ඉන්දියාවේ 29වන ප්‍රාන්තය තෙලන්ගානා නමින් බිහි වෙන වගයි
ඉන්දියාවේ දකුණු දිග ද්‍රවිඩ ප්‍රාන්ත රාජ්‍ය හතරෙන් එකක් තමයි ආන්ද්‍රා ප්‍රදේශ්. ආන්ද්‍රා කියන්නේ ලංකාවේ ජන වහරටත් සම්බන්ධ ප්‍රදේශයක්. අන්ඩර දෙමළ කියන වචනය බිඳී ඇවිත් තිබෙන්නේ ආන්ද්‍රා දෙමළ යන යෙදුමෙන් ය කියා කියනවා.
අනෙක් ද්‍රවිඩ රාජ්‍ය තුන තමයි, තමිල්නාඩුව, කේරළය හා කර්නාටකය.
ආන්ද්‍රා දෙමළ කියා හඳුන්වන්නට පුළුවන් භාෂාව වන්නේ තෙළිඟු බසයි. ලංකාවේ අහිගුණ්ඨික මිනිස්සු කතා කරන භාෂාවත් තෙළිඟු මුලයක් සහිත යයි විශ්වාස කරනවා.
තෙලන්ගානා කියන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රාජ්‍යයට අයත් කලාප තුනෙන් එකක්. අනෙක් කලාප දෙක තමයි, වෙරළබඩ ආන්ද්‍රා හා රයලසීමා කලාප. 1950 දශකයේදී ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය ගොඩනැගුවේ කලින් තිබුණු ආන්ද්‍රා රාජ්‍යය හා කලින් පැවති හයිද්‍රාබාද් රාජ්‍යයේ තෙළිඟු බස කතා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශ එකට යා කරලායි.
ඉන්දියාව නිදහස් රාජ්‍යයක් වන්නට කලින් තෙලන්ගානා අයත් වුණේ මුස්ලිම් නිසාම්වරුන් විසින් පාලනය කරන ලද හයිද්‍රාබාද් රාජ්‍යයටයි. නිදහස ලබද්දී මුලින් හයිද්‍රාබාද් නිසාම් පාලකයා ඉන්දීය සංගමයට එක් නො වී නිදහස්ව සිටින්නට උත්සාහ කළත් පසුව ඉන්දීය රජය එම කොටස ඉන්දියාවට බලෙන් සම්බන්ධ කරගත්තා. තෙලන්ගානාව ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රාජ්‍යයට යා කිරීම මුල සිට ම මතභේදයට තුඩු දුන් කාරණයක් වුණා.
තෙලන්ගානාවේ ඉතිහාසය තුළ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවන ලද ගැමි ගොවි කැරැල්ලක් පිළිබඳවත් සඳහන් වෙනවා. 1946 සිට 51 දක්වා දිග්ගැසුණු මෙම ගැමි ගොවි කැරැල්ලේ අරමුණ ඉඩම් හිමියන් වෙතින් ගොවියන් වෙත ඉඩම් අයිතිය ලබා ගැනීමයි. ගොවියන් 4000ක් පමණ දිවි පිදූ මේ කැරැල්ලේදී ගම් 3000ක් විතර නිදහස් කර ගත්තා. ගොවියෝ මේ ගම්වල සමාජවාදී කොමියුන පවා පිහිටුවා ගත්තා. ඉඩම් හිමියන්ට එරෙහිව ඇරඹුණු මෙම කැරැල්ල පසුව පාලක නිසාම්වරයාටත් එරෙහි අරගලයක් බවට පත් වුණා. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ගරිල්ලා හමුදා මේ අරගලයට නායකත්වය දුන්නා.
ඉන්දීය ආණ්ඩුව නිසාම්වරුන්ට එරෙහි යුද ක්‍රියාමාර්ගයක් ඔස්සේ හයිද්‍රාබාද් රාජ්‍යය ඉන්දීය සංගමයට සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුමක් දියත් කළේත් මේ කාලයේමයි. 1948දී හයිද්‍රාබාද් රාජ්‍යය ඉන්දීය සංගමයට සම්බන්ධ කර ගැනුණා. එහිදීත් දස දහස් ගණනක් මිනිස්සු මිය ගියා. එයින් බහුතරය නිසාම්වරයාට පක්ෂ මුස්ලිම්වරු. තෙලෙන්ගානා කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස, ආන්ද්‍රා ප්‍රදේශ් ආණ්ඩුව ඉඩම් ප්‍රතිසංස්කරණ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා.
තෙලන්ගානාව ලංකාවට වඩා ලොකු භූමි භාගයක්. එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 114,840ක්. ජනගහණය තුන්කෝටි පනස් ලක්ෂයකට වැඩියි. ආන්ද්‍රා ප්‍රදේශ් කලාප තුනෙන් වැඩි ම භූමි ප්‍රමාණයක් හා ජනගහණයක් හිමි තෙලෙන්ගානාවටයි. තෙලන්ගානාව වියළි උණුසුම් දේශගුණයක් තිබෙන ප්‍රදේශයක්. එහි ඉඩම්වලින් වැඩි හරියක් වැසි ජලයෙන් පෝෂණය වන ඒවායි. තෙලන්ගානාහි ප්‍රධාන වගාවන් වන්නේ කපු, වී හා බඩඉරිඟුයි. ස්වාධීන ප්‍රාන්ත රාජ්‍යයක් වූ පසු තෙලන්ගානාවේ ආර්ථික බලාපොරොත්තු තබා තිබෙන්නේ තොරතුරු තාක්ෂණය හා බෙහෙත් නිෂ්පාදනය සම්බන්ධයෙනුයි.
තෙලෙන්ගානාව ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍යයෙන් වෙන් විය යුතු ය යන මතය ප්‍රවර්ධනය කළ අයගේ මූලික තර්කය වුණේ ආන්ද්‍රා ප්‍රදේශ්හි සෙසු කොටස් දෙකට සාපේක්ෂව තෙලන්ගානාවට ප්‍රාන්ත රාජ්‍යය තුළ සම තැන නො ලැබුණ බවයි. ආන්ද්‍රා ප්‍රදේශ්හි කලාප තුනෙන් විශාලම එක වූ තෙලන්ගානාව රාජ්‍ය ආදායමෙන් 76%කටම දායක වුණා. ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ගලන ක්‍රිෂ්ණා ගඟේ ජල පෝෂක ප්‍රදේශවලින් 68.5%ක් ද ගෝදාවරී ගඟේ ජල පෝෂක ප්‍රදේශවලින් 69%ක් ද පිහිටා තිබෙන්නේ තෙලන්ගානාවේ. ඒත් ජලය, අයවැය ප්‍රතිපාදන, රැකියා ආදිය බෙදා දීමේදී තෙලන්ගානාවට අසාධාරණයක් සිදු වන බවයි, තෙලන්ගානාව නිදහස් ප්‍රාන්තයක් බවට පත් කර ගත යුතුයි කියා අරගල කළ ජනයාගේ දුක්ගැනවිල්ල වුණේ.
නිදසුනක් ලෙස ආන්ද්‍රා ප්‍රදේශ් රජයේ සේවකයන් අතර තෙලන්ගානා වැසියන් සිටින්නේ 20%ක් පමණක් බව මේ ප්‍රශ්නය ගැන ලියන මහාචාර්ය ජයශංකර් පවසනවා. ඔහු පෙන්වා දෙන පරිදි තෙලන්ගානා වැසියන් විසින් ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍යයේ මහ ඇමති පදවිය හොබවා තිබෙන්නේ පනස් වසරක ඉතිහාසය තුළ වසර හයහමාරක කාලයක් පමණයි. ඒත්, අනෙක් කලාප දෙක වන රයලසීමාහි වැසියන් වසර 27ක් ද, වෙරළබඩ ආන්ද්‍රා ප්‍රදේශ් කලාපයේ වැසියන් 24 වසරක් ද අන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති පදවිය දරා තිබෙනවා.
තෙලන්ගානා නිදහස වෙනුවෙන් අරගල කළ ක්‍රියාධරයන් පෙන්වා දුන්නේ වසර පනහක් තිස්සේ ම මෙම අසාධාරණයන් දුරලීම සඳහා ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස තෙලන්ගානාව පසුගාමී තත්වයක තිබෙන බවත්, ස්වාධීන ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් වුණහොත් තමන්ගේ ප්‍රදේශය සංවර්ධනය කර ගැනීම සඳහා වැඩි අවස්ථාවක් ලැබෙන බවත් ඔවුහු තර්ක කරනවා.
තෙලන්ගානා වැසියන්ගේ දේශපාලන හිමිකම් වෙනුවෙන් දියත් වූ තෙලන්ගානා රාෂ්ට්‍ර සමිතියේ නායත්වයෙන් යුත් ව්‍යාපාරය තුළ 2010 සිට 2012 දක්වා කාලය තුළ තරුණ මිනිසුන් 300ක් පමණ සිය දිවි නසාගෙන තිබෙනවා. ඉන් 16දෙනෙක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගත්තා. තෙලන්ගානා සටන සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාර,සහයෝගය නො දීමේ ව්‍යාපාර, වර්ජන ආදියෙන් සමන්විත දිග්ගැසුණු අරගලයක්. ඒත්, එහි සන්නද්ධ අරගලයක් තිබුණේ නැහැ. කුල පීඩනයට එරෙහිව සටන් කරන දලිත් ජනයාත් මෙම අරගලය තුළ ක්‍රියාකාරීව සිටියා. මෙම ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලෙස සමාජ ක්‍රමයේ වෙනසක් යෝජනා කළ සමාජවාදීහු ද මේ අරගලයේ සිටියා.
2013 ජුලි 30දා පාලන කොංග්‍රස් පක්ෂයේ කෘත්‍යාධිකාරී කමිටුව තෙලන්ගානාව ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍යයෙන් ස්වාධීන ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් කළ යුතු යයි මධ්‍යම රජයට යෝජනා කරන්නට නිර්දේශ කළා. 2013 ඔක්තෝබර් 03දා මධ්‍යම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තෙලන්ගානාව ස්වාධීන ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් කිරීමේ යෝජනාව සම්මත කළා. ඒ අනුව තෙලන්ගානාව ඉන්දියාවේ 29වන ප්‍රාන්ත රාජ්‍යය බවට පත් වෙනවා. 2013 දෙසැම්බර් 11දා, ඉන්දීය මධ්‍යම ආණ්ඩුව තෙලන්ගානා පනත් කෙටුම්පත ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍ය සභාවට යොමු කළේ ඒ පිළිබඳ සභාවේ අදහස් ලබා ගන්නටයි. ඉන්දීය ව්‍යවස්ථාව අනුව, නව ප්‍රාන්ත රාජ්‍ය හා ස්වාධීන ප්‍රදේශ නිර්මානය කිරීමේ බලය හිමි වන්නේ මධ්‍යම ආණ්ඩුවටයි. තෙලන්ගානාව නිදහස් ප්‍රාන්තයක් බවට පත් කිරීමේ මධ්‍යම ආණ්ඩුවේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට ප්‍රාන්ත රාජ්‍ය සභාවේ අනුමැතිය අවශ්‍ය නැහැ.
2014 පෙබරවාරි 18දා තෙලන්ගානා පනත ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේ සම්මත වුණා. ඒ සඳහා කොංග්‍රස් ආණ්ඩුවට භාරතීය ජනතා පක්ෂයේ ද සහයෝගය ලැබුණා. පෙබරවාරි 20දා එය රාජ්‍ය සභාවේ සම්මත වුණා. පනත ජනාධිපති විසින් අනුමත කර ගැසට් කිරීමෙන් පසුව තෙලන්ගානාව නිදහස් ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් වෙනවා.තෙලන්ගානා ප්‍රාන්ත රාජ්‍යය පිහිටුවන දිනය ඉන්දීය මධ්‍යම ආණ්ඩුව තවම තීරණය කරලා නැහැ. ප්‍රාන්ත රාජ්‍ය දෙක අතරේ බලතල, සම්පත් ආදිය බෙදා ගැනීමේ සංකීර්ණ කාර්යයක් මධ්‍යම ආණ්ඩුුව ඉදිරියේ තිබෙනවා.
පැරණි ආන්ද්‍රා ප්‍රදේශ්හි ප්‍රධාන නගර දෙක තමයි, හයිද්‍රාබාද් හා විසාකාපට්නම්. තෙලන්ගානාවෙන් වෙන් වුණ අලුත් සීමාන්ද්‍රා ප්‍රාන්ත රාජ්‍යයට අගනුවරක් නිර්මානය කරගන්නා තෙක් වසර 10ක කාලයක් හයිද්‍රාබාදය මේ ප්‍රාන්ත රාජ්‍ය දෙකේ ම පොදු අගනගරය ලෙස පවතීවි.
අලුත් තෙලන්ගානා ප්‍රාන්ත රාජ්‍යය 84%ක් හින්දු බහුතරයකින් සමන්විත රාජ්‍යයක්. ප්‍රධාන සුළු ජනවර්ගය වන්නේ 12.4%ක් වන මුස්ලිම්වරුයි. එහි ප්‍රධාන භාෂාව වන්නේ ජනගහණයෙන් 76%ක් දෙනාගේ භාෂාව වන තෙළිඟු බසයි. මුස්ලිම් අය අතර උර්දු බස භාවිතා වෙනවා.
තෙලන්ගානාව නිදහස් ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් කිරීමට එරෙහි සීමාන්ද්‍රා දේශපාලන ව්‍යාපාර තෙලන්ගානා ප්‍රශ්නය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යන්නට උත්සාහ කරනවා.
තෙලන්ගානා ප්‍රශ්නය ධනවාදය විසින් නිර්මානය කර තිබෙන විෂමතාවන්ට එරෙහි ලෝක ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ කොටසක් ලෙස ඉන්දියාවේ වාමාංශික සිවිල් සමාජ කණ්ඩායම් විසින් අර්ථකථනය කර තිබෙනවා.
ඒත්, ගතානුගතික මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය මේ පිළිබඳව දරන ස්ථාවරය වෙනස් එකක්. ඔවුන් කියන්නේ තෙලන්ගානා නිදහස විසින් ඉන්දියාව පුරාම බෙදුම්වාදී රැල්ලක් ඇති කරාවි ය කියායි. ඒත්, සුභාෂ් චන්ද්‍රබෝෂ් අනුගමනය කරන ෆෝවර්ඩ් බ්ලොක් නම් වාම ජාතිකවාදී සංවිධානය නම් කියන්නේ මෙවැනි කුඩා රාජ්‍යවල ඉල්ලීම් පිළිබඳ සොයා බලා ඒවාට තිරසාර විසඳුම් ලබා දීම සඳහා නැවත වතාවක් රාජ්‍ය ප්‍රතිසංවිධානය කිරීමේ කමිටුවක් පත් කළ යුතුව තිබෙන බවයි.
(ජනරළ පුවත්පත වෙනුවෙන් ලියන ලදී)
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

අනෙක් ද්‍රවිඩ රාජ්‍ය දෙක තමයි, තමිල්නාඩුව හා කර්නාටකය. //
ReplyDeleteපැරා ඔබට කේරලය මඟ ඇරිලා නේද?
තෙලිගු මිනිසුන් හා ලංකාව අතර සබඳතා ඈතට දිව යනවා.එකල සිටි එක් සෙනෙවියෙක් තමයි අන්ධ සෙනෙවියා.මේ නිළ නාමය ආන්ද්‍ර සේනාවේ සෙන්පති ලෙස දැක්වුනා විය හැකියි.සමහරු කියනවා නයිදේ යන නම මොවුන්ගෙන් ලැබුනක් ලෙස .එය පද නිරුක්තියක් පමනයි.
නයිදේ = නායිදු ( හිටපු මහ ඇමති චන්ද්‍ර බාබු නායිදු,සරෝජිනී නායිදු )
ද්‍රවිඩ ජාතිවාදය දෙමළ ජාතිවාදයක් බවට තනුක වීමෙන් පසු ආන්ද්‍ර ප්‍රදේශ් එම ජාතිවාදයෙන් මඟ ඇරුනා.කෘත්‍රිම ප්‍රාන්ත එහි විවිධ ප්‍රාදේශීය විශමතා මත බෙදී යාම සිදුවිය හැකියි.හින්දු ආගමික රැහැනකින් බැදුනත් ඉන්දියාවෙ බෙදුම්වාදී ප්‍රවනතා බහුලයි.ඉන්දියානුකම තිබෙන්නේ පිටස්තරයන් ඉදිරියේයි
ඔව්, කේරළය මගහැරිලා. එය නිවැරදි කළා. ස්තුතියි
Deleteද්‍රවිඩ saha දෙමළ me 2 venasa poddak explain karanna. thank you.
Deleteද්‍රවිඩ කියන්නේ දෙමළ දේශපාලන ප්‍රජාවට වඩා පුළුල් එකක්. ද්‍රවිඩ දේශපාලන ප්‍රජාවට දෙමළ, තෙළිඟු, මලයාලම් හා කන්නඩ කියන ජනවර්ග හතරම අයත් වෙනවා.
Deleteද්‍රවිඩ කියන්නේ භාෂා පවුලක් ලෙසත් සලකන්න පුළුවන්. ය සැදුම් ලබන්නේ එක් මූලයකින් පැවත එන දෙමළ, තෙළිඟු, මලයාලම් හා කන්නඩ භාෂාවන්ගෙන්.
මුලු ලෝකයේ ම දැනුම් පද්දතියටම අභියෝග කල හැකි ඉතා දියුනු පුද්ගලයකු ලන්කාවෙන් බිහිවී ඇත.තවම නියම නමින් පෙනී නොසිටින ඔහු යකා නමින් බ්ලොග් එකක් පවත්වාගෙන යමින් අන්තර්ජාලය හරහා පමනක් පොදු ජන ව්යපාරයක් ඇති කිරීමට මුල පුරා ඇත.මොහු සමග සැලකූ විට මාක්ස් වැනි වාමාන්ශිකයනුත් රිකාඩෝ වැනි දක්ශිනාන්ශිකයනුත් පට්ට මෝඩයන්ය.මොහු බිහිවී ඇත්තේ අපේ පරන පිනකටය.මොහු රැක ගැනීම අප්ගේ පලමු අදිශ්ටානය කර ගනිමු
Deleteබොලවු එහෙම එකෙකුට හිටියෙ අර කැළණියේ නාථ දෙයියන්ගෙ මෑන් විතරයි නොවැ. මේ යකා නාථගෙ ගෝලයාවත් ද ? නැතිනම් අලුත්ම යකෙක්ද ?
Deleteගොරක යකා, දත් දොස්තර යකා සහ පිස්සු යකා - He is still around!
Deletehttp://kathandara.blogspot.com/2014/02/he-is-still-around.html
මේ යකා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නොවෙයි.තමන්ගේම මොලෙන් තමන්ගේ ස්රිමය කැපකරලා අලුත්ම දැනුම් පද්ද්තියක් සොයා ගත්ත කෙනෙක්.නමුත් කවුරුවත් ඒක ගනන් ගන්නා පාටක් පෙනෙන්න නැහැ.පොරට මල පැනලා තියෙන්නේ ඒකයි.පව් ඒ දැනුමට අනුව මුලින්ම කල යුත්තේ මහින්ද රැක ගැනීමට චන්දය දීමත් වනාතෙන් මිනිස්සු එලවීමත්.
Deleteපහලින් ලියමි මේ දිනවල රජයේ රෝහල්වල මානසික රෝගීන්ගේ බෙහෙත් හිගයක් ඇතැයි දැන ගැනීමට ඇත

This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteමාක්ස්වාදය ගැන යමක් පැහැදිලි කළාට යකාට බොහොම ස්තුතියි. මාක්ස්වාදය කියන්නේ කිසිම ප්‍රබුද්ධ මතවාදයක් නෙවෙයි. මාක්ස්වාදීන්ට ඕනේ රටවල් වල ජාතිකත්වයන් බිඳවට්ටා මළකඳන් වල සාරය උරා බොන ඉහඳ පනුවො වගේ වැඩෙන්න විතරයි.
Deleteද්‍රවිඩ කියන්නේ විශාල කුලකයක්, දෙමළ, මලයාලම්, තෙලගු ආදිය එහි උපකුලකයන්.
Deleteකාල් මාක්ස් කියන්නේ කොහොමත් අපේ රටේ එකෙක් නෙවෙයිනේ. අනෙක ඌ තරම් බලහත්කාරයෙන් මිනිස්සුන්ට තමන්ගේ මතය පටවන්න හදපු එවුන් ලෝකේ කොහෙවත් නැතුව ඇති. උගේ මෝඩ අනුගාමිකයන්ට මේ මාක්ස් කියන එකා දෙවියෙක් වෙන්න පුලුවන්. නමුත් හිතන්න මොළයක් තියෙන තමන්ට කියලා මතවාද තියෙන කිසිවෙක් මේ මෝඩ පන්ඩිතයව ගනන් ගන්නේ නෑ.
Deleteමාක්ස්වාදීන්ට මේ රටේ චන්ද දිනන්න බැරි රටේ ලොකු වාසනාවකට.
Delete\\හින්දු ආගමික රැහැනකින් බැදුනත් ඉන්දියාවෙ බෙදුම්වාදී ප්‍රවනතා බහුලයි.ඉන්දියානුකම තිබෙන්නේ පිටස්තරයන් ඉදිරියේයි\\
Deleteඔබ හරි ඉන්දියාවේ විවිධ භාශා තුන්දහස් ගනනක් කතා කරන විවිධ ජ්න කණ්ඩායම් සිටිනවා. ඒ සේරගේම ඒකාබද්ධතාවයේ පදනම හින්දු ආගම හා හින්දු සංස්කෘතියයි. නමුත් ඔවුන් අතරත් විවිධ ගැටුම් තිබෙනවා. ඉන්දියාව ලෝකයට පෙන්වන්නේ වෙන දෙයක්.
Yakaa
Deleteබ්ලොග් එකකත් ෆේස්බුක් එකේත් සන්වාද කරන්නේ ඇයි.අපි මුහුනට මුහුන සන්වාද කරමු.අර ඔයාගෙ පොත් එලියට දාන දවසේ.දැන් සියයට අනූ නවයක් ඉවරයි කිව්වානේද.පොත එලියට දාන දවසේ අපට කියන්න.අපි අනිවාර්යයෙන් එන්නම්.ඔයාගේ පොතේ කරුනු ඇත්ත කියලා ඔප්පු වුනොත් අපි කොන්දෙසි රහිතව ඔයාට උදව් කරනවා.මේක අබියෝගයක්.වෙන වෙන වැල් බයිලා කියලා මග අරින්න එපා.එකමදේ කලින් පොතේ කොපියක් අපිට දෙන්න.මේ සන්වාදය කරන්නේ පොත අතේ ඇතිව එදාට
යකා ,අර ඔයාගේ මනෝ විද්යාත්මක ලිපිය ගැන කතා කරන්න කැමතියි.ඒක ලියන්නේ ඩී එම් එස් 4 වලට අනුවද කියලා විතරක් කියන්න.
Deleteඅතිරික්ත වටිනාකම බොරු කරන්න බැහැ කවුරුත් කරලත් නැහැ කරන්නේ ප්‍රතික්ශේපකිරීම පමනයි කිවූ විට යකා කියන්නේ මට පුලුවන් එම නිසා මම දිනුම් ඔයාගේ රෙදි ගැලවුනාමම ලගදීම තවත් ලිපියක් ඔය ගැන ලියනවා කීම පම නයි.එය බොරුවන්නේ කෙසේද කියා කියන්නේ නැහැ.කියන්න ඔහු දන්නේ නැහැ.දන්නවානම් කියන්න.
Deleteයකා නම් තැනැත්තා තමාගේ දැනුමේ වපසරිය පැදිලි කලේ මෙසේය
Delete//මට හැබැයි භෞතික විද්යාවතමක දේවල් නම් තේරෙන්නෙ නෑ.//
නමුත් ඔහු මානසික රෝග ගැන ලිපි ලිවීමට යයි.මානසික රෝග ගැන ලිපි ලියන්නට නම් නියුරෝ පිසියෝලොජි අනිවාර්ය බවවත් මේ මැටි හරකා දන්නේ දන්නේ නැත.
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Delete
Deleteමේ යකා නමැති පුද්ගලයා මුලින්ම ප්ර කාශ කලේ මෙහෙමයි
//අතිරික්ත වටිනාකම පිලිබද න්යාය සාවද්යය වීම//
හෙවත් අතිරික්ත වටිනාකම වැරදියි කියායි.මා ඇසුවේ එසේ වන්නේ කොහොමද කියාකියන්න කියායි.ඔහු කලින් කිව්වේ ඒ ගැනලිපියක් පලකරනවා කියායි. නමුත් දැන් කියන්නේ
//.ඔබ යමක් අතිරික්ත වටිනාකම ලෙස දකිනවා ඒක එක්තරා එළඹුමක්.මම එය වෙනත් විදියකට දකිනව ඒක තවත් එළඹුමක්.//
දැන් තවත් කෙනෙකුට තවත් එලැබුමක් තවත් කෙනෙකුට තවත් එකක් ලෙස එලැබුම් කෝටි ගනනාවක් තියෙන්න පුලුවන්.
//ඔබගේ අතිරික්ත වටිනාකම හැම තැනටම ගැලපෙන්නේ නෑ//
අතිරික්ත වටිනාකම යනු සන්කල්පයකි .සන්කේත ලෝකය තුල සන්කල්ප භාවිතා වීමේ සීමාවන් තිබේ.ඒවා මේ සන්කල්ප වල දුර්වලතාවන්නොවේ.සන්කේ ත ලෝකය යනු මිනිසා ශිශ්ට බවට පත්වීමයි.යම් සන්කල්පයක සීමාවන් වටහාගැනීම යනු ශිශ්ටත්වයේ ලක්ශ්නයකි.හෙවත් කවුරුවත් නිව්ටන් නියම පන්සිල්වලට යොදාගන්නට බැරි ඇයි කියා අහන්නේ නැත.
//ඔවුන් ආර්ථිකය ගැන කතා කරන විට අප හැම දෙයක්ම කතා කරමින් ඒ සමස්තය එසේ වන්නේ ඇයි දැයි පහැදිලි කරනවා.//
ඔබ ට සමස්ත යක් ගැන කතා කරනවානම් ඔබ රස්සාවක් කරන්නේ ඇයි රස්සාවකට ගිය ගමන් ඔබ සමස්තයෙන් කැඩී වෙන් වෙනවානේ.ඔබ කියන දෙවල් ඔබේ එදිනෙදාජීවිත්යේවත් නැහැ නේද බොරුවට කයි දෙනවා නේද
මම ඔබට කියූඅභියෝගය තවත්සරල කරන්නම්.ඔබ මනෝ විද්යාව දන්නවා කිව්වනේ.දැන් ඔබ අර මානසික රෝග ගැන ලියන ලිපිය සමස්තයට අදාලව ලියලා පෙන්නන්න.හරියට ලිව්වොත් මම කොන්දෙසි රහිතව වැරැද්ද පිලිගන්නවා.එතැනදී සමස්තයට අදාලව anatomy physiology, biochemistry, pathology, pharm ටික පමනක් විස්තර කලත් ඇති. සතියක් ඇතුලතවත් කරලා පෙන්නන්න.
ඇයි මාක්ස්ගේ එන්ගල්ස්ගේ කලිසම් ගලවනවා කිව්වා නේද කරන්න කෝ අපටත් බලාගන්න එක්ක.එතකොට ඔය එලැබුම් කතා තිබුනේ නැහැ නේද.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Delete//ඩොක්ටර්ලට මගෙ සබ්ජෙක්ට් එක බෑ වගේම අම්ටත් ඒ අයගෙ සබ්ජෙක්ට් බෑ.//
Deleteඕක කලින්ම කිව්වානම් ඉවරයිනේ.සමස්තයක් ගැනකතා කලාට වැඩවල ඒක නැහැ කියලා.
//පැහැදිලිකරන්න පුළුවන් යැයි ඔබලා උජාරුවෙන් පෙන්වන දේවල් පෙන්වා දෙන්න ඔය අතිරික්ත වටිනාකම අවශ්යි නැහැ//
ඇයි ඒක දන්නේ නැති හින්දද.
//.ඩී ,එස්,එම්,ආර් එක තමයි අපේ මූලාශ්රෙය//.
ලන්කාවේ ඩී එස් එම් උගන්නන්නේ මනෝ වයිද්ය පශ්චාත් උපාදිවලට පමනයි.හය මාසේ ඩිප්ලෝමා වලින් ලිපි ලියන්න පුලුවන් නම් ඉස්පිරිතාල ඇටෙන්ඩන්ලාට චැනල් කරලා සර්ජරි කරන්නත් පුලුවන් වේවි.
//අතිරික්ත වටිනාකම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? මේ ප්රනශන්යට උත්තරයක් දෙන්න .එවිට මා ඔබට පොරොන්දු වූ ලිපිය පළ කරන්නම්.//
හා මචන්.ඒක මොන භාශාවෙන්ද ඕනේ
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteඅපිටත් ඔයාව මිනිහෙක් නොවෙයි.නිකම් මේ කලා උපාදි කට්ටක් තියාගෙන මහාචාර්ය කියල හිතාගෙන ටෝක් දුන්නට කවුද ඔයාව ගනන් ගන්නේ.
Deleteඇනෝ කෙනෙක් කිසිමවෙලාවක කිසිම දේකට පාවිච්චි කරන්න බැරි බවවත් දන්නේ නැති ඔයා වගේ ගොන් ජෝක් කාරයන්ට මොන මාක්ස්වාදයක්ද.ඔයා මන් කවුද කියල හොයාගෙන එලිදරව් කලානම් අන්න එහෙම කියන්න තිබුනා.
ඔයා දොස්තරලා එක්ක තියෙන ප්රකශ්න උන් එක්ක බලාගන්න .මාත් එක්ක ඕවා කතාකරලා වැඩක් නැහැ.මට අනුකලනය කතාකරන්නත් පුලුවන්.අවකලනය කතාකරන්නත් පුලුවන්(දැන් ඉන්ජිනේරුවන්ට බනින්න(මහාචාර්ය අමරසේකරගේ ලෙක්චර්ස් ගැන කතාකරන්නත් පුලුවන්(දැන් ලෙක්චරස්ලට බනින්න(
අපි මහපොලවේ මිනිස්සු අතර දෙශපාලනය කරන මිනිස්සු.ඔයා වගේ යන්තම් හතර පස් දෙනෙක් බලන බ්ලොග් කට්ටකින් ඔයා අපිට මොනවා කරන්නද.දත් මිටි කන එක විතරයි ඔයාට කරන්න පුලුවන්
දැන් ඔයා බ්ලොග් බලන අය අතර විහිලුවක් වෙලා ඉවරයි.කවුරුවත් ඔයා එක්ක දාර්ශනික සන්වාද කරන්න එන්නේ නැහැ.මට කියන්න තියෙන්නෙ ඔයා තවටිකක් හෙලුවෙන් නටන්නකෝ කියලා තමයි
හප්පේ මාක්ස්වාදයේ අඩුපාඩු ගැන ටිකක් එලිවෙනකොට අනෝට තරමක් කේන්ති ගියේ මොකද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මටනම් ගැටලුව වෙන මොකක්වත් නෙවෙයි බටහිර පණ්ඩිතයන් කියපු කරපු දේවල් අදහන්නත් ඒ මත එල්බගෙන මේ රට ඇතුලේ එක එකා වාද විවාද කරකර ගන්න මෝඩ ආතල් එක මොකක්ද කියන එකයි. ඔය මාක්ස්වාදය වගේ දේවල් වල එල්බගෙන ප්‍රබුද්ධකමක් ඇඟට අරන් මේරටේ මාක්ස් ගැන හසරක් නොදන්න එවුන් එක්ක වාද කරන එකට වඩා අපි හිතන්න ඕනේ රටක් හැටියට අපට අපේ අනන්‍යතාවය තුල ලෝකය ට අපේ මතවාද ගෙනයන්නත් අපේ මතවාද තුල පිහිටලා අපේ ඉදිරිගමනක් යන්නත් කියන එකයි වැදගත් වෙන්නේ.
Deleteමේ කාටකාටත් මත්ක්කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි "අතිරික්ත වටිනාකම", "සමස්ථය", "එළඹුම" වගේ මොන වචන ගත්තත් ඒවා සේරම අප විසින් ගොඩනගන සංස්කෘතික පරිසරයකට සාපේක්ෂවයි අර්ථවත් වෙන්නේ. ඒ මොන අරුත්ගැන්වීමක් වුවත් අපේ මනසට සාපේක්ෂ වෙනවා. එතනදී අපට මනස යන්න සියල්ලෙන් සම්පූර්ණයි කියන්න බෑ. මිනිස් මනසේ දුර්වලතාවයන් කොතෙකුත් තියෙනවා. මේ දුර්වලකම් අතර විවිධ මට්ටමේ කුහකත්වයනුත් තිබෙනවා. මාක්ස්වාදයටත් ඒක පොදුයි. මම මෙතනදී මාක්ස්වාදය ගැන කිවුවේ මෙතන සංවාදයට ඒක එක කොනකින් තියෙන නිසා. මාක්ස් සේරටම වඩා ඔහුගේ මනසට ගෝචර වූ සමාජවාදය ඔහුගේ කුහකත්වයනුත් සමග ලෝකයටම පොදු දෙයක් කරන්නත් උත්සහ කළා. ඔයටික මතක තියාගන්නත් ඕනෙමයි.
Deleteදැන් අනිත් අයගේ කුහකත්වය ගැන කතා කරන්නේ ඔයාගේ කුහකත්වයක් නැත්ද.මාක්ස්ගේ කුහකත්වයක් තිබුනා කියන්න ඔයා මාක්ස් ගේ හිත ඇතුලට ගිහින් බැලුවද.නැත්නම් මාක්ස්ගේ තාත්තද.අර යකාගේ කවුරුත් එන්නැති බ්ලොග් එකට ගිහින් ඔය දෙන්නා ජාතික ප්‍රශ්නය ගැන සන්වාද කරලා රටක් හැටියට ඉස්සරහට යන්නකෝ.
DeleteThis comment has been removed by the author.
Deleteදශක ගනනාවක් ඔප්පු සහිතව ජීවත්වුන මිනිස්සු කොටසක් ඔවුන් ජීවත්වන ගෙවල් වලින් එලවන්න ඕනැය කියන ඔබ වගේ පල් බූරුවන්ට මොන නව අදහස්ද.කෝ අර ඔයාගේ අති විශාල පොත ,කාම රෝග ලිපිය. පව් අප්පා.
Deleteකාලෝචිත ලිපියක්.
ReplyDeleteනිවැරදි විය යුතු තැන්/ අපැහැදිලි තැන් තවත් කීපයක් තියෙනවා නේද?
1. ඉන්දියාවේ දකුණු දිග ද්‍රවිඩ ප්‍රාන්ත රාජ්‍ය තුනෙන් එකක්....
(හතරක් නේද?)
2. තෙලන්ගානාවෙන් වෙන් වුණ අලුත් සීමාන්ද්‍රා ප්‍රාන්ත රාජ්‍යයට....
(??)
3. අලුත් තෙලන්ගානා ප්‍රාන්ත රාජ්‍යය 84%ක් හින්දු බහුතරයකින් සමන්විත රාජ්‍යයක්. ප්‍රධාන සුළු ජනවර්ගය වන්නේ 12.4%ක් වන.....
(ඇයි මේ ආගම අනුව 'ජන වර්ග' වෙන් කරලා?)
තුන්වන කාරණය ගැනයි.
Deleteඉන්දියාවේ දේශපාලන ප්‍රජාවන් සංවර්ධනය වීම තුළ දෙමළ, තෙළිඟු වැනි අනන්‍යතා ඉක්මවා යමින් හින්දු අනන්‍යතාවක් ගොඩනැගෙන ආකාරය දකින්නට පුළුවන් නේ ද? එහෙත්, මුස්ලිම් අනන්‍යතාව ඇත්තේ එයට පිටින්. මේ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධයි වගේ.
ඉන්දියාවේත් නැති දෙය තමයි ඉන්දියානු අනන්‍යතාව. ලංකාවේත් එහෙමයි. ශ්‍රී ලාංකිකයන් නැහැ.
රටක අනන්‍යතාවය තියෙන්නේ රටින් පිටයි. ඉන්දියානුවන් ඉන්නේ ඉන්දියාවෙන් පිට. ලංකාවෙන් පිට තමයි ශ්‍රී ලාංකිකයින් ඉන්නේ.
Deleteමේක හරියට කොළඹ කියන සංකල්පය වගේ.
දැන් කොළඹින් පිට නගරවල ඉඳලා කොළඹ කියලා බෝඩ් ගහගෙන බස් ආවට හරියටම කොළඹ කොහේද තියෙන්නේ? පිටකොටුව, කොටුව, මරදාන, අළුත්කඩේ, බොරුල්ල, ග්‍රෑන්ඩ්පාස්, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, ටවුන්හෝල් මිස.
හැබැයි මතුගම ඉඳලා එනකොට දෙහිවල/වැල්ලවත්ත පාලමේ සිට තොටලඟ/පෑලියගොඩ දක්වාම කොළඹ තමයි. ඉස්සර මං කලවානෙන් කොළඹ යන්න කොළඹ බස් එකේ නැගලා බහින්නේ රත්මලානෙන්!
දීප්ති කුමාර ගේ ප්රකශ්ණය වන්නේ ඔහුගේ භාෂා නොදැනීම සහ අහුල් සහගත භාෂා භාවිතය බව මා මීට පෙර ඔබ දීප්ති ගැන කල සටහනකට ප්රවතිචාර ලෙස සටහන් කෙරුවෙමි. මාගේ මෙම තර්කය මත පිහිටා නැවත ඔබ දීප්තිව පතුරු ගසා ඇත. මගේ සටහන නැවත බැලීම සදහා ඔබගේ පෙර සටහන් පරීක්ෂා කල මුත් එය සොයා ගැනීමට නොහැකි විය. ඔබ විසින් එය මුළුමණින්ම ඉවත් කර ඇති බවට හා තුල සැකයක් පවති. පැහැදිලි කිරීමක් කරන්න.
ReplyDeleteදයාරත්න
ඔබගේ සටහනක් පිළිබඳ මට මතක නැත. එවැනි කිසිදු කමෙන්ටුවක් ඉවත් කර ද නැත.
Deleteඔබට තිබෙන ප්‍රශ්නය මා ඔබගේ වටිනා අදහසක් සොරකම් කරගෙන තිබේ ය යන්න බව පෙනේ.
දීප්තිගේ භාෂා නො දැනුම පිළිබඳ සොයා ගැනීමේ ගෞරවය ඔබ ම අරගන්න. මට නම් එහි කිසිදු වටිනාකමක් නැත.
තමා සොයාගන්නේ නැතුව අනුන්ව සොයන්නේ කෙසේද?
Deletehttp://www.w3lanka.com/2013/08/valediction-forbidding-mourning.html?showComment=1377711061524#c6177128238976562191
මාගේ පෙර සටහනට ඔබත් තවත් සහෘදයකුත් කල ප්ර්තිචාරයන්ට තුති. තොරතුරු සහ විග්ර්හයන් අතර වෙනසක් තිබෙනවා. ඔබ මෙහිදී කරන්නේ අපට තොරතුරු ප්රරමාණයක් ඉදිරිපත් කිරීමයි. ඉන්දීය ෆෙඩරල් ක්රසමය එහි ජාතීන්ට ස්ව පාලනය පවත්වාගෙන යෑමටත් ජාතික අනන්යනතාවය සහිතව ජීවත් වීමටත් අදාල තත්වය නිර්මාණය කල බව අවිවාධිතයි. ලංකාව තුල ස්වයං දෙමල රාජ්ය යක් තබා ව්යීවස්තාවේ කොටසක් වන 13 සංශෝදනයටත් ඔබ ජන්දය දෙනවා කියන ජවිපෙ මාරාන්තිකව විරුද්ධයි. ඔබ අනු දකින දේශපාලන සංවිධානය ලෙස අපට තේරුම් යන පෙ.ප තමන්ගේ මතය සංයුක්තව ඉදිරිපත් කිරීමට මෙතෙක් ක්රිායාකර නැහැ. පෙරටුගාමීන්ද ජවිපෙ මතයෙන් පූර්ණ ලෙස කැඩී ඇති බවට දැන ගන්නට නැහැ. හෙළ උරුමයේ ජාතිවාදීන් සහ ජවිපෙ, පෙප අතර අපට නම් වෙනසක් නැහැ. ඔබ තොරතුරු ඉදිරිපත් කරන අතරේ මේ සම්බන්දයෙන් විග්රහහයකට යෑම හිතාමතා මග හැර තිබෙනවා.
ReplyDeleteDayaratne
ඡන්දය දීම කියන්නේ මගේ දේශපාලනයේ වැදගත් ම කාර්යය නොවෙයි. මම මේ කරන ලිවිල්ල මට ඊට වඩා බොහෝ සෙයින් වැදගත්.
Deleteජවිපෙ හා පෙරටුගාමී පක්ෂයේ අය සමග දේශපාලනිකව නිමග්න (engage) විය යුතු බව මගේ ස්ථාවරයයි. මම එය මට හැකි පමණින් කරනවා. අප කැමති අය සමග විතරක් දේශපාලනය කරන්නට අපට බැහැ. දෙන ලද තත්වයන් එක්ක වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ.
ඔබ ස්වයං නිර්ණ අයිතිය පිළි ගන්නවා ද නැද්ද වැනි කොන්දේසි ඉදිරිපත් කර අපේ මතය පිළි ගන්නේ නැතිනම් ඔබ සමග අපට ගනුදෙනුවක් නැතැයි කීමෙන් කිසිවක් ලැබේ යයි මම නම් හිතන්නේ නැහැ.
මම උත්සාහ කරන්නේ අඩු තරමේ මගේ මතයට ඔවුන් සවන් දෙන තත්වයකට හෝ පත් කර වෙන්නයි.
ඒ උත්සාහයේදී මාව බාල විධියට පෙනෙන්න ඉඩ තිබෙනවා. ඉතින් මොකද? මං කවුද? වඩා වැදගත් මං ද? මං කරන දේ ද?
කෝ අපේ හැලපයියා ? එතුමා කාලයක් ඉන්දියාවේ හිටපු නිසා මේ ප්‍රාන්ත රාජ්‍ය වෙන්වීම ගැන එතුමාගේ අදහසුත් දැනගන්න ආසයි.
ReplyDeleteතෙලෙන්ගනා නව ප්‍රාන්තය ගැන පරා ලියපු හඬ ලිපියක්. ඒකෙන් බොහොම වැදගත් කරුණු එලි දක්වලා තියෙනවා. පසුගිය කාලය මුළුල්ලේ තිබුනේ මේ නව ප්‍රාන්තය පිහිටු වීමට එරෙහි මත පමණයි එසේ එරෙහි වීමට පාදකවූ කරුණු ගැනත් විශ්ලේෂණයක් කලානම් තවත් අගෙයි.
ReplyDelete///වෙරළබඩ ආන්ද්‍රා ප්‍රදේශ් කලාපයේ වැසියන් 24 වසරක් ද තෙලන්ගානා මහ ඇමති පදවිය දරා තිබෙනවා. //////
ReplyDeleteපැරා......මේ කියන්නේ අන්ද්‍රා මහ ඇමති පදවිය යුතුයි නේද?
ඔබ හරි. නිවැරදි කළා.
Delete