Posts

Showing posts from June, 2017

ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා (උමා ඔය ව්‍යාපෘතිය ගැන ඇනිමේෂන් වීඩියෝ)

Image
උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යාපනය සඳහා ය. (දෙවන වීඩියෝව සොයා ගත නො හැකි විය.) මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබඳව ජනතාවට පැහැදිලි කර දීම රජයේ වගකීමකි. ඒවායේදී මතු වන ගැටලුවලට විසඳුම් සෙවිය හැක්කේ හා ජනතාව කැප කිරීම් කරන්නේ එවිට ය. අනෙක් පැත්තෙන් මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ රටක ජනතාවට අවශ්‍ය නම් පමණි. ලංකාවේ සිදු වන්නේ පාලකයන්ට, නිලධාරීන්ට ලැබෙන කොමිස් කුට්ටි මුලට ම පැමිණීමයි.  අපගේ පාඨකයකු විසින් එවන ලද සබඳතා පුරුක් පොකුරකි. ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

උමා ඔය, රාජපක්ෂවාදය, පරිසර අන්තවාදය හා දැන් ඉතින් කරන දේ

Image
උමා ඔය ව්‍යාපෘතිය ගැන මට කියන්නට අවශ්‍ය දෙය මනෝරම වීරසිංහ වචන කීපයකින් කියා තිබෙනවා. ඒ මෙහෙමයි: උමා ඔය සිද්ධිය හරිම ඛේදවාචකයක්...! පසුගිය රජය කරපු කිසිම ව්‍යාපෘතියක් පරිසර අධ්‍යයන වාර්තා, යෝග්‍යතා වාර්තා කිසිවක් තුට්ටුවකට මායිම් නොකර හිතුවක්කාරකමට කරපු ව්‍යාපෘති. ඒවා සියල්ලම වගේ අසාර්ථකයි.. ඒ කීවේ වැඩේ ලස්සනට තිබුණට ඇතුළාන්තය හා පසු ප්‍රතිඵල විනාශයක්ම වුණා.. ඔය කාලෙ අපි කීවා පොළව පැලෙයි, ගිලා බහියි, නායයයි කියල.. බයියො හිනාවුණා.. හිතුවක්කාරකමට තනිමතේට කරපු වැඩවලින් වන්දි ගෙවන්නෙ මිනිස්සු.. මේවා හරියට කරනව නං හරිම වටින ව්‍යාපෘති. දැන් මේවට රටම ණයයි. අත්ඇරල දාන්න බෑ. ආණ්ඩුවට සිද්ධවෙනව අතින් කයිට් වෙලා හරි මේ පැලැස්තර දාලා මේ කාන්දුව වහන්න. ඊට පස්සෙ භුගත ජල වහනය වසරකින් විතර සාමාන්‍ය තත්ත්වෙට එනව. නමුත් එතකල් මිනිස්සු මැරෙන්නද? මොනව වුණත් ජෙප්පො කෑ ගැහුව කියල මේවා නවත්තල බෑ.. නොර්වේ, කැනඩා, බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල විශේෂඥයො ගෙන්නල මේවට විසඳුම් හොයන්න ඕනි.. ලෝකෙ බැරි වැඩ නෑ.. ඒ වගේම මේ මිනිස්සුන්ට ලොකු වන්දියක් ගෙවන්නත් ඕනි. මෙයට තව පොඩි එකතු කිරීම් කීපයක් කරන්නට ඕන

තැපැල් කන්තෝරු සංචාරක හෝටලවලට ‘විකිණීම'

Image
Matugama Post Office (by Ajith Perakum Jayasinghe) තැපැල් කන්තෝරු වහලා ය. තැපැල් සේවකයෝ වර්ජනයේ ය. කාටවත් ඒ ගැන ඒ හැටි වගකුත් නැත. විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියුම් ලැබෙන තෙක් බලා සිටිනා සිසුන් හා වෙනත් එවැනි ලියුම් බලාපොරොත්තුවෙන් සිටින අය වැනි සීමිත පිරිසකට නම් එයින් අසහනයක් ඇති වේ. දැන් මිනිසුන් ලියුම් ලියනවා අඩු ය. ලව් ලෙටර් නො ලියූ පෙම්වත්තු දැන් ඕනෑ තරම් සිටිති. ජංගම දුරකථනය, කෙටි පණිවුඩ, අන්තර්ජාලය, ඊමේල්, ෆේස්බුක් ආදිය විසින් ඒ ස්ථානය අත්පත් කරගෙන ඇත. විදුලි පණිවුඩ නම් අවශ්‍ය වන්නේ නිවාඩු ගැනීම් වැනි සීමිත රාජකාරි වැඩ සඳහා ය. එහෙත්, වාහන දඩ ගෙවීම, බිල් ගෙවීම, මුද්දර ගාස්තු සඳහා තැපැල් මුද්දර ගැනීම, පිං පඩිය ගැනීම, ලියාපදිංචි තැපෑලෙන් ලියුම් යැවීම, ගැසට් එක බලා ගැනීම වැනි වැඩවලට දිනපතා තැපැල් කාර්යාලයට පැමිණෙන විශාල පිරිසක් තවමත් සිටිති. ඒ අය අද රස්තියාදු වන්නට ඇත. ලංකාවේ අන්තර්ජාල බිල් අන්තර්ජාලය හරහා ම එවන්නට පුළුවන්කම තිබියදීත් තැපෑලෙන් ම එවන තත්වයක් ඇත. ඇත්තෙන් ම, ඒ සඳහා කැමති අය වෙනුවෙන් හෝ බොහෝ කටයුතු සඳහා විද්‍යුත් තැපෑල, ජංගම දුරකථනය, ක්‍රෙඩිට් කාඩ් ආදිය පාවිච

නෝබොඩීස්ලාගේ ඥානසාර

Image
මේ දිනවල රාජපක්ෂවාදීන්ගේ මූලික ව්‍යාපෘතිය වී ඇත්තේ ඥානසාර නම් රජස් කඳ හෝදා පිරිසිදු වීමයි. ඔවුන් ඒ කුණු හෝදා ගන්නට හදන්නේ ඒවා චම්පික රණවකගේ හා ඔහු මාර්ගයෙන් ආණ්ඩුවේ ඇඟේ ඇතිල්ලීමෙනි. එහෙත්, ඥානසාර නම් දහ ජරා ගොඩ නිර්මානය වූයේ චම්පික රණවක ද ඇතුළත් වූ රාජපක්ෂ ආණ්ඩුව කළ ගලේ පැහැරීමෙන් බව ඉතා පැහැදිලි ය. රාජපක්ෂ කඳවුරේ න්‍යායාචාර්යවරයකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම පසුගිය ඉරිදා දිවයින පුවත්පතට වැල්බයිලාවක් ලියමින් එය මෙසේ අවසන් කළේ ය: ගලගොඩ අත්තේ ඥානසාර භික්‍ෂුවට අවශ්‍ය දේ දෙනවා නම් ඕනෑම කෙනකුට ඔහුගෙන් ප්‍රයෝජන ගත හැක. නැගෙනහිර පළාතට ගොස්‌ පුරාවස්‌තු විනාශය ගැන පමණක්‌ කතා නොකර "අල්ලගේ ලබ්බ" ගැනත් කතා කළ විට මුළු ලෝකය පුරාම යන්නේ "ලබ්බේ" කතාව මිස අදාළ කාරණය නොවේ. බොදුබල සේනාව අත ගැසූ සියලු දේට සිදුවූයේ එයයි. බොදුබල සේනාවේ හැම ක්‍රියාකාරකමකින්ම සිංහලයාගේ හතුරන් ශක්‌තිමත් වන බව සියලු සිංහලයන් හොඳින් අවබෝධ කර ගත යුතුය. ඥානසාර හිමි සිවුරු උස්‌සාගෙන පරුෂ වචන කියන විට එයින් කුල්මත් වෙන ආවේගකාරී පිරිස්‌ හා අනවබෝධය නිසා මෙවැනි සංවිධාන කෙරෙහි ආකර්ෂණය වෙන තරුණයන්ටත් මට කීමට ඇත්

පොඩි මිනිහට දර්ශනය (පැරාගේ පළමු දර්ශනය පාඩම)

Image
මේ මාතෘකාව කියෙව්ව ගමන් ඔබට හිතුණෙ මොනවා ද? “මේ ප-යා දන්න හු--ක් තියෙනවා ද? මූ කවුද මේව ගැන ලියන්න. මූ මං වගේ කියවන එකෙක් යැ.“ ඔයා දර්ශන‘වාදියෙක්'. ඒ මොකෙක් ද කියන එක මේ ලිපියෙ ඉතුරු ටික කියවනකොට තේරෙයි. මේක කියවලා මෙතන ඇනොනිමස්ලි මටයි මගේ පවුලටයි කුණුහරුපෙන් බැනලා යන්න හිතෙනවා නම් ඔයා අනිවා ඩෙෆා දර්ශන‘වාදියෙක්' තමයි. දර්ශනය කියන්නේ මොකක් ද? දර්ශනය කියන්නේ දාර්ශනිකයන් කරන දේ ය කියන්නට පුළුවන්. හැබැයි ලංකාවට ඒක ගැලපෙන්නෙ නැහැ. ලංකාවේ දාර්ශනිකයන් (Philosopher) ලෙස පෙනී සිටින්නේ දර්ශන‘වාදීන්' (Philosophists). ඒ අය කරන දේ දර්ශනය කියා හිතුවොත් අපට වරදිනවා. ඇත්තෙන් ම මේ අය දර්ශනය සම්බන්ධයෙන් මුළු ලංකාව ම නොමග යවලා ඉවරයි. ඒ නිසා ලංකාවේ නම් දර්ශනය නො වන්නේ කුමක් ද කියා කියා දෙන එක ලේසියි. දී ඇති තත්වයන් මාරයි, ඒවා ඒ අන්දමින් ම පැවතිය යුතුයි, වෙනස් කරන්නට හදන එවුන්ව මරාගෙන කෑ යුතුයි කියන එක දර්ශනය නෙමෙයි. දී ඇති තත්වයන් ප්‍රශ්න කිරීම වැරදියි, එහෙම ප්‍රශ්න කරන එවුන්ගේ අම්මට ----- යුතුයි කියන එක දර්ශනය නෙමෙයි. තිබෙන දේ ප්‍රශ්න කරමින් ඔක්කොම බොරු, විකල්පයක් නැහැ කිය

බෝම්බෙ පින් එක ඇදලා ඉවරයි හිටං

Image
1989  දොස්තරලාගේ විරෝධය තියෙන්නේ මූලිකව ම සයිටම් එකට. ඒක තනිකර ම තම ආධිපත්‍යය හා සූරාකෑමේ අවස්ථාව සුරක්ෂා කර ගන්නට කරන දෙයක් බව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ ජවිපෙන් ගිලිහිලා නන්නත්තාර වෙමින් සිටි පක්ෂයක්. ඔවුන්ට බලය සම්බන්ධයෙන් ලොකු සැලසුම් හැදීමේ හැකියාවක් දැනට නැති වුණත්, සයිටම් කේස් එක ඇදගෙන ගියොත්, ජවිපෙ වමෙන් ඉස්සර කරගන්න චාන්ස් එකක් තිබෙන බව ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය ශිෂ්‍ය මළමිනී කීපයක් විතරයි. නඩුහබ නිසා දෙකට දෙවාරේ ඉන්න රාජපක්ෂ කල්ලියටත් කොහොමින් කොහොම හරි ආපහු බලය අවශ්‍ය නිසා මේගොල්ලන් අවුළුවන ගින්නෙන් රටේ ඇති වන අරාජිකත්වය ඔවුන්ටත් නියම අවස්ථාවක්. මේකෙන් නිර්මානය වන මර්දනකාරී පසුබිය ඡන්දයකට යන්නට බයේ ඉන්න රනිල්ලාට, මෛත්‍රීපාලලාටත් නරක යයි හිතන්නට බැහැ. ඔවුන්ට අවශ්‍ය මට්ටමට හමුදාව, පොලිසිය කුපිත කර ගැනීමට මේ වන විට අන්තරේ කට්ටිය සමත් වෙලා තිබෙනවා. මේ වන විට පීඩනයට පත් වෙලා සිටින ජනතාව ආණ්ඩුවට බල කරන්නේ ඇයි ක්‍රියාත්මක නො වන්නේ කියලායි. හිතන්නකෝ මේක පාවිච්චි කරලා හදිසි නීතිය එහෙම දාගෙන හමුදාව, පොලිසිය ආපහු බලවත් වුණොත් ඇති

පෞද්ගලික අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැන ජනමතවිචාරණයක් පවත්වනු

Image
මට සයිටම් විශ්වවිද්‍යාලය අදාළ නැත. එහෙත් මා ඉතා විවෘතව ම පෞද්ගලික අධ්‍යාපනයට පක්ෂ ය. සයිබර් වරිගේ උණ්ඩියා විවෘතව ම කියන්නේ තමන් උසස් අධ්‍යාපනය ලැබූ හා උසස් ජීවිතයකට මග සලසා ගත් අධ්‍යාපන ක්‍රමය වනසන්නට උත්සාහ කරන්නන්ට තමන් විවෘතව ම එරෙහි වන බවයි. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නොවන බව අලුත් දැනුමක් සේ කියන පණ්ඩිතමානී මුග්ධයන්ට චමීර ජීවන්ත දෙද්දුවගේ මෙය ඉතා සරල ලෙස න්‍යායිකව පැහැදිලි කර දෙයි. ඔහු පවසන්නේ අධ්‍යාපනය වෙළඳපොළේ විකිණිය හැකි දෙයක් නො වන මුත් අධ්‍යාපනයට මිළක් ද ඇති බවයි.  තමන් සයිටම් විරෝධීන් යයි කියන රජයේ විශ්වවිද්‍යාලවලින් නොමිළේ අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය ලබා ගත් මධ්‍යම පංතික කොටස් කියන්නේ උසස් අධ්‍යාපනය තෝරා ගත් පිරිසකට පමණක් රජයේ වියදමින් පමණක් දිය යුතු බව හා සෙසු පිරිසට නො දිය යුතු බවයි.  මෙම තෝරා ගත් පිරිස තෝරා ගැනෙන්නේ කෙසේ ද යන්න නිවැරදිව තේරුම් ගත යුතු ය. මන්ද, මොවුන් පවසන්නේ රජයේ විශ්වවිද්‍යාලවල ඉන්නේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් ය කියා ය.  රජයේ විශ්වවිද්‍යාලවලට වැඩිපුර ළමයින් යන්නේ රටේ ප්‍රධාන පෙළේ පාසල්වලිනි. රටේ ප්‍රධාන පෙළේ පාසල්වලට ළමයින් ඇතුළත් වීමේදී වැඩි ම

ඥානසාර සැඟවී සිට දිවයිනට එවල තියෙන්නෙ පරණ පත්තර කෑල්ලක්

Image
පසුගිය ජුනි 18දා සැඟවී සිටින ඥානසාර හාමුදුරුවන් දිවයින පත්තරේට ලිපියක් එවා තිබුණා මතකද? ඒක දිවයින වෙබ් අඩවියේ පළ වුණේ මෙන්න මෙහෙම. ක්ලික් කරලා ගිහින් බලන්න. බොදු බලය හිරගෙට යන ''බ්‍රේකින් නිවුස්‌'' සිහිනයෙන් මිදෙන්න සැඟවී සිටින ඥානසාර හිමියෝ දිවයිනට එවු ලිපිය අන්තවාදයේ බෞද්ධ විරෝධි සැබෑ ස්‌වරූපය දකින්න මේක හුඟක් කට්ටිය උඩ දාගෙන ප්‍රචාරය කළානෙ.  ඒ වුණාට අනේ ඥානසාර හාමුදුරුවෝ දිවයින පත්තරේට එවලා තියෙන්නෙ පරණ පත්තර කෑල්ලක් අයියො. ඔය උඩ තියෙන්නෙ ඒ ලිපිය. ඒක ලංකාදීප පත්තරේ පළ වුණේ අවුරුදු හතරකට කලින් අනේ. බලන්නකෝ ඉතින්!  දෙයි හාමුදුරුවනේ මේ වගේ චේතිය බොරු කෙළින හාමුදුරුවරු ඉන්නකොට රටක බුද්ධාගමක් ඉතුරු වේවියැ.  ඒ මදිවාට ගොනාට ඇන්දුවේ වෙන කාවවත් නෙමෙයි, සිංහල ජාතිවාදයට රෙදි නැතුව කඩේ යන දිවයින පත්තරේ ය කියහන්කෝ. පව් අනේ දිවයින! මේව බලන් ඉන්න අපටත් ලැජ්ජයි අනේ. චීයා! මෙහෙම ඔබත්, රටත් රවටන මිනිසුන්ට ඔයාලා තවමත් ගරු කරනවා ද?  ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමක

ඩෙංගුවලට බී.ටී.අයි. හෙවත් බෝතලේ ටොනික් ඉස්තරම්

Image
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවෙන රෝග අංශයේ සංඛ්‍යාලේඛන අනුව, 2017 වසරේ පසුගිය මාස හය තුළ ඩෙංගු රෝගීන් 67,205ක් වාර්තා විය. සිදු වූ මරණ සංඛ්‍යාව 195කි. මෙම සංඛ්‍යාව 2016 වසරේ වාර්තා වුණ මුළු මරණ සංඛ්‍යාව වන 78 මෙන් දෙගුණයකටත් වැඩි ය. වසර 2015දී වාර්තා වුණ ඩෙංගු මරණ සංඛ්‍යාව 54කි. 2016 වසරේදී වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 55,150කි. 2015 - 29,777 2014 - 47,502 2013 - 32,063 2012 - 44,461 2011 - 28,473 2010 - 34,188 සෑම වසරක ම වැඩි ම රෝග ව්‍යාප්තියක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කෙසේ වෙතත්, 2017 වසර ඩෙංගු සම්බන්ධයෙන් ගත් කල ඉතිහාසගත වන වසරකි. එය මීට පෙර පැවති උපරිමය මෙන් කීප ගුණයක වැඩි වීමකි. එසේ සිදු වී තිබෙන්නේ ඇයි? මෙතැනදී පැහැදිලිව ම රජයේ අකාර්යක්ෂමතාව විවේචනයට ලක් විය යුතු ය. සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා විශේෂයෙන් මහජන සෞඛ්‍යය සම්බන්ධ නිලධාරීන් මෙම තත්වයට වගකිව යුතු ය. අනෙක් පැත්තෙන්, කසල කළමනාකරණයෙහි ඇති අකාර්යක්ෂමතාව ද ඩෙංගු ව්‍යාප්තිය වැඩි කිරීමට ඉවහල් වී ඇතැයි සිතිය හැකි ය. ඩෙංගු රෝගය ව්‍යාප්තියට මහජනයාගේ වැරදි ආකල්ප හ

ඔබ පියඹා ගොසින්

Image
(මේ දවස්වල පොඩ්ඩක් කාර්ය බහුල නිසා ඊළඟ ලිපිය ලියනකල් සිංදුවක් ගැන පොඩි අදහසක්.) ජෝති ගැයූ ගී අතරින් මේ ගීයේ තිබෙන සුන්දරත්වය පරදවන්නට සමත් වෙනත් ගීයක් තිබෙනවා ද කියා මට හිතෙනවා. හැබැයි සුන්දරත්වය තිබෙන්නේ මෙම මුල් ගීයේයි. පසුකාලීනව කරන ලද පටිගත කිරීම් විසින් එහි සුන්දරත්වය විනාශ කර තිබෙනවා. ඒකට මූලික හේතුව ඩ්‍රම්ස් හඬ උස්සා තිබෙන එක විය හැකියි. දෑසෙ විමන් දොරින් සිහින රුවන් තිරෙන් නික්මී ගොලු බසින් පරෙවි රැජින ලෙසින් ඔබ පියඹා ගොසින් පැහැය සුවඳ ඇතී සිහින් සිනිඳු පෙතී රේණු සැලෙන මුදු පිපුණු මලක් බඳු ඔබේ සළුවෙ වැදී සිහිල් සුලං ඇදී හෙමින් සැරේ එබී මගේ සවන් සිඹී මහද කුටිය පුරා ඔබ සැරි සර සරා බෙදයි මියුරු නුරා විඳිමි පෙරුම් පුරා ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර ගැයුම: එච්.ආර්.ජෝතිපාල සංගීතය: පී.එල්.ඒ. සෝමපාල චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ තිරගත වූ වසර :1972 මේ ගීය ගැන විස්තරයක් අස්වැන්න බ්ලොගයේත් තිබෙනවා ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වග

ලංකාවේ අප මුහුණ දී තිබෙන මූලික ම ගැටලු දෙක

Image
ලංකාවේ අප මුහුණ දී තිබෙන මූලික ම ගැටලු දෙක මා දකින අන්දමින් මෙසේ ය. 1. ලංකාවට දරා ගත නො හැකි තරම් අති විශාල රජයක් නිර්මානය වීම. එයට සාපේක්ෂව ආණ්ඩුව අසාමාන්‍ය අන්දමින් බලවත් වීම. රජයේ බර දැරීම සඳහා වැඩ කරන ජනයාට විශාල වශයෙන් බදු ගෙවන්නට හා ණය බරට උර දෙන්නට සිදු වීම.  2. රාජ්‍ය මූලික අකාර්යක්ෂම මානසිකත්වය. මෙහි මූලික ගැටලුව වන්නේ ලාංකිකයන්ගේ ජන විඥානය නිර්මානය වන්නේ අතිශය අකාර්යක්ෂම රජයක් පරමාදර්ශය කරගෙන වීමයි.  ආණ්ඩුව මෙහි පළමු කාරණයට අදාළව ගතහොත්, ආණ්ඩුව හා සමස්තයක් ලෙස දේශපාලනය අසාමාන්‍ය ලෙස බලවත් වීම බරපතල සමාජ, ආර්ථික ගැටලුවක් නිර්මානය කරනවා. රජය පුළුල් වන තරමට, රජය අකාර්යක්ෂම වන තරමට, ආණ්ඩුව හා දේශපාලනය ශක්තිමත් වීමත්, දූෂණය සඳහා අවස්ථාව පුළුල් වීමත් වළක්වන්නට බැහැ. පුළුල් රජයක් හා උපරිම කාර්යක්ෂමතාවක් සහිත රජයක් ෆැන්ටසිගත කරන සමාජවාදය ප්‍රායෝගික නැහැ කියලායි මා හිතන්නෙ.  රජයෙන් යැපීම රජයෙන් යැපෙන මානසිකත්වය ඇත්තෙන් ම ලොකු ම ප්‍රශ්නය වන්නේ රජය නඩත්තු කරන වැඩ කරන ජනතාවටයි. රජය විසින් අවම සේවාවන් සපයන්නේත් මෙම වැඩ කරන ජනතාවටමයි. මේ පිරිස තුළ මැද පෙරදිග ශ්‍රමිකයන්, වතු ක

ජවිපෙට යන එන මගක් සොයා දෙමු

Image
(මෙම ලිපිය ලියන්නේ ජවිපෙට කෙළවන්නට මුල් වන ෆේස්බුක් බලකායේ සිටින බූරු පැටවුන්ට නො වන බව ද, මෙම සටහනෙන් විශේෂයෙන් ඉලක්ක කරන්නේ ජවිපෙ සාමාජිකයන් අපේ බිරියන්ගේ යෝනි තුළ ඩයිනමයිට් කරල් දමන්නට සැරසෙද්දී පවා, අප සමග කතා කරන්නට හැකියාව ඇති නලින්ද ජයතිස්ස වැනි කුමන දේශපාලනයක් තුළ හෝ බලාපොරොත්තු තැබිය හැකි නායකයන් හා දෙබිඩිකමින් මිදුනහොත් තවමත් වටිනාකම් ඇති අනුර කුමාර දිසානායක, ලාල් කාන්ත වැනි දීප්තියක් සහිත නායකයන් බව ද කරුණාවෙන් සලකන්න.) පසුගිය  දිනවල හෙළිදරව් වූ ජවිපෙ නායකයන්ගේ දෙබිඩිකම පිළිබඳ සංවාදයේදී අපි ද ජවිපෙ දැඩි ලෙස විවේචනය කළෙමු. දේශපාලනය එහෙම තමා ය. ඒ ඔස්සේ අප ජවිපෙට පාඩම් කීපයක් ඉගැන්වීමට උත්සාහ කළෙමු. ඒවා මෙසේ ය: ජවිපෙ සෙසු රැඩිකල් දේශපාලන කණ්ඩායම් හා ක්‍රියාධරයන් අවතක්සේරු කිරීම නො කළ යුතු ය. ජවිපෙන් ඉවත් වූ දේශපාලන බලවේගය ජවිපෙට වඩා සුවිසල් එකකි. ජවිපෙන් ඉවත් වූවන් සම්බන්ධයෙන් පැරණි ආකල්ප ජවිපෙ වෙනස් කර ගත යුතු ය. ජවිපෙ තමන් උත්තරීතර බලවේගයක් ය යන විඥානවාදී, ස්වෝත්තමවාදී ආකල්පය වෙනස් කර ගත යුතු ය. ජවිපෙ තම පක්ෂ සංස්කෘතිය ගැන නැවත සිතා බැලිය යුතු ය. ජවිපෙ තම සත්‍ය හ

හමුදා කඳවුරක් ඉදිරිපිට ගාඩ් ඩියුටි ඉන්න කොල්ලෙකුට දුන්න අවවාදයක්

Image
මේ දැන් සිදු වුණ දෙයක්. සම්පූර්ණ විස්තරේ කියන්නෙ නැත්තෙ අදාළ පුද්ගලයාට කළ යුතු අනතුරු ඇඟවීම පුරවැසියකු ලෙස මම කළ නිසායි. මම දැන් කොළඹ නගරයේ ප්‍ර‍භූ ප්‍රදේශයක ආරක්ෂක නිලධාරි නිවස්නයක් ඉදිරියෙන් පදික වේදිකාවේ ඇවිදගෙන ආවා. ඒ කාර්ය බහුල පදික වේදිකාවේ මට ඉදිරියෙන් තරුණියක් ගමන් කළා. අර හමුදා කඳවුර ඉදිරියේ මුරට සිටි සන්නද්ධ ආරක්ෂක අංශ සාමාජිකයෙක් මොකක් හෝ අවකැපෙන වචනයක් අර නාඳුනන තරුණියට කිව්වා. තරුණිය හැරී රවා බලා යන්න ගියා. එහෙම දෙයක් දෑසින් දැකලාත් අහක බලාගෙන යනවා නම් අප කරන දේශපාලනය වැඩක් නැහැ. ඒ නිසා අවදානම ගැනත් හිතලා  මං ටිකක් ආරක්ෂිත දුරකින් ඉඳන් කතා කළා. නැතිනම් අවිය උදුරගන්න හැදුවා ය කියා වෙඩි තියයි.   මම ඇහුවා, ඔයා යුනිෆෝම් එකක් ඇඳගෙන රාජකාරියක් නේද කරන්නෙ, ඇයි මේ වගේ හැසිරෙන්නෙ කියලා. ඔහු නිහඬව හිටියා. කැත වැඩ කරන්න එපා ය කියලා මම මගේ ගමන ගියා. ඔහු මට ආයුධ උරුක් කරන්නට ආවෙ නැහැ. මා කතා කළ නිසා පාරේ ගිය දෙන්නෙක් මොකක්ද සිද්ධිය කියලා ඇහුවා.  ඔහුගේ නිහඬබව වරදකාරී හැඟීමක් ලෙස පිළි ගනිමින් මම ඔහු ගැන මීට වඩා හෙළිදරව් කරන්නෙ නැහැ. නැතිනම් තවමත් ඔහු එතැන ඩියුටි. හේතුව මෙවැන

යථාර්ථය තියෙන්නේ රියලිටියට පිටින් නිනෝ

Image
වානිජ රූපවාහිනිය රියලිටි කියන වචනෙට හරි අපූරු තේරුමක් දීලා තියෙනවා. රියලිටි කියන්නෙ යථාර්ථය වුණාට රියලිටි ෂෝ එකක් කියන්නෙ යථාර්ථය ම නෙමෙයි. නිර්මානය කරපු යථාර්ථයක්. නිර්මිත යථාර්ථයක්. ඒ කියන්නෙ මෙහෙමයි. මේ සාමාන්‍ය විදියට සිංදු කියමින් හිටපු කොල්ලන්ව කෙල්ලන්ව ඒකෙදි මේකප් දාලා, සුදු කරලා, ස්ලිම් කරලා, ලස්සනට අන්දලා, උන්ගෙ අම්මලාවත් අන්දලා, අඬවලා ඒක යථාර්ථය ය කියලා අපවත් අන්දනවා. නිනෝ ලයිව් චිත්‍රපටයේ තියෙන්නෙ අමුතුම රියලිටි වැඩසටහනක්. ඒක හරි පරිකල්පනීය අතිශයෝක්තියක්. ඒකෙ නිනෝගෙ තාත්තා නෝමන් මුදල් වෙනුවෙක් නිනෝගෙ මුළු ජීවිතේ ම රියලිටි ෂෝ එකක් බවට පත් කරනවා. ඉතින් අප දකිනවා නිනෝ ජීවත් වෙනවා අර හින්දි චිත්‍රපටවල තියෙන විධියෙ සොඳුරු ලෝකෙක. උදාහරණයක් විදියට නව යොවුන් වියේ නිනෝට අපේ ළමයින්ට වගේ යුනිෆෝම් ඇඳගෙන ඉස්කෝලෙ යන, කුකුළු කූඩු වගේ ටියුෂන් පන්තිවල ඉගෙන ගන්න මළ වදේ නැහැ. එයා හින්දි චිත්‍රපටවල තියෙන කොලේජ් එකක් වගේ තැනක ලස්සනට ඉගෙන ගන්නවා. රූපවාහිනිය කියන්නෙ මෙන්න මේ වගේ නිර්මිත යථාර්ථයක් අපේ ඇහේ අතුල්ලන තැනක්. නිනෝට වගේ ම අපටත් ඒක සැබෑ ජීවිතය කියා හිතෙනවා. හැබැයි, අපේ ගෙවල් තිය

කවියක් ලිව්ව නිසා ගුරුවරයකුට දඬුවම් මාරුවක් දෙන ලැජ්ජා නැති අධ්‍යාපනය

Image
කුෂාන් ශාලික හේරත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණවේදය විෂය උගන්වන තරුණ ගුරුවරයෙක්. ෆේස්බුක් සමාජ ජාලයෙහි කවියක් ලියූ වරදට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔහු කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට දඬුවම් මාරුවකට ලක් කර තිබේ. එහෙත්, එම ගුරුවරයාට එරෙහිව කරන ලද විමර්ශනයෙන් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කර ගත නො හැකි වූ නිසා දඬුවම් මාරුව කරන්නේ සේවා අවශ්‍යතාවට ආවරණය වෙමිනි.  ඒ විකාර සහගත ස්ථාන මාරු ලිපිය පහත දැක්වේ. ඊට පෙර කුෂාන් ශාලිකගේ මෙම කවිය කියවන්න. කවියක් ලිවීම නිසා ගුරුවරයකුට ස්ථාන මාරුවක් දෙන මෙම අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වීම කෙතරම් විහිළුවක් ද? යල් පැන ගිය ආයතන සංග්‍රහ, රෙගුලාසි ආදිය නො වෙනස්ව දෘඪ ලෙස පවතිද්දී සමාජය, මාධ්‍යකරණය හා අදහස් ප්‍රකාශනයේ නිදහස නව මාන තුළට පිවිස ඇත.  මෙම යථාර්ථයන් තේරුම් ගන්නට බැරි නිලධාරීන් පිරිසක් විසින් හසුරුවනු ලබන ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන ඔබේත්, මගේත් දරුවාගේ අනාගතය කුමක් වනු ඇද්ද?  සොයුර, ඔබට දිරි පතමු.  අධ්‍යාපන බලධාරීනි, මේ ලැජ්ජා සහගත මුග්ධ ස්ථාන මාරුව අවලංගු කරන්න.  # දුය

එයාගෙ පුතා මොන මඟුල කර ගත්තත් අපට පාන් ද?

Image
මේ සතියේ රාවයට ලියූ ලිපිය මෙතැනින් කියවන්න  ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුත්‍රයාගේ විවාහය සම්බන්ධයෙන් ෆේස්බුක්හි හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් අප ද අදහස් දැක්වූයෙමු. මේ හෙළිදරව් කිරීම එක්තරා දුරකට විමල් වීරවංශගේ පවුල සම්බන්ධයෙන් පසුගිය දිනවල අනුර කුමාර දිසානායක තම සමාජ මාධ්‍ය ගෝලයන් ලවා කරන ලද හෙළිදරව් කිරීම්වල හා මඩ ගැසීම්වල ම අනෙක් පැත්තයි. අප කලක් තිස්සේ මේ තිරිසනුන්ගේ නින්දිත අවලාද අසා ඇත. එය අවසන් කරන්නට මෙය හෝ අවස්ථාවක් කර ගත යුතු යයි අපි යෝජනා කරමු. මෙය ජවිපෙට පමණක් අදාළවන කරුණක් නො වේ. මේ වනාහි සමස්තයක් ලෙස ම වාමාංශික සංස්කෘතිය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රශ්න කිරීමකි. ඔවුන් තමන් සමග සිට ඉවත් වූ විකල්ප මත ඇති, දේශපාලනය කරන අය සම්බන්ධයෙන් කටයුතු කරන සදාචාර හා මානුෂික විරෝධිත්වය ආවරණය කර ගන්නේ තමන් හා තමන්ගේ නායකයන් ඉතා සුපිරිසිදු ය කියා තොරොම්බල් කරමිනි. සමස්තයක් ලෙස ම වාමාංශිකයන් පසුගිය කාලයක් මුළුල්ලේ ම අපට මඩ ගසන්නේ අප ලියන්නේ මුදලට ය කියා ය. අප ඒ පිළිබඳ කිසි විටෙක කුපිත නො වුණෙමු. එසේම, අපගේ සමාජ දේශපාලනික මැදිහත්වීම් හා ලිවීම් නො නැවැත්වූවෙමු. පසුගිය කාලයේ අලුතින්