝ සහ වාර්තාව පලවූණූ හැම තැනකම කොටින් මිනීබැරූ හැටි කියවෙන පරණ ලිපි සහ ෆොටෝ ලින්ක් කර ඇති හැටි මාත් දුටුවා.

    මං හිතන්නේ ඒ අය එහෙම කරන්නේ මේ අමානුෂික යුධ අපරාධය ගැන තමන්ගේ හෘද සාක්‍ෂියෙන් ගැලවී තාවකාලිකව හෝ හිත රවටා ගන්නයි.

    ReplyDelete
    Replies
    1. එසේ කරන්නේ සිංහල බ්ලොග් / කොමෙන්ට් ත්‍රස්තවාදයට ඇති බිය නිසාය.

      ~Ra

      Delete
  5. මේ දරුවා ජීවතුන් අතර සිටියා නම් ඔහු ඔටුනු නොපලන් රූකඩ කුමාරයෙක් ලෙස තබාගෙන ත්‍රස්තවාදය වාසි නොලබන බව කාට නම් කිව හැකි ද ? ජාත්‍යන්තර බලවේග වලට අතපොවන්න කදිම තෝතැන්නක් නොවන්නේ ද ? අද යුද අපරාදයක් ලෙස හෝ ඔටුන්න හිමි කුමරා මියගොස් ය , කොටින් ට කුමාරයෙක් නැති නිසා එකිනෙකා අතර ඇනකොටා ගනිති, යුද අපරාද චෝදනාවක් ආවත් ජීවත් වෙන කෙනෙක් ගැන අතපොවන තරමට අත පෙවීමට බටහිරට නොහැක, කවුටිල්‍ය (Kautilya)අද හිටියා නම් තෝරගන්නේ කුමක් ද ?

    ReplyDelete
    Replies
    1. I too sad on this particular son. But agree that if he is live it would be another fire point to kill more than 1000

      Delete
    2. you belive in Lord Buddha or Kautilla??

      Do you know what had happended to the Wijeweera's family??

      Delete
  6. @Mahachaarya Calculus: do you know that Kautilya, alias Chankya ; conspired against Budhdha and his deciples and Shakya clan..? you are a sorry ass dear

    ReplyDelete
  7. Balachandaranva maruve nethnam u thaaththage thenata ei. egena hithanna. ethakota therai eyava maruve kochara hondada kiyala. eyava badaginne merenna dunne nehe ne. hodata kanna deela thamai maruve. e hinda pawak naha.

    ReplyDelete
    Replies
    1. Uba hari machan. mamath ubage paththa. Nayaage babath Nayaama thamai.. Marapu eka hodai..nathnam me ratata monava veida.. Me puthaava thiyala thamai thaaththava alluve..thaaththa ahuvunata passe thamai puthaava eyage as idiripitama marala demme. Prabakaran hinda kochara podi lamai koti vunada..e hinda pawak naha.

      Delete
  8. ඊයේ දවසෙම මම උන්නේ මහා මූසල හැඟීමකින්. මේ පින්තූර මා සසල කළා. පියා කල දේවලට් මේ දරුවා පලිද. මේවා ගැන කතා කරන්න දුකයි. කෝ අපේ මනුස්සකම, කෝ අපේ සංස්කෘතිය, කෝ අපේ හැදියාව, විජේවීරගේ පවුල හා දරුවන් මෙන්, මේ අයත් හමුදා අතඩංගුවේ තබා ගත්තානම් අද එකෙකුටවත් කට ඇරලා අපට මානව හිමිකම් ගැන චෝදනා කරන්න පුළුවන්ද...? බලාගෙන ගියාම යුද්ධයක් නෙමෙයි කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙතන ළමයෙක් ට වඩා තියෙන්නේ යම් මතවාදයක් නියෝජනය කල පිරිසකගේ සංකේතයක් වීම, කොටින්ම මේක අතින් ගලා ගිය දේශපාලනයට මේ ළමය ගොදුරු උනා කිව්වොත් හරි,
      විජේවීර නායකත්වය දුන්නේ සමාජවාදී පක්ෂයකට, එහි විජේවීරලගේ සොමවන්සලා ගේ ළමයි ගැන කතාවක් නෑ ... නමුත් කොටි සංවිදානය ගෝත්‍රික සන්විදානයක්..

      Delete
    2. ඔය ඔක්කෝම ඇත්ත කියමු. කොහොමද බන් මේ වගේ දරුවෙක් මරන්නේ..

      Delete
    3. ඇත්ත කතාකරමු .. ලෝකේ දරුණුම සන්විදනයක් මැඩ පවත්වන්න පුහුණු කරපු හමුදාවකට තිබ්බ ජොබ් එක නවගුනවැල් ගනන්කරන්න නෙවි නේ, ඉතුරු ටික හිතා ගන්න...

      Delete
    4. ඔබේ දරුවෙකුට මේ සිදුව ඇති දේ උපමා කර සිතන්න.කෙස් පැලෙන තර්ක 1000 ට වඩා එය ප්‍රායෝගිකය.

      Delete
    5. මානව ඉතිහාසයේ එක දරුවෙකුට ඇති වටිනාකම කුමක් ද ? හැගීම් වලින් ඉතිහාසය ලියවෙන්නේ නෑ මිත්‍රයා

      Delete
    6. උඹේ දරුවටත් මෙහෙම උනානම් උඹේ ඉතිහාසයත් හැගීම් වලින් ලියවෙයි...

      Delete
    7. මේ මහාචාර්ය කැල්කියුලස් නම් හිත් පිත් නැති එකෙක්.

      මේ ෆොටෝ දැක දුක් නොවෙන පියෙක් හෝ පුතෙක් ගැන මට නම් හිතා ගන්නවත් බෑ.

      Delete
    8. කතන්දර, ඒකනේ මහාචාර්ය කියන්නෙ. ඒ ටිකවත් තේරෙන් නෑ. දැන් බලන්ට මහාචාර්ය නලීන් ද සිල්ව ! ඔවුන් මරන්නැතුව හිටිය නම් සිල්ව ඇවිත් රාජපක්ෂල මරණ ගානට තිබ්බෙ ඕං.

      Delete
    9. මහාචාර්ය කැල්කියුලස්, අපිත් එහෙනම් වෙලාව ආවහම රෝහිත, යෝෂිත, නාමල් වාගෙ අයටත් එහෙමම සලකමු. මොකද ඒ ගොල්ලොත් මතවාදයන් නිවේදනය කරන සංකේත තමයි.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. මාරයාගේ හෝරාව

      මේ ලිපිය කියවන්න කම්මැලි නම්, විමසුම බලන්න.
      මාරයා නම් කිසිවකුගේ පියෙකු නොවේ.

      Delete
    12. සිදුවීම ඇත්ත නම් යුධ අපරාධ වුනේ නෑ කියල කියන්න වෙන්නේ අයිටීන් එකෙන් මෙහේ ඉන්න දේශප්‍රේමියොන්ට විතරයි

      Delete
    13. කතන්දර මාව විවේචනය කරකර ඉන්න වෙලාවේ චු කතාවක් ලියල චු කරලා නිදාගත්තා නම් හොද නැද්ද?

      හැමදේටම පුද්ගල වාදී කෝණයකින් නොබැලිය යුතු අවස්ථාත් තියෙනවා .. මගේ දරුවන්ගෙන් රටට සමාජයට අහිතකර දෙයක් වෙනවා නම් හරි වෙන්න තියෙනවා නම් හරි එක වලක්වන එක මගෙත් යුතුකම... ඔය නාමල් බේබි ල කවුරුවත් ගණන්ගන්නේ නෑ ඔව්ව රජා ඉන්නකන් විතරයි

      Delete
    14. මේ දරුවාගෙන රටට සමාජයට වූ අයකපත් කුමක්ද..? මා කතා කරන්නේ මේ දරුවා ගැන පමණයි. ප්‍රභාගේ දෙමපියන් මෙන් මේ දරුවා බේරන්න තිබුනා නේද....?
      ඇත්තටම අපි මනුෂ්‍යයන්ද..? තිරිසනුන්ද...? මොකක්ද ප්‍රභා හා අප අතර ඇති වෙනස.. අප මෙලෙස තර්ක කරන්නේ නම්. කෙසේද අප් ප්‍රභාට විරුද්ධව වච්නයක් කතා කරන්නේ.
      මට අපේ සමාජය ගැන විශාල කළකිරීමක් ඇති උනා. රිසානාගේ මරනයට මුස්ලමානුවන් දුක්වූයේ නැතයි කියු ජනතාවක්. මේ මරණය සධරණිකරනය කරන්නෙ කෙසේද...
      මේ ජාතිය ගැන මට ඇත්තටම ලැජ්ජයි...

      Delete
    15. මාතලන් මම ලියපු දේ අපහු කියවන්න .. එකේ තියෙනවා අයහපතක් වෙන්න තියෙනවනම් කියල කතාවකුත්, ප්‍රභාකරන් මැරුවේ යුද්දේ පවත්වාගන්න, හිතන්න ඔබ මේ රටේ ජනාදිපති, මේ දරුවාගේ මරණයෙන් මහලොකු යුද්දයක් ඉවරවෙලා දහස්ගානක් බේරෙනවා නම් ඔබ ගන්න තීරණය මොකක් ද?

      Delete
    16. @මහාචාර්ය කැල්ක්යුලස්
      ප්‍රභාකරන් මැරුවේ යුද්දේ පවත්වාගන්න සහ අපි මැරුවේ යුද්දයක් ඉවර කරලා ජිවිත බේරගන්න කියන එක මහාචාර්ය තුමා තමන්ගේම හිත හදාගන්න ගොතපු කෑල්ලක් නේද?
      මම දන්න විදියට නම්
      උන් ළමයි මැරුව රටෙන් කෑල්ලක් අල්ලගන්න කියන අරමුණ වෙනුවෙන් (මහාචාර්ය තුමාට අනුව ඒක වැරදියි)
      අපි ළමයි මැරුව රටේ අනාගත ඒකීයභාවය ආරක්ෂා කරගැනීමේ අරමුණ වෙනුවෙන් (මහාචාර්ය තුමාට අනුව ඒක හරි)

      මම නම් හිතන්නේ මොන අරමුණෙන් වුනත් මිනීමැරුම් වලක්වාලීම තමයි මිනිසත් කම.

      Delete
    17. @ මහාචාර්ය කැල්කුයුලස්
      මේ දරුවාගේ මියයාම හා යුද්ධයේ අවසානය ගැන ඇති බැඳිම මට පැහැදිලි කර දෙන්න. මේ මරණය සිඳුකල සොල්දාදුවා හෝ සොල්දාදුවන් ගැන මට කිසි ප්‍රශ්ණයක් නෑ. මට කනගාටු අනෙක් මිනිසුන් ගැන. ඔබත් සොල්දාදුවෙක් නම් ඔබ නිවැරදියි.. නමුත් සොල්දාදුවා හා මනුෂ්‍යා අතර විශාල වෙනසක් තිබෙනවා. එය මතු වන්නේ යුද්ධයකදීයි. මේ දරුවා මරා දැමීම සාධාරන නම්. මේ පින්තූර ගැන බිය වන්නේ ඇයි.

      Delete
    18. ප්‍රභාකරන් මැරුවේ යුද්දේ පවත්වාගන්න සහ අපි මැරුවේ යුද්දයක් ඉවර කරලා ජිවිත බේරගන්න කියන එක මහාචාර්ය තුමා තමන්ගේම හිත හදාගන්න ගොතපු කෑල්ලක් නේද?

      -----
      ඔය පින්තුර වල තියෙන කතාව ඇත්ත කියමු, එහෙම නම් මේ ළමය සෑහෙන වෙලාවක් රදවාගෙන තිබිල තියෙනවා නේ.. කන්න බොන්නත් දුන්න කියන්නේ .. එතකොට ඊට පස්සේ මරන්න ගත්ත තීරණය හොදට හිතල බලල සමහර විට සාමුහික තීරණයකට පස්සේ අපු එකක් වෙන්න ඇති නේ, එදා භුමියේ යථාර්තය (ground reality)අපි කවුරුවත් දන්නේ නෑ නේ, යුද්ද භාෂාවෙන් කියනවා නම් මේ වගේ high value target එකක් පරිස්සම් කරගන්න බැරි නම් විනාස කරන්න ඕනි කියල ඕනි කෙනෙක් ට තේරෙන්න ඕනි. මිනිස්සු කියන්නේ සමාජීය සත්තු කොට්ටාශයක්, මීමැසි ජනපදයක උනත් ලෙඩ වෙච්චි එකෙක් ජනපදයෙන් එලවනවා, කුහුබුවන් මළකුණු එලියට ගිහින් දානවා මේ හැම කැපකිරීම ම කරන්නේ සමාජයේ යහපතක් වෙයි කියල හිතාගෙන.

      අමතක කරන්න එපා දරුවන් දෙවියන්ට කැපකර මරා දමපු ආගමික ඉතිහාසයක් තියෙන මිනිස්සු අපි, පොඩි ළමය් මහණකරණ ආගමික ඉතිහාසයක් අපිට තියෙන්නේ, ළමයි වන්ගෙඩිවල දමල කොටපු ඉතිහාසයක් අපිට තියෙන්නේ, වයස 9 පොඩි කෙල්ලෙක්ව බලෙන් විවාහකරගත්ත ආගමික නායකයෝ අපිට ඉන්නේ.

      Delete
    19. මාතලන්, හැම ආගමකම හෝමෝ සේක්සුවල් වලට වැට බදින්නේ ඇයි , ගණිකාවන් පහත් කරලා කතාකරන්නේ ඇයි ? ඇත්තටම පවක් සිද්දවෙන හින්ද ද ? නෑ .. ඕනෑම ආගමක පදනම පවුල, පවුල කියන සංස්ථාවට පහර වදින ඕනිම තැනක අපි හිතන්නේ බලන්නේ නැතුව එකට විරුද්ද වෙනවා .. එතෙන්දි පුද්ගලික අවශ්‍යතා යටපත් වෙනවා නේද ? ඒ මිනිස්සුත් පවු නේද ? නමුත් පුළුල් කෝණයකින් බලනකොට (අවුරුදු 1000-2000 ක කාලයක්), එක මනුස්සයක් ගේ වටිනාකම කොච්ච්ච්ර අඩුයි ද?

      Delete
    20. මාතලන් ඔබ ආයතනයක් මැනේජර් කෙනෙක් කියල හිතන්න, ඔබට සේවකයෙක් සේවයෙන් පහකරන්න ඕනි නම් ඔබ එය කලයුතුය් නැත්තන් ඔබ ඒ ජොබ් එකට සුදුසු කෙනෙක් වෙන්නේ නෑ .. පිටස්තරයෙක් විදිහට මට දුක හිතන්න පුළුවන් ඒ සේවකයා ගැන .. නමුත් එකේ තේරුමක් තියෙනවා ද ?

      Delete
    21. ඔය කිසිම තර්කයක් දරුවා මරා දැමීම සාධරණීකරණය කිරීමට අදාල වන්නේ නෑ.

      Delete
    22. අනෙක් කරුණ. මා සමලිංගිකත්වය හා ගණිකා වෘතිය වෙනුවෙන් පෙනි සිටින්නේක්.. (මේක අදාල ප්‍රස්තුතය හා පටලවා ගන්න එපා) වෙනම තර්ක කරමු.

      Delete
    23. එක මම දන්නවා සහ මාත් එහෙමයි ... මේ ඔක්කොම බැදිලා තියෙන හුය දිහා බලන්නේ නැතුව එක එක සිදුවීම වෙන වෙනම විග්‍රහ කරන්න බෑ...

      Delete
    24. mage adahasa nam me lamayawa maranne nathiwa nidahase inna arinna thibbe... nathnam ratin pituwahal karanna thibba... thamilnaaduwata hari nathnam canada walata hari...

      Delete
  9. කොටි සංවිධානය අවසනයේ පරාජයට පත් කිරීමට හැකිවූයේ අන්ත අමානුෂික හමුදා භට පිරිසක් පුහුණු කිරීමෙනුයි. හිතක් පපුවක් නැතිව මිනී මරන්නට හැකියාව ඔවුන්ට පුහුණුවේදීම ලබා දුන්නා. මේ පුහුණුවේ එක් අංගයකදී හමුදා භටයින්ට බල්ලකු පූසකු බඳ සතෙතු සුරතලකු සේ ඇති කරන්නට දිරි ගන්වනවා. සති කිහිපයකදී ඔවුන්ට අණ කෙරෙනවා තමා එතෙක් ආදරයෙන් හදා වඩා ගත් සතා අන්ත වධයට භාජනය කර මරා දමන්නට. එහෙමයි ඔවුන්ගේ හිත් හැදුවේ. ඒ වගේ පිරිසකට ප්‍රභාකරන්ගේ දරුවා නෙවෙයි තමන්ගේ දරුවා වුණත් මරා දැමීමේ ගැටළුවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පච කෙලින්න එපා මිත්‍රයා.ඕවා විශේෂ කාර්ය බලකාය ගැන කියවුන පරණ කටකතා පමණයි.80,90 කාලයේ රාවය සඟරාවේ පළවුණු කතාවක් ඔය.අපේ රටේ කිසිම හමුදාවක සතුන් ඇතිකර මරා දැමීම කරන්නේ නැහැ.ඉතාම වගකීමෙන් මේ දෙය කියන්නේ.

      Delete
    2. ඔව් ඉහත කරුණ පච තමයි නමුත් උඹලගෙ මහලොකු හමුදාවෙ එවුන්ගෙ මානුෂිකත්වය නම් හරිම සෝයි....... සූරියප්පෙරුම නාකියට වගේම අපිට ආඩම්බරයි ජාතියක් හැටියට මේව දකිද්දි....

      Delete
    3. මිනිහෝ!!! මේ වැඩේ කවුරු කලත් වැරදියි.ඒගැන කිසිම තර්කයක් නැහැ.හැම එකාම එක මිම්මෙන් මනින්න එපා.මටත් මේ සිදුවීම විශාල වේදනාවක්.

      Delete
  10. Meka liyapu kenata godak pin. Oba/obatumiya ithamath nirbheethai. Mewani waki thawa thawath liyannata dhairya shakthiya labewa. Devi pihitai.

    ReplyDelete
  11. අහෝ මානුෂික මෙහෙයුම! උන්ගේ මෑණියන්ගේ වස්ත්‍රය!

    ReplyDelete
    Replies
    1. අහෝ කාලකණ්නි කකා, උගේ මෑණියන්ගේ ...... (වස්ත්‍රය/xxxx)

      Delete
  12. මෑණියන්ගේ වස්ත්‍රය !. හරි අපුරුයි.
    අම්මගෙ රෙද්දෙ මානුෂික මෙහෙයුම කියන්න බැරි උනේ ඩිනර් එකට පිට්ටු ගිලින හින්දද ?
    මෙල්බර්න් වල ඉඳන් අහන්නෙ.

    ReplyDelete
  13. ඇත්තටම මට ඕනෙ උනේ කතන්දරගෙ කොමෙන්ටුවට සහයෝගයක් දෙන්න. ඒත් ඒක රුයිතෙට ගිහින් වගේ.

    ReplyDelete
  14. අනාගතයේ ත්‍රස්තවාදීන් වීමට ඉඩ ඇති සියලු ළමයින් සොයා ඝාතනය කරමු! සියළුම ස්ත්‍රී දූෂකයන්ගේ, මිනීමරුවන්ගේ, ළමා අපචාරකයන්ගේ දරුවන් වහා මරා දමමු. එවිට ලෝකය සුන්දර තැනක් වනු නොඅනුමානය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔබ නගා ඇති තර්කය වැටහේ. එය එසේනම්, මෙයත් එසේ විය යුතුය. ඔබ දක්වන අරුත හොඳින් වැටහේ.
      ඔබ කියන පරිදි ඇත්තෙන්ම දරුවන්ද තාත්තාගේ වරදට පලි.

      Delete
  15. What about Mervin.J.Coory's Son & Daughter ?

    ReplyDelete
  16. අපේ අය නගන ප්‍රධානතම තර්කය තමයි උනුත් ළමයි කපල කොටලා මැරුවා ඒ වගේ අපරාධ කරපු නිසා අපිත් මෙහෙම ඒවා මෙහෙයවපු නායකයාගේ ළමය පවුල මරපු එක නිවරිදියි කියන එක. එහෙම නැත්නම් යකෝ තොපි මේ කොල්ල මරද්දී ආපු දුක අර අපරාධ දැක්කම ආවේ නැද්ද කියල සද්දේ දාල අහන එක.
    අනේ මල්ලියේ ඒ දුක මේ වගේම දැනුනා ඔයාල නැහැයි කියල තර්ක කරන්නේ කොහොමද?
    ඇත්තටම මේ තර්කය ගෙනෙන අය වාසනාවන්තය ඔවුන්ට මේ මගින් සිත හදා ගැනීමේ හැකියාව ඇත.
    මොකද්දෝ කරුමයකට මටනම් මේ තර්කය මගින් මේ ළමා ඝාතනය පිළිබඳව හිත හදා ගැනීමට නොහැක.
    ඉතින් මේ කරුණේදී ධනවාදි මතවාද දරන මට වාමාංශික අදහස් දරන පැරකුම්ගේ අතින් අල්ලා ගැනීමට සිදුවේ.


    ReplyDelete
    Replies
    1. උදිත,

      සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන....
      සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන....

      - Dimithri

      Delete
    2. මෙතනදි ඉතා පැහැදිලියි , වරද තිබෙන්නේ මිනිසුන්ගේ මතවාද වල නොව මිනිසුන්ගේ න්‍රියාකාර කම් තුල බව.මතවාද බිහි වන්නේ තමුන් ලැබූ අත්දැකීම් හා ලැබූඅධ්‍යාපනය අනුව වන අතර ක්‍රියාකාරකම් සිදුවන්නේ ඉහලින් ලැබෙන නියෝගය අනුවය.

      Delete
  17. මම ප්‍රභාකරන්ට විතරක් නෙවේ මුළු දෙමල සංහතියටම වෛර කරනවා කොටින්ට සම්බන්ධ ඒත් මේ පොඩි එකාව දැක්කා නම් දුක හිතුනා.අහිංසක මූණ බලාගෙන කොහොමද ඔය වගේ පොඩි එකෙක්ව මරන්නේ?.මම හිතන්නේ නැහැ ඕක ශ්‍රී ලංකා හමුදාව අතින් වුන දෙයක් කියලා.

    ReplyDelete
    Replies
    1. හිතන්න එපා හමුදාව ගැන තියන ෆැන්ටසි එක බිදෙයි....

      Delete
    2. මම හිතන්නේ නැහැ ඕක ශ්‍රී ලංකා හමුදාව අතින් වුන දෙයක් කියලා.
      වැඩේ වෙච්ච විදිය ගැන ඒ දවස්වල හමුදාවේ එවුන් කරපු ඩිෆෙන්ස්වයර් බ්ලොග් එකේ ගියා. කොල්ල තව කොටි ගාඩ්ලා 4ක් එක්ක බාරවුනා. අන් 4 ම මැරුවේ ඇදුම් ගලවලා දණගස්වලා ඒ වෙලාවෙම. නමුත් පොඩි එකා තියාගෙන ඉහළින් උපදෙස් ඉල්ලුවා. ඒක එනකම් ඌව තියාගෙන ඉන්න අතරෙ තමයි ඔය එතැන හිටපු කොල්ලො කන්න බොන්න දුන්නේ.ඇත්තම කියනවානම් උන් ට මේ කොල්ලව මරන්න උවමනාවක් තිබුනේ නැහැ. ඒක ඉහළින්ම ආපු නියෝගයක්. සරත් ‍ෛාන්සේකා කියන්නේ මේයාව හමුදාව විසින් මැරුවේ නැහැ කියලා. නමුත් ඒක කරේ මෙයව අල්ලගත්ත එවුන් නෙවි. හමුදාවෙම වෙන ටීම් එකක්.

      Delete
    3. aththada buriyaanith kollata genath dunna kiyanne.... ane SF baba.....

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  18. පොඩි දරුවා අනාගතයේදි කොටියෙක් වෙයි කියල හිතලා දැන් ඒ දරුවාව මරල දාන එක අනුමත කරන්න බෑ. ලමයි අනාගතයේ කවුරු වේද කියලා කාටද කියන්න පුලුවන්. එක මොහොතක සිදුවීමකින් මිනී මරුවෙක් වෙන්න පුලුවන්. ජායාරූපයේ ඉන්නවා වගෙ බියෙන් ඉන්න දරුවකු මරන්න හිත හදා ගත්තේ කොහොමද මන්දා.

    ReplyDelete
  19. Nayaage babath Nayaama thamai.. Marapu eka hodai..nathnam me ratata monava veida.. Me puthaava thiyala thamai thaaththava alluve..thaaththa ahuvunata passe thamai puthaava eyage as idiripitama marala demme. Prabakaran hinda kochara podi lamai koti vunada..e hinda pawak naha.

    ReplyDelete
    Replies
    1. prabhakaranwa heduve tibichcha andui anthavadi sihalayoi oy!den hamuduruwo kalliyak ekathu wela hadana muslim virodaya nisa anthimata muslim prabhakaran kenek hedunot weradi karaya kauda?me hamuduruvo roththai es piyagena inna anduwai neda wagakiva utte.Thamusela vage buruvot e rottema aya

      Delete
    2. Ane nikan hitapan. Api ape aagamata garu karanna one. ekata erehivena kauruvunoth egollanva panapitin thiyanna hoda naha. Lankaava kiyanne sinhalayanta vitharai. anith kattiyava me rate thiyanna vatinne naha.

      Delete
  20. Ano1,

    මම හිතන්නේ මෙතැනදී මේ පින්තුරය හරහා කාට හරි ඕනේ කරන්නෙත් මේ ජාතියේ බොක්ක හිරිවැටෙන කතා ඇති කිරීම තමා. මේක ගොඩක් serious චෝදනාවක්.. ඕගොල්ලෝ මේ ලොකු මානව හිතවාදී කතා කරන්න ලොකු if එකක් යටතේ. මට නිකමට මෙහෙම සරල අදහසක් එනවා. ඇත්තටම මෙහෙම පින්තුරයක් ගත්ත්තනම් එක කරලියට එන්න අවුරුදු 5ක් ගත වීම..

    වැරදිලාවත් මෙහෙම කතාවක් ක්යුවොත් බරපතල කම වැටහ ගන්න..

    " වැරදිලාවත් අජිත් සහ මාතලන් කුඩා ළමුන් දුෂණය කර ඇතිනම් ...එය මහා අපරාදයකි .. ඔවුන් විසින් මෙසේ අමු අමුවේ ළමා ළපටියන් දුෂණය කොට මර දැමීම අනුමැත කල නොහැක.. එය මගේ පපුව දවාලයි.. අජිත් තමිගේ දියණියගේ වයසේ දරුවන් දුෂණය කොට මර දැමීම අතිශය කෙදනීයි... "

    කරුණා කර කිසිම විශ්වාසවන්ත බවක් හෝ නමක් ගමක් (authentication) නැති පින්තුරය් තියාගෙ, මේකෙන් මහින්දට ගහන්න පුළුවන් නිසා අතල් ගන්න එපා. . මේක ඇත්ත කියල එලිඋනදට අපි කතා කරමු..

    ReplyDelete
    Replies
    1. මේ පින්තූර එලියට එන්න කල් ගතවෙන හේතුව තමා මේවා අරන් තියෙන්නෙ කොටි නොවීම. උන් ලඟ මේවා තිබ්බනම් මේවා එලි වෙන්නෙ මීට බොහොම කලින්! අන්න එතනදිම තමා වැටහෙන්නෙ මේවා අරන් තියෙන්නෙ හමුදාවෙ අය බව... ඒගොල්ලන්ගෙ කැමරා ෆෝන්වල එහෙම තියෙනෙ එව්වා තමා මේ අතින් අත ගිහින් දැන් අපේ සතුරු පාර්ශව අතට පත්වෙලා තියෙන්නෙ!!

      ඒත් එහෙම හිතන්න අකමැතිනම්, එහෙම හිතන්න එපා... හමුදාව ගැන තියෙන ෆැන්ටසිය බි‍ඳෙයි!

      Delete
    2. "මේකෙන් මහින්දට ගහන්න පුළුවන් නිසා අතල් ගන්න එපා. . මේක ඇත්ත කියල එලිඋනදට අපි කතා කරමු."

      මේක ඇත්ත කියලා තේරෙන්නේ තොපි වාගේ හරක්ට නෙවි බං. මහින්දයා මිනිමස්කාලා ඇට කටු රෙනකොට උඹ ඒ බෙට්ට අත්දෙකෙන් වහන්න යන්න එපා.

      Delete
    3. Ano1

      උඹල වගේ නාම්බෝ ඉන්නකන් Photoshop දන්න ඕනෑම එකෙකුට පුළුවන් ගින්නක් පත්තු කරන්න..

      හමුදාව ගැන මට ෆැන්ටසියක් නැහැ. . හමුදාව ගැන මට තියෙන්නේ යුද්දෙන් බට කපු අනිත් මිනිස්සු ගැන තියෙන අනුකම්පවම තම. ද්‍රවිඩ තරුණයෙක් LTTE එකට තල්ලු කරපු යන්තරණයම තමි වෙනත් විදිහකට දුප්පත් සිංහල තරුණය හමුදාවට තල්ලු කලේ.. එක තෙරුන් ගන්න බැරිව මන හිතවාදය කතාකරන ඔයගොල්ලෝ මට විහිළුවක් විතරයි.. ඔයගොල්ලෝ හරියට cricket match එකක සුද්ද්හට හයේ එකක් ගහපුවම උඩ පැනල අප්පුඩි ගහන කොල්ලෝ ටිකක් වගේ..

      (මෙහි දෙවැනි අනොගේ වචන වලින්ම ඔප්පු වෙනවා මම කියපු එක. වික්ට අයිවන් ගේ පොතෙන් උනේ අන්තිමේදී චන්ද්‍රිකගේ හොර වැඩ වැහිලා ගිය එක ..)

      Delete
  21. මේ පින්තූර එලියට එන්න කල් ගතවෙන හේතුව තමා මේවා අරන් තියෙන්නෙ කොටි නොවීම. උන් ලඟ මේවා තිබ්බනම් මේවා එලි වෙන්නෙ මීට බොහොම කලින්! අන්න එතනදිම තමා වැටහෙන්නෙ මේවා අරන් තියෙන්නෙ හමුදාවෙ අය බව... ඒගොල්ලන්ගෙ කැමරා ෆෝන්වල එහෙම තියෙනෙ එව්වා තමා මේ අතින් අත ගිහින් දැන් අපේ සතුරු පාර්ශව අතට පත්වෙලා තියෙන්නෙ!!

    ඒත් එහෙම හිතන්න අකමැතිනම්, එහෙම හිතන්න එපා... හමුදාව ගැන තියෙන ෆැන්ටසිය බි‍ඳෙයි!

    ReplyDelete
    Replies
    1. ???????????????

      Delete
    2. Ano1

      මම මේ දන්නේ නැති නිසා අහන්නේ.. ඔයා වැඩ කරන්නේ Lakehouse එකේද ? මොකද එගොල්ලන්ටත් බටලන්දේ දේවල් ගැන සාක්කි කල් ගිහිල්ලත් හම්බුවෙනවා..චන්දෙ කාලෙට..

      Delete
  22. //බාලචන්ද්‍රන් බාල දරුවෙකි. අත්අඩංගුවට ගෙන ඔහු මරා දැමුවානම් එය පැහැදිලිවම යුද අපරාධයකි.//

    //එහෙත්, ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ බාලචන්ද්‍රන් බාල දරුවෙකි. ඔහු අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දැමීම යුද නීති, මානව හිමිකම් නීති පමණක් නොව සාමාන්‍ය මිනිස් ගුණධර්මවලටද පටහැනි තුච්ඡ ක්‍රියාවක් බව කිව යුතු නොවේ.//

    තොපි හොදයි යකෝ කුඹුරේ සි සාන්න ගන්න..චැනල් 4 කිව්වොත් උබේ තාත්තා නෙමෙයි එහා ගෙදර එකා තමයි උබේ අම්මට කොරේ කියලා..උබ ඒකත් මහ ඉහලින් පිලිගන්නවද? උබ කොහොමද මෙහෙම විශ්වාසයෙන් කියන්නනේ අපේ හමුදාව බාලචන්ද්‍රන් මැරුවා කියලා?? මොකද උබ එතන බලන් හිටියයැ..අනේ පලයන් බන් යන්න තොපි වගේ වසලයෝ ඉන්නකම් අපිට කවදාවත් රටක් විදිහට ඉස්සරහට යන්න වෙන් නැ..

    ReplyDelete
    Replies
    1. Let us do what we can do to prevent next round of killings which is being readied by the Bodu Bala Sena on the pretext of anti halal campaign.If not more and more innocent children will get killed. Prabhakan's 12 year old son's pictures taken before and after his killing have shaken millions of people across the world.

      Delete
    2. පල ප.....යා යන්න. තොපි හොදයි මහින්දයාගේ අමුඩෙ ලොවින්න. අනේ තොපේ දේශප්‍රෙමේ.. කටුකන බල්ලෝ. අපි නොදන්න මේ රටේ හමුදාවයි පොලිසියයි. උන්ගේ ඉතිහාසය පුරාම උන් මේ වාගේ අපරාධ කරලා නැහැනේ. කතරගම මනම්පේරි දූෂණය කරලා මැරුවේ කවුද? ඒක කිව්වේ චැනල් 4 ද? 71 දී 89 දී අවුරුදු 16 ට අඩු එවුන් කීයක් මරලා දැම්මද? ඒවා කරේ හමුදාව නෙවෙයි නම් බොලාගේ අම්මගේ හොරවාහෙද? දැන් මාතලෙන් මතුවෙන්නේ නිදානද?
      උඹලාගේ අම්මට කරපු එකා කවුද කියලත් චැනල් 4 එකෙන් කියයි උමේ නමින් ලිව්වොත්. හමුදාවේ එවුන්ගේ ෆෝන් කැමරාවලින් ගත්ත ෆොටෝ චැනල් ෆෝ එකට ගියානම් උඹලාගේ අම්ම රෙද්ද ඉස්සුවේ කාටද කියලත් කියයි.

      Delete
    3. //අපි නොදන්න මේ රටේ හමුදාවයි පොලිසියයි. උන්ගේ ඉතිහාසය පුරාම උන් මේ වාගේ අපරාධ කරලා නැහැනේ.// කන්න දිපු අත හපා කන වේස බල්ලෙක් තෝ...තොපි වගේ පොන්නයිනටත් නිදහසේ ඉන්න රටක් උරුම කරලා දුනනේ මේ ලෙයින් කදුලින් දහඩියෙන් වන්දි ගෙවපු හමුදාවේ පොලිසියේ උතුම් මිනිස්සු..තෝ ගෙයි මුල්ලට වෙලා පොන්න කම් කලාට ඒ මිනිස්සු එහෙම කලේ නැ..තොපිට හෙන නොවැදුනුත්නේ පුදුමේ...

      Delete
    4. @ AnonymousFebruary 22, 2013 at 11:31 PM
      උඹ නම් 80 දශකයෙන් පස්සේ ඉපදිච්ච, පොතක් පත්තරයක් කියවන්නෙ නැති, ආණ්ඩුවේ මානසික මෙහෙයුම් වලට තාමත් අහුවෙලා, තමං ඔක්කොම දන්න මාර පොරක් කියලා හිතන් ඉන්න ගොං දේශප්‍රේමියෙක් බව තමයි ඉතිං ඔය ඔප්පුකරලා තියෙන්නේ... :P

      Delete
  23. බාලචන්ද්‍රන්ගේ මරණය පමනක් සාහසික අපරාධ වන කල්හි
    කැබිතිගොල්ලෑවේ ක්ලේමෝ බෝම්බයට හසුවූ දරුවාගේ මරණය සාධාරණය.මන්ද මාක්ස්වාදයට අනුව සුලුජාතික ජාතිවාදය ප්‍රගතිශීලී බැවිනි.එම දරුවාගේ මරණයට වගකිවයුත්තේ දෙමළ ජනයාට එරෙහි යුද්ධයක් කරන ආන්ඩුවයි.ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ශුද්ධ වූ අයිතිය විමුක්ති කොටින්ට ඇත.එය ලෙනින් නැමැති මුනිවරයා වදාරා ඇත.ඒ බව ශුද්ධ ලියවිලි වල ඇත

    පහුගිය කාලෙ ඉස්කෝල ඉස්සරහ දෙමවුපිය මුර කළා.ම්ලේච්ඡ කොටි පාසලකට පහර දෙයි කියලා.මට ඉතාම ශෝකජනක සිදුවීම් දෙකක් මතකයි.කොටි නැගෙනහිරදි අම්මා බලාගෙන ඉන්න කොට දරුවො කැත්තකින් කපපු හැටි.ඒ අම්මා තමගෙ දරුවා ඇදයටට දැම්මා .ඒ අම්මා සතුටු වුනා ඒ දරුවවත් බේරෙයි කියලා ඒත් ඒක ජනේලෙන් බලන් හිටපු තවත් කොටියෙක් ජනේලෙන් පැනලා ඒ දරුවාගෙ ඔලුවට කඩුවෙන් කොටල දෙපලු කලාලු
    ඒ තවත් විමුක්ති කොටින්ගෙ වීරකමක්.ඒත් බලචන්ද්‍රන්ගෙ කදුලු සීතලද බලන්න එන්න එන් ජී ඕ ඩොලර් හම්බවෙයි
    http://sthreevaadaya.blogspot.com/2013/02/blog-post_20.html

    ReplyDelete
  24. මියෙන තුරුම අමතක කළ හැකි නොවනු අැත මෙදරු පැටියා .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා