ඔයාට සයිටම් යන්නට ලක්ෂ 120ක් තියෙනවා ද?

අප පෞද්ගලික අධ්‍යාපනය ද ඇතුළුව අධ්‍යාපනයේ නිදහසට පක්ෂව කතා කරනකොට ඇතැමෙකු අසන ප්‍රශ්නයක් තමයි, අපේ ළමයින්ට සයිටම් යන්නට රු. ලක්ෂ 120ක් තියෙනවා ද කියන එක.

කෙළින් ම ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් නැහැ.

හැබැයි ඉතින් එතැනදී අදාළ තවත් කරුණක් තියෙනවා. අපේ ළමයින් අසාමාන්‍ය ලෙස උසස් පෙළ ජීව විද්‍යාව ඉගෙනීමෙහි දක්ෂ නම්, පෞද්ගලික ටියුෂන් වෙළඳපොළෙන් ඉහළ මට්ටමේ තරගකාරී අධ්‍යාපනයක් ලබා ගත හැකි නම්, අපේ දරුවන්ට මහජන මුදලින් සීමිත පිරිසකට පමණක් දෙන අධ්‍යාපනයට තේරෙන්නටත් පුළුවන්. අප ඒ වෙනුවෙන් බදු ගෙවා තිබෙන නිසා, අපේ දරුවන්ටත් එය අයිතියි. අප පෞද්ගලික අධ්‍යාපනයට පක්ෂ ය කියන එක එතැනදී අදාළ නැහැ.

එහෙම බැරි වුණොත්, අපේ ළමයින්ට සයිටම් යන්නට බැරි වේවි. හැබැයි ඉතින් පුළුවන් අය යාවි. ඒකට අප ඉරිසියා කළ යුතු නැහැ. අප දන්නා බොහෝ දෙනෙකුට ඔය ලක්ෂ 120 ලොකු මුදලක් නෙමෙයි. ඔය දොස්තරලා, නීතිඥවරු, ටියුෂන් ගුරුවරු, කුඩා තේ වතු හිමියන්, සල්ලි පොළියට දෙන අය වගේ අප අවට ඉන්න අැතැමුන්ට ඔය මුදල ආයෝජනය කිරීම අමාරු දෙයක් නෙමෙයි. 

පෞද්ගලික අධ්‍යාපනය ද ඇතුළුව අධ්‍යාපනයේ නිදහසට පක්ෂ කිසි කෙනෙක් රජයේ පාසල්, රජයේ විශ්වවිද්‍යාල වසා දමන්න ය කියන්නේ නැහැ. දක්ෂ, දිළිඳු සිසුන් වෙනුවෙන් හැමදාමත් මාර්ග විවෘතව තිබිය යුතුයි. ඒක සමාජ වගකීමක්. අපේ ළමයින්ටත් විශ්වවිද්‍යාලෙ යන්නට බැරි වුණොත්, එන්.වී.කියු. හරි තිබිය යුතුයි. හැමෝම දොස්තරලා වෙන්නට ඕනැ නැහැ. හැබැයි හැමෝම පුහුණු ශ්‍රමිකයන් විය යුතුයි. 

ඒ වගේ ම, අනිවාර්ය පාසල් අධ්‍යාපනය රජය විසින් සියලු දෙනාට පූර්ණ ලෙස නොමිළේ ලබා දිය යුතුයි. මේ වන විට රජය අනිවාර්ය අධ්‍යාපනය පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ම ලබා දෙන්නට තීරණය කර ඇති බව ඔබ දන්නවා ද?

අනිවාර්ය අධ්‍යාපනයයි, උසස් අධ්‍යාපනයයි කියන්නේ දෙකක්. ඒ දෙකට අමාත්‍යාංශත් දෙකක් තිබෙනවා. උසස් අධ්‍යාපනය කියන්නේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසත් සැලකිය හැකියි. එහිදී යමෙකුට තමන්ගේ අනාගතය තමන් කැමති විදියට සැලසුම් කර ගන්නටත්, ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නටත් නිදහස තිබිය යුතුයි. ඒක වරදක් නෙමෙයි. 

උසස් පෙළ සමත් වී රජයේ විශ්වවිද්‍යාලයක පශු වෛද්‍ය විද්‍යාව හදාරන්නට තේරෙන සිසුවෙකුට තමන්ගේ සිහිනය සාමාන්‍ය වෛද්‍යවරයකු වීම නම්, එම සිහිනය වෙනුවෙන් ආයෝජනය කරන්නට හැකියාව තිබේ නම්, ඒ සඳහා අවස්ථාව තිබීම වරදක් නෙමෙයි.

දැනට වුණත්, එහෙම කරන හැම දෙනෙකු ම අනිවාර්යයෙන් ම ධන කුවේරයන් නෙමෙයි. එහෙම කරන එක අඩු සුදුසුකමක් ලෙස අර්ථකථනය කිරීමත් අතිශය බොළඳයි. 

ඒ වගේ ම විමුක්තිය අත්පත් කර ගන්නට නම් සියලු දෙනා දොස්තරලා විය යුතු නැහැ ය කියන එකත් මා කිව්වා. දොස්තරලා පංතියක් වී තිබෙන්නේ ලංකාවේ ඔවුන් විසින් නඩත්තු කරනු ලබන සුවිශේෂ තත්වය තුළයි. ඒකත් සෙසු වෘත්තීන් වගේ ම වැදගත් වෘත්තියක්. විමුක්තිය කියන්නේ දොස්තර කෙනෙකු වීම නෙමෙයි. කම්කරුවකුට කම්කරුවකු ලෙස ම උසස් හා සුරක්ෂිත තත්වයකට පත් විය හැකි නම් ඒක තමයි කම්කරුවාගේ විමුක්තිය. 

දැන් ලංකාවේ ජාත්‍යන්තර යයි කියන පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සංඛ්‍යා දත්තවත් නැහැ. මේ හැම සිසුවෙකු ම ධන කුවේරයන්ගේ ළමයින් නෙමෙයි. සාමාන්‍ය පංතිවල, උසස් පාසල්වලට ඇතුළු වීමට අවස්ථාව අහිමි වන දරුවන් විශාල පිරිසක් මෙම පාසල්වලට යනවා. ඔවුන්ට වඩා ධනවතුන් විශාල පිරිසක්, ආදි ශිෂ්‍ය පදනමින්, පදිංචි පදනමින්, ක්‍රියාන්විත සේවා පදනමින්, රජයේ සේවකයන් වීමේ පදනමින් විතරක් නෙමෙයි, පගා දීමෙනුත් මහජන මුදලින් නොමිළේ උගන්වන උසස් පාසල්වල ඉඩකඩ අත්පත් කර ගන්නවා.

මේ තත්වය වෛද්‍ය විද්‍යාලවලත් එහෙමයි. පසුගිය දිනවල වෛද්‍ය විද්‍යාලවල දෙමව්පියන්ගේ සංගම් රැස්වීමකදී ආඩම්බරෙන් කියපු කරුණක් වන්නේ ඒ ප්‍රධාන දෙමව්පියන් සියලු දෙනා විශේෂඥ වෛද්‍යවරුන් බවයි. මේ වෛද්‍යවරු සාමාන්‍යයෙන් දවසකට රු. ලක්ෂයක් විතර හම්බ කරන අය. සමහරු නිසි පරිදි බදු ගෙවන්නේත් නැහැ. රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගන්නා සියලු දෙනා දුප්පතුන් නෙමෙයි. දුප්පත් ළමයින් බහුතරය ඉගෙන ගන්නා සාමාන්‍ය පාසල්වලින් වෛද්‍ය විද්‍යාලවලට තේරෙන්නේ කීදෙනා ද කියා සොයා බලන්න.

ලංකාවේ තිබෙන ගතානුගතික මෝඩ සමාජවාදී ආකල්ප අනුව, ජාත්‍යන්තර පාසල් යන්නෙ, සයිටම් යන්නෙ, වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නෙ, විදේශ විශ්වවිද්‍යාලවලට යන්නෙ ධනපති පංතියේ ළමයි. 

ඒ නිසා ඒ දරුවන්ට රජයේ පාසල්වල, විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා ළමයින් ලවා වෛර කරවනවා. ජාත්‍යන්තර පාසල්වල ළමයින්ට හොඳින් ඉංග්‍රීසි කතා කරන්නට පුළුවන් වීමත් ඔවුන් වෛරයට ලක් වීමට හේතුවක් වෙනවා. මෙතන හීනමානය දැඩි ලෙස ක්‍රියාත්මකයි.

සමාජවාදය කියන්නෙ සල්ලි නැති එකා සල්ලි තියෙන එකාට වෛර කරන එක ද? සල්ලි තියෙන එකාව විනාශ කරලා උගේ ධනය පැහැර ගන්නා එක ද? මේක ඉතාම පටු ආකල්පයක්. ඒ වගේ ම මේක සමාජවාදය නෙමෙයි. හීනමානය.

ඒ වගේම, අප හැමෝටම බල්ලන්ට ගහන්නට තරම් සල්ලි තියෙන්නට ඕනැ ද? කම්කරුවන් වන අප අපේක්ෂා කළ යුත්තේ ධනපතියන් තරමට ම අපටත් සල්ලි තිබීම ද?

අනෙක ව්‍යවසායකයන් කියන්නේ ධනපතීන් ලෙස සලකා වෛර කළ යුතු පිරිසක් ද? 

දැන් සයිටම් විරෝධීන් බලාපොරොත්තු වෙනවා අපත් නෙවිල් ප්‍රනාන්දුට වෛර කළ යුතුයි කියලා. ඔවුන් වෛර කරනවා. ඒ වෛරය වෙනුවෙන් ඔවුන් සයිටම් යනු සක්විති පන්නයේ හොරකමක් ය කියාත් කියනවා. ඒත්, එවැනි ඕනෑම අභියෝගාත්මක ව්‍යවසායක් මුහුණ දෙන ගැටලු හැර සයිටම්හි අප නම් සෙසු රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යවසායවලට වඩා අමුත්තක් දකින්නේ නැහැ. 

කිසියම් වෛද්‍යවරයෙකු විශාල කඩ කුලියක් ගෙවා, නගරයක් මැද, තරගකාරී පරිසරයක ඩිස්පෙන්සරියක් දැම්මත් ආරම්භයේදී අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. 

ව්‍යවසායකයින් ය කියන්නේ ධනේශ්වර සමාජයක අත්‍යවශ්‍ය වැඩ කොටසක් කරන පිරිසක්. ඔවුන් නිසා තමයි, රජයේ රැකියා අහිමි වන, අව වරප්‍රසාදිත පීඩිතයන්ට රැකියා ලැබෙන්නේ. ලාභය කියන එක විසින් තමයි ධනේශ්වර ක්‍රමය ධාවනය වන්නේ. ඒ නිසා ඔවුන් ලාභ ලබනවා. ඒ වෙනුවෙන් ඔවුන් දරන අවදානම් ආදියත් සමග ඔවුන් අපට වඩා සැප විඳිනවා ඇති. ඒත්, අප ඔවුන්ට වෛර කළ යුතු ද?

සතුට කියන්නෙ ලෝකෙ වටේ ඇවිදින එක, හොඳ හෝටල්වලින් කන එක, වටිනා ඇඳුම් අඳින එක, අධි සුඛෝපභෝගී වාහනවලින් ගමන් යන එක, පුළුවන් තරම් ගෑනු සංඛ්‍යාවක් එක්ක හැමනෙන එක වගේ දේවල් ම නෙමෙයි. මිනිසුන්ට මූලික සමාජාරක්ෂාවක් තිබිය යුතුයි. ඒ වගේ ම වැඩ කරන්නට, තමන්ට උවමනා නම් සමාජ හිනිපෙතේ ඉදිරියට යන්නට අවස්ථාවත් තිබිය යුතුයි. 

කම්කරු පංතිය සමාජවාදය අර්ථකථනය කර ගැනීම ඇතුළෙ ජීවිත අපේක්ෂා හා සන්තුෂ්ටියත් අර්ථ නිරූපණය කර ගත යුතුයි. කම්කරුවාගේ ජීවන අපේක්ෂා ධනපතියාගේ පාරිභෝජනවාදී අපේක්ෂා විය යුතු නැහැ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //අප පෞද්ගලික අධ්‍යාපනය ද ඇතුළුව අධ්‍යාපනයේ නිදහසට පක්ෂව කතා කරනකොට ඇතැමෙකු අසන ප්‍රශ්නයක් තමයි, අපේ ළමයින්ට සයිටම් යන්නට රු. ලක්ෂ 120ක් තියෙනවා ද කියන එක.//

    ඔය වගේ ප්‍රශ්නයක් නම් ඉතින් http://uduwaage.blogspot.jp/ කියන මාධ්‍යවේදී තුමාත් කියන "Trust me I am a Journalist" පාඨයත් එක්කම ඇහුව. හැබැයි එතුමා ඒ කොමෙන්ට් වලට උත්තර දුන්නේ නම් නෑ. එතුමාගේ බ්ලොග් එක බලද්දී පෙන්නේ නම් ඒ එතුමාගේ සාමාන්‍ය ක්‍රමය නොවෙන බව. ඊට හේතුව කිවුවේත් නෑ දන්නේත් නෑ කමකුත් නෑ. දැන් එයා ඒ ගැන කතාවකුත් නෑ.

    ඒ තුමාගේ පොස්ට් එකට ඔය ප්‍රශ්නට ලැබුණු උත්තර කියවන මෙන් ඉල්ලනවා.

    මේ පොස්ට් එකත් සම්පූරනයෙන් කියෙව්වුවා.

    ReplyDelete
  2. මිනිහෙක් තුල විවිධ සත්තු ඉන්නවය කියනවනේ, එක එක අවශ්තාවල එලියට පනින. ලංකාවේ මිනිස්සුංගේ නං ජේවීපී කාරයකුත් ඇතුලේ ඉන්නවා පක්ෂපාට බේදයකින් තොරවම,

    ReplyDelete
    Replies
    1. බාගෙට එකඟයි. ලංකාවේ මිනිස්සුංගේ නං එලෝ මෙලෝ නැති නලා සද්දෙට පුරුද්දට ගාලට යන එළදෙනක් ඉන්නව කියල මං නම් කියන්නේ.

      පහුගිය මාසේ බිග් මැච් වල පෙරඩ් වල කකුල් කැඩෙන්න නටපු අපේ ඉස්කෝලේ එච් ඕ ජොකියෝ නිදහස් අධ්‍යාපනේ සාධරණේ නැති උනාය කියල ඊයේ පෙළපාලි. හැබැයි උන්දලා ඉන්ඩිවීජුවල් ටියුෂන් සරණෙන් යන්තම් 3 වෙනි විලි ලැජ්ජාවෙන් ෆැකල්ටියට රිංගපු එවුන්.

      මේ එළදෙනුන්ගේ සීනු හඩට ඇදෙන ගොන්නුත් ඉන්නවා ඉතින්.

      Delete
  3. බාගෙට එකඟයි. ලංකාවේ මිනිස්සුංගේ නං එලෝ මෙලෝ නැති නලා සද්දෙට පුරුද්දට ගාලට යන එළදෙනක් ඉන්නව කියල මං නම් කියන්නේ.

    පහුගිය මාසේ බිග් මැච් වල පෙරඩ් වල කකුල් කැඩෙන්න නටපු අපේ ඉස්කෝලේ එච් ඕ ජොකියෝ නිදහස් අධ්‍යාපනේ සාධරණේ නැති උනාය කියල ඊයේ පෙළපාලි. හැබැයි උන්දලා ඉන්ඩිවීජුවල් ටියුෂන් සරණෙන් යන්තම් 3 වෙනි විලි ලැජ්ජාවෙන් ෆැකල්ටියට රිංගපු එවුන්.

    මේ එළදෙනුන්ගේ සීනු හඩට ඇදෙන ගොන්නුත් ඉන්නවා ඉතින්.

    ReplyDelete
  4. උඹලාට දවසක තේරෙයි තමන්ගේ දරුවන්ට දක්ෂතාවය තියාගෙනත් වෛද්‍ය විද්‍යාලයට නොගෙන මෙලෝ වැඩක් බැරි සල්ලි කාරයින්ගේ ළමයි වෛද්‍ය විද්‍යාලේ ගියාම. සමහර විට උඹලාගේ හිතේ ඇති අපිත් කෝටි 1.2 ක් දීල අපේ ලමයවත් දොස්තර කෙනෙක් කරනවා කියලා. ඒ නිසා වෙන්න ඇති රෙප් කපන්නේ...

    මොනවා වුනත් ලෝකයේ දක්ෂතම වෛද්‍යවරු/ඉංජිනේරුවෝ ලංකාවේ ඉන්නේ ඒ හැමෝම හොඳම results දාල වෛද්‍ය විද්‍යාලේ ගියපු සුපිරිම මොල කාරයෝ නිසා. A/L S 3 වත් දාගන්න බැරි එවුන් දොස්තරලා වුනාම ඉතින් වෙන දේ කියන්න ඕනේ නෑනේ.
    (ඔව් ඔව් කුහකයි තමයි )

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සුංගේ නං එලෝ මෙලෝ නැති නලා සද්දෙට පුරුද්දට ගාලට යන එළදෙනක් ඉන්නව කියල මං නම් කියන්නේ.

      ඔවු ඔවු උබ වගේ උදවිය නිසා තමයි.

      රස්සාවකට ගන්න ඕනේ ඒ රස්සාවට කැප වෙන්න පුළුවන් එවුන්. ඕවා බන් අවංක විමල්ල වගේ එවුන් චොර විප්ලවේ කාලේ උබලට පොවපුව. උබල පෘග්ජනයෝ මේ බොරු ටික ආගමක් වගේ ඇදහුවට ඒ බොරු දෙසපු විමලයල සකුර්දගාමී වෙලා බන්.

      උබලට ලබා ගන්න බැරි වුන දේවල් උබෙ නමට හැදුනු ළමයට විතරක් හොරෙන් අරන් දෙන්න හීන දකින උබල වගේ බෙලහීන එවුන් අතරේ, අපේ කාලේ සමාජෙට නොලැබුන ප්‍රතිලාහ සමාජෙට ලැබීම ගැන හීන දකින එවුනුත් මේකේ කොමෙන්ට් දානවා දකින එකත් සතුටක් බං.

      සමහර දුර්වල එවුනුත් සයිබරේ නිසා ඉදිරියට ඇවිත් කියන්න බැරි අදහස ලියන එක හොද දෙයක් බං.

      Delete
    2. "මොනවා වුනත් ලෝකයේ දක්ෂතම වෛද්‍යවරු/ඉංජිනේරුවෝ ලංකාවේ ඉන්නේ"
      පක තමයි .
      දුපත් මානසිකත්වය. උබලා පව් බන්.
      පුලූවන්නම් ඔය ඉලව්වෙන් එලියට ගිහිල්ලා බලපන්.

      Delete
    3. //මොනවා වුනත් ලෝකයේ දක්ෂතම වෛද්‍යවරු/ඉංජිනේරුවෝ ලංකාවේ ඉන්නේ //

      හුකෑස්.... ලිද මගෙනම් මම ලිදෙනම් කාටවත් ඇයි වෙදනා

      Delete
    4. AL A3ක් ගත්ත හැමෝම දක්ෂ ඉංජිනේරුවෝ වෙන්නෙ නෑ. ALs4 අරගෙන තමන්ගේ මුදලින් ඉගනගත් අති දක්ෂ ඉංජිනේරුවෝ ඕන තරම් ඉන්නවා.

      Delete
    5. //උඹලාට දවසක තේරෙයි තමන්ගේ දරුවන්ට දක්ෂතාවය තියාගෙනත් වෛද්‍ය විද්‍යාලයට නොගෙන මෙලෝ වැඩක් බැරි සල්ලි කාරයින්ගේ ළමයි වෛද්‍ය විද්‍යාලේ ගියාම.//

      ලංකාවේ සමාජවාදය, විප්ලවය කියන්නේ මෙවැනි මෝඩ අදහස් පද්ධතියකටයි. මුලින් ම, මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමේ පහසුව තිබුණා ය කියා දක්ෂ, දිළිඳු දරුවන් වෙනුවෙන් රජයේ අධ්‍යාපනය අහිමි කළ යුතු ය කියා කවුරුවත් නො කියන බව මොවුන්ට තේරෙන්නේ නැත.

      අනෙක, මොවුන් සිතන්නේ දුප්පත් එකා සදාකාලිකව ම දුප්පත් ම වී සිටිය යුුතු ය. තමන් පමණක් ධනවත් විය යුතු ය කියා ය.

      අනෙක් කාරණය ඉරිසියාවයි. මොවුන් සමාජවාදය යයි සිතන්නේ සල්ලි තියෙන එකාට ඉරිසියා කිරීමයි. සල්ලි තියෙන එවුන්ට මෙලෝ වැඩක් බැරි ය වැනි මෝඩ අදහස් පළ වන්නේ ඒ නිසා ය.

      Delete
  5. බලපං පැරා,මේ බ්ලොග් ලියන එවුන් වගේ ගුනමකු කන්න දුන්න අත හපාකන එවුන්.අර අතිගරු රාජිත මැතිතුමා අතින් සම්මාන අරන් එතුමගේ අනුග්‍රහයෙන් සංග්‍රහ බුක්ති විඳලා දැන් එතුමා අමාරුවේ වැටිච්ච වෙලේ වචනයක්වත් නොලියා ඉන්න හැටි.ලජ්ජා වෙන්න එපා ලමයි පැරාව ආදර්ශයට ගන්න.

    ReplyDelete
  6. // කම්කරුවකුට කම්කරුවකු ලෙස ම උසස් හා සුරක්ෂිත තත්වයකට පත් විය හැකි නම් ඒක තමයි කම්කරුවාගේ විමුක්තිය.//
    නොදන්නා මලමගුල් ලියන්න එපා බන්.ලියන උඹට ලැජ්ජා නැති වුනාට බලන අපට ලැජ්ජාවක් කියලාදෙයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹලාට ලැජ්ජා තමයි. හේතුව උඹලා හිතාගෙන ඉන්නෙ කම්කරුවාට විමුක්තිය ලැබෙන්නේ තමන්ගේ දරුවා දොස්තර කෙනෙකු කර ගැනීමෙන් ය කියලා නේ.

      ඕවා කිව්වාම උඹලාට ලැජ්ජාවටත් වඩා තරහයි. හේතුව තමන් මෙච්චර කල් හිතාගෙන හිටපු දේවල්වල හිස් බව තමන් ඉස්සරහ ම නිරුවත් වුණාම එහෙම වෙනවා.

      Delete
    2. අපිට අපේ ලමයි දොස්තරලා කරන්න ඕනේ නැහැ බන්. (ඕනේ නම් කරන්න බැරි කමකුත් නැහැ සල්ලි වලට හරි නැතුව හරි.)උඹ ඔය විකුර්ති කරන්නේ මූලික සමාජවාදී න්යායන්.සමහර විට මෙවැනි ගොන් කතා ලිවීමෙන් උඹට සතුටක් ලැබෙනවා ඇති.මේක අපේ ජාතික ගතියක්. කවුරුවත් කාටවත් වග කියන්නේ නැහැ.ජී එම් ඕ ඒ එකත්, සයිටම් කාරයාත්, ඇමතිලාත් උඹත් හැමෝටම තියෙන්නේ එකම තියරියක්. උඹලා කවුරුවත් කාටවත් වග කියන්නේ නැහැ.සමාජයක් හැටියට අපට කෙලවෙන්න මූලික හේතුවක් ඕක.
      උඹලා ඔය දොස්තරලාගේ වැරදි කිය කියා යනවානේ.වගකීමක් සහිත සමාජයක දොස්තරලාට ඔය වගේ පිස්සු කෙලින්න බැහැ.ඒ වගේම තමයි එවැනි සමාජයක ඔය සයිටම් වගේ පිස්සු විකාර ආයතන ඇති වෙන්නේත් නැහැ. ඒ වගේම තමයි එවැනි සමාජයක ජීවත් වෙන ලේඛකයන් ලියන්නේ වගකීමක් ඇතිව.උඹ වගේ බේසික් විකුර්ති කරලා ලියන්නේ නැහැ.කිසිම වගකීමක් නැතිව බේසික් විකුර්ති කරන උඹ සමාජයට වගකියන්නේ නැති ජී එම් ඕ ඒ එකට විරුද්දව ලිවීම විකාරයක්.

      Delete
    3. උඹලාගේ බේස් එක විකෘතියක්. ඒක තමයි අවුල. කම්කරුවා විමුක්තිය සලස්වා ගත යුත්තෙ කම්කරුවා විදියටමයි. මධ්‍යම පංතිකයකු වෙලා නෙමෙයි. ස්ත්‍රිය විමුක්තිය සලස්වා ගත යුත්තෙ ස්ත්‍රිය විදියටමයි. පිරිමියෙකු වෙලා නෙමෙයි.

      කම්කරුවා ගැන කතා කරනවා නම්, මුලින් කම්කරුවා කවුරුද කියලා තේරුම් ගනිල්ලා. කම්කරු පංති විඥානය මධ්‍යම පංතික විඥානයෙන් ගලවා ගනිල්ලා.

      ඕවා විකෘති කරපු උඹලාගේ ලාංකීය මාක්ස්වාදී ආගම අතහැරපල්ලා. නිදහස්ව හිතපල්ලා.

      Delete
    4. //නිදහස්ව හිතපල්ලා.//
      නිදහස්ව හිතනවා කියලා එකක් නැහැ.පැරා.නිදහස්ව හිතනවා කියන්නේ වෙලඳ පොල තර්කනයට අනුගත වෙන එක විතරයි.
      //විකෘති කරපු උඹලාගේ ලාංකීය මාක්ස්වාදී ආගම//
      ටික කාලයක් ජේවීපී කලාටවත් හිරු එකේ හිටියටවත් උඹ දන්න මාක්ස්වාදයක් නැහැනේ පැරා. අපේ එක විකුර්තිද කියන්න උඹ ප්රකුර්තිය දැනගෙන ඉන්න එපායැ.
      //කම්කරුවා විමුක්තිය සලස්වා ගත යුත්තෙ කම්කරුවා විදියටමයි.//
      මේවා උඹට සිරා ප්රකාශ වගේ පෙනුනට මාක්ස්වාදයේ මූලික කරුනු දන්න අයත් දන්නවා මේක ගොන් කතාවක් කියලා.
      //කම්කරුවා ගැන කතා කරනවා නම්, මුලින් කම්කරුවා කවුරුද කියලා තේරුම් ගනිල්ලා//
      උඹවගේ ලුම්පන් පන්තියට කඩේ යන එකෙකුට මොන කම්කරුවෝද පැරා.

      Delete
    5. ඕනෑම ආගමිකයකුට දෙන්නට තියෙන්නෙ ඔය වගේ උත්තර තමයි. ඔය උත්තර නිකම් වහසි බස් විතරයි. හිස්. මෙලෝ දැනුමක් නැහැ.

      Delete
  7. I am working in a Australian regional university. We offer 6 year MBBS here, cost for Australian is 50,000AUD (by Govt Loan), overseas students 300,000AUD for six years, that is Rs 33,600,000. There are 12 Sri Lankan students in 2017 intake for MBBS. (This is just one uni in one country)

    The point is Rs 12 Mil vs 33.6 Mil, this money goes out from our poor country (economy). Rs 33.6 Mil is just UNI fees, there are other costs like food, accommodation traveling (and emotional cost of being away from home). Most of these kids will stay in Australia (lost for our country)

    I have not seen anyone is discussing how poor we will get, by the money drained for education. Only valid point I see (as a uni lecture) in this debate is that govt should regulate the intake and quality of education. The rest is just political rubbish.

    ReplyDelete
    Replies
    1. GMOA is not cared about this . because most of these foreign graduates do not come back to sri lanka . so they are not a threat to them

      Delete
    2. මචං, ඕස්ට්රේලියන් ලෙක්චරර්, දැන් උඹ ලියන මේ කතා ඇත්ත කියලා අපි දැනගන්නේ කොහොමද.මමනං මේ නිකන් ගමේ ගොඩේ බයියෙක්.හැබැයි මම මෙච්චර කල් හිතාහිටියේ විශ්ව විද්යාල වල උගන්වන අය කරුනු ඉදිරිපත් කරන කොට වගකීමක් ඇතිව මූලාශ්ර සහිතව ඉදිරිපත් කරනවා කියලා.
      උදාහරනයක් හැටියට
      1.ඕස්ට්රේලියාවේ පහත විශ්වවිද්යාලයේ අයකිරීම මෙසේය.මුදල හා මූලාශ්රය
      2.ඕස්ට්රේලියාවේ සිසුවකුට ජීවත්වීමට වැයවන මුදල හා මූලාශ්රය
      3.ඕස්ට්රේලියාවේ පහත විශ්ව විද්යාලයේ ලන්කාවේ සිසුන් 12 ඉගෙන ගනී.මූලාශ්රය
      මම දන්නා විදියට නම් ලෙක්චරර්ලා ලියන්නේ ඔය විදියට.එතකොට ඕනේ කෙනෙකුට කරුනු හරි වැරදි බලා ගන්න පුලුවන්.එතකොට මේ ඔයා කරලා තියෙනවා වගේ මම ලෙචෙක් මම ලෙචෙක් කිය කියා යන්නත් ඕනේ නැහැ.
      ඕස්ට්රේලියාවේ හිටියාටවත් ඉංග්රීසි ලිව්වටවත් වැඩක් නැහැ කරුනු ඉදිරිපත් කරන විදිය වැරදිනම්.

      Delete
    3. Idiot, didn't you see the word 'Anonymous'? Therefor I am putting de-identified fact here. If you have half a brain it is easy to verify above information.

      Delete
    4. මචං,උඹනම් ලෙචෙක් නෙවෙයි ගොනෙක්.ඔය වගේ තැනකට de -identification යොදන්න බැහැ. මෙතන තියෙන්නේ ක්ලිනිකල් ට්රයල් එකක් නොවෙයි තර්කයක්.අනේ මන්දා බන් උඹලාවගේ පොරවල්.
      අනිත් එක කවුරුහරි ඇනෝ ඇවිත් de-identification ගැන කතාකරනවානම් ඒක විහිලුවක්.
      Idiot-වචනය භාවිතාකිරීම
      ඔයා ඕස්ට්රේලියාවේ හිටියාට වචන පාවිච්චිය හරියට ඇඹිලිපිටියේ ඉන්න මගේ වගේමයි.
      මහත්තයෝ,ඇත්තටම ඔහේ කවුද කියන්න මම දන්නේ නැහැ.ඒ වුනාට ඉංග්රීසියෙන් බොරු බයිලා කියලා මේ පාරට බැහැලා ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට (මා කතා කරන්නේ විශ්ව විද්යාල සිසුන් ගැනයි ) අපහාස කරන්න ඔහේලාවගේ මිනිස්සුන්ට අපි ඉඩ දෙන්නේ නැහැ.

      Delete
  8. සයිටම් අවුලට මුල තමයි කන්නන්ගරගේ පිං අජ්ජාපනේ...

    ReplyDelete
  9. කුකුළා එක පයින් එකයි අන්තර්ගතයට.

    ReplyDelete
  10. Hundreds of straight-A British students are being denied the chance to train as doctors in the UK despite a ‘crippling’ national shortage of medics in the NHS.
    Top-performing teenagers are being shunned by leading universities while the NHS continues to recruit thousands of foreign doctors to plug a staffing crisis.
    Official figures reveal that 770 students with three grade As or higher at A-level were rejected by medical schools last year due to a controversial Government quota system.
    The Government says it takes £230,000 to fully train each doctor in the UK because of the higher costs of delivering medical education, and critics claim the number of places available at universities is capped to save taxpayers’ money.
    That means one in five of straight-A students failed in their application to study at a British medical school last year, according to university applications body UCAS.
    As a result, some of the brightest British students are having to train abroad after failing to get into UK universities.
    Yet almost 6,000 foreign doctors were hired in the UK last year, despite the fact overseas staff are four times more likely to be struck off for blunders than British counterparts.
    A House of Lords NHS Sustainability committee last week warned in a highly-critical report that the NHS was ‘too reliant’ on foreign staff. Committee chair Lord Patel said: ‘It is a farcical situation where the best A-level students are being told they cannot train as doctors in the UK when we are facing a major crisis in the NHS. We are not training enough doctors and the ones we are are leaving the NHS in their droves.

    +1
    One in five of straight-A students failed in their application to study at a British medical school last year
    ‘We cannot go on like this. We need to own our ability to train doctors. This is the biggest problem facing the NHS.’
    Experts say the Government’s pledge to boost the number of UK-trained doctors by 1,500 will be insufficient to tackle the manpower crisis.
    Harrison Carter, of the British Medical Association, said: ‘The Government has failed to train enough doctors to meet growing patient demand, leaving the NHS facing crippling staff shortages. It takes at least ten years to train a doctor, but with the NHS at breaking point and patients waiting too long, we need more doctors now.’
    MPs have warned there is a shortage of 3,000 doctors on A&E wards, while other experts have said four-week waiting lists to see a GP will soon become the norm.
    Thandeka Xhakaza, from Bath, told yesterday how she had to move to Bulgaria to study to be a doctor after being rejected by four British universities last year, despite achieving three A-level As in biology, chemistry and physics. Miss Xhakaza, who aspires to be a brain surgeon, said: ‘It is absurd. There are 300 other British students at my university in Trakia and a further 1,000 more in the capital Sofia.’
    UK universities were allowed to recruit just 6,071 medicine students last year, even though the General Medical Council (GMC) registers 13,000 doctors each year.
    To train as a doctor in the UK, students need to pass a medical degree that takes five years. This is followed by a two-year foundation course, and then three years’ GP training, or five to eight years in other speciality areas.
    The GMC says 30,778 doctors currently come from the EU and other countries in the European Economic Area, while 72,402 were trained elsewhere outside the UK. One in three doctors in Britain comes from abroad, but last year foreign-trained medics made up 72 per cent of those struck off.


    Read more: http://www.dailymail.co.uk/news/article-4394302/770-straight-students-t-place-medical-school.html#ixzz4dknptd2A
    Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook

    ReplyDelete
  11. මම කැමතියි එංගලන්තේ ගෙවන්නේ නැතිව අධ්‍යාපනය දෙනවා නම්. නමුත් බදු ගෙවන මිනිසුන් බොහොමයක් විරුද්ධයි නැවතත් විශ්ව විද්‍යාල ගාස්තු නැති කරනවට. මුලික හේතුවක් තමා සමහර විශ්ව විද්‍යාල අනවශ්‍ය විකාර සහගත පාඨමාලා ඇති කිරීම. කෝබින් අවොත් ඒක වෙනස් වෙයි. නමුත් එංගලන්තයවගේ බදු ගෙවන රටකත් අධ්‍යාපනයට මුදල් අඩුවෙන් වෙන් කරනවා නම් දේශපාලකයා ලක්ෂ 400ට කාර් ගන්න රටක කොහොම වෙයිද? මෙහෙ තියන පෞද්ගලික විශ්ව විද්‍යාල වල අන්තරයට සහය දෙන පක්ෂ වල අයගේ ළමුන් ඉගෙන ගණන් එක රහසක් නොවෙයි. එවැනි සමහර අයගේ ළමයි රුසියාවේ ඉගෙන ගන්න එකත් රහසක් නෙමෙයි. ඉතින් මෙතන කිසියම් දෙබිඩි බවකුත් තිබෙනවා. සයිටම් එකට උසස් පෙලේ ඉහල ලකුණු මට්ටමේ ළමුන් පමණක් ගන්න කියන ගමන් දිස්ත්‍රික් බේසිස් එකට අඩු ලකුණු වලින් ළමුන් ගන්නේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. මේ ඉතින් රාජිත ටික වෙලාවකට හම්බු වෙලා.
      ලබන පාර ඕකට රනිල්ව ගෙන්නන්න බලන්න.

      Delete
    2. රාජිත එක්ක ඔය සෙද්දවල් කතා කලේ නැහැ මෙයා . දිනපු බ්ලොග් හඳුන්වා දුන්න විතරයි ප්‍රොටෝකොල් එකට අනුව. රාජිත හමු වෙන්න ඕනේ නැහැ මතයක් හදාගන්න. මගේ බ්ලොගේ ලිපි කියෙව්වොත් පෙනෙයි ඔය මතයේ තමා හිටියේ කියල. මම නිදහස් අධ්‍යාපනයට පක්ෂයි එහෙම කරන්න පුලුවන්නම්. ජර්මනියේ ස්වීඩනයේ වගේ.
      හැබැයි ඉතින් ඕගොල්ලන්ට රිදෙනවා ඇති තමන්ගේ ළමයි ඉගෙන ගන්න තැන මතක් කරලා දුන්නහම. ඒවා අන්තරේ සහෝදරයන් ගෙන් හංග ගන්න එපාය නේද?

      Delete
    3. සෝවියට් දේශයෙන් ලන්කාවට පිනට දුන්න ශිශ්ශත්වයක් අරගෙන ඉගෙන ගත්තඔයා ඒ ශිශ්ශත්වයේ වටිනාකමටවත් ලංකාවට මොකුත් නොකර එංගලන්තයට පැනගෙන දැන් ලංකාව ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ.පහුගිය අවුරුදු පහේ ඔයා ලන්කාවේ දවස් කීයක් ජීවත් වෙලා තියෙනවාද.(ඔය නෙලුම් මගඩියට පිනට ආපු එක ඇර )
      ඔයා ලන්කාවේ දුප්පත් මිනිස්සුගේ බදු සල්ලි වලිනුයි,රුසියාවේ සල්ලි වලිනුයි ඉගෙන ගෙන ලන්කාවට මොකක්ද කලේ.දැන් එන්ගලන්තෙදි සල්ලිටිකක් හොයාගත්ත හින්දා එනවා මෙතන අපට පොරටෝක් දෙන්න.

      Delete
    4. හම්මට..

      සරස කියන ඩෙන්ටිස්ට් තුමා ඇනෝ ඇවිත් වගේ.. කොහෙද? අජිත්ල එයාට සම්මානයක් දුන්නේ නෑනේ. ඉතිං හොඳටෝම ඌයියා වෙලා පහුගිය කාලෙ පස්පඩංගුවේ බැනබැන හිටිය. තව බොවෙත් නැති බාසා වෙල්ලො දෙන්නෙක් දාලා තමන් මුරුංගා අත්තෙ තියන කොමෙන්ටුත් දා ගත්තා. පව් අප්පා ඔය හාදයා

      Delete
  12. රු 3000-6000 අතර තිබුන භාහිර උපාධිය සදහා විශ්වවිද්‍යල අයකරන ගාස්තුව මහින්ද රාජපක්ෂ විසින් රු70,000 - 100,000 දක්වා වැඩිකරන විට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැන් මැරෙන්න හදන එක කැරි වේසිගෙ පුතෙක්වත් මීක්ගෑවේ නැත.(පෙරටුගාමි නාඩගම්කාරයෝ ඇතුළු කුහක ජෙප්පො පවා..)
    ඒ නිසා අද උසස් පෙල ඉහලින් සමත් නමුත් සරසවි වරම් අහිමි දුප්පත් පවුල්වල දරුවෝ දහස් ගනනක් කම්කරු රැකියාවලට යොමු වී ඇත.
    -
    රනිල්-මෛත්‍රි යහපාලනයට හැකිය මෙම අයකිරීම රු10,000 සිමාවක රදවා සරසවි වරම් අහිමි දුප්පත් පවුල්වල දරුවෝ දහස් ගනනකගෙ අනාගතය එලිය කරන්න.


    ReplyDelete
    Replies
    1. ලටපට බූරුවෝ,අන්තරේ එවුනුයි,ඕ යූ එකේ එවුනුයි ගාස්තු වැඩිකලාට ඒකාලේ මාස ගනන් අට්ටල ගහගෙන උපවාස කලා.සද්ද නැතිව හිටියේ උඹලා වගේ කැරි වේසිගෙ පුතාලා විතරයි.ඒ හින්දා නොදන්නා දේවල් ගැන කතා නොකර ඒ හිටපු විදියටම හිටපන්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා