Posts

Showing posts from June, 2011

සෙලාන් බැංකු වෘත්තීය සටන, සේවක හිමිකම් හා අධිකරණ මැදිහත් වීම් නව ප්‍රවණතා

Image
(2011 ජුනි 30,   W3Lanka )   වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා හාම්පුතුන්ට බලපෑම් කිරීම පිණිස වැඩ වර්ජනය කිරීම ලොව පිළි ගත් සේවක අයිතිවාසිකමකි.  එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වෙමින් තිබෙන ලංකාව වැනි රටවල මෙම අයිතිවාසිකම සීමා කිරීම සඳහා අධිකරණය මැදිහත් වීම සුලබ තත්වයක් වී තිබේ. පහත සඳහන් දිනමිණ පුවත රතු අකුරින් දක්වා ඇති කොටස් කෙරෙහි විශේෂ අවධානය යෙමු කරමින් විශ්ලේෂණය කර බලන්න. සෙලාන් බැංකුවේ සේවකයින් අද (30) දින ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර තිබූ කෑම පැයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (29) නිකුත් කළේය. ලබන 06 දින හා 13 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනයද අත්හිටුවන ලෙස දිසා අධිකරණය නියෝග කෙළේය. බැංකු සේවකයින්ගේ වැටුප් ප්‍රතිශෝධනය මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කීපයක් එකවර ගැනීමට වර්ජනය කිරීමට තීරණය කිරීම සාධාරණ නොවන බව පෙන්වාදුන් දිසා අධිකරණය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සේවකයින්ගේ අයිතිවාසිකමක් බවද සඳහන් කෙළේය. සෙලාන් බැංකුව විසින් ලංකා බැංකු සේවක සංගමයට විරුද්ධව පවරා තිබූ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිස

ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීමේදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කාරණාවලදි කෝ?

(2011 ජුනි 29,   W3Lanka )   උතුරු නැගෙනහිර ප්‍රශ්නය සඳහා විසඳුමක්‌ ඉදිරිපත් කිරීම රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට පැවරීමට තමන් තීරණය කළ බවත් ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවල එකඟතාවෙන් යුතුව සම්මත කරන ඕනෑම විසඳුමක්‌ තම රජය භාරගන්නා බවත්, පාර්ලිමේන්තු කාරක සභාවක්‌ තරම් එයට සුදුසු වෙනත් විකල්පයක්‌ නැති බවත්  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි.   ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළේ ඊයේ (28 දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග සුහද හමුවේදීය. හා, හා, ඉතා ම ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක්! ඒත්, රටේ ලොකු ම ප්‍රශ්නය විසඳීමේ ලා ඇති මේ 'ප්‍රජාතන්ත්‍රවාදය' කෝ මේ ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කරුණුවලදී? මෙහෙම ස්ථාවරයක ඉඳිමින් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා වට හතක් (අද සාකච්ඡාවත් සමග) පැවැත්වූයේ පාර්ලිමේන්තුවෙන් අහලා ද? මීට පෙර පත් කරන ලද තිස්ස විතාරණ සමසමාජ ඇමතිගේ සභාපතිත්වයෙන් යුත් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සාකච්ඡා වට සියයකට වැඩි ගණනකින් පසු සම්පාදනය කරන ලද වාර්තාව තිස්ස විතාරණත් සමග ම කුණු කූඩයට විසි කළේ පාර්ලිමේන

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට රු. කෝටි 26,500ක්; ඒත් රෝහලේ ශල්‍යාගාරයේ වායු සමීකරණ හදන්න සල්ලි නැහැ

Image
ගෝල්ඩ් කෝස්ට් (2011 ජුනි 29, W3Lanka ) වායුසමීකරණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ පවතින එකම ශල්‍යාගාරයේ සිදු කෙරෙන සියලු සැත්කම් මෙම දිනවල ඇනහිට ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන බව දිවයින වාර්තා කරයි. හම්බන්තොට රෝහල් ශල්‍යාගාරයෙහි දිනකට සැත්කම් 60 ක්‌ පමණ සිදු කෙරෙන අතර එම සැත්කම් ඇනහිට තිබීම හේතුවෙන් දෛනික සැත්කම් ලේඛන අවලංගු කිරීමට සිදුව ඇති බව පුවත්පත පවසයි. රෝහලේ තත්වය එසේ ය. එහෙත්, ඊයේ දිනමිණ වාර්තා කළ පරිදි 'වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන හම්බන්තොට නගරයේ සංවිධාන කටයුතු සිදුවන ආකාරය පරීක්ෂා කිරීම උදෙසා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයේ ඇගැයුම් නිලධාරී' පිරිසක් ඊයේ හම්බන්තොට ගිය හ. දිනමිණට අනුව, හම්බන්තොට යනු 'වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන' නගරයයි. එහෙත්, ඇත්ත නම්, හම්බන්තොට මෙකී ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා ද නැද්ද යන්න තීරණය වන්නේ මෙම ඇගයුම් නිලධාරි පිරිස විසින් සකසනු ලබන වාර්තාව පදනම් කරගෙන නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා මහ සමු

හිස නමා සමාව ගැනීම හා වැඳලා සමාව ගැනීම

Image
(2011 ජුනි 28,   W3Lanka )   ශ්‍රේෂ්ඨාධිකරණය තුළදී 2009.12.02 දින ඕමාරේ කස්සප හිමියන්ට අත දිගුකරමින් බියක් හා අපහසුතාවක් ඇති වන පරිදි තර්ජනය කිරීම යන චෝදනාව මත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එරෙහිව පවරා තිබුණු නඩුවක් ඊයේ සමථයකට පත් කරගෙන තිබේ. ඒ වනාහි, සේනසිංහ ඕමාරේ කස්සප හිමියන්ට විවෘත අධිකරණයේදී චාරිත්‍රානුකූලව හිසනමා ආචාර කිරීමෙනි. මීට පෙර, මාතර දිසා විනිසුරු කේ.ඞී.එල්. සමන් කුමාර මහතාට සහ ඔහුගේ බිරියට පහර දී මෝටර් රථයට ද අලාභහානි කළ බවට චෝදනා ලද හමුදා භටයින් හා හමුදා භටයකුගේ බිරිය අධිකරණයේ දී මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේෂ් රණතුංග මහතා ඉදිරියේ දිසා විනිසුරුවරයාට සිංහල ක‍්‍රමයට වැද ආචාර කොට සමාව ලබාගෙන නඩුව සමථයකට පත් කර ගත්හ. විනිසුරුවරයාගේ මෝටර් රථයට වූ අලාභය ගෙවන ලදී. නීතිඥ සුජීව සේනසිංහ ද, මාතරදී සමාව ගත් සෙබළු ද සිංහලයෝ ය. එහෙත්, ඔවුන් දෙපිරිස දෙවිධියකට සමාව ගන්නට ඇත්තේ සිංහල චාරිත්‍ර ප්‍රදේශ අනුව වෙනස් වන නිසා විය හැකි ය. ප්‍රදේශ පමණක් නො ව පංති අනුව ද චාරිත්‍ර වෙනස් වේ. නිදසුනක් ලෙස, සාමාන්‍ය වැසියන් හාමුදුරුවන්ට බිම දණ ගසා වැන්දත්, ලොකු ලොක

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට යාපනය හොද නැද්ද?

Image
නම: බාලසිංහම් සත්ගුණනාදන් වයස: අවුරුදු 32යි රැකියාව: වෙළඳාම. කලින් කොටි සංවිධානයේ සාමාජිකයකුව හිඳ පසුව රජය විසින් නිදහස් කරනු ලැබූවෙකි. මරා දමන ලද දිනය: 2011 ජුනි 26 මරා දමන ලද ආකාරය: පහර දීමෙන් මිනිය හමු වූ ස්ථානය: පූතූර් ක්‍රීඩාංගනයේ ගෝල් කණුවක එල්ලා තිබියදී. ඔහුගේ මෝටර් සයිකලය ද අසල තිබිණි. මේ යාපනයයි. එහි සාමයයි. ආරක්ෂාවයි. අපේ රටේ ක්‍රීඩාවයි. අපට හරි ආඩම්බරයි.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Process of granting solution to the ethnic problem of Sri Lanka reversed to 2005

Image
Sri Lanka government is to have another round of talks with the major Tamil constituent Tamil National Alliance (TNA) today in Colombo, unconfirmed sources say. This discussion was scheduled following the last dialogue held on June 23 in the Presidential Secretariat. Today's discussion is believed an extension of the dialogue on the talks on the implementation of the 13th amendment to the constitution. Reports say the TNA has proposed amendments to the concurrent list of the 13th amendment under which the central government and the Provincial Councils share equal powers in certain matters.............................................................. Read the full article in Lanka Polity මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අයිතිවාසිකම් නැති ලංකාවේ මගී ජනතාව සංකේතවත් කරන පුංචි දැරිය - ඈන් මෙතුලා නතාලි පීරිස්

Image
(2011 ජුනි 26,   W3Lanka )   අප මෙම ඡායාරූපය මෙහි පළ කරන්නේ ජුලි 01දා සිට සිදු කෙරෙන බස් ගාස්තු වැඩි කිරීම හමුවේ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් වෙනුවෙන් සටන් කිරීමට මගීන්ට ඇති අයිතිය වෙනුවෙනි. මෙම ඡායාරූපයේ සිටින උසස් පෙළ ඉගෙන ගනිමින් සිටියදී බස් රියදුරකුගේ හා කොන්දොස්තරෙකුගේ අමානුෂිකකම නිසා අවසන් ගමන් ගිය ඈන් මෙතුලා නතාලි පීරිස් නම් දැරියගේ කතාව දිනමිණේ පළ වී තිබුණේ මෙසේ ය: ඈන් මෙතුලා නතාලි පීරිස් 18 වෙනි වියට එළඹීම සැමරීමට ජූනි 30 වෙනි දින යහළු යෙහෙළියන් හා නෑදෑ හිතවතුන් සමඟ සාදයක් පවත්වා දිව්‍ය පූජාවට සහභාගි වී දේව ආසිරි ලබාගැනීමේ චේතනාවෙන් පසුවූවාය. දහසකුත් බලාපොරොත්තු රැසක් තම හදවතේම නිදන් කර ගනිමින් ඇය සිය නෑ හිතමිතුරන් සහ කටාන කඳවල ග්‍රාමයම හඬවා අවසන් ගමන ගියේ මිනිසුන්ගේ කෲරත්වය පසක් කරමිනි. ඈන් මෙතුලා ජූනි 20 වෙනිදා සුපුරුදු පරිදි සිප් සතර හදාරන කුරණ සාන්ත ආනා මහ විදුහලට ගොස් පාසල නිම වී ප. ව. 1.40 ට පමණ කොළඹ – මීගමු මහමාර්ගය අසල බස් නැවතුමට පැමිණියේ සවස උපකාරක පංතියකට යාමටය. ඈන් සමඟ පාසලේ උසස් පෙළ ඉගනුම ලබන මිතුරු මිතුරියෝ ද රැඳී සිටියහ.මාර්ග අංක 240 සටහන් වුණු මීගමු -

මේ මදුරු මර්දනය තනිකර බොරුවකි. භීෂණය වැපිරීමකි.

Image
(2011 ජුනි 25,   W3Lanka )   මේ දිනවල මදුරු මර්දන සතියකි. තවත් භීෂණයකි. භීෂණය මදුරුවන්ට නො ව, මිනිසුන්ට ය. කට කතා පැතිර යන්නේ බල්ලකු ගෙනත් දැමූ පොල්කටුවක් තිබුණත් නඩු දමන බවටයි. වැහි පීලිවල වතුර රැඳී තිබුණත් නඩු දමන්නේ පීලි හැදූ එවුන්ට හෝ ඇල්ලූ බාස්ලාට නො ව ගෙහිමියන්ට ය. දැන් වැඩ කරන ජනතාවට සිදු වී තිබෙන්නේ වැඩට යන එක නවත්වා වත්ත වටේ, වහල උඩ ඇවිදිමින් මුර කරන්නට ය. ජාතික මදුරු මර්දන සතියේ හතර වැනි දිනයේ (23) පරීක්‍ෂා කිරීම්වලදී මදුරු තවාන් පවත්වාගෙන ගිය පුද්ගලයන් 1811ට එරෙහිව නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවට ‍ආණ්ඩුව උදම් අනයි. දැන් බලාගෙන ගියා ම මදුරුවන් බෝ වීම තනිකර මේ රටේ ජනතාවගේ වරදකි.  මදුරුවන් බෝ වීම කෙරෙහි මිනිසුන්ගේ නො සැලකිල්ල හේතු නො වන බව අපි නො කියමු. එහෙත්, ඒ සඳහා මූලික හේතුව එය නො ව, ජනතාවගෙන් සූරා බදු අය කර ගන්නා ආණ්ඩුව සිය වගකීම් ඉටු නො කිරීමයි.  නගර හැර රටේ අනෙකුත් ප්‍රදේශවල කසල කළමනාකරණය සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැත. කිසිදු නගරයක පවා හරිහමන් කසල කළමනාකරණයක් නැත. මදුරුවන් බෝ වීම කෙරෙහි වැඩිපුර බල පාන්නේ කසල බැහැර කිරීමේ අක්‍රමවත්කමයි. එහෙත් පර

ආසියාවේ ආශ්චර්යය හා ඉන්දුනීසියාව අතර වෙනස

(2011 ජුනි 25,   W3Lanka )   "සෞදි අරාබියේ සේවයට යෑම ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවන්ට එරට රජය තහනම් කර තිබේ. ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක සෞදි අරාබියේදී මරණීය දණ්ඩනයට ලක් කිරීමත් සමඟම ඉන්දුනීසියානු රජය මේ පියවර ගෙන ඇත. මරණීය දණ්ඩනයට ලක් වූ ගෘහ සේවිකාව ඉන් පෙර සේවය කළ නිවෙසේ හාම්පුතා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ අතර ඇය හාම්පුතාගේ විවිධ අතවරයන්ට ලක් වී තිබූ බවද විදෙස් වාර්තා පළ කරයි. එරට බලධාරීන් පවසන්නේ සිය සංක්‍රමණික සේවකයන්ට හොඳින් සලකන බවට සෞදි අරාබියාව එකඟතාවකට පැමිණෙන තුරු ඉන්දුනීසියානු සේවකයන් සෞදියේ ගෘහාශ්‍රිත රැකියාවන් සඳහා නොයැවීමට තීරණය කර ඇති බවයි. ලක්ෂ 15ක පමණ ඉන්දුනීසියානු වැසියන් පිරිසක් සෞදි අරාබියේ සේවය කරන අතර ඉන් වැඩි පිරිසක් ගෘහ සේවිකාවන් බවද වාර්තා වී තිබේ." (උපුටා ගැනීම: ඊයේ දිනමිණ) ආසියාවේ ආශ්චර්යයේ එහෙම නැත. එහේ කරන්නේ දුප්පත්කමින් එතෙර වීමට කරන්නට දෙයක් නැති නිසා රට යන වහල් ගැහැනුන් 'මුන් අම්මලාදැ'යි අසමින් ජනමාධ්‍ය හරහා කිච කර, ඒ ගෑනුන් ම එවන මුදලින් ජනමාධ්‍ය ද ඇතුළු රටේ ආර්ථිකය ම නඩත්තු කරමින් ජෝගි නැටීමයි. තමන්ගේ රටින් අරාබියට යන වහලිය

බස් ස්ට්‍රයික්: ජනතාව පයින් හෝ ගොස් වැඩ

Image
(2011 ජුනි 24,   W3Lanka )   මේ රටේ ආණ්ඩුවකුත් ඇත. ඒත්, ලබන සඳුදා වැඩට යන්නට බස් තිබේ ද කිව නො හැක. ප්‍රයිවෙට් බස්කාරයෝ හිටි හැටියේ ස්ට්‍රයික් ය. ඔවුන්ට ලංගමෙන්, පොලිසියෙන් කරදරලු. ලංගම භාරව ඉන්න ඇමති ප්‍රයිවෙට් බස් හිමියෙකි.  ප්‍රයිවේට් බස්කාරයන්ට කැමති හැටියට පාරේ වමෙන්, දකුණෙන්, සෙනග වහලේ, සීට් යට පටවාගෙන කැමති වේගයකින් හෝ හෙමින් යන්නට පමණක් නොව ලංගමත් එක්ක පාරේ ගුටි ඇන ගන්නට ද ආණ්ඩුව දැනටත් ඉඩ දී තිබේ. දැන් 7.6%කින් බස් ගාස්තුව ද වැඩි කර දී ඇත. ප්‍රයිවෙට් බස් මුදලාලි ඇමතිවරයා වහා කීවේ දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බවයි. එවිට ප්‍රයිවෙට් බස්වල සෙනග අඩු වීම වැළකේ.  ප්‍රයිවෙට් බස්කාරයන්ගේ චණ්ඩියා වන්නට ආණ්ඩුව සහ අනෙකුත් සංගම් සමග තරග වැටී සිටින (දුටු)ගැමුණු විජේරත්නට බස් ගාස්තුව 15%කින් වැඩි කිරීමට උවමනා ය. නැතිනම් 27දා, සඳුදා සිට බස් වර්ජනය කරවන බව ඔහු කියයි.  වසර දෙකකකින් ගාස්තු වැඩි නො කළ නිසා දුන් වැඩි වීම මදි බව ඔහු කියයි. ඔහු වැරදි ය. ඔහු මේ රටේ වැඩ කරන ජනතාව අනුගමනය කළ යුතු ය. මේ ර‍ටේ වැඩ කරන ජනතාවට දැන් වසර ගණනාවකින් හරි හමන් වැටුප් වැඩි වීමක් නැත. රජයේ සේවකයන

වාසුදේව නම් කෝකිලයා

Image
චිත්‍ර ශිල්පී සමීර කළුපහන වාසු සහෝදරයාගේ ආලේඛ්‍ය චිත්‍රයක් නිර්මානය කරමින්  (2011 ජුනි 23,   W3Lanka )   මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු බවට පත් වන තෙක් අපි වාසුදේව සහෝදරයා සමග බොහෝ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදුනෙමු. මෑතදී අගලවත්තේ පැවති කොල්වින් ආර්. ද සිල්වා සමරු සම්මන්ත්‍රණයකට පැමිණි ඔහු කොල්වින්ගේ වෘත්තීය සමිති නායකත්වය පිළිබඳ කතාවක් කරනු ලේඛකයා අසා සිටියේ ය. ඉස්සර මෙන් රැස්වීමෙන් පසු වාසු සහෝදරයා සමග කතා කරන ඇල්මක් ලේඛකයාට ඇති වූයේ නැත. ජනාධිපති උපදේශක ලෙස වැටුප් ගන්නා මුත්, ජනාධිපති ඔහුගෙන් ගන්නා උපදෙසක් නැති බව දන්නෝ දනිති. එහෙත්, ජනාධිපති උපදේශක හැඳුනුම්පත පෙන්නූ විට වාසු සහෝදරයාට බලය ඇත්තන්ගෙන් වෙනදාට වඩා සැලකිලි ලැබිණි. එහෙයින්, වාසු සහෝදරයාගේ ජනාධිපති උපදේශකකම පසුගිය භීෂණ සමයේදී වාමාංශිකයන්ට, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට, ජනමාධ්‍යකරුවන්ට, දෙමළ මිනිසුන්ට පිළිසරණක් සැපයීම සඳහා ‍භාවිතා වූ අවස්ථා බොහෝ තිබේ. වාසු සහෝදරයා ජනාධිපති උපදේශක බලය පාවිච්චි කර මුදල් හම්බ කරන්නට ඇතැයි අපි නො සිතමු. ඡන්දවලට වියදම් කරන්නට යමක් සොයා ගන්නට නම් ඇත. වමේ පක්ෂයකින් ඡන්දය ඉල්ලූ ව

ත්‍රිරෝද රථයට අබිමන් - මහින්ද චින්තන 48 පිටුව

Image
(2011 ජුනි 22,   W3Lanka )   ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් අතරින් සැලකිය යුතු කොටසක් ලුම්පන් නිර්ධන පංතිකයෝ ය.අප මෙහි කරන සඳහන් අදාල වන්නේ එකී පාදඩ පංතියට මිස, මහත්මා අන්දමින් එකී රැකියාවේ යෙදෙන අයට නො වේ. ත්‍රිරෝද පැදවීමට වඩා කාලයක් ගාල්වල නිකරුණේ ගත කරන ඔවුහු රංඩු ගැසීම්, නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය හා අලෙවිය, මැරවරකම්, කාන්තාවන්ට අඩන්තේට්ටම් කිරීම, සොරකම් හා ඔත්තු බැලීම වැනි පාදඩ ක්‍රියාවල පැටලී සිටිති. ඔවුන්ගේ ස්වයං රැකියාව සැකසෙන්නේ මෙම අනිසි ආදායම් ද සමගිනි. මගීන්ගෙන් හිතුමතේ මුදල් ගසා කෑම සිය වෘත්තීය ආචාර ධර්මය කරගෙන සිටින මෙම පිරිස පසුගිය සමයේ ත්‍රිරෝද රථවල මීටර් සවි කිරීම අනිවාර්ය කිරීමට රජය දැරූ ප්‍රයත්නයට මාරාන්තික ලෙස විරුද්ධ වූ හ. මාර්ග නීති උල්ලංඝනය හා මහාමාර්ගයේ මැරවරකම් සම්බන්ධයෙන් ද ත්‍රිරෝද රියදුරෝ ප්‍රසිද්ධ ය.  ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සැලකිය යුතු කොටසක් මේ ආණ්ඩුවට කඩේ යන මැරවරයෝ ය. ආණ්ඩුවටඋඅද්ඝෝෂණ, පෙළපාලි, මැරවරකම් ආදියට සෙනග අවශ්‍ය වූ විට පිරිස් එකතු කර ගන්නා ප්‍රධාන තැන් වන්නේ ත්‍රිරෝද රථ ගාල් ය. ඒවායේ ඇති ආණ්ඩු ගැති මැරවර පාලනය හමුවේ ඒවාට සම්බන්ධ නො වී ත්

මදුරු දඟර කොම්පැනිවල සාක්කුවට වැටී මිනිසුන් මරන ලංකාවේ සෞඛ්‍ය බලධාරියෝ

Image
(2011 ජුනි 21,   W3Lanka )   මාරාන්තික ඩෙංගු රෝගය බෝකරන මදුරුවන් විනාශ කිරීම සඳහා සාර්ථක විසඳුමක්‌ ලෙස හඳුනාගෙන ඇති බී.ටී.අයි. බැක්‌ටීරියාව ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට අදාළ අනුමැතිය ලබාදීම ඩෙංගු මර්දන ව්‍යාපාරය විසින් ප්‍රමාද කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බව අද දිවයින පුවත්පත වාර්තා කරයි. පසුගිය කාලයේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙම බී.ටී.අයි. බැක්‌ටීරියාව භාවිතා කිරීම පිළිබඳ රටේ මහා ප්‍රචාරයක් කළේ ය. බී.ටී.අයි. බැක්‌ටීරියාව කියුබාවෙන් ආනයනය කරන බව කියමින් කලක් නැටූ සෞඛ්‍ය බලධාරීහු ඉන් පසු එය මේ රටේ නිපදවන බව කියමින් ඩෙඟා නැටූ හ. ඉන් පසු බී.ටී.අයි. ගැන කතා අඩු විය. ඒ ඇයි? බී.ටී.අයි. යනු Bacillus Thuringiensis Israelensis යන වදන් තුනේ මුලකුරුවලින් සැදුණු acronym එකක් හෙවත් සංකේත නාමයකි. එහෙත් සෞඛ්‍ය බලධාරීන්ට එය Big Ticket Item එකක් හෙවත් අධික ලාභ ලැබිය හැකි සිල්ලර භාණ්ඩයක් නො වීම බී.ටී.අයි. ගැන කතා ගොළු වීමට හේතු වූ බව අපේ නිරීක්ෂණයයි. කියුබාවෙන් බැක්ටීරියාව ගෙන්වීම දිගට ම කරගෙන යන්නට නො ලැබුණේ ඊට වඩා බෙහෙවින් අඩු නිෂ්පාදන පිරිවැයකින් ලංකාවේ නිපදවන්න‍ට හැකි වූ නිසා

යාපනයේ සිදු වෙන්නට යන ‍ඓතිහාසික සිදුවීම

Image
(2011 ජුනි 20,   W3Lanka )   යාපනයේ ඓතිහාසික සිදුවීමක් සිදු වන්නට යයි. ඒ අනුව අලවෙඩ්ඩි ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානය විසින් පවත්වන ලද මහජන රැස්වීමකට පහර දුන් හමුදා ඇඳුම් ඇඳ සිටි බව කියන හෝ හමුදාවේ විය හැකි හෝ පිරිසට කෙළ වෙන්නට යයි. ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටද ඊට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමටද වරදකරුවනට උපරිම දඬුවම් ලබාදීමටද පියවර ගන්නැ’යි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාට උපදෙස් දී ඇති බව අද දිනමිණ වාර්තා කරයි. මෙම ප්‍රහාරය අතිශය සාර්ථක එකකි. මන්ද, එමගින් බලාපොරොත්තු වෙන ලද භීෂණය ඇති වූ බැවිනි. කොටින් ම කියනවා නම්, මෙම පහර දීම සිදු වූ අවස්ථාවේ එහි සිට පහර දෙන්නන් හඳුනා ගත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් පවා ඒ අය කවුරුදැයි කියා කියන්නට කට අරින්නට බිය වී ඇත. ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරන පරිදි මෙම පහරදීමේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන්ගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන සිංහල පොලිස් නිලධාරීන්ට ද ඔවුන් තමන් කවුරුන්දියි හඳුන්වා දීමෙන් පසු පහර දී තිබේ. මාවෛ සේනාධිරාජා හා ඊ. සරවනපවන් යන දෙමළ ජාතික සන්ධාන මන්ත

බුදු අම්මෝ ජයලලිතා

Image
අරුත්බර කාටුනයක්. උපුටා ගත්තේ 'ද නේෂන්' පුවත්පතෙන්. කාටුන් ශිල්පියා වසන්ත සිරිවර්ධන. මේ ලිපියත් කියවන්න:  ජයලලිතා නම් අවාසනාවේ සාධකය | Jayalalitha the factor of misfortune මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ආණ්ඩුවේ හරා-කිරි දේශපාලනය

Image
(2011 ජුනි 19,   W3Lanka )   යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා ඉදිරියේ ලංකාවේ ආණ්ඩුවේ නායකයන් මුහුණ දී සිටින තත්වය ඔවුන්ට අතිශය අයහපත් ය. ඔවුන්ට දුෂ්කර වූ මේ මොහොතේ කතා කරන වචන ගැන දැඩි ලෙස සංවේදී වීම ඔවුන් තමන් වෙනුවෙන් ම වගකීම් සහගත වීමකි.  ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා අතරින් එකක් වන්නේ අත් අඩංගුවට ගත් දෙමළ ඊලාම් විමුක්ති කොටි කැරළිකාර සැකකරුවන් නඩු විභාගයකින් තොරව මරා දැමීමයි. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර යුද නීති අනුව පමණක් නො ව ලංකාවේ සම්මත නීති අනුව ද, අත් අඩංගුවට ගත් සැකකරුවන් හිංසනයට ලක් කිරීම හා නඩු විභාගයකින් තොරව මරා දැමීම බරපතල වරදකි. එසේ ම, ලංකාවේ නීති අනුව ද වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ඔහු වරදකරු බව අධිකරණය හමුවේ ඔප්පු වන තෙක් සැකකරුවෙකු පමණි. සැකකරුවකු ත්‍රස්තවාදියකු යයි හංවඩු ගැසූ පමණින් එම සැකකරුට අදාළ වන ඉහත නීති වෙනස් වන්නේ නැත. මේ නීති හැදුවේ අප නො ව එදා මෙදාතුර රට පාලනය කළ ඔවුන්ගේ වර්ගයා ම විසිනි. නිදසුනක් ලෙස, නිදහසින් පසු ගත වූ පසුගිය 60 වසර තුළ ඩී.එම්. රාජපක්ෂ, ඩි.ඒ. රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, මහින්