රෝහණ බැද්දගේ, රූපවාහිනී අවුරුද්ද හා ටියාරා කේක්

ඇඳගෙන ෆොටෝෂොප් කරගෙන ඉන්නකල් අවුරුදු තමයි 
අලුත් අවුරුද්ද කියන්නෙ මට මහ පුදුම දෙයක්‌ නේ. මොකක්‌ හරි විද්යුත් නාලිකාවකින් අවුරුද්දට මාව අරගෙන යනවා. මමත් ඉතින් බොරුවට නැකතට කියලා ඔවුන් එක්‌ක ඒ බොරුවටම සහභාගි වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් මට මුදල් ගෙවනවා. මගේ ගෙදර ඉන්නෙ බිරිඳ විතරයි. අපේ දරුවන්ට අම්මා ගැන බලන්න කියල මම මාධ්‍ය මගින් කරන අවුරුදු උත්සවවලට යනවා. එහෙම නොගියොත් මාව කැපෙනවා. අවුරුද්දට චැනල්වලින් පත්තරවලින් මාව පාවිච්චි කරල හම ගහලා විකුණගෙන කාල ඊළඟ අවුරුද්ද වෙනතුරු සද්ද නැතිව ඉන්නවා.

දිවයින පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකදි මෙහෙම කියන්නෙ රෝහණ බැද්දගේ. බොහෝ කාලයක් තිස්සේ මාධ්‍ය ඔස්සේ ජනතාව රවටා මුදල් ගරා ගත් කලා ශිල්පියකුගේ හෘදය සාක්ෂිය මෙසේ හෝ අවදි වීම ඇත්තෙන් ම අගය කළ යුතුයි.

මෙවැනි තවත් රැවටිලිකාරයන් වන සහන් රන්වල, මහින්ද කුමාර දළුපොත, අත්තනායක එම්. හේරත්, ජනනාත් වරකාගොඩ වැනි අයට ජීවිතයේ කවදා හෝ මේ ඇත්ත කියන්නට ආත්ම ශක්තිය පහළ වේ ද යන්න අපි නො දනිමු. ඒ අතින් රෝහණ බැද්දගේ විසින් කරන ලද මෙම ප්‍රකාශය අති විශිෂ්ට ය.

ඔහු විසින් මාධ්‍ය හා සංස්කෘතිය ගැන පළ කරන තවත් වැදගත් අදහස් කීපයක් මෙසේයි: 

“දැන් අවුරුදු කරන්නේ මාධ්‍ය තුළින් නේ. ඉස්‌සර මිනිස්‌සු තමන්ගේ අවුරුද්ද තමුන්ගේ සම්මාදමෙන් හැමෝගෙම එක්‌කාසුවෙන් සමගිසම්පන්න බව සංකේතවත් කරමින් පවත්වපු උත්සවයක්‌. අද ඒවා කෙරෙන්නේ නැහැ. දැන් එතැනට පනිනවා කොම්පැනියක්‌. ඒ අයගේ දේපල විකුණගන්න හරි දුම්කොළ විකුණගන්න හරි අරමුණු කරගෙන. වෙළෙඳ ව්‍යාපාරිකයකු වටේට දැන්වීම් ගහල මිනිස්‌සු ගෙන්න ගන්නව. මිනිස්‌සුන්ට ගොක්‌ අතු දෙනවට පුවක්‌ ගස්‌ දෙනවට පොල් අතු දෙනවට ඔය සේරම සල්ලි ගෙවනව. එතකොට වෙළෙඳ ව්‍යාපාරිකයෝ තමයි අවුරුද්ද පවත්වන්නේ. එයාලගේ ප්‍රචාරක කටයුත්ත තමයි සිද්ධ වෙන්නේ.

“මිනිස්‌සු කිසිම හැඟීමකින් නැතිවී යන නිසා (ඔහු අදහස් කරන්නට ඇත්තේ හැඟීමක් නැතිව යන්න විය හැකි ය - සංස්කාරක) මොනව හරි කරල යනවා. මිනිස්‌සු බොරුත් කරනවා. ඇත්තත් කරනවා. අලි රේස්‌ දුවයි, තිරික්‌කල් යයි, කඹ අදියි, ලිස්‌සන ගහේ යයි මේ සේරම අලුතෙන් ආව දේවල් නේ. ඉස්‌සර කාලේ රබන් ගහල කවි කියලා විනෝද වෙනවා. අද මට කියන්න කොහෙන් හරි ගමකින් රබන් හඬක්‌ ඇහෙනවද?. මාධ්‍යවලින් නැතිව කිසිම ගමක රබානක්‌ ගහන්නෙ නැහැ. ඉස්‌සර මුළු රටේම රබන් හඬ ඇහෙනව. දැන් රබනුත් නැහැ. රබන් ගහන්න දන්න අයක්‌ නැහැ. ඒ සේරම කටයුතු මාධ්‍ය මගින් තමයි කරන්නේ."

ගම, ගැමිකම, සිංහල-බෞද්ධකම, සිරිත්-විරිත්, සංස්කෘතිය ආදී සංකල්ප යනු වර්තමානයේ විශාල අලෙවියක් ඇති දේ ය. ලාභය පසුපස හඹා යමින්, භාණ්ඩ වන්දනා කරමින්, පාරිභෝජනවාදයේ ගිලෙමින්, කුටුම්බවලට සීමා වෙමින්, හුදකලාව ගෙවන ධනවාදී හිස් ජීවිතවලට ආලවට්ටම් දමා ගන්නේ එක්කෝ මෙවැනි සංකල්ප භාවිතා කරමිනි. 

ගම, ගැමිකම, සිංහල-බෞද්ධකම, සංස්කෘතිය ආදී සංකල්ප රූපවාහිනියේ සිට කාගිල්ස් ෆුඩ් සිටිය දක්වා ඕනෑ තැනකින් මිළ දී ගත හැකි ය. 

මා ජීවත් වන්නේ බස්නාහිර පළාතේ, රෝහණ බැද්දගේලාගේ ගම වන කුඩා උඩුව වැනි ම වූ පිටිසර ගමක ය. මගේ පියා ද කුඩා කල ජීවත් වී තිබෙන්නේ කුඩා උඩුවේ නිසා මම ඒ ගම ගැනත් සුළුවෙන් දනිමි. මේවා දැන් තව දුරටත් ගම් නො වේ. අපේ ගම් ගැන හැඳින්වීමට හැකි සරල ම ආකාරය වන්නේ ඒවා ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරය නො එන නගර ලෙසයි. ඒවායේ ගමක් නැත. ඇත්තේ අහිමි වූ නාගරික ලක්ෂණ පමණි.

වර්තමාන ව්‍යවහාරය අනුව නම් හද්දා ඩොටේ වන අපේ ගමේ මා දන්නා තරමින් අවුරුදු තිහ හතළිහකට මෙපිට කිසිදු ගෙදරක ලොකු රබානක් තිබී හෝ රබන් ගසා හෝ නැත. අවුරුද්දට දකුණේ මගේ බිරිඳගේ ගමේ ගිය අවස්ථාවලදී නම් ගම්වැසියන් රබන් ගසනු කලාතුරකින් අසා තිබේ. 

කොහා වුණත්, දැන් අපේ ගම්වල නැත. කුමක් හෝ හේතුවක් නිසා ගම් කපුටා වඳ වී ගොසිනි. ගම් කපුටකු දැකීම කැහිබෙල්ලකු දැකීම තරම් දුර්ලභ ය. මේ ගැන පක්ෂි විද්‍යාඥයන් හෝ පර්යේෂණ කර ඇතිදැයි මම නො දනිමි. මේ හේතුව නිසා දැන් කොහා ද අපේ ගම්වල නැත. එහෙත්, කොළඹ හතේදී නම් කොහාගේ හඬ ඇසිය හැකි ය. හේතුව, එහි කොළඹ කපුටන් ජීවත් වීමයි. 

තිත්ත ඇත්ත වළඳමින් මිහිරි බොරුවේ සුවඳ රූපවාහිනියෙන් විඳ ගන්නා වර්තමාන ජීවන කුහකත්වය තේරුම් ගන්නට අවුරුද්ද හොඳ කාලයකි.

අවුරුද්දත් අර ටියාරා කේක් වැනි ජාතියකි. එ් කේක් ජාතියෙහි රසායනික තිත්ත රසක් සමග මුසු වූ අධික පැණි රසක් හැර වෙනත් කිසිම රසක් නැත. එහෙත්, වෙළඳ දැන්වීම්වලින් එය ඉතා රසවත් කේක් වර්ගයක් බව අපගේ ඔලුවෙහි ස්ථාපිත කර තිබේ. ඒ නිසා ඒවා කන විට රස දැනෙන්නේ ඇත්තට ම දිවට නොවේ. සිතටයි. එහෙත්, එහි රසයක් නැති බවත් අපගේ අවිඥානය ම අපට කියයි. ඒ නිසා අප කරන්නේ කිසියම් ගෙදරකින් ඒ වර්ගයේ කේක් ගෙඩියක් ගෙනත් දුන් විට එය වෙනත් ගෙදරකට නෑගම් යන විට රැගෙන යාමයි. ඒ ගෙදරින් කරන්නේත් එය ම ය. මේ කේක් කල් ඉකුත් වෙනකල් හෝ බඩගිනිකාර නොදරුවකුට හසු වන කල් ගෙයින් ගෙට නෑගම් යයි.

ඇත්ත ද ටියාරා කේක් සේ තිත්ත ය. ටියාරා කේක් මාර රසයි කියන මාධ්‍ය කියවා, විකල්ප සමාජ මාධ්‍ය අවකාශයට පැමිණ W3Lankaත් බලා යන්න. අප සිටින්නේ ටියාරා කේක් තිත්ත බව ඔබට මතක් කර දෙන්නට ය. ඇත්ත තිත්ත ය. බෙහෙතුත් තිත්ත ය.

අවුරුද්ද ගැන කතා කරන නිසා අප රූපවාහිනිය විසින් නිර්මානය කරන ලද තවත් විනාශකාරී දැවැන්ත පල් බොරුවක් ගැන සටහන් කරන්නට මෙය අවස්ථාව කර ගනිමි. ඒ වනාහි වැඳීමයි. 

ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනි වූ එදා
ඔබ මා දෙපා දෝතින් බදා සිප ගත් එදා සිහි වෙනවා

ටී.එම්. ජයරත්න ගායනා කරන මෙම ගීය සිහි ගන්වන, බිරිය සැමියාට වඳින ඡායාරූපයක් නිසා පසුගිය දිනවල අන්තර්ජාලයේ යම් සංවාදයක් ද ඇති විය. බිරිඳ සැමියාට වඳිනවා නම්, කාන්තාව පිරිමියා තරම් ම හෝ ඊටත් වඩා වගකීම් දරා ගන්නා වර්තමාන සමාජයේ සැමියා බිරිඳට වැඳීමේ වරද කුමක්දැයි ඇසූ කල බොහෝ දෙනෙකු නිරුත්තර වූ හ. 

මව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, භික්ෂූන් වැනි අයට වඳින චාරිත්‍රය සිංහල සමාජයෙහි තිබිණි. එහෙත්, එය වර්තමානයේදී මෙන් ගොන් පාට් වී තිබුණේ නැත. 

උදාහරණයක් ලෙස, අප කුඩා කාලයේ මව්පියන්ට වැන්දේ සිංහල අලුත් අවුරුද්දට පමණි. ගුරුවරුන්ට ද වැන්දේ සිංහල අලුත් අවුරුද්දෙන් පසු නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසුව ය. ඒ බුලත් දුංකල අතක් දීලා ය. දුංකලවලින් පිළිකා හැදුණත්, සම්ප්‍රදාය නම් බුලත් දුංකල ය. පැරණි සංස්කෘතිය තුළ සිංහල දුංකලය වසක් විසක් ලෙස සැලකුණේ නැත. විශේෂයෙන් ම පුවක් සහ දුංකල කෑම නිසා ලාංකිකයෝ අතීතයේ සිට ම මුඛ පිළිකාවත් උරුම කරගෙන සිටිය හ. ඒ නිසා බුලත් අතෙන් දුංකලය ඉවත් වීම හොඳ ය. 

වර්තමානයේදී වැඳිල්ල කොයි තරම් ගොන් පාට් වී තිබේ ද යත්, ගුරුවරු දිනපතා ම බලෙන් ළමයින් ලවා තමන්ට වන්දවා ගනිති. මගේ දියණියක පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ ඇය වැඳීමේදී පහත් වූවා මදි ය කියා ගුරුවරිය ඇගේ හිස තමාගේ පයෙහි ගැටෙන සේ එබූ අන්දම මම වරක් දුටුවෙමි. (එය මා දුටු බව ඇය දුටුවේ නැත. දරුවාගෙන් පළි ගන්නා නිසා මා එය ඉවසුවෙමි.) ටියුෂන් නිසා තම ගරුත්වය නැති කරගෙන සිටින මෙම ගුරුවරිය හා එවැනි ගුරුවරුන් විසින් කොයි තරම් පහත් තත්වයක් නිර්මානය කර තිබේ ද යත්, දිනක් මගේ දියණියක වැටුපට පංතිය අතුගාන කාන්තාවට ද වඳිනු මම දුටුවෙමි. එදා නම්, ගෙදර පැමිණි පසු මා ඇයට කීවේ ආපහු එසේ වැන්දොත් මගෙන් ගුටි කෑමට සිදු වනු ඇති බවයි. 

මම ද කලක් ගුරුවරයකු ලෙස සේවය කළෙමි. වර්තමානයේදී පවා ඇතැම් ලොකු ළමයින් පාරේදී පවා මට වඳිති. ඔවුන් එසේ කරන්නේ ආදරය ප්‍රකාශ කිරීම සඳහා බැවින් මම එය ඉවසා, එහෙත්, එසේ නො කරන ලෙස ඉල්ලා සිටිමි. මා ඉගැන්වූ ඉහළ පංතිවල සිසුන්ට මා මෙය තේරුම් කර දී ඇත. එය තේරුම් ගත් අය මට වඳින්නේ නැත. එහෙත්, ඔවුන්ගේ ආදරය හා ගෞරවය මා වෙනත් දේවලින් තේරුම් ගනිමි.  

පසුගිය දිනවල ත්‍රිකුණාමලයේ යොවුන් පුරය පැවැත්විණි. එහි ගිය අය මට කී කරුණක් වන්නේ ගම්වලින් පැමිණි තරුණ ළමයින් දේශපාලකයන්, නිලධාරීන් ආදීන්ට පමණක් නොව, විදේශික කාන්තාවක වන මගේ ආයතන ප්‍රධානියාට පවා ඇය මහත් අපහසුතාවට පත් කරමින් වැඳ වැටුණු බවයි. මේ ඊනියා වැඳිල්ල විසින් අනාගත පරම්පරාවල කොන්ද බිඳ දමා ඇති තරම කොතරම් ද?

පෙරළි පෙරළි වැඳ වැඳ හැදුණු ළමයින් විශ්වවිද්‍යාලවලට ගිය පසු ඒ දීන මානසිකත්වය පාවිච්චි කරමින් නවක වධය හරහා ඔවුන් දේශපාලන අරමුණු වෙනුවෙන් දක්කා ගැනීමට අන්තරය සමත් වේ. එහෙත්, විශ්වවිද්‍යාලයෙන් පිට වූ පසු මේ සරසවි විප්ලවවාදීහු වැඩිදෙනෙක්  රජයේ පත්වීමක් ගෙන දවසක හෝ දුෂ්කර සේවයකටවත් යන්නට කැමති නැති ඉතා පටු, ආත්මාර්ථකාමී කුහකයන් බවට පත් වෙති. 

සිංහල සංස්කෘතියේ තිබුණු පැරණි ස්වරූපයේ වැඳීමට අප විරුද්ධ නැත. අප විරුද්ධ අනාගත පරම්පරාවල කොඳු බිඳ දමන, දීන යටත්වැසියන් බවට පත් කරන නූතන වැඳිල්ලට ය.  

ආපසු ප්‍රස්තුතයට පැමිණියහොත්, මෙය ද රෝහණ බැද්දගේලාගේ නිර්මානයකි. නූතන වැඳිලි සංස්කෘතිය ඉතා පැහැදිලි රූපවාහිනී ප්‍රබන්ධයකි. මෙය ප්‍රවර්ධනය කිරීමට 1990 දශකයේ විකාශය වූ දූදරුවෝ පන්නයේ සෝප් ඔපරා මාලාව හේතු විය. 

පසුගිය කාලයේ ඇතැම් වැඩිහිටියෝ නාමල් රාජපක්ෂට පවා වැන්ද හ. මර්වින් සිල්වා පමණක් නොව වාසුදේව නානායක්කාර වැනි වාමාංශිකයන් පවා මහින්ද රාජපක්ෂ ඉදිරියේ බලය හා අවස්ථාව වෙනුවෙන් වැඳ වැටුණ හ. ජනාධිපතිවරණයේදී මහින්දට ආවඩමින් මෛත්‍රීපාල සිරිසේන පතුරු ගැසූ දයාසිරි ජයසේකර ජනාධිපති මෛත්‍රීපාල ළඟ දෙකට නැමී වැන්දේ ය. වැඳිල්ලේ හොඳම වැඳිල්ල වැන්දේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ය. 

අකිලගේ වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල

පසුගිය ජුනි මාසයේ දිනක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අතින් සිදු වූ අත්වැරැද්දක් මෙසේ ඡායාරූපගත විය. පිරිවෙන් ආචාර්යවරුන්ට පත්වීම් ලිපි දීගෙන දීගෙන යද්දී, එක දිගට භික්ෂූන්ට දෙකට නැවී වැන්ද අකිල විරාජ් අතපසු වීමකින් ගිහි පරිවේණාචාර්යවරයකුට ද දෙකට නැවී වැන්දේ ය. වැඩිදුර කියවන්න ක්ලික් කරන්න. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //අද මට කියන්න කොහෙන් හරි ගමකින් රබන් හඬක්‌ ඇහෙනවද?.//
    කොහේ රබන් ගහන්නද. රබානක් ගන්න ගණන් ඇහුව. විසිතුන්දාහක් කියාපි.

    ReplyDelete
    Replies
    1. ගරු සාරසතුමනි,

      සිනුවර තට්ටස් නොහොත් රසික සූරියආරච්චි පොස්ට් එකක් දලා තියෙනවා 'තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම ' කියලා. එකේ තියෙන්නේ කාන්තාවන්ගේ පියයුරු සදහා රන් තැඹිලි, ජම්බෝල වගේ උපමා ගන්නවා කියලා. ඉතිං මං දන්නා කාන්තාවක් ගැන මං එකේ කොමෙන්ට් එකක් දැම්මා.

      මං කිව්වේ රෂිනිගේ තන් නම් ජම්බෝල වගේ. ඉස්සර එයාට අවුරුදු 12 වගේ කාලේ තිඹිරි ගෙඩි වගේ සයිස් තන් තිබ්බේ, හැබැයි එව්වා ඉස්සෙල්ලම පාවිච්චි කලේ දෙමළෙක් කියලා. ඒත් ඒ කොමෙන්ට් එක තුන පාරක්ම අයින් කරලා. එහෙම කොමෙන්ට් අයින් කරේ මොකොද කියලා අහපු කොමෙන්ට් එකත් අයින් කරලා. දැන් රසික කොමෙන්ට් මොඩරේට් දාලා. ගරු සාරස තුමා ගේ අදහස මොකක්ද මේ ගැන.

      පහල තියෙන්නේ පස්සේ දාපු කොමෙන්ට් එක.
      Anonymous17 April 2017 at 17:18
      කෝ මගේ කොමෙන්ට් එක? ඇයි අයින් කරේ? මේ පොස්ට් එකට අදාලව ජම්බෝල,තිඹිරි ගෙඩි තන ගැන මං අදහස් පල කරේ.

      මං කිව්වේ රෂිනිගේ තන් දෙක නං ජම්බෝල ගෙඩි දෙකක් වගේ, රෂිනිට අවුරුදු 12 වගේ කාලේ තමයි තිඹිරි ගෙඩි වගේ තන් තිබ්බේ. ඒවා කලින්ම පාවිච්චි කලේ දෙමෙලෙක්' කියලා

      මේ කොමෙන්ට් එක සම්පුර්ණයෙන්ම මේ පොස්ට් එකට අදාලයි. ඇයි අයින් කරේ කියන එකයි මගේ ගැටලුව?

      Delete
    2. සිනුවර තට්ටස්...හා..හා..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පැරා සුභ නවවසරක් වේවා ඔබටත් ඔබේ පවුලේ අයටත්,


    //හුදකලාව ගෙවන ධනවාදී හිස් ජීවිතවලට //

    මේක ධනවාදයට විතරක් නෙමෙයි සමාජවාදයටත් අදාලයි නේද ?


    //ඒ නිසා ඒවා කන විට රස දැනෙන්නේ ඇත්තට ම දිවට නොවේ. සිතටයි.//
    මේ දැකීම නම් හරිම වටිනවා, මේ සෙල්ලම ලෝකයේ හැම දෙයකම අද යොදාගන්නවා හැබැයි මෙය දකින්නේ සුළු දෙනයි.

    //දරුවාගෙන් පළි ගන්නා නිසා මා එය ඉවසුවෙමි.//

    මගේ සහෝදරියගේ දරුවාගේ ගුරුවරිය කරපු කිසියම් වරදක් මම මගේ සහෝදරිය කියනවා ඇහුණාම මම ඇගෙන් ඇහුව ඇයි කෙලින්ම ගොරුවරියගෙන් ඇහුවේ නැත්තේ කියල ඇය කිව්වෙත් " දරුවාගෙන් පලිගන්න නිසා එසේ නොකළ බවයි"

    මේ කුඩා දරුවන්ට උගන්වන ගුරුවරු මේ ළමයින්ට හින්සාකරන පලිගන්න මිනිසුන් වෙන්නේ නිසි ගුරුවරු මේ තැන් වලට පත්කිරීමේ ක්‍රියාවලියේ වරද නිසා නේද ?

    ReplyDelete
    Replies
    1. වැදීම කරන්නේ තමා පහත් කෙනෙක් කියල හිතනවට වඩා වැදුම් ලබාන්නා ට ආචාර කරන ක්‍රමයක් නිසා නේද ? මෙහිදී වැඩිහිටියන්ට ගරු කිරීම වැනි ගුණාංගයක් නේද තියෙන්නේ ඔබ එකේ වරදක් දකින්නේ ඇයි ?

      Delete
    2. නැහැ. අපේ සංස්කෘතියේ ඔය විදියට නිතිපතා වඳින එකක් තිබුණෙ නැහැ. ඒක ගෙනාවෙ රූපවාහිනිය. වැඳීම කියන්නෙ අපේ සංස්කෘතියේ ගරුත්වයක් සහිත ක්‍රියාවලියක්.

      කොල්ලටයි, බල්ලටයි වඳින එකෙන් වැඳිල්ල පීචං වුණා.

      Delete
    3. සමාජවාදය මා නම් සලකන්නේ අප විසින් යහපත් සමාජයක් පිළිබඳ දකින සිහිනය හා ඒ පිළිබඳ සංවාදය ලෙසයි. චීනයේ තියෙන්නේත්, සෝවියට් දේශයේ ඉස්සර තිබුණෙත් සමාජවාදයක් නෙමෙයි. රාජ්‍ය ධනවාදයක් විතරයි.

      Delete
    4. //වැදීම කරන්නේ තමා පහත් කෙනෙක් කියල හිතනවට වඩා වැදුම් ලබාන්නා ට ආචාර කරන ක්‍රමයක් නිසා නේද ? මෙහිදී වැඩිහිටියන්ට ගරු කිරීම වැනි ගුණාංගයක් නේද තියෙන්නේ ඔබ එකේ වරදක් දකින්නේ ඇයි ?//

      හැදු වැඩු දෙමවුපියන් හැරෙන්නට වෙන වැඩිහිටියන් එකෙකුටවත් වදින්න සුදුසුද ?

      ආසියාවේ ජපානයට පමණක් දෙවෙනිව තිබුන ලංකාව අපිට ජීවත් වෙන්නට බැරි හිඟන රටක් බවට පත්කළ, ලංකාව කුණුගොඩක් බවට පත් කල, බත් පැකට් එකට අරක්කු කාලට නැත්තන් උඩු රැවුලට බල්ලන් රජ ද්ගෙදරට දක්කපු ඔය පරම්පරාවේ වැඩිහිටියන්ට අවුරුද්දට වදින්න නෙවෙයි වටින්නේ එලව එලව බූ හනස්සෙන් ගහන්න.

      ලංකාවේ තරුණ පරම්පරාව දැන් ඉන්න වැඩිහිටියන්ට ගරු කරන්නේ අහවල් හේතුවකටද ? ඔවුන් නිකම් කම්මැලි කමට නාකි වෙලා වැඩිහිටි වුණා මිසක් රටේ ඊළඟ පරම්පරාවෙන් ගරුත්වයක් ලබන්න කරපු එක දෙයක් කියන්න බලන්න හැදු වැඩු දෙමවුපියන් හැරෙන්නට වෙන වැඩිහිටියන් එකෙකුටවත් වදින්න සුදුසුද ?

      ආසියාවේ ජපානයට පමණක් දෙවෙනිව තිබුන ලංකාව අපිට ජීවත් වෙන්නට බැරි හිඟන රටක් බවට පත්කළ, ලංකාව කුණුගොඩක් බවට පත් කල, බත් පැකට් එකට අරක්කු කාලට නැත්තන් උඩු රැවුලට බල්ලන් රජ ද්ගෙදරට දක්කපු ඔය පරම්පරාවේ වැඩිහිටියන්ට අවුරුද්දට වදින්න නෙවෙයි වටින්නේ එලව එලව බූ හනස්සෙන් ගහන්න.

      ලංකාවේ තරුණ පරම්පරාව දැන් ඉන්න වැඩිහිටියන්ට ගරු කරන්නේ අහවල් හේතුවකටද ? ඔවුන් නිකම් කම්මැලි කමට නාකි වෙලා වැඩිහිටි වුණා මිසක් රටේ ඊළඟ පරම්පරාවෙන් ගරුත්වයක් ලබන්න කරපු එක දෙයක් කියන්න බලන්න Lankika Sithuwili ?

      Delete
    5. AnonymousApril 13, 2017 at 3:43 PM,

      ඇයි අපට උගන්වපු ගුරුවරු, හැමෝම නෙමෙයි සමහර අය තමන් ලබපු වැටුපට අමතරව කරන ලද කැපවීමේ ප්‍රතිපල මම අදත් අත්විදිනවා.

      ඔබ විදේශයක ජිවත් වෙලාම බලන්න කොච්චර කෘතිමද කියල මිනිස්සු හිතන විදිය සහ කොච්චර බවුතික දේවල් තිබුනත් කොච්චර අසහනයෙන් ඉන්නවද කියල, හැබැයි අගනගරය නම් ඒ වගේ වෙනවා වේගයෙන් අනෙක් ගම්මානත් එහෙම වෙයි.

      Delete
    6. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ජපානෙත් කුඩු වෙලා තිබුණෙ. නිදහස ලබනකොට ලංකාව ආසියාවෙ දියුණුම රට. ඒ කාලෙ ලංකාවෙ විශ්වවිද්‍යාල ආරම්භ කරලා තිබුණෙ. මැලේසියාව වගේ රටවල මධ්‍යම පන්තිය ඉගෙන ගන්න ආවෙ ලංකාවට. මොකද ඒ රටේ ඒ වෙනකොට විශ්ව විද්‍යාලයක්වත් තිබුණෙ නෑ. කොළඹ කියන්නෙ පුංචි ලන්ඩන් වගේ, එහෙම කියන්නෙ ලී ක්වාන් යූ. මිනිහා දුප්පත් සිංගප්පූරුව හදන්න හැදුවෙ කොළඹ වගේ කරන්න. අපේ රට කෑවෙ ඔය වාමාංශිකයො කියන උනුයි කාලකණ්නි දේසපාලුවොයි.

      Delete
    7. මම විදේශයක තමයි ජීවත් වෙන්නේ. ආසියාවේ තිබෙන ඉතාම දියුණු රටේ.

      ලෝකේ අපි හැමෝම මේ සිස්ටම් එකෙන් ආපු මිනිස්සු. හැබැයි වැඳ වැටීමෙන් ඒ සිස්ටම් එකට පලක් නෑ. ඒ සිස්ටම් ඒක වෙනුවෙන් මට ලැබුණු දේට වැඩි දෙයක් නැවත කිරීමෙන් පමණයි එය ඉදිරියට යන්නේ.

      හැබැයි විදේශයක අගනගරය දිහා පමණක් බලල මු රටම ගැන හිතන්න එපා.

      ඒක හරියට පිටකොටුව බලල ලංකාව ගැන නිගමනයට එනවා වගේ.

      Delete
    8. //
      ඔබ විදේශයක ජිවත් වෙලාම බලන්න කොච්චර කෘතිමද කියල මිනිස්සු හිතන විදිය සහ කොච්චර බවුතික දේවල් තිබුනත් කොච්චර අසහනයෙන් ඉන්නවද කියල,//

      නිකන් මීහරක් කතා කියන්න එපා හලෝ... මම ඉන්නෙත් ඇමරිකාවෙ නිව්යෝක් වල ස්ටේටන් අයිලන්ඩ් වල.. මෙහෙ නම් ඔහොම මිනිස්සු අසහනෙන් ජීවත්වෙන්නෙ නෑ...
      මෙහෙ ලන්කාවට වඩා 1000 ගුනයක් හොදයි...
      නිව්යෝක්වල දුප්පත්ම පැත්තක් කියල ගැනෙන හාලෙම්, බ්‍රොනෙක්ස් වගේ පැතිවල මිනිස්සුත් ලන්කාවෙ මධ්‍යම පාන්තියකින්ට වැඩිය සැපෙන් ජීවත්වෙනව.. ඔහෙල වගේ අමන ජාතිකවාදී, බටහිර විරෝදී "ලන්කාවෙ පට්ට ශෝයි නෝටි බටහිර රටවල් පවු අනේ" කියල ගන්ජාවක් බීගෙන ඉන්න හැබැයි ජීවිතේට එක දවසක් හෝ බටහිර දකින්න පින්කරල නැති පින්ගුත්තරයොද අපිට බටහිර රටවල් ගැන උගන්නන්න එන්නෙ?

      ඔහෙලගෙ ඔයවගේ ගොන් මත නිසා තමා ලංකාවෙ උන් 'අපි මාර චෝයි' කියල මෝඩ හීනමානෙක ගිලිල ඉන්නෙ..

      Delete
    9. තවදෙයක් මෙහෙ මිනිහෙක් මානසික අසහනයකට පත්වුනොත් ඔහුට ඔනෑ තරම් උපදේශන සේවා, counseling centers, free mental health clinics තියෙනව... හිරේ දාන කෙනෙක් උනත් මානසික සායන වලට යොමු කරනව... යුරෝපීය රටවල මීටත් වඩා welfare වැඩියි..
      පලවෙනි ලොකෙ රටවල මිනිස්සු තමන්ට වඩා සැපෙන් ඉන්නව දකිනකොට තමන්ට ඊරිසියයි කියල මට තේරෙනෙව...
      නමුත් නොදන්න දේවල් ගැන කතාකරලා තමන්ගෙ මෝඩකම පෙන්නන්න එපා...

      Delete
    10. ලංකාව ආසියාවේ දියුණුම රට වශයෙන් හැදින්වූයේ යුද්ධය නිසා රබර් මිළ ඉහළ ගිය ටික කාලයේ විතරයි,

      Delete
    11. //ඇණයා Nut Man//
      මතං මලු පොයින්තෙක.එළ!

      Delete
    12. //මගේ දියණියක පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ ඇය වැඳීමේදී පහත් වූවා මදි ය කියා ගුරුවරිය ඇගේ හිස තමාගේ පයෙහි ගැටෙන සේ එබූ අන්දම මම වරක් දුටුවෙමි. (එය මා දුටු බව ඇය දුටුවේ නැත. දරුවාගෙන් පළි ගන්නා නිසා මා එය ඉවසුවෙමි.) //

      මෙම අදහසට ගුරුවරියක ලෙස තදින් විරෝධය පාමි.ගුරුවරුන් මෙතරම් නපුරු ජාතියක් යැයි ඔබ වැඩිහරියක් හිතන්නේ ඇයි දැයි මට නොවැට හේ.එය අපේ වරදක්ද ඔබේ වරදක්ද දරුවාගේ වරදක්දැයි මම නොදනිමි..
      නමුත් ගුරුවරයෙකු දඪුවම් දෙන්නේ දරුවකු සිතා මතා කරන වැරැද්දකට පමණක් බව මම සිතමි(පාසල තුල ගුටි කෙල ගැනීම ,මත් පැන් බීම,අසභ්‍ය ලිංගික වීඩියෝ බැලීම)ආදියේදිත් මගේ දරුවන්ට මත් පැන් ලිංගිකත්වය හා යොවුන් විය අවබෝධ කර ගත හැකි අධ්‍යාපනික පොත්
      වීඩියෝ පට ගෙනත් දුන්නා විනා ශාරීරිකව මානසිකව දරුවා පීඩනයකට පත් කිරීමට බහුතර ගුරුවරුන් එකඟ වූයේ නැත.
      නමුත් ඔවැනි අදහස් නිසා මට හැඟී යන්නේ ගුරුවරුන් අමු තිරිසන් ජාතියක් ලෙස සමාජ මතයක් ඇති වී ඇති බවයි....
      මගේ වෘත්තිය මේ ආකාරයෙන් අගෞරවයට පත්වීම ගැන කණගාටු වන අතර බහුතර ගුරුවරු එසේ නොවනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි

      Delete
    13. //ගුරුවරුන් මෙතරම් නපුරු ජාතියක් යැයි ඔබ වැඩිහරියක් හිතන්නේ ඇයි දැයි මට නොවැට හේ.එය අපේ වරදක්ද ඔබේ වරදක්ද දරුවාගේ වරදක්දැයි මම නොදනිමි//
      මෙහෙමයි, හැම සර්පයාම විශ සහිත නෑ. හැබැයි විශ සහිත එවුන් ඉන්න නිසා මම මගේ ලමයට කියල තියෙන්නෙ සර්පයෙක් දැක්කොත් වහාම එතැනින් ඉවත් වෙන්න කියල. මේකත් ඒ වගේ. හොඳ ගුරුවරු වගේම එලව එලවා පලිගන්නා සර්පයන්ද දැක තිබෙනවා.

      Delete
  4. වැදිල්ල මහා වදයකි. එක් වරක් “වඳින්න එපා , දැන් ඉක්මනට පන්තියට යන්න , පීරියඩ් එකට ටීචර් ඇවිල්ල ඇති “ යැයි පැවසීම නිසා ජේෂ්ඨ ගුරුවරිකගෙන් පැයක දේශනයක් අසා සිටින්නට මට සිදු විය.
    මම දිනපතා රැකියාවට යාමට පෙර අම්මාට වදිමි. ගාථාව කියමින්ම එළියට බැස දුවමි.ඒ ප්‍රමාද වන නිසා ය. අම්මාට වැන්දේ නැති දවසට කුමක් දෝ අඩුවක් සිතට දැනෙන බව නොකියාම බැරිය. නමුත් පෝළිමේ විත් මට කරන වැදුම් නම් උසුලා සිටින්නේ බොහොම අපහසුවෙනි. “එපා“ කියා පාසලෙන් කොන් වීමට බැරි නිසාය. වරක් අප පාසලේ ගුරුතුමියක් දරුවන් බුලත් නොදී වැදීම නිසා දැඩිසේ කෝපය පත්වී දරුවන්ට බැන වැදුනි. “ මුන්ට පොඩි කාලෙම හරියට වදින හැටි කියා දෙන්න ඕනි. බුලත් නැතිව වැදල හරියනවැයි, හරිනම් බුලත් අතක් දීල ඕනි වදින්න. මම වදින්න දෙන්නෑ බුලත් නැතිනම්. “ ඇය බුලත් විට සපන්නයික බැව් මම හොදහැටි දන්නා නිසා කටපියාන සිටියෙමි.
    වැදිල්ල දැන් දැන් ස්ටයිල් එකක් බවට පත් වී ඇති නිසා වැදිල්ලේ යම් අධ්‍යාත්මික වටිනාකමක් තිබු නි නම් එය නැති වී ඇති බැව් මගේ හැඟීමයි.
    අර ගම් කපුටා අපේ ගෙවල් පැත්තේ නම් ඉන්නවා.හැබැයි ඌ කෑගහන දින වකවානු වෙනස්. පරිසර කලාගුණික දේශගුණික හේතු බලපානව ඇති ඒකට.


    එහෙනම් ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක්. අකුරැහි ආවොත් අපෙ අහත් ඇවිත් යන්න එන්න.

    ReplyDelete
    Replies
    1. හයියෝ අපේ ළමයිනුත් පීරියඩ් එකක් ගානේ වඳිනව..ඒකෙන් ඊළඟ පීර්යඩ් එකේ විනාඩි 5ක් විතර මිස් වෙනව..මමත් කොහොම හරි වඳිල්ලට කට් එක දාන්න තමයි බලන්නෙ.ඒක නිකං පුරුද්දට වදීන්නෙ ..හඳවතින්ම එන දෙයක් නෙවි..ඒක තිසා මට ඒක අප්‍රියයි.
      දැන් ළමයි අවුරුද්දට වඳින්නේ රුපියල් 500ක්වත් බුලත් කොලේක ඔතා දෙන අයට පමණි.
      ටියාරා නං මාර අප්‍රසන්නය.

      Delete
    2. සොසී, //වැදිල්ල මහා වදයකි. එක් වරක් “වඳින්න එපා , දැන් ඉක්මනට පන්තියට යන්න , පීරියඩ් එකට ටීචර් ඇවිල්ල ඇති “ යැයි පැවසීම නිසා ජේෂ්ඨ ගුරුවරිකගෙන් පැයක දේශනයක් අසා සිටින්නට මට සිදු විය//
      වැඳිල්ල තරම්ම අප්සට් කේස් එකක් තමයි ජ්‍යේෂ්ටයන්ට තියන බය පක්ෂපාතීත්වය. උඹට පැයක දේශනයක් අහන්න වුනා කියන්නෙ ඒකනෙ. තමුන්ගේ සීමාව ආක්‍රමණය කරන්න එන ඕන එකෙකුට බැටේ දෙන්න මම නං දෙපාරක් හිතන්නෙ නෑ.

      //අපේ ළමයිනුත් පීරියඩ් එකක් ගානේ වඳිනව//
      මේ ගොංපාට් අපේ කාලෙ තිබුනෙ නෑ. ගුරුවරයට වැන්ද නං වැන්දෙ පාසල් පටන් ගැනීමේදීත් වාර අවසාන නිවාඩුවකදීත් විතරයි. ඒකත් අපි කලේ ඔවුන් ඉන්න තැනකට ගිහිල්ල. (පන්තියෙදි නං වැඳපු දවසක් මතක නෑ, ඒ ගුරුවරු වැඳුම් ඉල්ලුවෙත් නෑ)

      Delete
  5. "පහත් වූවා මදි ය කියා ගුරුවරිය ඇගේ හිස තමාගේ පයෙහි ගැටෙන සේ එබූ අන්දම "

    හෙහ්..හෙහ්.. උන්ගෙ අම්මගෙ ජාතකේ මතක් වුනා... :D

    ReplyDelete
  6. ක්‍රිස්තියානි අපි නම් කිසිවෙකුට වැඳිම් පිඳුම් නොකරමු. නමුත් අම්මට, තාත්තට වැඳීම හොඳ දෙයකි. ගුරුවරුන්ට හෝ වෙනත් වැඩිහිටියන්ට ප්‍රමාණ ඉක්මවා වැඳ වැටීම නොකළයුතු දෙයකි. මේ ලෝකය ක්‍රමයෙන් පරිණාමය වෙමින් වෙනස්වේ. ඔය කියන අවුරුදු සිරිත් දැන් සමාජයේ නැත්නම් මාධ්‍ය හරහා හෝ සැමරීම වරදක් නොවේ. අඩුම ගණනේ අවුරුදු සිරිත් කියා දෙයක් ඇතිබව අනාගත පරම්පරාව දැන ගනීවි. අපි පිටරට හිටියත්, ක්‍රිස්තියානිවූවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අවුරුදු සමරමු.

    ReplyDelete
  7. පැරණි ලංකාවේ පැවතියේ වැඩවසම් සමාජ ක්‍රමය යි. මෙම ක්‍රමය යටතේ සුළු පිරිසක් වූ උසස් වංශිකයනට දණ නමා නමස්කාර කිරීම වැඩි පිරිසක් වූ කුල හීනයනට කරන්නට සිදු විය. බ්‍රිතාන්‍යයන් විසින් 1815 දී මුළු දිවයින ම ඔවුන්ගේ අධිරාජ්‍යයට නතු කර ගෙන වැඩවසම් සමාජ ක්‍රමය 1833 දී අහෝසි කර දැමිණි. ඉන් පසු උසස් වංශිකයනට පමණක් විවෘත වූ දෙපොළ අයිතිය සහ වෙනත් ආර්ථික කටයුතු සමාජයේ පහළ මට්ටම්වල ජනයාට ද විවෘත විය. බ්‍රිතාන්‍යයන් විසින් සිදු කළ මේ මහා සමාජ පෙරළිය නිසා 19 වන ශත වර්ෂය අවසාන වන විට සිංහල රජුන් යටතේ සිටියාට වඩා ඉහළ සමාජ තත්ත්වයක් භුක්ති විඳීමට එකී කුල හීනයට හැකි විය. එකල කුල හීන යැයි සම්මත වී තිබුණු පවුල් සමහරක් මේ වන විට ලංකාවේ සුපිරි ධනවතුන් වී තිබේ. සමාජයේ පහළ මට්ටමක සිටියද, සුපිරි ධනවතුන් වීමට නොහැකි වූ අය රැකියා කරති. මෙවැනි අයට දැන් අවශ්‍ය වී ඇත්තේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ සිංහල රජවරුන් සහ උසස් වංශිකයන් අතින් පෑගීමකට පත් වීමට සිදු වූ කාරණාවෙහි "ඇරියස්" ගැනීමට ය. එබැවින් මොවුහු කා ලවා හෝ වන්දවා ගෙන මෝඩ චූන් එකක් ගනිති. මෙතැන ඊට වඩා දෙයක් නොමැත.

    නැවත සිංහල රජෙක් ප්‍රතිෂ්ඨාපනය කළ යුතු යැ යි කියන අයට කීමට ඇත්තේ: ඔව්, එහෙම කරමු, නමුත් පැරණි කුල ක්‍රමය ද ඒ සමඟ ම පිහිටුවා, උසස් වංශිකයනට පමණක් සියළු වරදාන ලබා දී, අනෙක් අයගෙන් රාජකාරි ක්‍රමය යටතේ නොමිළේ වැඩ ගනිමු කියා ය.

    ReplyDelete
    Replies
    1. ඇතැම් කුලහීනයින් වාසගම් වෙනස් කොට ඔස්ට්‍රේලියාව වැනි රටවලට සංක්‍රමණය වී එහි සිට සිය හීනමානය බ්ලොග් හරහා මුදාහරිනු පෙනෙයි.

      Delete
  8. නළුවෝ කරන්නේ ඇත්ත නොවේනේ. ඔවුන් කරන්නේ රඟපෑමක්.
    එකත් බොහෝවිට මුදලට, තවත් කෙනෙක් කියන විධියට කරන්නේ.
    පැරකුම් ඕකවත් තවම දැනගෙන හිටියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ටෙලි නාට්ටි වගේ නෙමෙයි. ඔය ශාස්ත්‍රීය වැඩසටහන්, විශ්ලේෂණ, තරග වගේ ඒවායේ ඉන්න නළුවන් ඒවා කියන්නේ ඇත්තට ම ය කියලා තමයි ප්‍රේක්ෂකයන් හිතන්නේ. එහෙම නළුවෙකු තමන්ගේ හෘදය සාක්ෂිය අවදි කරපු පළමු අවස්ථාව තමයි මේක.

      ඇනොනිමස් පඬිතුමා මෙච්චර කල් ඒවා දැනගෙන හිටියා නම් ඇයි ජනතාව දැනුවත් කළේ නැත්තෙ?

      Delete
    2. Watupata panthiya athi gana kenata Wanda siduweema liyala thibuna widihen obe Ali oluwath uddachcha kamath hitha ganna puluwan

      Delete
    3. //ඔය ශාස්ත්‍රීය වැඩසටහන්, විශ්ලේෂණ, තරග වගේ ඒවායේ ඉන්න නළුවන් ඒවා කියන්නේ ඇත්තට ම ය කියලා තමයි ප්‍රේක්ෂකයන් හිතන්නේ//
      එහෙනම් පැරකුන්ටමනේ ඕක කියල ජනතාව දැනුවත් කරන්න තිබුනේ. බ්ලොග් 2ක් ම ලියන වුර්තිය බ්ලොග් කරුවෙක් විධියට.
      අපි මේ කොමෙන්ට් දාන අනොනිමස්ල ඕක කරනකන් ඉන්නේ නැතුව. කිතුල් ගහට ගිය එකාටත්... වැඩක් නෑ ඕව කියල.

      Delete
  9. අයියෝ වදින එක අවුල් කීව නම් ඉවරනේ.... බැද්දගේ, ටියාරා , උන්ගේ රස්සාවට කේලින්නේ නැතුව....������

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි! මං දැන් මේක ලියපු නිසා උන්ගෙ රස්සාත් නැති වෙනව ද?

      Delete
  10. @ Lankika Sithuwili

    ලංකාවේ රාජ්ය සේවයේ වැඩකටයුතු නිසියාකාරව බෙදා තිබේ. (වැඩ නොකරන එක වෙනම දෙයකි). වැක්සීන් දීම හා අදාල කටයුතු අයත් වන්නේ MOH හා ප්රදේශයේ මිඩ් වයිෆ්ටය. ඒවාට අදාල නිසි ලිපි ලේඛන පුරවමින් සීරුවෙන් කලයුතු දෙයකි.

    ග්රාමසේවකලා මේ සේවා නොකරන අතර ඔවුන් එය දන්නේ නැත. වැක්සීන් කටයුතු වලට ග්රාමසේවකලා යොදා ගැනීම බල්ලාගේ වැඩය බූරුවාට බාරදීම වැනිය. ප්රා.ලේකම් මේවා දන්නා නිසා මග ඇර යන්නට ඇත.

    උදාහරනයක් හැටියට ග්රාමසේවකලා කරන චන්ද කාඩ් බෙදීම මිඩ්වයිෆ්ට පුලුවන්ද? චන්ද කාඩ් බෙදන්නට මිඩ්ව්යිෆ්ලාට කතා කරන්නේද නැත.

    මේ මලමගුල් වලට ඉංග්රීසිවල සම්බන්දයක් නැත. හැරත් ලන්කාවේ අයියලාගේ ඉංග්රීසිය මහලොකු බක්කක් නොවේ. මේ මොකුත් නොදැන කොමෙන්ට් කරන අයට අපට කියන්නට තිබෙන්නේ "අබ සරනයි" කියාය.

    ReplyDelete
  11. මේකට අදාල නැති වුනත් නොකියම බැරි දෙයක්.

    සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙ ප්‍රධාන ලේකම් සිසිර ජයමහ ගොබිලගේ සිංහල නම් අන්තිමයි. තමන්ට ලියාගන්න බැරිනම් කාට හරි කියල ලියව ගන්න ඕනෑ.

    සිංහල හින්දු අලුත් අවුරුදු දවසේ රටේ ලොක්කට ලියුමක් ලියනකොට අඩියක් ගහපු දවසේ පරණ girl friend ට ලියනවට වඩා පිළිවෙලකට ලියනවනම් හොඳයි.

    Read this: http://www.lankaenews.com/news/5599/si

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඒ ව්‍යාපාරයේ දෙන්නෙක් ම ඉන්නවා.මං හිතුවෙ මහාචාර්යතුමා විතරයි ඉන්නෙ කියලා.

      Delete
  12. //ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනි වූ එදා
    ඔබ මා දෙපා දෝතින් බදා සිප ගත් එදා සිහි වෙනවා//

    ගේය පද රචකයා මෙහිදී විස්තර කරන්නේ බිරිය සැමියාට කරන වැඳීමක් ගැන නොවේ. //ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනි වූ එදා// විවාහ වූ නව යුවලකගේ මධුසමය රාත්‍රිය පිලිබඳව කරන ශෘංගාරාත්මක විස්තරයකි.
    "ඔබ මා දෙපා දෝතින් බදා සිප ගත් එදා සිහි වෙනවා" යන්න රසවිඳින්නන් / විඳින්නියන් වරදවා වටහා ගෙන ඇති සෙයකි. බිරිය සැමියාට කරන වැඳීමකදී ඇය දෙපා දෝතින් බදා ගැනීමක් කරන සිරිතක් නැත. බදාගත්තත් බදාගන්නේ දෙපතුල් මිස හුදෙක් දෙපා නොවේ. "ඔබ මා දෙපා දෝතින් බදා සිප ගත් එදා සිහි වෙනවා" යනාදී වශයෙන් ගේය පද රචකයා මෙහිදී විස්තර කරන්නේ එම යුවල තම මධුසමය යහනේදී පවත්වන්නට යෙදුන "එකුන් සැත්තෑ ආසනය" නම් අති ශෘංගාරාත්මක ඉරියව්වේ කූටප්‍රාප්තිමය අවස්ථාවක් ගැනයි. එහි සුරතාන්ත අවස්ථාවකදී ස්ත්‍රිය විසින් පුරුශයාගේ දෙපා දෝතින් බදා සිප වැලඳ ගැනීමක් සිදු වීම අරුමයක් නොවේ. "එකුන් සැත්තෑ ආසනය" සිරිලක ජනයා අතරද ඉතා ප්‍රචලිත එනමින් වත්ස්‍යායනයන් සිය මාහැඟි කාම සූත්‍ර නම් කෘතියේද විස්තර කරන අති රමනීය රමනීය ඉරියව්වකි.

    - රයිපාල

    ReplyDelete
    Replies
    1. "එකුන් සැත්තෑ ආසනය" = 69 ?

      Ha ha... This made my day!

      Delete
    2. හඩ්සන් සමරසිංහApril 14, 2017 at 10:45 PM

      foot sucking,foot fetish, toe licking ,foot rubbing ,foot sex ,foot sniffing ස්ස්ස්ස්ස්ස්ස් වැඩ ගොඩක් ලොක්කා.අදම වික්ටර් අතෑරල TM ෆලොකරන්න ඕන.

      Delete
  13. මගේ දරුවෝ දෙන්නවනං වදින එකෙන් ගලවාගත්තා ..... සමහරක්විට මට නොපෙනෙන තැන්වල ...වෙනත් බලපෑම් වලට එහෙම කරනවත් ඇති . ... සමහරක් වෙලාවට වලක්වන්ඩ කලින් සමහරක් දරුවෝ වදිනකොට මට මහා විලි ලැජ්ජාවක් එනවා

    ReplyDelete
  14. ඔබේ ලිපියේ සංස්කෘතික කරුණු ගැන කියල තියෙන එක අගෙයි. ඒක තමයි ඇත්ත. එහෙත් වැදීම ගැන තියෙන ඔබේ පුද්ගලික මතය සහ ඔබේ ගමේ මතය රටේම මතය කියලා හිතන්න එපා. මට වයස අවුරුදු 70යි. එත් මට වඩා වයසින් වැඩි අයෙකු මා ඉන්නා පරිසරේදී මුණ ගැහුනොත් එම හමුවීම ආරම්භයේදී හෝ අවසානයේදී ඔහුට හෝ ඇයට වැදීම මට තවම ප්‍රශ්නයක් වී නැත. වැදීමෙන් වෙන්නෙ තමන් තුල ඇති දැඩි අහංකාරය නැතහොත් මමත්වය තුරන්විමය. ඒක උගන්වන්න ඕනෑ පාසලේදිමයි. එහෙම නැත්නම් වෙන කොහේද? මම කිසි දිනෙක පාසල් ළමුන්ට උගන්වා නැතත් ඔබ ගුරු වෘතියට නුසුදුස්සෙක් කියා කෙලින්ම කියමි

    ReplyDelete
    Replies
    1. මට වඩා බාල අයගෙන් වැදුම් ලැබීමට හෝ මට වඩා වයසින් වැඩි අයට වැදීමට මට අපහසු කමක් නැත, ඒකෙන් මට හෝ ඔවුන්ට අපසසුවක් වී නැත, මම ඉදගිට යන ගෙදරක වයස 90ක් වූ අත්තම්මාට වදින මට අමාත්‍යංශයක ස්ථිර ලේකම් වරයෙකු සේ සේවය කරන පුතා වදියි, පැරා ඒකට තමයි සිංහලෙන් කියන්නෙ තාදී ගුණය කියල.

      Delete
    2. //වැදීමෙන් වෙන්නෙ තමන් තුල ඇති දැඩි අහංකාරය නැතහොත් මමත්වය තුරන්විමය.//

      මේක නම් බොරුවක්. ඔය උපධිදාරියෝ එහෙම පත්වීම ලිපි ගන්නකොට විමල් වීරවංශ වගේ කුණු වුන මිනිස්සුන්ටත් වදින එක රාජකාරියේදී මමත්වය නැත්තටම නැති වෙන්න එපාය.

      හැබයි ඉතින් ඔය හැම බල්ලටම වැඳවැටෙන කැනහිල්ලු රාජකාරී කරනකොට බලන්න තියෙන මමත්වය. ඔය හැම බල්ලටම වඳින එවුන් ගාව තමයි වදිපුරම නිලදාරීවාදය තියෙන්නේ.

      වැඳීම ගැන තිබෙන Wmk Samarasekara ගේ මතය රටේම මතය කියල හිතන්න එපා. ඔය හැමෝටම වැඳ වැටිලා තමුන් එක බලාපොරත්තු වෙන එක මහා නිහීන ගුණයක්. දොස්තරලා ඇතුළු බලයක් තියෙන රාජ්‍ය සේවකයෝ ඔය වන්ද ගැනීමේ හීනමානය තියෙන නිහීනයෝ.

      Delete
    3. ජාලංග කනිෂ්කApril 14, 2017 at 2:09 PM

      මම නම් අවුරුද්දට වදින්නේ තෑගි දෙන උන්ට පමනයි.එසේ වන්නේ මේ රටේ වැඩිහිටියෝ කියන්නෙම 1948(සම හරක්ට 1964)සුද්දෝ ලංකාවෙන් නිදහස් උනදා පටන් අද දක්වාම මේ රට කාපු හැත්තක් වන නිසාය.
      මේ රටේ වැඩිහිටියන්ගෙ ජනප‍්‍රිය අවුරුදු කෑම කිහිපයක් නම්
      *ජරාව කෑම
      *ගසා කෑම
      *හොරා කෑම
      *වවාගෙන කෑම
      *රට කෑම


      Delete
    4. ජාලංග කනිෂ්කමේ රටේ වැඩිහිටියෝ කියන්නෙම 1948(සම හරක්ට 1964)සුද්දෝ ලංකාවෙන් නිදහස් උනදා පටන් අද දක්වාම මේ රට කාපු හැත්තක් වන නිසාය.
      -------------------
      ඔබේ කතාවේ තරමක අත්තක් තියෙනවා.මෙරට අද තියෙන පිරිහීමේ තත්වයට දේශපාලකයෝ, පරිපාලකයෝ විතරක් නෙමෙයි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උගත් බොහොම දෙනෙක් වග කියන්න ඕනෑ, රටක පවතින නීති රීති තියෙන්නෙ ඒ සමාජයේ යහපැවැත්මට උනත් මේ බොහෝ අය පාරේ දකුණෙන් යාම, පාර හරහා කහ ඉර භාවිතා කිරීම ආදිය සලකන්නේ නොන්ජල් කමක් ලෙසටය. මේක තේරෙන්න නම් කෙටි කලකට හෝ දියුණු රටකට යා යුතුය. එංගලන්තය, ජපානය, සහ නවසීලන්තය ආදී රටවල් වල කෙටි සංචාර මා කර ඇත . ඒ කිසිම රටක මෙවැනි ක්‍රියා මා දැක නැත. කුඩා කල පටන් ළමයින්ට විනයනුකුලාව හැසිරීම පුරුදු කර ඇත. 58 මහා විද්‍යාල වලින් බිහිවුණු හරියට සිංහලත් බැරි හරියට ඉංග්‍රීසිත් බැරි පුද්ගලයන් විසින් කරපු නස්පැත්තිය තමයි මේ,

      Delete
    5. ලංකාව කියන්නේ විනයානුකූලව හැසිරීමට තමන්ට අකැපයයි කියගන්නා පිරිසකට වන්දනාමාන කරන ජනතාවකි.

      Delete
    6. සිංහල ජාතිය කොන්ද පණ නැති නිවට හිකනලුන් පිරිසක් බවට පත් වෙලා තියෙන්නේ ඔය වැඳිල්ල නිසායි. කොහෙද ඉතින් කොන්දක් ඉතුරු වෙන්නේ, පුංචි කාලේ ඉඳන්ම ළමයින්ට එක එකාටයි එක එකීටයි වඳින්න කියන කොට?
      ළමයින්ගේ පෞරෂය සුන් වෙලා යන්න ඔය බලු වැඳිල්ල නිසා.

      Delete
    7. @Wmk Samarasekara

      මහත්මයා, ඔබතුමා ඔය කියන දියුණුයි කියන රටවල් ඇත්තටම දියුණු මොන අතින්ද? ඇඟ වෙහෙසලා කරන්න ඕන වැඩ බලශක්තිය පාවිචියෙන් කරන එකද දියුණුව? ඒ දියුණුව ගත්තේ අපේ වගේ රටවල සම්පත් කොල්ල කාලා බව මතක තියාගන්න. දැන් ඒ රටවල ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ? අද හෙටම තෙල් ටික හිඳුනම ඔය මිනිස්සු හීතලේ මැරෙනවා.

      දැන් ඔබ කියන දේට එමු. ඔය කහ ඉරක යන්න දන් නෑ, කන්න දන් නෑ, බොන්න දන්නැ, ටේබල් මැනර්ස් නෑ කියන එක නිතරම ඔබ වගේ පඬියන් කියන්නේ ඔබලාගේ වැරැද්දෙන් නෙවෙයි. ඔබලා කුඩා කාලයේ ඉඳන්ම පුරුදු කරලා තියෙන්නේ ඊනියා ඇංග්ලිකන් අධ්‍යාපනයෙන් ඔබලාගේ ඔලු ඇතුලට කවපු දෙයක්.

      ඔය කහ ඉර, මාර්ග නීතී, අධිකරණ ඔක්කොම අපට එන්නේ ඊනියා යුදෙවි ග්‍රීක චින්තනයත් එක්ක. අපේ මිනිස්සු අවුරුදු 2500 (ලිඛ්ත ඉතිහාසය පමණි) නම්බු පිට ජීවත් වුණේ ඕවා තිබිලා නෙවෙයි. ඒ චින්තනය සිංහල බෞද්ධයාගේ ඇඟේ නෑ. කහ ඉර කියන්නේ ඊනියා වියුක්ත සංකල්පයක්. ඕවා පිළිකන්නෙන් අතුගාලා දාලා අපට ගැලපෙන් සිංහල බෞද්ධ රාජාණ්ඩු ක්‍ර‍මය හෙවත් සභ්‍යත්ව රාජ්‍යයක් කරා යාමට දැනටමත් අප පරක්කු වැඩියි.

      //58 මහා විද්‍යාල වලින් බිහිවුණු හරියට සිංහලත් බැරි හරියට ඉංග්‍රීසිත් බැරි පුද්ගලයන් විසින් කරපු නස්පැත්තිය තමයි මේ.//

      ඔබ මේ නොකියා කියන්නේ 56 දරුවන් ගැනනේ. මහැදුරු නලින් සිල්වා ගුරුතුමා බිහිවෙන්නෙත් පනස් හයේ ච්න්තනය පෙරදැරි කරගෙන. ඔවුන්ගේ මතවාද සමාජගත නොවීම ඔවුන්ගේ වරදක්ද? සිංහල අපිට මොකටද ඉංග්‍රීසි? අවශ්‍ය කට්ටිය ඉගෙන ගන්න එක වෙනම දෙයක්. ජපානය, රුසියාව, කොරියාව වගේ රටවල උගත්තු කීයෙන් කීයටද ඉංග්‍රීසි ප්‍රුළුවන්? ඇයි අපට සිංහල භාෂාව පදනම් කරගෙන දැනුම් පද්ධතියක් ගොඩ නඟන්න?

      Delete
    8. AnonymousApril 14, 2017 at 6:46 PM,

      තෙල් ටික හින්දුනම උන් නම් න්‍යුක්ලියර් වලට යාවි. ඔහෙලා මොකටද යන්නේ ? ගොන් කරත්තෙට නැගල ගොනාට කෙවිටි පාර දීල අද්ද්ගන්නත් බෑ නේ දෙවෙනි සිල් පදේ කඩෙන නිසා. කොලපොත් පදින්න තමයි වෙන්නේ එතකොට ඔහෙලට. :D

      ඔය නලින් වගේ බත් මරුවෝ ගිලිනවා දෙසනවා විතරක් මිසක් දෙයියොන්ගෙන් අහගෙන හරි අලුත් කරත්තයක්වත් හදල පේටන්ට් එකක් අරගෙන තියනවද ?

      Delete
    9. ජාලංග කනිෂ්කApril 14, 2017 at 10:24 PM

      මේ රට විනාශ කලේ වාමාංශික හීනමාන හැත්තයි.ජාතිවාදී පරයොයී.
      පුලුවන්නම් දන්න කෙනෙක් මුන් දෙගොල්ලගෙන් මේ රටේ පොදු ජනයට සිදු වු අබමල් රේනුවක යහපතක් කියන්න.
      රටේ ආර්ථිකය සම්පුර්නයෙන් විනාශකර රටේ ජවසම්පන්න මිනිස්සු ලක්ෂ ගනනක ජීවිත 1971-2010 කාලයේ මෙරටට අහිමිකලා.
      තවත් සිල්වල අමරසේකරල ගැන කතාකරනව කාලකන්නී.මුන් මොනවද මේ රටට කලේ?
      ලංකාව අනාථ කල නාථයෝ.

      Delete
    10. මම සාමාන්‍යයෙන් නමින් පෙනී ඉන්න බැරි අයට උත්තර දෙන්නෙ නැති උනත් ඔබේ කරුණු වල වැදගත්කම නිසා උත්තර දෙනවා. මම 56 දරුවෙක් තමා. ඉගෙන ගත්තේ කලුගල්ල මහතා දාපු මහාවිද්යාල වල අඩු තරමේ මට මධ්‍ය මහා විද්යාලයකටවත් යන්න බැරිඋනා,ඒ නිසා 56 දරුවන්ගේ වැරදි කියන්න මට පුළුවන්, මේක අගතියෙන් කියන එකක් නෙමෙයි. දැන් නුවර බලන්න රතු ලයිට් දාල තියෙද්දී පාර හරහා මාරු වෙන්න හදන්නේ වයසක අහිංසක අයෙක් නම් නොදැනුවත්කම කියලා ඉවසන්න පුළුවන්. එත් එහම යන්න උත්සාහ කරන්නේ එහෙම අය නොවේ, ඒ ගොල්ලෝ ඔබේ යුදෙව් චින්තන විරෝධින්ද? ඉස්සර කවුරුත් එහෙම කලේ නැත්තේ පොලිසියෙන් ඒ අය උසාවි දැම්මා නිසා හා රුපියල් 750. ක් දඩ ගහපු නිසා දැන් ඒක කරන්නේ නැහැ.මේ අයට විනාඩියක් නැවතෙන්න බැරි මොකද? ඉස්සරහ රත්තරන් ගුලියක් වැටිලා තියෙනවද? මේ රට හදන්න දැඩි දඬුවම් ඕනෑ

      Delete
    11. හෙහෙ ඔබ කියූ අන්දමට මාත් ඉංග්‍රීසි පිළිකුල් කළා. පන්තියේ ඉංග්‍රීසි උගන්නකොට සර්ට පෙන්නම නවකතා කියෙව්වා.සාමාන්‍ය පෙලට ඉංග්‍රීසි ලිව්වේ නැහැ, විශ්ව විද්‍යාලට ගියාමයි තරු පෙනුනෙ. සිංහලෙන් එක පොතක් වත් නැහැ. ජපානයේ නම් ලෝකේ ඕනෑම හොද පොතක් පල වුනාම වසරක් යන්නට පෙර ඒක ජපන් භාෂාවට පෙරලෙන නිසා එහෙ ඉංග්‍රීසි ඕනෑ නැහැ. කොරියාව ගැන මම දන්නෙ නැහැ. ලංකාවේ එහෙම හොද පරිවර්තන තියෙනවාද? මුදල් ප්‍රමාණ වාදය සිංහල පරිවර්තනය කියවනවාට වඩා කේන්ස් ගේ ඉංග්‍රීසි පොත් කියවා තේරුම් ගැනීම පහසු නැද්ද> මගේ ඉංග්‍රීසි දැනුම පොත් කියවා ලබා ගත් එකක් විතරයි.ඒක 56 එක දරුවෙකුට පුළුවන් නම් ඇයි අනෙක් අයට බැරි?

      Delete
    12. Wmk SamarasekaraApril 15, 2017 at 4:11 AM
      //මම සාමාන්‍යයෙන් නමින් පෙනී ඉන්න බැරි අයට උත්තර දෙන්නෙ නැති උනත් ඔබේ කරුණු වල වැදගත්කම නිසා උත්තර දෙනවා.//

      "මාතලං ඇනෝ ෆෝබියා ගුදමාර්ගය කැසීම" නම් සුලභ පුුක කහන රෝගය Wmk Samarasekara නම් ඹබට වැලදී නැතිබව එයින් ගම්‍යවේ.

      සැයු.

      "මාතලං ඇනෝ ෆෝබියා ගුදමාර්ගය කැසීම" නම් සුලභ පුුක කහන රෝගය වැලදුන විට තමන්ගෙ පුක කැසීම පසෙකලා අනුන්ගෙ පුකවල් කැසීමටද තම දෑත් යොමුවේ.සයිබරයේ පැතිරෙන මේ පුුක කහන රෝගයෙන් ඔබත් පරිස්සම්වන්න.

      Delete
    13. සමරසේකර,
      වැඳීම අවුලක් වෙන්නෙ ඒකට ප්‍රමිතියක් නැතිවීම කියන කාරණාවත් ඇතුලත්ව. උදාහරණයක් විදියට මේක ගන්න.
      //මට වයස අවුරුදු 70යි. එත් මට වඩා වයසින් වැඩි අයෙකු මා ඉන්නා පරිසරේදී මුණ ගැහුනොත් එම හමුවීම ආරම්භයේදී හෝ අවසානයේදී ඔහුට හෝ ඇයට වැදීම මට තවම ප්‍රශ්නයක් වී නැත.//
      ඔබ වැඩ කරන ස්ථානයේ ඔබට වැඩිමහල්, සුළු සේවකයෙකුට (උදාහරණයක් විදියට සනීපාරක්ෂක කම්කරුවෙකු) වඳිනවද?

      Delete
  15. I no like rohana baddage this man. Becase he is mahinda suport man. And he tradisional mind fool persan too. That the reesan why he go to sinhala new year programs

    ReplyDelete
  16. මම මගේ පොඩ්ඩට කියා දී තියෙන්නේ නොවැද්දොත් අපහසුතාවයට පත්වෙන තැන්වලදී වඳින්න අනෙත් තැන්වලදී වඳින්න යන්න එපා කියලා, ඒ වගේම වන්දව ගන්න බලා ඉන්න නෑදෑයන්ටත් වැඳීම වාසිදායකය කියලා.

    ReplyDelete
  17. ඔය එපාකරපු වැඳීම ළමයින්ට පුරුදු කරන්නෙ ගම්මැදි ඉස්කෝල හාමිනේලා. ඒ අය පොඩි කාලෙ පටන්ම ළමයින්ව පොලින් ගස්සල වන්දවා ගන්නවා. ඊට පස්සේ තෑගි දෙන්න කියල එන දේශපාලන අපතයන්ටයි, පොලීසියෙ SI ලටයි, කොම්පැනි වලින් එන ටයි දා ගත්ත බඩ බඩතඩියන්ටයි ස්ටේජ් උඩ නග්ගල හතර ගාතෙ දම්මලා වන්දවනවා.

    ඔය විධියට බලහත්කාරයෙන් වන්දවල පෞරෂය නැති කරපු උන් තමයි විශ්ව විද්‍යාලවලට ගිහින් නවකයන්ට අමානුෂික නවක වධ දෙන්නෙත්, ඊට පස්සෙ සමාජ ගත වෙලා අනුන්ගෙන් වැඳුම් බලාපොරොත්තු වෙන්නෙත්.

    ReplyDelete
  18. සිවුරු පොරවාපු පොඩි සාමණේර පොඩි පැටවුන්ට අබල දුබලවූ ආච්චිලා, සීයලා දණගහල වඳින එකත් බලන් ඉන්න දුක හිතෙන වැඩක්.

    ReplyDelete
  19. පසුගිය දිනවල ත්‍රිකුණාමලයේ යොවුන් පුරය පැවැත්විණි. එහි ගිය අය මට කී කරුණක් වන්නේ ගම්වලින් පැමිණි තරුණ ළමයින් දේශපාලකයන්, නිලධාරීන් ආදීන්ට පමණක් නොව, විදේශික කාන්තාවක වන මගේ ආයතන ප්‍රධානියාට පවා ඇය මහත් අපහසුතාවට පත් කරමින් වැඳ වැටුණු බවයි.

    පැරා සේවය කරන ආයතනය කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමි.ස්තූතියි.

    පැරා සේවය කරන ආයතනය කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමි.ස්තූතියි.

    ReplyDelete
  20. ජපානේදී අමු මාළු අමාරුවෙන් කනකොට අපි එක්ක ඉන්න ජපන් ලොක්කා අපහසුතාවට පත් උනේ නම් නැහැ. මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා. ඒ ළමයි hug එකක් දුන්නා නම් හරිද?

    ReplyDelete
  21. පහත උපුටා ගැනීම නිර්මාල් ගේ ෆේස්බුක් එකෙන්.

    //හැබැයි මෙතන තියෙන උත්ප්‍රාසය තමයි අවුරුද්ද වෙළද පොලකරණය වීම ගැන විවේචනය කරන Ajith Perakum Jayasinghe ඊට වඩා සමාජයීය වශයෙන් බෙහෙවින් හානිදායක වන අධ්‍යාපනය වෙළදපොළකරණයට මාරාන්තික ලෙස පක්ෂ වීම.//

    පැරාගේ අදහස දැන ගැනීමට කැමතියි.

    - Dimithri

    ReplyDelete
  22. රෝහණ බැද්දගේ මීට අවුරුදු විස්සකට ඉස්සරත් මේ කතාවට සමාන කතාවක් කිව්වා කොළඹ විශ්ව විද්යාල‍යට ආපු වෙලාවක. ඒ අතින් ඔහුගේ හර්ද සාක්ෂිය අවදි වුනේ අද ඊයේ නෙමෙයි. ඒත් පැරාගේ හර්ද සාක්ෂිය අවදි වන්නේ කවදාද? NGO (UN ද ඇතුලුව) කාරයන්ගේ මුදල් නැවතුන දවසකද?

    ReplyDelete
    Replies
    1. eth ehema wenneth na. muge hrda sakshiya awadi wenne muge yaluwo wechcha elam TNA, thambi bedumwadin nathi una dhawasaka. mokada ethakota muge wirayo ekekwath nathi nisa.

      Delete
  23. දුව පංතිය අතුගාන කාන්තාවට වැඳිම ගැන විතරක් ඇයි ඔය තරම් ප්‍රබල විරෝධයක්. අනිත් වැඳිලි ගැන විරුද්ධත්වයක් තිබුණත් තිබිච්ච විරෝධය අවමයි. මේ හොරෙන් අවදි වන්නේ ඔබේ සැබෑ හර්ද සාක්ෂියද?

    ReplyDelete
  24. රෝහණ බැද්දගේ මීට අවුරුදු විස්සකට ඉස්සරත් මේ කතාවට සමාන කතාවක් කිව්වා කොළඹ විශ්ව විද්යාල‍යට ආපු වෙලාවක. ඒ අතින් ඔහුගේ හර්ද සාක්ෂිය අවදි වුනේ අද ඊයේ නෙමෙයි. ඒත් පැරාගේ හර්ද සාක්ෂිය අවදි වන්නේ කවදාද? NGO (UN ද ඇතුලුව) කාරයන්ගේ මුදල් නැවතුන දවසකද?

    ReplyDelete
    Replies
    1. අල් මක්ටුම්April 15, 2017 at 1:46 PM

      ලංකාවේ ගෑනූ මැදපෙරදිග කඹුරල යවන සල්ලී වලින් ජීවත් වන ලාංකික අවස්ථාවාදී දේශප්‍රේමීන්ට වඩා NGO (UNද ඇතුලුව)කාරයන්ගෙන් ජීවත්වෙන මිනිස්සු හොඳ වැඩිද මන්දා නැන්දා..

      Delete
    2. ඔවු ඔවු තවමත් ගෑනු මැදපෙරදිග යවල හම්බකරන කාලෙ නිසා හොඳට ගියා උඹට NGO (UNද ඇතුලුව) කාරයොයි කොටින්ට ඔත්තු දීපු පැරකුම්වයි සුද්ද කරන්න.

      Delete
    3. කොටින්ට සල්ලී දීලා ජනාධිපතිල වෙච්චී සිංහල දේශප්‍රේමීන් ඉන්න රටේ,කොටින්ට ඔත්තු දීපු පැරකුම්ව සුද්ද කරන එක හොඳ වැඩිද මන්දා නැන්දා..

      Delete
    4. මීට උඩින් කොමෙන්ට් කරපු ඇනෝ දැකලා තියෙනවද පණුවෝ දීලා මාළු අල්ලනවා? දේශප්‍රේමින් ද්‍රෝහියෝ අල්ලනෙත් ඒ විදිහට තමයි. මොකක්ද ප්‍රශ්නේ?

      Delete
    5. // ඇනෝ දැකලා තියෙනවද පණුවෝ දීලා මාළු අල්ලනවා? දේශප්‍රේමින් ද්‍රෝහියෝ අල්ලනෙත් ඒ විදිහට තමයි. මොකක්ද ප්‍රශ්නේ?//

      කිතුලට නැගපු එකාටත් කතාවක් තිබුනනෙ.කමක් නෑ,

      එහෙම පණුවෝ දීලා මාළු අල්ලපු දේශප්‍රේමින් කිහිප දෙනෙකුගෙ නම් සදහන් කලා නම් පිං.(1948න් පසුව අද දක්වා සිටි අය පමනක් සෑහේ)ඒ අය සිදුකල එම වීරක්‍රියාත් සදහන් කලොත් මැනවී.

      උදාහරණ
      දේශප්‍රේමි විමල් වීරවංශ - විජාතික බලවේග එම රටවලටම ගොස් විනාශකිරීම සදහා පාස්පෝට් 02 භාවිතාකිරීම සහ රට තුල ඇති විජාතික බලවේග වලින් තමාට රැකවරනය සලසාගැනීම උදෙසා තම ඥාති බලකායට රජයේ වාහන ලබාදීම.ඔහුගෙ පැලස් එකෙ ආරක්ෂාවට සිටින දේශප්‍රේමීන්ගෙ මොරාල් වැඩිකිරිමට ව්‍යාඝ්‍රා ලබාදීම.


      Delete
  25. '56 දරුවෝ? මෑණියන්ගේ රෙද්ද. 56' සෙවල බණ්ඩා කරපු 'සිංහල ඔන්ලි' විනහියෙන් තමයි මේ රට මේ තරම් අගාධයකට ඇදගෙන ඇවිත් තියෙන්නෙ.

    ඒ වින්නහියෙම ප්‍රතිපලයක් ලෙස බිහිවූ '56 (හීනමාන) දරුවන්ගෙන් තමයි අද ඉංග්‍රීසි බැරි SLAS කාරයො, නඩු කාරයො හා අනෙකුත් රජයේ නිලතල දරන හීනමානයෙන් පිරුන අමනයන් සමන්විත වෙන්නේ.

    ReplyDelete
  26. සර්ව ජන ඡන්ද බලයෙන් පසුව මේ රටම කුනු ගොඩක් කරපු පාලකයන් තනන්න ඡන්දේ දීපු අපට හෙණම ගහපන්.අපේ දරුවන්ගෙ අනාගතය කාබාසිනිය කරගත්තේ මුන්ට අපි වහල්ලු වගෙ ඡන්දය දුන් නිසයි.

    අද මීතොටමුල්ලට හෙට මට ?

    අපි යට වුන දාටත් බලධාරින් සහ නිලධාරින් අපේ මිනී උඩ ඇවිදින ගමන් අපි ඡන්දේ දීපු ඌරන්ට කියාවී...
    "No problem sir, condition is OK"

    අපට නිවන් සැප ලැබේවා!

    ReplyDelete
  27. කරුණාකර මෙම ආලෝචන පෙළ කියවනු මැනවි ---

    AnonymousApril 16, 2017 at 9:05 AM

    "W3Lanka" blog author Ajith Perakum Jayasinghe's silence on the Meetotamulla tragedy is deafening!!!

    Reply
    Replies

    AnonymousApril 16, 2017 at 9:45 AM
    He didn't get the orders yet from Sirikotha. All are busy making media notices since staff & SLAS officials all are on leave for festival season. Will write soon once the proper orders & instructions revived from UNP top management & Expact Tamil Diaspora officials. Wait & see, please notice that Ajit P & Ajit D both are paid writers (So called occupational bloggers).


    AnonymousApril 16, 2017 at 11:57 AM
    Ranil Haamu was holidaying in Japan when the tragedy happened. Now he is holidaying in Vietnam. People in Meethotamulla have to wait until Ranil Haamu finishes his holiday. Ranil Haamu's holiday is more important than the lives of the people.

    Ajith Perakum will write about Meethotamulla once Ranil Haamu returns on the 19th. He is not allowed to write anything, until he gets instructions from Ranil Haamu. Until then you can write comments to his blog post about worshipping parents and teachers.


    AnonymousApril 16, 2017 at 1:52 PM
    සිරිකොතින් නියෝග ලබන තුරු මීතොටමුල්ලේ කුණු කන්දෙන් සිදුවූ ජිවත හානි හා එයට වගකිවයුත්තන් කවුද යනවගට බ්ලොග් සටහනක් තැබීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.

    අජිත් පැරකුම් ජයසිංහ


    අජිත් පැරකුම් ජයසිංහApril 17, 2017 at 4:18 AM
    හිතවක් පාඨකය, මම පසු ගිය දිනවල නැන්දම්මල ගෙදර ගියෙමි.ඒ පෙදෙසට 1G,2G,3G,4G තියා රූපවාහිනී හෝ ගුවන්විදුලී සංඥාවත් නොමැත.පරන පත්තර අැත කඩවල බඩු එතීමට.එවැනි පරන පත්තර කෑල්ලක දුටු Google බැලුමක් එනතුරු නැන්දම්මා නිතරම උඩබලාගෙන සිටියි.

    ඉතින් මීතොටමුල්ල ගැන පත්තරෙන්වත් දැක්කේ නෑ.


    AnonymousApril 17, 2017 at 6:19 AM
    අයිසේ අජිත් පැරකුම් ජයසිංහ,

    තමුසේ තෙත් කලාපයේ ද ඉන්නේ ඕයි?

    පමා නොවී ඉන්න තැනකින් ඇවිල්ලා මීතොටමුල්ල ගැන පෝස්ට් එකක් දානවා ඕයි. ඕකට රනිල් හාමු නිවාඩු සුව විඳලා එනකම් ඉන්න ඕන නෑ.

    _______________________________________________________________________

    ඉහත ආලෝචන පෙළ උපුටා ගත්තේ --- http://mallepol.blogspot.com/2017/04/blog-post_15.html

    කියෙව්වාට ස්තුතියි.

    ReplyDelete
  28. බැද්දගේ ආතා කරපු වැඩේ නරකයි.. හාමුලාට බැලමෙහෙවරකම් කරලා අර්ධ සත්‍ය ලියාලා වේල සරි කරගන්න මාමලා නරකාආයි..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා