දැක්කද ජනාධිපතිතුමා කොල්ල වගේ නේද?


(2011 පෙබරවාරි 04, W3Lanka) ජනාධිපතිතුමාගේ සෞඛ්‍ය තත්වය ගැන ඇති කටකතාවලට පිළිතුරක් ලෙස මෙම ඡායාරූපය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන්නට ඇති බව විශ්වාස කළ හැකි ය.


කවදා, කොතැනකදී ගත්තාදැයි නො දැක්වෙන මුත්, එතුමා කොල්ලා වගේ ඉන්න බව නම් පැහැදිලි ය.


කොටින්ගෙන් අල්ලා ගන්නා ලද ජල ස්කූටරයක් පදවන දෙවන ඡායාරූපය නම් පසුගියදා යාපන සංචාරයේදී ගන්නා ලද එකක් බව ප්‍රසිද්ධ ය.


ජනාධිපතිවරයා කොහොමත් කෙළි ලොල්, නිදහස්කාමී පුද්ගලයකු බව ප්‍රසිද්ධ ය. එහෙත්, ඔහුගේ පාලනය තුළ ඔහු විසින් ජනතාවගේ නිදහස්, කෙළි ලොල් ජීවිතවල ගෙල ආදිකල්පික කුරහන් සාටකයකින් සිර කර තිබේ.


විශේෂයෙන් ම 2005 ජනාධිපතිවරණයේදී සිය ප්‍රතිවාදියාට එරෙහිව මහින්ද රාජපක්ෂ 'පිරිමිකම' නම් සංකල්පය භාවිතා කළේ ය. එය රාජ්‍ය පාලනයට ඍජුව අදාළ නො වන මුත්, බාහිර පෞරුෂය අතින් සිය ප්‍රතිවාදියා පැරදවීමට හැකි වීම 2005 තියුණු ජනාධිපතිවරණයේ ජය තහවුරු වීමට ඉවහල් විය. එදා ඔහු පැරදුණා නම් ලංකාවේ සය වසරක ඉතිහාසය අනිවාර්යයෙන් ම මීට වෙනස් වේ.


ඔහුගේ ප්‍රතිවාදීන් වූ රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බංඩාරනායක ඔහුට සාපේක්ෂව 'ගැහැනු' ප්‍රතිරූප සහිත අය‍ වෙති. එහෙත්, ඒ බාහිර පෙනුමෙන් පමණි. දේශපාලන පෞරුෂයෙන් නො වේ.


රාජ්‍ය ආචාර ධාර්මික රාමුවෙන් පිට පනිමින් කොටි සංවිධානය සමග කරන ලද යුද්ධයේදී හා සතුරන් කෙටවීමේදී හැරුණ විට සාමය ස්ථාපිත කිරීම, ජනවාර්ගික සමගිය හා ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟීම, ආර්ථිකය නැංවීම, මහජන සුබසාධනය වැනි කාරණා අතින් නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එතරම් දේශපාලන පෞරුෂයක් ප්‍රදර්ශනය කර නැත.

Comments

  1. //එදා ඔහු පැරදුණා නම් ලංකාවේ සය වසරක ඉතිහාසය අනිවාර්යයෙන් ම මීට වෙනස් වේ. //

    මෙන්න මේක ගැන විග්‍රහයක් දැම්මොත් නරකද ? කාටත් බලාගන්න එක්ක....
    මහින්දගේම වැරදි අහලා එපාවෙලා... වෙන කාගෙ හරි හොඳත් අහන්න ආසයි.....

    ReplyDelete
  2. ඇත්තටම මේ නිදහස නිදහසක්ද? තරමක විවාදයක්.

    http://freepronotes.com/2011/02/04/%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

    ReplyDelete
  3. රනිල් වික්‍රමසිංහFebruary 4, 2011 at 2:47 PM

    //එදා ඔහු පැරදුණා නම් ලංකාවේ සය වසරක ඉතිහාසය අනිවාර්යයෙන් ම මීට වෙනස් වේ. //

    මේ කියල තියෙන්නෙ වෙනසක් වෙනව කියල විතරයිනෙ.ඉතින් ඒක ඇත්තනෙ. ඒ වෙනස හොඳයිද නැද්ද කියල නෑනෙ. ආරියනන්ද ටිකක් පටලවගෙන වගේ.ආරි ඔයා කැමති කාගෙ හොඳ අහන්නද පැටියො. මහින්දගෙ හොඳ ටිකක් කියන්නද හිතේ අමාරැව හොඳ වෙන්න

    ReplyDelete
  4. [[රාජ්‍ය ආචාර ධාර්මික රාමුවෙන් පිට පනිමින් කොටි සංවිධානය සමග කරන ලද යුද්ධයේදී]]

    ආචාර ධර්ම එක්ක කරපු යුද්ධ ගැන පරා අහල තියෙනවද?

    ReplyDelete
  5. හැමෝම කරන දේට වඩා ටිකක් හරි ඉදිරියට ගියෙ මේ යුද්ධය අවසාන කිරීමෙන්...ඒ වුණත් රටේ සාමාන්‍ය මිනිසුන්ට සෙතක් වුණා කියල කියන්න පුලුවන් කමක් නැහැ තවමත්.. ඉදිරියටත් අපි බලාගෙන ඉමු..

    ReplyDelete
  6. Oba kiyana 'pirimikama' kiyanne ekata nam mage pirimikama mata epa.

    ReplyDelete
  7. THURSTAN POWER...!!!!

    ReplyDelete
  8. Prabakarange wage muhunak thiyenne

    ReplyDelete
  9. \ ඒ වුණත් රටේ සාමාන්‍ය මිනිසුන්ට සෙතක් වුණා කියල කියන්න පුලුවන් කමක් නැහැ තවමත්.. ඉදිරියටත් අපි බලාගෙන ඉමු../

    yudde iwara karapu eken nam sethak une samanya minissunta. mokoda kochchi walata bus walata bomba thiyanakota nethiwenne ahinsaka samanya minissu misak warga wadaya saha yudde wikunagena kapu aya neweine ..

    ReplyDelete
  10. shit to talk about his health.........he's great untill he cares all community

    ReplyDelete
  11. rate badu mila gana hithala mahajanaya duk wenawa
    duk wenna epa dan nidahase jeewath wenna puluwan badu mila kawadawath monama rataka ho monama arthikayaka adu wenne naha.ape rate withara monama rataka sahanadara denne naha.minisuni hambakaran kapalla thamage hakiyawata watina milakata wada karapalla ethakota thamage sewayath anikata mila wadi wenawa.

    ReplyDelete
  12. Rajapakshe finished the war amidst strong international pressure against it. I don't know it is good or bad for our motherland. You have to ask very interlligent web site journalists and bloggers.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා