දුර බලනු! ළඟ නො බලනු! ETCA ඉදිරියට ගෙන යනු!

කෝටා ක්‍ර‍මය අවසන් වුණා ය කියා ඇඟලුම් කර්මාන්තය බිඳ වැටුණේ නැත.
මම මූලධාර්මිකව ETCA ගිවිසුමට පක්ෂ ය. හේතුව මම කලින් ද කීවෙමි. මම ආර්ථික ජාතිවාදයට විරුද්ධ ය. ලෝකය ආර්ථික වශයෙන් වැඩි වැඩියෙන් සම්බන්ධ වීමට මම පක්ෂ ය. එය ප්‍රාග්ධනය තලයේ මෙන් ම ශ්‍ර‍ම තලයේ ද සිදු විය යුතු ය. 

ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට ඇති බාධා අවම ය. ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් එයට පහසුකම් සලසයි. රටට ආයෝජකයන්ගේ පැමිණීම මහත් උනන්දුවෙන් අපේක්ෂා කරනු ලැබේ. කිසිවෙක් එයට විරෝධය පළ කරන්නේ නැත. 


ETCAට විරුද්ධ වන අය මූලිකව ම විරුද්ධ වන්නේ ශ්‍ර‍මයේ නිදහස් සංචලනයටයි. නැතිනම්, ශ්‍ර‍මිකයන්ට ශ්‍ර‍ම වෙළඳපොළ අවශ්‍යතාවන් අනුව නිදහසේ සංචලනය වීම සඳහා ලැබිය යුතු නිදහසටයි. 

එසේම, වෙළඳපොළ විවෘත කිරීමට ද ඔවුහු විරුද්ධ ය. පුදුමය කියන්නේ ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කර පාලමක් දමනවාට පවා විරුද්ධ ය. ලංකාව ලෝක අන්තර්ජාලයත් සමග සම්බන්ධ කරන ජාත්‍යන්තර කේබල්වලට හා චන්ද්‍රිකා හරහා කෙරෙන සන්නිවේදනයටත් මොවුන් විරුද්ධ ද?

ශ්‍රී ලංකාවේ නූතන රාජ්‍යය තීරණාත්මක ලෙස ආර්ථිකය විවෘත කළේ 1977දී ය. ඒ කාලයේදී ද බොහෝ දෙනෙක් එයට විරුද්ධ වූ හ. එහෙත්, 1977න් පසු ශ්‍රී ලංකාව ලබා තිබෙන සමාජ, ආර්ථික සංවර්ධනය හා විවෘත ආර්ථිකය එකිනෙකින් වෙන් කළ නො හැකි ය. 

ශ්‍රී ලංකාවට ආර්ථිකය විවෘත කරන්නට සිදු වූයේ සමාජවාදයේ නමින් පවත්වාගෙන ගිය ස්වයංපෝෂීභාවය ඉලක්ක කළ ජාතිකවාදී සංවෘත ආර්ථිකය විසින් ලංකාව දරුණු අර්බුදයකට ඇද දමා තිබුණු නිසා ය. 

මහින්ද රාජපක්ෂගේ දශකයෙන් පසුව ද ලංකාව සිටින්නේ එවැනි තීරණාත්මක සන්ධිස්ථානයක ය. දැවැන්ත රාජ්‍ය අංශයක හා රාජ්‍ය ණය උගුලක ලංකාව හිර වී තිබේ. රැඩිකල් ක්‍රියාමාර්ග නො ගෙන මේ අර්බුදයෙන් ගොඩ ආ නො හැකි ය.

ETCA ගිවිසුම ඔස්සේ පවත්නා තත්වයන්ට සෑහෙන බලපෑමක් ඇති වන බව ඇත්තකි. උදාහරණයක් ලෙස, ලංකාවට වෛද්‍යවරු පැමිණියහොත්, දේශීය වෛද්‍යවරුන්ට හා හොර වෙදුන්ට මේ තරම් පහසුවෙන් රෝගීන් සූරා කන්නට බැරි වනු ඇත. හැබැයි, වෛද්‍ය සේවාවවන්ගේ ගුණාත්මක තත්වය අනිවාර්යයෙන් ම පිරිහෙනු ඇතැයි කිව නො හැකි ය. රජයට ඒවා නියාමනය කරන්නට පුළුවන. හැබැයි කුමන නියාමනයකින්වත් වම, දකුණ මාරු කර ගැනීම වැනි නොසැලිකිලිමත්කම් නැති කළ නො හැකි ය. ඒ සඳහා වෘත්තිකයන් වගකීම් සහගත පුරවැසියන් විය යුතු ය.

මා මේ දක්වන ලද උදාහරණය උපහාසාත්මක වැඩි නම් ඔබට වෙනත් උදාහරණ දැක්විය හැකි ය. ඒවා එසේ නො වේ යයි කියන්නට මට අවශ්‍යතාවක් නැත. 

මා කියන්නේ මෙයයි. රටක් ලෙස ඉදිරියට යාමට නම් අපට අනිවාර්යයෙන් ම ලෝක ආර්ථිකයත් සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට සිදු වනු ඇත. අපට එහිදී ඉන්දියාව කිසි සේත්ම මගහැරිය නො හැකි ය. අපට බාහිර ලෝකයේ ආරම්භය ඇත්තේ ඉන්දියාවෙන් ය. 

අප විසින් කළ යුතුව තිබෙන්නේ ETCA ගිවිසුමට එරෙහි වීම නො ව, ඇති වන වෙනස්කම්වලට හැඩගැසීමේ මූලෝපායන් පිළිබඳ විධිමත්ව අධ්‍යයනය කිරීමයි. 

ලංකාවට ඒ සඳහා අවශ්‍ය ප්‍ර‍ත්‍යාස්ථිතිය තිබේ. ඒ සඳහා හොඳම උදාහරණයක් ඇඟලුම් කර්මාන්තයෙන් සපයා ගත හැකි ය. කෝටා ක්‍ර‍මය අහෝසි කිරීමෙන් පසු ඇත්තෙන් ම ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ගුණාත්මක වර්ධනයක් සිදු විය. කෝටාවට ලාභ ඇඳුම් මහනවා වෙනුවට වෙළඳ නාම වෙනුවෙන් ගුණාත්මක අතින් ඉහළ ඇඳුම් මහන්නට ලංකාව සමත් විය. ඇතැම් කර්මාන්ත ශාලා කඩා වැටුණු බව ඇත්තකි. එහෙත්, සමස්තයක් ලෙස කර්මාන්තය ගුණාත්මක වශයෙන් ඉහළ ගියේ ය. ඒ කර්මාන්තයේ නියැලි ජනතාවගේ අප්‍ර‍තිහත ධෛර්යය නිසා ය. 

ETCA සම්බන්ධයෙන් ද කියන්න තිබෙන්නේ ඒ ටික ම ය. ජාතිවාදී, දේශපාලනික හා පෞද්ගලික අරමුණු සහිතව පෙළපාලි යන අසුබවාදීන් කුමක් කිව්වත් මේ රටේ ජනතාවට ඔය තත්වයන්ට හැඩගැසෙන්නට අවශ්‍ය ප්‍ර‍ත්‍යස්ථතාව තිබේ.

මෙම ලිපිත් කියවන්න: 
අප ඉන්දියාව සමග එක්ව යා යුත්තේ ඇයි? 
ඉන්දියාව සමග නිදහස් ආර්ථික හා තාක්ෂණික ගිවිසුම ඉදිරියට ගෙන යනු!. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. puka thami.. gedara yanna lasthi wenu lokka samaga

    ReplyDelete
  2. ආර්තික ජාතිවාදයද ඉන්දියානු ව්‍යාප්ත වාදියද කියල තේරෙන කොට පෙරහැර ගිහිල්ල ඉවරවෙයි

    ReplyDelete
    Replies
    1. JVP අසනීපය,වෛරස් රෝගයකි.

      Delete
  3. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර, ආණ්ඩුව මෙම ගිවිසුමට මෙරට ජනයා කැමතිද නැද්ද යන්න සොයා බැලීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි මම යෝජනා කළොත්, අජිත් පැරකුම් ජයසිංහ මහතා එම යෝජනාවට පක්ෂ වෙනවා ද, එම යෝජනාවට එරෙහි වෙනවාද, එම යෝජනාව නොතකා හරිනවාද?

    ReplyDelete
    Replies
    1. ජනමත විමසුමක් හමුවේ එයට පක්ෂ හා විපක්ෂ බලවේග කෙසේ හැසිරේවි ද? එම හැසිරීම් රටේ අනාගතයට කෙතරම් සුබ දායක විය හැකිද?

      Delete
    2. ජනමත විමසුමකදී ජනතාව හැසිරෙන්නේ රටේ අනාගතය ට සුභදායක විදියටයි. ජනතාවට තම අනාගතය ගැන කැක්කුමක් ඇති නිසා ඔවුන් ජනමත විමසුමක දී රටේ අනාගතය අනතුරේ හෙලන්නේ නැත.

      Delete
    3. අපේ රටෙි ජනතාව මෙචිචරකල් කරල තියන්නෙ මොලෙන් චන්දෙ දීමද?1982 මතකද?දැනුත් රටට කෙළවෙලා නැත් ද?ජනමතය.....?





      Delete
  4. මෙම සංවාදය ඉදිරියට ගෙන යෑම ගැන තුති. මගේ අදහස්: https://www.facebook.com/notes/rohan-samarajiva/%E0%B6%B8%E0%B7%93%E0%B6%A7-%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B6%B8-%E0%B6%9A%E0%B6%BD-%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80/952079771535730

    ReplyDelete
    Replies
    1. රොහාන් සමරජීව මහත්තයෝ,

      ඔය කියන ගිවිසුම අපේ දැනගැනීම පිණිස ඉදිරිපත් කලානම්,
      ඔච්චර වාසිසහගත ගිවිසුම ගන්ගගන මොකද්ද කරන්නේ?

      තමුන්නාන්සේලා ඔච්චර ප්‍රතිලාබ ඔය ගිවිසුමේ තියනවානම් අනේ කරුනාකර ඒ පතිලාබ එකින් එක කිව්වනම්, 1998 සිට ගහපු ප්‍රතිලාබ ගැන කිව්වනම්.

      ඔබතුමන්ලා මාර්කටින් පැත්ත හරි දුර්වලයි නේ

      Delete
    2. එයා අද ආයේ මෙහේ එන්නේ නෑ, අපිටත් ඒ පැත්තේ ඇවිත් යන්නය කියල යනිං ගමන් ආරාධනාවක් කරනි ගිහින්.

      Delete
    3. ඇණයා,

      කියනකොටනම් //මෙම සංවාදය ඉදිරියට ගෙන යෑම ගැන තුති. මගේ අදහස්//
      හැබැයි ඔහුගේ facebook පිටුවේ අදහස් දක්වන්න බෑ.

      මුන්දල මහාච්ර්යව්රු උනාට මහලොකුවට සංවාද ගැන කතාකලාට අන්තිමට රටටම සංවාස කරලා තමයි යන්නේ

      Delete
    4. lankika sithuwili කියන උද්දච්ච මෝඩය හිතාගෙන ඉන්න ඌ ලංකාවෙ ජනාධිපති කියල වගේ... ඌ කියන වෙලාවට රටේ ඔක්කොම නවත්තල ගිවිසුම මුන්දැ ලගට ගෙනත් දෙන්න ඔනෙ... ගිවිසුම වෙලාවට ජනතාව හමුවෙ තියයි... දැන් ඔය රනිල් විරෝදී, ඇමරිකා විරෝදී බොලොග්ගයක් ලියාගෙන පවුනොදී හිටහන්

      Delete
    5. http://archives.dailynews.lk/2004/10/22/pol01.html

      Delete
  5. වෙලඳ ගිවිසුම්, නිදහස් සංචරණ ගිවිසුම් රටක සංවර්ධනයට අවශ‍ය බව පිළිගනිමි. නුමුත් යොජිත ගිවිසුම පිළිබඳ ඇති ලොකුම ගැටලුව එහි ඇති සැක සහිත බවයි. මෙය ඉන්දියාව බලහත්කාරයෙන් අප කරමත හෙලන්නක් බව බොහෝ දෙනාගේ අදහසයි. අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ හැසිරීම එම සැකය දුරලීම වෙනුවට එය උත්සන්න කෙරීමට හේතු වී තිබේ.
    මීට පෙර ඇතිකර ගත් ගිවිසුමේ ඇති අවාසි සහගත් තත්ත්වය දැක දැකම, තවත් එවැනි ගිවිසුමකට යාම නුවනට හුරු නැතිබව බොහෝ දෙනාගේ අදහසයි. මෙම ගැටලු වලට ගිවිසුමට පක්ෂ පාර්ශව වලින් කිසිදු පිළිගත් හැකි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නැති තත්ත්වයක් තුල පැරා කියන ආකාරයට සුබවාදීව බැලීම අසීරුය. ආණ්ඩුව කොලේ වහලා ගහන්නේ නම් ප්‍රතිවාදියාත් ඊට ගැලපෙන ලෙස සෙල්ලම් කරනු ඇත.

    ReplyDelete
  6. මේක ලියපු එකා ඉස්කෝලෙට වැස්සකටවත් ගිය එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ කුලියට ලියන්නෙක්.

      මේ ගොල්ලන්ට මේ වගේ ව්‍යාපෘති ගණනාවක් මේ දවස් වල ලැබිලා තියෙනවා.

      එට්කා එකට සහාය දෙන්න.
      අයවැයට ප්‍රශංසා කරන්න.
      විදුලි අර්බුදෙන් ආණ්ඩුව ගලවා ගන්න.
      බුද්ධි අංශ නිළධාරීන් හිරේ දාන්න.

      වගේ වැඩ ගොඩාක් මේ ගොල්ලන්ට කරන්න බාරදීලා තියෙනවා. නමුත් විශ්ලේෂණ හැකියාව, න්‍යායික දැනුම, නිර්මාණශීලීත්වය, ආදිය අතින් දුප්පත් නිසා සමාජයට බලපෑමක් කරන්න අපොහොසත්. ඊයෙ දවසේ මෙයා What is Democracy කියන එක Google වල search කරලා Google server එකක් කැඩිලයි කියලා ආරංචියි.

      Delete
  7. පැරා,

    //මම මූලධාර්මිකව ECTA ගිවිසුමට පක්ෂ ය. හේතුව මම කලින් ද කීවෙමි. මම ආර්ථික ජාතිවාදයට විරුද්ධ ය.//

    "මහජනයාට කියවිය හැකි ලෙස ප්‍රසිද්ධ කර නැති ගිවිසුමකට ඔබ පක්‍ෂ වෙන්නේ කෙසේද ?"

    අද වනවිට ඉන්දියාව සහ ලංකාව අතර සිදුවෙන වෙලදාමේදී 1998 ගිවිසුමට අනුව ශ්‍රී ලාංකිකයන් තේ අපනයනය කිරීමේදී ඉන්දියාව තුල අදාළ භාණ්ඩ වෙළදපොලට පැමිණීමට ඉන්දියානු රාජ්‍ය තන්ත්‍රය දක්වන ප්‍රතිරෝදය වැලක් විය නොහැකිව තව අලුත් ගිවිසුම් ගැන කවර කතාද ?

    මේ ගිවිසුම ක්‍රියාත්මක වෙතොත් වෙන්නේ ශ්‍රී ලංකික අපනයන වලට සියලු බාදා ඉන්දියාවෙන් පැනවෙන අතර ශ්‍රී ලංකාවට කරන ආනයන කිසිදු අපහසුවකින් තොරව ඉන්දියාවට කිරීමට අවසර ලැබීමයි.

    ඔබ සාහිත්‍යට කෑමතිනිසා කුමාරතුංග මුනිදාස මහතාගේ හතර රියන් සහ දෙරියන් කතාව සොයා කියවන්න හැට පැන්නත් ඔබටත් මේ ගිවිසුම් ගසන අයටත් ඉහ්ගනගනිමට බොහෝදෙ තිබේ.

    අනෙක් අතට පැරා යමක් විකුණන කොට ඔහොමද විකුනන්නේ ? ඉස්සල්ල පෙන්වාදෙන්න කෝ අපට ඉන්දියාව සමග ගිවිසුම් ගැහුවහම අහවල් භාණ්ඩය විකුණා මෙපමණ මුදලක් ලබියහැකියි අදිවශයෙන් පුරෝකතනයක්වත් රනිල් තුමටා කරන්න බැරිද ? යකෝ හිගන්නත් දානවනේ තමන්ගේ දුක කියල මාර්කටින් කරන්න මෙච්චර දුර්වලද යහපාලනය ?

    ReplyDelete
    Replies
    1. ඕක අර ඔහේල වගේ ගොබ්බ යූඑන්පී විරෝදියන්ට 80 දශකයේ කොටල පොවාපු ගොන් ඉන්දියානු විරෝදයේ රෝග ලක්ෂන... රාජ්‍ය ප්‍රථිපත්ති හදන්නෙ ඔහේට වඩා උගත් මිනිස්සු.. ඔහේගෙ යූඑන්පී විරෝදී/ රනිල් විරෝදී/ ඉන්දියා විරෝදී/ බටහිර විරෝදී චූන් වලට ආතල් දෙන රටේ ප්‍රතිපත්ති හදන්නෑ.. ඔය 'ලාංකික සිතුවිලි' ටික කොලේක ලියල, තුනියට රෝල් කරල උනුවතුරෙන් පොගවල ගුද මාර්ගයට ඇතුල්කර ගන්න.. නැතිනම් ඔහේට 2030 වෙනකම් ආන්ඩුවට බැනල පිස්සු හැදෙයි...

      එට්කා ගිවිසුම ගහනවාමයි... පුලුවන්නම් නවත්තල පෙන්නනව බලන්න...

      Delete
    2. පුලුවන්නම් කරලා පෙන්වන, අද වනවිට බදු දමමින් දමන බදු ලෙහෙමින් කරන නාඩගම පැහැදිලියි.

      15 නිදා තමුසේ වගේ නුගතුන් රැලක් ගෙනල්ල රනිල් ලොක්ක වලිගෙ ඉඳන් ගොම ගාගෙන ඉන්නේ.

      තමුසේ රනිල් ලොක්කගේ පස්ස හෝදන්න ගියහම කියනවා කයිවාරු නැතිව හරියට අයවැයක් ඉදිරිපත් කරන්න කියල.

      Delete
  8. Sri Lankan professional will fight tooth and nail against ECTA to maintain status core. I was a professional in Sri Lankan Govt sector for 10 years. I did work only 1-2 hours most day effectively. If country need to develop all professional services should open to competition including govt services. ECTA is good start. Govt is there not to provide easy jobs to professionals but to service the disadvantages section of society.

    ReplyDelete
    Replies
    1. 'status core' නෙමයි හලෝ 'Status quo'.
      ඇත්තටම මේ යකා රජයේ සේවක ගොන් බිජ්ජෙක් වෙන්න ඕන.
      ඇයි සිංහලෙන් ලියන්න ලැජ්ජද? පැය 1-2ක් විතරක් වැඩ කරලා හාන්සි උනේ රටේ වාසනාවට. උඹලා ව‍ගේ හාල් කෑලි වලට වඩානම් ඉන්දියාවේ කඩල කාරයොත් හොඳයි. කියලා තියෙන කතාව ඇත්ත.

      Delete
  9. පැරකුම් සහෝදරයට මමනම් ඉස්සර වෙලාම කියන්නේ මහින්ද එක්ක හරි තිබුණ ආණ්ඩුව එක්ක හරි කෝන්තරයක් තියෙනවනම් ඒක වෙනමම බලාගෙන කලින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට විරුද්ධනම් ඕනම දෙයක් හරි කියන මානසිකත්වයේ ඉඳල මෝඩ ආතල් එකක් ගන්න තරම් පහත් තැනකට වැටෙන්න එපා කියන එක. අනෙක දුර බැලුවත් ලඟ බැලුවත් ඉන්දියාවට අපේ රටේ සියළු වුර්තීන් විවුර්ත කරල දීල අපේ රටේ මිනිස්සුන්ට තියෙන රැකියා ටික නැති කරල ඉන්දියාවට මුදල් ගලා යන්න දීම රටේ ආර්ථිකේට තර්ජනයක් වෙන හැටි අමුතුවෙන් කියන්න ඕන නෑ. අනෙක ඉන්දියන් කාරයෝ මෙහෙ රස්සා කරන්න එන්නේ අපට ආදරේට නෙවෙයි උන්ගේ රටට හම්බ කරලදෙන්න. අපෙ රටේ අපේ මිනිස්සුන්ගේ ශ්‍රමයට යම් වටිනාකමක් ගෙවන්නට වෙන එක ප්‍රශනයක් වෙන්නේ නෑ මොකද ඒ සල්ලි අපේ රටට ඉතිරි වෙනව විශාල වශයෙන්. ඉන්දියන් කාරයො ලවුව තුට්ටු දෙකට වැඩ කරගෙන අපේ රටේ මිනිස්සුන්ට රැකියා අහිමි කරන වැඩපිළුවෙලත් එක්ක එකඟ වෙන්න පුළුවන් වෙන්නේ මහින්ද විරෝදය ඔළුවට ගහල ඒකෙන් උන ගැනිල උන විකාරෙන් දොඩවන අමනයෙකුට විතරයි. පැරකුම්ගේ අන්තර්ජාල කේබල් චන්ද්‍රිකා සන්නිවේදනයයි පාලමයි සංසන්දනය කිරීමනම් හාස්‍යෝත්පාදක මට්ටමේ ගොන් තර්කයක්. සන්නිවේදන මාධ්‍ය හරහා ගනුදෙනු කරන්නේ විදුලි සඥ්ඥා ඒක පාලමක් හදල රටකින් තවත් රටකට මිනිස්සු සංක්‍රමණය වෙන එකත් එක්ක සසඳන්න බෑ. මේ පාළම දැම්මට පස්සේ ඉන්දියාවයි ලංකාවයි අතරේ ඒ හරහා පුද්ගලයන් රට තුලට ඒම හා පිටව යෑමේදී අනුගමනය කරන ආගමන විගමන ප්‍රතිපත්ති මොනවද. ඉන්දියන් කාරයන්ට නිදහසේ මෙහෙ එන්න යන්න ඉඩකඩ ඇති කරන්නත් ඔය ගිවිසුමෙන් ඉඩ ලැබෙනවා. ඉන්දියන් කාරයෝ විශේෂයෙන් තමිල්නාඩුවේ ඉන්න දෙමළ ජාතිවාදී ඊලාම්වාදී බෙදුම්වාදීන්ට මෙහේ ඉන්නදෙමළ සන්ධානය වගේ කල්ලි එක්ක එකතු වෙලා නැවත ඊලාම්වාදය වපුරන්න මේකෙන් හොඳටම ඉඩ ලැබෙනවා. මේව නොතේරෙන්නේ එක්කො උපන් මෝඩ එක්සත් ජාතික පාක්ෂිකයෙකුට නැත්තන් මන්ද මානසික පුද්ගලයෙකුට එහෙමත් නැත්තන් මහින්දට රිද්දන්න පුළුවන්නම් රටම වනසගෙන උනත් ඒ දේ කරන්න ඉදිරිපත් වෙන අන්ත ද්වේශයෙන් පෙළෙන ද්වේශයෙන් හා වෛරයෙන් සිහි විකල් කරගත්තු උමතු පුද්ගලයෙකුට විතරයි.

    ReplyDelete
  10. Nipuna WanninayakeMarch 24, 2016 at 9:10 PM

    //ඉන්දියාවට අපේ රටේ සියළු වුර්තීන් විවුර්ත කරල දීල අපේ රටේ මිනිස්සුන්ට තියෙන රැකියා ටික නැති කරල //
    මේ ගිවිසුමෙන් ඉන්දියාවේ තාක්ශන අංෂයේ රැකියා අවස්තා අපටත් විවර වෙනව.. ඉන්දියාව මූලස්ථානය කරගෙන ආසියාවේ ක්‍රියාත්මක වෙන ඇමරිකානු සමාගම්වල රැකියා වලට ශ්‍රීලාංකිකයින්ටත් යන්න පුලුවන්.. (දැනටමත් මේ අවස්ථාව නේපාල ජාතිකයින් බුක්තිවිදිනව )
    ඉන්දියාව කියන්නේ තුට්ටු දෙකට වැඩකරන්න ඉන්න වෘතිකයො ඉන්න රටක් කියල හිතාගෙන ඉන්නවනම් ඉන්දියාව ගැන තව හදාරල එන්න...

    //ඉන්දියන් කාරයෝ මෙහෙ රස්සා කරන්න එන්නේ අපට ආදරේට නෙවෙයි උන්ගේ රටට හම්බ කරලදෙන්න.//

    අපේ අයත් මැදපෙරදිග, යුරෝපෙ යන්නෙත් ඒකටම තමා.. නමුත් මැදපෙරදිග වැටුනද? මිල අඩු ශ්‍රමය ලේසියෙන් ලබාගැනීමට හැකිවීම ආයෝජකයින් ආකර්ශනය කරගැනීමට හේතුවක්... ආර්තිකය කියන්නේ කාටකාටත් 'ආදරේට' කරන love affair එකක් නෙමේ

    //බෑ. මේ පාළම දැම්මට පස්සේ ඉන්දියාවයි ලංකාවයි අතරේ ඒ හරහා පුද්ගලයන් රට තුලට ඒම හා පිටව යෑමේදී අනුගමනය කරන ආගමන විගමන ප්‍රතිපත්ති මොනවද.//

    දැන් තියෙන ඒවම ක්‍රියාත්මක කරන්න බැරිද? දැන් ඉන්දියානුවන්ට දින 30 visa on arrival ලංකාවට එන්න පුලුවන්... අනික ලංකාවේ විෂාල ශ්‍රම හිගයක් තියෙනව.. ශ්‍රමය පමනක් වැයවෙන අපහසු රැකියා වලට මිනිස්සු හොයා ගන්න ඉතා අමාරුයි.. ඒවායේ ඉන්දියානුවන් අඩු පඩියට වැඩ කරන්න ලංකාවට ඒම ලාංකික ව්‍යාපාරිකයින්ට වාසියක් නෙමේද?

    //ඉන්දියන් කාරයෝ විශේෂයෙන් තමිල්නාඩුවේ ඉන්න දෙමළ ජාතිවාදී ඊලාම්වාදී බෙදුම්වාදීන්ට මෙහේ ඉන්නදෙමළ සන්ධානය වගේ කල්ලි එක්ක එකතු වෙලා//

    ඕව අර සිංහලජාතිවාදී ගොන්බිජ්ජන් හා ඉන්දියානු විරෝදී වම්මුන් ජප කරන "දෙමලු සිංහලයින්ත කෙලවන්න යනෝ" කියන ගොබ්බ මන්තරයේ කොටසක්.. මහින්දගෙන් පස්සේ ඕකට ඇති වෙලද වටිනාකම අහෝසිවෙලා කියා ඒ අය දැනගතයුතුයි...

    ReplyDelete
  11. /*ඉන්දියාව කියන්නේ තුට්ටු දෙකට වැඩකරන්න ඉන්න වෘතිකයො ඉන්න රටක් කියල හිතාගෙන ඉන්නවනම් ඉන්දියාව ගැන තව හදාරල එන්න...*/

    මම පලවෙනි මාස තුන පඩි නැතුව වැඩ කරන්නම්. මගේ වැඩ හොඳනම් මාව ගන්න කියන, බාගේ පඩියට වැඩකරන්න සූදානම් කියන ඉන්දීය වෘත්තිකයෝ මම යුරෝපයේ ඕන තරම් දැකල තියෙනවා.

    /*ඕව අර සිංහලජාතිවාදී ගොන්බිජ්ජන් හා ඉන්දියානු විරෝදී වම්මුන් ජප කරන "දෙමලු සිංහලයින්ත කෙලවන්න යනෝ" කියන ගොබ්බ මන්තරයේ කොටසක් */

    උතුරු මුහුදෙ ධීවර ගැටලුව ගැන අහලා නෑ වගේ. ඉන්දියානුවන්ට විරුද්ධ සිංහලයින් විතරයි කියලද හිතාගෙන ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. Nipuna WanninayakeMarch 25, 2016 at 1:44 AM

      //මම පලවෙනි මාස තුන පඩි නැතුව වැඩ කරන්නම්. මගේ වැඩ හොඳනම් මාව ගන්න කියන, බාගේ පඩියට වැඩකරන්න සූදානම් කියන ඉන්දීය වෘත්තිකයෝ මම යුරෝපයේ ඕන තරම් දැකල තියෙනවා.//

      ඕක ලංකාවෙ මිනිස්සුත් ඔනෑතරම් ඉතාලියෙදි කරනව... යුරෝ 1 = ඉන්දියන් රු. 75 වෙන යුරෝ හොයන්න යුරෝපයට ගිහින් අඩු පඩියට ඉන්දියන් කාරයො වැඩ කරපු පමනින් රු.1ක් ඉන්දියන් සත 47 වෙන ලංකා රුපියල් හොයන්න ඒ විදිහටම ලංකාවට බඩගායි කියල හිතනවද?
      (වෘතිකයො එහෙම කරනව කියල ඔබ කියන කතාවත් සැකසහිතයි, මම මගේ ප්‍රථම ඉන්ජිනේරු උපාධිය හැදෑරුවේ ඉන්දියාවෙදි, අපේ බැච් එකේ අන්තිම හරියෙ හිටපු උනුත් මාසෙකට ඉන්දියන් රු. 30000 වැඩි රස්සා වලට ගියා)

      ධීවර ගැටලුව ETCA එකට අදාල ප්‍රශ්නයක් නෙමේ

      Delete
    2. මේ සම්බන්ධ පෞද්ගලික අත්දැකීම බොහෝ ඇතිමුත් අදාල නොවන බැවින් මෙහෙ සඳහන් නොකරමි. වෘත්තික වේවා ශ්‍රමික වේවා අඩු පඩියට ඉන්දියානුවන් වැඩ කරන බවට ඇති තරම් සාධක ඔබට සොයාගත හැක. මේ ඔබේම වචන

      */.. ඒවායේ ඉන්දියානුවන් අඩු පඩියට වැඩ කරන්න ලංකාවට ඒම ලාංකික ව්‍යාපාරිකයින්ට වාසියක් නෙමේද?
      /*

      හරි, උතුරේ ධීවර ගැටලුව ගිවිසුමට කෙලින්ම සම්බන්ධයක් නෑ. හැබයි එය ඉන්දියාවේ අධිපතිවාදී හැසිරීම ගැන ප්‍රබල ඉඟියක් ලබා දෙනවා. සියලු ජාත්‍යන්තර නීතී රීති තිබියදීත්, ඉහල මට්ටමේ රාජ්‍ය තන්ත්‍රික එකඟත්වයන් තිබියදීත්, ඉඳියානුවන් අපේ ධීවර සම්පත කොල්ලකන එක නවත්තන්න අපිට බැරි වෙලා තියෙනවා. දැනට තියෙන වෙලඳ ගිවිසුමට වෙලා තියෙන්නේත් ඒකම නේද ? ඉතින් ඔය යෝජිත ගිවිසුමටත් ඒ ටිකම නොවෙයි කියලා දෙන්න පුලුවන් සහතිකය මොකක් ද ?

      Delete
  12. උඹේ අම්මට උපත් පාලන පෙත්තක් ගන්න අමතක උනු එක ගියපු දූරක් ඈ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා