බාහුගේ අසරණකම හා වමේ අසරණකම
මව්බිම පුවත්පතේ අරුණඩේල් විජේරත්න විසින් දුරකථනයෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී බාහු සහෝදරයා ඉතා අසරණ තත්වයට පත් වනු නිරීක්ෂණය කළෙමි. එවැනි වාම පතාක යෝධයන් සාමාන්‍ය මාධ්‍යකරුවන් අතින් එතරම් අවමානයට ලක් වීම ඇත්තෙන් ම කණගාටුදායක ය. ගම්පහ නාම යෝජනා ප්‍රශ්නයේදී වික්‍රමබාහු සහෝදරයා අසරණ වී ඇත. ඔහුගේ පක්ෂයේ අය හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. නව සමසමාජ පක්ෂය දැන් නම් ඇත්තෙන් ම ඔහු පමණක් වී ඇති සෙයකි. පක්ෂයේ නායකයාත්, මහ ලේකමුත් දෙදෙනා ම ඔහු ය. කිසියම් ජයනෙත්ති කෙනෙකු ඔහු පාවා දුන් බව ඔහු කියයි. වාසුදේව ද තමන් පාවා දුන් අයකු බව ඔහු කියයි. මේ ජයනෙත්ති වනාහි ඔහු සිය නෑ සබඳකම් ඔස්සේ පක්ෂයට ගෙන ආ චමිල් ජයනෙත්තිගේ අවතාරයක් විය හැකි ය. මොවුහු මේ වියපත්, හුදකලා මිනිසාගේ කාංසාවන් විය හැකි ය. තම පක්ෂයට යම් දිස්ත්‍රික්කයක නාම යෝජනා භාර දීමට අවශ්‍ය තරම් අපේක්ෂකයන් සංඛ්‍යාවක් සොයා ගත නො හැකි නම්, තරග කරන්නට යන්නේ කුමට ද? කාට වැඩ පෙන්නන්නට ද? වික්‍රමබාහු සහෝදරයාගේ අනන්‍යතාව විකුණාගෙන කන කීපදෙනෙකු පමණක් ඔහු වටා ඉතිරි වෙමින් අනන්‍යතාවක් ගොඩ නගා ගත් සියලු දෙනා ඔහු හැ...