Posts

Showing posts from November, 2014

කටාර් පාපන්දුව හා විදේශ ශ්‍රමිකයෝ

Image
තම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම් නො කරන්නැයි ලංකාව වැනි රටවල පාලකයෝ නිරතුරුව ඉල්ලා සිටිති. මෙම ඉල්ලීම සාධාරණ නො වන්නේ අපි දැන් ජීවත් වන්නේ ජාතීන් හුදකලාව ජීවත් වන ස්වයංපෝෂිත ජාතික රාජ්‍යවල නො වන නිසා ය. නිදසුනක් ලෙස ලංකාව ගත්තොත්, අපගේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන්නේ මෙරට අතිරික්තව පවතින ශ්‍රමය විදෙස් රටවලට විකිණීමයි. එම රැකියා අවස්ථා සොයාගෙන, අතින් වියදම් කරගෙන පිටරට යන්නේ මේ රටේ මිනිස්සු ය. දරුණු ගැටුම් පවතින උතුරුදිග කුර්දිස්තානය ඇතුළුව ඉරාකයේ විවිධ කොටස්වල ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 2000ත් 3000ත් අතර සංඛ්‍යාවක් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශ්වාස කරයි. මෙම සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි යයි තමන් විශ්වාස කරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ඉරාකයට යාම සඳහා ශ්‍රී ලාංකිකයන්ට සතියක වීසා 20ක් පමණ නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති කාර්යාලය විසින් දැනුම් දී තිබීමයි. එහෙත් තමන් සතුව තිබෙන්නේ ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 300කගේ තොරතුරු පමණක් බව තානාපති කාර්යාලය පවසයි. තමන් රැකියා සොයාගෙන, ඉතා අනාරක්ෂිත තත්වයන්

මහින්ද අබේසුන්දර හා කසුරි ගැන අවමංගල්‍ය ලියුමක්

Image
මහින්ද රාජපක්ෂ තනි කර මහින්ද අබේසුන්දර යන්නට ගොස් ඇත. බැරි වන විට ලොකු මහින්ද පොඩි මහින්ද ගැන නොතකා හිටි බවට ද කතාවක් පැතිරිණි. හැබැයි පොඩි මහින්ද නම් ලෙඩ ඇඳේ සිටත් සිය වන්දිභට්ට වෛරී ප්‍රකාශ ලේඛනය රූපවාහිනියට යැවූ බව වාර්තා වේ. මුදල් නිසා වන්නටත් පුළුවන. කොහොමත් ලොකු මහින්දට පොඩි මහින්ද එතරම් පොරක් නො වේ. ලොකු මහින්දට වැසිකිලි වලවල් ගොඩ දැමීමේ බඩ රස්සාව කරන හඩ්සන්ලා, ජැක්සන්ලා තවත් එමට සිටිති. එහෙත් පොඩි මහින්දලා, කසුරිලා නැති වන්නේ ලොකු මෙහෙයුමක් වෙලාවේ ය. බලාගෙන යනකොට ඒකෙත් වැඩේ හැටි ය. බඩ වෙනුවෙන් පන්හිඳ ලෙලවමින් සිටියදී මෑතදී පරලෝකප්‍රාප්ත වූ මහින්ද අබේසුන්දර හා කරුණාදාස සූරියආරච්චි යන දෙදෙනා ම යම් දක්ෂතා තිබුණු අයයි. එසේම, වාමාංශික අදහස් මාකට් කරමින් ජනප්‍රියත්වයට පත් වූ අයයි. ඔවුන් ජනප්‍රිය වූයේ ඒ අදහස් නිසා ය. එහෙත්, අවසානයේදී ඔවුන් සිය ජනප්‍රියත්වය පාවා දුන්නේ දූෂිත ඒකාධිපතිත්වයක් වෙනුවෙනි. මේ දෙදෙනා ම අතීතයේදී පාසල් ගුරුවරු ද වූ හ. පත්තර රස්සාවට ආවේ ගුරුකම මදිකමක් වූ නිසා ද යන්න මම නො දනිමි. කරුණාදාස සූරියආරච්චි ලියූ නවකතාවලටත් වඩා මහින්ද අබේසුන්දර ලියූ ආගිය කතා මගේ ම

ඊසොප් හිටියා නම් බඩ කපා ගන්නා මහින්ද අමරවීරගේ දේශපාලන තියරිය

Image
ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිරිහී ඇති තරම කෙතරම් ද? ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කර තිබෙන අලුත් ම දේශපාලන න්‍යාය මෙයයි.  ජනතාව මේ ආණ්ඩුව නො පෙරළිය යුතු ය. මක් නිසා ද යත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයන් දැන් ඇති තරම් ගසා කා ධනය රැස් කරගෙන තිබෙන බැවින් දූෂණය සඳහා ඉඩ අඩු ය. එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියහොත් ඔවුන් අලුතෙන් හම්බ කිරීම අරඹනු ඇත.  ( අමරවීරගේ අදහස මෙතැනින් කියවන්න ) මෘදු ලෙස කතා කරන අමරවීර වැනි ඇමති කෙනෙකුට පවා මෙසේ කියන්නට පුළුවන් තරමට ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිරිහී තිබේ. මේවා ඇහුණා නම් ඊසොප් හිනා කා මැරෙනු ඇත.  මෙය නිකම් කියන කතාවක් නො වේ. ආණ්ඩුව තම බලය රැක ගැනීම සඳහා ගම් මට්ටමෙන් පතුරුවා හරින කතාවකි.  මහජන මුදල් සොරකම් කරන එවුන් ගැන සියලු තොරතුරු තමන් දන්නා මුත් අල්ලා නො දෙන බව කියන්නේ රටේ රාජ්‍ය නායකයා ය. අපරාධයක් පිළිබඳ තොරතුරු වසන් කිරීමත් වරදකි. එහෙත්, මේ නම් නියම ‘නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ' තත්වයකි.  ඔවුන් මේ අන්දමින් බය නැතිව කතා කරන්නේ කෙසේ ද? රටේ නීතියක් නැති බව ඔවුහු දනිති. ජනතාව ද ඔවුන් තරමට ම දූෂිත විය ය

අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය පාවිච්චි කිරීම

Image
අනේ ඉතින් අපි දෙන්නට................ විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි. මෙය කළ නො හැකි ය. අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ. පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ. අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය. ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. ජනාධිපති මුක්තිය ඉවත් කරන්න ජනාධිපතිවරයාට දැරිය හැකි ඇමති තනතුරු සංඛ්‍යාව සීමා කරන්න. 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා නැවත ප

හඳපාන නැතත් තරු එළියෙන් හෝ රට නිසිමගට ගනිමු

Image
පසුගිය සමයේ අන්තර්ජාලයේ හා සමාජ වෙබ් අඩවිවල දැඩි ලෙස මෙම සමාජ ක්‍රමය විවේචනය කරමින් සිටි විශාල පිරිසක් දැන් සිය විවේචනයේ කේන්ද්‍රය බවට පත් කරගෙන සිටින්නේ විපක්ෂ පොදු අපේක්ෂකයා ය.  මේ බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරා ම උග්‍ර රනිල් විරෝධියෝ ද වූ හ.  සාමාන්‍යයෙන් මොවුන්ගේ අදහස් ප්‍රචාරණය මෙවැනි එකකි. මේ සමාජ ක්‍රමය අන්ත දූෂිත ය. එය වෙනස් කළ යුතු ය. එය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ මිස සමාජවාදී අදහස් නො වේ. සමාජවාදියෝ ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක් වන පිරිසකි. හදිසියේ ම ඔවුන්ට ධනේශ්වර ප්‍රතිසංස්කරණ ගැන ද විශ්වාසය නැති වී තිබෙන බවක් පෙනේ. ඔවුන් ඊළඟට කියන කාරණයක් වන්නේ රනිල් ඒකාධිපතියකු බව, ඔහු පක්ෂය තුළ සජිත් වැනි නායකයින්ට මතු වන්නට නො දෙන බව, ඔහුව මාකට් කළ නො හැකි බව ආදියයි.  මේ අතර ඔවුන්ගේ මාතෘකා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූෂණය, මානව හිමිකම්, සංවර්ධන ගැටලු ආදියයි.  ඔවුහු මහින්දට විකල්ප නායකයකු ලෙස කිසිවෙකු ප්‍රවර්ධනය කළේ නැත. රනිල්ට විරුද්ධව කලින් කලට සජිත්, කරු, චන්ද්‍රිකා, සෝභිත හිමි,සරත් ෆොන්සේකා, සරත් එන්. සිල්වා ආදීන් උඩ දමමින් සිටියත්, එසේ කළ

කටකතාවලින් කියවෙන දේ මෛත්‍රීට කරන්නට බැරි වුණොත්.......

Image
අන්තර්ජාලයේ හා සමාජ ජාල වෙබ් අඩවිවල කට කතා නිර්මාන මේ වන විට අතිශය විනාශකාරී තත්වයකට පත්ව තිබේ.  එක්සත් ජාතික පක්ෂයෙන් යැපෙන බව පෙනෙන වෙබ් අඩවි කීපයක් කලක සිට ම ආණ්ඩුවට හා විපක්ෂයේ තම සතුරන්ට එරෙහිව ප්‍රබන්ධ ලිවීම ජීවනෝපාය කරගෙන තිබිණි. මෑතක සිට හතු පිපෙන්නා සේ මෙවැනි ඕපාදූපකාරයන් බිහි වී තිබේ.  ඔවුන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ තොරතුරු මූලාශ්‍රවල හිඟයයි. එහෙත්, ඔවුන්ට හොඳ පරිකල්පනයක් තිබේ. ඇසින් දුටුවා සේ අල්ලේ පැලවෙන බොරු ලියන්නට ඔවුහු සමත් ය.  ඔවුන්ගේ ප්‍රවෘත්තිවල මූලාශ්‍රය ඔවුන්ගේ ම මනෝරාජික අපේක්ෂා ය. මේ වැඩි දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපති සමග බද්ධ වෛරයකින් පෙළෙති. එහෙයින් අතට හසු වන ඕනෑම දෙයකින් ඔහුට පහර දෙති.  ඔවුන්ගේ මනෝ ලෝකය පොළවේ නැත. එහෙත්, ඔවුන්ට රැවටෙන ඇතැමෙක් ඒ ලෝකය භෞතික ලෝකය තුළ සොයන්නට දත කති. නැති තැන අපේක්ෂා භංගත්වයට පත් වෙති. විපක්ෂ පොදු අපේක්ෂකයා ඉදිරියේ තිබෙන ලොකු ම අභියෝගයක් වන්නේ මේ ඕපාදූප නිර්මානකරුවෝ ය. ඔවුන් විසින් නිර්මානය කරන ලද ප්‍රබන්ධ යථාර්ථය බවට පත් වන තෙක් බලා සිටින එජාප පාක්ෂිකයෝ එසේ නො වූ කල පහසුවෙන් ඉච්ඡා භංගත්වයට පත් වෙති.  මහින්දගේ ආශ්චර

මෛත්‍රී එක්ක ඔය කියන තරං කට්ටිය එයි ද?

Image
දුප්පතුන් සිතන හැටි නො දැන ඡන්ද කරන්නට බැරි ය. ජනාධිපතිවරණ සටන මේ මොහොතේ තිබෙන්නේ ආරම්භක ශක්තිය ගොනු කර ගන්නා අදියරේ ය.  මෛත්‍රීපාල සිරිසේන ධාවන පථයට පිළිපන් අලුත් අශ්වයෙක් වැනි ය. ඔහු හමුවේ ප්‍රශ්න කීපයක් තිබේ.  කූට බුද්ධිය හා භූමියේ දේශපාලන හැකියාවන් අතින් ඔහුට මහින්ද රාජපක්ෂ සමග සම විය හැකි ද? විපක්ෂය ඔහුට දෙන සහයෝගය කුමක් ද?  පළමුවන ප්‍රශ්නයට පිළිතුර ඉතා කෙටි කලකින් ලැබෙනු ඇත. ඒ මෛත්‍රීපාල ශ්‍රීලනිපයෙන් කඩා ගන්නා කුට්ටියේ තරම අනුව ය. කලින් වූ පොරොන්දු ඒ අන්දමින් ම පවතී ද, මහින්දගේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගය හමුවේ කීදෙනෙක් පය ආපසු ගනීවි ද යන්න මේ සතියේ දැන ගන්නට ලැබෙනු ඇත. මෛත්‍රීපාලගේ ආරම්භක ශක්තිය තීරණය වන්නේ ඒ අනුවයි. එසේම, ජනාධිපතිවරණ සංවිධාන ක්‍රියාවලිය ශ්‍රීලනිප පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට ඔහුට හැකියාව තිබිය යුතු ය. දැන් ඔහු විපක්ෂයේ නායකත්වය සියතට ගෙන තිබේ. ඔහුට එය කළමනාකරණය කර ගන්නට පුළුවන් ද? ප්‍රධාන වශයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ගැඹුරින් දිනා ගන්නට ඔහු සමත් වේ ද? එක්සත් ජාතික පක්ෂය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට උර දෙයි ද?  ජාතික හෙළ උරුමය තමන්ට සහාය දෙන තැ

සුන්දර ඉංගිරිසි: බුද්ධා ද? බුද්ධ ද?

Image
බෞද්ධ ටයි පටියක්. අන්තර්ජාලයේ අලෙවියට තිබේ. සොයා බලන්න සිංහල සංස්කෘතිය බොහෝ දුරට බුදු දහම සමග බැඳී පවතිනවා. ඒ නිසා සිංහලයන්ගේ ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයට බුදු දහම හා සම්බන්ධ වචන රැසක් එකතු වී තිබෙනවා. බුදු හාමුදුරුවන්ට ඉංග්‍රීසියෙන් ලෝඩ් බුද්ධා යි ව්‍යවහාරයක් ඇවිත් තිබෙනවා. ඉතින් බොහෝ සිංහලයනුත් ලෝඩ් බුද්ධා කියනවා. ඒ මොකට ද? අපි දන්නෙ නැද්ද මේ වචනය බුද්ධා නෙමෙයි, බුද්ධ කියලා. Lord නම් වදන මධ්‍ය කාලීන යුගයේ හැදුණු වචනයක්. එහි තේරුම සම්බන්ධ වෙන්නේ බලය, අධිකාරිත්වය සමගයි. එහෙත්, බුදු හිමියන් කියන්නේ බලය සමග අයෙක් නොවෙයි. සැබෑ බුදු දහම රාජ්‍ය බලයේ අවයවයක් නොවෙයි. එහි හරය වෙනස්. එතකොට බුදු හිමියන්ට ලෝඩ් කියන එක කෙතරම් ගැලපෙනවද කියන එක බෞද්ධ පඬිවරුන් සලකා බලන්න ඕනෑ. මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්න මූලික හේතුව තමයි, බුදු දහම සම්බන්ධ සිංහල වදන් වෙනුවෙන් ඉංග්‍රීසි වචන සැකසීමේදී ක්‍රිස්තියානි ආගම අනුගමනය කිරීම. පන්සල කියන වචනය වෙනුවට යෙදෙන temple යන වදනින් හැඳින්වෙන්නේ දෙවියන් පිදීම හා සම්බන්ධ ස්ථානයක්. එහෙත්, සැබෑ පන්සල දෙවියන් පිදීම හා සම්බන්ධ නැහැ. monastery නම් වදන නම් බොහෝ දුරට වනවාස

ජනාධිපතිතුමනි කෝ ඔබේ ධෛර්යය?

Image
මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ පොදු අපේක්ෂකයා වීමේ හා ආණ්ඩුවේ මන්ත්‍රීන් රැසක් විපක්ෂය සමග එක් වීමේ අභියෝගය හමුවේ පවා හදිසි ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශයට අත්සන් කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණු එඩිතරකම අපි අගය කළෙමු.  එහෙත්, අද සිදු වූ සිද්ධිය නම් ඉතා නීච, නින්දිත, විලි ලජ්ජා නැති තත්වයකි.  පොදු අපේක්ෂකයා පළමු වරට සහභාගි වූ රූපවාහිනී වැඩසටහන වූ සිරස සටන වැඩසටහන ඩයලොග් හා පියෝ ටීවී ඔස්සේ විකාශය වීම නැවැත්වීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.  ඔහු මෙසේ කරන්නේ මහජන මුදලින් නඩත්තු වන රජයේ පුවත්පත්, ගුවන් විදුලි සේවා හා රූපවාහිනී සේවා මුළුමනින් ම සිය ප්‍රචාරය සඳහා පාවිච්චි කරන ගමන් ය.  මෙවැනි ගොබ්බ වැඩ ගමේ කොල්ලන් කුරුට්ටන් නම් කළේ කදුරු ගෙඩිවලින් බෝල ගහන කාලයේ ය. එසේ කළේ මුලින් බැට් කර පසුව බැට් කරන පිලට පන්දු යවන්නේ නැතිව පළා යාමෙනි.  මේවාට ඉංග්‍රීසියෙන් නම් කියන්නේ නොට් ක්‍රිකට් කියා ය.  මේ නම් ඇත්තෙන් ම පරාජය පිළිගැනීමකි. දැන් ඉතින් ඉදිරියට මෛත්‍රීපාල එන සියලු වැඩසටහන් බ්ලොක් කරනවා ද? ජනාධිපතිතුමනි, ඔබෙන් මීට වඩා තරගයක් බලාපොරොත්තු වෙමු.  පැනලා දුවන්න එපා. සටනට එන්න.  මේ ලිප

ගොසිප් වෙබ් අඩවි කීපයක ඉදිරි පැය කීපයේ මාතෘකා

Image
මහින්දට හාට් ඇටෑක් එකක් මහින්ද බැසිල්ට දෙහි කපයි මෛත්‍රීපාල සිරිසේන සමග එක් වන පිරිස 100 දක්වා වැඩි වේ අස් වූ මන්ත්‍රීන්ට මරණ තර්ජන ආණ්ඩුවට එක් වන අයට කෝටි ගණනින් අල්ලස් චන්ද්‍රිකාට තර්ජන කරු කලකිරේ සජිත් ජනාධිපතිවරණයේදී නිහඬ වන්නට තීරණය කරයි පළාත් සභා සියල්ලේ බලය විපක්ෂය අතට ගන්නට සැලසුමක් පොදු අපේක්ෂකයා අත ලකුණෙන් ජනාධිපතිවරණයට සහාය දෙන්නන නම් පුතා නිදහස් කර දෙන්න - මර්වින් සිල්වා ඩඩ්ලි සිරිසේනගේ අරලිය වී මෝලට තර්ජන වැලි රාජු අල්ලන්න දැවැන්ත පොලිස් මෙහෙයුමක් ලේකම්කම දුන්නේ නැති නිසා ඇමති එස්.බී.ත් විපක්ෂයට ජී.එල්. පීරිස් හා මෛත්‍රී අතර රහස් කතා නිමල් සිරිපාල ද සිල්වා අගමැතිකම ඉල්ලයි අගමැතිකම පවුලේ කෙනෙකුට ම දෙන්නට මහින්ද රාජපක්ෂ තීරණය කරයි දි.මු. ජයරත්නගේ පුතා විපක්ෂය සමග එක් වේ ශ්‍රීලනිප ලේකම්කම අනුරට දීම ගැන ඩලස් අසතුටින් කතානායක චමලුත් මෛත්‍රීපාලට යටින් සපෝට් මෛත්‍රී දිනුවත් මහින්ද රාජපක්ෂ දිගටම ජනාධිපති හමුදා ආණ්ඩුවක් එයිද? මේ කිසිවක් ගැන ලියන්නට කිසිදු මූලාශ්‍රයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ පරිකල්පනය ස්වල්පයක් පමණි.  ඔබත් අදම ගොසිප් වෙබ් අඩවියක් අරඹන

මෛත්‍රී කරමු ද?

Image
මෛත්‍රීපාල සිරිසේන ශක්තිමත් පොදු අපේක්ෂකයෙකි. කොයි පැත්තෙන් බැලුවත් සාපේක්ෂව මධ්‍යස්ථ පුද්ගලයෙකි. ගෞරවයට පාත්‍ර විය හැකි අයෙකි. එහෙත්, ඔහුට ජනාධිපතිවරණය ජය ගත හැකි වන්නේ විපක්ෂ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විරුද්ධ පක්ෂවලින් ඔහුට පූර්ණ සහයෝගය ලැබේ නම් පමණි.  එක්සත් ජාතික පක්ෂය හා එහි නායක රනිල් වික්‍රමසිංහ දැනටත් දැවැන්ත කැප කිරීමක් කර හමාර ය.  මෛත්‍රීපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂය අතර අනාගත බල තුලනය ඉතා වැදගත් සාධකයකි.  ජනාධිපති මහින්ද රාජපක්ෂ ද තමන් කෙතරම් එඩිතර සටන්කරුවකු ද යන වග ප්‍රදර්ශනය කර තිබේ. ඒ මෙවන් තියුණු අභියෝගයක් හමුවේ පවා ජනාධිපතිවරණය කැඳවීමට කටයුතු කිරීමෙනි. සමහර විට ඔහු විශ්වාසය තබා තිබෙන්නේ ග්‍රහ තාරකා පිළිබඳ වන්නට පුළුවන. අහසේ තරු තරම්වත් ඔහු පාමුල දැවටෙන සුපිරි තරු විශ්වාස කළ නො හැකි බව ඔහු වටහා ගත යුතු ය.  ආණ්ඩුව තවමත් නිශ්ශබ්ද ය. මේ ගුලිය දිරවා ගන්නට කල් වේලා අවශ්‍ය බව ඇත්ත ය.  ආණ්ඩුවෙන් කැඩී එන ලැයිස්තුවේ මර්වින් සිල්වා වැනි නම් දැනට හෝ නැති එක ලොකු දෙයකි. පොදු අපේක්ෂකයාගේ සටන් පාඨ විය යුත්තේ දූෂණය දුරලීම, නීතියේ පාලනය ස්ථාපිත කිරීම, ප්‍රජාතන්ත්‍රවා

හොරකම් කරන්නට වුව රටක් තිබිය යුතු ය

Image
ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් කැඩුණා පමණි. රතන හිමියන්ගේ සදහම් සෙවණ අසපුවට මැරයන් එවා ඇත.  ආණ්ඩුව රාජගිරිය ඔබේසේකරපුර වැනි තැනක අක්කර තුනකට වැඩි ඉතා වටිනා රජයේ ඉඩමක් රතන හිමියන්ට දන් දුන්නේ ඇයි? එතැන තමන්ට ගෙවල් හදන්නට තිබුණු බව කියන ජනතාව රතන හිමියන් ආණ්ඩුවෙන් යනකල් බලා උන්නේ ඇයි?  ආණ්ඩුවෙන් කඩාගෙන ආ හා එන්නට ඉන්න යහපාලකයන්ගේ කිල්ලෝටවල මෙවැනි හුණු ඇති බව අමුුතුවෙන් කියන්නට ඕනෑ නැත. රාජපක්ෂ රෙජිමය විසින් මහජන මුදල් කොල්ල කෑමේ දූෂණ ජාලයට හසු කර ගත් සේනාව සුළු පටු නො වේ. ඒ අය අතර ආණ්ඩු පක්ෂයේ සිටි දේශපාලකයෝ ඉදිරියෙන් ම සිටිති. කඩාගෙන එන්නට සිටින පිරිසට නායකත්වය දෙන බව කියන මෛත්‍රීපාල සිරිසේන ද දේශපාලන බලයෙන් දියුණු වූ පොළොන්නරුවේ දූෂිත පවුලකින් පැවත එන්නෙකි.  අනෙක් අය ගැන ද කියන්නට ඕනෑ නැත.  යහපාලනය, නීතියේ ආධිපත්‍යය ගැන ඔවුන් කියන සුන්දර කතන්දරවල යටිපෙළ එතරම් සුන්දර නැත.  ඒත් කමක් නැත. රාජපක්ෂලා රටත් ගෙන විනාශය දෙස දුවන මේ දිවිල්ල නැවැත්විය යුතු ය. යුද්ධය දිනවීම වෙනුවෙන් ඔය ගෙව්ව මිළ ඇති ය. හොරකම් කරන්නට වුව රටක් තිබිය යුතු ය. මෛත්‍රීපාලලාගේ ජනාධිපතිවරණ තේමා පාඨය එය ද? ම