සමාජ ඛෙදවාචකවලින් ජීවත් වන ලියන අප්පුලා නිවැරදිව කියවීම

ඩී.බී.එස් ජෙයරාජ් වසර 25කට පසු ලංකාවට පැමිණ
1971, 1989 කැරැලි වගේ ම, දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය දෙමළ සිවිල් යුද්ධයත් ඇත්තෙන් ම දැවැන්ත සමාජ ඛෙදවාචක.

1989 කැරැල්ලට සහභාගි වූ අයෙක් වුණත්, සිව් වතාවක් හිරේ ගිහින් තිබුණත්, එළියකන්ද වධකාගාරයේ විතරක් අවුරුද්දයි, මාසයයි, දවසක් හිටියත් මට ඒ විස්තර රස කතාවක් ලෙස කියන්න හෝ ලියන්න බැහැ. ක්ෂතිමය අත්දැකීමක් ගැඹුරින් වින්ද කෙනෙකුට එය රස කතාවක් ලෙස තවත් අයෙකුට කියන්න බැහැ.

සති දෙකක් එළියකන්දේ හිටපු කෙනෙක් ලියූ අර්ධ සත්‍ය වාර්තාවක් ‍පොතක් ලෙස පළ වී තිබෙනවා. මට නම් එය ප්‍රබන්ධයක්. මටත් වඩා එතැන ගැන දන්නා අය මේ රටේ ඉන්නවා.

ලංකාදීපයේ දියත කෑල්ල මෙවැනි කතා පළ කරන තැනක්. මට නම් එහි කිසිම රසයක් නැහැ. මම එය පෙරළා බලා තිබෙන්නේත් අවස්ථා කීපයක් විතරයි.

සාම සාකච්ඡා පැවති වකවානුවේ හිරු පුවත්පත වෙනුවෙන් අප කොටි සංවිධානයේ සිනමා අංශය සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. එහි සිටි එක් ආබාධිත තරුණයෙක් වීඩියෝ කැමරාකරුවකු ලෙස ඉදිරි ආරක්ෂක වළල්ලට ගොස්, ප්‍රහාරයකට ලක් වී, මාරාන්තික තුවාල ලබා, සතුරු ප්‍රදේශයක සිට දින ගණනාවක් තිස්සේ පණ බේරාගෙන ආ ආකාරය ගැන ත්‍රාසජනක කතාවක් කීවා. අප සමග සිටි අයෙක් ඇසුවා ඇයි ඒ ගැන චිත්‍රපටයක් නො කරන්නේ කියලා. ඔහු කී දේ මට අදත් මතකයි. ඔහු කීවේ එය එවැනි එක් පෞද්ගලික කතාවක් පමණක් බවයි. පෞද්ගලික කතා අරගලයේදී වැදගත් නැති බව මේ ඉතා සාමාන්‍ය කොටි සාමාජිකයා කීවා. 

මගෙන් පාසලකදී ඉගෙන ගත් සිසුවෙක් හමුදාවේ තරමක් ඉහළ තනතුරක් දරමින් ගැඹුරු විනිවිදීම් කණ්ඩායමක නායකයකු ලෙස කටයුතු කළා. දීර්ඝ කාලීන මෙහෙයුම්වල යෙදෙමින් ලද අත්දැකීම් නිසා යම් රෝග තත්වයන්ගෙන් පවා පෙළෙන මේ තරුණයාත් ඔහුගේ අතීත අත්දැකීම් ගැන ඉතා නිහඬයි. 

යුද්ධයක් කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් වැනි දෙයක් නෙමෙයි. ඒත් පිරිසකට මේ විස්තර තමන්ගේ යාන් හෑලි ‍ගොන්නට එකතු වෙලා තිබෙන තවත් කෑලි ටිකක් විතරයි. මේවා ලිවීමෙන් ජීවත් වන පිරිසකුත් ඉන්නවා.

71 කැරැල්ල ගැන පම්පෝරි අවුරුදු පතා ජනමාධ්‍යවලින් අසන්නට ලැබෙනවා. මේ පම්පෝරි ගහන කැරැල්ලේ ආදිශිෂ්‍යයෝ වැඩිදෙනෙක් කියන්නේ වීර කතා විතරයි. 71 කැරැල්ල ගැන මම නම් කියවා තිබෙන අව්‍යාජ ම කතාව රංජිත් හෙන්නායකආරච්චි ලියූ බක් මහේ කඳුළයි. 

වික්ටර් අයිවන්ගේ 71 කැරැල්ල පොතත් වැදගත් විස්තර සහිත එකක් වුණත්,  වික්ටර් අයිවන්ට විජේවීර සමග තිබුණු ඊර්ෂ්‍යාව හා ද්වේෂය එහි කැපී පෙනෙන ලක්ෂණයක්. 

1971 කැරැල්ල ගැන සවිස්තර ම වාර්තාව වන්නේ කැරලිකරුවන්ට එරෙහි නඩු විභාග පැවැත්වූ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ සභාපති වී සිටි අලස් මහතා නඩු වාර්තා ඇසුරින් ලියූ පොතයි. 

ජවිපෙ විසින් 71 කැරැල්ල ගැන පොතක් ලියා තිබේ ද, නැද්ද යන්න වැදගත් නැහැ. මන්ද, ජවිපෙ මේ කැරැල්ල ආඛ්‍යානගත කරනු ඇත්තේ වීර කාව්‍යයක් ලෙස නිසා එහි ගත යුතු දෙයක් තිබේ යයි සිතන්න බැහැ. 

මේ දිනවල නැවතත් දිවයින පුවත්පත ප්‍රේමවතී මනම්පේරි ඝාතනය විකුණමින් සිටිනවා. උතුරේ දෙමළ තරුණියක් මේ අන්දමින් මරා දැමුවොත් ඇය කෙසේ හෝ ත්‍රස්තවාදය සමග සම්බන්ධ කිරීම ද මේ පුවත්පතේ ලක්ෂණයක්. එවිට සිංහල සමාජය කියන්නේ ද "ඔහොම කිව්වාට ඔය කෙල්ලත් ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධයක් තිබෙන්න ඇති," ය කියා ය. එදා මිනිස්සු ප්‍රේමවතී මනම්පේරි ගැන ද එසේ ම කියූ බව මා අසා ඇත. ‍ප්‍රේමවතී මනම්පේරිට ද කැරැල්ල සමග යම් සුළු හෝ සම්බන්ධයක් තිබෙන්නට ඇත. එසේ නොමැති බව අවධාරණය කරමින් ලියන ලිවීම්වලින් බලාපොරොත්තු වන්නේ ඇය කැරලිකාරියක වුණා නම් මෙසේ මරා දැමීම සාධාරණ බව කියන්නට නොවේ ද?

මෙවැනි සමාජ ඛෙදවාචක පිළිබඳ අත්දැකීම් සමාජය විසින් බෙදා හදා ගත යුතුව තිබෙනවා. එත්, එ්වා ලිවිය යුත්තේ භාවාතිශය වාර්තා ලෙස විකුණා ගන්නට නොවේ. සමාජය ඥානනය කරන යථාර්ථවාදී ලේඛන ලෙසයි. 

1989 කැරැල්ල ගැන ලියැවී තිබෙන එක ම සවිස්තර වාර්තාව රොහාන් ගුනරත්න ලියූ ලොස්ට් රෙවලූෂන්. මේ පොත පදනම් කරගෙන ආරියනන්ද දොඹගහවත්ත ලංකාදීපයට ලිපි මාලාවක් ලිව්වා ටී 56 කතාව නමින්. දොඹගහවත්ත එය ලිව්වේ තමන්ගේ අධ්‍යයනයක් ලියනවා වගේ. 

රොහාන් ගුනරත්න යනු ආරක්ෂක අංශ සමග සම්බන්ධ වී ජවිපෙ ගැන පාර්ශ්වික අධ්‍යයනයක් කළ අයෙක්. පොතෙන් පෙනෙන විදියට ඔහු ජවිපෙ සාමාජිකයන් හමු වුණේ අත්අඩංගුවේ සිටියදී පමණයි. පසුකාලීනව ඔහු ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ විශ්ලේෂකයෙක් ලෙස තමන්ව හඳුන්වා ගන්න පටන් අරන් තිබෙනවා. මේ මෑතකදී ඔහු මාර ‍සොයාගැනීමක් කළා වගේ කිව්වා, ගෝපි ඇතුළු කොටි සංවිධානය යළි පණගන්වන්න කටයුතු කළ පිරිස සූදානම් වී සිටියේ ප්‍රභූ ඝාතනයකටයි කියලා. එය කුමක්ද කියා විස්තරයක් නැහැ. ඕනැ පොඩි එකෙකුට කියන්න පුළුවන් මේ ව‍ගේ ප්‍රකාශ අපේ රටේ පත්තරවල මුල් පිටුවේ පළ වෙනවා.

දෙමළ කැරැල්ල ගැන ලියන අ‍ය අතරින් ඩී.බී.එස්. ජෙයරාජ් ඉදිරියෙන් සිටිනවා. හැබැයි, ඔහුගේ ලිවීමත් සිවරාම් කොටි සංවිධානය වෙනුවෙන් කළ විදග්ධ ප්‍රොපගැන්ඩාව වගේ ම එකක්. මේ වන විට ඔහු ලියන්නේ ලංකාවේ රජය වෙනුවෙන්. මෑතකදී ලංකාවට පැමිණ 'සිරි' නරඹා ගිය ඔහු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද හමු වූ බවට නිල නො වන වාර්තා තිබෙනවා. මාධ්‍යකරුවකු ලෙස එහි ඇති වරදක් නැහැ. හැබැයි, ඔහු ඒ බවක් කොහේවත් ලියා නැහැ. දැන්, දැන් ඔහුගේ මූලාශ්‍රත් ලංකාවේ ආරක්ෂක අංශවලට සීමා වෙමින් තිබෙනවා.ඔහුට අනුව දෙමළ අරගලය ත්‍රස්තවාදයක් විතරයි. ඒත්, ඔහුත් එහි බලපෑම මත විදේශගත වී සිටින්නෙක්.

මේ ලිවීම්වල තිබෙන මූලික ලක්ෂණයක් වන්නේ ඒවා සඳහා ගොඩනැගී තිබෙන පාඨක ප්‍රජාවේ ඉල්ලීම අනුව ලේඛකයන් කරුණු විකෘති කරමින් ඉදිරිපත් කිරීමයි. ඒ අනුව තමයි, කැරැලි සම්බන්ධ ඉතිහාස ආඛ්‍යානය ගොඩනැගෙන්නේ. ඒ අනුව කැරැලි වුණත් ඉතිහාසයේ ලියැවෙන්නේ අධිපති මතවාදයන්ගේ දෘෂ්ටි කෝණයෙනුයි. 

ඒත්, ඇයි මේවා කැරැලි වුණේ? ඒවා අධිපති මතවාදයන්ට හා අධිපතිවාදී භාවිතාවන්ට අභියෝග කළ නිසා නේ. මේ ඉතිහාස රචනයත් කැරැලි විසින් අභියෝගයට ලක් කරන ලද අංශයක්. ඒ නිසා මේ ඓතිහාසික සිදුවීම් ගැන යථාර්ථවාදී විශ්ලේෂණ අවශ්‍යයි.

මේ මොහොතට අදාලව නම් රොහාන් ගුනරත්න, ඩී.බී.එස්. ජෙයරාජ් වැනි අයගේ විශ්ලේෂණවල යටිතලය කියවා ඒ ලිවීම්වල අරමුණ තේරුම් ගන්නට අවශ්‍ය ඥානය අපි ගොඩනගා ගත යුතුයි. එම ලිපිවල අඩංගු කරුණුවල වැදගත්කම නිවැරදිව ග්‍රහණය කර ගත හැක්කේ ඒ අනුවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. //එළියකන්ද වධකාගාරයේ විතරක් අවුරුද්දයි, මාසයයි, දවසක් හිටියත් මට ඒ විස්තර රස කතාවක් ලෙස කියන්න හෝ ලියන්න බැහැ.//

    //සති දෙකක් එළියකන්දේ හිටපු කෙනෙක් ලියූ අර්ධ සත්‍ය වාර්තාවක් ‍පොතක් ලෙස පළ වී තිබෙනවා. මට නම් එය ප්‍රබන්ධයක්//

    පැරකුම් මහත්මයා..
    ලියා අැති දේ අර්ධ සත්‍ය නම්, ඔබ නොලියයි නම්...
    අප සත්‍ය දැනගන්නේ කෙසේද?

    එ්කාලේ අාණ්ඩුවේ පුවත්පත් වලින්ද?

    ReplyDelete
    Replies
    1. පහලින් තිබෙන ඇනෝ කොමෙන්ට් දැම්මේ මමයි පැරකුම් මහත්තයා.ඇත්තෙන්ම සිංහල බ්ලොග් අවකාශයේ තිබෙන වැඩකට ඇති බ්ලොග් දෙක තුනෙන් එකක් ඔබේ බ්ලොග් එක.සින්ඩියට එන්නේම ඔබේ බ්ලොග් කියවන්නයි.
      යට යාමට ඉඩ නොදිය යුතු ඒ අතීතය ගැන විශ්වාසදායක තොරතුරු සමාජයට අවශ්‍යයි.වධකාගාර ගැන කියන විට හාස්‍ය රසයක් ඇති වෙනවානම් ඒකත් ලියන්නාගේ දක්ෂ කමක් තමයි.නමුත් දෙවන ලෝක යුද්ධය ගැන කතා කියවන විට ඒවා සත්‍ය බව පේනවා.අප ජාතියක් ලෙසම අතිශයෝක්තියට බර නිසාද මන්දා (නොක්ස් හා ගයිගර් ද එසේ කියා තිබෙනවා සිංහලයා බොරු කියන්න දන්නෙ නැති බවත් බොරුව ඉක්මනින් අහුවෙන බවත් ).
      කෙසේ හෝ ඒ අදුරු අතීතය විහිලුවක් බවට පත් කරන ලියන අප්පුලා වෙනුවට විශ්වාසදායක වගකීමෙන් යුතු ලේඛකයෙකු අවශ්‍යයි. වික්ටර් අයිවන් විජේවීර කෙරෙහි ඔහුගේ ද්වේශය පසෙක තැබුවහොත් සාමාන්‍යයෙන් හොද විවරනයක් කර තිබෙනවා.
      මේ බොරුකාරයන්ගේ සතිපතා ලිපි නිසා පසු කලෙක මෙහෙම දේවල් සිදු නොවූ බවට ද කෙනෙකුට තර්ක කරන්න පවා පුළුවන්.

      Delete
  2. ඉක්බාල් අතාස් දැන් කොහිද?

    - Dimithri

    ReplyDelete
  3. පැරකුම් මහත්මයා මම නම් ඔය ලේඛන වලින් කියවා ඇත්තේ වික්ටර් අයිවන්ගේ පොතුත් අලස් ගේ පොතුත් පමණයි.ලංකාදීපෙ දියතෙ කතා කියවන විට හිනා යනව.ගේන හැම එකාම විප්ලවීය ජීව ගුනයෙන් ඉතිරිලා.ඒ දෙන වද දිහා බලපුවම අල්ලගෙන ආවෙ යකඩෙන් හදපු මිනිස්සුද කියල හිතෙනවා.ඔය විදියට රස කර කර බොරු ලියන දියතෙ ලේඛකයා ඇත්තටම වධකාගාරෙ හිටපු කෙනෙක්ද කියල සැක ඇතිවෙනවා.ඔහු ඉංග්‍රීසි ඇක්ෂන් ෆිල්ම් බලල ලියනව වෙන්න ඇති.
    ඒත් සත්‍ය අද්දැකීම් ඇති අය ඒව ලියන එක වැදගත්.දෙවන ලෝක සංග්‍රාමයෙදි හිට්ලර්ගෙ වධකදවුරුවලින් පැන ආ අය ලියපු දේවල් ලෝකයට හරිම ප්‍රයෝජනවත් වුනා.
    එහෙම ලියන්න ගියොත් ලංකාදීපෙ දියතෙ වගෙ නිකම් බොරු ෂෝ දාන ලියන අප්පුලටත් තැනක් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. //ලංකාදීපෙ දියතෙ කතා කියවන විට හිනා යනව.ගේන හැම එකාම විප්ලවීය ජීව ගුනයෙන් ඉතිරිලා.//
      හරියට හරි. හැබැයි ඉතිං ‍මේක‍නෙ, කතාව කියන්‍‍නෙ තමන් වෙන‍කොට තරග‍යේ වීරයත් එයාම තමයි. :-)

      Delete
  4. ප්‍රේමවතී මනම්පේරි රූමතියක්, අවුරුදු කුමාරියක්... වගේ කතා කිව්වට දිවයින පත්තරේ තිබුන පින්තූරෙ නම් හරිම අජූතයි.

    ඝාතනයට ලක්වූ ගැහැණුන්ට රූමතියන්ය කියන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇය එම අවුරුද්දෙ කතරගම අවුරුදු කුමාරිට තේරුණා.
      කතරගම ඊට වඩා ලස්සන ගැහැනුන් නැතුව ඇති.
      ඇයි අවුල්ද ?

      Delete
    2. ප්‍රේමවතී මනම්පේරි මරන්න ටික දවසකට කලින් එතනට එහා ලී මඩුවේ උන්නු දෙමළ කෙල්ලක් ව මැරුවා ඒ අයියලාම. රේප් කරන ඒක විනෝදාංසෙට කළ ඒ රාලහාමිලා කරපු ඒ වැඩේ ගැන කතාවක් වත් නෑ.

      Delete
  5. පඩියට ලියන මමත් නුඹත් කවුරුත් කරන්නේ පඩි දෙන ආයතනයේ අවශ්‍යතාව. හැබැයි පඩි නොලබා ලියන බ්ලොගක එයිට එහා දෙයක් කළ හැකියි. ඒත් පඩිගන්න රස්සාවෙන් අස් වෙච්ච දවසක. මොකද කියන්නේ පැරා...

    ReplyDelete
    Replies
    1. අවංකව හිතේ තියන දේ කිව්වාට මෙන්න සැලියුට් එක නලින් අයියා !!!

      Delete
    2. සීමාවන්ගෙන් තොර ලෝකයක් නැහැ නේ. කාටත් සීමා තිබෙනවා. රස්සාවක් නැතිව ජීවත් වෙන්න බැහැනේ. පුළුවන් දෙයක් කරමු.

      Delete
  6. ලංකාවේ පත්තර වල විශේෂයෙන් සිංහල මාධ්‍යයේ යන පුවත් ඒවායේ කරුණු හෙඩින් සහ පරිවර්තන නම් මුල පුවතට වඩා ඇති අතිශයෝක්ති සලකුවාම මේ විප්ලවය "ඇසුරෙන්" ලියන කස්ටිය අමුතුවෙන් චාටර් නැහැ පැරා. අන්තර්ජාලය "ඇසුරෙන්" කියලා අඟහරු ආක්‍රමණයක් ගැන ෆ්රන්ට් පේජ් තිබ්බා දිවයිනක 2011 අප්‍රේල් මැද හරියේ. බොහෝ විට මෝඩයාගේ දිනයේ හෝක්ස් එකක් සිරා අරගෙන.

    අනික ලාංකිකයාගේ අයිසින් සමාජවාදී චින්තනය කොහොමත් ඔතනින් එලියට එනවා. මේ බොහෝ දෙනෙක් අයිසින් මට්ටමින් සමාජවාදයට සපෝට්. හැබැයි ඒකේ දිග පළල දන්නා එවුන් නම් නොවේ.

    ReplyDelete
  7. පැරා,
    මම ඔබේ ලිපි කියවනවා වාගේ D.B.S.J ලිපිත් නොකඩවාම කියවනවා. ඔබ මෙන්ම ඔහුත් තමන් විසින් මුල් බැසගත් කරුණු සනාථ කිරීමට පමණක් කාලය මිඩංගු කරනවා. ඔබ නිරාගමිකයෙකු යයි කිව්වත් ඔබට බුධ්ගාගම ඇලජික් . ඒ වගේම D.B.S.J මිනිසුන් දෙමල විම නිසාම සිංහලයන්ට නැති විශේෂ ප්‍රශ්න තිබෙන බව අදහන කෙනෙක්. මුල් කාලේ d.b.s.j විසින් comments දාන්න ඉඩදී තිබුනා.මම ඔහුගේ මෙන්ම එම ඒ blog එක කියවන අයගේ සමහර වැරදි අදහස් නැති කරන්න උත්සාහ කිරීමට උතසාහ කළා.ඒකෙන් ප්‍රයෝජනයක් උනාදැයි මා දන්නේ නැහැ..(ඔබ නම් තවම comments වාරණය කරලා නැහැ.)
    නමුත් ඔබට මෙන්ම ඔහුටත් තම අදහස් පැවසීමට ඇති අයිතියට මා ගරු කරනවා. ඒත් ඔබ D.B.S.J ට ගරහන්න යනවා මා එයට කැමති නැහැ.
    ඔබට ඇත්තේ J.V.P.එක ගැන 88/89 අත්දැකීම් පමණයි.එහෙත් මා 1971 දී J.V.P.හැසිරීම හොදින් දුටු අයෙක්.එමෙන්ම එකල j.v.p සටන් බල කොටුවක්වූ විද්‍යෝදය විශ්ව විද්‍යාලේ 1967 සිට 1971 දක්වා ශිෂ්‍යයෙකු ලෙසින් සිටි අයෙක්.

    සමරසේකර

    ReplyDelete
  8. ජේවීපී කළ හැම එකාම විජේවීර පුද්ගලිකව හමු වී ඇත.එසේම තමන්ගේ නායකත්වයෙන් පොලීසියකට පහර දී ඇත.සමහරු චේ ලා ට ලජ්ජා සිතෙන ආකාරයේ ගරිල්ලා සටන් කර ඇත.අත් අඩංගුවේදී දරුණු වධ හිංසා මැද නොසැලී සිට ඇත.ලංකාදීපෙ දියතෙ කතා අසන විට ඇත්තටම පොලීසිය හමුදාව කැරළිකාරයන්ගේ අත් අඩංගුවේ සිටියා දැයි සිතෙන තරම්ය.ඇත්තටම ඔය කියන හිරිහැර ඔවුනට ලැබුනා නම් ඔවුන් මේ තරම් කලක් ජීවත් නොවේ.අත් අඩංගුවට ගෙන නිදහස් වූ බොහෝ දෙනෙක් අවුරුද්දක් දෙකක් ඇතුලත මිය ගියහ. බේරුන බොහෝ දෙනෙක් එක්කෝ පාවාදෙන්නොය .නැත්නම් බලපුලුවන්කාර පවුල් පසුබිමක් තිබූ අයයි.අද ලංකාදීපෙ ත් 71 ජේවීපී කළ පසුව මහාචාර්යවරයෙක් වූ කෙනෙකුගෙ කතාවක් පළවී ඇත.ඔහු හැර අන් සියළු ජේවීපී කාරයන් වධ දී මරා දමා ඇත.ඔහු බේරී ඇත්තේ පවුල් පසුබිම නිසාය.ඔහුද සිට ඇත්තේ පොලීසිය හමුදාව සොලවමිනි.

    ඇත්තටම මේ අයට තමන් 71 කළ දේවල් කීමෙන් ලැබෙන දෙයක් නැත. පුහුවීරත්වයට ඔවුන් ආශා කරනවා විය හැක.ඊටත් වඩා මේවා වනපොත් කරන ලියන අප්පුලා අතින් දමන බොරු නිසා මේ කතා විකාර බවට පත් වී ඇත.
    ඇත්තෙන්ම ආරක්ෂක අංශ තම පරපීඩා කාමුකත්වය රිසි සේ සංතෘප්ත කර ගනිමින් මහා විනෝද සමයන් දෙකක් 71 හා 89 දී ගත කළහ.මේ ගැන හරි තොරතුරු නොලැබෙන්නේ බොරුකාර ලියන අප්පුලා නිසාය.

    විජේවීර අල්ලපු හැටි ගැන රසකරමින් ලිපි ලියූ ලංකාදීපෙ ලියන අප්පු කියන විදියට වෛද්‍යරත්නත් මුතාලිෆුත් කදවුර විසුරුවා හැර ඇත්තේ තරඟයේ වීරයා පිළිගන්න සිරකරු තෙන්නකෝන් කියමිනි.

    ReplyDelete
  9. ජේවීපී කළ කෙනෙක් මට කී කතාවක් මෙසේය.ඔහු මෙය කීවේ මත්පැන් බීපු වෙලාවකය. ඔහුද විජේවීර පුද්ගලිකව හමුවී ඇත.චිත්‍රාංගනී කේක් අල්ලපු හැටිද විස්තර කර කියයි.විජේවීර අත් අඩංගුවට ගත් පසු නගරයේ තරුන පිරිස ගස් කපා මාර්ග අවහිර කර කුමක් කරන්නේදැයි මොහුගෙන් විමසා ඇත.එහිදී ඔහු කළ කතාව අකුරක් නෑරම මා සමඟ කීවේය.එඩිතර වීර සිංහල කොල්ලනි කියා ලේ රත් කරන කතාවක් කරන ඔහු අවසානයේදී දැන් අපේ නායකයා මිය ගොස්ය කිරීමට දෙයක් නැත.එබැවින් විසිර යනු කියා නියෝග දී ඇත. මේ පුද්ගලයා වැඩි ඉගෙනුමක්ද නැති මේසන් වැඩකරන කෙනෙකි.
    මා ඔහුගෙන් කොලොප්පමට ඇසුවේ ඔබ සොමවංශට වඩා ඉහලින්ද සිටියේ කියාය.ඊට පහලින් සිටි බව කීමට ඔහුට මොළේ තිබුනි.ඔහු විජේවීරට උපදෙස්ද දී තිබේ.
    විජේවීර අත් අඩංගුවට ගත් කාලයේ කිසිම කෙනෙක් තමන් ජේවීපී යැයි ප්‍රසිද්ධියේ කීවේ නැත.නිකමට හෝ කීවානම් ඔහුව මරනු නිසැකය.89 ගැන මෙහෙම බොරු කියනවානම් 71 දි පොලීසි තූතූ කරමින් අහස පොලව දෙදරවමින් හිමාලය කිහිල්ලට ගෙන පරසක්වල ගසමින් හැසිරුන ජේවීපී කාරයන් කියන දේ කෙසේ විශ්වාස කරන්නද

    ReplyDelete
    Replies
    1. ඇනෝ .. මරු කමෙන්ට් එක.ලිවිල්ලත් මසුරං.. බොහෝ දුරට එකඟයි ඔබත් සමඟ.

      Delete
  10. // පසුකාලීනව ඔහු ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ විශ්ලේෂකයෙක් ලෙස තමන්ව හඳුන්වා ගන්න පටන් අරන් තිබෙනවා. //

    හිතවත් පැරකුම් මහතාණෙනි, ඔබේ රොහාන් ගුණරත්න පිලිබඳව ඉහත ප්‍රකාශය එතරම් නිවැරදී නෑ නේද?. විකිපීඩියාවට අනුව රොහාන් ගුණරත්න 9-11 ප්‍රහාරය පිලිබඳව විමර්ශණය කරන්නට පිහිටැවුනු 911 කොමිසමේ උපදේශකයෙකු ලෙස කටයුතු කොට ඇත. ත්‍රස්තවාදය පිලිබඳව පර්යේශණ පවත්වන තවත් බොහෝ ආයතනවල ඉහල තනතුරු දරා ඇත....

    http://en.wikipedia.org/wiki/Rohan_Gunaratna

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  11. An extended arm of CIA in Sri Lanka can be named as 'analyst of terrorism'. the problem is is it the only secret service this analist 'analises'. he is a multiple cheater.

    ReplyDelete
    Replies
    1. He is not in Sri Lanka, he is based in Nanyang University, Singapore. I don't know whether he is CIA, MI5 or FSB (former KGB), all I have read is that the man is an actual expert in terrorism. You could lie, cheat and bluff in Sri Lanka as a terrorism or military expert. The fellows who wrote the defense columns in many Sinhala and English Sunday papers during the war are such "self-appointed military experts". But you can bluff your way into international conferences or international institutions claiming to be an expert when you are not, you just cant do it, CIA or otherwise.

      Delete
    2. But you //can bluff// your way into international conferences or international institutions claiming to be an expert when you are not, you just cant do it, CIA or otherwise.
      Isn't this a real freudian slip. He is a bluff. you siad it yourself. Thanks.

      Delete
  12. ඇයි මේ පින්තූරේ ඉන්න බ්ලොග් කාරයා කකා වගේ ටී සර්ට් එකේ ලේබල් ගහගෙන නැත්තේ?? මෙ යකා බ්ලොග් කාරයෙක් වෙන්න බෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා