තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණය
රතු කමිස තායිලන්තය හමුදා කුමන්ත්‍රණ පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති රටකි. 2014 මැයි මස 22දා එහි සිදු වුණේ 1932න් පසු සිදු වූ 12වන හමුදා කුමන්ත්‍රණයයි. අලුත් ම කුමන්ත්‍රණයේදී හමුදාපති ප්‍රයුත් චන්-ඔචා රාජ්‍ය බලය පැහැර ගත්තේ ය. යුද නීතිය ප්‍රකාශයට පත් කර, 2007 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටවූ හේ විධායක බලතල තමන් වෙත පවරා ගත්තේ ය. 2011දී මැතිවරණයකින් බලයට පත් අගමැතිනි යිංලුක් ෂිනවත්‍රා සිරගත කළ හේ සෙනෙට් සභාව ද විසුරුවා හැර නීති සම්පාදනයේ මුළු බලතල සියතට ගත්තේ ය. බලයේ සිටි භාරකාර ආණ්ඩුවට පක්ෂපාතී මෙන් ම විරුද්ධවාදී පිරිස් ද සිය ගණනින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සිය මිලිටරි ජුන්ටාව නම් කර තිබෙන්නේ සාමය හා නීතිය සඳහා ජාතික සභාව ලෙසයි. මේ වන විට අගමැතිනි යිංලුක් ෂිනවත්‍රා ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයන් රැසක් නිදහස් කර තිබේ. එහෙත්, ඒ දේශපාලයේ නො යෙදීමේ හා තමන් යන එන තැන් පිළිබඳ හමුදාව දැනුවත් කිරීමේ කොන්දේසිය පිට බව වාර්තා වේ. මෙම හමුදා කුමන්ත්‍රණයට එරෙහිව තැන් තැන්වල පැවැත්වෙන විරෝධතා මර්දනය කරන බවට ජුන්ටාව තර්ජනය කර තිබේ. තායි රජු වන භූමිබෝල් අදුල්යාදේජ් ද කුමන්ත්‍රණකරුවා නිල පාලකයා ල...