Posts

Showing posts from July, 2016

ඒකා බද්ධ වෛරය

Image
ඒකාබද්ධ විපක්ෂය පාද යාත්‍රාවක් ආරම්භ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය මෙන් ම පාද යාත්‍රාව ද වියුක්ත සංසිද්ධියකි. වියුක්ත යයි කියන්නේ ඒවායේ සංවිධාන ස්වරූපයේ හෝ අරමුණුවල සංයුක්තබවක් දක්නට නො ලැබෙන නිසා ය. ඒකාබද්ධ විපක්ෂය එක පැත්තකින් පැහැදිලි නායකත්වයකින් තොර එකකි. එහෙත්, එතරම් සමාජ බලයක් නැති කුඩා ජාතිවාදී කණ්ඩායම් විසින් තම පැවැත්ම හා අරමුණු වෙනුවෙන් ඇදගෙන යනු ලැබේ. උදාහරණයක් ලෙස, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බෙංගමුවේ නාලක හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ගෙවිඳු කුමාරතුංග වැනි අය විසින් නායකත්වය දෙන කුඩා කල්ලි ඒකාබද්ධ විපක්ෂය දරාගෙන සිටින ශක්තියයි. ඔවුන් ඒ වෙනුවෙන් ඇප කැප වීමට මූලික හේතුව ඔවුන්ට පැවැත්ම ඇත්තේ ද මෙම වැඩසටහනට උර දීම තුළ පමණක් වන බැවිනි. පොදු දේපල පනත යටතේ ඇප නොමැතිව බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත වීම රාජපක්ෂ පවුල පැත්තෙන් පාද යාත්‍රාවේ සංවිධාන කටයුතුවලට මැදිහත් වීම අවම කිරීමට හේතු වී ඇති බව පෙනේ. රාජපක්ෂ පවුල මුහුණ දී සිටින ප්‍ර‍ධාන අර්බුදය වන්නේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ චෝදනායි. මේ වන විට පරීක්ෂණ බොහොමයක් සෙමින් මුත් ස්ථාවර අවසානයන් කරා ළඟා වෙම

වර්තමාන වැඳිල්ලේ අජූව

Image
වැඳිල්ල අද වන විට පට්ට ජෝක් එකක් වී තිබේ. මෙහෙම ගොන් වැඳිල්ලක් සිංහල සංස්කෘතියේ තිබුණේ නැත. ඒක හැදුවේ දූ දරුවෝ වැනි ටෙලි නාට්ටිවලිනි. ඉන්පසු අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒක රුවිතෙට ඇරියේ ය. පිදීමට බඳුන් වීමට කිසිදු සුදුසුකමක් නැති, එහෙත්, අනුන් ලවා පුදවාගෙන බලවත් වීමට කැමති හාමුදුරුවන්, ගුරුවරුන් හා දේශපාලකයන් විසින් මේ වැඳිල්ල අද වන විට සමාජ පිළිකාවක් බවට පත් කර තිබේ. මේ වීඩියෝව එහි ඇති අජූව මොනවට නිරූපණය කරයි. කරුණාකර ඔබේ දරුවාගේ කොන්ද බිඳ නො දමන්න. මේ කුණු වැඳිල්ලට විරුද්ධ වන්න. අඩු තරමේ වැඳීමේ ගෞරවයවත් තබා ගන්න. මේ ට්ක කලකට ඉහත මවිසින් තබන ලද සටහනකි. අකිලගේ වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල පසුගිය ජුනි මාසයේ දිනක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අතින් සිදු වූ අත්වැරැද්දක් මෙසේ ඡායාරූපගත විය. පිරිවෙන් ආචාර්යවරුන්ට පත්වීම් ලිපි දීගෙන දීගෙන යද්දී, එක දිගට භික්ෂූන්ට දෙකට නැවී වැන්ද අකිල විරාජ් අතපසු වීමකින් ගිහි පරිවේණාචාර්යවරයකුට ද දෙකට නැවී වැන්දේ ය. එය හුදු අත්වැරැද්දක් වුව ද ජනමාධ්‍ය ඒ ඔස්සේ අධ්‍යාපන ඇමතිවරයා උපහාසයට ලක් කළේ ය. අපි අද කතා කරන්නට යන්

රාජපක්ෂලාගේ ඉරණම සංකේතවත් කරන ඉරිදා පුවත්පතේ සිද්ධිය

Image
ඩ්‍රෝන් එකෙන් බාපු පත්තරේ  පසුගිය මැයි මාසයේදී මහා සද්දයක් දමමින්, ඩ්‍රෝන්වලින් පත්තර බාමින්, වෝටර්ස් එජ්හි දැවැන්ත මගුලක් කා දියත් කරන ලද ඉරිදා පුවත්පත වසා දමා ඇති බව වාර්තා වේ.  මූලික හේතුව අන් කිසිවක් නොව, එය අලෙවි කර ගන්නට බැරි වූ දැවැන්ත සුදු අලියකු වීමයි.  ඉරිදා පුවත්පත වසා දැමීම රාජපක්ෂ කඳවුරේ දේශපාලනික ඉරණම සංකේතවත් කරන සිද්ධියකි. මහින්දව පුම්බන්නට අච්චු ගැසූ පුවත්පත මිළ දී ගන්නට පාඨකයන් නැති වීම ගැන මහින්ද නැවත කල්පනා කළ යුතු ය. ලංකා පුවත්පත කෙසේ හෝ පවත්වාගෙන යන්නට ජවිපෙ සමත්ව තිබෙන සංදර්භය තුළ ඉරිදා ජනහඬ සති කීපයකින් අභාවප්‍රාප්ත වීම දැවැන්ත පරාජයක් සලකුණු කරයි.  මා සිතන පරිදි ඉරිදා වනාහි ඉතා ම කෙටි කලකින් වසා දමන ලද ජාතික පුවත්පතයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ රාජපක්ෂලාගේ මාධ්‍ය නඩය විසිනි. එහි කර්තෘ ධුරය දැරුවේ රාජපක්ෂවරුන්ට බැලමෙහෙ කිරීමෙන් මාධ්‍යකරුවකු වූ සුදර්මන් රදලියගොඩයි. ඔහුගේ පටන් පුවත්පතේ කළමනාකරණයට සම්බන්ධ වූ බොහෝ පිරිස් වනාහි රාජපක්ෂ පාලනය සමයේ දූෂණයේ ගිලී කුණු වී සිටි අයයි.  පුවත්පත වැසෙන්නට ගිය කෙටි කාලය දෙස බලන විට දැකිය හැකි පැහැදිලි කරුණක් වන්නේ ව

මුත්තයියාගේ මුරලිදරන් සහ ශෙහාන් කරුණාතිලකගේ චයිනමන්

Image
Api Nodanna Pradeep Mathew  මුරලි ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් පුහුණු කරන එක වැරදි ය ආදී බයිලා අතර මුරලි වෙනුවෙන් ජාතිය ම නැගිට්ට කතාවක් ද කියවේ. සුසන්තිකාට තහනම් උත්තේජක චෝදනාව ආ වෙලාවේත් මේ ජාතියේ නැගිටිල්ල සිදු වුණේ ය. ජාතිය කියන්නේ මොකක් ද? මුරලි වෙනුවෙන් ජාතියේ නැගිටීම වැඩිපුර අවධාරණය කරන අතර නො කියා කියන දෙයක් වන්නේ මුරලි දෙමළ වුණත් ජාතිය ම ඔහු වෙනුවෙන් නැගිට්ට බව නො වේ ද? ඒ කියන්නේ මුරලි වෙනුවෙන් ජාතිය ම නැගිට්ටත් ඩොට්, ඩොට්, ඩොට් කතාවක් නේ ද? අමු හිංගලෙන් කිව්වොත් ඌ පිට එකා බව නේ ද? පහත දැක්වෙන්නේ 2011දී මා මුරලි ගැන තැබූ සටහනකි. (2011 මාර්තු 19, W3Lanka) තාරකාවෝ බැබළෙන්නේ තමන්ගේ ම ආලෝකයෙනි. තමන්ට කියා එළියක් නැති ග්‍රහයෝ තාරකා‍වල එළිය තමන්ගේ සේ පරාවර්තනය කරති. මුත්තයියා මුරලිදරන් තරුවකි. ඔහු ටෙස්ට් කඩුලු 800 ලබා ගත් අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික රූපවාහිනිය හරහා පැවසුවේ අලුතින් ඉදි වන පල්ලෙකැලේ ක්‍රීඩාංගනය මුරලිදරන්ගේ නමින් නම් කරන බවයි. එහෙත්, පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගනය විවෘත විය. එය මුරලිදරන් නමින් නම් කරන බව මුලින් කීව ද එසේ සිදු වූයේ නැත. මුරලිද

W3Lanka ලක්ෂ 40ක් ගත් බවට නැගෙන චෝදනාවේ ඇත්ත නැත්ත

Image
ඉස්ක්‍රා පුවත්පතේ මාධ්‍යකරුවන් මහජන මුදලින් මෝටර් සයිකල් ඉල්ලන යුගයක අපි ............   අද අපේ හිට් කවුන්ටරය පිටු කියවීම් සංඛ්‍යාව ලක්ෂ 40ක් ලෙස දක්වනු ඇත.  2009දී අපි මෙම බ්ලොගය පටන් ගත්තෙමු. බ්ලොගර් වෙබ් අඩවිය හිට් කවුන්ටරය දුන්නේ අප මෙය පටන් ගත්තාට සෑහෙන කාලයකට පසු ය. එසේම, අපි මෙම ලිපි ෆේස්බුක් හා ට්විටර් හරහා ද බෙදා හදා ගනිමු. පුවත්පත්වලත් පළ කරන්නෙමු. එහෙයින් අපගේ ලිපි කියවූ තරමක් විශාල පිරිසක් සිටින බව අපි සිතන්නෙමු. අප ලියන්නේ මුදල්වලට ය කියා ද, අපගේ අරමුණ රනිල්ට / එජාපයට / රාජ්‍ය නොවන සංවිධානවලට / කොටින්ට / බටහිරට / ඉන්දියාවට කඩේ යන එක ය කියා බොහෝ දෙනා සිය කැමැත්ත පරිදි කියති. ඉදිරියටත් තමන් කැමති දෙයක් කියා ගත්තාට අපට කමක් නැත. උවමනාවට වඩා මේ කතාව කීමෙන් එහි වලංගුභාවය නැති කර ගත්තේ චෝදනාව කරන අය ම ය.  ලෝකය පාරිභෝජනවාදයට නතු වී ඇති තරම කෙතරම් ද යත්, විකල්ප දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අයට පවා, මුදලට නොව දේශපාලන අරමුණක් වෙනුවෙන් අප මෙය කරන බව තේරුම් ගන්නට හැකියාවක් නැත. ඔවුන්ට අනුකම්පා කිරීම හැර අපට වෙන කරන්නට දෙයක් නැත.  එහෙත්, වසර 12ක පමණ කාලයක් තිස්සේ මගේ මූලික ද

ලැජ්ජා නැති මහමුදලි කිරිඇල්ල ඉල්ලා අස් වෙනු!

Image
විරැකියාවෙන් පෙළෙන අයෙකුට රැකියාවක් දීම කිසිවිටකත් දූෂණ ක්‍රියාවක්‌ නොවන බව උසස්‌ අධ්‍යාපන සහ මහා මාර්ග ඇමැති සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල ඊයේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවසූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මෙම ඇමතිවරයාට දූෂණයක් යනු කුමක් ද යන්න කියා දිය යුතු ය. රජයේ තනතුරුවලට වැටුප් ගෙවන්නේ මහජන මුදලිනි. එම නිසා රජයෙන් වැටුප් ලබන තනතුරුවලට බඳවා ගැනීමේදී පාරදෘෂ්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු ය. මහාමාර්ග අමාත්‍යංශයට උපදේශකවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බවට ප්‍රසිද්ධ මාධ්‍යයකින් දැනුම් දුන්නේ නැත. අමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡාවේදී අඩු තරමේ බඳවා ගත් පිරිසට මහාමාර්ග කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දීමට තිබෙන සුදුසුකම් හෝ හෙළි කළ බවක් දක්නට නො ලැබේ. 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මේ දක්‌වා බලයට පත්වූ සෑම ආණ්‌ඩුවක්‌ම රැකියා නැති අයට රැකියා ලබාදුන් බව සිහිපත් කළ හෙතෙම නීත්‍යනුකූල පදනමකින් රැකියා ලබාදී තිබේ නම් එහි ඇති වරද කුමක්‌ දැයි ප්‍රශ්න කර තිබේ. මෙම පත්වීම් දුන් ආකාරය නීත්‍යානුකූල නැතුවා පමණක් නොව, මීට පෙර පැවති ආණ්ඩු කළ ආකාරයට ම දූෂණ ක්‍රියාවල යෙදෙ

අපි නො දන්න ඒලියන්ල

Image
අසූ තුනේ කළු ජුලියෙදි දෙමළුන් හට ගල් ගැහුවේ එකම එකම සිංහලයයි ඒකගෙ නම නිර්මාල් ය අනෙක් එවුන් සියලු දෙනා දෙමළුන් බේරා ගත්තා බේරා බේරා බේරා  බේරෙ වගේ මනුස්සකම අසූ තුනේ කළු ජූලිය සිංහලුන්ගෙ මනුස්සකම උතුරා ගැලු සමයක් විය ඔය කියන්නෙ කවියො එහෙම බේරී බේරී බේරී දෙමළු මළා ලේ බේරී ආසාවෙන් අපි බැලුවා ගිනි කෙළි සිරි - සිරි සිරි සිරි අපි නම් නෑ දෙමළු මැරුවෙ අපි බේරා ගත්ත උන්ව උන්ව මැරුවෙ ඒලියන්ල ඒලියන්ල ඒලියන්ල කඩ කැඩුවේ ඒලියන්ල ගිනි තිබ්බේ ඒලියන්ල ඔක්කොම කළෙ ඒලියන්ල අපි නො දන්න ඒලියන්ල පැරකුම් ජයසිංහ 2016-07-25 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කර

දෙමළාට ඇති ප්‍ර‍ශ්නය කොච්චර උත්තර දුන්නත් ප්‍ර‍ශ්නය කුමක්දැයි නැවත නැවත ඇසීමයි

Image
දෙමළ ජනයාට ඇති ප්‍ර‍ශ්නය ගැන උපුල් කුමාරප්පෙරුම රාවයට ලියන ලද ලිපියක් හා සම්බන්ධව සමාජ මාධ්‍ය සංවාදයකදී නැවත වතාවක් දෙමළාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද යන ප්‍ර‍ශ්නය නඟා තිබිණි. එතැන මම මෙවැනි පිළිතුරක් දුන්නෙමි. “ලංකාවේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය ඉතා සරළ ය. එනම්, කොයි තරම් පැහැදිලි කර දුන්නත්, ඒ පැහැදිලි කිරීම් නො තකා හැර, අලුත් වටයකින් නැවත දෙමළාට ඇති ප්‍රශ්නය කුමක්දැයි ඇසීමයි. උදාහරණයක් ලෙස, නිර්මාල් රංජිත් මේ ගැන පැහැදිලි කරමින් පොතක් ම ලියුවේ ය. දැන් ඔබ මේ ප්‍රශ්නය නිර්මාල්ගෙන් අසන්නේ නැතිව උපුල් කුමාරප්පෙරුමගෙන් අසයි. මෙය ඇත්තෙන් ම දෙමළාගේ ප්‍රශ්නයක් නොව සිංහලයාගේ ප්‍රශ්නයකි." මගේ මිතුරෙක් එයට එකතු කිරීමක් කරමින් එය සිංහල බෞද්ධයාගේ ප්‍ර‍ශ්නයක් බව කීවේ ය. සිංහල ජාතිවාදී පදනමින් මෙම ප්‍ර‍ශ්නය මතු කරන අය බොහෝ විට කියන්නේ වාමාංශිකයන්ට එයට පිළිතුරක් නැති බවයි. මෙයට මගේ පිළිතුර කිසිවෙක් මගෙන් අසා නැත. ඇසුවා නම් මා දෙන පිළිතුර මෙසේ ය: මා ජීවත් වන මතුගම ප්‍රදේශයේ දෙමළ කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුප සිංහල කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුපට වඩා අඩු ය. එහෙත්, බොහෝ විට වෙහෙසකර ව

කිරිඇල්ලගේ ..............

Image
2015 ජනවාරි 8දා ජනාධිපතිවරණයෙන් අප මහින්ද රාජපක්ෂ ගෙදර යැව්වේ තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු බලයට පත් කර ගැනීමට නො වේ. අප විරෝධය සලකුණු කළේ පුද්ගලයකුට, පවුලකට වඩා ක්‍ර‍මයකටයි. ඒ ක්‍ර‍මය තුළ සිදු වූ දේ එපරිද්දෙන් ම නව ක්‍ර‍මය තුළත් සිදු වනවා නම් එය බරපතල තත්වයකි. උදාහරණයකින් විමසමු. ලාල් කුලරත්න නළුවෙක් හා ගුරුවරයෙකි. පසුව දේශපාලනයට පිවිසි ඔහු විමල් වීරවංශ පාක්ෂිකයෙකි. ඔහුට ඉංජිනේරු සංස්ථාවේ ණය අංශයේ විශේෂ තනතුරක් දරන්නට ඇති සුදුසුකම් මොනවාදැයි අපි නො දනිමු. සමහර විට එහි සේවකයන් පිනවන්නට අර බට්ටි ටෙලි නාට්ටියේ කළ රිලා නැටුම වැනි මොකක් හෝ කරන්නට ඇත. ඒක ප්‍ර‍ශ්නයක් නැත. එහෙත්, ඔහු මෙසේ ද කළේ ය. ඔහුගේ බිරිඳගේ නමින් වාහනයක් මිළ දී ගෙන එය ඉංජිනේරු සංස්ථාවට කුලියට දී ඉන් පසු එම වාහනය ඔහුගේ නිල වාහනය ලෙස පාවිච්චි කළේ ය. එහි ඉන්ධන හා කුලිය ලෙස රුපියල් ලක්ෂ 28ක් ලබාගෙන තිබේ. විමල් වීරවංශලා කළ ජාවාරම්වල හැටියට මෙය ඉතා කුඩා එකකි. මේ වනාහි කලක් රටේ සමාජවාදී විප්ලවය කරන්නට ගිය අය ය. එහෙත්, අමාත්‍යාංශයක් ලැබුණු සැණින් මේ බඩගිනිකාරයන් කළේ පවුල් පිටින් වල ඉහ ගැනීමයි. විමල්ගේ ගෝලබාලයින් බොහෝ දෙනෙක

බදු නොගසන, සියල්ල නිකම් දෙන සුරංගනාවන්ගේ ආණ්ඩුවක් වහා පිහිටුවනු!

Image
වැට් බද්ද වැඩි කිරීමට නො හැකි වූ නිසා ආණ්ඩුව දැන් තෙල් මිළ රුපියල් දහයකින් වැඩි කිරීමට සැරසෙන බව දිනේෂ් ගුණවර්ධන පවසයි. ගාමිනී ලොකුගේ කියන්නේ තමන් වැට් බද්ද ෆ්ලැට් කළ බවයි. වැට් බද්දට එරෙහිව නඩු කී වීරවංශ කතා කරන්නේ මාර උජාරුවෙනි.  මේ ආණ්ඩුව ද නාස්ති කරයි. දූෂණයේ ද යෙදෙයි. ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායකගේ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිලි කුලිය එවැනි එක් සිද්ධියක් පමණි. එහෙත්, අද වන විට අඩු තරමේ දූෂණය දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ පිළිගත් ආදායම් මාර්ගයක් ලෙස නො සැලකෙන තත්වයක් හෝ නිර්මානය කර ගැනීමට මේ රටේ ජනතාව සමත් වී තිබේ. එය කෙතරම් විශාල ජයග්‍රහණයක් ද යන්න පැහැදිලි වන්නේ මහජන මුදල් සොරකම් කිරීම හා නාස්ති කිරීම නිසා හිරේ ගිය නාමල්ලා, බැසිල්ලා පෙන්නන උජාරුව නිසා ය. දුමින්දලා ඇතුළු මේ ආණ්ඩුවේ කට්ටියට එරෙහිව ද විමර්ශන සිදු විය යුතු ය. විපක්ෂය උද්ඝෝෂණ කළ යුත්තේ තමන්ගේ සොරකම් පිළිබඳ පරීක්ෂණ නො කරන්නට ය කියා නොව, ආණ්ඩුවේ සොරුන්ට එරෙහිව විමර්ශන නො කෙරෙන්නේ ඇයි ද කියා ය.  එහෙත්, විපක්ෂය ආණ්ඩුවේ දූෂණ පිළිබඳ කිසිදු ශක්තිමත් හඬක් නගන්නේ නැත. ඔවුන් උත්සාහ ගන්නේ තමන්ගේ දූෂණ විමර්ශනය වන එක වළක

ජාතිවාදී රිලවුන්ගේ ගිනි ගත් වලිග කොන් කැපීම

Image
මොවුන් සිංහල ද දෙමළ ද කියා මම නො දනිමි. එය හඳුනාගන්නට සාධක කිසිවක් ඔවුන්ගේ ශරීරවල නැත. එහෙත්, ඔවුන් මෘගයන් බව හඳුනා ගැනීම නම් ඉතා පහසු ය.   යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් කවුරු රෙදි හෝදන්නට හැදුවත් එහි ඇත්තේ ජාතිවාදය බව සඟවන්නට බැරි ය. එය වනාහි ලංකාව සමස්තයක් ලෙස ගත් විට සුළුතර වන දෙමළ ජාතිවාදය, තමන් බහුතරය වන උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී හැමදාමත් හැසිරුණ විධියයි.  මුස්ලිම් සුළුතරය ඉදිරියේ දෙමළ ජාතිවාදය ඉතිහාසයක් පුරා මෙසේ කටයුතු කර තිබේ. එය කෙතරම් තිරශ්චීන වූවා ද යත්, උතුරු නැගෙනහිර පළාත්වල මුස්ලිම් වාර්ගික ශුද්ධියක් ද කොටි සංවිධානයේ නායකත්වයෙන්, දෙමළ ජාතිවාදීන්ගේ ආශිර්වාදයෙන් සිදු විය.  ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන්ගේ පශ්චාත්තාපයක් නැතිකම ඔවුන් ප්‍රදර්ශනය කළේ අවසන් ඊලාම් යුද්ධයේ ආරම්භය මූතූර් වෙත ගෙන යාමෙනි. අවසන් ඊලාම් යුද්ධයේදී කොටි සංවිධානය හමුදාවට මුල් වෙඩිමුරය තැබීමට තෝරා ගත්තේ මූතූර් මුස්ලිම් ජනතාවගේ ඔලුවලට උඩිනි. සිංහල ජනතාව හමුවේ දෙමළ ජාතිවාදය යම් විනයගත වීමක් සිදු වුණා නම් එසේ වුණේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිංහලයන් ද දෙමළ ජාතිවාදය හා සමාන කෘර ජාතිවාදයකි

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අණ දුන්නේ කවුරු ද?

Image
යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ වරදකරු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි මාසයේදී මහමගදී කෘර ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. එය මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති බව ද, ඇතැම් හිටපු බලධාරීන් කලබලයට පත් වී ඇති බව ද දක්නට ලැබේ. දේශපාලන හා හමුදා ලොක්කන් වෙනුවෙන් නීති ඉක්මවා සේවය කරන්නට යන නිලධාරීන් අමාරුවේ වැටීම සුලබ තත්වයකි. ඇතැම් ඝාතන සම්බන්ධයෙන් ප්‍රමාද වී හෝ නීතිය ක්‍රියාත්මක වීම වළක්වන්නට අපරාධකරුවන්ට බැරි වී තිබේ. මහින්ද රාජපක්ෂගේ අඳුරු දශකයේ අපරාධවල සුලමුල දැන් එකින් එක හෙළිදරව් වෙමින් තිබේ. එහෙත්, ඒවා හෙළිදරව් කිරීමටත්, වගඋත්තරකරුවන්ට දඬුවම් පැමිණවීමටත්, නැවත එවැනි සිදුවීම් සිදු නොවන තත්වයක් ඇති කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කිරීමට දැඩි දේශපාලනික අධිෂ්ඨානයක් ආණ්ඩුවට තිබෙන බවක් නො පෙනේ. එහෙත්, දේශපාලකයන් වෙනුවෙන් අපරාධවල යෙදුණු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්

වාමාංශික පිරිමින් නවකතාවෙන් විච්ඡේදනය කිරීම

Image
මං ඔය එන එන පිළිවෙලට පොත් කියවන කෙනෙක් නෙමෙයි. ඒත් මං කියවන්න හිතාගෙන හිටපු පොත් කීපයක් පසුගිය දිනවල මං කියෙව්වා. මහින්ද කුමාර සෙනරත් පරිවර්තනය කරපු මිහයිල් ෂෝලහොව්ගෙ 'දොන් නදිය නිසලව ගලා බසී' පොත් හතරයි, පී.බී. ජයසේකරගේ 'මරියා සිලොනිකා වස්තුව'යි, සුරේඛා සමරසේනගේ 'මේ කතාව'යි තමයි ඒ පොත්. ඕවා කියවන අතරෙ තව, තව එව්වාත් කියෙව්වා. ඒ වුණාට යමක් ලියන්න ඕනැ ය කියලා හිතෙන්නේ මේ පොත් ගැනයි. මේ කතා තුනම කතා කරන්නේ එක ම දෙයක් පිළිබඳව. ඒ තමයි, මාක්ස්වාදී ආගමික දේශපාලනය. කවුරුවත් ඒක ආගමක් ය කියලා ඍජුව කියන්නෙ නැති වුණාට ඒක ආගමක් වගේ ජරාවක් ය කියන එක මේ හැමෝ ම අඩු වැඩි වශයෙන් පෙන්වා දෙනවා. ෂෝලහොව් ලියන්නේ මාක්ස් ලෙනින්වාදී ආගම ව්‍යාප්ත වීම ආරම්භ වූ 1917 අවට කාලය තුළ සෝවියට් දේශයේ රතු පාට කුරුස යුද්ධ නිසා දොන් නදීබඩ කොසාක්වරුන්ගේ ජීවිතයට එයින් කරපු බලපෑම හෙවත් විනාශය ගැනයි. ස්වයං පෝෂිත ගොවි සමාජයක මිනිස්සු තමන්ට අදාළ නැති කම්කරු විප්ලවයක් එක්ක කරන අරගලය ගැන අතිශය ගැඹුරු සාහිත්‍යමය විග්‍රහයක් එහි අඩංගු වෙනවා. එය පරිවර්තනය කිරීම මහින්ද කරපු ලොකු වැඩක්. පී.බී. ජයසේකර මූලි

තීරු බදු රහිත වාහන ජාවාරම තලතා අතුකෝරළගේ සිට සමන්ත විද්‍යාරත්න දක්වා

Image
අපි මෙහෙමයි වැඩට යන්නෙ  විදේශ රැකියා ඇමතිනියගේ වාහනයක් සම්බන්ධ වැදගත් ප්‍රශ්නයක් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් මතු කර තිබේ. ඔහු පවසන්නේ ඇමතිනිය සිය අමාත්‍යාංශයට වාහනයක් ආනයනය කර ඇති බවයි.  එහෙත් ඒ පිළිබඳ පැහැදිලි කරන ඇමතිනී තලතා අතුකෝරළ වැදගත් කරුණු කීපයක් හෙළිදරව් කරයි. ඇය පවසන්නේ ඒ වනාහි තීරු බදු රහිතව තමා විසින් ආනයනය කර ගන්නා ලද වාහනයක් බවයි.  මෙම වරප්‍රසාදය වසර 30ක පමණ කාලයක් තිස්සේ ඇති බව ද, එමගින් මන්ත්‍රීවරයකුට වසර පහකට වරක් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කර ගත හැකි බව ද ඇය පෙන්වා දෙයි. ඇගේ සොයුරා වන ගාමිනී අතුකෝරළ මන්ත්‍රීවරයකු ලෙස එසේ වාහන තුනක් ආනයනය කර ඇති බව ද, ඇය ද එසේ වාහන තුනක් ආනයනය කර තිබෙන බව ද ඒවා ගෙදර ඇති බව ද ඇය පවසයි.  ගාමිනී අතුකෝරළගේ වාහන පැත්තකින් තියමු. මෙම ඇමතිනියට ගෙදර වාහන තුනක් තිබේ. ඊට අමතරව අමාත්‍යාංශයේ ද වාහන ඇත. අපට තිබෙන ප්‍රශ්නය මෙයයි. මෙච්චර වාහනවලින් දුවමින් කළ වැඩ කෝ? විදේශ රැකියාවල නියුක්ත වන ලාංකිකයන්ට පසුගිය කාලයේ මෙම අමාත්‍යාංශය විසින් කර ඇති කැපී පෙනෙන සේවා මොනවා ද?  අනෙක් කාරණය වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්

සිරිපාල ගෙදර පල!

Image
නිමල් සිරිපාලත් ඔන්න වැඩක් කරලා.  බස් ගාස්තුව සීයට හයකින් මෙව්ව කරලා. ඒ කියන්නේ තට්ටු කරන ගාස්තුව රුපියලකින් විතර බස්සලා.  ඇත්තම කියනවා නම් මෙතන වෙලා තියෙන්නේ බස් ගාස්තුව අඩු වීමක්. ඉස්සර අවම ගාස්තුව රුපියල් අටනෙ. ඉතින් රුපියල් දහයක් දුන්නා ම කොන්දොස්තර රුපියල් දෙකකට තට්ටු කරනවා. දැන් අවම ගාස්තුව රුපියල් නමයනේ. එතකොට කොන්දොස්තර තට්ටු කරන්නේ එක සුපියලටයි.  මං සාමාන්‍යයෙන් දිනපතා ගමන් බිමන් යන්නෙ අඩු ගානෙ ලක්ෂ පනහක් හැටක්වත් වටින වාහනේකින් විතරයි. ඒ කියන්නේ බස්වල හා කෝච්චිවල. මං නං ඔය සුපියලවල් දෙකවල් පඩේකට ගණන් ගන්නෙ නැහැ. ඕවා පර්ස් එකේ දාගත්තා ම ඒක ඉරෙන්න බලනවා. සාක්කුවේ දාගත්තා ම ඒක සිලිං බිලිං ගානවා. හිඟන්නෙකුට දුන්නොත් ඌ රවනවා. ඒ නිසා කොන්දොස්තරලා ඒක තියාගන්න එක ගැන මං සතුටුයි. ඔය කොන්දොස්තර මල්ලිලා රුපියලට දෙකට මාටියා ගහන අය ය කියලා පොදුවේ කිව්වට උන් ඇත්ත වශයෙන් ම අනෙක් පැත්තටත් ඔය වගේ කරනවා. ඒ කියන්නේ වැඩි පැත්තට විතරක් නෙමෙයි අඩු පැත්තටත් ගාන රවුම් කරන අවස්ථා ඕනැ තරම් තියෙනවා.   හුඟක් අය හිතන්නේ ඔය වගේ රුපියලේ දෙකේ හොරකම් කරන්නෙ බස් කොන්දොස්තරලා විතරයි කියලා. ඒ වුණාට සු