Posts

Showing posts with the label ඩී.බී.එස්. ජෙයරාජ්

සමාජ ඛෙදවාචකවලින් ජීවත් වන ලියන අප්පුලා නිවැරදිව කියවීම

Image
ඩී.බී.එස් ජෙයරාජ් වසර 25කට පසු ලංකාවට පැමිණ 1971, 1989 කැරැලි වගේ ම, දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය දෙමළ සිවිල් යුද්ධයත් ඇත්තෙන් ම දැවැන්ත සමාජ ඛෙදවාචක. 1989 කැරැල්ලට සහභාගි වූ අයෙක් වුණත්, සිව් වතාවක් හිරේ ගිහින් තිබුණත්, එළියකන්ද වධකාගාරයේ විතරක් අවුරුද්දයි, මාසයයි, දවසක් හිටියත් මට ඒ විස්තර රස කතාවක් ලෙස කියන්න හෝ ලියන්න බැහැ. ක්ෂතිමය අත්දැකීමක් ගැඹුරින් වින්ද කෙනෙකුට එය රස කතාවක් ලෙස තවත් අයෙකුට කියන්න බැහැ. සති දෙකක් එළියකන්දේ හිටපු කෙනෙක් ලියූ අර්ධ සත්‍ය වාර්තාවක් ‍පොතක් ලෙස පළ වී තිබෙනවා. මට නම් එය ප්‍රබන්ධයක්. මටත් වඩා එතැන ගැන දන්නා අය මේ රටේ ඉන්නවා. ලංකාදීපයේ දියත කෑල්ල මෙවැනි කතා පළ කරන තැනක්. මට නම් එහි කිසිම රසයක් නැහැ. මම එය පෙරළා බලා තිබෙන්නේත් අවස්ථා කීපයක් විතරයි. සාම සාකච්ඡා පැවති වකවානුවේ හිරු පුවත්පත වෙනුවෙන් අප කොටි සංවිධානයේ සිනමා අංශය සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. එහි සිටි එක් ආබාධිත තරුණයෙක් වීඩියෝ කැමරාකරුවකු ලෙස ඉදිරි ආරක්ෂක වළල්ලට ගොස්, ප්‍රහාරයකට ලක් වී, මාරාන්තික තුවාල ලබා, සතුරු ප්‍රදේශයක සිට දින ගණනාවක් තිස්සේ පණ බේරාගෙන ආ ආකාරය ගැන ත්‍රාසජනක කතාවක් ...

ප්‍රේමකුමාර් ගුනරත්නම්, ඩී.බී.එස්. ජෙයරාජ් හා මහරාජා

Image
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරික ප්‍රේමකුමාර් ගුනරත්නම් ගැන නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය සඳහා ඩී.බී.එස්. ජෙයරාජ් විසින් ලිපියක් ලියන ලදී. ( කියවන්න ) එම ලිපිය ප්‍රේමකුමාර් ගැන කරුණු රැසකින් සමන්විත ය. විශේෂයෙන් ම ඔහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරිකයතු ලෙස ඉන්දියන් හමුදාවට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර ගැන එහි විස්තර කර තිබේ. කටින් පමණක් ඉන්දියාවට එරෙහිව සටන් කරමින් සිටි ජවිපෙ ඇත්තෙන් ම ඉන්දියන් හමුදාව සමග අභිමුඛ කරවන පුද්ගලයා ලෙස ප්‍රේමකුමාර් ගුනරත්නම් හඳුන්වන ජෙයරාජ් ඔහු වීරත්වයට නගන බව පෙනේ. ප්‍රේමකුමාර්ගේ ක්‍රියාකාරකම් ත්‍රස්තවාදයට වඩා ගරිල්ලා සටන් බව ජෙයරාජ් කියයි. එසේ ම, මෙසමයේදී ම ජවිපෙ නායකයන් ඉන්දියාව සමග රහස් සම්බන්ධකම් ඇති කර ගනිමින් ප්‍රේමකුමාර්ගේ ක්‍රියාකාරකම් නතර කිරීමට අණ කරන බව ද එහි සඳහන් වේ. පසු කලෙක සෝමවංශ අමරසිංහ ඉන්දියාව හරහා රටින් පළා ගියේ රෝ සංවිධානයේ උදව්වෙන් බව ප්‍රකට කරුණකි. අමරසිංහ කිසි දිනෙක මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර නැත. ප්‍රේමකුමාර්ගේ එදා ක්‍රියාකාරකම් ගැන අද පරීක්ෂණ කරනවා නම්, එදා ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවං...