Posts

Showing posts from May, 2014

තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණය

Image
රතු කමිස තායිලන්තය හමුදා කුමන්ත්‍රණ පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති රටකි. 2014 මැයි මස 22දා එහි සිදු වුණේ 1932න් පසු සිදු වූ 12වන හමුදා කුමන්ත්‍රණයයි. අලුත් ම කුමන්ත්‍රණයේදී හමුදාපති ප්‍රයුත් චන්-ඔචා රාජ්‍ය බලය පැහැර ගත්තේ ය. යුද නීතිය ප්‍රකාශයට පත් කර, 2007 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටවූ හේ විධායක බලතල තමන් වෙත පවරා ගත්තේ ය. 2011දී මැතිවරණයකින් බලයට පත් අගමැතිනි යිංලුක් ෂිනවත්‍රා සිරගත කළ හේ සෙනෙට් සභාව ද විසුරුවා හැර නීති සම්පාදනයේ මුළු බලතල සියතට ගත්තේ ය. බලයේ සිටි භාරකාර ආණ්ඩුවට පක්ෂපාතී මෙන් ම විරුද්ධවාදී පිරිස් ද සිය ගණනින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සිය මිලිටරි ජුන්ටාව නම් කර තිබෙන්නේ සාමය හා නීතිය සඳහා ජාතික සභාව ලෙසයි. මේ වන විට අගමැතිනි යිංලුක් ෂිනවත්‍රා ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයන් රැසක් නිදහස් කර තිබේ. එහෙත්, ඒ දේශපාලයේ නො යෙදීමේ හා තමන් යන එන තැන් පිළිබඳ හමුදාව දැනුවත් කිරීමේ කොන්දේසිය පිට බව වාර්තා වේ.  මෙම හමුදා කුමන්ත්‍රණයට එරෙහිව තැන් තැන්වල පැවැත්වෙන විරෝධතා මර්දනය කරන බවට ජුන්ටාව තර්ජනය කර තිබේ. තායි රජු වන භූමිබෝල් අදුල්යාදේජ් ද ‍කුමන්ත්‍රණකරුවා නිල පාලකයා ලෙස ප

නම්බු පිටින් දහතුන

Image
ඉන්දියාවේ හිටපු අගමැති මන් මෝහන් සිං හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් සමඟ 2010 මාර්තු මාසයේ පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන පළාත්වලට පුළුල් බලතල දෙන ලෙස ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනපතිට අවධාරණය කළ බව හින්දු පුවත්පත වාර්තා කර තිබේ.  2010 වසරේ පැවති සාකච්ඡාවේදී 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ පොරොන්දු විය. ඉන් පසු, ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ ආණ්ඩුවත් සමග මනා අවබෝධයකින් කිසිදු විසඳුමක් ලබා නො දීමේ ක්‍රියාමාර්ගයක ආණ්ඩුව එල්බගෙන සිටියේ ය. මේ අතර, දේශීයව උග්‍ර සිංහල ජාතිවාදී ව්‍යාපාර මුදා හරිමින් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුළුවන යම් යම් උත්සාහයන්හි ද නියැලුණේ ය.  දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඒ අන්දමින් රවටා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට හැකි වේ ද යන්නයි. මෙහිදී බලපාන කාරණය වන්නේ කලාපීය නායකත්වය ගැන ඉන්දියාවේ නව රජය දක්වන ආකල්පයයි. කලාපයේ නායකයා ලෙස, ඉන්දියාවට ද ප්‍රශ්නයක් වූ ලංකා

සුන්දර ඉංගිරිසි: සරත් සර්ව කෝටුමස් කිරීම

Image
ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්නට පටන් ගත්තේ තරමක් මෑත වකවානුවක සිට වුණත් ඉංග්‍රීසි භාෂාව සිංහලයට බල පා තිබෙන ආකාරය ඉතා ගැඹුරට විහිදෙනවා. ඉංගිරිසියෙන් අපට ලැබිලා තිබෙන්නේ වචන විතරක් නොවෙයි. ඉංග්‍රීසිය නිසා අපට අලුත් අකුරුත් ලැබිලා තිබෙනවා. ෆයන්න මෙසේ අලුතින් සිංහල හෝඩියට එකතු වූ ව්‍යංජනාක්ෂරයක්. මුලදී එය ලිව්වේ පයන්න මැදට ඉංග්‍රීසි එෆ් අකුරක් යොදා සකසා ගත් අක්ෂරයකින්. එහෙත් දැන් නම් ෆයන්න සිංහල හෝඩියේ අකුරක් ලෙස පිළි ගන්නවා. 1891 වසරේදී ගුණසේකර මුදලිඳුතුමා විසින් අකුරේ හැඩය නිර්මානයකර ඇති බව විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙනවා. සියවසක් තිස්සේ ක්‍රමිකව භාවිතය වැඩි වූ මෙම අකුර 1989දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් එලිදක්වන ලද සිංහල වර්ණ මාලාවට ඇතුළු කිරීම සමගම ෆයන්න සම්මත අකුරක් බවට පත් වූ බවත් එහි කියවෙනවා. මේ අකුර බොහෝ විට භාවිතා වන්නේ ඉංග්‍රීසියෙන් අපට ලැබුණු තත්සම හා තත්භව වචනවලයි. ෆිල්ටරය, ෆොටෝඑක වගේ වචන උදාහරණයි. මුස්ලිම් නම් සිංහලෙන් ලියද්දිත් මේ අකුර යෙදෙනවා. ෆේරියල් අෂ්රෆ් උදාහරණයක්. ෆයන්න වෙනුවට ඉස්සර කාලේ යෙදුණේ පයන්න. පොටෝ එක, පිල්ටරය ආදී වශයෙන්. ෆ(ර්)නැන්ඩු

මහින්දගේ ඉන්දීය චාරිකාව ආණ්ඩුවට වාසි ද? අවාසි ද?

Image
ඉන්දියාවේ නව විදේශ ඇමති සුශ්මා ස්වරාජ් 2012දී ලංකාවේදී ජනාධිපති මහින්දට ඉන්දියාව අල්ලා ගන්නට ඕනෑ වී තිබේ. නව අගමැති නරේන්ද්‍ර මෝදි දිව්රුම් දීමේ උත්සවය සඳහා සාක් රාජ්‍ය නායකයන්ට ආරාධනා කිරීමට ඉන්දීය ආණ්ඩුව ගත් තීරණය ජනාධිපති මහින්ද‍ගේ ප්‍රමෝදයට හේතු වන්නට ඇත.  එහෙත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එරෙහිව මතු වූ විරෝධය නම් ජනාධිපති මහින්දගේ වාසියට හේතු වේ යයි සිතිය නො හැකි ය. රටක රාජ්‍ය නායකයකු අසල්වැසි රටක නිල චාරිකාවක යෙදෙන විට එරට පුළුල් මහජන විරෝධයක් ඇති වීම බරපතල රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක ප්‍රකාශනයකි.  ලංකාවේ ජනාධිපතිවරයා ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන ප්‍රතිපත්තිය වන්නේ සුළු ජාතීන් සමග කිසිදු බලය බෙදා ගැනීමක් නො කිරීමයි. ඇත්තම කිවහොත් සිය පවුලේ සාමාජිකයන් අතේ රාජ්‍ය බලය සංකේන්ද්‍රණය කරගෙන සිටින ඒකාධිපති පාලනයක් සුළු ජාතීන් සමග බලය බෙදා ගන්නට ඉදිරිපත් නො වීම ගැන පුදුම විය යුතු නැත.  ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් නො දීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තියකි. කොංග්‍රස් ආණ්ඩුව ද එම ප්‍රතිපත්තිය සමග ගැලපිණි. ලංකාවේ ආණ්ඩුව මෙන් ම ඉන්දියාවේ කොංග්‍රස් ආණ්ඩුව ද දෙමළ ජනය

විමල්, පී.බී. හා ආර්ථික ඝාතක ආණ්ඩුව

Image
විමල්ට ආණ්ඩුවෙන් එළියට බැස, රාජපක්ෂ පවුලට බැල මෙහෙ කරමින් ඉඳුල් බුදීමට සීමා වී තිබෙන සිය දේශපාලන අනාගතය වෙනස් මගකට යොමු කරන්නට උවමනා ය. විමල්ට රාජ යෝගයක් ඇතැයි ජ්‍යොතිෂකාරයෝ ද කියා තිබේ. දැන් ලංකාවේ සිටින ලොකු ම කෙළි කාරයෝ මේ කට්ටඩියෝ ය. ඔවුන්ට අන්දන්නට බැරි භෞතිකවාදියෙක් නැති තරම් ය.  එහෙත්, ආණ්ඩුව ලෙහෙසියෙන් විමල්ට ගැලවී යන්නට දෙන පාටක් ද නැත. ඔහු වැනි සුවච, කීකරු, නිවට, නියාලු සේවකයකු අතහැර දමන්නේ කුමටදැයි ආණ්ඩුව සිතනවා විය හැකි ය. ඒ නිසා ඔහු කැඳවා, දුක් සැප කුමන්දා යි අසා, විමල් ම කියන පරිදි ටොපියක් දී තිබේ.  ඒ පසුගිය දිනවල විමල් බැන බැන හිටි පී.බී. ජයසුන්දර දැරූ නො වැදගත් තනතුරකින් ඔහුව නෙරපා හැරීමයි.  විමල් දැන් එයින් සැනසිය යුතු ය. නැතිනම් ඊළඟට හම්බු වෙන්නේ ජම්බු ය. සමහර විට විමල්ට පෙනෙන්නට චම්පිකට දෙන්නම් ජම්බු කරන්නට ද ඉඩ තිබේ.  කොහොම වුණත්, විපක්ෂය ද තමන්ට බලය අවශ්‍ය නම් මේ කට්ටිය ගැන මීට වඩා බලා කියා ගත යුතු ය. නැතිනම්, මොවුන් කකුල් දෙක අස්සේ වලිගය ගසාගෙන කූං කූං ගාමින් ආපසු ‍දෑත් ශක්තිමත් කරපු තැනට පසුබසිනු ඇත. එහෙම වුණොත්, ආණ්ඩුවෙන් එළියට එන්නට ඉන්න සෙසු අයගේ ආත්

හමුදා සෙබළුන් පුනරුත්ථාපනය නො කිරීමේ ආදීනව

Image
‍ඇල්පිටියේදී මිය ගිය තරුණියගේ ඡායාරූපයක්. මෙම ඡායාරූපය ගත්තේ එහි වෝටර්මාක් දමා ඇති කට්ටිය ද? රට පුරා පැතිර යමින් ඇති අපරාධ රැල්ල යුද්ධයේ අතුරු ඵලයක් බව කීවොත් ඇතැමෙක් අප සමග උරණ වන බව නිසැක ය.  එහෙත්, එය ඇත්තකි. මෑත කාලයේ සිදු වූ භයානක අපරාධ හැම එකක ම පසුබිමේ රණවිර්වෙක් සිටියේ ය. ආසන්න ම සිද්ධිය වන ඇල්පිටියේදී සරසවි සිසුවියක් මරා දැමීම පසුපස ඉන්නේ ද හමුදා සෙබළෙකි.  1989 කැරැල්ලේදී ජවිපෙ සන්නද්ධ කැරැලිකරුවන් හැසිරුණ ආකාරය හා හමුදා සෙබළුන් එයට ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳ මම අධ්‍යයනය කර ඇත්තෙමි. මෙම බලවේග දෙක ම හැසිරුණේ ලිහා දමන ලද දඩ බල්ලන් සේ ය.  ශිෂ්ටත්වය පිළිබඳ සමාජමය සීමා බන්ධන රහිත ලෝකයක සෑම මිනිසෙක් ම අඩු වැඩි වශයෙන් ම්ලේච්ඡයකු වන බව මගේ නිරීක්ෂණයයි. එහිදී මිනිසා තුළින් මතු වන ආශාව අතීතයේ පැවති මිනීමස් කෑමේ ආන්තික රුචිය වැනි දෙයකි. මිනීමස් ‍නොකෑවත්, අතිශය ම්ලේච්ඡ ලෙස මිනිසුන් මරා දැමීමේ හැකියාව මිනිසුන් තුළ ඇති වනු මම නිරීක්ෂණය කර ඇත්තෙමි.  එළියකන්ද වධකාගාරයේදී එක් දිවා ආහාර වේලාවක බීමත්ව පැමිණි  දැළි රැවුලවත් නො වැවුණු වයස අවුරුදු 19ක සෙබළෙක් ඉහළ නිලධාරියාගේ අණ පරි

නරේන්ද්‍ර මෝඩි හඳුනා ගන්න උත්සාහ කරමු

Image
ළමා කල කර ගත් විවාහයක බිරිඳගෙන් වෙන්ව තනිකඩයකු ලෙස ජීවත් වන මෝඩි සිය 64වන උපන් දිනය දා මව සමග ඉන්දීය මහ මැතිවරණය නිමා විය. හින්දු මහ ජාතිවාදී භාරතීය ජනතා පක්ෂය අති විශාල ජයග්‍රහණයක් ලැබී ය. මතභේදයට තුඩු දුන් නමක් ඇති හින්දු ජාතිවාදියකු වන නරේන්ද්‍ර ‍මෝඩි අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත ය.  1980දී පිහිටුවන ලද භාරතීය ජනතා පක්ෂය සැලකෙන්නේ රාශ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS) හෙවත් ජාතික දේශප්‍රේමී ස්වේච්ඡා සංවිධානය නම් ව්‍යාපාරයේ දේශපාලන අංශය ලෙසයි. 1925දී පිහිටුවන ලද RSS යනු අන්තවාදී දක්ෂිණාංශික හින්දු ජාතිකවාදී සංවිධානයකි. එය මුල සිට ම මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී සංවිධානයක් විය. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීමේ ඉතිහාසයක් ඇති RSS සංවිධානය කීප වරක් ම තහනමට ලක් වූවකි. මහත්මා ගාන්ධි ඝාතනය කළ නතුරාම් ගොඩ්සේ ද කලින් RSS සාමාජිකයෙකි.  භාරතීය ජනතා පක්ෂයේ මුල් ඇත්තේ 1951දී පිහිටුවන ලද සංවිධානයක් වන භාරතීය ජන සංඝයේ ය. 1977 මැතිවරණයේදී ඉන්දිරා ගාන්ධි පැරදවීම අරමුණු කර ගත් තවත් පක්ෂ කීපයක් සමග එක්ව ජනතා පක්ෂය පිහිටුවීමට භාරතීය ජන සංඝය මුල් වූයේ ය. 1977දී ඉන්දිරා ගාන්ධි පරාජය

නොරොච්චෝලේ වෙනුවෙන් චීනයෙන් ගත් ණය නො ගෙවිය යුතු ය

Image
නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේදී සියලු මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම පැවරී තිබූ චයිනා මැෂිනරි ඉන්ජිනියරින් සමාගමේ චීන ජාතික නිලධාරීන් දෙදෙනකුට සිර දඬුවම් ලබා දීමට චීනයේ අධිකරණයක්‌ මගින් කටයුතු කර ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි. නොරොච්චෝලේ ඉදිකිරීමේදී වගකීමෙන් කටයුතු නොකොට බලාගාරය අසාර්ථකත්වයට පත් කිරීම හා එමගින් චීනයත් ශ්‍රී ලංකාවත් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පලුදු වන වටපිටාවක්‌ නිර්මාණය කිරීම යන චෝදනා මත එම චීන ජාතික නිලධාරීන්ට දඬුවම් ලබාදී ඇතැයි ද වාර්තා වන බව පුවත්පත පවසයි.  එහෙත්, ලංකාවේ බලධාරීන් පවසන ආකාරයට නම් නොරොච්චෝලේ බලාගාරයේ කිසිදු ප්‍රශ්නයක් නැත. එ අනුව මේ චීන ජාතිකයන් දෙදෙනා සිරගත කර තිබෙන්නේ නිරපරාදේ ය.  මෙම චීන ජාතිකයන් දෙදෙනාට මේ අන්දමින් කටයුතු කරන්නට ලැබුණේ ලංකාවේ දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ උපකාරයෙන් බවට සැකයක් නැත. ඔවුන් ද හෙළිදරව් කර අධිකරණයට ගෙන යා යුතු ය. චීනයෙන් පොලියට ගත් ඩොලර් මිලියන 450ක් වැය කර, රටවැසියන් ණය බරින් මිරිකමින් සාදන ලද මෙම බලාගාරය කඩාකප්පල් කිරීම යනු ඇත්තෙන් ම රටක

විමල් කරන්නේ රඟපෑමක් ද?

Image
විමල් හොඳ නළුවකු බව ඇත්ත ය. එහෙත්, අප සිතන පරිදි දැන් නම් ඔහු කරමින් ඉන්නේ රඟපෑමක් නො වේ. ඔහු මේ කරමින් ඉන්නේ ඔහු වැනි අයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයකි. ආණ්ඩුව අසීරු තත්වයකට පත් වෙමින් සිටියි. ආණ්ඩුවේ මර්දනයේ හස්තය ද බුරුල් වෙමින් තිබේ. දේශපාලනයේදී ඉදිරියට යා හැක්කේ උපායික විශේෂඥයන්ට ය. විමල් කරන්නේ කල් යල් බලා අඩියක් 'පෙරට' තැබීමයි. ගමන අනතුරුදායක විය හැකි ය. එහෙත්, මේ නම් වැඩේට වෙලාව තමා ය. වේලාසනින් අවදි වන කුරුල්ලන්ට ආහාර සොයා ගැනීම පහසු ය. අනාගත පාලනයක බලය තහවුරු කර ගැනීමට නම් දැන් දැන් ම පෙරට ආ යුතුව තිබේ. එසේම, රාජපක්ෂ පවුල් පාලනය තුළ වෙනත් අයෙකුට ඉදිරියට යන්නට ලැබෙන්නේ නැති බව පැහැදිලි ය. විමල් කරන්නේ රංගනයකැයි අවධාරණය කරන්නේ කවුරු ද? විමල්ගේ සම්ප්‍රදායික සතුරා වන ජනතා විමුක්ති පෙරමුණයි. ජවිපෙට විමල් යනු ද්‍රෝහියෙකි. මරණ දඬුවම දීම කළ නො හැකි නිසා ජීවතුන් අතර සිටින්නෙකි. ජවිපෙට විමල් සමාජවාදය ගොඩනගා දුන්නත් භාර ගන්නට බැරි ය. මන්ද, විමල් ද්‍රෝහියකු වන හෙයිනි. උපායික දේශපාලනයේදී මේ අන්දමින් හැඟීම්බර වී බැරි ය. විමල් යනු යථාර්ථයක් නිසා දැන් ඉතින් ඔහු සමග

සුසිලා හේරත් ගුරුවරියගේ අරගලය හා ළමා අයිතිවාසිකම්

Image
සිය දියණියගේ ගවුම පාසල් විනයට නො ගැලපෙන අන්දමින් කොට නිසා වාටිය ලිහා දිග්ගැස්සූ බවට චෝදනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් පාසලේ බිම දන ගස්වා, සිය දියණියට වැඳ සමාව ගන්නා ලෙස අණ කරමින් අඩන්තේට්ටම් කිරීමට භාජනය වූ නවගත්තේගම ජාතික පාසලේ ප්‍රියානි සුසිලා හේරත් ගුරුතුමිය ඇයට ලැබුණු වන්දි මුදල භාවිතා කරමින් දුප්පත්, අසරණ, දක්ෂ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කර තිබේ.  ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වනාහි දීනත්වයේ සංකේත වන් ගුරු ප්‍රජාවකගෙන් සමන්විත එකකි. අද‍ාළ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරුවරිය පාසලේ දන ගස්වන ලද අවස්ථාවේ පාසලේ සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා පවා නඩුවේදී සාක්කි දුන්නේ ගුරුවරියට අවාසි වන අන්දමටයි.  තමන් රිමාන්ඩ් භාරයේ සිටියදී විදුහල්පතිවරු 87ක් තමන් බලන්නට අා බව පළාත් සභා මන්ත්‍රීවරයා පුරසාරම් දොඩයි. ඇත්තෙන්ම, බහුතරයක් විදුහල්පතිවරු යනු සාමාන්‍යයෙන් එවැනි කොන්ද පණ නැති පිරිසක් නිසා ඒ ගැන පුදුම විය යුතු නැත. තනතුරු රැක ගැනීම සඳහා දේශපාලකයන්ගේ දෙපා නමස්කාර කරන විදුහල්පතිවරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුලබ ය.  එසේම, බහුතරයක්

ගෝටා 'භයෙන්' අත්මිදීමේ විමල්, චම්පික මෙහෙයුම

Image
සංවර්ධනයේ නාමයෙන් සිදු වන කොමිස් ජාවාරම් හැරුණකොට, මේ වන විට ලංකාවේ රාජ්‍ය පාලනයක් තිබේද යන්න සැක සහිත ය. ඊයේ සිදු වූ දුම්රිය සිද්ධිය ලංකාවේ මේ වන විට පවතින තත්වය සංකේතාත්මකව පැහැදිලි කරයි. දුම්රිය අනතුරුවලට හේතුව දෙපාර්තමේන්තුවේ ගැටලු බව කියමින් දුම්රිය රියදුරෝ අකුර‍ට වැඩ ය.  අකුරට වැඩ කරන විට දුම්රිය පමා වේ. එවිට මගීහු කිපී රියදුරන්ට පහර දෙති. දුම්රිය සේවකයෝ එකතුව මරදානේදී තමන්ට ගැසූ මගීන් අල්ලා සම්බෝල කොටති. එසේ කොට පොලීසියටත් භාර දෙති. පොලිසිය ගහපු මගියා අත්අඩංගුවට ගන්නේ දුම්රිය රියදුරන් ඔහුට පහර දී අල්ලා දීමෙන් පසු ය. පහර දුන් රියදුරන් අත්අඩංගුවට ගෙන නැත. ඉස්සර ලංගම බස්වල රියදුරා ඉදිරියෙන් 'දහස් ගණනක් ජීවිත ඔබේ දෑතේ' යයි ලියා තිබිණි. දැන් දුම්රියේ ඒ දෑත් මගීන්ට පහර දෙති. මගීහු ඒ දෑත්වලට පහර දෙති. රටේ සුක්කානම දරන දෑත් කරන්නේ කුමක් ද? ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගමට තිබෙන ප්‍රධාන කාර්යය වන්නේ තමන්ට හොඳ ලිංගික ශක්තියක් ඇති බව හා තමන් හොඳින් කන බොන මිනිසකු බවත්, තමන්ගේ පුතාත් එහෙම පොරක් බවත් කිය කියා ඇවිදීමයි. එතැනින් එහා නායකත්වය ද ඊට දෙවෙනි නැත. ‍සම සෞඛ්‍ය, හෙද, වින

සිංහල ජයපානෝත්සවය හා දෙමළුන්ට අඬන්නත් නො දීම

Image
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරදවා වසර පහක් ගෙවීම සැමරීමේ මහා උත්සවයක් ඊයේ මාතරදී පැවැත්විණි. එම උත්සවය පැවැත්වුණේ යුද්ධයෙන් ජය ලැබූ සිංහල පාර්ශ්වයේ ජයපානෝත්සවයක් ලෙස හා මිය ගිය තමන්ගේ ජනයා සැමරීමේ උත්සවයක් ලෙසයි.  ඒ සමග ම 2009 මැයි 18 දින අවසන් සටනේදීත්, සමස්ත දෙමළ සන්නද්ධ කැරැල්ලේදීත් මිය ගිය දෙමළ ජනයා සැමරීම සඳහා වූ පරාජිතයන්ගේ වැඩසටහන් හමුදා බලය යොදා මර්දනය කරන ආකාරය ද දක්නට ලැබිණි. ලංකාවේ යුද්ධය කෙරුණේ ජාත්‍යන්තර යුද නීතිවලට ගරු කරන සංදර්භයක් තුළ නො වේ. අවසන් සටනේදී රජය කටයුතු කළ ආකාරය පිළිබඳ  බරපතල ගැටලු මතු වී තිබේ. එහෙත්, ඇත්ත වන්නේ ජයග්‍රහණය අනෙක් පැත්තට දෝලනය වුණත්, දකින්නට සිදු වන්නේ මෙවැනි ම අවසානයක් වීමයි.  දෙපාර්ශ්වය ම ජයග්‍රහණය ප්‍රාර්ථනා කළේ යුද අපරාධ ඔස්සේ ය.  ඉතිහාස‍යේ පිළිකුල් සහගත ඒ පරිච්ඡේදය වසා දමන්නට තිබුණා නම් ඇත්තට ම හොඳ ය. එහෙත්, ඒ සඳහා අවශ්‍ය මිනිස්කම හා දේශපාලනික පරිණතකම ජයග්‍රාහී පාර්ශ්වයට නො තිබීම ගැනත් පුදුම විය යුතු නැත. මන්ද, යුද්ධයේ අවසානයක් සඳහා එවැනි අමනකමක් අවශ්‍ය වී තිබිණි. අපි එය නිර්මානය කළෙමු.  දැන් ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් රැක

මෝඩි මෝඩ ගැහැනියකට අන්දවා ගැනීමට හැකි වේවිද?

Image
සිංහලෙන් මෝඩි කියන්නේ මෝඩ ගැහැනියටයි.  නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති ධුරයට පත් වූ පසු ලංකාවේ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද නිවේදන හා ආණ්ඩුවේ ඇම්බැට්ටයන් විසින් කරන ලද විග්‍රහ විමසා බැලීමේදී පෙනෙන දෙයක් වන්නේ ලංකාවෙ නරේන්ද්‍ර මෝඩිව මෝඩ ගැහැනියකට අන්දවා ගන්නට උත්සාහ කරන බවයි.  ලංකාවේ වැනි ශක්තිමත් ආණ්ඩුවක් ඉන්දියාවේත් බිහි වීම ගැන සතුටු වන බව කියමින් රාජපක්ෂ රෙජිම මන්මෝහන් සිං ප්‍රමුඛ කොංග්‍රස් ආණ්ඩුවට දුර්වල එකක් ලෙස හඳුන්වමින් කොකා පෙන්නුවේ ය. කොංග්‍රස් ආණ්ඩුව නම් ඇත්තට ම ලංකාවේ ආණ්ඩුව විසින් එක්තරා දුරකට මෝඩ ගැහැනියකට අන්දවාගෙන සිටියේය.  එම ඇන්දවීම තුළ, චීනය සමග කදේ ද‍ාගෙන ඉන්දියාවට කොකා පෙන්වමින් සිටීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ලැබිණි. ඉන්දියාවට හිසරදයක් වූ ලංකාවේ ජාතීන් අතර ගැටුම සම්බන්ධයෙන් අද දෙන්නම්, හෙට දෙන්නම් යයි කියමින් විසඳුමක් ලෙස එළු වෘෂණ කෝෂ දෙකක් පෙන්වා ඉන්දියාව ඒ පසුපස නරියකු ලෙස බඩගෑවීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකි විය.  අවට රටවල් විෂයෙහි කොංග්‍රස් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී නැඹුරුව රාජපක්ෂ ආණ්ඩුව අපහරණය කළේ ය. දැන් ඒ ආණ්ඩුව අන්ත පරාජයට පත් වී ත

පාසල් යාම තහනම් - බොකෝ හරාම්

Image
ලෝක තරුණ සමුළුව ලංකාවේ පැවැත්වෙන අතරතුර එයට සහභාගි වූ නයිජීරියානු තරුණ තරුණියන් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා. නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්ත කණ්ඩායම පැහැගෙන ගොස් සිටින තරුණියන් 275කට වැඩි පිරිසක් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙස ලෝකයාට බල කිරීම සඳහායි ඔවුන් උද්ඝෝෂණය කළේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක් අවශ්‍ය බවට ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියා. යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම ස්ථානයට ගොස් ඔවුන්ට මාධ්‍ය හමුවක් ලබාදෙන බවට පොරොන්දු වී විරෝධතාව සමථයකට පත් කළා. එවැනි පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුණා ද යන්න අපි දන්නේ නැහැ. කෙසේ වෙතත්, පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ගැන නිවේදනයක් නිකුත් කළා. නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන් ශිෂ්‍යාවන් 250කට වැඩි පිරිසක් පැහැරගෙන යාම හෙළා දකිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ නයිජීරියානු ජනාධිපති ආචාර්ය ගුඩ්ලක් ජොනතන් වෙත පණිවුඩයක් යැව්වා. ලෝක හෘද සාක්ෂිය කම්පනයට පත්කළ හා විශ්ව පිළිකුලට පාත‍්‍ර වූ මෙම බියගුළු කි‍්‍රයාව තරයේ හෙළාදකින බවත්, ගැහැණු ළමයින් පැහැරගැනීම නින්දිත ත‍්‍

සුන්දර ඉංගිරිිසි: සර්ලා, මිස්ලා, මැඩම්ලා හා තවත් අය

Image
බ්‍රිතාන්‍යයේ 'ද ටෙලිග්‍රාෆ්' පුවත්පතේ අධ්‍යාපනික සංස්කාරක ග්‍රේම් පැටන් වාර්තා කළ ආකාරයට එරට පාසල්වල ගුරුවරුන් 'සර්' හා 'මිස්' කියා ආමන්ත්‍රණය කිරීම වෙනුවට නමෙන් ආමන්ත්‍රණය කිරීම ස්ථාපිත කළ යුතු බවට අධ්‍යානඥයන් යෝජනා කර තිබෙනවා. ලංකාවේත් පාසල්වලටත් ගුරුවරුන්ට 'සර්', 'මිස්' කියා ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදාය පැමිණියේ යටත්විජිත සමයේ එංගලන්තයෙන්.  ගුරුවරුන් සර් කියා ඇමතීමේ අතීතය 16වන සියවස දක්වා විහිදෙනවා. පහළ පංතිවලින් ආ ගුරුවරුන්, විශාල වශයෙන් ඉහළ පංතිවල සිසුන්ගෙන් සමන්විත වූ පංතිවල ඉගැන්වීමේදී සිය ආධිපත්‍යය තහවුරු කර ගන්නට මෙම යෙදුම පාවිච්චි කළ බව Times Educational Supplement හි සඳහන් වෙනවා.  මිස් කියන යෙදුම භාවිතාවට ආවේ වික්ටෝරියානු යුගයේදීයි. විවාපත් කාන්තාවන් රැකියාවලින් ඉවත්ව නිවසේ රැඳීම දිරිගැන්වූ ඒ කාලයේ පාසල්වල ඉගැන්වූයේ අවිවාහක ගුරුවරියන් පමණයි. ඒ නිසා ඒ අය‍ට මිස් කියා ආමන්ත්‍රණය කළා. 20වන සියවසේ පමණ සිට නැවතත් විවාහක ගුරුවරියන් වෘත්තියට පිවිසියත්, විවාහක-අවිවාහකබව නො තකා සියලු ගුරුවරියන් මිස් කියා ආමන්ත්‍රණය කිරීම දිගටම පැවතිය