ලංකාවේ මාක්ස්වාදී පල් බොරු ගැන දයලෙක්තික අධ්‍යයනයක්

මෙම පැහැදිලි කිරීම කරන්නේ මවිසින් මීට පෙර ලියන ලද කම්කරුවා, නිර්ධන පන්තිකයා කියන්නේ කාට ද? යන ලිපියට ෆේස්බුක්හි ප්‍රියන්ත රත්නායක විසින් පළ කරන ලද ප්‍රතිචාරයක් හා සංවාදගත වීමටයි.

ප්‍රියන්ත රත්නායක මතු කරන කාරණය මෙසේයි: //1.අජිත් ට අනුව කම්කරුවන් ගේ ජීවිත කාලකන්නි වී ඇත්තේ රජය බදු මුදල වශයෙන් ඔවුන් ගෙන් සූරා කැම නිසා. මෙතනදී කම්කරුවාගේ රිජු නිශ්පාදන සම්බන්ධය වෙන කම්කරුවා ගේ ශ්‍රමයෙහි හිමි කරු සඳහන් කරල නැ. එකෙන් ගම්‍ය වෙන්නෙ කම්කරුවා සූරා කන එකම මාධ්‍යය රාජ්‍ය බදු කියලද​? එහෙම නැත්තම් ශ්‍රම හිමි කරුගේ සූරා කැම නොගිනිය හැකියි කියලද​? අජිත් ට මේ නිගමන වලට ආපු විදිය පෙන්නන්න පුලුවන් ද ?රාජ්‍ය සුබසාධනය නිසා කම්කරුවාට පෙරලා ලැබෙන වාසිය සලකල​. ඒ කියන්නෙ, පෙන්නන්න පුලුවන් ද​, කම්කරුවා රාජ්‍ය බදු නොගෙවා හිටියොත් සහ එනිසාම රාජ්‍ය සුබ සාධනය නතර වුවහොත් එමගින් කම්කරුවාගේ තත්වය කාලකන්නි නොවෙන්නෙ කොහොමද කියල?
2. පේන විදියට අජිත් ලන්කාවේ 5% කට ගොවීනුත් ඇතුලත් කරල​. කියන්න පුලුවන් ද​? මේ ගොල්ලො නඩත්තු කරන කම්කරුවන් ගෙ ප්‍රතිශතය​?//

මා ඉදිරිපත් කර තිබෙන මේ ප්‍රවාදය ගැන වැඩිදුර අධ්‍යයනය කළ යුතුයි. ඒ නිසා එය පරිපූර්ණ එකක් ය කියලා මා කියන්නෙ නැහැ. හැබැයි මේක සියවසක් තිස්සේ පවතින මාක්ස්වාදී බොරුවට ප්‍රතිචාරයක්. //අජිත් ට මේ නිගමන වලට ආපු විදිය පෙන්නන්න පුලුවන් ද // කියලා අහන නිසායි මම කියන්නෙ. මාක්ස්වාදීන් සම්ප්‍රදායික නිගමනවලට පැමිණි විදිය වුණත් අවුරුදු සීයක් විතර ගිහිනුත් කවුරුවත් පෙන්වා දීලා නැහැ. ඒවා අවිවාදිත පිළිගැනීම් බවට පත් කරලා, ඒ මත තමයි විග්‍රහ ගොඩ නගන්නේ. මේක කතිකාවන්ගේ සාමාන්‍ය ලක්ෂණයක්.

ධනවාදය පවතින්නේ ලාභය මත නිසා කම්කරුවාගේ අතිරික්ත ශ්‍රමය හිමි කර ගන්නා කෙනෙකු ධනවාදය තුළ හැමදාම ඉන්නවා. සමාජවාදී රාජ්‍ය ධනවාදය තුළ රජය ඒක කළා. සමාජවාදී සමාජයක රජය නම් සමාගමේ වුණත් අවසාන අයවැයෙහි ලාභ තිබුණා. ඒ ලාභ එක්කෝ නිලධාරි අසමාන විදියට කොල්ල කා ගත්තා. නැතිනම්, අනාගතය වෙනුවෙන් ආයෝජනය සඳහා තබා ගත්තා.

මේක ධනපති සමාගම් වගේ ඒවාටත් අදාළයි. ඒවායේ හිමිකරුවන් හා ඉහළ කළමනාකරුවන් ලාභය අධි පරිභෝජනයට යොදා ගන්නවා. ඉතිරියට ඔවුන් මොකක්ද කරන්නේ? රජය කරපු දේ ම තයි. ආයෝජනය කරනවා. ලාභ වැඩි කර ගැනීමට වෙන්නට පුළුවන්. හැබැයි, එකම වැඩේ.

මාක්ස්වාදීන් කවදාවත් ව්‍යවසායකයාගේ පැත්තෙන් මේක විග්‍රහ කරන්නේ නැහැ. ව්‍යවසායකයාත් ණය සඳහා පොළී, ආදායම් බදු ආදී සූරාකෑම් ගණනාවකට ලක් වෙනවා. අවසානයේදී ව්‍යවසායකයා පැත්තෙනුත් රජය සූරා කනවා.

ව්‍යවසායකයාට ධනපතියා කියලා නමක් පටබැඳලා වෛරය ඇති කිරීම මාක්ස්වාදයේ මූලික ලක්ෂණයක්. හැබැයි ව්‍යවසායකයා කියන්නේ විකල්පයක් නැති කෙනෙක්. ව්‍යවසායකයා වෙනුවට රාජ්‍යය ආදේශ වීම කියන එක විතරයි සමාජවාදී පර්යේෂණවලදි අපි දැක්කේ. මූලික වෙනසක් නැහැ. ඒ විතරක් නෙමෙයි ඒක අසාර්ථක බවත් ඔප්පු වුණා.

අපි සරල උදාහරණයකින් ලංකාවේ අප මුහුණ දෙන සූරාකෑම කරන්නේ කවුරුද කියා තේරුම් ගන්නට උත්සාහ කරමු. දෛනික ජීවිතයේදී අපව දැඩි ලෙස සූරා කන්නේ කවුරුද? සමාගම් ද? රජය ද? දැඩි ම සූරාකෑම් සිදු වන උදාහරණ කීපයක් අරගෙන බලන්න. අරක්කු බෝතලෙන්, සිගරට් එකෙන් රජය කරන සූරාකෑම කොයි තරම් විශාල ද බලන්න. දුරකථන සේවාවලින් රජය කෙතරම් සූරා කනවා ද? වාහනයක් මිළ දී ගන්නකොට කීයක් බදු ගෙවනවා ද? ලංකාවේ කිසිම ව්‍යවසායකයෙකුට මේ වගේ සූරාකෑමක් කරන්නට ලැබෙන්නේ නැහැ. එහෙම කරනවා නම් කරන්නේ ඔය කණ්ණාඩි වගේ මිනිසුන් කලාතුරකින් මිළ දී ගන්නා භාණ්ඩවලින් විතරයි. නිදහස් වෙළඳපොළ තරගකාරිත්වය නිසා ඒකාධිකාරයන් පවත්වාගෙන යන එක ලෙහෙසි නැහැ. වෙළඳ සමාගම් පාරිභෝගිකයා සූරා කන්නේ නැති බවක් මෙයින් අදහස් කරන්නේ නැහැ. මා කියන්නේ රජය බදු අය කරන එක තරම් ඒක ලෙහෙසි නැති බවයි.  

පෞද්ගලික ව්‍යවසායකයන් අධික සූරාකෑමක් කරන්නට නම් මිනිසුන්ගෙන් වහලුන්ගෙන් වගේ වැඩ ගන්නට ඕනැ. ඒවා දැන් කරන්නට බැහැ. ගෝලීය ශ්‍රම වෙළඳපොළේ තියෙන්නෙ ශ්‍රම හිඟයක්. පුහුණු කම්කරුවන්ට තමන් කරන වැඩ තෝරා ගන්නට පුළුවන්.

අර මං කලින් විස්තර කරපු විදියේ සූරාකෑමක් සාධාරණීකරණය කරන්නට පුළුවන් මහජන සුබසාධනයක් රජයෙන් වෙනවා ද? අඩු ගානේ කුණු ටිකවත් කළමනාකරණය කරන්නට රජයට බැරි වෙලා තිබෙනවා නේ.

සෞඛ්‍යය, අධ්‍යාපනය වගේ අනෙකුත් සුබසාධන සේවා ගැන සලකා බැලුවොත් ඔබට තේරේවි එහි තත්වය. එ්වායේ වැඩිම වියදමක් යන්නේ සේවක වැටුප්වලට. ඒ ආයතනවල ශ්‍රම ඵලදායිතාව ගැන මා කියන්නට ඕනැ නැහැ නේ. ඒක කවුරුත් දන්නවා. රාජ්‍ය සුබසාධනය ගැන මට නම් කියන්නට තිබෙන්නේ මෙච්චරයි. එය පවතින්නේ ආණ්ඩුවත්, රජයට සම්බන්ධ මධ්‍යම පංතියත් කරන සූරාකෑම යන්තමින් හෝ සාධාරණීකරණය කර ගන්නට විතරයි. තවත් සරලව කිව්වොත් බදු ගෙවන ජනතාව රැවටීමටයි. රජයේ නිලධාරීන් බොහෝ වෙලාවට ඒ රැවටීම හෝ කරන්නට උනන්දුවක් නැහැ. ඒ තරමට ඒවා අකාර්යක්ෂමයි. වර්තමානයේදී රජය මහජනයාට සපයන සේවා තරමක් හෝ උසස් තත්වයක තිබෙන්නේ මහාමාර්ග සම්බන්ධයෙන් විතරයි. හැබැයි, කොළඹ වාහන තදබදය දැවැන්ත ප්‍රශ්නයක්.

හැබැයි, මේවා කඩා වැටුණොත් වැඩ කරන ජනතාවගේ ජීවිත තවත් කාලකණ්ණි වෙන බව ඇත්ත. ඒ නිසා තමයි, අපි රජය වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඒක කඩා වැටෙන එක වළක්වා ගන්නට උත්සාහ කරන්නෙ. රජයෙන් යැපෙන රාජ්‍ය විරෝධීන් පවා අපට බනින්නේ අපි රජය ආරක්ෂා කරනවා ය කියලායි. ලංකාවේ රජය පවතින්නේ හෙලවෙන දතක් වගේ අස්ථාවර තත්වයක. ඔය රජයේ සේවකයන්ට එක මාසයක් නියමිත දිනට වැටුප් ගෙවා ගන්නට බැරි වුණොත් බලන්න පුළුවන් වෙයි තත්වය. මහින්දගේ කාලේ සිට ම ආණ්ඩුව විවිධ වංගු දමමින් කොහොම හරි පඩිය වෙලාවට ගෙවා ගන්නවා. හැබැයි ඒ බර දරන්නේ ඵලදායී වැඩ කරන කම්කරුවෝයි. ලංකාවේ බොහෝ විප්ලවකාරයන් රජය හා ආණ්ඩුව අතර වෙනසවත් දන්නේ නැහැ. ඔවුන් දන්නේ නැහැ තමන් කරන දෙයෙහි ප්‍රතිඵලය මොකක්ද කියන එක. 

විකල්පයක් නොමැතිව, පවත්නා රජය බිඳ දැමීම කියන්නේ ම්ලේච්ඡත්වයට පාර කැපීමක්. එයින් ලංකාවේ සමාජය විසින් අප අත්පත් කරගෙන තිබෙන බොහෝ ජයග්‍රහණ ආපසු හැරවෙන්නට පුළුවන්.

ගොවීන් ගැනත්, ප්‍රියන්ත සඳහන් කර තිබුණා. ගොවීන් කියන්නේ ලංකාවේ ගම වගේ තවත් රොමැන්තික සංකල්පයක්. මේවායේ බොරුව හෙළිදරව් කරන්නට හුඟදෙනෙකු බයයි. 

ගොවීන් ලෙස හඳුන්වා ගනිමින් රජයේ සහනාධාර අයදුම් කරන විශාල පිරිසක් ඇත්තට ම වෘත්තීය ගොවීන් නෙමෙයි.ඒ අය එක්කෝ රජයේ රැකියා කරන මධ්‍යම පන්තිකයෝ. නැතිනම් ග්‍රාමීය දිළින්දෝ. වෘත්තීය ගොවීන් ඉන්නවා. ඒ අයට රජයේ සහනාධාර එතරම් වැදගත් නැහැ. උදාහරණයකට නුවරඑළියේ එළවළු ගොවීන් අරගෙන බලන්න. පසුගිය කන්නයේ ගෝවා වවලා රුපියල් කෝටියකට වඩා ලාභ ලබපු ගොවීන් ඉන්නවා. හැබැයි මෝඩ විදියට හැමෝම ගෝවා වවපු මේ කන්නයේ හැමෝටම කෙළ වුණා. හැබැයි අර මං කියපු ගොවියා මේ සැරේ ගෝවා වැව්වෙ නැහැ. මිනිහා බලනවා මාකට් එකේ වැඩිපුර විකිණෙන ඇට ජාති මොනවද කියලා. මිනිහා වවන්නෙ අඩුවෙන් යන ජාතියක්.

ගොවීන් ය කියන ග්‍රාමීය දිළින්දන් සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ මෙයයි. රජය පොහොර සඳහා මහජන මුදල්, මහජන මුදලින් වාරිමාර්ග නඩත්තුව, මහජන මුදලින් වැඩි මිළට අස්වනු මිළ දී ගැනීම ආදී සහනාධාර සැපයිය යුත්තේ බැරෑරුම් ලෙස ගොවිතැනේ යෙදෙන, වෘත්තීය ගොවීන්ට විතරයි. ආහාර නිෂ්පාදකයන් වන ගොවීන්ට, ධීවරයන්ට රජය උදව් කළ යුතුයි. ආහාර මිනිස් සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. ඒ ගැන විරෝධයක් නැහැ. 

ග්‍රාමීය දිළිඳුකම නැති කිරීම කියන්නේ වෙන වැඩසටහනක්. ඒක ගොවියා එක්ක පටලවා ගන්නට ඕනැ නැහැ. 

කම්කරුවන්ගේ ප්‍රතිශතය ගැනත් ප්‍රියන්ත අසා තිබුණා. මා නම් පෙනී සිටින්නේ ඵලදායී වැඩ කරන කම්කරුවන් වෙනුවෙන් විතරයි. ඒ ගැන මා කලින් ලිපියේ මෙහෙම ලිව්වා. //ලංකාවට විදේශ විනිමය ගෙන එන, ලංකාවේ ඵලදායී කර්මාන්ත හා සේවා පවත්වාගෙන යන, වැටුප් ශ්‍රමිකයන් තමයි මම කම්කරුවන් ලෙස සලකන්නේ. එතැනදීත්, වැඩ මූලිකයන්ගෙන් එහාට කළමනාකරුවන් ය කියන්නේ මට අනුව නම් කම්කරුවන් නොවෙයි. මේ අර්ථකථනය වුණත් ඇත්තෙන් ම අසම්පූර්ණයි. හැබැයි, මේ ප්‍රජාවන් කියන්නේ මේ රටේ දේශපාලන බලයෙන් පලවා හැර තිබෙන පිරිසක්. ඇත්තම කිව්වොත් ඔවුන්ට දේශපාලනයෙන් හෝ රජයෙන් හෝ ඇති ලොකු ප්‍රයෝජනයකුත් නැහැ. ඒ මිනිසුන් වැඩ කරලා, හම්බ කරලා, වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා මිළ දී අරගෙන ජීවත් වෙනවා. ඔවුන්ගේ දරුවන්ට හොඳ රජයේ පාසල් නැහැ. රජයේ විශ්වවිද්‍යාල ගැන එතනින් එහාට කතා කරන්නට බැහැනේ. ඔවුන්ට විශ්‍රාම වැටුප් වගේ රජයේ සේවකයන්ට තිබෙන අනාගත සුරක්ෂිතභාවයකුත් නැහැ. ඒවා තමයි ඔවුන්ට තිබෙන ප්‍රශ්න.//

ඒ ලිපියේ ම මා පාලක පන්තිය ගැන මෙහෙම ලිව්වා. //අප නම් ලංකාව විග්‍රහ කරන්නේ මධ්‍යම පන්තික රාජ්‍ය ධනවාදයක් ලෙසයි. ඒක දුවවන බලවේගය තමයි දේශපාලකයන් 500කින්, රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 40,000කින්, රජයේ සේවකයන් ලක්ෂ 14කින් (විශ්‍රාමිකයන් ලක්ෂ පහමාරකින්) සැදුම් ලත් මධ්‍යම පන්තිය. රජය සමග කොන්ත්‍රාත් කරන අය, රජයේ සහනාධාර මත පවතින ගොවියන් ආදීනුත් මෙයට ඈඳෙනවා. මේ අය එක්ක ඍජුවම ලක්ෂ 20ක් හා සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් පමණ යැපෙන්නේ රජයෙන්. ඒ යැපීම සාධාරණීකරණය කර ගන්නට යම් සුබසාධනයකුත් රජයෙන් සිදු වෙනවා. අපි ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි, මේ දැවැන්ත රජය නඩත්තු කරන්නට ගෙවන බදු හා ණය තමයි අපේ ජීවිතය කාලකණ්ණි කරන ප්‍රධාන සාධක. මෙන්න මේ පන්තිය තමයි ලංකාවේ පාලක පන්තිය. ඔවුන් තමයි ආණ්ඩු හදන්නේ. එපමණක් නොවෙයි, ඔවුන් තමයි මහජන මුදල් සොරා කා උපයා ගත් ප්‍රාග්ධනයෙන් ගුණදාස අමරසේකර කියූ ආකාරයේ වසල වෙළඳ කුලයක් හදන්නේ.//

එතකොට මා පෙනී සිටින ඵලදායී වැඩ කරන ජනතාව කවුරුද?

1. විදේශ ශ්‍රමිකයන්: //මේ වන විට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 17ක් විදේශ රටවල රැකියා කරති. සෑම ශ්‍රී ලාංකිකයන් 12දෙනෙකුට ම එක් අයෙක් විදේශ රැකියාවක නිරතව සිටිති.
එයින් 36.28%ක් කාන්තාවෝ ය. 63.22%ක් පිරිමි වෙති. ශ්‍රී ලාංකික සංක්‍ර‍මණික කම්කරු ප්‍ර‍ජාවෙන් 34%ක් ම කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් 82.5%ක් ම අඩු කුසලතා අවශ්‍ය ගෘහස්ථ රැකියාවල නියැලෙන අය වෙති. (මූලාශ්‍රය මෙතැන)

ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 17දෙනෙකුගෙන් එක් අයෙක් පමණ විදේශ රැකියාවක යෙදී සිටිති.

ශ්‍රී ලාංකික විදේශ ශ්‍ර‍මිකයන් විසින් 2014 වසරේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 7කට වැඩි මුදලක් එවූ හ. එය රුපියල් බිලියන 800කට අධික ය.// (උපුටා ගැනීම kiyanna.lkහි මවිසින් තබන ලද සටහනකිනි.)

2. තේ, රබර්, පොල්, කුළුබඩු හා වෙනත් සුළු අපනයන භෝග වගාවේ නියැලි කෘෂිකාර්මික කම්කරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්: මෙම සංඛ්‍යාව ගණනය කරන්නට විධිමත් පර්යේෂණ අවශ්‍යයි. තේ කර්මාන්තය සම්බන්ධයෙන් විතරක් දළ අදහසක් මෙම සටහනින් ලබා ගන්නට පුළුවන්. //ශ්‍රී ලංකාවේ තේ වගාව ආශ්‍රිතව ඍජුව හා වක්‍ර‍ව ජීවනෝපාය සලසා ගන්නා පිරිස ලක්ෂ 30ක් පමණ වන බව මාධ්‍ය වාර්තා පවසනවා. එය ලංකාවේ සමස්ත ජනගහණයෙන් 10%කට වැඩියි. ඔවුන් අතරින් බහුතරය කාන්තාවන් වීමත් සුවිශේෂ තත්වයක්. වතු ආශ්‍රිතව සේවය කරන තේ දළු නෙළන්නියන්, කර්මාන්තශාලා කම්කරුවන් හා තවත් සේවකයෝ රාශියක් සිටිනවා.

2012 වසරේ නිල ජන හා නිවාස සංගණන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 4.4%ක් ජීවත් වන්නේ වතු ආශ්‍රිතවයි. එමගින් අදහස් වන්නේ විශාල හා මධ්‍ය පරිමාණ වතු පමණයි. යටත් විජිත යුගයේදී වතු කම්කරුවන් ලෙස ශ්‍රී ලංකාවට සංක්‍ර‍මණය වූ ප්‍ර‍ජාව වර්තමානයේදී හැඳින්වෙන්නේ කඳුරට දෙමළ ජනතාව ලෙසයි.

කුඩා තේ වතු හිමියන් බොහෝ විට පවුලේ අයගේ හෝ බාහිර කම්කරුවන්ගේ හෝ සහයෝගය ඇතිව තමන්ගේ ඉඩමේ ම වැඩ කරන ගොවීන් පිරිසක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්.// (උපුටා ගැනීම kiyanna.lkහි මවිසින් තබන ලද සටහනකිනි.)

3. රට පුරා අපනයන කර්මාන්තවල සේවය කරන කම්කරුවන්: (සංඛ්‍යාලේඛන අධ්‍යයනය කළ යුතුයි)

4. අවිධිමත් අංශයේ කම්කරුවන්: මේ අය අතරට ඉදිකිරීම් කම්කරුවන්, කුලී කම්කරුවන්, ගෘහ සේවක සේවිකාවන් ආදීන් අයත් වනවා. (සංඛ්‍යාලේඛන අධ්‍යයනය කළ යුතුයි)

5. සේවා අංශයේ කම්කරුවන්

මේ වර්ගීකරණය වුණත් පරිපූර්ණ නැහැ. මේවා ගැන සාකච්ඡා කළයුතුයි.

ඒ වගේ ම හුදෙක් ම අධි පාරිභෝජනවාදය වෙනුවෙන් ප්‍රවර්ධනය කරන ඇතැම් භාණ්ඩ හා සේවා සම්බන්ධ කම්කරුවන් ගැන ගැටලු තිබෙනවා. ඔවුහු ඵලදායී වැඩ කරන කම්කරුවෝ ද? මේක ඉතා සංකීර්ණ කාර්යයක්. හැබැයි, අපි නිකමට හිතමු ඔය ඇතැම් වෙඩිං සේවාකාරයන්, රාජ්‍ය උත්සවවල එහෙම නටන නැට්ටුවන් වගේ අය. මේ අය හෙළන ශ්‍රමය මිනිස් සමාජයේ උන්නතියට වැදගත් ද? හානිකර ද?

මා මේ ලියූ ලිපියෙහිත් ගැටලු ඇති. ඒවා සාකච්ඡා කළ යුතුයි. ඒ වගේ ම, ලංකාවේ සමාජය තේරුම් ගන්නට විධිමත් අධ්‍යයන රැසක් සිදු විය යුතුයි. ඒවා අපේ පුද්ගල ධාරිතාවෙන් බැහැර කාරණා.

අප කරන්නේ එක දෙයක් පමණයි. ඒ දැනට පොදු පිළිගැනීම තුළ පවත්නා ඝනීභූත, යල්පැන ගිය අදහස් පද්ධතියකට අභියෝග කරන එකයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දේශපාලනයේ නියෝජනයක් නැති මේ ඇත්ත වැඩ කරන ජනයා වෙනුවෙන් ව්‍යාපාරයක් රටේ බිහි විය යුතුයි. ඒක ඉතා සංකීර්ණ කාර්යයක් වුණත්, ඒක තමයි ලංකාවේ දේශපාලනය වෙනස් කරනවා නම් කළ යුතු දෙය.

    ReplyDelete
    Replies
    1. කැරි වේසිගේ පුතෝ තොගේ අම්මට හුකා ගන්නේ නැතුව ඉදු පරයා. තොගේ පට්ට වේස ගෑනි තොගෙන් සැපක් නැති නිසා දොස්තරලා එක්ක බුදිය ගන්න එක තේරුම් ගන්න බලපන් පකයා. ඒකි ඒකිට ඕන සැප අරන් ලමයි දෙනෙකුත් හදා ගත්තා. අපි මේවා තොගේ හදාගන්න ලමයි දෙන්නට දන්වනවා වයස හරි ගියාම. ඇයි උඹ බ්ලඩ් ටෙස්ට් එකක් නොකරන්නේ ලමයි දෙන්න උඹේ කියන්න?

      කැරි වේසිගේ පුතෝ ධනපති පන්තියේ කක්කුස්සි කඩන් නක තෝ දන්න මාක්ස්වාදයක් තියෙනවො ද පකෝ? තෝ වම ගැන ලියන එක නවත්තපන් කැරියා. නැත්නම් අපි තොගේ රෙදි ගලවනවා. තොගේ චින්චිමානිකාව දැන් ඇටෙන්ඩන්ලා එක්කත් බුදිය ගන්න තරම් මෝල හැදිලා කියලා අපිට ආරංචියි. අපි ලගදි එලිදරව්වක් කරනවා.

      කැරියා තෝ කන්නාඩියකිනි බලපිය තොගේ මුහුණේ මහසෝන් ලකුණු පහල වෙලා තියෙන්නේ දැන්.

      Delete
    2. මාක්ස්වාදයේ ව්‍යාජ භාෂාව වෙනුවට ඇත්ත ම බාසාව ඔන්න එළියට ඇවිත්. ඇත්තෙන් ම ස්තුතියි.

      Delete
    3. හප්පච්චියේ, ගෝලයන්ගේ හැදියාව අනුව බැලුවාම ලෙනින් මලේ සිපිලිස් ක්‍රොනික් වෙලාය කියන කටකතාව බොරුවක්ම නොවෙන්නත් පුළුවනි.

      Delete
    4. මාක්ස්, එංගල්ස්, ලෙනින්, ස්ටාලින්, කස්ත්‍රෝ, කිම් ඉල් සුං, මාවෝ, හෝ චි මිං, චේගුවේරා යනාදී සමාජවාදී අසූචි පර බල්ලන්ගේ සොහොන් කොත් වලට හෙණ ගහපන් දෙයියනේ උන් මේ මිනිසත්බවට කරපු අපරාධවලට.

      Delete
    5. පැරා මචං, කවුරු හරි ශික්‍ෂණයක් නැති පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ පළ කර ඇති ඉතා නින්දිත කමෙන්ට් එකක් වශයෙන් සලකා අප ඉහත කමෙන්ට් එක සර්වප්‍රකාරයෙන් ම හෙළා දකිනවා. දේශපාලනිකව විසඳා ගත යුතු විසංවාදයක් පෞද්ගලික කලල්පතනයක් දක්වා ගමන් කිරීම න්‍යායාත්මක දෝෂයක් ලෙස අප දකිනවා. විප්ලවීය වම මෙවැනි අතිසරල අතිධාවනකාරීත්වයකට එළඹෙයි කියා අප සිතන්නේ නැහැ. වම සැම විටම ගැටලුවක් දෙස බලන්නේ පුද්ගලනිශ්‍රිතව නොව විෂයනිශ්‍රිතවයි. මාර්ක්ස් විසින් බටහිර යුරෝපය තුළ අනුදැන වදාරන ලද, ⁣ප්ලෙකානොව් විසින් විසින් රුසියාව තුළ ප්‍රචලිත කරන ලද අපෝහක භෞතිකවාදී පදනමක් සහිත මාර්ක්ස්වාදී ලෝක දෘෂ්ටිය ප්‍රශ්නයක් දෙස යොමුවන ඵෙතිහාසික ප්‍රවේශය ඉහත අශිෂ්ට, අශීලාචාර, අධම, අවර කමෙන්ට් එකේ පවතින ආකාරයේ දෘෂ්ටියක් නොවේ.

      අප එවැනි කමෙන්ට් අවඥාව නමැති කෙවිටෙන් අල්ලා කසළ වළ ලා යුතු බව පැරාට සිහි කරනවා. මිලියන එකාමාරක ජනපදනමක් ඇති පැරාගේ ඩබ්ලිව්තුනලංකාව එවැනි කමෙන්ට්වලින් අපිරිසිදු කිරීම පැරා තමන්ගේ උගත් බුද්ධිමත් පාඨකයන්ට කරන අවමානයක් ලෙසයි අප දකින්නේ.

      ඉහත කමෙන්ට් එකෙන් පැරාගේ දෙශපාලනය සමඟ මෙම අවකාශය තුළ සක්‍රීය නොවන ඊශා සහෝදරියටත් ඇයගේ මල් වැනි දරු සිගිත්තන් දෙදෙනාටත් ඉතා නින්දිත හා අස්ථානීය අවලාද, අපවාද, අපහාස නැඟීමක් සිදු වෙනවා. ඒක කිසිසේත්ම වාම දේශපාලනය සමඟ අනුගත වන්නක් නොවේ. ඊශා සහෝදරිය පිළිබඳ දේශපාලනික විවේචනයක් කිරීම අප වරදක් ලෙස සලකන්නේ නැහැ. ඒ විවේචනය ඇයගේ අවකාශය තුළ කළ යුතු⁣ දෙයක් හැටියටයි අප දක්න්නේ. ඊශා සහෝදරිය අතීතයේ දී ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ ප්‍රමුඛම සාමූහිකය ඇතුළතින් පුපුරුවා හරින්නට කළ නිෂේධනීය කාර්යභාරය පිළිබඳ, ඒ වගේම ඇය වර්තමානයේ ඇගේ හෙද සංගමය හරහා කරමින් සිටින නිෂේධනීය දේශපාලන භාවිතය පිළිබඳ වමට දේශපාලනික ප්‍රශ්න තිබෙනවා. නමුත් ඊශා සහෝදරියගේ පුද්ගල නිදහස පිළිබඳ අයිතිවාසිකම් කිසිවෙකු විසින් උල්ලංඝනය කළ යුතු නැහැ. ඇයට ලිංගික සහකරුවකු තෝරා ගැනීමට, ලිංගික නිදහස බුක්ති විඳීමට ඇති අයිතිය ඇගේ දේශපාලනික ප්‍රතිගාමීත්වය සලකා අහිමි කළ යුතු නැහැ. එනිසා ඊශා සහෝදරියගේ ලිංගික නිදහස ඇතුළු පුද්ගල නිදහස සම්බන්ධයෙන් වම සැම විටම පෙනී සිටිනවා. ඇය තමන්ගේ ලිංගික නිදහස සඳහා රාජ්‍ය දේපළ අපහරණය කළොත් හෝ තමා යටතේ සේවය කරන සේවකයන් අපහරණය කළොත් හෝ ඇය පිළිබඳ ප්‍රශ්න කිරීම වෙනත් මානයක්. එය දේශපාලනික විය හැකියි.

      මාර්ක්ස්-ලෙනින්වාදී වාම දේශපාලන කතිකාව සැම විටම ස්ත්‍රිය සහ දරුවා පිළිබඳ ඉතා සම්භාවනීය ප්‍රතිපත්තියක් අනුයනවා. මාර්ක්ස් තම සේවිකාවට පවා අසීමිතව ⁣ආදරය කළ ප්‍රේමණීය මනුෂ්‍යයෙක්. රැල්ෆ් බුල්ජන්ස් වැනි මෝඩ පහේ පාපතරයන් හැරෙන්නට කවරෙකුවත් ඒ බව සැක කර නැහැ. ලෙනින් තමන්ගේ ආදරණීය භාර්යාවට කෙතරම් ගෞරව කළාද යත් ඇයගේ නාමයෙන් පරම්පරාව පැවැත් වීමට පවා අනුබල දුන්නා. ලෙනින් තම දීර්ඝ කාලීන ප්‍රතිවාදිනිය වූ රෝසා ලක්සම්බර්ග් සහෝදරිය ඝාතනය වූ කල කළ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය තුළ ලෙනින් ඇයට දැක්වූ ගෞරවය ගැබ්වුණා. ලෙනින් දරුවන් සම්බන්ධයෙන් පවසනවා දරුවන්ට හොදම දේ දිය යුතුයි කියා. ස්ත්‍රීන් හා දරුවන් සම්බන්ධයෙන් එවැනි අතිවිශිෂ්ට ප්‍රතිපත්තියක සිටි ගුරුවරැන් අනුයන වාම විප්ලවීය දේශපාලනය කෙදිනකවත් ඉහත ආකාරයේ තිරශ්චීන කමෙන්ට් එකක් පළ කරන්නේ නැහැ. ඉහත කමෙන්ට් එක වම අපහසුවට පත් කිරීම සඳහා වාම ප්‍රතිරූපකයෙකු විසින් ලියන ලද්දක් විය යුතුයි.

      තමාව දේශපාලනිකව ප්‍රශ්න කෙරෙන කමෙන්ට්ස් පවා තම වාරණයේ අයෝමය පාදපාවට යට කර දමන පැරා ඇයි ඉහත ආකාරයේ ඉතා නින්දිත කමෙන්ට් එකක් අපලෝපනය නොකර එය තව තවත් ප්‍රවර්ධනය කරන්නේ? පසුගිය කාලයේ පැරාට එරෙහිව විශේෂයෙන්ම ජාතිකවාදී සහෝදරත්වය මකු කළ චෝදනා දෙකක් තිබුණා-

      1 පැරා ජනප්‍රියත්වය සඳහා තමාට එරෙහිව ලියවුණු ඕනෑම ලේඛනයක් යළි පළ කරන බව

      2 පැරා ජනප්‍රියත්වය සඳහා තමාට එරෙහිව තමාම අපහාසාක්මක කමෙන්ට් පළ කර ගන්නා බව

      Ctd

      Delete
    6. ඉහත කමෙන්ට් එක සම්බන්ධයෙන් පැරා අනුගමනය කරන ක්‍රියාකලාපයෙන් ඉහත චෝදනා දෙක යම් ආකාරයකට තහවුරු වෙන්නට හැකියි. එනිසා අප පැරාට යෝජනා කරනවා වම අපහසුතාවට පත් කිරීම සඳහා කිසියම් අයකු පළ කර ඇති ඉහත කමෙන්ට් එක ඔබගේ වාරණයේ අයෝමය පාදපාවට වහාම යටත් කරන්න කියා.

      පැරා සමග දශක ගානක් පුරා දේශපාලනික විසංවාදයක සිටින අප ඒ කාලය පුරා ප්‍රබල විවේචන පැරාට එල්ල කර තිබෙනවා. ඒත් පැරා පිළිගන්නවා ඇති අප කිසිම දවසක පැරාට හෝ ඊශා සහෝදරියට හෝ ඇයගේ දරුවන් දෙදෙනාට හෝ අවලාද නගා නැති බව. වම වශයෙන් අප අනුයන්නේ ප්‍රද්ගලනිශ්‍රිත සමාජ දේශපාලන කියවීමක් නොව විෂයනිශ්‍රිත කියවීමක් බව අපගේ දේශපාලන භාවිතය සමීපව ඇසුරු කළ පැරා දන්නවා.

      පැරාටත්, ඊශා සහෝදරියටත් ඇයගේ දරු දෙදෙනාටත් අවලාද, අපහාස, අපවාද නඟන ඉහත කමෙන්ට් එක වම වශයෙන් අප හෙළා දකිනවා. දේශපාලනික භේද සියල්ල මේ මොහොතේදී අමතක කර අප මේ කාරණය සම්බන්ධයෙන් පැරා සමඟ එකාවන්ව සිටිනවා.

      පැරා ඔබ අපගේ දේශපාලන ප්‍රතිවාදියෙකු විනා පෞද්ගලික සතුරෙක් නොවේ.


      පැරාට කවදත් ආදරේ අපි,

      වමේ අපි (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ලාංකීය සන්ලකුණ)

      Delete
    7. මට නිතරම මේ වගේ කමෙන්ට් ලැබෙනවා. මම ඒවා කපා හරිනවා. හැබැයි මම මේක කපන්නෙ නැහැ. හේතුව, මේක දාපු කෙනා බලාපොරොත්තු වෙන්නට ඇත්තෙ මේකත් කපයි කියලා.

      මේක මම ඉතිරි කරන්නෙ මේ වගේ මිනිසුනුත් මේ අවකාශයේ ඉන්න බව සමාජය දැන ගත යුතු නිසායි.

      Delete
    8. මේවා ලියන එවුන් අපට ඉඳහිට හමු වෙනවා. මුහුණ නොදී මගහරින්නට උත්සාහ කරනවා.

      Delete
    9. වමේ අපි අන්තර්ජාතික අන්කල්ලා වෙත,

      උඹලා පවු නොදී යුරෝපයට වෙලා කර ගන්න මඟුලක් කර ගනින්ලා. අපේ වැඩ වලට ඇඟිලි ගහන්න එන්න එපා. උඹලා හැමදාම බො⁣රු ටෝක් දීලා ගේම සෙට් වුණාම මහත්මා ටෝක් දීලා මාරු වෙනවා. අනික උඹලා තමයි අපේ ගුරුවරු. අනෝ ප්‍රහාර දීලා බ්ලොග් වස්සවන හැටි අපිට උගනවපු එවුන් දැන් අපිට බණ දෙසන්න එනවා. උඹලා පහුගිය අවුරුදු දෙක තුනේ මොනවද කළේ? උඹලා තමයි මෙතන ඇනෝ දාලා මේ කුණු බ්ලොග් එක චාටර් කළේ. කොටියට කඩේ ගිහිල්ල ගිහිල්ලා වැලේ වැල් නැති වුණාට පස්සේ උඹලා දැන් සිංහල ජාතිවාදීන් එක්ක සෙට් වෙලා පැරාව අතහැරලා ඉන්නේ. උඹලගේ ලයින් එක අපි දන්නවා. උඹලා කැමති පැරා කක්කුස්සි කඩන් කාලා චාටර් වෙනවාට. අපිට ඒක කමක් නැහැ. ඒත් මේ කැරි බල්ලා වමට ගහද්දී අපිට පොන්නයෝ වගේ බලන් ඉන්න බැහැ. අපි උඹලගේ ගෝලයෝ හැටියට උඹලා ගැන අපේ හිත්වල ගෞරවයක් තියෙනවා. මොකද උඹලා හරියට ලියන්න කියන්න පතරංග පොත්වලින් කෝට් කරන්න ලස්සනට ලේඅයුට් කරන්න අලුත් ට්‍රෙන්ඩ් හැදුව එවුන්. ඒ ගෞරවය නිසයි උඹලාට අපි පැරාට කතා කරන විදියට නැතුව මෙහෙම කතා කරන්නේ. ඒ ගෞරවය නැති කරගන්න එපා උඹලා. පැරා පොන්නය මීට කලිනුත් පකේ පෝස්ට් එකක් දාලා අපි ඌට ගේම දුන්නම උඹලා ඒකට මාගලක් ලියලා අපේ කමෙන්ට් එක දියාරු කළා. අපි එදත් උඹලට මුකුත් කිව්වේ නැහැ.


      පොන්න පැරෝ,

      තොට මේ අපි දුන්නේ ආරම්බය විතරයි. තොට තව තව ඕන නම් රෙස්පොන්ඩ් කරපන් පඩි ටෝක් දීලා.

      Delete
    10. අම්මේ, තාත්තේ, මල්ලියේ, නංගියේ, අක්කේ, අයියේ, බාප්පාගේ පුතේ, කාලකන්නි අවජාතකයෝ, තොපි වගේ සක්කිලි බල්ලො, පුක හෝදන තොපි වගේ අවජාතකයො, පුන්චි බබෝ, උපන් ගෙයි මෝඩයෝ, ගොන් මෝඩ වහු පැටියො, මෝඩ වහලෝ, පොන්සියෝ, හමදාම සිත කාමර වලට වෙලා වැල බබබල අත හොල්ල හොල්ල පිම්පියෝ, කැරි වේසිගේ පුතෝ අහපිය.

      මේක මම අහුලගත්තේ නොකී කතා ගේ කොමෙන්ට් එකක තිබිල.
      බොහොම ගවුරවනිය අන්දමට ජනතාව අමතන්න මේ උදවිය හරි දක්ෂයි.
      කොහොමට හිටීද වැරදිලාවත් ආණ්ඩුව ලැබුනොත්.

      Delete
    11. මේ කුණු භාෂාවෙන් ලියූ කමෙන්ට් එකෙයි විදග්ධ භාෂාවෙන් ලියූ කමෙන්ට් එකෙයි අරමුණ එකයි... එකම කරුණු ටික දෙවිදිහකින් ඉදිරිපත් කරනවා. ඒයිනුත් විදග්ධ භාෂා කමෙන්ට් එක අර කුණු කමෙන්ට් එකේ කාරණා වලට විරුද්ධ වෙන බව පෙන්වමින් හීන් නූලෙන් ඒ මාර්ගයේම යනවා. ඕක අර සමහර දේශපාලකයින් "මම මේ ගමට විශාල සේවයක් කර තිබෙනවා, හැබැයි මම ඕවා ප්‍රසිද්ධියේ කියන්නේ නෑ" වගේ දේවල් රැස්වීම් වලදී ප්‍රකාශ කිරීම වගේ.

      Delete
    12. මම මේ ඇත්ත කීමේ වැඩසටහන ආරම්භ කළේ ඔය වගේ ප්‍ර‍තිචාර බලාපොරොත්තුවෙන්. හැබැයි මම හිතුවා වාමාංශිකයන්ට, මාක්ස්වාදීන්ට දෙන්නට මොකක් හරි විධිමත් උත්තරයක් තියෙයි කියලා. දැන් බැලුවාම උන් මං හිතුවටත් වඩා හිස්.

      Delete
    13. මමනම් හිතන්නෙ Anonymous April 23, 2017 at 12:32 PM කමෙන්ට් එක දාලා තියෙන්නෙ අතිගරු සරස තුමා හරි එතුමගෙ කුලී කමෙන්ට් හමුදාවෙ අතිගරු බන්‍ධුල කුදාලාගම මැතිතුමා හරි මයුරවිල මි තුමා හරි කියලයි. එතුමන්ලාට පැරාගෙ බ්ලොග් එකේ හිට්ස් ගාන දැක්කම පැලෙන්න ඉරිසියාව. අනික පරණ පෙම් පළහිලව්වක් නිසා සරස තුමාට හෙද හෙදියන් නයාට අඳුකොල වගේ. ඉතින් එතුමාගේ මනදොළ පිනවන කමෙන්ට් දැම්මම තමයි අතිගරු බන්‍ධුල කුදලාගමයන්ටයි අතිගරු මයුරවිල මි තුමාණන්ටයි වැඩිපුර ගාණක් අතට එන්නෙ.
      ඒක හන්දා පැරාව තරහ ගස්සන කමෙන්ට් කොටලා එක්කො අතිගරු සරස තුමා පට්ට ආතල් එකක් ගන්නවා. නැත්තන් සරස තුමාව ෆෝම් වෙන කොමෙන් කොටලා තිගරු බන්‍ධුල කුදලාගම මැතිඳයි අතිගරු මයුරවිල මි මැතිඳයි කල්ල මරේ කර ගන්නවා.. මොන ජීවිතද අප්පා මෙව්වා..
      පැරා මේ කිසිවකින් නොසැලී ඉදිරියටම ලියන්න.

      Delete
    14. අද දින දස වැනි උපන් දිනය සමරන චූටි දියණියට

      දස වසරක් සඟවා ගෙන සිටි රහස
      සුනාමියක් සේ මතු විණි පෙර දවස
      ඔබ දුන් දුක අපමණ විය සැම දවස
      ලොවට හොරා ඇඬුවෙමි මම රැක රහස

      දකිනා සැම විට ම ඔබ සුරතල් මුහුණ
      මට සිහි වුණේ ඔබ පිය වෙදැදුරු මුහුණ
      ඔබට නො වන බව කියුවත් මා මුහුණ
      නො කරමි වෛර බලමින් ඔබ සුදු මුහුණ

      දියණිය ඔබ නො වේ හේතුව මගෙ දුකට
      ඔබ මව හෝ නො වේ හේතුව මගෙ දුකට
      ඔබ පිය හෝ නො වේ හේතුව මගෙ දුකට
      මගේ නිසරු බව වේ හේතුව මගෙ දුකට

      මා සුදු දියණියේ දස විය සමරන මෙදින
      සිප් නැණ ලබා ඔබ පිය ලෙස නුදුරු දින
      වෙදකම ප්‍රගුණ කර ලොව ජය ලබන දින
      මම තුටු කඳුළු සලනෙමි ⁣දියණිය එදින

      ආදරණීය සුළු පියා,
      අජිත් පැරකුම් ජයසිංහ.
      2017-04-24

      Delete
    15. මගේ දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති දස හැවිරිදි දරුවකු සම්බන්ධයෙන් මගේ නමින් මෙවැනි කවියක් ලියන්නට තරම් දීන ලංකාවේ කවියන්, කලාකරුවන්, සමාජවාදීන්, විප්ලවවාදීන් වෙනුවෙන් මා මෙම කවිය ඉවත් නො කර එසේ ම තබමි.

      කලාකරුවන්, කවියන් යනු සාමාන්‍ය ජනතාවට වඩා පසුගාමී මිනිසුන් බව මා කීවේ බොහෝ කලකට පෙර ය. (ශාස්තෘ කියවන්න) ඔවුන්ට තිරිසනුන් පවා විය හැකි බව මම එහි කීවෙමි.

      මේ උදාහරණයකි.

      Delete
    16. ඕක ශ්‍රී ලන්කා, කාරයෙක් වත් UNP කාරයෙක් වත් ලියපු කවියක් නම් නෙවෙයි.ෂුවර් එකටම වාමාංශික සින්හල බවුද්දයෙක් ලියපු එකක් වෙන්න ඕන

      Delete
  2. ඔන්න මචං සමාජවාදය දෝර ගලනවා. කෙල්ල ගං ගෙට.

    ReplyDelete
    Replies
    1. යකෝ සමාජවාදීන්ට ඕනම දරුවෙක් එකයි.තමන්ගෙ ගෑනිට වෙනඑකෙක් කෙලල හැදුවත් ඒ දරුව තමන්ගෙ දරුවෙක් තාත්තා කියන්නෙ යුතුකම් සමුදායක් වගේම වගකීමක්.උබල සමාජවාදීන් නොවෙයි.උබල ජාතිවාදි සින්හල බවුද්දයො

      Delete
  3. මම දන්න යාලුවෙක් ඉන්නව එයා Ctb කොන්දොස්තර කෙනෙක් කොලඹ කතරගම වැඩකරන නිසා දින දෙකකට වරක් දින දෙකක් නිවාඩුයි ගොඩක් උනන්දු සහිත ගොවියෙක් නිසා අමතරවආදායමක් ලබන්නට හේන් වගාව කරනවා වසරකට පෙර කුඩා ඉඩම් කැබැල්ලක කරපු මිරිස් වගාවෙන් රුපියල් ලක්ෂ 13 ක සුද්ද ලාබයක් ලැබුව.කුඩා නිවසෙහි ඉතුරු වැඩ ටිකත් දරුවන්ට බිරිඳට ලක්ෂ 3ක රන් ආබරණත්,වැඩිවියට පත් දියනියගේ උත්සවයත් DJ එකක් ගෙන්වා ගමේ හැටියට ලොකුවට ගත්තා.මමත් කිසිම රජයේ සහනාධාරයක් නැතුව වගාවෙන් මුදල් සොයාගෙන තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය අමුඩ ගහගෙන කොළඹ එන වැඩි දෙනෙකු ගොවියන් නෙමෙයි ග්‍රාමීය දිළින්දනුයි. ග්‍රාමීය දිළින්දන් නගා සිටුවන්නට වෙන ම වැඩසටහනක් අවශ්‍යයි.

      රජය වුණත් සහනාධාර දිය යුත්තේ බුද්ධිමත්, වෘත්තීය ගොවීන්ට කොන්දේසි සහිතවයි.

      මං දන්න තෙත් කලාපයේ ගොවීන් ඇතැමෙකු දැන් කරන්නේ ට්‍රැක්ටර් දාලා හානවා. ඊට පස්සෙ වී ටික ඉහලා දාලා, ආණ්ඩුවෙන් දෙන පෝර ටික කුඹුරට වීසි කරලා, කාට හරි කියලා තෙල් පාරකුත් ගස්සගෙන ඊට පස්සෙ සුනාමිය යවනවා. සමහර ගොවීන් කුඹුරට යන්නෙ ම නැහැ. අස්වනු යැපුම් මට්ටමේවත් නැහැ. මේවාට මහජන මුදලින් සහනාධාර දෙන්නට ඕනැ නැහැ.

      Delete
  4. අජිත් කම්කරුවන් කියා නිර්වචනය කරන්නේ කොහොමද? මට හිතෙන විදියට අප සියලු දෙනාම එක්තරා ආකාරයක කම්කරුවන් තමයි. පාලකයා කියා කීවත් අන්තිමේදී බලන විට ඔහුත් කාගේ හෝ කම්කරුවෙක් නොවේද. අපි සියලු දෙනාම එක්තරා මට්ටම් වල කම්කරුවන් වාගෙයි. ගුරුවරු, රජයේ නිලධාරීන් මේ සියල්ලෝම එම කම්කරු දැති රෝදේ දැතියි. කවුද එතකොට හැබෑ පාලකයා? දේශපාලකයන්ද? ඔවුනුත් අන්තිමේදී බලනා කල විදේශ බැංකු, රටවල් වලට ඕනා එපා හැටියට වැඩ කරනා සුපිරි කම්කරුවන් පිරිසක් නොවේද.

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය මතු කර පෙන්වන්නේත් මා කියන කාරණයක් ම තමයි. මේ නිර්වචන ඉතා අවුල් සහගතයි. එහෙත්, ඒ කතිකා පදනම් වන්නේ ම මේ කාරණා ප්‍රශ්න කිරීමකින් තොරව පිළි ගැනීම මතයි. ඒවාත් හරියට දෙවියන් විසින් ලෝකය මැව්වා ය කියන සංකල්පය වගේ.

      ඒ අනුව බැලුවා ම මා ඉදිරිපත් කරන අදහසත් කතිකාවක් වෙන්නට පුළුවන්. හැබැයි මම කියන්නේ මේක ප්‍රතිචාරයක් විතරයි.

      එහෙම බැලුවාම දේශපාලනයට අවශ්‍ය සාකල්‍ය ප්‍රවේශයක් මිස දෘෂ්ටිවාදී ප්‍රවේශයක් නෙමෙයි කියලාත් කියන්නට පුළුවන්. හැබැයි යම් පක්ෂපාතිත්වයන් වැදගත්.

      Delete
  5. " විකල්පයක් නොමැතිව පවත්නා රජය බිඳ දැමීම කියන්නේ ම්ලේච්ඡත්වයට පාර කැපීමක්. එයින් ලංකාවේ සමාජය විසින් අප අත්පත් කරගෙන තිබෙන බොහෝ ජයග්‍රහණ ආපසු හැරවෙන්නට පුළුවන්."

    awalam Sunaka puthe, Thopila kalin anduwata mekane kale bellige puthoo.
    Den mokada bijjak kiyawanne.

    ReplyDelete
    Replies
    1. කලින් ආණ්ඩුව නෙමෙයි මේ ආණ්ඩුව වුණත් වෙනස් කළ යුතු දාට වෙනස් කළ යුතුයි. ඔබලාට තිබෙන ප්‍රශ්නය දේශපාලනයේ මූලික දේ නො දැනීමයි. ආණ්ඩුව යනු රජය නො වන බව නො දන්නා අය දේශපාලනය කතා නො කර දන්නා කුණුහරුපයක් පමණක් කතා කරගෙන බෝක්කුවක් උඩ බීඩියක් බොන එක යහපති.

      Delete
  6. කම්කරුවා සූරා කනවා කියමින් ඒ සඳහා ගෙනෙනා කම්කරු ආරක්ෂණ අණ පණත් වලින් වෙන්නේ රැකියා නැති අයට කෙළවීම පමණයි. ධනවාදී ක්‍රමයේ ආයෝජනය කිරීමට බාධක නැති නිසා අධික ලාභ ඇති අංශ වලට ආයෝජන පැමිණ එම අධික ලාභ නැතිකරනවා. ඒවගේම ව්‍යවසායකයින්ගෙන් රජය සූරාගන්නා බදු වලින් නොමිලේ දෙන සේවාවන් ලාබ දෙනවා. කම්කරු පන්තියේ කෙනෙකුටත් ව්‍යවසායකයෙකු වීමට ඕන තරම් අවස්ථා තියෙනවා. ඒවා ප්‍රයෝජනයට නොගෙන ප්‍රාග්ධනය ලබා ගන්න බැහැ වැනි බොරු කියමින් කම්කරු පන්තියේ සිට සියළුම අවදානම් ගතයුතු ව්‍යවසායකයින්ව හූරගන්න බලනවා.

    ReplyDelete
  7. //ව්‍යවසායකයා වෙනුවට රාජ්‍යය ආදේශ වීම කියන එක විතරයි සමාජවාදී පර්යේෂණවලදි අපි දැක්කේ//

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය ආදේශවිම සැමවිටම අසාර්ථකවිය. ඒ ඇයි?

      Delete
    2. එයට හේතු අවසානයේදී නැවත මිනිස් ගති පිළිබඳ මූලික ලක්ෂණ සමග සම්බන්ධ විය හැකි ය.

      ඇත්තෙන් ම අසාර්ථක වී ඇත්තේ රාජ්‍යය පමණක් නො වේ. රාජ්‍ය නො වන සංවිධාන ද එසේ ය.

      යමක් දිගින් දිගට ම අසාර්ථක වේ නම්, ඒ මත එල්ලී සිටීම බුද්ධිගෝචර නැත. විකල්ප සෙවිය යුතු ය.

      Delete
  8. පැරකුම්,
    ඔබ නිර්වචනය කරනා කම්කරුවා කවරෙක්ද? ඒ ගැන නිශ්චිත අදහසක් නොමැතිව මේ ගෙනයන සටන පල රහිත නොවේද? කම්කරුවා පාලකයාගෙන් වෙනස් වන්නේ කොතනින්ද. පාලකයා යයි නිර්වචනය වන තැනැත්තාත් තවත් කාගේ හෝ යටතේ ඉන්නා කම්කරුවෙක්ම නොවේද?

    මා සිතනා අන්දමට (71 කැරැල්ලෙන් පසු මා විදේශගතවූ අතර දැන් ස්ථිර ලෙස වාසය කරන්නේ ස්කැනේඩියානු රටකය) ධනවාදයේ උපරිමයට ගිය විට එතන ගොඩනැගෙන්නේ සමාජවාදයයි. එසේම වැරදි තෝරා ගැනීම අප අතින් සිද්ධ වුවහොත්, ඒ අනුව අපි ක්‍රියාකාරී වුවහොත්, එය මනුෂ්‍ය වර්ගයාගේ මහත් දුර්භාග්‍යය නොවන්නේද? අප ඉදිරියේ ඇති දැවැන්ත බාධකයන් අතර පළමුවැන්න: හැම ප්‍රාන්තයකම ඉන්නා යම් මිනිසුන් කොට්ඨාශයක් තමන්ගේ බලය අඩු වී යන බව දකිනා නිසා සෑම වෙනසකටම එරෙහි වීමය. සමාජවාදය කෙරෙහි අප යොමු නොකරන මාර්ගය එය නොවේමද?

    ReplyDelete
    Replies
    1. කම්කරුවා ගැන දළ නිර්වචනයක් මා මෙම ලිපියේ කර තිබෙනවා. එය මෙම සටහන අග යළි උපුටා දක්වන්නම්.

      හැබැයි මා කම්කරුවා මතු කර දක්වන්නේ ලංකාවේ රාජ්‍ය පාලන බලය හිමි මධ්‍යම පංතියට ප්‍ර‍තිරෝධී බලයක් ලෙසයි. මා දක්වන කම්කරුවන්ට එවැනි පන්ති විඥානයක් නැහැ. ඒක නරක දෙයක් ලෙස මා දකින්නේත් නැහැ.

      මේ පන්ති විග්‍ර‍හවලින් ලංකාවට ලොකු ප්‍රයෝජනයක් නැහැ. හැබැයි මධ්‍යම පන්තික ආධිපත්‍යය නිසා තමයි ලංකාවට වර්තමාන කාලකණ්ණිකම උරුම වුණේ.

      /ලංකාවට විදේශ විනිමය ගෙන එන, ලංකාවේ ඵලදායී කර්මාන්ත හා සේවා පවත්වාගෙන යන, වැටුප් ශ්‍රමිකයන් තමයි මම කම්කරුවන් ලෙස සලකන්නේ. එතැනදීත්, වැඩ මූලිකයන්ගෙන් එහාට කළමනාකරුවන් ය කියන්නේ මට අනුව නම් කම්කරුවන් නොවෙයි. මේ අර්ථකථනය වුණත් ඇත්තෙන් ම අසම්පූර්ණයි. හැබැයි, මේ ප්‍රජාවන් කියන්නේ මේ රටේ දේශපාලන බලයෙන් පලවා හැර තිබෙන පිරිසක්. ඇත්තම කිව්වොත් ඔවුන්ට දේශපාලනයෙන් හෝ රජයෙන් හෝ ඇති ලොකු ප්‍රයෝජනයකුත් නැහැ. ඒ මිනිසුන් වැඩ කරලා, හම්බ කරලා, වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා මිළ දී අරගෙන ජීවත් වෙනවා. ඔවුන්ගේ දරුවන්ට හොඳ රජයේ පාසල් නැහැ. රජයේ විශ්වවිද්‍යාල ගැන එතනින් එහාට කතා කරන්නට බැහැනේ. ඔවුන්ට විශ්‍රාම වැටුප් වගේ රජයේ සේවකයන්ට තිබෙන අනාගත සුරක්ෂිතභාවයකුත් නැහැ. ඒවා තමයි ඔවුන්ට තිබෙන ප්‍රශ්න.//

      Delete
    2. "එක්තරා රටක භීම සමයක දක්‍ෂිණ දිශාහි රුදුරු අපාය සමාන වධකාරයක දී එසේ අමානුෂික දණ්ඩනයනට ලක් ව, සිය වෘෂණ යුගළය මේස ලාච්චුවක සිර කරනු ලැබ, සිඳිත, බිඳිත, මඬිත කල අනත දුක් විඳි තැනැත්තකු පසු කාලීන ව දණ්ඩනය සිදු කළවුනට ද රටට ද ජාතියට ද ආගමට ද මතු නො ව තමාට පරිබාහිර සෑම දෙයකට ම වෛර කරන ආකාරය මා දැක ඇත!

      මා සන්මිත්‍ර මයුරවිලයනගේ පැනයට ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණේ ය යි මම සිතමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය."

      Delete
    3. මෙය කෙළින් ම මට කියන්නට ඔබට ආත්ම ශක්තියක් නැත්තේ එය එසේ නො වන බව ඔබ ද දන්නා නිසා ය.

      ඇත්තෙන් ම සිදු වී තිබෙන්නේ අනෙක් පැත්තයි. මා එවැනි සමාජයට වෛර කරන්නන් පිරිසකගෙන් මුළුමනින් ම ගැලවී ඇත.

      Delete
    4. Ajith, I don't think this was written about you? Do you think so? That cult is exclusively writing about Royalists. They don't even write about people from schools like Ananda, Nalanda. After you had chased out Sa rasa, I noticed they stopped writing about you. I think this was an excerpt from another writing that was quoted by somebody making fun out of you all. Don't wear another's hat by answering unrelated stuff. You need to cool down Ajith. You are somewhat agitated these days. Aren't you? Cheers!

      Delete
  9. මගේ යාලුවෙක් මාක්ස්වාදියෙක් වෙලා මලා

    ReplyDelete
  10. මාර්ක්ස්වාදී isis වාදීන් යලි බෝවී ඇති බව දෙවන කොමෙන්ටුව තහවුරු කරයි

    ReplyDelete
  11. සෝවියට් දේශයත් බිඳ වැටුනේ අවසානයේදී රාජ්‍ය නඩත්තු කිරීමට බැරි වුණු නිසා නේද?

    ReplyDelete
  12. oi පැරා, කෝ මේකේ ගිය සුන්දර ඉංග්‍රීසි වගේ මොනවහරි දෙයක් කියවන්න තිබ්බ ලිපි? තමුසේ කරන්න් වම්මුත් එක්ක තිබ්බ ඇරියස් යවන එකයි, අර මහින්ද අබේසුන්දරයා හිටිය කාලේ කරපු ජොබ් එක මේ ආණ්ඩුව වෙනුවෙන් කරන එකයි, තව ඔය බත් පැකට් එකට, ගල් අරක්කු කාලට, බීඩි මිටියට සිනමා විචාර ලියන එක විතරයිනේ oi?

    ReplyDelete
  13. "සරාස ලොක්කා, ලංකාවේ ඇරිස්ටක්‍රට්ස්ල, විශේෂයෙන්ම පරණ ඩයල් අතර කතාවක් තියෙනවා හැමෝම දන්න. නිදහස් අධ්‍යාපනය නිසා ගහක පොල් ගෙඩියක්වත් කඩා ගන්න එකෙක් නැති උනා කියල. රනිල් නියෝජනය කරන්නේ ඒ ඇරිස්ටක්‍රසි ලෙවල් එක. එයාගේ අර්ජුන් යාලුවත් එහෙමයි.

    අජිත් පැරකුම් කියන්නෙත් අර පොල් කඩන සමාජ පන්තියේ පොරක්. නිදහස් අධ්‍යාපනය නිසා මොන හරි කට ගාගෙන දැන් රනිල්ලටත් දැනමුතුකම් දෙන්න යන එකෙක්. අජිත් පැරකුම්ට අඩු ගන්නේ වාසගමක් හරි තියෙනවා. (මම මේ කියන්නේ මගේ ආකල්ප නෙවෙයි. අර ඇරිස්ටක්‍රට්ස්ල, අජිත්ල වගේ උන් දිහා බලන විදිය. මේ ලියන මම දිහත් එච්චරයි)

    රනිල්ලා මුන් කියන දේවල් සුලු පරිමාන පඩයක් තරම්වත් අහනවද කියන එකයි ප්‍රශ්නය. මොකද රනිල්ලාට අර පොල් කඩන ලෙවල් එකේ උන් ඕන වෙන්නේ චන්දයක් දිනන්න විතරයි. එතනින් එහාට වෙන්නේ උන්ගේ සමාජ පන්තිය අතර බලය සහ ධනය බෙදා ගන්න එක. අද රටේ තීරණ ගන්නේ රනිල් වටේ ඉන්න පොරගේ ඇරිස්ටක්‍රට් යාලුවෝ ටික - රවී මලික් වගේ.

    පොල් කඩන ලෙවෙල් එකේ දේශපාලන බුද්දියක් නැති උන් මොනා කරත් මොනාහරි බුලක් කෙලල රනිල්ලව ගොඩ දන බව උන් දන්නවා. ඒ #කන්නලට ඕන තමන්ගේ පුග්ගලික වාසිය වෙනුවෙන් තමන්ගේ පක්ෂය බලයේ ඉන්නවා දකින්න විතරයි."

    ReplyDelete
  14. එතකොට රනිල් මහ බැංකුවෙන් කැඩුවෙ කාගෙ පොල් ද?

    මේ වගේ අදහස් දරන එවුන් තමයි රනිල්ට හාමු ය කියන සදාකාලික වහල්ලු. අපට නම් රනිල්ගේ ඔය කියන ලොකුකමක් අදාළ නැහැ. හේතුව, අප දන්න රනිල් කියන්නේ එහෙම සම්භාව්‍ය චරිතයක් නෙමෙයි.

    රනිල්ට අපව ගණන් නො ගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ වගේ ම තමයි අපටත්. හැබැයි ඉතින් අප රනිල්ට මෙහෙම කියනවා ය කියන එක රනිල්ට ආරංචි වෙන්නෙ නැතිනම්, රනිල් කියන්නේ දෙශපාලනික පල් මෝඩයෙකු වෙන්නට ඕනැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා