රජයේ මුදල් වංචාවකට අනුරට එරෙහිව පැමිණිලි

 

පාර්ලිමේන්තුවට කිලෝමීටර් 25 කටත් වඩා අඩු දුරකින්, කඩවත, කිරිල්ලවල, වැවහේන පාරේ නිවසක් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායකට තිබියදී, රජයට මූල්‍ය පාඩුවක් සිදු කරමින් පාර්ලිමේන්තුවෙන් නිල නිවසක් ලබාගෙන වංචනික ලෙස පරිහරණය කර තිබෙන බව සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (27 වැනිදා) පැමිණිලි කළේය.

මෙහිදී, සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට නිල නිවසක් ලබාගත හැකි කාරණා මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් සිය සංවිධානය විසින් ඉල්ලා සිටි බවය. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට නිවාසයක් ලබාදීමට හැකි වන්නේ පහත දැක්වෙන කරුණු මතය:

📌අයැදුම්කරු ඇමැතිවරයෙක් නොවිය යුතුය.

📌පාර්ලිමේන්තුවේ සිට සැතපුම් 25ක් ඇතුළත දුරක නිවාසයක් නොතිබිය යුතුය.

📌අයැදුම්කරු සහ කාලත්‍රයා එම දුර තුළ පිහිටි නිවසක් කුලියට හෝ බද්දට නොදී තිබිය යුතුය.

📌අයැදුම්කරුට රජයේ හෝ මහල් නිවාසයක නිවසක් නොතිබිය යුතුය

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා කඩවත නිවස ලබාගෙන ඇත්තේ 2007 වසරේ මැයි මස 20 වැනිදා බවත්, එසේ තිබියදී වසර 17ක් තිස්සේ රජයට මූල්‍ය පාඩුවක් සිදුකර තිබෙන බවත්ය පැමිණිල්ලේ දැක්වේ.

මෙවැනි වරදක් අනාවරණය වූ පසු 2023 අංක 09 දරන දූෂණ විරෝධි පනතේ 90 වගන්තිය අනුව වසර 10කට නොඅඩු සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 10කට නොවැඩි දඩයක් නියම කළ හැකි බවද ඔහු පැවැසීය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා