සයිටම් විරෝධී ත්‍ර‍ස්තවාදය ඉදිරියේ රජය දණ නමයි ද?

මහින්ද රාජපක්ෂ රජය සමයේ මේ රටේ පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ආරම්භ කළේ රාජ්‍ය ප්‍ර‍තිපත්තිවලට අනුකූලව ය. ඒ වෙනුවෙන් රජය සහයෝගය දී තිබේ. එවකට වෛද්‍ය සභාවේ සිටි නිලධාරීන් ද ඒ සඳහා අනුමැතිය දී තිබේ.

අනෙක් සියලු විශ්වවිද්‍යාලවල මෙන් ම මාලබේ සයිටම් ආයතනයේ ද ගැටලු තිබිය හැකි ය. ඊටත් වඩා ගැටලු සහිත විශ්වවිද්‍යාල ද ලංකාවේ ආරම්භ කර තිබේ. සයිටම් විරෝධී වාමාංශිකයන්ගේ න්‍යායාචාර්යවරයකු වන, රාජපක්ෂවාදියකු ද වන, සුමනසිරි ලියනගේ සම්බන්ධ සණස විශ්වවිද්‍යාලය එවැන්නකි.

ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයකට අවම ප්‍ර‍මිතියක් නැත. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ප්‍ර‍මිතිය පිළිබඳ ගැටලු සඳහා සයිටම්ටත් වඩා හොඳ උදාහරණයකි. එය ආරම්භ කළේ ද වෛද්‍ය අධ්‍යාපනය සඳහා පහසුකම් සැපයිය හැකි තත්වයක තිබියදීට වඩා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මතු වූ ගැටලුවක් විසඳා ගැනීමට ය.

සයිටම් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍ර‍ධාන තර්කය වන්නේ සුදුසුකම් නො ලත් වෛද්‍යවරුන් එයින් බිහි වන බවයි. ඔවුන් කියන පරිදි උසස් පෙළ අසමත් සිසුන් හා උසස් පෙළට ජීව විද්‍යාව හැර වෙනත් විෂය ධාරා හැදෑරූ සිසුන් සයිටම් වෛද්‍ය උපාධිය හැදෑරීමට බඳවාගෙන තිබේ නම්, තවමත් එවැනි එක් සිසුවකුගේ හෝ නමක් ප්‍ර‍සිද්ධ කිරීමට ඔවුන්ට බැරි වී තිබෙන්නේ ඇයි? හේතුව පැහැදිලි ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සටන තනිකර ම පදනම් වන්නේ බොරුව මත ය.

අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නො වේ ය යන පටු සටන් පාඨය අදාළ වන්නේ වෛද්‍ය අධ්‍යාපනයට පමණක් නො වේ. එසේ නම්, අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම වෙළඳපොළෙන් විනිර්මුක්ත විය යුතු ය. එය ස්වේච්ඡාවෙන් සිදු වන කාර්යයක් විය යුතු ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩි පඩි ඉල්ලා සටන් කිරීම නතර කළ යුතු ය. ටියුෂන් නැවැත්විය යුතු ය.

නිදහස් අධ්‍යාපනය ලෙස ඔවුන් හඳුන්වන, අධ්‍යාපනය රජය විසින් පමණක්, තෝරා ගත් පිරිසකට පමණක් ලබා දීම ද අධ්‍යාපනය වෙළඳපොළකරණයකි. හේතුව, රජය පවතින්නේ ද වෙළඳපොළ මත ය. ඒ කෙසේ ද යත්, රජය මහජනතාවගෙන් බදු අය කර ගන්නේ ප්‍ර‍ධාන වශයෙන් ම වෙළඳපොළ පදනම් කරගෙන ය. වක්‍ර‍ බදු පමණක් නොව, ඍජු බදු වන ආදායම් බදු ද පවතින්නේ වෙළඳපොළ නිසා ය. අධ්‍යාපනය වෙනුවෙන් යයි කියා රජය වෙළඳපොළේදී භාණ්ඩ හා සේවා මත බදු පනවනවා නම්, රජය විසින් සපයන අධ්‍යාපනය වෙළඳපොළකරණය වී නැති බවක් පවසන්නේ කෙසේ ද? අනෙක් පැත්තෙන්, විශේෂයෙන් ම විශ්වවිද්‍යාල ගුරුවරුන් සිය වැටුප් හා වරප්‍ර‍සාද පදනම් කර ගන්නේ වෙළඳපොළ සාධක මත නො වේ ද? දොස්තරවරුන් නම් තනිකර ම වෙළඳුන් පිරිසකි.

අධ්‍යාපනය වෙනුවෙන් යන පිරිවැය අය කර ගැනීම ආරම්භ වූයේ අද ඊයේ නො වේ. එසේ වූ පළියට එය වෙළඳපොළකරණය වන්නේ නැත. අධ්‍යාපනයෙන් අයුතු ලාභ ලැබීම වෙළඳපොළකරණය ලෙස හැඳින්විය හැකි ය. එහෙත්, ලාභය යනු ධනවාදය මෙහෙයවන ප්‍ර‍ධාන ගාමක බලවේගයයි. ධනවාදය තුළ සිටිමින් ලාභයට විරුද්ධ වීම අරුත් සුන් ක්‍රියාවකි. ධනවාදය තුළ ලාභය අහෝසි කළ නො හැකි ය. කළ හැක්කේ නියාමනය කිරීම පමණි. 

වෙළඳපොළ විරෝධය යනු පදනමක් නැති ජනප්‍රියවාදයකි. වෙළඳපොළ විරෝධී මෝස්තරකාරයන් කිසිවෙකු එයට විකල්පයක් ඉදිරිපත් කර නැත.

රාජ්‍ය ප්‍ර‍තිපත්ති යනු මහින්ද රාජපක්ෂ වැනි කුහකයන්ට තමන් ආණ්ඩුවේ සිටින විට එකක් ද, විපක්ෂයේ සිටන විට තව එකක් ද වේ. ඒ නිසා දැන් රාජපක්ෂලාගේ ඒකාබද්ධ විපක්ෂ කල්ලිය ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ ය. එහි තිබෙන්නේ පැහැදිලි ආණ්ඩු විරෝධී දේශපාලනයකි.

ජවිපෙ හා පෙසප වැනි වාමාංශික පක්ෂ, කණ්ඩායම්, කල්ලි සයිටම් විරෝධය සමග සෙට් වී තිබෙන්නේ එම පක්ෂ හැමදාමත් සිටින කඩාකප්පල්කාරී හා බලලෝභී ස්ථාවරයන්ගේ සිට ය. එක පැත්තකින් සරසවි සිසුන්ගේ මොළ සෝදාගෙන, විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනය තමන්ගේ බල අරමුණු වෙනුවෙන් කඩේ යවා ගැනීම වෙනුවෙන් ද, අනෙක් පැත්තෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගේ රෝගීන් සූරා කා, බදු නො ගෙවා වංචා කර ගන්නා මුදල් නිසා ද මෙම පක්ෂ උත්තේජනය වී තිබේ.

මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් නායකයකු වන නිර්මාල් රංජිත් දේවසිරි විවෘතව ම ගෝඨාභය රාජපක්ෂ 2020දී ජනාධිපති වීම ගැන සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. මේ සියල්ල එක් ප්‍ර‍තිගාමිත්වයක් සමග සියුම්ව බැඳෙමින් තිබෙන ආකාරය කල් තබා නිරීක්ෂණය කිරීම වැදගත් ය.

සයිටම් විරෝධී සටන ස්ථානගත වන තැන හඳුනා ගැනීම මෙහිදී දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ය. මේ වන විට සයිටම් සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවක් තිබේ. එසේම, එයට එරෙහිව අභියාචනයක් ද අධිකරණයේ විභාග වෙමින් තිබේ. මේ සියල්ලම තිබියදී සයිටම් විරෝධීන් උද්ඝෝෂණය කරන්නේ නීතියට පිටින් රාජ්‍ය ප්‍ර‍තිපත්ති තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර තමන් කැමති ආකාරයේ වෙනසක් ඇති කරන ලෙසයි.

මේ වනාහි නීතියේ ආධිපත්‍යයට එරෙහි සටනකි. ආත්මාර්ථකාමී අරමුණු සහිත අවස්ථාවාදී කල්ලි ටිකක් එකතු වී නීති එපා යයි උද්ඝෝෂණය කළ පමණින් රජයක් දිගු කාලීන රාජ්‍ය ප්‍ර‍තිපත්ති වෙනස් කළ යුතු ද?

සෙසු සියලු අංශවල පෞද්ගලික අධ්‍යාපනය පවතිද්දී වෛද්‍ය ක්ෂේත්‍රයේ පමණක් පෞද්ගලික අධ්‍යාපනය නො තිබිය යුතු ය යන්න කෙතරම් බොළඳ තර්කයක් ද? මේ කිසිදු වෙළඳපොළ විරෝධියෙක් සයිටම් හැර වෙනත් කිසිදු අධ්‍යාපන වෙළඳපොළකට එරෙහිව සටන් කර තිබේ ද?

රටේ ජනතාවගෙන් බදු මුදල් සූරා කා, අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදලත් වැඩිපුර ම සේවක පඩි නඩි වෙනුවෙන් වැය කරන රජයට, තමන්ට බදු ගෙවන ජනතාවගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරන්නට බැරි නම්, බදු ගෙවන අතරතුර ම තමන්ගේ පෞද්ගලික මුදල් වැය කර අධ්‍යාපනය ලබන්නට ජනතාවට තිබෙන අයිතිය ඇහිරීම පැහැදිලි මානව අයිතිවාසිකම් උල්ලංඝනයකි. දොස්තරලා පසුපස වැටී අද ප්‍ර‍තිගාමී වර්ජනයට උපකාර කරන්නන් සියල්ල මානව හිමිකම් විරෝධියෝ ය.

මොවුන්ට කෙතරම් කියා දුන්නත් තේරුම් ගත නො හැකි හා තේරුම් ගන්නට උවමනාවක් නැති සරළ සත්‍යයක් ඇත. එක්ලක්ෂ විසිපන්දහසක් පමණ උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබද්දී, ඒ අතරින් රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන්නේ පහෙන් පංගුවක් පමණි. මේ සියලු සිසුන්ට පහසුකම් සැපයීමට නම් රජයේ විශ්වවිද්‍යාලවල ධාරිතාව තව පස්ගුණයකින් වැඩි කළ යුතු ය. වෙනත් වචනවලින් කියන්නේ නම් දැනට තිබෙන විශ්වවිද්‍යාල සංඛ්‍යාව මෙන් පස්ගුණයක් ඇති කළ යුතු ය. මෙය කරන්නට රජයට බැරි ය. හේතුව, අන් කිසිවක් නො ව, දේශපාලකයාගේ සිට පහළ රජයේ සේවකයා දක්වා අඩුවෙන් වැඩ කර වැඩියෙන් පඩි ඉල්ලන අකාර්යක්ෂම, දූෂිත දැවැන්ත රාජ්‍ය අංශයේ බරයි. සරළව කිව්වොත්, දොස්තරලා බහුතරය රෝහල්වල වැඩ කරන්නේ නැත. විශ්වවිද්‍යා, ආචාර්යවරුන් බහුතරය හරි හැටි උගන්වන්නේ නැත. ඇත්ත එයයි. මේ නිකමුන්ට පඩි ගෙවීම හැර රජයට වෙන වැඩක් නැති තරම් ය.

අනෙක් පැත්තෙන්, මේ වන විට මේ රටේ පෞද්ගලික පාසල් ද සෑම ප්‍ර‍ත්‍යන්ත නගරයක ම ඇත. ඒවාට යන්නේ ද මේ රටේ ම ළමයි ය. ඔවුහු ධන කුවේරයෝ නො වෙති. ඔවුන් වැඩිදෙනෙකු වනාහි හොඳ රජයේ පාසල්වල ඉඩකඩ නො ලැබීම නිසා පෞද්ගලික අධ්‍යාපනය වෙත යොමු වූ අයයි. ඔවුන්ට මේ රටේ අධ්‍යාපන අවස්ථා තිබිය යුතු ය. අනෙක් පැත්තෙන්, ඉන්දියාව, නේපාලය, බුරුමය, බංග්ලාදේශය වැනි රටවල පවා වෛද්‍ය අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ සේවය කරන වෛද්‍යවරු රජයේ රෝහල්වල සිටිති. මෙම වෛද්‍ය විද්‍යාලවල උපාධි විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම විසින් පිළිගෙන තිබෙන පදනම ඉතා නිවැරදි ද? අවුරුදු පතා අධ්‍යාපනය වෙනුවෙන් මේ රටින් පිටරටට ඇදී යන මුදල් මේ රටේ ඉතිරි වීම නරක දෙයක් ද? 

මේ සම්බන්ධයෙන් තව දුරටත් සංවාද පැවැත්වීම තේරුමක් නැත. මේ වනාහි ඉතා නින්දිත රාජ්‍ය විරෝධී, කඩාකප්පල් ක්‍රියාවකි. නීතියේ ආධිපත්‍යයට, මානව හිමිකම්වලට, යුක්තියට, සාධාරණත්වයට එරෙහි ත්‍ර‍ස්තවාදයකි. රජය මේ ත්‍ර‍ස්තවාදය ඉදිරියේ දණ නමයි ද?

මෙතැන ඇවිත් කෙතරම් කුණුහරුප ලියුවත් ඇත්ත වෙනස් වන්නේ නැත. 

තිරිසනුන්ට එරෙහිව පීඩිත ජනතාවගේ හඬ අවදි විය යුතු ය.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අනෙක් පැත්තෙන්, ඉන්දියාව, නේපාලය, බුරුමය, බංග්ලාදේශය වැනි රටවල පවා වෛද්‍ය අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ සේවය කරන වෛද්‍යවරු රජයේ රෝහල්වල සිටිති. මෙම වෛද්‍ය විද්‍යාලවල උපාධි විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම විසින් පිළිගෙන තිබෙන පදනම ඉතා නිවැරදි ද?
    Yes Because foreign MBBS graduates write ACT 16 Exam which SAITAM students DON'T LIKE TO DO.

    ReplyDelete
    Replies
    1. මේවා සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී අදාළ වන්නේ කාගේවත් කැමැත්ත, අකැමැත්ත නො වේ. රටේ පවත්නා නීතියයි. පවත්නා නීති අනුව ඔවුන් එම විභාගය ලිවිය යුතු නම් ලිවිය යුතු ය.

      ඔවුන් අකැමැති වුණා ය කියා රාජ්‍ය ප්‍ර‍තිපත්ති වෙනස් කළ යුතු නැත.

      Delete
    2. //Yes Because foreign MBBS graduates write ACT 16 Exam which SAITAM students DON'T LIKE TO DO.//

      අමු පචයක් බං SAITAM උන් ACT 16 ලියන්න කැමතියි.

      Delete
    3. They can't pass AL.
      But going to sit ACT 16. What a joke.

      Delete
    4. පැරා,

      බලන්න බොහෝවිට මේ කියමන {//Yes Because foreign MBBS graduates write ACT 16 Exam which SAITAM students DON'T LIKE TO DO.//}
      දේ කියල ඇත්තේ මේ පිළිගත් වුර්තියේ ඉන්න මිනිස්සු තමයි.

      ඇත්තටම SAITAM සිසුන් කිසිම අකමැත්තක් නෑ ACT 16 Exam විබාගය ලියන්න. ඔවුන් කියන්නේ මෙවිබගයෙන් තමන්ව තෝරාගන්න ලෙසයි.
      හරිම කැතයි මේවගේ පල් බොරු කියල මිනිසුන් නොමගයවන්න පිළිගත් වුර්තියක මිනිසුන් ක්‍රියාකිරීම.

      SAITAM ආයතනය පටන්ගත්ත විදියේ ප්‍රශ්න තියනවා නමුත් ඉන්පසු සිදුවුනේ දොස්තර මාෆියාව තමයි.

      අගනගරයේ වැඩි ලකුණ ගන්න ළමය සිටියදී දිස්ත්‍රික් කෝටාව මත ගමක ඉන්න සිසුවෙක් ට අවස්ථාව ලැබෙනවා. ඔය අසදාරනය ගැන කියපු අයට කියමුකෝ දිස්ත්‍රික් කොටවා ඉවත්කරලා වැඩිම ලකුණු ඇති ළමයින්ට අවස්තාව දෙන්න කියල, ඇයි එවැනි සටන් පාඨ නැත්තේ ?

      Delete
    5. According to lankika sithuwili, all students who takes high marks in Colombo or other main city have 12 millions to become a docter.
      Your point ONLY valid for children of businessmen and politicians only. Over 50000 students participate AL Bio subjects, 1160 select for medicine in each year. All other 48840 have 12 millions to become doctors ?????

      Delete
    6. One more thing current ACT 16 exam pass rate is 15% of participants. So 85% of foreign graduates fail it and resit due to LACK of basic skills. Think how SAITAM students perform in that exam with out proper clinical skills.

      Delete
    7. "AnonymousApril 7, 2017 at 11:36 AM
      අමු පචයක් බං SAITAM උන් ACT 16 ලියන්න කැමතියි."

      "Lankika SithuwiliApril 7, 2017 at 3:51 PM
      ඇත්තටම SAITAM සිසුන් කිසිම අකමැත්තක් නෑ ACT 16 Exam විබාගය ලියන්න."

      They are asking to write a COMMON EXAM with government medical students
      NOT ACT 16. Both above commentators have no idea about the situation or even about the medical medical field. They just represent what MEDIA or POLITICIANS teach them.

      Delete
    8. "Ajith Perakum JayasingheApril 7, 2017 at 11:19 AM
      මේවා සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී අදාළ වන්නේ කාගේවත් කැමැත්ත, අකැමැත්ත නො වේ. රටේ පවත්නා නීතියයි. පවත්නා නීති අනුව ඔවුන් එම විභාගය ලිවිය යුතු නම් ලිවිය යුතු ය. ඔවුන් අකැමැති වුණා ය කියා රාජ්‍ය ප්‍ර‍තිපත්ති වෙනස් කළ යුතු නැත."
      TRUE and AGREE with you.
      BUT the problem is there is NO RULES and REGULATIONS for local private medical faculties. NEVIL PRANANDU can easily make rules according to HIS WISH by SPENDING FEW MILLIONS for POLITICIANS. This is what they did in past 8 years.

      Delete
    9. Anonymous April 7, 2017 at 1:37 PM

      සයිටම්හි ඉගෙන ගන්නා, උසස් පෙළ අසමත් ළමයකුගේ නම ඉදිරිපත් කරන්නට තවමත් බැරි වෙලා තියෙනවා නේ ද?

      Delete
    10. Ajith Perakum JayasingheApril 7, 2017 at 8:10 PM
      Anonymous April 7, 2017 at 1:37 PM

      සයිටම්හි ඉගෙන ගන්නා, උසස් පෙළ අසමත් ළමයකුගේ නම ඉදිරිපත් කරන්නට තවමත් බැරි වෙලා තියෙනවා නේ ද?
      Please ask SAITM to publish AL results of their students.
      Then you CAN FIND MANY.

      Delete
    11. If you know that there are many, why don't you name one?

      Delete
    12. R. Liyanage
      This is the only student I personally know.
      Please ask SAITM to publish AL results of their students.Then you CAN FIND MANY.

      We have to work hard in AL 2nd MBBS 3rd MBBS and Final Exams to become doctors. They just pay 12 millions and get the degree. Then asking government registration and jobs without sitting for ACT 16.
      WOW That's great. And our POLITICIANS and MEDIA people like you promoting them.

      Delete
    13. අපේ රටෙ ඉන්නේ මහ පුදුම මිනිස්සු බෙහෙත් ගන්නබැරිවුනාම දොස්තර හත්මුතු පරම්පරාවටම බනිනවා ඔවුන් කරන කැපවිම ගැන සිතාබලන්නේ නෑ මහජන මුදලින් ඉගනගත්තා කියනවා තමන්ගේ ලමයාටත් මහහජන මුදලින් ඉගනගන්න තිබුනනේ නමුත් එහෙම වුනේ නෑ දක්ෂකම තිබුනු අය ඉදිරියට ගියා හෑමොටම එක බෑ දක්ශයෝ ඉඉදිරියට යා යුතුයි එක තමයි ස්භාවික වරනය සමාජයක් දියුනු වෙන්නේ එහෙමයි.බස් ගැමුනුගේ ලමයත් දොස්තර කෙනෙක් විය යුතුයි. තර්කයක් නෑ හැබැයි දක්ශකම මත එහෙම නැතිව ජාවාරම් සල්ලි බලෙන් නේවේ.
      අනෙක දුශ්කර ප්‍රෙදේශ වල ලමයි ගැන කියනවා ඔවුන් විතරයි දන්නේ සිලබස් එක හොයා ගන්න ඔවුන් විදින දුක. එකේ අඅඩුපාඩු මකාගෙන ස්වයං අධ්‍යනයෙන් ඔවුන් විබාගය ජයගත යුතුයි නමුත් අනිකුත් ප්‍රදේශවල ලමයින්ට පාසලේ හා ටියුෂන් කඩේ සිලබස් එක දෙපාරක් කේරෙනඑහෙම කරලත් ඔවුන් අඩු ලකුනුත් ඉල්ලනවා

      Delete
    14. AnonymousApril 7, 2017 at 7:20 PM

      රටේ හැමෝටම චැනල් සෙන්ටරේට ගෙවන්න සල්ලිවත් private hospital වලට ගෙවන්න සල්ලිත් නැති නිසා ඒවත් වහමුද?

      Delete
    15. AnonymousApril 7, 2017 at 7:50 PM,

      //They are asking to write a COMMON EXAM with government medical students
      NOT ACT 16. Both above commentators have no idea about the situation or even about the medical medical field. They just represent what MEDIA or POLITICIANS teach them. //

      ඔබ කියන අදහස තුල අපුරු වැදගත්කමක් තියනවා හැබැයි මම මුලින්ම කියන්නේ ACT 16 ලිවීමට මේ සිසුන් කිසිම අකමැත්තක් නෑ

      හැබැයි දෙවැනි කාරණය නම් වැදගත් ඔබ කියනවනම් මේ සිසුන් ඉල්ලන්නේ "They are asking to write a COMMON EXAM with government medical students" මේ විබාගය ACT 16 වලට වඩා ලේසි වෙන්න ඕනේ. එතකොට මේ ACT 16 දැනට ඉන්න සාමාන්‍ය සිසුන්ටත් දුන්නනම් ඉවරනේ එතකොට බලන්න පුළුවන් ඔවුන් කොතරම් දක්ෂද කියල.

      ඔබ කියන විදියට ACT 16 අනුව කරන්නේ දක්ෂම සිසුන් තොරණ ආතරේ සාමාන්‍ය with government medical students ලට ලේසි විබාග දීල අද්ක්ෂයෝද දොස්තර වරු කරන්නේ?

      Delete
    16. //According to lankika sithuwili, all students who takes high marks in Colombo or other main city have 12 millions to become a docter.
      Your point ONLY valid for children of businessmen and politicians only. Over 50000 students participate AL Bio subjects, 1160 select for medicine in each year. All other 48840 have 12 millions to become doctors ?????//

      If we disregard district quota "1160 select for medicine" majority of selected students will come from Colombo and Gampaha and areas that was discriminated with this quota system

      Delete
    17. prabath's blogApril 8, 2017 at 8:44 AM
      AnonymousApril 7, 2017 at 7:20 PM

      රටේ හැමෝටම චැනල් සෙන්ටරේට ගෙවන්න සල්ලිවත් private hospital වලට ගෙවන්න සල්ලිත් නැති නිසා ඒවත් වහමුද?
      Yes I personally like that if government can provide adequate salary for doctors. And one more thing my friend 30% of doctors doing private practice. So 70% from 17000+ registered doctors are NOT doing private practice.

      Podu Minisa April 8, 2017 at 7:51 AM
      අපේ රටෙ ඉන්නේ මහ පුදුම මිනිස්සු බෙහෙත් ගන්නබැරිවුනාම දොස්තර හත්මුතු පරම්පරාවටම බනිනවා ඔවුන් කරන කැපවිම ගැන සිතාබලන්නේ නෑ මහජන මුදලින් ඉගනගත්තා කියනවා තමන්ගේ ලමයාටත් මහහජන මුදලින් ඉගනගන්න තිබුනනේ නමුත් එහෙම වුනේ නෑ දක්ෂකම තිබුනු අය ඉදිරියට ගියා හෑමොටම එක බෑ දක්ශයෝ ඉදිරියට යා යුතුයි එක තමයි ස්භාවික වරනය සමාජයක් දියුනු වෙන්නේ එහෙමයි.බස් ගැමුනුගේ ලමයත් දොස්තර කෙනෙක් විය යුතුයි. තර්කයක් නෑ හැබැයි දක්ශකම මත එහෙම නැතිව ජාවාරම් සල්ලි බලෙන් නේවේ.
      RESPECT these ideas.

      Delete
    18. Lankika SithuwiliApril 8, 2017 at 10:06 AM
      "හැබැයි දෙවැනි කාරණය නම් වැදගත් ඔබ කියනවනම් මේ සිසුන් ඉල්ලන්නේ "They are asking to write a COMMON EXAM with government medical students" මේ විබාගය ACT 16 වලට වඩා ලේසි වෙන්න ඕනේ. එතකොට මේ ACT 16 දැනට ඉන්න සාමාන්‍ය සිසුන්ටත් දුන්නනම් ඉවරනේ එතකොට බලන්න පුළුවන් ඔවුන් කොතරම් දක්ෂද කියල."

      "ඔබ කියන විදියට ACT 16 අනුව කරන්නේ දක්ෂම සිසුන් තොරණ ආතරේ සාමාන්‍ය with government medical students ලට ලේසි විබාග දීල අද්ක්ෂයෝද දොස්තර වරු කරන්නේ?"

      In medical school there are 4 main exams.
      2nd MBBS (At the END of 2nd year, this is a BARRIER EXAM. Maximum 3 attemts, If you fail 2 times you to wait 1 EXTRA YEAR, and 3 MAXIMUM ATTEMPTS we have.If not pass in 3 times, have to GO HOME ex:- Chathura Senarathna)
      There are students who face for that situation.
      3rd MBBS (End of 3rd year and 4th year) 6 Subjects
      Final MBBS (End of 5th Year) 5 Subjects

      SAITM PEOPLE ASKING TO WRITE ONLY FINAL EXAM WHICH CONTAIN 5 SUBJECTS FROM 14 SUBJECTS FROM MEDICAL SCHOOL.
      How luck this rich people, just work hard few months and pass it while we are doing that 2 years in AL + 5 years in medical school.

      Delete
    19. Lankika SithuwiliApril 8, 2017 at 10:09 AM
      //If we disregard district quota "1160 select for medicine" majority of selected students will come from Colombo and Gampaha and areas that was discriminated with this quota system //
      There are advantages in district quota than selection of highest mark student entirely. Disadvantages as well.
      But current selection criteria is the BEST. Because in this method UGC select 40% highest mark students and 60% district quota.

      //එතකොට මේ ACT 16 දැනට ඉන්න සාමාන්‍ය සිසුන්ටත් දුන්නනම් ඉවරනේ එතකොට බලන්න පුළුවන් ඔවුන් කොතරම් දක්ෂද කියල.//
      Current medical students and doctors has proved they are talented in ADVANCE LEVEL EXAMINATION by selected to 1160 from 50000+ PARTICIPANTS.
      SAITM PEOPLE asking us to do it, while they FAIL AL.

      1160 MEDICAL STUDENTS PAY 15000+ rupees per 1 student to show they are talented by passing ACT 16.
      WHAT A JOKE . . .

      Delete
    20. Podu MinisaApril 8, 2017 at 7:51 AM
      //අපේ රටෙ ඉන්නේ මහ පුදුම මිනිස්සු බෙහෙත් ගන්නබැරිවුනාම දොස්තර හත්මුතු පරම්පරාවටම බනිනවා ඔවුන් කරන කැපවිම ගැන සිතාබලන්නේ නෑ//

      මිනිස්සුන්ගේ නැති බැරි කමට තවම ඔය බැනලා නිකන් ඉන්නේ. දිගටම ඔහොම ගියොත් හෙට අනිද්දා වෙනකොට බැනල නිකන් ඉන්නේ නෑ කුපිත වෙන මිනිස්සු. ගෙවල් වලට පැනලා ඕකුන්ට එලව එලව පරසක්වල ගහන දවසත් ලගම ඒවි. එදාට ඥාන්පචන් ගාගෙන එන්න එපා පදු ජෝස්තර වගේ බොරු නම් හදාගෙන.

      යකෝ පදු මිනිසෝ, ජෝස්තර හාමුලාට තියෙන බය පක්ෂපාතකමෙන් පේනවා උබ පදු මිනිසා බව. උපතින් නෙවෙයි ක්‍රියාවෙන් තමයි උබලවගේ හාල් කෑලි පදු මිනිසා වෙන්නේ. ඒ නිසා පදු මිනිසා කියල උබ නම ලියන්න ඕනේ නෑ.

      මී හරකෝ, බෙහෙත් ගන්න බැරි නම් ජෝස්තරලාගේ කැපවීමෙන් අහවල් එකේ කැවුම් හදන්නද ? ජෝස්තරලා ඉන්නේ ලෙඩ උනාම බෙහෙත් දෙන්න තමයි පදු මිනිසෝ. නැතුව ලෙඩ නැතිවෙලවට ගිහින් කයිය ගහ ගහ ඉන්න නෙවෙයි. නොදකින්. උබල වගේ පදු මිනිස්සු තමයි දොස්තරලට වදින ගාථාවකුත් ඕනේ කියන්නේ.

      Delete
    21. When SAITM students become doctors, they will treat you properly. Wait and see. They spend 12 millions to treat you. NICE WORLD.

      One more thing. As a person I never approve that GOMA actions which directly affect POOR PEOPLE health and life. GOMA should STOP this type CHILDISH activities. Government, GOMA and SAITM come to a better solution as soon as possible.

      Delete
    22. //When SAITM students become doctors, they will treat you properly. Wait and see. They spend 12 millions to treat you. NICE WORLD.//

      Let me enlighten you on this do you know in USA 1/3 Deaths occur because of medical mistakes don' believe me go to

      {Doctors Are The Third Leading Cause of Death in the US, Killing 225,000 People Every Year}

      https://hub.jhu.edu/2016/05/03/medical-errors-third-leading-cause-of-death/

      This is the truth the whole truth and nothing but the truth.

      But what is the situation in sri lanka (The land like no other ) we do not find a single death due to medical error do you know why?
      if the death occur after 24 hours of hospital admission then there is no need to do a Autopsy!

      This is how we manage to achieve such fascinated results

      Delete
    23. AnonymousApril 8, 2017 at 10:41 AM,

      //SAITM PEOPLE asking us to do it, while they FAIL AL.//

      This is a one big lie

      //1160 MEDICAL STUDENTS PAY 15000+ rupees per 1 student to show they are talented by passing ACT 16.
      WHAT A JOKE//

      are you assuming that these SAITM students sit for only final exams what a joke they also sit for similar examinations, since this organisation is in Sri Lanka sri lankan government and professors can supervise these students abilities and government can conduct common examination to all students both SITAM and government.

      Delete
    24. "Lankika SithuwiliApril 8, 2017 at 2:22 PM
      But what is the situation in sri lanka (The land like no other ) we do not find a single death due to medical error do you know why?
      if the death occur after 24 hours of hospital admission then there is no need to do a Autopsy!" THIS IS A BIG LIE. These type false belief begins when you are not practically in medical field. Autopsy is done to find cause of death and manner of death. When that 2 objects are not clear, doctors or relatives can ask for an autopsy via JMO.

      Lankika SithuwiliApril 8, 2017 at 2:31 PM
      AnonymousApril 8, 2017 at 10:41 AM,

      "//SAITM PEOPLE asking us to do it, while they FAIL AL.//
      This is a one big lie"
      There are AL biology fail students in SAITM. I know you don't like to believe it. There were quality assessment samples taken from SAITM in 2011 2013 in that reach they have found 2 people who fail AL.
      Latest incident, after the court order, SAITM student went to SLMC for registration. When SLMC provide application forms, SAITM STUDENTS WERE ASKING FORMS WHICH DOESN'T ASK AL RESULTS. WHAT A PATHETIC SITUATION.
      ONE MORE FACT,
      AS A JOB DOCTOR IS THE DREAM OF MIDDLE CLASS PEOPLE LIKE YOU. IN THAT CASE YOU LIKE TO FIND A EASY PATH FOR IT. THAT'S WHY YOU PEOPLE ALWAYS SUPPORT FOR SAITM WHICH PROVIDE MBBS FOR MILLIONAIRES.
      Remember one thing my friend.
      You can earn degree by using parent money, BUT CAN'T EARN REPUTATION.

      Delete
    25. //SLMC provide application forms, SAITM STUDENTS WERE ASKING FORMS WHICH DOESN'T ASK AL RESULTS. WHAT A PATHETIC SITUATION.//

      Had this was a issue we should have hear this from Doctors like Dr Padeniya in various debates this is why I say this is a lie

      Delete
    26. It was not long ago a law student lost her had due to Medical misconduct can you please tell me what action taken against that Doctor?
      surely he is not from SAITM he was from your prestigious Government medical schools.

      Delete
    27. If this the way you Earn your so called "Reputation"
      I have problems with SAITM but I don't have any problem with private education.

      Delete
    28. "Lankika SithuwiliApril 9, 2017 at 12:16 PM
      It was not long ago a law student lost her had due to Medical misconduct can you please tell me what action taken against that Doctor?"
      Yes there were actions from medical council. Consultant in that ward transferred to peripheral unit. Doctor who didn't care while she complaining pain, suspended for 3 months.

      Delete
    29. Lankika SithuwiliApril 9, 2017 at 12:18 PM
      "I have problems with SAITM but I don't have any problem with private education."
      100% Agree with your point.
      There are AL failures in SAITM.
      Details Register No MF10002MDF0045 Biology Fail. Best local result C C C in 2009 1st SAITM batch who recent pass out.
      According to our foolish SAITM promotors are they loss their dream by just few marks ????
      RIP for Medicine and MBBS

      Delete
  2. සයිතම් එක රජයට ගන්න කියා ඉල්ලනවා වෙනුවට ගොමා(GMOA) එකට බැරිද ඔව්න්ගේ අරමුදලකින් එය ලාබ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන්න යෝජනා කරන්න. PP කරණ වෛද්‍ය වරුන් ගෙන ඒ සඳහා වශෛ්ෂ බද්දක් අයකිරීම මගින් එම අරමුදල් සොයාගත හැක. එසේම අධ්‍යාපනය විකිණීමට අකමැති මහාචාර්යවරුන්ට එහි පින් තකා ඉගැන්වීම කල හැක.

    තවත් රජයේ වෛද්‍ය විද්‍යාල ඇතිකිරීමට පෙර තිබෙන ඒවායේ ප්‍රමිතිය සහ ආචාර්ය ගිඟය නැතිකරන ක්‍රමයක් ඇතිකල යුතුයි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. "ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයකට අවම ප්‍ර‍මිතියක් නැත" කියන එක අනවබෝධයෙන් කියන දෙයක්. පවත්වන පාඨමාලා මිස සමස්ත විශ්ව විද්‍යාල විදියට කොහේවත් ප්‍රමිතිගත කරන්නේ නැත. දේශීය සහ අන්තර්ජාතික ප්‍රමිති ආයතන මගින් ප්‍රමිතිගත කළ [Accredited] පාඨමාලා ලංකාවේ විශ්වවිද්‍යාල වල තිබේ. උදාහරණයකට මොරටුව විශ්ව විද්‍යාලයේ බහුතරයක් පාඨමාලා දේශීයව සහ ජාත්‍යන්තරව ප්‍රමිතිකරණයට ලක් වේ.
    වෛද්‍යවිද්‍යාල වලට එහෙම ඒවා නොතිබීම වෙනමම කතාවකි

    ReplyDelete
  5. රන්ජන් විජයරත්නApril 7, 2017 at 11:41 AM

    මම හිටියනං !?

    ReplyDelete
    Replies
    1. මාමේ, උඹ හිටියා නම් ඔය ගොමා එකේ එවුන් එකෙක්වත් 'මීක්' කියන්නේ නෑ...

      Delete
  6. පැරකුම් මාමේ.. ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට නර්ස් නෝනලා 15000ක හිගයක් තියෙනවලු.. සයිටම් එකේ ඒකත් පටන් ගත්තොතින් අහිසක දුප්පත් ඈයින්ට රැකියාවකුත් රෝගීන්ට හොඳ කාර්යක්ෂම සේවෙකුත් හම්බ වෙයි නේද..?

    ReplyDelete
    Replies
    1. හොඳ යෝජනාව බං

      Delete
  7. කිරිඇල්ල ⁣හරි එස්බී හරි ලියපු එකක් වගෙ. මෙහෙමත් කටු ලෙව කන බල්ලෙක්...

    ReplyDelete
    Replies
    1. @AnonymousApril 7, 2017 at 12:36 PM

      ඇයි, මහින්දයි බැසිලුයි උඹට ලොවින්න දෙන කටු මීට වඩා රසද?

      Delete
    2. ඇත්ත ඒක නම් ඉතින් අපි මොනවා කරන්න ද?

      Delete
  8. ඉතිහාසය නෑවෑත්විම

    1994 චන්ද්‍රිකා කුමාරතුන්ග බලයට පත්වන්නේ 88/89 කාලේ සිදු වු අතුරුදහන් වුවන්ට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් අප හොදින්ම දන්නා පරිදි සිදු වුනේ එම අතුරුදහන්විම් දේශපාලන වාසි තකා භාවිතා කලා මිස වින්දිතයින්ට යුක්තිය ලබා දිමක් සිදු නොවීය. මෙම ඉතිහාසය නෑවත වරක් අපට හමු වි ඈත.

    2015 ජනවාරි 8 බලයට පත් වුවන් බලයට පත්වුයේ මහින්ද රාජපක්ස කාලයේ සිදුවු අතුරුදහන් විම්වලට යුක්තිය ඉශ්ට කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් දෑන් සිදුවන්නේ 94දි සිද්ධ වුනු දේම නොවේද? මේ ප්‍රෝඩාකාරි ඉතිහාසය නෑවත නෑවත අප හමුවට පෑමිණිම නවතාදෑමීම පුරවෑසියන්ගේ වගකීමයි.

    ReplyDelete
  9. පැරා මේ මෙවර සිළුමිණ ලිපිය ද?

    ReplyDelete
  10. මීට කලින් පැවති එජාප රජයට එරෙහිව ආ ත්‍රස්තවාදය අවසන් වුනේ රට පුරා ඇවිලුණු ටයර් සොහොන් අතරින් ය.

    ReplyDelete
    Replies
    1. අනේ මූගෙ බුද්ධිය. මීට කලින් පැවති 2001-2004 එජාප රජයට එරෙහිව ආව ත්‍රස්තවාදය පොල්බූරු වීරවංසගෙයි සටන් විරාමෙට විරුද්ධ ගනගෙඩියන්ගෙ උද්ඝෝෂණයි නිදහස්පක්ෂෙ මරා වගේ පල් හොරුන්ගෙ කුමන්ත්‍රණයි තමයි. ඒක කොහෙද රට පුරා ඇවිලුණු ටයර් සොහොන් අතරින් අවසන් වුණේ මෝඩ රිලවුන්වහන්ස?

      -Robert

      Delete
    2. මීට කලින් පැවති එජාප රජය යනු 1977-1994 රජයයි.

      ඔබ කියා ඇති විරෝධතා පැරා ගේ මිම්මෙන් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස වර්ග කළ හැකි යැයි නොසිතමි.

      Delete
  11. පෙරේදා රාත‍්‍රියේ අම්පාර වානගමුව ජුම්මා මුස්‌ලිම් පල්ලියේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව ලබාදුන් රාත්‍රි ආහාර ගත් දහසකට ආසන්න පිරිසක්‌ අසනීප තත්වයට පත්ව හයසියයක පමණ පිරිසක් රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.

    එම පිරිසෙන් සිවු දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි රෝහල් බලධාරීන් තහවුරු කරයි.

    එම උත්සවය වෙනුවෙන් හාල් කිලෝ දහසක බත් උයා ගවයින් හතර දෙනකුගේ මස්‌ උයා ආහාර සකසා දී ඇති අතර ආහාර ගත් පිරිස පවසන්නේ පසුදා වමනය, බඩේ රුදාව, හිසකරකැවිල්ල හේතුවෙන් රෝහල්ගත වූ බවයි.

    රෝහල් බලධාරීන් පවසන්නේ මෙම තත්වයට හේතුව ආහාර විෂවීමක්‌ නිසා විය හැකි බවයි.

    ReplyDelete
    Replies
    1. කෑමට හොඳම මස තමයි හරක් මස්. හමුදාවටත් ඒවා තමයි දෙන්නේ.

      Delete
  12. දේශපාලන පක්ෂ දේශපාලනය කිරීම කෙසේ වෙතත් රාජ්‍ය සේවකයින් දේශපාලනය කරන්න යාම හරිම භයානකයි. ඒකාධිපති රටවල්වල මේවා දකින්න තියෙනවා, විශේෂයෙන් මැදපෙරදිග රටවල්වල. මොවුන් කරන්නේ තමන්ගේ රාජ්‍ය බලය ආරක්ෂා කරන්න 'ගැඹුරු රාජ්‍යයන් (Deep States)' බිහි කරන එක. මහින්දත් අත්හදා බැලුවා. නමුත් මිනිහට කලින් ගෙදර යන්න සිද්ධවුනා. දැන් ඒව තමයි ඔය වැඩ කරන්නේ. මෙවා වෙනස් කරන්න කාලයක් යනවා. හොඳ හෝ වේවා වැරදි හෝ වේවා දැන් කරන්න තියෙන්නේ හදිසි නීතිය ගෙනල්ලා හරි මුන් ටික පාලනය කරන එක. ඊට පස්සේ ඕන නම් අහෝසි කිරීම ගැන කතා කරන්න පුලුවන්. හොඳ දෙයක් වෙනුවෙන් වැරදි ක්‍රමවේදයක් පාවිච්චි කරන එක වැරදිද?

    ReplyDelete
  13. //රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සටන තනිකර ම පදනම් වන්නේ බොරුව මත ය. //
    එපමණක් නොව අන්තරය මෙන්ම ජවිපෙ ද දැන දැනම ඒ බොරුවේ එල්ලී සිටී. මොවුන්ට සයිටම් පමණක් ප්‍රශ්නයක් වන්නේ ඒ නිසාය.
    වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනෑ තරම් ඇත. ඒවා ගැන වගේ වගක් නැත.
    මා කියන්නේ තව තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කොට සයිටම් ඒකාධිකාරය බිඳිය යුතුය. සයිටම් එපා කීම කුහක අමනකමකි.

    ReplyDelete
  14. //මේ වන විට මේ රටේ පෞද්ගලික පාසල් ද සෑම ප්‍ර‍ත්‍යන්ත නගරයක ම ඇත. ඒවාට යන්නේ ද මේ රටේ ම ළමයි ය. ඔවුහු ධන කුවේරයෝ නො වෙති. ඔවුන් වැඩිදෙනෙකු වනාහි හොඳ රජයේ පාසල්වල ඉඩකඩ නො ලැබීම නිසා පෞද්ගලික අධ්‍යාපනය වෙත යොමු වූ අයයි. ඔවුන්ට මේ රටේ අධ්‍යාපන අවස්ථා තිබිය යුතු ය. අනෙක් පැත්තෙන්, ඉන්දියාව, නේපාලය, බුරුමය, බංග්ලාදේශය වැනි රටවල පවා වෛද්‍ය අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ සේවය කරන වෛද්‍යවරු රජයේ රෝහල්වල සිටිති. මෙම වෛද්‍ය විද්‍යාලවල උපාධි විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම විසින් පිළිගෙන තිබෙන පදනම ඉතා නිවැරදි ද? අවුරුදු පතා අධ්‍යාපනය වෙනුවෙන් මේ රටින් පිටරටට ඇදී යන මුදල් මේ රටේ ඉතිරි වීම නරක දෙයක් ද? //

    මගෙත් මතය මේකමයි.

    ReplyDelete
  15. //මේ වන විට මේ රටේ පෞද්ගලික පාසල් ද සෑම ප්‍ර‍ත්‍යන්ත නගරයක ම ඇත. ඒවාට යන්නේ ද මේ රටේ ම ළමයි ය. ඔවුහු ධන කුවේරයෝ නො වෙති. ඔවුන් වැඩිදෙනෙකු වනාහි හොඳ රජයේ පාසල්වල ඉඩකඩ නො ලැබීම නිසා පෞද්ගලික අධ්‍යාපනය වෙත යොමු වූ අයයි. ඔවුන්ට මේ රටේ අධ්‍යාපන අවස්ථා තිබිය යුතු ය. අනෙක් පැත්තෙන්, ඉන්දියාව, නේපාලය, බුරුමය, බංග්ලාදේශය වැනි රටවල පවා වෛද්‍ය අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ සේවය කරන වෛද්‍යවරු රජයේ රෝහල්වල සිටිති. මෙම වෛද්‍ය විද්‍යාලවල උපාධි විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම විසින් පිළිගෙන තිබෙන පදනම ඉතා නිවැරදි ද? අවුරුදු පතා අධ්‍යාපනය වෙනුවෙන් මේ රටින් පිටරටට ඇදී යන මුදල් මේ රටේ ඉතිරි වීම නරක දෙයක් ද? //

    මගෙත් මතය මේකමයි.

    ReplyDelete
  16. සයිටම් විරෝධයට වහන රෝහල් ලෙඩුන්ට මගේ රෝහලෙන් සේවය නොමිලේ -වෛද්‍ය නෙවිල්
    මූ වගේ අවස්ථාවාදියෙක් මම දැකලම නැහැ. උතුරු කොලබ වෛද්‍ය පීටය (එකට SLMC අනුමැතියත් තිබුනා) වහන්න මූ කොච්චර කෑ ගැහුවද. ඊට පස්සේ UNP එකට පැනල චන්දෙ දිනලා පාර්ලිමේන්තු ගියා. ඊලග පාර පැරදුනාම අයේ මහින්දට එකතු උනා. යකෝ උබ පොල්ල තිබ්බ ඔය ළමයි ටිකට උබ කරපු පාපය පල දෙනවා දවසක.

    ReplyDelete
  17. උසස් ජීවීන් සැකසිලා තිබෙන්නේ අනතුරකදී සටන් කිරීමට සහ/හෝ පලා යාමට කියා කියවෙනවා.

    ශ්‍රී ලංකාව වගේ රටක ඉපදීම වාසනාවක් වුනත්, මේ වැනි මිනිසුන් ජීවත් වෙන කලෙක ම එහි ඉපදීමට වීම පවක් පලදීමක් ලෙසයි මට හිතෙන්නේ.

    අවනීතිය නීතිය කරෙගෙන අවනීතියට ආවඩන, අකුරු ලියන්න කියවන්න පුළුවන් වුනත් හිතන්න බැරි මිනිස්සු එක්ක මනුෂ්‍යත්වය වෙනුවෙන් සටන් කිරීමෙන් වැඩක් ඇත්තේ නෑ. ඉතිරි උපක්‍රමය පලා යාම. පලා යන්න දේකුත් නෑ ආපහු නෑවිත් මේ විදියටම ජීවිතේ ඉතුරු ටිකත් මේ ධෛර්යවන්ත මිනිසුගේ භූමියේම ගෙවා දැමුවම අහවරයි.

    උපන් රට ගැන දෙයක් කියවන්නට එන හැම වෙලේම කලකිරීමක් ම ඉතිරු වෙන්නේ පෙර පව නිසාම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තෝ පව් කළා නම් ගොනා වගේ ඇදපං හපුතල් කන්ද......

      තොගේ කළකිරීම වෙන මොකක්වත් නෙවෙයි, මහින්ද බලයේ නැති එක.

      Delete
    2. මහින්ද වගේ මරුමුස් මිනිහෙක් බලයේ නැති එක ගැන මොකටද බන් කලකිරෙන්නේ සතුටු වෙනවා මිසක්.

      කලකිරෙන්නේ දේශපලකයෝන්ට නොදෙවෙනි වෙන්නම උගත් රාජ්‍ය නිලදාරියොත් සාමාන්‍ය මිනිස්සුන්ටම කෙලින එක ගැන සහ අමු අමුවේ එහෙම කෙලින කොටත් ඒක හරි කියන මිනිස්සු සැහෙන කොටසක් ඉන්න එක ගැන.

      ඔවු බන් උබ හරි. පවු කරා නං අදින්නම වෙනවා හපුතල් කන්ද. කවද මුදුනට යන්න ලැබෙයිද මන්ද බන්.

      Delete
  18. වයිද්ය සිසුන් පංති වර්ජනය කරන කොට උපාධිය බාල වෙන්නැද්ද?

    ReplyDelete
    Replies
    1. උඹලාට දවසක තේරෙයි තමන්ගේ දරුවන්ට දක්ෂතාවය තියාගෙනත් වෛද්‍ය විද්‍යාලයට නොගෙන මෙලෝ වැඩක් බැරි සල්ලි කාරයින්ගේ ළමයි වෛද්‍ය විද්‍යාලේ ගියාම. සමහර විට උඹලාගේ හිතේ ඇති අපිත් කෝටි 1.2 ක් දීල අපේ ලමයවත් දොස්තර කෙනෙක් කරනවා කියලා. ඒ නිසා වෙන්න ඇති රෙප් කපන්නේ...

      මොනවා වුනත් ලෝකයේ දක්ෂතම වෛද්‍යවරු/ඉංජිනේරුවෝ ලංකාවේ ඉන්නේ ඒ හැමෝම හොඳම results දාල වෛද්‍ය විද්‍යාලේ ගියපු සුපිරිම මොල කාරයෝ නිසා. A/L S 3 වත් දාගන්න බැරි එවුන් දොස්තරලා වුනාම ඉතින් වෙන දේ කියන්න ඕනේ නෑනේ.
      (ඔව් ඔව් කුහකයි තමයි )

      Delete
  19. මේකට ගැලපෙන ඉතාම උචිත වචනය තමා ත්‍රස්තවාදය. ත්‍රස්තවාදීන්ට උන්ගෙ භාෂාව මිසක් වෙන භාෂාවල් තේරෙන්නෙ නෑ..

    ReplyDelete
  20. Ajith Perakum JayasingheApril 7, 2017 at 8:43 PM
    If you know that there are many, why don't you name one?
    Register No MF10002MDF0045 Biology Fail. Best local result C C C in 2009 1st SAITM batch who recent pass out.

    ReplyDelete
  21. සයිටම් විරෝධී සටන ගැන හොඳ lipiyak

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා