“ALL 4 DAMMA’S LIFE” (ධම්මගේ දිවි සුරකින්නට සියල්ලන් කැපවී...)

Dhamma 
ජීවිතය ඇත්තෙන් ම කාරුණික නැත. මා හඳුනන කිහිප දෙනෙකු ම වකුගඩු ආබාධවලට ලක් වූ හ.

වකුගඩු ආබාධිත තත්වයට පත් වූවන්ට වකුගඩුවක් සොයා ගැනීම පහසු කටයුත්තක් නො වේ. එය ශරීරයට ගැලපීම විරල ය. එසේම, වකුගඩු ආබාධිතයන් වැඩි වීමත් සමග ම දැවැන්ත වකුගඩු ජාවාරමක් ද රටෙහි ක්‍රියාත්මක වේ. විමුක්ති ජයසුන්දරගේ සුළඟ ගිනි අරන් චිත්‍ර‍පටය එය යන්තම් ස්පර්ශ කර තිබිණි.

වකුගඩු රෝගියකු යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් ලබමින් කලක් ජීවත් වන අයෙකි. දින දෙක තුනකට වරක් රුධිරය පිරිසිදු කර ගැනීමෙන් මරණය කල් දමා ගනිමින් ජීවත් වන මුත්, වකුගඩුවක් බද්ධ කර ගන්නා තෙක් ඔවුන්ට අපරිමිත වේදනාවකට ලක් වීමට සිදු වේ. වකුගඩුව බද්ධ කර ගැනීමෙන් අනතුරුව ද ඔවුන්ට ජීවත් වීමට සිදු වන්නේ අවදානම් රැසක් මැද ය. පසුගිය කාලයේ පැතිරුණු දරුණු උණ රෝගය වැන්නක් වකුගඩු බද්ධ කළ අයෙකුට දරා ගැනීම පහසු නැත.

වකුගඩු රෝගයකින් පෙළෙන පුද්ගලයකු සිටින පවුලක් මුහුණ දෙන්නේ දැවැන්ත ආර්ථික කුණාටුවකටයි. රුධිර කාන්දුකරණය වෙනුවෙන් යන අති දැවැන්ත වියදම නිසා මේ පවුල් ආර්ථික වශයෙන් හාන්සි වෙයි. වකුගඩු බද්ධයට, ඖෂධවලට යන වියදම් ද අති විශාල ය.

ලංකාවේ ආණ්ඩුව හා රජය නඩත්තු කිරීමට වැය වෙන මහා ධනස්කන්ධයෙන් අංශු මාත්‍ර‍යක් හෝ ප්‍ර‍මාණවත් තරම් රුධිර කාන්දුකරණ යන්ත්‍ර‍ රජයේ රෝහල්වලට ලබා දීම සඳහා වෙන් කරන්නේ නම් මේ මිනිසුන්ගේ ජීවිතයට මඳ සැනසුමක් හෝ ලබා දිය හැකි ය.

ධම්ම සඳරුවන් යනු ලංකාවේ විකල්ප සංගීත අවකාශයන් තුළ තාල වාදනය අනුරාගයෙන් හදාරමින්, භාවිතාවේ යෙදවූ කලා ශිල්පියෙකි. මේ වන විට ඔහු ද දරුණු වකුගඩු ආබාධයකට ලක්ව සිටියි.

පහත දැක්වෙන සටහන අපට එව්වේ අප මිත්‍ර‍ ජයාන් පතිරණ විසිනි. කලාකරුවකුගේ ජීවිතය රැක දීම වෙනුවෙන් පැවැත්වෙන මෙම අපූරු ප්‍ර‍සංගයට සහභාගි වී, ඒ ව්‍යායාමයේ නියැලී සිටින මිනිසුන් අගයන්නටත්, ධම්මගේ තාල වාදනයක් හෙටත් අසන්නට ඔහුගේ ජීවිතය රැක දීමටත් ඔබේ දායකත්වය සපයන්න.

ජීවිතය කුරිරු ය. මරණය භාර ගැනීමට මිනිසා පහසුවෙන් සූදානම් නැත. ධම්මටත්, වකුගඩු රෝගවලින් පෙළෙන සැමටත් දිරි දෙමි.

“All 4 DAMMA’S LIFE” යනු රත්මලාන ප්‍රදේශයේ වෙසෙන, “ධම්ම සඳරුවන්” නැමැති කලාකරුවාගේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කමට අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන සංගීතමය වැඩසටහනකි. මෙය “BLACK & WHITE” නමැති තේමාව යටතේ 2017 මැයි මස 07 වැනි දින මීගමුව මාරිස්ටෙලා විද්‍යලයීය ශ්‍රවණාගරයේදී ප.ව. 7.00 සිට පැවැත්විමට නියමිත අතර ප්‍රසංගයේ තේමාවට අනුකූල පරිදි කළු සහ සුදු ඇඳුමින් සැරසී සහභාගිවීම අපේක්ෂා කෙරේ.

මෙම රෝගී කලාකරුවා තම වකුගඩු බද්ධ කිරිමේ සැත්කමට නියමිත අවසන් කාල පරිච්ඡේදයට සමීපව ඇති බැවින්, ප්‍රමුඛ කලාකරුවන් පිරිසක් සහ “SHANE ZING WITH LINE ONE” සංගීත කණ්ඩායම එකම වේදිකාවකට එක්ව, කිසිඳු මුදල් අයකිරිමකින් තොරව සිය නිර්මාණ ඉදිරිපත් කරමින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වේ.

මෙම ප්‍රසංගය සඳහා ඇතුල්වීමේ ගාස්තුව රු.1000/- කි. ප්‍රසංගය තුළින් ලැබෙන සෑම රුපියලක්ම “ධම්ම සඳරුවන්” කලාකරුවාගේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම වෙනුවෙන් පිරිනැමේ.
ධම්ම


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අසමි දකිමි සොයමි
    ඔබ හා බෙදා ගමි
    අදට සමුගෙන යමි
    නැවත ඔබ හමු වෙමි

    අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය ලියූ විචාරක සහෘදයාට සුබ ගමන්

    ReplyDelete
    Replies
    1. නැවත හමුවෙමි කියන්නේ කොහොමද? පැරා පුනරුප්පත්තිය එහෙම විශ්වාශ කරනවද? මං හිතුවේ පැරා භෞතිකවාදියෙක් කියලා.

      Delete
    2. ඇයි එයා ලියපු දේවල් තිබෙන්නෙ. ඒ වගේ ම එක වගේ මිනිසුන් අපට ඕනැ තරම් හමු වෙනවා නේ. මිනිහා කියන්නෙ මිනිහා. ඒ නිසා විචාරකලාත් තව අපට හමු වේවි.

      Delete
    3. පැරා,
      විචාරකතුමා ජීවිතයෙන් සමුඅරගෙනද ?

      Delete
    4. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.

      කොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.

      Delete
  2. හොද වැඩක් සාර්ථක් ප්‍රසංගයක් වේවා

    ReplyDelete
  3. ටාසන් ‍කුමාරApril 29, 2017 at 4:54 PM

    බ්ලොග් අවකාශයේ හමු වු විචාරක ඔබට සුබ ගමන් !
    එහෙ තොරතුරුත් කිවුවොත් ,ඇනෝ අපට දිය හැක කොමෙන්ට් රසට ගුණට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා