අනුර කුමාරගේ සුරංගනා කතා පොතේ නැති දේ

 

මේ කතන්දර පොතේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන එකේ කිසිම වරදක් නැහැ. මේ වගේ කතා තමයි ඉතිහාසය පුරාම මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ විදියට එක එක පක්ෂ විසින් එක එක පාටවලින් නිකුත් කරල තියෙන්නෙ. මේ වැඩි හරියක් ඒ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් කොපි පේස්ට් කරලා මොඩිෆයි කරපුවා. පහුගිය මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ කියවලා නැති අබ්බ ගොබ්බයන්ට නම් මේවා මාරයි කියල හිතෙයි.

මේ ප්‍රතිපත්ති දීර්ඝකාලීනව ක්‍රියාත්මක කළොත් ඇත්තෙන්ම රට පොහොසත් රටක් වේවි. හැබැයි ඉතින් අවුරුදු විස්සක්වත් මෙහෙම අල්ලගෙන ඉන්න වේවි. අපට නම් ප්‍රශ්නයක් නැහැ. අපි උදව් කරන්නම්. ඔය දැන් උන්ටත් දීලා බලනවා කියන ජනතාව නම් මර්දනය කරන්න වෙයි.

මේ සුරංගනා කතා පොතේ පරිකල්පනය කරන උතුරුකුරු දිවයින නිර්මාණය කරන්නට තියෙන්නෙ එකම බාධාවයි. එනම්, අත දිගෑරලා වියදම් කරන්නට සල්ලි මවන සුරංගනාවක් නැති එක විතරයි.

ආදායම් බදුත්, වැට් බදුත් අඩු කරනවායි කියනවා. ඒ කියන්නෙ රාජ්‍ය ආදායම අඩු වෙනවා.

රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා 35,000ක් දෙනවාය කියලත් ඔය කියන්නෙ. පඩිත් වැඩි කරලා තමන්ගෙ වෘත්තීය සමිතිවල ඉල්ලීම් ටිකත් ලබාදෙන නිසා රාජ්‍ය වියදම් තවත් වැඩි වේවි.

විදේශ ශ්‍රමිකයන්ට expatriate bonds කියල ජාතියක් නිකුත් කරනවාලු. ඒ අය දැනටත් ලංකාවට සල්ලි එවන අය. ඔවුන්ගේ ඉතිරි කරන මුදල් මෙවැනි ආණ්ඩුවක් යටතේ අවදානමට පත් වෙන නිසා වැඩි පොළියකට ඒ සල්ලි ලංකාවට ලබාගන්නට සිදු වෙයි. ආදායම වැඩි වෙන්නෙ නැහැ.

සංවර්ධන බැඳුම්කර නිකුත් කරනවා කියලත් කියනවා. ඒ කියන්නෙ සංවර්ධන ව්‍යාපෘති සඳහා සල්ලි තියෙන මහජනතාවගෙන් රුපියල් ණය ලබාගන්නවා කියන එකයි. ජවිපෙ සාමාජිකයන් හා හිතවතුන් මේවට තමන්ගෙ ඉතුරුම් යොදවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ගැනත් නැවත සාකච්ඡා කරන බව කියනවා. ඒ කියන්නෙ ඊළඟ වාරික ලැබෙන්නෙ නැහැ. ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්පූර්ණ කරගන්නට ලැබෙන එකකුත් නැහැ. බංකොලොත්භාවය අවසන් වන්නෙත් නැහැ.

ප්‍රාථමික ගිනුමේ ශේෂය ධන අගයකට ගෙන යන්නට බැරි වෙනවා. මුදල් අච්චු ගහන්න අලුත් නීති ගෙන එන්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්නත් වෙනවා. වත්මන් ආණ්ඩුව ඉතිරි කළ ඩොලර් බිලියන හයක විතර විදේශ සංචිත ටිකට වගකියන කල් ආණ්ඩුව පවත්වාගෙන යන්නට පුළුවන් වේවි.

නොගෙවූ බදු අය කරගන්නවලු. ඒ කියන්නෙ නඩු ඉක්මන් කරන්නට අධිකරණයට බලපෑම් කරයි. නැතුව රජයට මංකොල්ල කන්න බැහැනෙ. බිස්නස් වහලා දේපළ රාජසන්තක කරන්නට පුළුවන්. එතකොට බිස්නස් ඉවරයි.

ආනයන, අපනයනවලදී කරන වැරදි ඉන්වොයිස් කිරීම නවත්තනවලු. හරියට නොදන්නා, මොකක්ද එන්ජීඕ එකකින් අනුමාන කළ මුදලක් නොදන්නා ක්‍රමයකට ආපසු ලබා ගන්නවලු.

හොරු අල්ලනවා කියලා ලොකුවට කෑගැහුවට ඒ සම්බන්ධයෙන් තියෙන්නෙ රනිල්ගෙන් හා විජේදාස රාජපක්ෂගෙන් සොරාගත් අදහස් ටිකක් විතරයි.

ඊට අමතරව තියෙන්නෙ රු. 54,000ක විතර මන්ත්‍රී වැටුපට 1/3 සිට ලැබෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම වගේ පියවර තමයි. එවැනි දේවලින් කොච්චර ඉතුරු කරගන්නට බලාපොරොත්තු වෙනවද?

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා