ඒකා බද්ධ වෛරය
ඒකාබද්ධ විපක්ෂය පාද යාත්‍රාවක් ආරම්භ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය මෙන් ම පාද යාත්‍රාව ද වියුක්ත සංසිද්ධියකි. වියුක්ත යයි කියන්නේ ඒවායේ සංවිධාන ස්වරූපයේ හෝ අරමුණුවල සංයුක්තබවක් දක්නට නො ලැබෙන නිසා ය. ඒකාබද්ධ විපක්ෂය එක පැත්තකින් පැහැදිලි නායකත්වයකින් තොර එකකි. එහෙත්, එතරම් සමාජ බලයක් නැති කුඩා ජාතිවාදී කණ්ඩායම් විසින් තම පැවැත්ම හා අරමුණු වෙනුවෙන් ඇදගෙන යනු ලැබේ. උදාහරණයක් ලෙස, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බෙංගමුවේ නාලක හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ගෙවිඳු කුමාරතුංග වැනි අය විසින් නායකත්වය දෙන කුඩා කල්ලි ඒකාබද්ධ විපක්ෂය දරාගෙන සිටින ශක්තියයි. ඔවුන් ඒ වෙනුවෙන් ඇප කැප වීමට මූලික හේතුව ඔවුන්ට පැවැත්ම ඇත්තේ ද මෙම වැඩසටහනට උර දීම තුළ පමණක් වන බැවිනි. පොදු දේපල පනත යටතේ ඇප නොමැතිව බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත වීම රාජපක්ෂ පවුල පැත්තෙන් පාද යාත්‍රාවේ සංවිධාන කටයුතුවලට මැදිහත් වීම අවම කිරීමට හේතු වී ඇති බව පෙනේ. රාජපක්ෂ පවුල මුහුණ දී සිටින ප්‍රධාන අර්බුදය වන්නේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ චෝදනායි. මේ වන විට පරීක්ෂණ බොහොමයක් සෙමින් මුත් ස්ථාවර අවසානයන් කරා ළඟා වෙම...