අද අප්‍රේල් පස්වෙනිදා - කැලැන්ඩරේ පෙරළි පෙරළි අපට කියනවා

1989
කැලැන්ඩර් දේශපාලනය අනුව, අද 1971 අප්‍රේල් කැරැලි සමරු දිනයයි. බොහෝ අය ඒ ගැන සටහන් ලියති.

1942 අප්‍රේල් 5 දින ද වැදගත් සිදුවීමක් සිදු විය. දෙවන ලෝක යුද්ධයේදී නැගෙනහිර පෙරමුණේ බලය විහිදුවමින් සිටි ජපානය, සිංගප්පූරුව අල්ලා ගැනීමෙන් අනතුරුව ලංකාවට ගුවන් ප්‍ර‍හාරයක් එල්ල කළේ එදිනයි. දෙවන ලෝක යුද්ධය ලංකාව විෂයෙහි දැවැන්ත වෙනස්කමක් ඇති කළ අතර, ඉන්දියාවේ නිදහසත් සමග ලංකාවට ද නිදහස ලැබිණි. එහෙත්, ලංකාව 1948දී ලැබූ නිදහස පූර්ණ නිදහසක් ද යන ප්‍ර‍ශ්නය ඉතිරිව තිබිණි.

ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම 1955 වසර අවසන් වන තෙක් ම කල් ගියේ ද විශේෂයෙන් ම රුසියාව ලංකාව නිදහස් රටක් ලෙස පිළිගැනීමට දැක්වූ අකැමැත්ත නිසා ය.

1971 වන විට ලංකාව පූර්ණ නිදහස ප්‍ර‍කාශ කිරීමට ආසන්නව සිටි අතර, ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත වි තිබිණි. එහෙත්, නිදහසින් 23 වසරකට පසුවත් ලංකාව තවමත් මූලික ගැටලු කීපයක් කර තබාගෙන යමින් තිබිණි.

ඉන් වැදගත් ම කාරණය වන්නේ දේශපාලන ප්‍ර‍ජාව පිළිබඳ ප්‍ර‍ශ්නයයි. ලාංකික දේශපාලන ප්‍ර‍ජාවේ සංවර්ධනයට ජාතීන් අතර ගැටලුව බල පා තිබිණි. නිදහසින් පසු රාජ්‍යයේ නායකත්වයට පත් සිංහල ප්‍ර‍භූන් තත්වය කළමනාකරනය කර ගැනීමට අසමත් වූ අතර, ජනප්‍රිය ජාතිවාදයෙහි එල්බ ගැනීම නිසා තත්වය වඩාත් නරක අතට හරවාගෙන තිබිණි. අප විශේෂයෙන් සිංහල ප්‍ර‍භූන්ට දොස් පවරන්නේ 1971 වන විට තවමත් සුළු ජාතීන් ප්‍ර‍චණ්ඩ අන්දමින් ප්‍ර‍තිචාර දැක්වීම වෙත යොමු වී නො තිබුණ බැවිනි. චෙල්වනායගම්ගේ මූලිකත්වයෙන් යෝජනා කරන ලද රාජ්‍ය ප්‍ර‍තිසංස්කරණ කෙරෙහි සිංහල නායකත්වය පැත්තෙන් සාධාරණ ප්‍ර‍තිචාරයක් නො ලැබිණි.

අනෙක් පැත්තෙන්, ලංකාව පැහැදිලි ආර්ථික ප්‍ර‍තිපත්තියක් තෝරා ගැනීමට ද අසමත් වී තිබිණි. 1956න් පසු සිදු වූ ජනසතුකරණ ක්‍රියාවලි ආදිය පැහැදිලි ප්‍ර‍තිපත්තියක් මත සිදු වනවාට වඩා පටු ජනප්‍රියවාදය මත සිදු වූ බව පැහැදිලි ය. 

ලංකාවේ ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණු ඊනියා සමාජවාදී ආර්ථික ප්‍ර‍තිපත්ති රාජ්‍ය ධනවාදයේ නැගීමකි. එහෙත්, ආර්ථික වර්ධනය ඉතා සෙමින් සිදු වූ අතර තරුණයන් අතර විරැකියාව දැවැන්ත සමාජ ප්‍ර‍ශ්නයක් විය. වසර 1971 ජන සංගණන දත්ත අනුව (මූලාශ්‍ර‍ය මෙතැනින්) සමස්ත ශ්‍ර‍ම බලකායෙන් 18.7%ක් විරැකියාවෙන් පෙළුණ හ. ඒ වන විට ලංකාවේ ජනගහණය එක් කෝටි විසිපන් ලක්ෂයකි. ශ්‍ර‍ම බලකාය ලක්ෂ 45ක් පමණ විය. 

රැකියාවල නියුතු වූවන්ගෙන් 50.1%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියවල නියුතු වූ හ. කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය 12.8%ක් වූ අතර සේවා අංශය 37.1%ක් විය.

පුළුල් ම ආර්ථික ක්ෂේත්‍ර‍ය වූ කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට දායක වූයේ 34.7%කෙින් පමණි.  දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.2%ක් විය.

1971 කැරැල්ලේ කොඳු නාරටිය වූ ග්‍රාමීය තරුණයන් මුහුණ දුන් ප්‍ර‍ශ්න තේරුම් ගැනීමට මෙම දත්තවලින් පුළුවන. කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව අඩු මට්ටමක පැවති අතර, කර්මාන්ත සංවර්ධනය දුර්වල තත්වයක පැවතීම නිසා ගම්වල කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා විරල විය. රාජ්‍ය අංශය සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා උපාධි සමත් තරුණ තරුණියන්ට රැකියා දෙන්නට තරම් පුළුල් හා ශක්තිමත් වූයේ නැත. 

අනෙක් පැත්තෙන් දේශපාලනය දැඩි ලෙස ප්‍ර‍භූ කේන්ද්‍රීය වී තිබුණු අතර, සමසමාජ, කොමියුනිස්ට් වැනි වාමාංශික පක්ෂ පවා ඉහළ මධ්‍යම පංතියේ බූදල් බඳු විය. 

වාම පක්ෂ රුසියානු බලපෑමට දැඩි ලෙස නතු වී තිබුණු අතර, පක්ෂ අභ්‍යන්තරය දැඩි ලෙස මර්දනකාරී විය. උන්නතිකාමී තරුණ, තරුණියන්ට පක්ෂ යාන්ත්‍ර‍ණයන් ඔස්සේ දේශපාලනයේ ඉදිරියට ඒම අතිශය දුෂ්කර විය. රෝහණ විජේවීර, සනත්, ලොකු අතුල වැනි චීන පිලේ ක්‍රියාකාරී තරුණයන් පක්ෂයෙන් නෙරපා හරින ලද ආකාරය මේ සඳහා කදිම නිදසුනකි. 

1971 කැරැල්ල එක පැත්තකින් මෙම අසහනයන්ගේ ප්‍ර‍කාශනයක් වූ අතර, අනෙක් පැත්තෙන් තරුණයන් දේශපාලන බලය සියතට ගැනීමේ ඉතා උන්නතිකාමී පියවරක් විය. 

1971 කැරැල්ල අසාර්ථක වීමට මූලික හේතුව ලෙස මා නම් දකින්නේ එය තුළ උපායික දේශපාලනයට වඩා න්‍යායික දෘෂ්ටිවාදයන්ට තිබුණු අවධාරණයේ වැඩිකමයි. 

එම අවස්ථාවේදී, තමන්ට ලංකාව සාර්ථකව පාලනය කළ හැකි යයි සිතූ, උන්නතිකාමී තරුණ ව්‍යාපාරයක් කුමන්ත්‍ර‍ණකාරී කැරැල්ලක ස්වරූපය ගත් විප්ලවයකින් බලය ගැනීම කළ නො හැක්කක් නො විණි. ඒ සඳහා අවශ්‍ය උපායශීලිත්වය හා ඉවසීම තිබිණි නම්, ඔවුන් සිටියේ රජ්‍ය බලයට එතරම් දුරින් නො වේ. එහෙත්, එදාත්, ඔවුන්ගේ මූලික ගැටලුව වූයේ බලය ගෙන, රාජ්‍යය වෙනස් කරන හා ආර්ථිකය සංවර්ධනය කරන ආකාරය පිළිබඳ ඔවුන්ට කිසිදු යථාර්ථවාදී පුරෝකථනයක් නො තිබීමයි. 

නිදසුනක් ලෙස, 1971 කැරැලිකරුවන්ට දේශපාලන ප්‍ර‍ජාව පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නො තිබුණ අතර, ඔවුන් ද පදනම් වූයේ පාලක ප්‍ර‍භූ තන්ත්‍රයේ සිංහල අධිපතිවාදය ම මත ය. 

එදාත්, අද මෙන් ම මෙම තරුණයන් පදනම් වූයේ මනෝරාජික න්‍යායික ෆැන්ටසීන් මත මිස ප්‍රායෝගික දේශපාලන දර්ශනයක් මත නො වේ. තවත් මෙවැනි තරුණ කැරැල්ලක් 1980 දශකයේ අගභාගයේදී ද සිදු විය. එසේම, දෙමළ තරුණ කැරැල්ල ද අඩු වැඩි වශයෙන් සමාන ලක්ෂණවලින් යුක්ත විය. 

මෙම තරුණ ව්‍යාපාර කැලැන්ඩරය මත පදනම්ව මෙම කැරැලි සමරනවා විනා ඇත්තෙන් ම ඔවුන් ඒවායින් ගැඹුරු පාඩම් ඉගෙන ගෙන තිබේ ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දමිල තරුණයන් බෙදුම්වාදය සඳහා අවි අතට ගැනීමට අදහස ආවේ 1971 කැරැල්ලෙන් බව අසා තිබෙනවා. ඒ ගැන ඔබ යමක් අසා තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. අනේ ඉයන්,

      ගොන් කතා නොකිය ඉන්නවද? කොලපාට කණ්නාඩිය නොදා ලංකාවේ දේශපාලන ඉතිහාසය කියවන්න. නැත්නම් පැරාගෙන් number එක ඉල්ලගෙන වික්ටර් අයිවන් එක්ක කතා කරන්න. ඒක මතකතියාගන්න හරිම පහසු number එකක්.

      Delete
    2. සිංහල තරුණයන් අවි අතට නො ගත්තත්, දෙමළ තරුණයන් අවි ගන්නවා. ඒක පුදුම විය යුතු දෙයක් නෙමෙයි. එවැනි දේ සිදු වුණේ ලංකාවේ විතරක් නෙමෙයි.

      Delete
    3. ඉයන් ඔබ නිවැරැදියි. මේ ගැන උමා මහේෂ්වරන් හෙවත් මුහුන්දන්, ධර්මලිංගම් සිද්දාර්තන්, වැනි මුල්කාලීන දමිළ සටන්කාමීන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා. 1970 පමණ වන විට උත්තර යාපනයේ වැල්වෙට්ටිත්තුරෛ සිට දකුණු ඉන්දියාවට හොරබඩු ජාවාරමේ යෙදුනු මදාවි තරුණයන් පිරිසක් වෙනම රටක් බිහිකර ගැනීමට කැරැල්ලක් ගැසීම සඳහා වස්තු බීජ සැපයුවේ විජේවීරගේ 1971 කැරැල්ලයි. මේ නිසා ලංකා හමුදාවල එවකට තිබූ අතිශය දුබල අසංවිධානාත්මක ස්වභාවයත් උත්සාහවන්ත හොඳින් පුහුණු වූ සන්නද්ධ තරුණයන් පිරිසකට මුහුණ දීමට ඇති බියත් එක්ස්පෝස් වුණා. මේ පිළිබඳ හිටපු ඉන්දීය මහකොමසාරිස් ජ්‍යෝතීන්ද්‍රනාථ් දික්සිත් මෙන්ම 1980 දශකයේ හිටපු ලංකා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සර්නි විජේසූරිය මෙන්ම 1971 කැරැල්ල ගැන ලිවූ ලංකා හමුදා නිලධාරීන් ලියා තිබෙනවා.

      Delete
    4. ඉයන්/ Ano 7.45 PM

      තෙන්මරච්චි, වඩමරච්චි, වලිකාමම් සහ නල්ලූර් යන ප්‍රධාන කොටස් සහ දූපත් රැසකින් සමන්විත යාපන දිස්ත්‍රික්කයේ පිහිටි වෙරළබඩ ගම්මානයකි, වල්වෙට්ටිතුරෙයි (வல்வெட்டித்துறை). කුඩා ගම්මානයක් වූව ද ජනගහනය එහි ප්‍රමාණයට සාපේක්‍ෂව ඉහළ අගයක් ගත්තේය. බි‍්‍රතාන්‍ය යුගයේ ඉදිවූ කිතුදෙව් මැදුරක්ද, කෝවිල් ති‍්‍රත්වයක් ද මෙහි අනන්‍යන්‍ය වේ. රාජ්‍ය සේවය, වෙළෙඳාම මෙන් ම ධීවර කර්මාන්තය වල්වෙට්ටිත්තුරෙයි ජනතාවගේ ප‍්‍රධාන ජීවනෝපායන් විය. එමෙන්ම ඉන්දියාව සමඟ පැවැති සමීපත්වයද ගම්මානයේ සෑම නිවසකින්ම දකින්නට ලැබිණි. විශේෂයෙන් ම තමිල්නාඩුවට සමීප වීම නිසාම ඉතා දැවැන්තව පතල වූ හොර බඩු ජාවාරමකට මේ ප‍්‍රදේශය නම් දැරූ ප‍්‍රදේශයක් විය.

      වල්වෙට්ටිටිත්තුරෙයි ගම්මානයේ රජයේ ලිපිකරුවෙකු වූ තිරුවෙන්ගඩම් වේළුපිළ්ළෛටත් වල්ලිපුරම් පාර්වදීටත් වල්වෙට්ටිත්තුරෙයි හි පිහිටි කුඩා ග්‍රාමීය රෝහලේදී 1954 නොවැ. 26 දා උපන් සිවුවෙනි දරුවාට වේළුපිළ්ළෛ පිරපාහරන් ලෙස නම් ලැබුනා. නිවසේ බාලයා වූ නිසාම කුඩා කළ සිටම පිරපාහරන් වැඩිහිටියන්ගේ රැකවල් මැද සිටි බව “Inside an elusive mind” කෘතියේදී පෙන්වා දෙයි.

      ”කුඩා දරුවෙකු විදිහට පවුලේ සුරතලා සහ වඩාත් පි‍්‍රයතමයා වූයේ මමයි. ඒ නිසා නිවසේදී මා සීමා පවුරු බොහොමයකින් කොටු කර තිබිණි. මා සමඟ එකට සෙල්ලම් කිරීමට පැමිණියේ අසල්වැසි නිවෙස්වල ළමෝය. මගේ ලෝකය මගේ නිවසට හා අසල්වැසි නිවෙස්වලට සීමා විය. මගේ ළමා කාලය ගෙවී ගියේ හුදෙකලා නිස්කලංක නිවෙසක කුඩා කවයක් තුළ ය.”

      පිරපාහරන්ව පවුලේ සාමාජිකයන් විසින් “දුරෙයි” යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මේ නිසා වන්නට ඇත. “දුරෙයි” යනු දමිල බසින් “රජු” යන තේරුම දෙන වදනකි.

      මූලික අධ්‍යාපනයට වල්වෙට්ටිත්තුරෛ චිදම්බරම් විදුහලට ඇතුළුවන ප‍්‍රභාකරන් කිසිසේත්ම දක්‍ෂ සිසුවෙකු නොවීය. ඔහුගේ සිත විවිධ හිංසාකාරී කි‍්‍රයාවන් සඳහා යොමු වී තිබුණි. මෙකල ඔහුගේ ආයුධය වී තිබුණේ කැටපෝලයකි. පක්‍ෂීන්, කටුස්සන්, ලේනුන් ඔහුගේ ඉලක්කයන් බවට පත් විය. සරුංගල් ඇරීමට ද පි‍්‍රය කළ ප‍්‍රභාකරන් සරුංගලයක් නොමැති විට බත් කූරකු අල්ලාගෙන නූලකින් ගැටගසා පියාඹන අයුරු බලා සිටින්නට පි‍්‍රය කෙළේය.

      තවත් සුවිශේෂී පුරුදු තිබුණි. විටෙක ඔහුම ගෝනියක් තුළට බැස එහි කට බැඳ දවස පුරාම අව්වේ සිටියේය. ඒ අතර මිරිස් ගෙන ඒමට භාවිත කළ ගෝනි ද සිරුරේ දවටාගෙන සිටීමට උත්සාහ කෙළේය. ස්වපීඩා කරගනිමින්ද ඔහු සතුටු විය. කෘමීන් වැනි සතුන්ට ඉදිකටුවලින් ඇණ විවිධාකාර වධ දී අඬු කඩා දමා ටිකෙන් ටික මරාදැමීම ඔහුගේ තවත් බලවත් ආශාවක් විය. නිවසේ කුකුළු කූඩුවේ සිටි කිකිළියන් බිත්තර දමන තෙක් බලා සිටි ඔහු එම බිත්තර අමු අමුවේම කඩා එම කිකිළියන්ට කෝචොක් කරමින් බීමටත් එවිට උන් නගන විලාපය රස විඳීමටත් පුරුදු වී සිටියේය.

      පාසල් කාලයේ දී පිරපාහරන් ඉතා දුර්වල ශිෂ්‍යයෙක් වී සිටියේය. මේ දුර්වලතා අවබෝධ කර ගත් පියා ප‍්‍රභාකරන්ට පාඩම් කියාදීමට ගුරුවරයකු කැඳවා ගත්තේය. ගුරුවරයා දැඩිලෙස උග්‍ර ජාතිවාදී ස්ථාවරයක් දැරූ මෙන්ම සිංහල ජාතියන සමග ජන්මාන්ත්‍ර වෛරයකින් සිටි දෙමළ ජාතිකයෙක් විය. ආයුධ සන්නද්ධ අරගලයේ අවශ්‍යතාව සහ ඒ පිළිබඳ විශ්වාසය තමුන්ගේ සිතට කාවැද්දුවේ මේ ගුරුවරයා බව ප‍්පිරපාහරන්ම පසුව ප‍්‍රකාශ කර තිබේ.

      To be Cont'd

      Delete
    5. Cont'd

      මේ අතරතුර පාසලේදී ඔහු මිතුරන් සමඟ විවිධ පිපිරවීම් අත්හදා බැලීම් සිදුකෙළේය. රතිඤ්ඤාවල සිට පාසැල් රසායනාගාරයෙන් හොරා ගන්නා ලද විවිධ රසායන ද්‍රව්‍ය මගින් මේ පිපිරීම්වලට උපයෝගී විය.

      දසවැනි ශ්‍රේණියෙන් පාසල හැර යන පිරපා ටී. වයි. එෆ්. (ටැමිල් යූත් ෆෙඩරේශන්) නම් දෙමළ ශිෂ්‍ය සංගමයකට සම්බන්ධ වේ. මේ කණ්ඩායමේ සිටි ලාබාලතම සාමාජිකයා වූයේ ප‍්‍රභාකරන්ය. එහෙයින් සෙසු සාමාජිකයන් ඔහු “තම්බි” (මල්ලි/ පුන්චි මහත්තයා) යනුවෙන් හැඳින්විය. මේ වන විට 1970 දශකය ආරම්භ වෙමින් තිබුණි.

      රජය 1970 පමණ වන විට කි‍්‍රයාත්මක කළ විශ්වවිද්‍යාල “ප‍්‍රමිතිකරණ” කි‍්‍රයාවලිය නිසා යාපනයේ ශිෂ්‍ය උද්ඝෝෂණ ඉහළ යමින් තිබුණි. මෙකල දමිල තරුණ සටන්කාමීන්/ ජාතිවාදීන් අමන්දානන්දයට පත්කළ සුවිශේශ සිදුවීම් කිහිපයක් විය.

      01. වර්ෂ 1971 අප්‍රේල් වල ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කල රාජ්‍ය විරෝධී කැරැල්ල. මෙයින් දිවයිනේ ප්‍රදේශ රැසක බලය ඉතා පහසුවෙන් අල්ලා ගත් සටන්කාමීන් පසුව ජනතා සහය නොලැබ පොලිසියට/ හමුදාවට ජනතාව විසින්ම අල්ලා දුන්හ. නමුත් උතුරේ ජනතාව මෙසේ නොකරනු ඇති බවටත් සටන්කාමීන්ට වැඩි මහජන සහායක් ලැබෙන බ්වටත් ඔවුන්ට විශ්වාසයක් විය.

      02. විදේශීය වශයෙන් පාකිස්තානයේ නැගෙනහිර ප්‍රාන්ත්ය වශයෙන් තිබූ පරදේශය සන්නද්ධ අරගලයක් මගින් 1971 දී "බංග්ලාදේශය" නමින් වෙනම රාජ්‍යයක් ලෙස වෙන්ව ගියේය.

      මේ සියලු පසුබිම් සිදුවීම් දෙමළ ශිෂ්‍ය ව්‍යාපාරයට දැඩි ලෙස බලපෑවේය. ශිෂ්‍යයෝ රජයේ දේපොළවලට පහර දුන්හ. ප‍්‍රභාකරන් ද සිය පළමු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවට මුලපිරුවේ මේ අවස්ථාවේදීය. ඒ වල්වෙට්ටිත්තුරෛ නගරයේදී බස් රථයකට ගිනි තබමිනි.

      මේ සමග ප‍්‍රචණ්ඩත්වය මුදාලීමට යාපනය අර්ධද්වීපය හොඳ පසුබිමක් මේ වන විට තිබුණි. පිරපාහරන් 1972 දී බෝම්බ නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන්නේ මේ අතරතුරය. සිදුවූ අත්වැරැදීමකින් පිපිරීමක් සිදුවූ අතර ඔවුන්ගේ කණ්ඩායමේ තිදෙනෙක් තුවාල ලැබූහ. පිරපාහරන්ගේද දකුණු කකුල පිළිස්සිණි. මේ නිසා ඔහුගේ කකුල කළු පැහැ ගත් අතර එතැන් පටන් ඔහු “කළුපාට පාද ඇති තැනැත්තා” යන තේරුමින් “කරිකාළන්” ලෙස ද හැඳින්විය.

      ක්‍රමක්‍රමයෙන් යාපනයේ තත්ත්වය එන්න එන්නම උණුසුම් විය. පොලිසිය දෙමළ කල්ලි පිළිබඳ අවධානයෙන් සිටියේය. උදා වී ඇති තත්ත්වය හොඳ නැති බව තේරුම් ගත් පිරපාහරන් මදුරාසියට (දැන් චෙන්නෛ) පැන ගත්තේය. කෙසේ නමුත් 1970-77 සමයේ සිරිමාවෝ රජය ඉන්දියාව සමග ඉතා සමීපව කටයුතු කළ බැවින් ඉන්දියා රජයෙන් මොවුන්ට කිසිදු සහයක් නොලැබුණි. මේ නිසා පිරපාහරන්ලා ඉමහත් දුශ්කරතාවකින් සිටියහ. මෙකලම ඉන්දීය විරෝධී ස්ථාවරයක සිටි ඇමරික එක්සත් ජනපදය විපක්ෂයේ සිටි එජාපය සමග එක්ව බලයේ පැවති සමගි පෙරමුණු රෙජීමය පළවා හැරීමට 1974-1977 කාලයේ කටයුතු කළේ ඔවුන්ට හිතවාදී ජේ.ආර්/ මෙන්ම වයෝවෘද්ධ ඩඩ්ලි/ කොතලාවල ඇතුලු නායකයින්ගේ සහායෙනි.

      Delete
    6. ඉහත ආලෝචන දෙක ඔබ වෙත ගෙනාවේ සදම්ටනයේ සිට ය.

      ටිං ටුං ටිං...

      Delete
  2. චක් නොතාරිස්.April 5, 2017 at 3:49 PM

    දැන් ඉන්න අවුරුදු 4-5 පුංචි කොල්ලො ටීවීඑකෙන් දකින බෙන් 10 හරි සුපර් මෑන්ල වෙන්න ආසයිනේ.
    ඒ කාලේ අවුරුදු 18-35 තරුණයන් පොත් වල හිටපු ලෙනින්ල,චේල,කැස්ත්‍රොල වෙන්න ට‍්‍ර‍යිකලා එච්චරයි.


    සරල වැඩිද මන්දා...නැන්දා.

    ReplyDelete
    Replies
    1. සුකිරි බටිල්ලාApril 6, 2017 at 10:25 AM

      88-89 භීෂණ යුගයේ සිදු වු සියලු ඝාතන වලට වක්‍රා‍කාරයෙන් සහය දුන් යුවලකි ගායිකා නන්දා මාලිනි සහ මහාචර්ය සුනිල් ආරියරත්න.ඒ දිනවල ජනප්‍රිය පවන ප්‍ර‍සංගය හා කැසට් යුගලය තරුන තරුණියන්ට විප්ලව උන්මාදය උත්තේජනය කරන එක්ස්ටසියක් බඳු විය. එයින් මත්වී පරම්පරාවක් නිරපරාදේ විනාශ විය.

      නමුත්....අද
      මියගිය උන්ගෙ පවුල්වල ගෑනු සුදු ඇදගෙන පන්සල් වලට මළ උන් සිහිකර දානය රැගෙන යන අතර නන්දා මාලිනි උන්ගෙ විනාශ වු ආත්ම ශ්වේත සාරියෙන් වසාගෙන(මාකට් කරමින්)ගතමන්ට් එකක් සොයා සිරසට ගොඩවෙයි.

      මෙව්වත් බලන්න.
      1.
      //හැබැයි හැටදාහක් මලානම් නන්දක්කයි සුනිල් සර් රුයි උන්ගේ කරේ බැන්ද සයනයිඩ් ප්‍රමාණය විජේවීරටත් වඩා වැඩියි.//
      http://slash-dev-slash-null.blogspot.com/2017/01/8889.html
      2.
      .// "ශ්වේත රාත්‍රිය"ට ගීත තේරුවේ සිරස ගුවන් විදුලි නාලිකාවෙන්. මගේ ගීත 1028 කින් ඔවුන් ගීත සියක්‌ තෝරා ගත්තා. ඉන් පසු සිරස එෆ්.එම්. නාලිකා ප්‍ර්‍රධානි මරික්‌කාර් සොහොයුරාත්, සංගීත අංශයේ ප්‍රධානි නිහාල් වික්‍රම එදිරිසූරිය සොහොයුරාත් අප දෙදෙනා සමග සාකච්ඡා කළා. තෝරාගත් ගීත සීයෙන් තවත් විසි පහක්‌ තෝරන්න කියා අපි ඔවුන් දෙදෙනාට යළි කිව්වා. දින දෙකකට පසුව ඔවුන් තිහක්‌ විතර තෝරාගෙන ආවා.සිරස එෆ්. එම්. ජාලය ශ්වේත රාත්‍රිය ප්‍රසංග විසිපහක්‌ රට පුරා ගෙන යන්න සැලසුම් කර තිබෙනවා. //
      http://www.divaina.com/2010/09/03/cineart03.html

      3.
      //මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හ‍ලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය.//
      http://aswanna.blogspot.com/2012/05/blog-post_21.html

      Delete
  3. අයිසෙ පැරා,

    ඇයි 89-90 උඹලාගෙ තුන්ඩු නීතිය රජ කරපු කාලෙ? බඩ දරු අම්මා කෙනෙකුට දරුවා බිහිකරන්න වත් ඉස්පිරිතාලෙකට යන්න බැරි වුන බොලෑ කැලෑ නීතිය රජ කරපු කාලෙ? ගස් කපලා දාලා පාරවල් හරස් කරපු, ඉස්පිරිතාල වහන්නය කියලා දොස්තරලට තර්ජනය කරපු, දොස්තරලා බොලාට හිස නැමුවෙ නැති වුනාම ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියලා ඉස්පිරිතාලෙ කරන්ට් කපපු කාලෙ? කඩ සාප්පු වහන්න තුන්ඩු දීපු කාලෙ? බොලෑ කීම අහපු නැති මිනිස්සුන්ව අමු අමුවෙ මරපු කාලේ? ඈ බොල එතකොට රටේ තිබුනෙ මොන නීතියද? සිරිකොතෙන් පඩිය අරන්, රනිල්ගෙන් අවසර අරන් බොලා රඟන රැඟුම අපි දන්නෙ නෑනෙ. පවූ උඹලා

    ReplyDelete
  4. රාජ්‍ය යන්ත්‍රය අවතක්සේරු කළ මෝඩ ප්‍රයත්නයක් වුනත් 1971 කැරැල්ල ඉතා අවංක කැපවීමකින් කළ එකක් කියායි මගේ අදහස. නමුත් 1984-1989 ත්‍රස්තවාදය නම් අන්ත ප්‍රතිගාමී, ජාතිවාදී ප්‍රවනතාවයකින් යුක්ත වූ මිනීමැරුම් ගොඩක් විතරයි!

    ReplyDelete
    Replies
    1. රසික,

      //රාජ්‍ය යන්ත්‍රය අවතක්සේරු කළ මෝඩ ප්‍රයත්නයක් වුනත් 1971 කැරැල්ල ඉතා අවංක කැපවීමකින් කළ එකක් කියායි මගේ අදහස.//
      ඔබ වගේ ඉගනගත් කෙනෙක් මේක කියපු එක ගැන කනගාටුයි 1970 බලය ගත් මතිනිගේ රජයට වර්ෂයක් යන්න ඉස්සල්ල කැරලි ගැහුවනම්
      එකේ ඇති අවංක කම මොකද්ද ? හරිනම් මැතිනියට වැඩකිරීමට කාලය දීල ඇගේ රජය තරුණ පරම්පරාවේ ප්‍රරශ්න විසදන්නේ නැත්නම් ඔවුන්ට කැරලි ගහන්න තිබ්බ .

      Delete
    2. මේක අවංකව ම තමන් අතට බලය ගැනීමේ හුදු අරමුණින් දුර දිග නො බලා ගැසූ මනෝරාජික කැරැල්ලක්.

      Delete
    3. @ Lankika Sithuwili

      ඔබ ඔබේ පැලේ, මා මගේ පැලේ.....!!!

      ;-)

      1. මෝඩ ප්‍රයත්නයක් යැයි මා කියන්නේ ඔවුන් ගේ සටන් ක්‍ර්‍රියා මාර්ගය තුල බලය අල්ලා ගැනීමට හෝ පවත්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබුණු බවක් පෙනෙන්නට නැති නිසයි.

      2. අවංක කැපවීමය කියන්නේ ඒ සටන් ව්‍යාපාරයට එක් වූ සියළු දෙනාම පාහේ, මා කියවා ඇති ආකාරයට, පවතින රාජ්‍ය ක්‍රමය පෙරලා දමා නිර්ධන පන්තියේ රජයක් පිහිටුවීම සඳහා විප්ලවයක් කල යුතුය කියා ආංකවම විශ්වාස කළ අය යැයි මට සිතෙන නිසයි. ඒ මොහොතේ බලයේ සිටින්නේ සමගි පෙරමුණ ද, හත් හවුල ද යන්න මත ඒ අදහස් වෙනස් නොවීම ම මගේ අදහස ස්ථිර කරනවා.

      අමතර කරුණක් එකතු කළහොත් ජනතා විමුක්ති පෙරමුණ 1986 සිට දියත් කළ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ අරමුණු ජාතිවාදය මත පදනම්ව තිබුණු නිසාත්, ඔවුන් හා එක්වුණු බහුතරයක් දෙනා ඒ ජාතිවාදී මතවාදය අනුමත කළ නිසාත්, ඔවුන්ට අවංක විප්ලවවාදී අදහස් තිබුණා ය කියා මා සළකන්නේ නෑ.

      Delete
    4. රසික,

      1970 රජය බලයට ගෙනඒමට විජේවීර දායක වූබව මා කියවා තියනවා, එහෙම එකේ බලයට ගෙනාපු රජයට වසරක් යන්න ඉස්සල්ල කැරලි ගැහුවා කියන්නේ එකේම තියනවා නේද වංක කම, ඊට අමතරව ජනතා සහයෝගය නැතිව බලය ගන්න බැරි බව විජේවීර නොදැන සිටියද ? එතනත් තියනවා නේද වංක කම

      පැරා කියන //මේක අවංකව ම තමන් අතට බලය ගැනීමේ හුදු අරමුණින් දුර දිග නො බලා ගැසූ මනෝරාජික කැරැල්ලක්.//
      මේ අදහසේම ජනතා විමුක්ති පෙරමුණේ වංක කම තියනවා නේද?

      1989 අපි ටිකක් පැත්තක තියමු මොකද ඔවුන් කියනවා නේ 1983 පවතින රජය ඔවුන්ව තහනම් කරනවනේ ඉතින් අර ටිල්වින් සිල්වා අත්බැදලා ලිදේ දාපුවම අදාළ පුද්ගලයා ජිවිතේ බේරගන්න දගලපුවහම ලිද බොරවෙන කතාව බැරිය සාදාරනීකරණය කරන්න.

      නමුත් එහෙම තහනමක් නැති 1971 කාලේ ඔය බයිලාව කියන්න බෑනේ. විජේවීර කියන්නේ කාලකන්නි මිනිමරුවෙක් ඕකගේ ඇති අවංක බවක් නෑ කතාව එච්චරයි.

      Delete
    5. // අවංක කැපවීමය කියන්නේ ඒ සටන් ව්‍යාපාරයට එක් වූ සියළු දෙනාම පාහේ//
      එතකොට මෙතන විජේවීරත් හිටියද නැද්ද ?

      Delete
    6. ජවිපෙ කියන්නෙ එක්තරා පාරිශුද්ධවාදී පක්ෂයක්. ඔවුන්ගේ පදනම වන්නේ සියල්ල දන්නේත්, සියල්ල කළ හැක්කේත් ඔවුන්ට පමණයි කියා සිතාගෙන සිටීමයි. එම සිතුවිල්ල ඔවුන්ට සාපේක්ෂව අවංක විය හැකියි.අවංක මෝඩයන් හා අවංක දුෂ්ටයන් ද සිටිය හැකියි. අවංකකම යනු හැම විට ම හොඳකමක් වන්නේ නැහැ.

      Delete
    7. විජේවීර කලේ කිසියම් දෙසපාලනික බලයක් ලබාගන්න, ඔහු දැනසිටිය ජනතාව සහයෝගය නොදෙන බව, ඔහු කලේ තරුණ ජිවිත සමග සුදු කෙලීමයි, ඔහු හිතුව පොල්පොට් වගේ බලය අල්ලාගෙන රටේ නායකයා වෙන්න, ඔහු පැහැදිලිව දැන සිටිය ගන්න අවදානම ගැන නමුත් ඔහු තරුණයන් නොමගයැව්ව එතනයි වංක කම තියන්නේ.

      Delete
  5. //එදාත්, අද මෙන් ම මෙම තරුණයන් පදනම් වූයේ මනෝරාජික න්‍යායික ෆැන්ටසීන් මත මිස ප්‍රායෝගික දේශපාලන දර්ශනයක් මත නො වේ.//

    ReplyDelete
    Replies
    1. අපිව හූරන්කනව කියන එකත් ෆැන්ටසියක් ද?
      නීතියේ අසමානතාව මනෝරාජික ද?


      කලින් එව්ව අප්සැට් නම්,
      දන්න එකෙක් ප්‍රායෝගික දේශපාලන දර්ශනයක් දෙසාබාපල්කෝ.

      Delete
    2. අන්න හරි ඔය සුරාකෑම නැති අතිශයෙන් සුන්දර රටක් ගැන කිව්වනම් !

      Delete
    3. ඔය හූරා කනවා ය කියන එක පැවැත්ම විග්‍ර‍හ කරන්නට පුළුවන් තවත් එක් ආකාරයක්. ඒ නිසා එහෙම එකක් නැද්ද කියලා ඇහුවොත් නැහැ කියන්නට බැහැ. හැබැයි සූරාකෑම කියන රාමුවට සියල්ල හසු කර ගන්නට බැහැ.

      ඒ රාමුවේ අප්සෙට් එක පෙන්නන්නට උදාහරණයක් මෙන්න: රජයේ සේවකයිනුත් ඔය සූරා කනවා ය කියන කතාව කියනවා නේ. ඒත්, ඇත්තම කිව්වොත්, ඔවුන් සූරාකන රජයේ පාර්ශ්වකරුවන් පිරිසක්. ඔවුන්ගේ පැවැත්ම පදනම් වන්නේ රජය විසින් කරනු ලබන බදු සූරාකෑම මතයි.

      Delete
    4. //එහෙත්, එදාත්, ඔවුන්ගේ මූලික ගැටලුව වූයේ බලය ගෙන, රාජ්‍යය වෙනස් කරන හා ආර්ථිකය සංවර්ධනය කරන ආකාරය පිළිබඳ ඔවුන්ට කිසිදු යථාර්ථවාදී පුරෝකථනයක් නො තිබීමයි. //

      Delete
    5. පැරා,

      මම සුරාකෑම කියන වචනය දකින්නේ වාමන්ශිකයන් දක්ෂිනාන්ශිකයන් ගේ වැරද්දක් දකින විදියට නෙමෙයි.
      හිතන්න ඔබට කෝටිසියක් තියනවා කියල ඔබට හැකියාව තියනවා මේ මුදල් බැංකුවේ දාල රුපියල් ලක්ෂ 40ක් පොලියක් ගන්න හැබැයි ඔබට කිසියම් කර්මාන්තයක් සදහා මේ මුදල් දැම්මොත් ලක්ෂ 150 සොයන්න පුළුවන් හැබැයි මේ කර්මාන්තය කිරීම කිසියම් අවදානමක් තියනවා සමහර විට ලක්ෂ 10 වත් නොලැබෙන්න පුළුවන්. නමුත් මේ මිනිසාට තියන ලෝබය නිසා මේ මුදල් වියාපාරයක් යොදනවා, දැන් ඔහුට ඕනේ වෙනවා මෙයින් ලාබ ලබන්න ඔහු ශ්‍රමිකයන්ට අඩු පඩි ගෙවල වැඩියෙන් වැඩ ගන්නවා.

      ඕකනේ වෙන්නේ දැන් මේවගේ බොහෝ ධනපතියන් මෙහෙම කලහම වෙන්නේ මොකද්ද ? ශ්‍රමිකයන්ටත් අවස්තාව ලැබෙනවා වැඩි පඩි ඉල්ලන්න නැත්නම් ඔවුන් වැඩි පඩි තියන තැනට යනවා, මේ නිසා ශ්‍රමිකයන්ගේ ජිවන තත්වය දියුණු වෙනවා හරිනේ ?

      දැන් බලමු සමාජවාදී සාමාන්‍ය ක්‍රමයේ වෙන විදිය මෙහිදී පුද්ගලික ආයතන අද්යිරමත් කරනවා හැම දෙයක්ම රජය කරනව, මෙතන ඇති ප්‍රශ්නය රජයේ සේවකයක් වියදම් කරන්නේ තමන්ගේ මුදල් නෙමෙයි අනුන්ගේ මුදල් මෙනිසා ප්‍රවර්දනයක් නෑ වැඩි මහන්සියක් ගෙන කිසියම් දෙයක් දියුණු කිරීමට මෙනිසා එකක පිරිවැය අඩු කරන්න උත්සාහ ගන්නේ නෑ තව විදියකින් රජය පාඩු ලබනවා හැබැයි ඇත්තටම මේ පාඩු ලබන්නේ කවුද ? රටේ මහජනතාවයි මෙනිසා සමස්තයක් ලෙස රටේ මුළු ජනතාවම දිලිදු වෙනවා, මේ නිසා තමයි සමාජවාදී රටවල් ඉතා දිලිදු රටවල් වෙලා තියන්නේ.

      හැබැයි ඔය කියන මෝඩ සමජාවාදය හැර දේපල අයිතිය පුද්ගලයන් සතුවන දියුණු සමාජවාදී ක්‍රම පවතිනවා එක උදාහරණයක් තමයි ස්පාන්යේ 6 විශාලම ආයතනය වන Mondragon Corporation මෙය සමුපකාර ක්‍රමයක් හැබැයි ඔබත් මමත් දන්නා එකක් නෙමෙයි.

      මෙහිදී සේවකයන් අදාළ ආයතනයේ අයිතිකරුවන් වෙනවා ඔවුන් සංකීර්ණ ක්‍රම විදි පාවිච්චි කරනවා.

      මෙහි අපුරු දෙයක් තමයි එකම සේවකයෙකුගේ වත් රැකියාවක් අහිමි කිරීම සිදුනොවීම. ඔවුන් සතුව දියුණු විශ්වවිද්‍යාල දියුණු තක්ෂණික ආයතන සහ ලෝකයේ ඉල්ලුම පවතින නිෂ්පාදන ගැන විවිද සමීක්ෂණ කරන අංශ තියනවා, ඔවුන් දැක්කොත් කිසියම් වියාපාරයක් සදහා ඉල්ලුම අඩුවෙනවා ඔවුන් වැඩි ඉල්ලුම ඇති වියාපර පටන්ගන අර ඉල්ලුම අඩු ආයතනයේ සේවකයන් නව වියාපරයට ගන්නවා මෙමහින් ඉල්ලුම අඩු එකේ සේවකයන් කපන අතර ඉල්ලුම වැඩි එකට සේවකයන් වැඩිකරනවා.

      සමස්තයක් ලෙස මේ ක්‍රමයේ එකක පිරිවැය අඩුවී ලෝකය පිළිගත් දේ අපනයන කිරීම කරනවා. මේ ආයතන වල පිරිස් ආතතියෙන් තොරව මානසික සැනසීමෙන් වැඩකරන බව තේරුම්ගන්න පුළුවන්.

      හැබැයි මේ ක්‍රමය තරමක් සංකීර්ණ ක්‍රමයක් මම අපේ රටේ වාමන්ශිකයන් ගෙන් මෙවැනි දේවල් අසල නෑ හැබැයි ඔබට හැකිනම්
      http://www.mondragon-corporation.com/eng/

      බලන්න DETA ප්‍රශ්න නැත්නම් මහාචර්ය රිචර්ඩ් වුල්ෆ් ගේ https://www.youtube.com/watch?v=mKbukSeZ29o
      ඔබට DETA බේරගන්න ඕනේ නම් https://www.youtube.com/watch?v=T-CuPWrGax4 කෙටි විස්තරයක් තියනවා.

      සමාවෙන්න කොමෙන්ටුව දික් උනා

      Delete
  6. ඔය නසරානි ජෙප්පො 71 හා 88-89 අඳුරු කාල පරාසයන් දෙකේදී විප්ලව කියල කෙළේ ගැමි තරුණ තරුණියන් සිය දහස් ගණනක් මෙලොවින් චුත කිරීමට මග පෑදීම පමණයි. එහිදී මරණයට ලංවී දිවි බේරා ගැනීමට වාසනාව තිබූ අය අතුරින් සමහරු තවමත් PTSD (Post Traumatic Stress Disorder) යෙන් පෙළෙන බවත් ඇත්තක්.

    අනුර කුමාර, ලාල් කාන්ත ඇතුළු අලුත් ජෙප්පො සෙට් එක දැනුත් අර අඳින්නෙ, තරුණයන්ට අදාළ නැති ප්‍රශ්ණ වලට ඔවුන්ව උසි ගන්වා, ඔවුන්ගේ අද්‍යාපනය කඩාකප්පල් කර, පොලිසිය ලවා උන්ගේ ඔලු, අතපය කඩා වලපල්ලට යැවීම හෝ සදාකාලික අබාධිතයන් කිරීමටයි. (කොල්ලෝ, කෙල්ලෝ ගුටි කෑවට අනුර කුමාරලට, ලාල් කාන්තලට නියපොතු පාරක්වත් වදින්නේ නෑ)

    ඒ අතර දැන් දොස්තර මාෆියාවේ ලෙඩ්ඩු මරණ ව්‍යාපාරයටත් ජෙප්පො සපෝට් කරනවා. මේ කාලකන්ණි ජෙප්පනට හැමදාම ඕන කලෙත්, ඕන කරන්නෙත් මළමිනී හා ලේ දකින්නයි. එකයි මුන් කිසිම තර්කානුකුල බවක් නැතිව ජාවරම්කාර දොස්තර මාෆියාවට සපෝට් කරන්නේ.

    ස්වභාවික යුක්තියට අනුව සේවක පිරිසක් වර්ජනය කලයුත්තේ තමන්ට අයිතිවාසිකමක් හෝ වරප්‍රසාදයක් දිනා ගැනීම වෙනුවෙන්. ඒත් තම රටේ තම සහෝදර පිරිසක් භුක්ති විඳින සාධාරණ අයිතිවාසිකමක් අහෝසි කරන්න කියමින් කරණ මිනීමරු වර්ජන සාධාරණීකරණය කරන්නේ කුමණ යුක්ති ධර්මයකට අනුවද? මේ ජෙප්පන්ගේ ලේ පිපාසය හැර අන් කිසිවක් නොවේ.

    සාධාරණව හිතන, යහපත් සිහිකල්පනාවක් තියෙන පුද්ගලයෙක් යයි සිතාසිටි ගුරු සංගමේ ජෝසප් ස්ටාලින් නුත්, මේ මිනීමරුවන්ට සපෝට් කරනවා කියන එක හිතාගන්නත් අමාරුයි. එත් මිනිහත් හාඩප් කාරය නිසා මහින්දගේ සල්ලි බ්‍රිෆ් කේස් එක බාරගන්න ඇති. මිනිස්සු අසරණ වුනාම, මුදල් වලට හිතට විරුද්ධ දේවලුත් කරන්න සිද්ධ වෙනවනෙ. පව් හැබෑටම.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා