පොත ප්‍රෙස් එකේ තියෙද්දි මාලදිවයිනත් වැටිලා

 

බංකොලොත් වීම හා ගොඩඒම පොත ලියද්දි මාලදිවයින ගැන ලියපු කෙටි සටහන මෙන්න. පොත පළකරනකොට මාලදිවයින බංකොලොත් වෙලා ඉවරයි.

මාලදිවයින දැනට සැලකිය යුතු ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් සිටින රාජ්‍යයකි. ඉහළ මට්ටමේ ණය සහ මූල්‍ය අවදානම් එයට හේතුවයි. රටේ රාජ්‍ය ණය 2023දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 122.9% දක්වා ළඟා වූ අතර මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන අටකි. ලක්ෂ පහකට මඳක් වැඩි ජනගහනයක් සිටින මාලදිවයිනට මෙම ණය මට්ටම ඉහළ එකකි. එයට බොහෝ දුරට හේතු වී ඇත්තේ පසුගිය දශකය තුළ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය වෙනුවෙන් සහ කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා සිදු කළ ණය ගැනීම්ය.

2024දී 5.2% ක පමණ ධනාත්මක ආර්ථික වර්ධන පුරෝකථනයක් තිබියදීත්, මාලදිවයින ණය බර සම්බන්ධයෙන් ඉහළ අවදානමක සිටියි. 2024 සහ 2025 වසරවලදී ණය ගෙවීම සඳහා වසරකට ඩොලර් මිලියන 500කට වඩා අවශ්‍ය වන අතර එය 2026 වන විට ඩොලර් බිලියනයකට වඩා වැඩි වනු ඇත. මෙම වගකීම් ආවරණය කිරීමට යන්තමින් ඩොලර් මිලියන 650ක් වන මාලදිවයිනේ සමස්ත විදේශ මුදල් සංචිත ප්‍රමාණවත් නොවන අතර, ණය පැහැර හැරීමක් සිදුවීමේ හැකියාව පිළිබඳ කනස්සල්ලක් මතු කරයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වියදම් කප්පාදු කිරීම්, බදු ඉහළ දැමීම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇතුලු පියවර ක්‍රියාවට නංවයි. මෙම පියවර රජයේ වියදම් අඩු කිරීම, සහනාධාර ක්‍රමානුකූලව ඉවත් කිරීම සහ බදු සහ තීරුබදු වලින් ලැබෙන ආදායම වැඩි කිරීම අරමුණු කරයි.

පොතේ ඩවුන්ලෝඩ් ලින්ක් එක https://www.aithiya.lk/wp-content/uploads/2024/09/Bankoloth-veema-ha-goda-aema-1.pdf

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා