මීඩියා ආතල් ඉවරද? නෑ පින්වත

 

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවෙ මිනිස්සු තමන් ආතල් ගත්ත, තමන්ට විනෝදාස්වාදය දුන්න, ඩ්‍රාමා පක්ෂයට රට පාලනය භාර දුන්නා. දැන් ඩ්‍රාමාවලට අලුත් කට්ටියක් එන්න ඕනැ. මේක හොඳට දන්න කට්ටිය එළියෙ ඉන්නවා. පෙසප, ජන අරගල, ජෝසප් ස්ටාලින්, විමල්, උදය ආදී වශයෙන් එට්සෙට්‍රා එට්සෙට්‍රා. හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි.

කැටිපෙලා, බුද්ධදාස විතානාච්චිලා, සුරංගලා, පානදුරේ ලාල්ලා, සේපාල්ලා, ධර්ම ශ්‍රී කාරියවසම්ලා, හෙන්රි වර්ණකුලසූරියලා එහෙම ජාතික රූපවාහිනී, අයිටීඑන්, ලේක්හවුස් අල්ලගත්තට පස්සෙ දෙරණ, හිරු, සිරස, මොනරා, ලංකාදීප, සන්නා, සිඟිති යූටියුබ් චැනල් අරක මේක අර හෙට දවසේ වීරයන්ව තෙලට, මිරිසට, කිරට උයලා අපේ විනෝදාස්වාදය සඳහා සපයන්නට පටන් ගන්නවා.

අන්‍රකුමාරගෙ, ලාල්කාන්තගෙ, හරිනිගෙ, චතුරංගගෙ, වසන්ත සමරසිංහගෙ, මහින්ද ජයසිංහගෙ, නාමල් කරුණාරත්නගෙ, සමන්ත විද්‍යාරත්නගෙ, නලින් හේවගේගෙ රෝල්වලට අර කට්ටියයි, තව අලුත් කට්ටියයි ස්ථානගත වෙනවා. කලින් බොරු විදපු උන්ට එක්කො ඇත්ත හරි අලුත් බොරු හරි කියන්න වෙනවා.

මොනවා කිව්වත් උන්ට එච්චර මාකට් එකක් නැහැ. මාකට් එක තියෙන්නෙ විපක්ෂෙ. ඉතින් ඔන්න ඔය මාධ්‍ය සාගින්දර විසින් තමයි ලංකාවෙ දේශපාලනය තීරණය වෙන්නෙ. මාධ්‍ය පාලනය කරන්න නීති ගෙනාවොත්, ඒ ගැන බලාගන්න කට්ටිය වෙනම ඉන්නවා. අධිකරණයකුත් තියෙනවනෙ. රූල් ඔෆ් ලෝ.

ප්‍රජාතන්ත්‍රවාදයේ ආතල් යුගය තව සෑහෙන කාලයක් තියෙයි.

ADapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා