‍කේන්දරකාරයන් චැනල් කිරීම

දැන් ජ්‍යෝතිෂකාරයන්වත් දොස්තරලා වගේ චැනල් කරන්න පුළුවන්. රේඩියෝ එකේ දැන්වීම් යනවා ඒ චැනල් සේවාව ගැන.

ජ්‍යෝතිෂකාරයන් විතරක් නෙමෙයි හොර වෙද්දුන්වත් මිනිස්සු චැනල් කරනවා. මං දන්න එක වෙද මහත්තයෙක් ඉන්නවා. මින‍ිහා සොයාගෙන හැම දිහාවෙන් ම ලෙඩ්ඩු එනවා. මේ පොර මීට කලින් ලංගම රියැදුරෙක්. ඉක්මනින් සල්ලි හොයන විවිධ ජාවාරම් කරලා හිරේ ඉන්න අතරෙදියි මිනිහා වෙද මහත්තයෙක් වෙලා තිබෙන්නේ.

මම නම් එකහෙළා ම මේ ගර්හිත විද්‍යාවන් ප්‍රතික්ෂේප කරනවා. මේවා මගේ ජීවිතේ කිසිදු කටයුත්තකට සම්බන්ධ කර ගන්නේ නැහැ.

අපේ හාමිනේත් මං ජාතියෙම තමයි. හැබැයි, එයා කියනවා, මේවායේ කිසියම් අප නො දන්න දෙයක් තිබෙන්න පුළුවන්. ඔව් ඉතින්, ඔය ඕනැ දේක අපි නො දන්න පැති ඕනැ තරම් ත‍ිබෙන්න පුළුවන් නේ.

දැන් මෙහෙම ගනිමුකෝ. අපි කරන අනෙකුත් දේවල් කරන්නේ දන්නා දේ මත පදනම් වෙලා‍නේ. උදාහරණෙකට අපි දන්නවා බැංකුවේ සල්ලි දැම්මා ම සාමාන්‍යයෙන් එය ආරක්ෂිත බව හා සමහර විට සුළු පොළියක් හෝ ලැබෙන බව. කවුරුහරි කියනවා ලිබ්බොක්කේ වැළලුවා ම සල්ලි පැටව් ගහනවා ය කියලා. එහෙම කියලා ඔබ ඒක කරනවා ද? ඔබ වැඩ කරන්නේ දන්න දේ මත පදනම් වෙලා මිසක් නො දන්න දේ මත නො වෙයි නේ.

අනාගතය සම්බන්ධයෙනුත් මම නම් හිතන්නේ අපි හිතන්න ඕනැ ඒ විධියටයි. අපි දන්නවා ලෝකෙ දුක සැප කියා දෙකක් තිබෙන බව. අපි ලෙඩ වෙන බව. මිනිස්සු මැරෙන බව. පමණ දැන කාලා බීලා, කම් සැප විඳලා, ව්‍යායාම කරලා, සැහැල්ලුවෙන් සතුටින් හිටියොත් ලෙඩ රෝග අඩු විය හැකි බව. අහඹු ලෙසත්, උත්සාහය මතත්, සොරකම් කරලාත් මිනිසුන්ට 'දියුණු' වෙන්න පුළුවන්. ඒත්, දියුණුව සමග අනිවාර්යයෙන් ම සතුට ලැබෙනවා කියන්න බැහැ.

අවසානයේදී ගත්තා ම අපට ජීවිතයක් ලැබිලා තිබෙනවා. අපි උත්සාහ කරමු හොඳින් ජීවත් වෙන්න. කොහොම ජීවත් වුණත් මැරෙන එක නම් වළක්වන්න බැහැ. සමහර විට අපට සතුටු වෙන්න පුළුවන් සිදුවීම් සිදු වේවි. දුක වුණත් එහෙමයි. අහම්බයි. ප්‍රාතිහාර්ය වගේ සිදුවීම් වෙන්න පුළුවන්. ඒත්, ඒවාත් අහම්බ තමයි. ප්‍රාතිහාර්ය බලා‍පොරොත්තුවෙන් ජීවත් නො වී ජීවිතය සමග හැලහැප්පෙමින් එය සාර්ථක කර ගන්න උත්සාහ කරන ගමන්, ලැබෙන දේ ගැන පසුතැවෙන්නේ නැතිව ජීවත් වෙන්නත් අපි සූදානම් විය යුතුයි.

මම හිතන්නේ මේ ප්‍රාතිහාර්ය පිළිබඳ අදහස එන්නේ දේවවාදයන්ගෙන්. තමන්ට ඉහළින් සිටින උත්තරීතර බලයක් පිළිබඳ විශ්වා‍සයත් එක්ක. හැබැයි, බුදු දහම ඊට වඩා වෙනස්. මිනිසුන් තුළ විශ්වාසය ඇති කරන්නේ තමා ගැන මිස නො දන්නා බලවේග ගැන නොවෙයි.හැබැයි බුදු දහමටත් මේ දේවවාදී බලපෑම නිසා ආශ්චර්යයන් පිළිබඳ අදහස් ඇතුළත් වෙලා තිබෙනවා. 

ලෝකය බටහිර සංකල්ප මත වෙනස් වූ බව ඇත්තක්. හැබැයි, බටහිරත් බොහෝ දේ අරගත්තේ පෙරදිගින්. මම හිතන්නේ අපි දැන් ආපහු හැරෙන්න බැරි තරම් දුරක් ඇවිත්. ඒවා එහෙම තමයි. ඉතිහාසයේ අප තෝරා ගත් පාරවල් නිසා සිදු වූ දේ එමටයි. ඒ තෝරා ගැනීමට වඩා හොඳ තෝරාගැනීම් තිබුණා යි කියලා හිතලා එතෙන්ට ආපසු යන්න දැන් බැහැ. 

යම් යම් ප්‍රාතිහාර්යයන් පෑ හැකි දැනුම් තිබෙන මිනිසුන් සොයා යන අපට අද හමු වන්නේ සොරුන්, තක්කඩීන්, මානසික රෝගීන් හා මුග්ධයන් කියලායි මට නම් හිතෙන්නේ.

වර්තමාන ජීවිතයේ ප්‍රශ්නවලට අතීතයෙන් විසඳුම් සොයන්න බැරි හේතු රැසක් තිබෙනවා. අද අප ජීවත් වන්නේ අසීමිත ආශාවන් පසුපස හඹා යන පාරිභෝජනවාදී ලෝකයක. අපට ලෙඩ නො වී, උපරිම සැප විඳිමින්, උපරිම කාලයක් ජීවත් වෙන්න ඕනෑ. අතීතයේ මිනිස්සු ජීවත් වුණේ මරණය මිටින් අරගත් ලෝකයක. සැප, දුක සම සිතින් විඳ ගත් ලෝකයක.

සමාජවාදය වෙනුවෙන් අරගල කරන මිනිස්සු හෝ මේ මිථ්‍යාවන් ප්‍රතික්ෂේප කළ යුතුයි. මම ඒවා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන්නේ අලුත් ජීවිතයක් වෙනුවෙන් කරන අරගලයේ කොටසක් ලෙසයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මෑත කාලයේ මේ මිත්‍යා විද්‍යාවන් ප්‍රචලිත කිරීමට මව්බිම ඇතුළු සති අන්ත පුවත්පත් සහ සමහර රුපවාහිනී නාලිකාවන් හේතු වුණා. අන්තවාදී මුස්ලිම් රටවල් විද්‍යාව හැර දමා මුලධර්මවාදී ආගම පස්සේ යනවා වගේම වේගයෙන් ශ්‍රී ලාංකිකයනුත් විද්‍යාව හැර දමා ජ්‍යෝතිෂය, හොල්මන්, අවතාර, හොර වෙදුන් පස්සේ යනවා. විද්‍යා පත්තර සඟරාවලට වඩා මිත්‍යා පත්තර, සඟරා වැහි වැහලා. අපි යන්නේ ආපස්සටද කියලා හිතෙනවා.

    ReplyDelete
  2. මම මේ ලඟදි ඇහුවා මැරෙන්න කැමති සාප ලද්දෙක් විදිහටද? නැත්තම් විශිිෂ්ඨයෙක් විදිහටද කියලා. ඒක ඉතිං අපිමයි තිරණය කර ගන්න ඕනි




    ReplyDelete
  3. We are not bad as Indian yet. Recentlty they killed one activist Narendra Dabholkar. The horrific murder of the anti-superstition crusader Narendra Dabholkar sparked considerable outrage in several quarters of society, particularly in Maharashtra. The brutal killing set off heated debates in academic, activist, and political circles about the perils posed by fascist, right-wing elements that seek to threaten the secular-liberal-humanist cause of rationalism.

    ReplyDelete
  4. පැරා ජෝතිෂ්‍ය කියන දේ තුළ ඇත්තක් නැත්තෙත් නැහැ.. ප්‍රශ්නේ තියෙන්නේ NSB එකේ ඉහළ තනතුරක හිටපු මහත්තයා වගේ අය එක්කයි.. තමන්ගේ වාසියට ඕනෙම දෙයක් කියනවා.. ඒ දේවල් පසු පස යන මිනිස්සුන්ගේ තමයි වැරැද්ද... සුබ නව වසරක් වේවා පැරා ඔයාට ....!

    ( ප්‍රාර්ථනා සිදු කිරීමද මිත්‍යාවේ කොටසක්ද මන්දා ? )

    ReplyDelete
    Replies
    1. SilentSahan, උබේ නමේ විදිහටම නිශ්ශබ්දව හිටන්කෝ මෝඩ කොමෙන්ට් කොටකොට යන්නේ නැතිව හැමතැනකම. උබත් නොදන්නා මගුලක් නැහැ මහදැනමුත්තා වගේ.අර උබ හැමෝටම දෙන රුපියල් 5 තියල ඉදගනින් මන්දයා.

      Delete
    2. ගොඩක් තරහ ගිහින් වගේ ... :P

      Delete
    3. ප්‍රර්ථනා මෙන්ම සාප කිරීමද මිත්‍යාවේ කොටස් තමයි සහන්.

      Delete

    4. ඇත්තද?ආයෙත් පාරක් ඇනෝ දාන්න ගිහින් ප්‍රොෆයිල් එකෙන්ම වැටුණා නේද.සයිලන්ට් සහන්ගේ දුවට බලුම බලු කතාවක් කියපු බල්ලා ඇවිත් මිත්‍යාව ගැන බණ කියන්න.දැන් වත් යන මගුලක පළයන් කිචරංග තොලොංචි වෙලා.

      Delete
    5. ඒ බලු කතාව දැම්මේ මම නොවේ ඇනෝ ඔබ හෝ ඔබ වැනි කෙලින් එන්න කොන්දක් නැති නිවට පුද්ගලයෙක්. ඒ බව සහන් පවා දන්නවා.

      කුමන හෝ දෙයක් පෙන්වූ විට email මගින් සාප කරන බුද්දිමත් පුද්ගලයන් සිංහල බ්ලොග් කරුවන් අතර සිටින නිසා තමයි මම //ප්‍රර්ථනා මෙන්ම සාප කිරීමද මිත්‍යාවේ කොටස් තමයි සහන්.// ලෙස ලියුවේ. එසේ සාප කරන කෙනා කවුද කියා සහන් පවා දන්නවා.

      Delete
    6. /ඒ බලු කතාව දැම්මේ මම නොවේ ඇනෝ ඔබ හෝ ඔබ වැනි කෙලින් එන්න කොන්දක් නැති නිවට පුද්ගලයෙක්. . /

      ඔව් අපිත් දැක්කා ඉන්දිකගේ බ්ලොග් එකේ අතටම අහු උනා ඇනෝ දාලා.තමන්ටම පොන්නයා කියාගත්ත එකෙක් ගැන තව මොනවා කියන්නද.දැන් වත් පලයන් යන දේවාලෙක.උබ වගේ පිම්පියෝ සිංහල බ්ලොග් වලට ඕනේ නැහැ.මෙතන කව්රුත් පොඩි බබ්බු නැහැ.අලුත් අවුරුද්දේ වත් යන දේවාලෙක පලයන් අපිට පව් නොදී.

      Delete
  5. This is what Para's wife also says. පැරා ජෝතිෂ්‍ය කියන දේ තුළ ඇත්තක් නැත්තෙත් නැහැ. From childhood we moulded to think that way. I am from a rural area and during my child hood stories I heard from my elders were about ghost yantra mantara swkills of kattadiya etc etc. It took me several years to get rid of their influence and still there are things which come and go. My children never heard those stories and they do not care.

    ReplyDelete
  6. පැරා,
    ශාස්ත්‍රය ගැන හරියටම දන්නා කෙනෙකුට (එහෙත් ඔබ ගැන පෞද්ගලිකව නොදන්නා)කියල කේන්ද්‍රය බලා ගෙන එහි කියවුණු ඔබේ පසුගිය තොරතුරු වල සත්‍යාසත්‍ය තාවය විමසා ඉන් පසුව මේ ලිපිය යාවත්කාලින කෙරුවොත් නරකද? කේන්ද්‍ර බැලීමේදී තියෙන්නෙ ගණිත ශාස්ත්‍රයක් . මේ ලෝකේ විවිධ ගණිත ශාස්ත්‍ර තියෙනවා.එකක් පමණක් නොපිළිගන්න ඒකට විශේෂිත හේතුවක් පෙන්නන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ජ්‍යොතිෂය කියන්නෙ ගණිත ශාස්ත්‍රයක් නොවේ. පට්ටපල් බොරුවක්. දන්නේ නැත්නම් ගිහින් ඉගෙනගෙන ඇවිත් කතා කරපන්. ගොන් කතා කියන්නෙ නැතුව.

      Delete
    2. ගොනා උණාට තපුල්ලන්න එපා සමරසේකර.

      Delete
  7. පැරා මේ වැඩේ කැතැයි. සහෝදර බ්ලොග්කරුවන් දෙදෙනකුටම කැත විදිහට පහර දීලා. ඔයා බ්ලොග් ලියන්නේ ඕකටද?

    ReplyDelete
  8. තුෂර ජොතිෂ්‍ය කාර්යාලය...
    137/6
    ආයෝජන ප්‍රවර්ධන කලාප මාවත...
    වතුපිටිවල...


    මේ ලිපිනය හරහා සම්බන්ධ විය හැක...

    ctkumara@gmail.com

    සේවා ගාස්තු පිළීබඳව...

    කේන්ද්‍රයක් බැලීම සඳහා...රු.600/=

    පොරොන්දම් පරීක්ෂාව...රු.300/=

    සාමාන්‍ය නැකතක් සඳහා...රු.300/=

    මංගල නැකැත් සෑදීම සඳහා...රු.1500/=

    (ඉහත සියල්ලක්ම මුදල් ගෙවා තහවුරු වී දින 10ක් ඇතුළත බව සලකන්න...)

    මෙයට අමතරව වේලාවක් වෙන් කරවාගෙන ස්කයිප් හරහා කේන්ද්‍ර පරීක්ෂාව සඳහා රු.1000/=

    වැඩි විස්තර සඳහා ඉහත ඊමේල් ලිපිනයෙන් විමසන්න...

    ReplyDelete
    Replies
    1. තරුණ කාන්තාවන්ට විශේෂ සහන සහ සුවිශේෂී සේවා.... අමතර ගෙවීමක් නැත....

      Delete
  9. සමාජවාදී ජීවිතයක් ගත කිරීම කියන පැරා කියන සංකල්පය එක්ක මගේ අවුලක් නැහැ. ඒ වගේම මේ පොස්ට් එකේ සඳහන් කරුණුත් එක්කත් මම එකඟයි. හැබැ‍යි මීට කලකට කලින් පැරාම පෝස්ට් එකක් දැම්මා මර්වින් කුරේගෙ ළමයින් පිළිස්සී මිය යාම ගැන. අපි පිළිගන්න භෞතික දේ වලට එහා ගිය දේවල් තියෙන්න පුළුවන් කියලා. මේ ප්‍රතික්ශේප කිරීමයි, තියෙන්නේ පුළුවන් කියලා කීමයි ප්‍රතිවිරුද්ධ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ආහ්... ඒවා ගැන අහන්න එපා..... ජේවීපී කාරයො මැරුවාම ඔහොම වෙනවා කියලා කාල් මාක්ස් කියලා තියෙනවා...

      Delete
    2. පරස්පරයක් ඇති බව පිළිගන්නවා.

      Delete
  10. ලිපිය සමග සම්පුර්ණයෙන්ම එකඟයි.
    ජෝතිෂය හරි ද වැරදිද කියලා වාද කරන්නේ නැතිව කෙලින්ම පරීක්ශ්නත්මකව කියන්න පුළුවන් නේ හරි වැරදි බව. මෙහෙම් ක්‍රමයක් මගින් එය කරන්න පුළුවන්.
    අහබු ලෙස මිනිසුන් 1000 ක් විතර ගෙන ඔවුන්ගේ උපන් වෙලාව දිනය සහ ස්ථානය සහ පුද්ගලික තොරතුරු එකතු කරනවා. ඒවායින් උපන් වෙලාව දිනය සහ ස්ථානය යන තොරතුරු ජෝතිෂ වේදීන් ලවා පරීක්ෂා කරනවා. ඉන් පසු සත්‍ය තොරතුරු සහ ජෝතිෂවේදීන් දෙන තොරතුරු පරීක්ෂා කරලා ජෝතිශයේ නිවැරදි හෝ වැරදි බව පරීක්ෂා කරනවා. 1000 කට බැරිනම් 100 කට හරි කරන්න පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. ගෙවල් වල වැඩ නැති උන්ට නම් හොදයි.

      Delete
    2. එතකොට පරීක්ෂණ කරලා අලුත් දේ සොයා ගන්නේ ගෙවල්වල වැඩ නැති වුන් ද?

      Delete
    3. මෝඩ කමට බෙහෙත් නැහැ

      Delete
    4. ඇත්තද බොරුද කියා වාද කර කර ඉන්නේ නැතිව විශ්ව කියපු වගේ සැලසුම් කරන ලද විද්‍යාත්මක ක්‍රමයකට ලේසියෙන්ම සනාථ කරන්න පුළුවන් ඇත්ත නැත්ත. ජෝතිෂය ඔය කියන ජෝතිෂවෙදීන්ට විශ්වාස නම්. සත්‍ය බව සනාථ වෙනවා නම් වාසිය ඔවුන්ට නිසා. ඔවුන් සහය පලකරාවී.

      Delete
    5. විශ්ව රංගනාත් කියන පොන්සියගේ තවත් ෆේක් එකක් තමයි මහා කළු සිංහලයා කියන්නේ.මුන් දෙන්නා සුදු හුණු ගාගන්නවා.අරූගේ බ්ලොග් එකේ මූ පෝස්ට් දාගන්නවා.දෙන්නම හොද කියගන්නවා.පුදුම පිස්සෙක්.

      Delete
    6. ඇත්ත දේට ඇත්ත කීම සුදු හුණු ගෑමක් වෙන්නේ කොහොමද?

      Delete
  11. කේන්දර බොරුය කියන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ. කවුරුත් දන්න උදාහරණයක් කියන්නම්. 'ඔබා මාමා' නමින් වඩා ප්‍රකට සනත් විජේවර්ධන නම් බ්ලොග්කරුවා 2012 මැයි මාසයේදී මිය යනවා. හේතුව හදිසි හෘදයාබාධයක්. ඊට මාස කිහිපයකට කලින් ලංකාවට පැමිණෙන ඔහු තමන්ගේ කේන්දරය ලංකාවේ ඔහුගේ හිතවත් බ්ලොග්කරුවකු ලවා බලවා ගන්නවා. (චාටර් නිසා මේ බ්ලොග්/කේන්දර කරුවාගේ නම නොකියා ඉන්නම්.) මේ කේන්දර බැලිල්ලෙන් කිසිම මාරක අපලයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඉතින් සන්තෝසයෙන් යන 'ඔබා මාමා' මාස කිහිපයකට පසුව මිය යනවා. කේන්දර බොරුය කියන්න මීටත් වඩා සාක්ෂි ඕනෑද?

    ReplyDelete
    Replies
    1. කේන්දර කාරයා මාරයා නේද?....

      ඒත් ඔබා මාමා මියගිය එකෙන් ගොඩයන්නේ අභීත එදිරිසිංහ නම් බ්ලොග් අවකාශයේ සිටින මහා වංචාකාරයායි... ඒ ලක්ෂ 20 වු කට වචනයට ලබා දුන් ණය මුදල නොගෙවා සිටීමට හැකි වීමෙනි....

      Delete
    2. කේන්දරකාරයා ජෝති වෙන්න ඇති. මාරයා ඔහොම බොරු කරන්නෙ නෑනෙ.

      Delete
    3. ඔව් මාරයා ඇල් වතුරත් නිවලනෙ බොන්නෙ....

      Delete
    4. සමහරවිට අභීත කේන්දර බැලුවාම පේන්න ඇති ඔබාමාමාගේ මාරක අපලය. ඒ හන්ද වෙන්න ඇති ඒ වෙලාවෙම ණය ගන්න ඇත්තේ.

      Delete
  12. කඩේ ගිහිල්ලා වගේ ඔබා මාමාට

    ReplyDelete
    Replies
    1. මැරිච්චි මිනිහෙකුට කඩේ ගිහින් කේජු කන්නද බං?

      Delete
  13. ඔබ කියන දේ සත්‍යයි. මම ජෝතිෂය බැහැර කරපු කෙනෙක්. නමුත් අම්මා, තාත්තා සහ බිරිඳගේ කැමැත්ත නිසා මගේ සියලු කටයුතු වලට නැකත් බැලුවා.

    මම නවක බ්ලොග් කරුවෙක් මම පළමු ලිපිය ලෙස ගුගල් සෙවීම් වලින් සෙක්ස් වලින් ලංකාව වීම පමණයි නේ හැම තැනම සඳහන් වුනේ මම ගුගල් සෙවීම් වලින් ලංකාව එක වූ අනෙක් අංශ ගැන ලිපියක් ලියුවා. පැමිණ කියවා අදහස් දක්වා සහය පල කරන්න.

    ReplyDelete
    Replies
    1. හොඳයි. අම්මා, තාත්තා හා බිරිඳගේ උවමනාව පරිදිම සියල්ල කරන ඔබ වන් පිරිමි අපේ රටට කියා නිම කළ නොහැකි තරම් වාසනාවකි.

      Delete
  14. පැරකුම්,ජෝතිෂ්‍යය කියන්නේ මිනිස්සුන්ගේ විශ්වාසයක්.ඒක සමහරු විශ්වාස කරනවා.සමහරු නෑ.සමහරු අදහනවා.සමහරු ගරහනවා.ඒ ඕනම දෙයක හැටි.ඒත් ජෝතිෂ්‍යය ප්‍රාතිහාර්ය පෑමක් ගැන කියන්නේ නෑ නේද?බුදුදහම තුළත් ප්‍රාතිහාර්ය පෑම කියවෙනවා,ඒත් ඒක තමන් වහන්සේගේ ධර්මයේ හරය ලෙස හුවා දක්වලා නෑනේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඔය "විශ්වාස" හැම එකක්ම යම් පිරිසකට ආදායම් මාර්ග වෙන්නේ කොහොමද?

      Delete
    2. ඒකට නම් ඉතිං කියන්න වෙන්නේ ඉරිසියාව කියලා තමයි.තමන් කැමති,විශ්වාස දේටනේ වියදම් කරන්නේ.අකමැති අය යන්නේ නෑ,කැමති අය යනවා.ප්‍රශ්නයක් නෑ.www.amuthisithuwili.wordpress.com

      Delete
  15. හේතුවාදී අදහස් සාක්ශි තර්ක සාධාරනද ?
    යක්කු පෙරේතයො භූතයො ඇත්තටම ඉන්නවද?
    මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    සීමිත වූ විද්‍යාත්මක සාක්ෂි කිහිපයකින් දේශීය සංස්කෘතිකාංග හා හර පද්ධතීන් හෑල්ලුවට ලක්කර දැයවැනසීමට දායකවන හේතුවාදීන් සහ නිරාගමික ගැත්තන්ගේ කට වැසිය යුතු කාලය එලඹ ඇත. ඕනෑම එවැනි මන්ද බුද්ධිකයෙකු ගේ කට වැසීමට සාක්ශි මෙන්න.

    https://www.facebook.com/JyotishLanka

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා