නිනා දවුලුරි - කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි

අදාළ ලිපිය කියවන්න පහළට රූටන්න. ඊට කලින් බලන්න, මේ ලිපි කියෙව්වද?

නිනා දවුලුරි (උච්චාරනය හරිදැයි නො දනිමි) ඇමරිකානු රූ රැජින‍ ලෙස තේරීම මුලින් ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල හරහා ජාතිවාදී හා වර්ණවාදී අදහස් රැල්ලක ප්‍රචාරයට හේතු වූ මුත්, ඇමරිකානු ජනතාව හා මාධ්‍ය ඉතා කෙටි කලකින් තත්වය පාලනය කිරීමට සමත් විය.

මෙම සිද්ධිය පිළිබඳ හෆින්ටන් පෝස්ට් වෙත ලිපියක් ලියන යේල් නීති පාසලේ සහායක පීඨාධිපති ආශා රංගප්පා කියන පරිදි ඇමරිකාව විසින් තත්වය මැනැවින් පාලනය කර ගන්නා ලද මුත් ඇත්තට ම ලජ්ජාවට පත් විය යුතු ඉන්දියාව මෙහිදී ඉලක්ක නො වූ බව පෙන්වා දෙයි.  

ඇමරිකානු රූ රැජින කළු කෙල්ලකි. ඇය සත්‍ය ඉන්දීය ලක්ෂණ කැටි කර ගත් තැනැත්තියකි. ආශා රංගප්පාගේ ලිපියේ අරුත් ගැන්වෙන පරිදි ඇය වැනි කළු වර්ගයට අයත් තරුණියෝ ඉන්දියාවේදී නම් රූමතියන් ලෙසට වර්ග කෙරෙන්නේ නැත. පිරිමින් යන්නේ සුදු ගැහැනුන් පසුපස ය.කාන්තාවෝ ද සුදු වීම සඳහා විශාල වෙහෙසක් දරති. (ආශා රංගප්පාගේ ලිපිය කියවන්න

මේ තත්වය ලංකාවේ ද මෙසේ ය. කළු ගැහැනුන්ගේ සුන්දරත්වය කළු සම යට සැඟවී යන්නේ යටත් විජිත උරුමයෙන් හා පශ්චාත් යටත් විජිත සංස්කෘතික ආධිපත්‍යයෙන් අපට ලැබුණු සුදු හම වන්දනා කරන මානසිකත්වය නිසා ය. ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියට සුවිසල් බලපෑමක් කරන හින්දි ‍හා දෙමළ සිනමාව තුළ පවා සුදු හම උත්කර්ෂයට ලක් වන සංදර්භයක් තුළ ලංකාව අතරමං විය. 

ලංකාවේ ගැහැනු සාමාන්‍යයෙන් උතුරු ඉන්දීය ගැහැනුන් තරම් හෝ සම සුදු නැත. 

එක්තරා ජනමාධ්‍යයක් මේ දිනවල ලස්සන ම සුදු මුහුණ හා ලස්සන ම කළු මුහුණ තෝරන තරගයක් පවත්වයි. මේ සුදු, කළු වෙනස බෙදෙන බෙදුම් රේඛාව සොයා ගැනීම කෙ‍සේ කරනවාදැයි නො දනිමි. 

ඇත්තෙන් ම කළු කෙල්ලෝ ලස්සන ය. මට නම් මාර සෙක්සි ය. මා දහයේ පංතියේ සි‍ටියදී අටේ පංතියේ සිටි සුන්දර කළු කෙල්ලක් හා මගේ නෙත් නිතර පැටලිණි. ඇය මගේ මිතුරකු මගින් මට ආරාධනාවක් ද එව්වා ය. එහෙත්, එය ගෙන ආ මගේ මිතුරා කීවේ "හැබැයි ම්‍චං උඹලට ලැබෙන ළමයි නම් නියම තාර පීප්ප තමයි." කියා ය.

හමේ කළුකම නිසා ඒ වන විටත් පවුල තුළ හා සමාජයෙන් ලැබුණ ප්‍රතිචාර හේතුවෙන් පීඩනයට පත් වී සිටි මට වහා සිහිපත් වුණේ අපේ පාසල අසල නිවසක ජීවත් වූ පවුලකි. එහි මව (ඇය ද ලස්සන ය) හා පියා කළු අය වූ අතර දරුවෝ ද ඉතා කළු වූ හ. මිනිස්සු මේ පවුලට කපුටු පවුල යයි කී හ. මේ ලියන මට ද කළු යන විශේෂණ පදය සහිත අන්වර්ථ නම් එමට තිබිණි. 

එහෙයින් ඒ සම්බන්ධය ගො‍ඩ ‍නැගුණේ නැත. පසු කලෙක ඇයි විවාපත් වූවා ය. දැනුදු ඇය සුන්දර කාන්තාවකි. ඇගේ සැමියා එතරම් කඩවසම් පුද්ගලයකු නො වන්නට ඇත්තේ විවාහ වෙළඳපොළේ කළු සමට ඇති අඩු ඉල්ලුම නිසා වන්නට පුළුවන. (ඔවුන් අතර ‍සම්බන්ධය ඊට වඩා ගැඹුරු එකක් වන්නට පුළුවන) එහෙත් බොහෝ ලස්සන කළු ගැහැනුන්ට මෙය ම සිදු වී තිබේ.

සුදු හමට ලංකාවේ මිනිසුන් කෙතරම් වන්දනා මාන කරනවා ද යත් ශාරීරික අංග ලක්ෂණවල ලස්සනක් නැතත් හමේ වර්ණය සුදු නම් ගැහැනුන් රූප සුන්දරියන් ලෙස සැලකේ. අපේ එක්තරා නැන්දා කෙනෙකු අපේ පවුලේ ලස්සන ම ගැහැනිය ලෙස සැලකිණි. නමුත්, පසුව කල්පනා කර බලන විට, ඇය සුදු, මිටි, දත් බොල්ලෑ කාන්තාවකි. 

දැන් ලංකාවේ පිරිමින්ට ද සුදු වන්නට ක්‍රීම් වර්ග තිබේ. 

කළු ලස්සන ය කීව‍ාට මගේ බිරිඳ ද සුදු ප්‍රවර්ගයට අයත් වන්නී ය. ඒ ගැන නම් මට කරන්නට දෙයක් නැත. මම සෑහෙන්න ට්‍රයි කළ කළු කෙල්ලක් ඒ කාල‍යේ මට කැමති වුණේ ම නැත. හැබැයි ඉතින් පවුල් ජීවිතයේදී නම් ඔය කළු සුදුකම් එච්චර වැදගත් නැත. ගැහැනිය කළු වුණත්, සුදු වුණත් පවුල නම් මිනිස් නිදහස අවුරන අවුලකි. 

අලුත් ලිපියක් කියවන්න දවල් 12න් පසු නැවත එන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අදනම් අවංකම අදහසක් කියල, එල එල ++++

    කලු කෙල්ලොත් ලස්සනයි, මටනම් හිතෙන්නෙ ලංකාවෙ කෙල්ලො හමෙ පාටට, ඇඟේ හැඩේට හරියට ඇඳුම් අඳින්නෙ නෑ කියල. මෙහෙත් කලු (ඇෆ්‍රිකන් ) කෙල්ලො ඉන්නවා, මාර ලස්සනයි. හැබැයි සුදු උන් පොඩ්ඩක් ටෑන් උනාම පට්ට ලස්සනක් එන්නෙ.

    ඉස්සර අපෙ එකෙක් කපුටියකට ලයින් දාල, දවසක් කවියක් ලියල දීල, එදා ඉඳන් කෙල්ල තරහයි, හොයල බැලුවාම මූ ලියල ඔයා පිනි ජම්බු ගෙඩියක් වගෙ ලස්සනයි කියල. කොච්චර කිව්වත් කෙල්ල හිතන්නෙම එකිව බයිට් එකට ගත්ත කියල.

    පැරා, වයිෆ් තරහ වෙන්නෙ නැද්ද පරණ ලවු ගැන කියනකොට?
    -ප.ගෝ.

    ReplyDelete
  2. //ගැහැනිය කළු වුණත්, සුදු වුණත් පවුල නම් මිනිස් නිදහස අවුරන අවුලකි.//
    +++++++++++++

    ReplyDelete
  3. ආශා රංගප්පා ගේ ලිපිය වැදගත්. ලංකාවේ තත්වයත් ඒකමනේ. අපේත් එකම මතකයේ තියෙන රූ රැජින රෝසි සේනානනායක විතරයි නේද?

    ඔය සුදු-කළු බේදය ලංකාවේ කළු සිංහලයින් අතර විතරක් නොවෙයි, අප්‍රිකානු-ඇමෙරිකානුවන් අතරත් තියෙන බව මා රූපවාහිනි වැඩ සටහනකින් දැක්කා.

    ReplyDelete
  4. අන්තිමට දෙරණෙන් තෝරපු කෙනා කළුයි ලු නේද?

    ReplyDelete
  5. කළු හොඳ නැත්තං දැකුම් කළු, නෙත් කළු, සිත් කළු කියල කියයියැ :)

    කළු කෙල්ලො ලස්සනයි කියන එක ගැන අවංකවම, කෙනෙක් කියයි කියල නොහිතෙන සින්දුවක් තමයි ක්ලැරන්ස් හදල තියෙන්නෙ.

    ReplyDelete
  6. I hate black people and black girls in Srilanka. They are like animals & dirty.

    ReplyDelete
    Replies
    1. do you have white skin like a European.chek Europeans they like black skin.And also they like fat or thin.But Sri Lankan's think they can become white or Europeans if they have this idea.Sooo Stupid

      Delete
    2. ඉන්දික උපශාන්තSeptember 19, 2013 at 7:33 PM

      ඔයා සිංහල ඉගෙනගත්තේ පිටකොටුවේ නාට්ටාමිලාගෙන් ද

      දැකුම්කළු = දැකීමට ප්‍රිය උපදවන

      නෙත්කළු = නෙතට සතුට දෙන

      සිත්කළු = සිත් ඇදගන්නා සුළු, සිතට සතුට දෙන

      Delete
  7. මම නම් ආස සුදු අයට..කළු අයත් කමක් නැහැ ඉතින්..

    ReplyDelete
  8. කැමැත්තෙන් එනවනම්/දෙනවනම් පාට ගැන නැත ප්‍රෂ්..

    ReplyDelete
  9. Ano1 "..යටත් විජිත උරුමයෙන් හා පශ්චාත් යටත් විජිත සංස්කෘතික ආධිපත්‍යයෙන් අපට ලැබුණු සුදු හම වන්දනා කරන මානසිකත්වය නිසා ය.." මේක ටිකක් ගැටළු සහගතයි..
    අපි සුද හොයනවා වගේ සුදු බහුතරයක් ඇති රටවල කළුවට හුරු අයට හොද මර්කෙට් එකක් තියෙන්නේ මොකද ? අපි සුදු වෙන්න cream හොයනවා..ඔවුන් කළු වෙන්න වෙන්න අවුවේ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, සුද්දියෝ කළු උන්ට කැමැතියි කියල අපෙ උන් උඩ දාගෙන හිටියට උන් කැමති ඇෆ්‍රිකන් කලු උන්ට, එතන තියෙන්නෙ අවයවයක විශාලත්වය සම්භන්ද ගැලපීමක්, අනිත් කරුණ බටහිර ලිංගික සම්භන්දයක් කියන්නෙ ප්ලෙශර් එක විතරයි, දිගු කාලීන සම්භන්දතා අවශ්‍ය නෑ, සමහර විට ඔෆිස් පාර්ටියෙ ඉවරවෙලා යනකොට හිතොනොත් සෙට් වෙන්න වෙනවා. හැබැයි එකෙන් කියන්නෙ නෑ, මුන් නිකන් ගෝත්‍රිකයෝ වගෙ හැසිරෙනවා කියල, උන් ඒක පිලිවෙලට කරනවා. පාසල් කාලෙ යාලු වෙලා තාමත් බැඳල ඉන්න පොරවල් ඔෆිස් එකෙ ඉන්නවා. නමුත් සමහර අයගෙ සම්භන්දතා තරමක් නිදහස්. මුලින් අපිටත් හිතුනා කස්ටියට චාන්ස් වදිද්දි මුන් අපිට කැමති කියල, නෑ එහෙම නෑ. ඒක අපි ලංකාවෙ කියනවා වගෙ රහ වෙනස් වෙන්න වෙන හෝටල් වලින් කනවා නෙවේ. සරලවම අවශ්‍යතාවය ඉටු කර ගැනීමක්.

      ප.ගෝ.

      Delete
  10. දැන් නම් බටහිර රටවල සුදු කොල්ලෝ කලු කෙල්ලන්ට වැඩියෙන් කැමතී...:)

    ReplyDelete
  11. මොකද පැරා අළුත් පෝස්ට් එකේ කොමෙන්ට් වහලා.... අධිකරණයට අපහාසයක් හෙම වෙයි කියලද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා