ගැහැණු අපි එක මිටට – රෝයල් පාක්හිදී ඝාතනය වූ කාන්තාවගේ මිනීමරුවාට


 

අජිත් පැරකුම් ජයසිංහ

මේ ඉන්නෙ නීතියේ ආධිපත්‍යය ගැන කතා කරනවාය කියන මාලිමා නීතීඥ රැස්වීමෙ ප්‍රධාන දේශකයෙක්. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා මාරසිංහ.

ඔබට මතකද රෝයල් පාක් මිනීමැරුම? 2005 ජුලි 1දා 19 හැවිරිදි ස්වීඩිෂ් තරුණියක වූ ඉවෝන් ජොන්සන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කළේ ඇගේ පෙම්වතා යයි කියූ ශමන්ත ජූඩ් ඇන්තනි ජයමහ. මේ ජයමහට 2013දී අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනවා. 2019 නොවැම්බර් 9දා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයමහට ජනාධිපති සමාවක් දී නිදහස් කරනවා. ඔහු වහාම රටින් පළා යනවා. මේ සමාව දීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය 2024 ජුනි මාසෙ තීරණය කරනවා. පළාගිය විත්තිකරුව අත්අඩංගුවට ගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නටත් නියෝග කරනවා.

මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ රෝහිණී මාරසිංහ ගැනත් සඳහන් වෙනවා. ඇය ශමන්ත ජූඩ් ඇන්තනි ජයමහට සමාව දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ප්‍රධාන පුද්ගලයෙක්. ජයමහගේ අභියාචනය ජනාධිපතිවරයා වෙත යොමු කරන්නෙ රෝහිණී.

ලංකාවේ කාන්තාවන් අතර අසාමාන්‍ය මරණවලට ප්‍රධාන හේතුව සමීප සහකරුගේ ප්‍රචණ්ඩත්වය බව අධ්‍යයන මගින් සොයාගෙන තිබෙනවා. ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් දඬුවම් ලබන්නේ ඉතා කලාතුරකින්. එහෙම දඬුවම් ලබන වරදකරුවන් ප්‍රතිශතය 5%ක් පමණ වන බවයි කියන්නෙ. ශමන්ත ජූඩ් ඇන්තනි ජයමහ කියන්නෙ එහෙම දඬුවම් ලද කෙනෙක්. ගෘහස්ථ හිංසනය, සමීප සහකරු ප්‍රචණ්ඩත්වය වැනි දේ පිටුදැකීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය අත්‍යවශ්‍ය යුගයකදී රෝහිණී මාරසිංහ නම් කාන්තාව ජූඩ් ශ්‍රමන්තව නිදහස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටිනවා. සිරිසේන ඔහුව නිදහස් කරනවා. ඔහු රටින් පළා යනවා.

මෙතන කොයි තරම් නින්දිත කුමන්ත්‍රණයක් තියෙන්නට ඇතිද? එයට සම්බන්ධ කෙනෙකු තමයි දැන් මේ රටේ පුනරුදයක් ඇති කරනවාය කියන මාලිමාවේ නීතීඥයන්ට නීතියේ ආධිපත්‍යය ගැන දේශන පවත්වන්නෙ.

ගැහැණු අපි එක මිටට කියලා එකතු කරපු මාලිමා ගැහැණුන්ගේ සංදර්ශනය දැන් ජවිපෙ අවසන් කරලා, ඒ කාන්තාවන් සුපුරුදු කුස්සියට තල්ලු කරලා ඉවරයි. එහෙමත් කරලා තමයි මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සම්ප්‍රදායික නොවන ක්‍රමවේදයකට ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරපු විනිසුරුවරියත් එක්ක පුනරුදයක් ගැන කතා කරන්නෙ.

ඔවුන් හදන්නට යන පුනරුදය මොකක් වෙයිද? අල්ල ගන්න පුළුවන් හැම ගෙම්බාම ලාහට දාගෙන මොකක්ද මේ කරන විකාරෙ? යුක්තිය ඉටු වන ලෝකයක නම් දූෂණය සම්බන්ධයෙන් වරදකරුවන් විය යුතු අය එක්කද පුනරුදයක් හදන්නෙ?

💥පළමු ඡායාරූපය රෝහිණී මාරසිංහ මාලිමා වේදිකාවේ
💥දෙවෙනි ඡායාරූපය ඔලුව කුඩුපට්ටම් කර කෘර ලෙස ඝාතනය කළ ඉවෝන් ජොන්සන්
💥තුන්වෙනි ඡායාරූපයේ තියෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ රෝහිණී මාරසිංහ ගැන සඳහන් වන කොටස
💥හතරවෙනි ඡායාරූපයේ ඉන්නෙ පළා ගිය මිනීමරුවා ශමන්ත ජූඩ් ඇන්තනි ජයමහ
💥පස්වෙනි ඡායාරූපයේ තියෙන්නෙ අභියාචනාධිකරණයේ සභාපති මගහරිමින් පහළින් සිටි රෝහිණී පෙරේරා මාරසිංහව මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ධාධිකරණයට පත් කළ හැටි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා