කම්කරුවා, නිර්ධන පන්තිකයා කියන්නේ කාට ද?

ජීවිතේ අවසාන කාලය මේ වගේ නො වෙන්න - අද ම වම ගැන අලුතෙන් හිතන්න 
ලංකාවේ කම්කරුවන් කවදාවත් රාජ්‍ය බලය අපේක්ෂා කරලා නැහැ. වැඩ කරන ජනතාව වෙහෙස මහන්සි වී වැඩ කරමින් ලංකාවේ දැවැන්ත රජයේ බර අදිනවා විතරයි. ඔවුන් නියෝජනය කරන දේශපාලනයක් ලංකාවේ මෑත අඩ සියවසකදී තිබුණේ නැහැ.

හැබැයි, ශිෂ්‍යයන්, රැකියා විරහිත තරුණයන්, ගැමියන්, ගොවියන්, රජයේ සේවකයන් යන පහළ මධ්‍යම පංතිය මත පදනම් වූ ජවිපෙ හා දෙමළ ඊලාම් කොටි සංවිධානය තීරණාත්මක ලෙස බලය ඉල්ලා සටන් කර තිබෙනවා.

වාමාංශිකයන්ගේ ම භාෂාව අනුව සුළු ධනේශ්වර කොටස් ලෙස සැලකෙන මෙම බලවේගයට රාජ්‍ය බලය සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳ මට නම් ගැටලුවක් නැහැ. ඒ වගේ කාලයක් තිස්සේ බලය ඉල්ලපු රනිල්ට බලය අරන් දෙන්නට අප වැඩ කළා. ඔහු ලංකාව වෙනස් කරන්නට යම් උත්සාහයක් දරමින් ඉන්නවා. වසර 2020 වෙනකල් ඒකට අවස්ථාව දෙන්නට පුළුවන් නම් හොඳයි. ලංකාව කියන්නෙ එහෙම අවුරුද්දෙන්, දෙකෙන් ප්‍රශ්න විසඳන්නට පුළුවන් රටක් නෙමෙයි

පහළ මධ්‍යම පන්තිය බලය ගන්න නම් ජවිපෙ, පෙසප, ලසසප, කොප, නසසප (බාහුට විරුද්ධ කණ්ඩායම), එක්සත් සමාජවාදී පක්ෂය, අක්ෂය කණ්ඩායම, ඒ කණ්ඩායම්වලින් හා පක්ෂවලින් කැඩී ගිය කණ්ඩායම්, ඒ කණ්ඩායම්වලිනුත් කැඩී ගිය කණ්ඩායම් හා විදර්ශන කන්නන්ගර, සුමනසිරි ලියනගේ වගේ කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරලා තමන් කරන්නට යන්නෙ මොකක්ද කියලා කියන්නට ඕනැ.

හැබැයි, ඒක මේ කම්කරු පන්තිය, නිර්ධන පන්තිය ආදිය සමග පටලවා ගන්න ඕනැ නැහැ. ඇත්ත කතා කරන්න.

ඔය මාක්ස්ගේ පන්ති විග්‍රහය ම අද වන විට පට්ට අවුලක් සහ ජෝක් එකක් වෙලා. වරද මාක්ස්ගේ නෙමෙයි. ඒකට හේතුව මාක්ස්ගෙන් පස්සෙ පහළ වුණ විශිෂ්ට ම දාර්ශනිකයන් වගේ පේන ලංකාවේ වාමාංශික පොරවලට තමන්ගේ භාෂා ප්‍රයෝගවලින් වර්තමානයට ගැලපෙන පන්ති විග්‍රහයක් කරන්නට බැරි වෙලා තිබෙන එකයි.

අප නම් ලංකාව විග්‍රහ කරන්නේ මධ්‍යම පන්තික රාජ්‍ය ධනවාදයක් ලෙසයි. ඒක දුවවන බලවේගය තමයි දේශපාලකයන් 500කින්, රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 40,000කින්, රජයේ සේවකයන් ලක්ෂ 14කින් (විශ්‍රාමිකයන් ලක්ෂ පහමාරකින්) සැදුම් ලත් මධ්‍යම පන්තිය. රජය සමග කොන්ත්‍රාත් කරන අය, රජයේ සහනාධාර මත පවතින ගොවියන් ආදීනුත් මෙයට ඈඳෙනවා. මේ අය එක්ක ඍජුවම ලක්ෂ 20ක් හා සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් පමණ යැපෙන්නේ රජයෙන්. ඒ යැපීම සාධාරණීකරණය කර ගන්නට යම් සුබසාධනයකුත් රජයෙන් සිදු වෙනවා. අපි ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි, මේ දැවැන්ත රජය නඩත්තු කරන්නට ගෙවන බදු හා ණය තමයි අපේ ජීවිතය කාලකණ්ණි කරන ප්‍රධාන සාධක. මෙන්න මේ පන්තිය තමයි ලංකාවේ පාලක පන්තිය. ඔවුන් තමයි ආණ්ඩු හදන්නේ. එපමණක් නොවෙයි, ඔවුන් තමයි මහජන මුදල් සොරා කා උපයා ගත් ප්‍රාග්ධනයෙන් ගුණදාස අමරසේකර කියූ ආකාරයේ වසල වෙළඳ කුලයක් හදන්නේ. 

මා නම් පෙනී සිටින්නේ ඵලදායී වැඩ කරන කම්කරුවන් වෙනුවෙන් විතරයි. ලංකාවට විදේශ විනිමය ගෙන එන, ලංකාවේ ඵලදායී කර්මාන්ත හා සේවා පවත්වාගෙන යන, වැටුප් ශ්‍රමිකයන් තමයි මම කම්කරුවන් ලෙස සලකන්නේ. එතැනදීත්, වැඩ මූලිකයන්ගෙන් එහාට කළමනාකරුවන් ය කියන්නේ මට අනුව නම් කම්කරුවන් නොවෙයි. මේ අර්ථකථනය වුණත් ඇත්තෙන් ම අසම්පූර්ණයි. හැබැයි, මේ ප්‍රජාවන් කියන්නේ මේ රටේ දේශපාලන බලයෙන් පලවා හැර තිබෙන පිරිසක්. ඇත්තම කිව්වොත් ඔවුන්ට දේශපාලනයෙන් හෝ රජයෙන් හෝ ඇති ලොකු ප්‍රයෝජනයකුත් නැහැ. ඒ මිනිසුන් වැඩ කරලා, හම්බ කරලා, වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා මිළ දී අරගෙන ජීවත් වෙනවා. ඔවුන්ගේ දරුවන්ට හොඳ රජයේ පාසල් නැහැ. රජයේ විශ්වවිද්‍යාල ගැන එතනින් එහාට කතා කරන්නට බැහැනේ. ඔවුන්ට විශ්‍රාම වැටුප් වගේ රජයේ සේවකයන්ට තිබෙන අනාගත සුරක්ෂිතභාවයකුත් නැහැ. ඒවා තමයි ඔවුන්ට තිබෙන ප්‍රශ්න.

නිර්ධනයා කියන සංකල්පය මට අනුව නම් මහා යල් පැන ගිය කතන්දරයක්. කම්කරුවා නිර්ධනයකු වෙන්නට උවමනාත් නැහැ. එහෙම වෙලාත් නැහැ. අද වන විට කම්කරුවන්ට හැකියාව ලැබිලා තිබෙනවා ඉතුරුම්වලින් දේපල විතරක් නෙමෙයි සමාගම් කොටස් පවා මිළට ගන්නට. නවීන කම්කරුවා කියන්නේ බුද්ධිමත්, පුහුණු ශ්‍රමිකයෙක් මිස වහලෙක් නෙමෙයි. වර්තමාන කම්කරුවා කියන්නේ ශ්‍රම වෙළඳපොළේ කේවෙල් කිරීමේ හැකියාව ද සහිත කෙනෙක්. ඔහුගේ අවශ්‍යතාවන් වෙනස්. 

වාමාංශික දේශපාලනය විසින් ලංකාවේ ප්‍රවර්ධනය කරලා තිබෙන මධ්‍යම පන්තික අපේක්ෂා හරි ප්‍රබලයි. වාමාංශිකයන්ට බලය නැති වුණාට ඔවුන්ගේ මධ්‍යම පන්ති දේශපාලනය තමයි ලංකාවේ දේශපාලන ක්‍රමයේ පදනම. කම්කරු පන්තිය මතත් පටවලා තිබෙන්නේ මේ මධ්‍යම පන්තික විඥානය ම තමයි. ඒක පරාජය කරන්නට නම්, අපි නිකම් ඉඳ මහජන මුදලින් වැටුප් ගැනීම වෙනුවට වැඩ කිරීම අගයන සමාජයක් හදන්නට ඕනැ. ඒ වගේ ම කම්කරුවන් මධ්‍යම පන්තිකයන් බවට පත් නො වී කම්කරුවන් ලෙස ම දියුණු වීම තහවුරු කරන්නට ඕනැ.   

මේ තත්වයන් තේරුම් නො ගෙන, විග්‍රහ කර නො ගෙන, කොහේ හරි පොත්වල තියෙන යල් පැන ගිය රාමුවකට ලංකාව හා ලෝකය රිංගවන්නට හදමින් කරන දේශපාලනය කොයි තරම් බොරුවක් ද?

ලංකාවේත්, ලෝකයේත් අලුත් දේශපාලනයක් මතු වෙන්නට ඕනැ ඵලදායී වැඩ කරන කම්කරුවන් වෙනුවෙන්. ඒක වම ද, නැද්ද කියන එක තියා සම්ප්‍රදායික පන්ති විග්‍රහයවත් මම නම් හිතන්නෙ ඒකට වැඩක් නැහැ. ඒක අලුතින් හිතන අලුත් ව්‍යාපාරයක් විය යුතුයි. එච්චරයි. 

හැබැයි ඉතින් අලුත් ව්‍යාපාරයක් ගැන හිතන අතරේ ම සම්ප්‍රදායික වමට අවස්ථාවක් දෙන එක වුණත් නරක නැහැ. ඔවුන් ෆැන්ටසිවලින් ගැලවිලා යථාර්ථය ස්පර්ශ කරන්නට ඕනැ. වම බලය අල්ලපු සමහර තැන්වල ඒක වුණා. ඒ තැන්වල වම තවමත් බලයේ ඉන්නවා. හැබැයි උතුරු කොරියාවේ, කියුබාවේ වගේ නෙමෙයි. ශක්තිමත් රාජ්‍ය ධනවාදයන් එක්ක. 

අපි ඉල්ලන්නෙ එක දෙයයි. කම්කරුවා අලංකාරිකයක් ලෙස පාවිච්චි කරන එක අතහැරලා තමන්ගෙ පන්තිය වන පහළ මධ්‍යම පන්තිය වෙනුවෙන් කෙළින් ම පෙනී ඉන්න. එතකොට ලේසියි.

(මැයි දිනේට කොළඹ යන්න ඉන්න අය ඊට කලින් මේ ලිපියට පිළිතුරු ලියලා යන්න.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එළියකන්ද පුනුරුත්ථාපන කඳවුර ,පුනුරුත්තපනයක් කරලා තියෙනවා Ajith Perakum Jayasinghe අජිත් පැරකුම්ව ,අයේ හීනෙනුත් රජය රකිනු ,රජය රකිනු තමයි කියන්නේ.විමුක්ති වගේ වචන ඇහුනොත් , හයියෙන් බුරන්න ,සමාජවාදී කතා කීවොත් ගොරවන්න.ධනවාදයට විරුද්ධව කතා කලොත් හපා කන්න.ෂෝක් කීකරු බවුව්වා පැටියා . vajira yapa

    ReplyDelete
    Replies
    1. ඕවා කියලා වැඩක් නැහැ බ්‍රෝ. හැකිනම් කරුණුත් එක්ක විවාද කරමු.

      Delete
    2. මේ වජිර යාපා මරදානේ විපුලසේන මාවතේ හිටපු, ජර්මනියේ ඉන්න ලලිත යාපාගේ සහෝදරයාද? නාරද, කුමාර කියන්නේ ඔහේගේ සහෝදරයෝ නේද?

      Delete
  2. පැරා මෙහෙමයි මචං, අප මේ ටික කියන්නේ තරහකින් නොවෙයි. උඹ නොදන්න වම ගැන කතා නොකර ඉන්නවා නම් හොඳයි. උඹට වම ඥානනය වෙන්නේ නැහැ මචං. ඒකට අවශ්‍ය ඥානමය සහ භාවමය සම්පත් උඹට පිහිටලා නැහැ. උඹට සුළු ධනේශ්වරය සහ වම විභේදනය කර ගන්න බැරි බව අප දන්නවා. අප උඹේ වම දකුණ මාරු වීම පිළිබඳ අතීතයේ දී ලියා තිබෙනවා. නැවත නැවත ලියන්න බැහැ පැරා. පැරණි පෝස්ට්වලට ගිහින් කියවා ගනිං.

    උඹේ අවුල උඹට මාර්ක්ස්මය කියවීමක් නැහැ. උඹ මාර්ක්ස්ගේ අතිමහත් ශාස්ත්‍රීය සම්ප්‍රදානය අධ්‍යයනය කර නැහැ. එනිසා උඹ "කම්කරුවා, නිර්ධන පන්තිකයා කියන්නේ කාට ද?" යන මැයෙන් දීර්ඝ පල් හෑල්ලක් ලියුවත් උඹට කම්කරුවා හෝ නිර්ධන පන්තිකයා හමුවන්නේ නැහැ. පැරා මචං, අතීතයේ දහස් වරක් පැවසූ දෙයක් උඹ වෙනුවෙන් යළි පවසන්නම්. පැරා, අප ඉඳිකටුව සෙවිය යුත්තේ ඉඳිකටුව වැටුණු තැන මිස පහන් කණුව යට නො වෙයි. කරුණාකර උඹ කම්කරුවා සහ නිර්ධන පන්තිකයා සොයන තැන වෙනස් කරපං මචං.

    අජිත් පැරකුම් ජයසිංහට අතීතයට ගොස්, තම ජීවිත කාලයේ ලියූ ලිපි අතරින් එක ලිපියක් පමණක් නොලියා ඉන්නට යම් වරමක් ලැබුණොත් අජිත් පැරකුම් ජයසිංහ නොලියා සිටින ලිපිය වන්නේ කුමක් ද? ඒ ලිපිය නම් ශාස්තෘ ලිපියයි. අජිත් පැරකුම් ජයසිංහ අද පත් ව ඇති දුක්ඛිත තත්ත්වයට පත් වන්නට ප්‍රධාන හේතුව වූයේ එම ශාස්තෘ ලිපියයි. ලංකාවේ වම පිළිබඳ කතා කිරීමේ දී එම ලිපියේ දී උඹට උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ සිට කීර්ති බාලසූරිය සහෝදරයා දක්වා ද එතැන් සිට නූතන වාම විප්ලවීය දේශපාලනයේ දිදුල තාරකාව වූ රෝහිත භාෂණ සහෝදරයා දක්වා ද මහා පදාසයක් මඟ හැරුණු බව අප අතීතයේ දී පෙන්වා දී තිබෙනවා.

    උඹ පැරා අතීතයේ වැරදිවලින් ඉගෙන ගන්න කෙනෙක් නොවෙයි. උඹ මෙවර ⁣පොස්ට් එකෙනුත් අතීත වැරැද්දම කැත විදියට කරනවා. අනාගත ලංකාවේ මාර්ක්ස්මය අරගලයක සම්පත්දායකයන් පිළිබඳ ලියන උඹ හිතාමතාම ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ අතිදීප්තිමත් දිදුල තාරකාව අමතක කරනවා. අමතක කරනවාටත් වඩා කුහකකමින්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් උඹ ඒ ආකර්ෂණීය කරිස්මාවකින් හෙබි සුපේශල මනකල් මානවකයා පිළිබඳ සඳහන් නොකරනවා. එනිසා උඹේ මේ තීසිසයත් අජූවයි. ඒක හරියට මාර්ක්ස් මඟ හැර සම්භාව්‍ය මාර්ක්ස්වාදය ගැන ද ට්‍රොට්ස්කි මඟ හැර ට්‍රොට්ස්කිවාදය ගැන ද නිව්ටන් මඟ හැර සම්භාව්‍ය භෞතිකවාදය ගැන ද අයින්ස්ටයින් මඟ හැර සාපේක්ෂතාවාදය ගැන ද කතාකිරීමක් වගෙයි. අනාගත වාම විප්ලවීය දේශපාලනයේ සුනිශ්චිත විභයක් තිබෙන අපගේ ආදරණීය අක්ෂය කණ්ඩායම ද සුමනේ ද පිළිබඳ සඳහන් කර තිබීම අප අගය කරනවා.

    ඉතිං පැරා, අප උඹට පැය විසිහතරක් දෙනවා. උඹේ ඔන්න ඔය පල් හෑල්ලේ කළ යුතු සංස්කරණ කර යළි පළ කරපං. අපට අවශ්‍ය නැහැ උඹත් සමඟ ගැටුමකට යන්න. මොකද යළි ඇති වන ගැටුම අවසාන මහා ගැටුම වේවි. එක්කෝ උඹ; එක්කෝ අපි. අපට අන්තර්ජාතිකයේ බොහෝ වැඩ කටයුතු තිබෙනවා. එනිසා උඹත් එක්ක කෝල වෙන්න වෙලා නැහැ. උඹ යළි ගැටුමක්ම ඉල්ලනවා නම් අප උඹ පළමු වටයෙන්ම නොකවුට් කරනවා. ගෞරව ඇති ව නාම ලේඛනය නිවැරදි කරපං.

    ReplyDelete
    Replies
    1. කම්කරුවෙකු ලෙස ජීවත් වන, කම්කරුවන් අතර ජීවත් වන මට කම්කරුවන් හමු වී නැතිනම්, මාර්ක්ස්මය කියවීමක් සහිත යයි කියන ඔබට හමු වූ කම්කරුවා ගැන විස්තර කරන්න.

      දිදුලන තාරකාව ගැන සඳහන් කළේ නැත්තේ මචං මං හිතුව දැන් ඒක නිවිලයි කියලා. ඕකේ පත්තු වෙනව නම් ඊළඟ වතාවෙ මෙන්ෂන් කරන්නම්. දැන් බැහැ. අනෙක් පාර සුමිත් චාමින්දත් කියයි එයත් ඉන්නවා කියලා. එයත් දිදුල දිදුල අඬ අඬ තමයි හිටියෙ උඹලා වගේ ම.

      උඹලා ඉතින් මට මෙච්චර කල් දීපු එකේ ඔන්න ඔය පැය විසි හතරත් දීලා දාපල්ලා. ඊට පස්සෙ චූ කරලා බුදිය ගනිල්ලා. ජාත්‍යන්තරේ අම්මට සිරි වෙන්න වැඩ ඇති නේ.

      Delete
    2. පැරා මචං, උඹ අද ටිකක් දාලා වගෙයි ඉන්නේ. ඒක නිසා අද උඹත් එක්ක හේවා කතා කරන එක හොඳ නැහැ. මොකද උඹේ කටට ⁣බ්රේක් නැහැනේ. ඕන එකයි එපා එකයි තැන නොතැන නොබලා ඇදලා දානවනේ උඹ. දැන් උඹ ටිකක් නිදා ගනිං. හෙට නැගිටලා වාම විප්ලවීය දේශපාලනය සහ වාමාංශික රොමෑන්තිකවාදය අතර වෙනස ගැන අධ්‍යයනය කරපං. එ⁣තකොට උඹ අපව එල එක මනෝලෝකවාදීන් එක්ක සසඳන එක නොකරයි.

      උඹ හමුදාවත් එක්ක එකතුවෙලා අපට එරෙහිව වැඩ කරලවත් පොසිල නොවුණු අප කවදාවත් පොසිල වෙන්නේ නැහැ. අප මේ දිනවල යුරෝපියන් හිස්ට්‍රි ස්ටඩී කරනවා. දන්නවනේ ඇයි කියලා? ඊරිසියා කරන්න එපා බං. උඹට සප් එකක් ඕනෙ ද පැරා?

      Delete
    3. //වාම විප්ලවීය දේශපාලනය සහ වාමාංශික රොමෑන්තිකවාදය අතර වෙනස//

      මම හිතන්නේ ලංකාවේ වමට මෙහෙම වුණේ වාමාංශික රොමැන්තිකවාදය නිසා තමයි. වාම විප්ලවීය දේශපාලනය පදනම් විය යුත්තේ දයලෙක්තික චින්තනය මතයි. අප උත්සාහ කරන්නේ ඒකයි.

      Delete
    4. //" නූතන වාම විප්ලවීය දේශපාලනයේ දිදුල තාරකාව වූ රෝහිත භාෂණ සහෝදරයා "//වම්මුන්ගෙ ලෝකෙ මාර පොඩියි නේද

      Delete
    5. වැඩියෙ ඕන නෑ කම්කරුවො 10 දෙනෙක්ගෙ ඡන්ද අරන් පෙන්නපන්.

      Delete
  3. පවු බං මුං .

    ReplyDelete
  4. //නවීන කම්කරුවා කියන්නේ බුද්ධිමත්, පුහුණු ශ්‍රමිකයෙක් මිස වහලෙක් නෙමෙයි.//

    පිස්සු මඟුල් ලියන්න එපා බං ..අප්පිරියා වෙනව.අප් ඩේට් වෙයන්කො.

    නවීන කම්කරුවා කියන්නේ කෘතිම බුද්ධියක් සහිත 100% නිවැරදිව 24/7 ක්‍රියාත්මක රොබෝවරුන්ටයි.

    මාක්ස්ල ලෙනින්ල ට්‍රොස්කිල මේ රොබෝ පංතිය ගැන අප්ඩේටඩ් නෑ බ්‍රෝ.

    බලන්න.
    https://www.wired.com/brandlab/2015/04/rise-machines-future-lots-
    robots-jobs-humans/
    http://uk.businessinsider.com/robots-will-steal-your-job-citi-ai-
    increase-unemployment-inequality-2016-2
    ---
    ලංකාවේ සියලු රතු කමිසකාරයින්ට ඉහත විප්ලවීය ඡායාරූපයට පෙනීසිටීමේ භාග්‍ය නිතැතින් හිමියි.
    ස්පිල්බර්ග්කාරක නිද්‍රාවක නිමග්නව ඇති පිස්සු හුකන්නනී වහා අවදිවවු !

    ReplyDelete
    Replies
    1. හැබැයි මචං උඹේ ලින්ක් එකේ පේජ් නොට් ෆවුන්ඩ්. අපි නම් එච්ටීඑම්එල් පොඩ්ඩක් පාවිච්චි කරලා ලින්ක් දාන හැටි ඉගෙනගෙන දැන් ගොඩක් කල්. මං හිතන්නෙ මං දියුණු කම්කරුවෙක්.

      Delete
    2. මාක්ස්වාදය ධර්මානුකූල ද?

      Delete
    3. //හැබැයි මචං උඹේ ලින්ක් එකේ පේජ් නොට් ෆවුන්ඩ්.//

      1.select link > open link > read well
      2.ටයිප් කරල සර්ච් කරන්න.

      // අපි නම් එච්ටීඑම්එල් පොඩ්ඩක් පාවිච්චි කරලා ලින්ක් දාන හැටි ඉගෙනගෙන දැන් ගොඩක් කල්. මං හිතන්නෙ මං දියුණු කම්කරුවෙක්.//

      clickable link හදන හැටි මෙහෙමද දියුණු කම්කරුවානෙනි?
      බලන්න.

      මං සයිබර් මැකනිකල් බාස් කෙනෙක් නොව ගමේ කොල්ලෙකි.!

      Delete
  5. ඇයි බොල, නුතන වාම විප්ලවීය දේශපාලනයේ දිදුළන තාරකාවන් වන තිස්ස විතාරණ, වාසු, ඩිව් වගේ ඔරිජිනල් හෝතම්බුවෝ ඉන්දෙද්දී කොහෙවත් යන රෝහිත භාෂණයෙක් ඇදල ගන්නෙ තොපිට ඔල්මාදද?

    ReplyDelete
  6. This cuntry political people no suport to low class people. All political people go with cuntry high class capitalism people.

    ReplyDelete
    Replies
    1. mongal kelinne nathuwa pala yanna wesige puthaa

      Delete
  7. ඉස්සරල විශ්ව විද්‍යාලවල ප්‍රජාතන්නත්‍රවාදය ඇතිකරව් ! අපිට කිව්බාවක් හෝ උතුරු කොරියාවක් අවශ්‍ය නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා