ධනවාදී පරිභෝජනවාදී විෂම චක්‍රයේ පල් වලේ එකට නාන වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති හා නව සමසමාජ පක්ෂ නායක

පොලිස් ස්ථානයක ස්ථාන භාර නිලධාරියකු යයි කියන්නේ ප්‍රදේශයක ප්‍රභූවරයෙකි. වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ද එවැන්නෙකි. ඔහුත්, බිරිඳත් දෙදෙනාම කුඩු විකුණා අසු වූහ.

නියෝජ්‍ය පොලිස්පතිවරයකු යයි කියන්නේ ඊටත් වඩා ප්‍රභූවරයෙකි. එහෙත්, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනත්, ඔහුගේ පුතාත් එකට කුලියට මිනී මැරූ බවට සැක පිට අත් අඩංගුවේ ය. 

මුදල් වෙනුවෙන් මෙවැනි නින්දිත ක්‍රියා සිදු කිරීම අද ඉතා සුලබ තත්වයකි. 

කොමිස් ගැසීම, පග‍ා ගැනීම, මහජන මුදල් ගසා කෑම අද දවසේ සාමාන්‍ය සංසිද්ධි බවට පත් වී තිබේ. එවැනි අවස්ථා පාදා ගැනීම පිණිස මිනිස්සු දේශපාලකයන් පසුපස යති. ‍

මහජන මුදල් ගසා කෑමේ මාර්ග පාදා ගත් අය දියුණු හා සාර්ථක මිනිසුන් ලෙස සමාජයේ බුහුමනට පාත්‍ර වෙති. 

උපයන මුදලින් මිනිස්සු අසීමිතව පරිභෝජනය කරති. අලුත් අලුත් යාන වාහන මිළ දී ගනිති. නිවෙස් අති සු‍ඛෝපභෝගී කර ගනිති. ලොව වටා ට්‍රිප් යති. දරුවන් අද්‍යාපනය සඳහා පිටරට යවති. දියුණුව, දියුණුව, දියුණුව ගැනම සිතති. අවශ්‍යතාවන් අලුත් වේ. අලුත් අවශ්‍යතාවන් ඉටු කර ගැනීම පිණිස වැඩි වැඩියෙන් මුදල් සෙවිය යුතුය. මුදල් ආගම වී තිබේ. මුදල්, මුදල්, මුදල්.

අපේ ගම මැදින් යන පාරේ මේ දිනවල දැවැන්ත සංවර්ධනයකි. කොන්ත්‍රාත්තුව කරන්නේ චීන සමාගමකි. ඊයේ ග‍මේ මිනිසෙක් මා සමග කීවේ එතැනින් පන්නන සිමෙන්ති රු. 500ට මිළ දී ගත හැකි බවයි. හොරකම් කරන ලද සිමෙන්ති හා ඩීසල් ආදිය අඩු ගානට මිළ දී ගන්නා මිනිස්සු ද තමන් දක්ෂයන් ලෙස පෙනී සිටිති.

මේ අතර, මාධ්‍යවේදියෝ මහජන මුදලින් අඩු පොළියට කාර් ණය ගනිති. බැංකුවෙන් දෙන ණය වෙනුවෙන් ඔවුන් ගෙවන්නේ අඩු පොළියකි. පොළියේ ඉතිරි ටික ගෙවන්නේ ආණ්ඩුවයි. ඒ කියන්නේ මහජනතාවයි. 

මෙසේ කාර් මිළ දී ගන්නට අයදුම් කළ අය අතර බීබීසී මාධ්‍යවේදීන් වන චන්දන කීර්ති බංඩාර හා එල්මෝ ප්‍රනාන්දු ද වෙති. අනුමත කළේ ප්‍රියත් ලියනගේ ය. මේ අය සෙසු ජනමාධ්‍යකරුවන්ටත් වඩා වංචාව, දූෂණය, යහපාලනය, ආචාර ධර්ම හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරති. බීබීසිය ඔවුන් අතින් ආචාර ධාර්මික නොවන දෙයක් සිදු වී ඇති බව පිළිගෙන ඔවුන්ව ආචාර ධර්ම පිළිබඳ පුහුණුවකට ද යවන ලදී. 

තමන්ගේ පක්ෂයේ සාමාජිකයකු වන චන්දන කීර්ති බංඩාර කළ මෙම ආචාර ධර්ම විරෝධී ක්‍රියාව ගැන බීබීසී ප්‍රධානියාට පැමිණිලි නොකරන්නැයි නව සමසමාජ නායක වික්‍රමබාහු කරුණාරත්න, රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටි බව කියැවේ. එපමණක් නොව, කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය මේ පිළිබඳ කළ විමසුමට ද වික්‍රමබාහුගේ කටේ පිට්ටු ය. සමහර විට බංඩාර ගන්නට ගිය කාරය පදින්නට ඉන්නට ඇත්තේ වික්‍රමබාහු වන්නට පුළුවන. බංඩාරගේ වත්ත බලා ගත් පුද්ගලයාට පවා බීබීසී වාර්තාකාරකම් ලබා දෙන ආකාරයට ලංකාවේ වම්මු බීබීසිය පවා අන්දවා තිබේ.

ජනාධිපතිගේ සිට ට්‍රොස්කිවාදී වික්‍රමබාහු කරුණාරත්න දක්වා මෙහි සඳහන් කළ, නො කළ සියලු දෙනා නාන්නේ එකම පල් වලකයි. කුඩු විකිණූ පොලිස් ඔපිසරත්, කුඩු කෑ වික්‍රමබාහු කරුණාරත්නත් අතර වෙනස කුමක්ද?

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිට විරුද්ධවත් දූෂණ චෝදනා එල්ල වී තිබේ. කවුරු කොහොම කිව්වත්, හිටපු අග විනිසුරුවරියට ගෙදර යන්නට සිදු වුණේත් දූෂණ හා විෂමාචාර නිසා ය. සරත් ෆොන්සේකා හිරේ ගියේත් දූෂණ නිසා ය. මේ පසුව කී අය සම්බන්ධයෙන් ඔවුන්ගේ හිතවතුන්ගේ තර්කය වුණේ මහවුන් ගහන හැටිය‍ට මේ මොනවාද යන්නයි. ‍කොහොම ගැහුවත් ගැහිල්ල නම් ගැහිල්ලම ය. 

මොවුන් සියලු දෙනා හසු වී සිටින්නේ ධනවාදී පරිභෝජනවාදයේ විෂම චක්‍රයටයි. තමන් කරන දේ හොඳ නරක තේරුම් ගත නො හැකි අන්ධභාවයක් ඇති කිරීම ද මෙම විෂම චක්‍රයේ ම පැතිකඩකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. බලන්න හසන්ත ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සමානව නොවුනත් ටික ටික හරි රටේ හැමෝටම ලැබෙන අපූරුව...!

    ReplyDelete
    Replies
    1. https://twitter.com/lakshaman

      Newest threat to Buddhists, humba approach..
      Please see the photo..!!!

      Delete
  2. දැන් ඉන්දියාවේ සිදුවෙමින් තිබෙන 'දූෂණ විරෝධී ව්‍යාපාරය ' ගැන ලංකාවත් මීට වඩා උනන්දු වෙන් බලන්න ඕන.
    Arvind Kejriwal ගේ නායකත්වයෙන් යුතු අලුත් පක්ෂය වෙත ලැබෙන මහජන තා සහයෝගය ඉතා ආශ්වාදනීයයි. ඉස්සරහට මෙයාල මොනවා කරත්, දූෂණයට ඇත්ත විකල්පයක් ලැබුනොත් මිනිස්සු ඒ කට එකතුවෙනවා කියන එක පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට ලංකාවේ ඔය කියන දූෂණ විරෝධී ව්‍යාපාරය 1994 දී ජය ගත්තා.

      දාහත් වසරක දූෂණය සහ භීෂණය චන්ද්‍රිකා ගේ ආණ්ඩුව පිහිටුවීමත් සමග ඉබේම නැතිවුනා.

      Delete
    2. ඒ උනාට එයා පස්සේ කාලේදී ඊට වඩා දුෂණ කල බව "චෞර රැජින" පොතේ කියල තියෙනවානෙ. ඒ කරුණු වැරදි නම ඒකට විරුද්ධව උසාවියට යන්න තිබ්බානෙ.

      Delete
    3. "චෞර රැජින" කියන්නෙ ඉතිහාස පොතක්ද? සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙක් වෙන්න ඇති ලියන්න ඇත්තේ නේද? දන්නෙ නැති නිසා ඇහැව්වෙ. සභාවෙනුත් සිනා හඬක් ආපු නිසා හොල්මන් වෙලා ගියා.

      Delete
    4. කොටින්ම දාහත් වසරක දුෂණය සහ භීෂනය ඉවර වුනාම අපිට පෙට්‍රොල් ලීටරේ රුපියල් විස්සට ලැබුණා.

      ඒ එක්කම ආණ්ඩු විරෝධී විකල්ප පුවත්පත් නැත්තටම නැතිවෙලා ගියා!

      කලින් ආණ්ඩුව කරපු අරුං රට කාගෙන කාගෙන කාගෙන ගිහිල්ලා නවත්තපු තැන ඉඳලා මුං ටික රට කාගෙන කාගෙන යයි කියලා සමහරු හිතුවාට ඒවා අතේ පැලවෙන බොරු වුනා!

      කොහෙද ඉතිං, මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ නේ?

      !!!

      Delete
  3. චන්දන කීර්ති බංඩාර ගේ විකුණුම් මිල පැහැදිලියි.

    බාහුත් විකිණෙයිද? දැනටමත් විකිණිලාද?

    ReplyDelete
  4. මේ කියන කරුණු ඔක්කොම ඇත්ත තමයි. ඒත් ප්‍රශ්නය තියෙන්නේ ධනවාදී පරිභෝජනවාදයේද, නැත්නම් වෙනත් මොකක් හරි එකකද?

    මම නම් හිතන්නේ ප්‍රශ්නය තියෙන්නේ ධනවාදයේ නෙමෙයි, රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ තියන බරපතල අඩුපාඩු සහ විෂමතා තමයි මේකට හේතුව. රටක ආර්ථික ක්‍රමය කුමක් වුවත් නීතිය සහ සාධාරණත්වය කියන එක පවත්වාගෙන යාමට ඒ ක්‍රමය බාධාවක් නෙමෙයි. මම නම් දකින්නේ රටේ තියෙන්නේ ජනාධිපතිවරයාගේ ඉඳලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා දේශපාලකයන් විසින් ඇති කල පරිපාලන අවුලක්. පරිභෝජනවාදය කියන්නෙ නීතිවිරෝධී දෙයක් නෙමෙයි. නමුත් ඒ වෙනුවෙන් නීතිවිරෝධීව හැසිරෙනවා නම් සහ ඊට දඬුවම් නොලැබෙනවා නම් එතන ප්‍රශ්නය තියෙන්නේ පරිභෝජනවාදයේ නෙමෙයි. නීතිය ක්‍රියාත්මක වීම තුල.

    දැන් පැරා, සාමාජවාදය කියන අපි සාම්ප්‍රදායිකව අඳුනගන්න ක්‍රමය බැහැර කරලා 'සමාජවාදී ජීවනරටාව' කියන සංකල්පය දක්වනවා. ඒ වගේ මම හිතන්නේ ධනවාදය, පරිභෝජනවාදය කියලා 'සාම්ප්‍රදායික සමාජවාදය' ඇතුලේ ඉඳන් හඳුනාගත් දේවල් ගැන 'සමාජවාදී ජීවනරටාව' තුල ඉඳලා දැන් ආයෙත් විග්‍රහ කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. එකගයි මේ පැහැදිලි කිරීමත් සමගින්.

      Delete
  5. බාහුත් මනුස්සයෙක්.

    මෙහෙම මනුස්ස වැරදි බාහු කරනවා අවබෝධයෙන් සිටි කෙනෙකුට මීට පෙරත් පේන්න තිබුනි. උදාහරණයක් හැටියට ජෙප්පන් සමග සම්බන්ධ වී සිටි ටික කාලය තුල ලක්බිමේ නිනව්ව කොලමට ජෙප්පන් නිකන් මාර ප්‍රගතිශීලී බෝදිසත්ත්වයන් හැටියට දමා ලිවීම. (බාහු 89 දී ජෙප්පන් මරන්නට ආණ්ඩුවේ යාන්ත්‍රනය සමග හවුල්වී වැඩ කළ බවටත් කතා මා අසා ඇත. චම්පික රනවකදෝ කොහෙද ප්‍රසිද්දියේම මේ චෝදනාව බාහු ගේ මූනට කළේය. ඇත්තද නැද්ද දන්නෙ නෑ.) එතන නොතිබුනු හෘද ශාක්ෂියක් මෙතන තිබීමට අවශ්ය නෑ නේද, ගොට්ටෙක් ගෙ පොඩි කාර් පර්මිට් එකක් වගේ ප්‍රශ්නෙකට?

    අපි ගැන හිතුවම, අපිත් (බොහෝ විට) මිනිස්සුන්ගෙ ටොලරේට් කරන්න පුලුවන් මොන තරමෙ වැරදි ද කියල තීරණය කරන්නෙ, ඒ පුද්ගලයා/වැරැද්ද අපේ දේශපාලනයත් එක්ක සමගාමී වෙන තරමකට නෙවෙයි ද?

    මේ ලිපියට ස්තුතියි. බාහුවට ඇරපු නිසා නෙවෙයි නොදැන හිටපු වැදගත් නිවුස් එකක් දැන ගත්තා. අදාල කලම්බු ටෙලිග්‍රාෆ් ලිපිය ලිපි ගැන කියන කොට ලින්ක් එකකුත් දෙන්න පුලුවන් නම් කාටත් පහසුවක්.

    ReplyDelete
  6. ධනවාදය කියන යෙදුම අතහැර දමන්න බැරි හේතුව තමයි ‍වත්මන් සමාජ ක්‍රමයේ පැවැත්ම පදනම් වන්නේ ලාභ ලැබීමේ උවමනාව මත වීම.

    මොන ක්‍රමය යටතේ වුණත් පාරිභෝජනවාදය කියන්නේ සමාජ ගැටලුවක්. එය විසින් බුද්ධිමත් පරිභෝජනය වෙනුවට භාණ්ඩ වන්දනාව වෙත මිනිසුන් යොමු කරනවා.

    ReplyDelete
    Replies
    1. පැරා ධනවාදී ක්‍රමයේ පැවැත්ම පදනම් වන්නේ ලාභය තමයි හැබැයි ඒ කියන්නේ බල්ලෝ මරල හරි හොයන ලාභය නොවෙයි. යම් කිසි ව්‍යාපාරිකයෙක් risk එකක් අරගෙන නිෂ්පාදනයක් කරන්න capital එකක් දාන කොට ඒකෙන් ලාභ ලැබෙයිද පාඩු වෙයිද කියල වෙළඳපොලේ පාරිබෝගිකයා ප්‍රතිචාර දක්වනකන් කියන්න බැහැ. අන්න ඒ ගන්න risk එකේ වටිනාකම තමයි ලාබය කියන්නේ. උඹලගේ මාක්ස් මුත්තා වරද්ද ගත්ත තැන තමයි ලාභය කියන්නේ කම්කරුවට නොගෙවා සුරාකාපු දෙය ලාභය කියල ගත්තු එක. උඹගේ ලිපියේ කරුණු ඇත්ත හැබැයි කොහේවත් තියන ධනවාදයට බනින්න එපා බං තිසර සමග එකඟයි මම උඹට වෙලා තියන දේ ධනවාදය කියන යෙදුම අතහැර දමන්න බැරි හේතුව තමයි මාක්ස් මුත්තාගේ රැවුලේ එල්ලිලා ඉන්න එක අතහරින්න නිර්භය නැති කම.උඹ බයයි පරණ සෙට් එක ධනවාදියා කියයි කියල. දීප්ති මේ අතින් අවංකයි. මේ දවස් වල උන් සපෝර්ට් කරන්නේ unp එකට කියල කියන්න දීප්ති බය නැහැ.

      Delete
    2. එතකොට profit maximization කියන්නෙ risk maximization වෙන්නැති!

      - Dimithri

      Delete
    3. මට පොඩි ප්‍රශ්නයක් ඇති වුනා insurance ගැන.

      රිසක් එක ගන්නේ කවුද?

      එතකොට insurance මුදල් වියදමක් විදියට සලකා පාරිභෝගිකයාට පාස් කරනවාද නැද්ද?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. @කතන්දර කාරයා
      කතන්දර මෙතෙන්දි( insurance වලදී) රිසක් එක එන්නේ යම් තනි සිදුවීමක් එවැනි සිදුවියහැකි එක ආකාරයේ සිදුවීම් ගොන්නක නැත්නම් සිදුවීම් කුලකයක සාමාජිකයෙක් වෙන අවස්ථාවකදී සහ එම කුලකය තුල එවැනි දෙයක් සිදුවීමට ඉඩ ඇති වාර ගණන පිලිබඳ සංඛ්‍යාතය යම් තරමකට අපි දන්නා විටයි
      උදාහරණයකට ලංකාවේ මහා මාර්ගවල දවසකට ධාවනය වන කාර් ගණන සහ මේ කාර් වලින් කියක් දවසකට අනතුරකට ලක්වෙනවද කියල අපිට දිනපතා හදිසි අනතුරු ගණනය කරලා යම් කිසි දැනුමක් ලබන්න පුළුවන්. ගෙවල් ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ ගෙවල් කියක් තියනවද මේ ගෙවල් වලින් මාසෙකට නැත්නම් අවුරුද්දකට ගෙවල් කියක් ගිනි ගන්නවද වගේ. මේ දැනුම insurance කොම්පැණියක් පාවිච්චි කරනවා තමන්ගේ කොම්පැනිය පවත්වාගෙන යන්න අවශ්‍ය cost එක මොකද්ද කියල තීරණය කරන්න.
      ඉහත මම කිව්ව් නිෂ්පාදනයක් කරන්න යද්දී එන රිස්ක් එක නොවෙයි මෙතන insurance company එක සේවාවක් කරන්නේ ඔයා වෙනුවෙන් ඔයාගේ අනතුරක් අවදානමක් ඒ අවදානම් කුලකයේ අනික් සාමාජිකයන් සමග බෙදාගන්න එක organize කරලා දෙන එක. උදාහරණයට අයිත් ගියොත් කතන්දර හයිවේ එකේ එයාගේ රතු කාරෙකේ ගමනක් යන්න ඉන්නේ හයිවේ එකේ දාල වශයෙන් දවසකට එක රිය අනතුරක් වෙන්න පුළුවන්. දවසකට කාර් 500 ක් හයිවේ එකේ යනවා. දැන් කාර් එකක් හැප්පීමේ අවදානම තියනවා හැප්පුනාම හදන්න ලක්ෂයක් යනවා කියන්න මේ ගණන හැප්පෙන එකා තනියම දරනවා වෙනුවට අර මාර්ගයේ යන 500 දෙනා එකතුවෙලා රිස්ක් එක බෙදා ගෙන පාරේ යන එක organize කරන එකයි insurance company එකක් කරන්නේ.

      Delete
  7. පැරාගේ තවත් හොඳ ලිපියක්.ඒ උනත් ධනවාදයේ නැඹුරුව ගැන තියෙන විග්‍රහයට එකඟ වෙන්න නම් අමාරුයි. මට හිතෙන හැටියට සිංහල සමාජයේ මුලික හරයවූ සරල ජීවිතයක් ගත කිරීම ගැන ඇති වටිනාකම මෙන්ම එවැනි ජිවිතයක් අන්‍යන් විසින් අගය කිරීමේ වටිනාකමද ඉවත්වීමෙන් මේ ගැටලුව ඇතිවූ බවයි.සිංහල සමාජයට සරල ජිවිත වටිනාකම ඇතිවුනේ බුදු දහමින් ලැබුණු අභාශයෙන්ය.
    අද ක්‍රමානුකුලව සහ සැලසුම්සහගතව බුදුදහමට ගරහන අය නිසා එම සරල ජිවිත වටිනාකමද හෑල්ලුවී ඇත.එබැවින් කෙහෙල් කැන කැපු අයටම එය කර ගසා යාමටද සිදුවීම නොවැලැක්විය හැකි කරුණකි.

    ReplyDelete
    Replies
    1. මාත් මේ වගෙ එකක් කියන්න ගියා. අන්ත ධනවාදී ජාතික හෙල උරුමයත් උග්‍ර පරිබෝජනවාදයට විරුද්දයි මගෙ හිතේ. (මේකට එල්ලාවල හිමි ගෙ බෙන්ස් ගැන කතා කරල වැඩක් නෑ - නායකයො පක්ෂේ අයිඩියල් වලට පිටින් යන තක්කඩි කම් කරන බව බාහු ගෙන් ම පේනව නෙ)

      Delete
  8. ටුක්...ටුක්...ටුක්...ටුක්...ටුක්.........ටූක්

    ග්‍රිනිච් වේලාව පස්වරු තුන පසුවී විනාඩි හතළිස් පහයි. ශ්‍රී ලංකාවේ වේලාව රාත්‍රී නවය පසුවී විනාඩි පහළවයි.බී.බී.සී. ලෝක සේවය ලන්ඩන් නුවර සිට ඔබ වෙත ගෙන එන සංදේශය.

    අද සිකුරාදා සංදේශයයි මේ....

    මාධ්‍යවේදීන්ට වාහනයක් මිළදී ගැනීම උදෙසා පොළීරහිත ණය ලබාදීමෙහි කිසිදු වරදක් නෑ.එසේම පොදු ජනතාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බී.බී.සී. සංදේශයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් ඔවුන්ගේ ණය මුදලේ පොළිය ගෙවීමට ලැබීම මහත්වූ චිත්ත සන්තුෂ්ටියට කරුණක් බව එක හෙලා පවසන ශ්‍රී ලංකාවේ පොදු ජනතාව.

    " කිසි ප්‍රශ්නයක් නෑ. අපි ලෑස්තියි ලන්ඩන් වල දහ දුක විඳගෙන අපි වෙනුවෙන් කතාකරන චන්දන, එල්මෝ වගෙ පොදු ජනයාගේ වීරයින්ට අපි ගෙවන බදු මුදලෙන් වාහන ණයේ පොලිය ගෙවන්ට. "

    සැමට සමානත්වයෙන් සැළකෙන උත්තර රාජ්‍යයක් කරායන උදාරතර ගමන උදෙසා පොදු ජනතාව යම් මිලක් ගෙවිය යුතුයි. එතෙක් අප අද ජීවත් වන ධනවාදී සමාජයේ සාධාරණ අවම පාරිභෝගික අවශ්‍යතාවයන් වෙනුවෙන් අනුගත විය යුතුයි එසේ පවසන නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.

    " ඒ අපි ප්‍රාර්තනා කරන උත්තරීතර සමාජය තවම බිහිවෙලා නෑනෙ. ඒක පැහැදිලියි. එතකල් ඒ වෙනුවෙන් පූර්ණ කාලීනව කැපවෙලා වැඩ කරන චන්දනට පයිං යන්නද කියන්නෙ?..අපි ප්‍රායෝගික වෙන්න ඕනෙ...එච්චරයි…"

    අජිත් පැරකුම් ජයසිංහ යනු ඊර්ෂ්‍යාවෙන් පිරුණු කුහක මිනිසෙකු පමණක් බව පවසන මතුගම පොදු ජනතාව

    " ඔය මනුස්සය මහ ඊරිසියාකාරය..අනුන්ගෙ මොකක් හරි කුණු ගොඩක් අවුස්සන එකමයි කරන්නෙ..අපි නොදන්නවය එයාගෙ හැටි. මහත්තයල ඔව්වට සැලන්නෙ නැතුව කාර් එක අරගෙන මහත්තයලගෙ වැඩ ටික කරගෙන යන්න. ආය මෙයා කචල් දැම්මොත් අපිට කියන්න හොඳද?..."

    ReplyDelete
    Replies
    1. @ Ravi
      මේක නං ඉන්ද්‍රා රාමනායකවයි, ජහමන පොරකුයි, බාහුවයි, මතුගම පච්ච සෝමෙවයි දාල රෙකෝර්ඩ් කරන්න වටිනවා.

      පලමුවෙනි වෙයිස් කට් එකේ ටෙක්ස්ට් එක එඩිට් කරන්න ඕනෑ. චන්දනලා, එල්මෝ ලා ඔය කාර් එලවන්න යන්නේ ලන්ඩන්වල නොවෙයි නේද?

      Delete
  9. https://twitter.com/lakshaman

    Newest threat to Buddhists, humba approach..
    Please see the photo..!!!

    ReplyDelete
  10. එදා කරපු අයට අද දෙනවා බයවෙන්න එපා අද කරන අයට හෙට දෙනවා.සොබා ඈත ඉදන් බලාගෙන ඉන්නෙ ඔය හැම ගොයියෙක් දිහාම.
    බලාගෙන ඉමුකො මොකද වෙන්නෙ කියල

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා