Posts

Showing posts from May, 2013

බොදු බල සේනා, මෙත් සෙවණ හා ජර්මානු රාජ්‍ය නො වන සංවිධාන

Image
(මෙම සිද්ධියට අදාල අපගේ ගවේෂණාත්මක වාර්තාව ඉංග්‍රීසි බසින් මෙතැනින් කියවන්න ) ගාල්ලේ, පිලානේ පිහිටි මෙත් සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතා ජී. ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනා සංවිධානයටට අද (29) නියෝග කර ඇත. බටගොඩ ගමගේ අසංක අමරසිරි නමැති අය විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාග කළ විනිසුරුවරයා එම තීන්දුව දී ඇත. බොදු බලසේනාවේ මහ ලේකම් ජී. ඥානසාර හිමි, ඇඹිලිපිටියේ විජිත හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි සහ ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානය වග උත්තර කරුවන් කරමින් පෙත්සම පවරා තිබිණි. තමන්ට අයිති අක්කර 3 ක ඉඩම හා අදාළ දේපල 2012 දෙසැම්බර් 16 දා බොදු බල සේනා සංවිධානය විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන ඇති බව සඳහන් කරමින්, පෙත්සම්කරු 2013 පෙබරවාරි 14 දා අධිකරණයට අදාල නඩුව ඉදිරිපත් කර තිබේ. ඒ අතර, බොදු බල සේනා සංවිධානය පසුගිය මාර්තු මස 09දා තමාට හිමි ඉඩමේ තිබු ගොඩනැගිල්ල 'මෙත් සෙවන' ලෙස නම් කොට ආරක්ෂක ලේකම්වරයා එහි ගෙන්වා එහි අධ්‍යාපන මධ්‍යස්ථානයක් ආරම්භ කල බව අමරසිරි පවසයි. අප මෙම සිද්ධිය පිළිබඳ කළ අධ්‍යයනයේ වාර්තාව

සුළි සුළඟකට මහසෙන් කියා නම තැබුවාම ඇති වැරැද්ද කුමක් ද?

දේශීය වාරි සංස්‌කෘතික උරුමය සුරැකීම පිළිබඳ ජාතික සභාව නම් අප්‍රකට සංවිධානයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තර්ජනය කර "මහසෙන්" නම සුළි කුණාටුවකට යෙදීම සම්බන්ධයෙන් 'ජාතියෙන්' සමාව ගැන්නූ බව වාර්තා වේ. වැරදි කාලගුණ තොරතුරු සැපයීම සම්බන්ධයෙන් නම් මේ දෙපාර්තමේන්තුව කිසි දිනෙක සමාව ගත් බවක් අපි නම් නො දනිමු. සිදු වූ වරදක්, අතපසු වීමක් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයක් මේ අන්දමින් රාජ්‍ය නො වන සංවිධානයක් ඉදිරියේ 'ජාතියෙන් සමාව ගැනීම' කියා දෙයක් මීට කලින් නම් සිදු වූයේ නැත. මේවා ඉතා නරක පූර්වාදර්ශ ය. ජාතියෙන් සමාව ගන්නට උවමනා නම් එය කළ යුත්තේ විධිමත් අන්දමින් ගැසට් නිවේදනයක් වැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ මිස මේ කොහේවත් යන රාජ්‍ය නො වන සංවිධාන ඉදිරියේ නො වේ. නම් පැවත එන්නේ රජවරුන්ගෙන් නො වේ. රජවරුන් ඒ නම් පාවිච්චි කළ නිසා ඒවා ප්‍රසිද්ධ වූවා පමණි. රජවරුන්ට හෝ වෙන කිසිවෙකුට හෝ නම් හෝ භාෂාව හෝ අයිති නැත. ඒවා ‍පොදු ජන උරුම වේ. මහසෙන් යනු මහා සේනාව යන අරුත් දෙන වචනයක් හෝ නමක් හෝ මිස රජෙක් නො වේ. යමක් නම් කිරීමේදී, විශේෂයෙන් ම රාජ්‍ය ආයතන, සෑම පැතිකඩක් ගැන ම සැලකිලිමත් විය ය

තව පන්සියයක් ගිනි තබා ගත්තත් ඔය ටික තමා ය

Image
බෝවත්තේ ‍ඉන්ද්‍රසාර හිමියන්ගේ ආදාහනය අද ඔහුගේ ගමේදී පැවැත්විණි. ඡායාරූපවලින් පෙනෙන ආකාරයට එයට ලොකු සෙනගක් සහභාගි වී නැත. කොළඹ සිංහල බෞද්ධ වීරයන්ට කහවත්ත දුර වැඩි හෝ තමන් වැඩ කරන තැන්වල නිවාඩු නැති හෝ වන්නට ඇත. මා දුටු තවත් දෙයක් වන්නේ පුද්ගලයන් දෙතුන් දෙනෙකු ඉන්නා සංවිධාන ඉටි රෙදි කපා, කෝටුවල අමුණා අතන මෙතක කහ කොඩි දැම්මා මිස ජනතාව ස්වේච්ඡාවෙන් කහ කොඩි දැමීමක් කළේ නැති බවයි. ඉන්ද්‍රසාර හිමියන් ගිනි තබා ගත් මහනුවර නගරයේ පවා කහ කොඩි නො එසවීම පිළිබඳ උරණ වූ ජාතික හෙළ උරුමයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වරණතිලක මැයි 27දා දහවල් මහනුවර ජෝර්ජ් සිල්වා උද්‍යානය අසල පැවැති රැස්වීමකදී "හෙට දහවල් 12 වෙන්නට පෙර මහනුවර කහ කොඩි දමන්න කියලා ඉල්ලා සිටිනවා. නැත්නම් අපි හෙට ක්‍රියා මාර්ගයක් ගන්නවා" යි කී බව වාර්තා විය. මිනිස්සු මේ ගිනි තබා ගැනීම ගැන කතා කරනු ඇසුණ මුත්, ඒ ගැන කම්පනයක් ඇති වී තිබුණු බවක් නම් දක්නට නො ලැබිණි. වෙසක් තොරණ්, පහන් කූඩු, දන්සල් ආදිය ගැන මිනිස්සු ඊට වඩා කතා කළ හ. සිංහල බෞද්ධ ජනතාව කිසිවක් සිදු නො වූවා සේ වෙසක් බලන්නට යනු පෙනිණි. ඉගෙන ගන්නවා නම් සිංහල බෞද්

ක්ෂණිකාලාගේ ක්ෂණික ආශා යුගය

Image
කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගමයි. ජනාධිපතිවරයා ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති පදවියට උසස් කළේ ය. ඉන් පසු ඇගෙන් හිස් වූ කොළඹ විශ්ව විද්‍යාල‍යේ උප කුලපති පදවියට පත් කර තිබෙන්නේ ඇගේ සැමියා වන විජය කුමාර හිරිඹුරේගමයි. මෙම තනතුර සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සේවය කළ ඔහුත්, කලා පීඨයේ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායකත්, නීති පීඨයේ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවාත් අයැදුම් කර තිබිණි. විශ්ව විද්‍යාල සනාථන සභාව විසින් මාර්තු මාසයේදී මේ නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම වෙත ඉදිරිපත් කරන ලදී. ඒ වන විට එහි සභාපතිනිය එක් අයදුම්කරුවකුගේ බිරිඳ ය. අවසානයේදී ජනාධිපතිවරයා විසින් කුමාර හිරිඹුරේගම කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර‍ට පත් කර තිබේ. ඔහුගේ පත්වීම සඳහා ඉහළම සුදුසුකම වුණේ දේශපාලනිකව හිරිඹුරේගම පවුල උසස් අධ්‍යාපන ඇමතිවරයා සමග කිට්ටුවෙන් සිටීම බවට චෝදනා එල්ල වේ. 1952 නොවැම්බර් 04 උපන් කුමාර හිරිඹුරේගමට දැන් හැට පිරී තිබේ. මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ඔහු‍ට වඩා ජ්‍යේෂ්ඨ හා සනාථන සභාවේ බහුතර කැමැත්ත දිනා ගත් පුද්ගලයා බව වාර්තා වේ. විශ්ව විද්‍යාල

ගසව් ගසව් කැරළි ගසව් - තම්බි රටෙන් එළවපියව් - ගව මස් කඩ වසාපියව්

Image
මේ ඡායාරූපයේ තොප්පි පැළඳ සි‍ටින උපශාන්ත මුහුණු ඇති පුද්ගලයෝ  පූජ්‍ය පක්ෂයට අයත් නොවේ.  ගව ඝාතනය නවත්වන්නැයි ඉල්ලමින් සිරුරට ගිනි තබාගෙන මිය ගිය බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන්ගේ දේහය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අරලියගහ මන්දිරය දක්වා පෙළපාලි ගිය හා මස් කඩ කැඩූ බව කියන සිංහල රාවය සංවිධානයේ පෙළපාලියේදී මෙම සටන් පාඨ කියවෙන ආකාරය අසන්නට ලැබේ. මෙම වීඩියෝවේ රැස්වීමක් අමතන සිංහල රාවයේ අක්මීමන දයාරත්න හිමි රට පුරා අන්‍යාගමික ස්ථාන, පල්ලි, කල්ලි, යාඥා මධ්‍යස්ථාන, නීත්‍යානුකූල නො වන ස්ථාන ආදිය  ඉවත් කරන බවට ද, මස් කඩ ඉතිරි නො කරන බවට ද ශපථ කරයි. කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ද හොඳ පදවියක් දෙයි. ඉන්ද්‍රරත්න හිමියන්ගේ මළ සිරුර ඔස්සේ අවදි කර ගන්නට යන 'ආගමික ප්‍රබෝධයට' ඉලක්කයක් නැති බව මේ වීඩියෝව දෙස් දෙයි. එය ගව ඝාතනය, මස් කඩ, හලාල්, මුස්ලිම් ජනයා,ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන්, පල්ලි පමණක් නොව පොලිසිය, බුද්ධි අංශ ආදියට ද එරෙහිව නන් දොඩවමින් අයාලේ යයි. එහෙත්, කිසිවෙක් ආණ්ඩුවට එරෙහිව වචනයක් නො දොඩති. පොලිසියට එරෙහිව යම් යම් දේ කීමෙන් පසුව ඒ වචන සම්බන්ධයෙන් පශ්ච

ගිනි තබාගෙන මිය ගිය හාමුදුරුවෝ හා ස්වපීඩක බුද්ධාගම

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිරුරට ගිනි තබා ගත් බෞද්ධ භික්ෂුව අපවත් වී තිබේ. අපි සර්ව භක්ෂක සත්වයකු වන මිනිසාට පරිණාමයේ මුල සිට ම කළ පරිදි මස් කෑමට තිබෙන අයිතියට ගරු කරමු. එසේම යම් කෙනෙකුට මස් නො කා සිටීමට ඇති අයිතියට ද ගරු කරමු. මස් කෑම ඇගයීම හෝ හෙළා දැකීම සංස්කෘතික විවිධත්වයේ ලක්ෂණ ‍වේ. සංස්කෘතීන් බිහි වන්නේ නිශ්චිත සංදර්භයන් තුළ වන නිසා කිසිදු සංස්කෘතියක් හොඳ හෝ නරක හෝ යයි කිව නො හැක. තමන්ගේ මතය හෝ සංස්කෘතිය අනුන් මත පැටවීම සඳහා ප්‍රචණ්ඩත්වය හා බිය වැද්දීම යොදා ගැනීම ත්‍රස්තවාදයයි. ඒ අනුව මේ වනාහි ත්‍රස්ත ක්‍රියාවකි. කොටි සංවිධානයේ ද සටන් මූලධර්මය වුණේ මෙවැනි ත්‍රස්ත ක්‍රියා හා ඒ ආශ්‍රිත භීෂණය හා ඊනියා වීරාභිවාදනයයි. සිංහල බෞද්ධ අන්තවාදය ද එවැනි විනාශකාරී යුගයකට එළඹෙමින් තිබේ. බුදු හිමියන් දෙසුවේ අනන්‍ය වූ දහමකි. සිංහල බෞද්ධයෝ පළමුව ක්‍රිස්තියානිය අනුව යමින් කැරොල් බුදු දහමක් නිර්මානය කළ හ. බොදු බල සේනාව ෂාරියා බුද්ධාගමක් හදමින් සිටියි. ස්වපීඩනය මත පදනම් වූ අලුත් බුද්ධාගමේ නිර්මාතෘවරු කව්රු ද?  මේ ලිපියත් කියවන්න: හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි

හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම

දළදා මාළිගාව ඉදිරිපිටදී ගිනි තබගෙන සිය දිවි හානි කර ගන්නට තැත් කළ බෝවත්තේ ඉන්ද්‍රසාර බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාව වීඩියෝ කර ගත් ස්වර්ණවාහිනිය එය ගජරාමෙට විකුණන්නට පටන් ගෙන තිබේ. මෙකී සමාජ අපරාධය සිදු වන්නට යන බව දැන දැන ම ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති කණ්ඩායම කටයුතු කර ඇති බව පහත අප විසින් එම්බෙඩ් කර දක්වන ඔවුන්ගේ වීඩියෝවෙන් පැහැදිලිව ම පෙනේ. මාධ්‍යකරුවන්ට වුව අපරාධ සහායකයන් වීමට හිමිකමක් නැත. නීතියේ පාලනය ඇති රටක නම් මෙකී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය. මාධ්‍යකරුවාගේ කාර්යභාරය වන්නේ ඕනෑම සිද්ධියක් වාර්තා කිරීම නො වේ. සියල්ලට පළමුවෙන් තමන් පුරවැසියකු බව මාධ්‍යකරුවා මතක තබා ගත යුතු ය.මෙකී අපරාධය සිදු වන්නට යන බව දැන දැන එය වැළැක්වීමට පියවර නො ගැනීම ඉතා පැහැදිලිව ම වරදකි. මෙම ගිනි තබා ගැනීම සිදු කළ භික්ෂුවට ඇතැමෙක් බැණ වදිනු දුටිමි. එහෙත්, මේ වනාහි, ජාතිවාදී, ආගම්වාදී, ස්වෝත්තමවාදී අන්තවාදයේ අනුකම්පාවට ලක් විය යුතු අවංක ගොදුරකි. ‍සිය අරමුණ වෙනුවෙන් මෙකී ත්‍රස්ත ක්‍රියාවේ එ‍හිමියන් යෙදුණේ ලෙමන් පෆ් කමින් උපවාස රඟපාන ජාතිවාදී නායකයන් සි‍ටින රටක ය. මේ සිද්ධිය වනාහි ජාතිව

දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?

Image
මේ වනාහි ලංකාවේ වැඩියෙන් ම අසා ඇති ප්‍රශ්නය වන්නට පුළුවන. ජාතිය දෙමළ වීම නිසා මිනිසුන්ට සිදු වන අසාධාරණයන් පිළිබඳ ඕනෑ තරම් උදාහරණ පෙන්විය හැකි ය. කොච්චර උත්තර දුන්නත්, සිංහල ජාතිවාදියෝ මේ ප්‍රශ්නය නැවත නැවත අසති.  දෙමළ ජාතිකවාදීන්ට නම් මේ ප්‍රශ්නය විහිළුවක් වන්නට පුළුවන. එහෙත්, සිංහල සමාජය තවමත් හිතාගෙන ඉන්නේ මේ ප්‍රශ්නයට හරි පිළිතුරක් නැති ය කියා ය. දෙමළ ජාතිවාදීන්ට ද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවබෝධයක් සිංහලයන් තුළ ඇති කිරීමේ උවමනාවක් කිසිදු කලෙක නො තිබිණි.  සිංහලයකු වන මම මේ ප්‍රශ්නය ගැන උනන්දු වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිංහලයාගේ මෙන් ම සියලු ලාංකිකයන්ගේ ද අනාගතය හා මේ රටේ අනාගතය ද තීරණය වූයේ හා වන්නේ මේ ප්‍රශ්නය තේරුම් ගැනීම මත නිසා ය. වසර පනහකට පෙර ලංකාවේ අපි මේ ප්‍රශ්නය තේරුම් ගත්තා නම් පසුගිය තිස් අවුරුදු යුද්ධය සිදු නො වන්නට ඉඩ තිබිණි. යුද්ධය සිදු නො වුණා නම් අද අප මෙතැන නැත.  දෙමළ වීම නිසා දෙමළ ජාතිකයන් මුහුණ දෙන මූලික ම ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයකි. එනම්, දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයකි. ඉතිහාසයේ කිසියම් කෙටි කාල පරිච්ඡේද කීපයකදී හැර ලංකාව එක් සේසත් වී නැත. එක්

ජවිපෙ විදුලි පෙළපාලියට විමලුත් ඇවිත්

Image
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද කොළඹදී ජවිපෙ විසින් පවත්වන ලද පෙළපාලියට විමල් ද පැමිණ සිටියේ ය. ටයි කෝට් ඇඳ සිටිය ද දැන් අලුතෙන් බැඳුණු අයකු සේ නැවත බර ඇද සුදුසුකම් ලබා ගත යුතු නිසාදෝ ඔහු ලයිට් කණුවකට කර ගසා සිටියේ මෙලෙසයි. (ඡායාරූපය ලංකා ටෲත් වෙබ් අඩවියෙනි) කියවන්න:  රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු   මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව

Image
ගිලෙන නැවෙන් මීයෝ පැන යති. ආණ්ඩුව නම් නැව ගිලෙන්නට පටන් ගෙන නැතිමුත්, එය හොඳට ම අබලන් ය. කොයි මොහොතක හෝ වතුර කාන්දු වීම ආරම්භ වන්නට පුළුවන. එබැවින් බුද්ධිමත් මීයෝ පැන යා හැකි මං කල් ඇතිව සැලසුම් කර තබති.  බුද්ධිමත් ම මීයෝ වනාහි ජාතිම ජාතිවාදියෝ ය. විමල් වීරවංශ පක්ෂයත්, ජාතික හෙළ උරුමයත් පළාත් සභාවලට විරුද්ධ ය. වඩාත් නිවැරදිව කීවොත්, උතුරු පළාතේ දෙමළ වැසියන් වෙනුවෙන් පළාත් සභා මැතිවරණයක් පවත්වනවාට‍ විරුද්ධ ය.  මේගොල්ලන්ගේ පිටවීමේ දොරටුව තිබෙන්නේ මෙතැන ය. පිටවීමේ මාර්ගය එළිපෙහෙළි කර ගැනීම සඳහා ජාතික හෙළ උරුමය පළාත් සභා අහෝසි කරන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනැවිත් තබන්නට ද කටයුතු කර තිබේ.  සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය ගෙවන කිව්ව ද දැන් ජනාධිපතිවරයා ඒ ගැන සද්දයක් නැත. සැප්තැම්බරයේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයක් බලාගෙන දෙමළ ජාතික සන්ධානය සූදානම් වෙමින් සිටියි. මේ සැප්තැම්බරය මාස කීපයකින් එහාට යන්නට පුළුවන. ආණ්ඩුව ජාතික ගැටලුව සම්බන්ධයෙන් අනුගමනය කළ ජාතිවාදී ප්‍රතිපත්තිය වන්නේ 'දෙමළුන්ට කිසිවක් නො දෙන්නනෙමු' යන්නයි. එය එළිපිට

මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ

Image
විදුලිය ගාස්‌තු වැඩි කිරීම අහෝසි කරන ලෙස ආණ්‌ඩුවට බලකරමින් ඊයේ (21 වැනිදා) පවත්වන ලද එක්‌ දින සංකේත වැඩවර්ජනය සාර්ථක බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති හිටපු ඇමති කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. එක්‌තරා සුළු පිරිසකගේ වුවමනාවන් මත ඊයේ කරන ලද වැඩවර්ජනය මේ රටේ මෙතෙක්‌ කෙරුණු වර්ජනවලින් ඉතා අසාර්ථකම වර්ජනය බවට ඉතිහාසගත වනු නියත යෑයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක හා යුක්‌තිය උදෙසා ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු එස්‌. අමරසිංහ පවසයි. ගාග් කාන්තත්, එස්. අමරසිංහත් යනු එකම ජනතා විමුක්ති පෙරමුණේ එකම වෘත්තීය අංශයේ සිටි දෙදෙනෙකි. පක්ෂය තුළ සන්නද්ධ අමරෙ නමින් ද කලක් හඳුන්වනු ලැබූ අමරසිංහ දැන් මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටියි. ලාල් කාන්ත කරමින් සිටින්නේ කුමක්දැයි හරියට දැන ගැනීමට තව ටික දිනක් අවශ්‍ය වනු ඇත. 21 දින මහා සංකේත වැඩ වර්ජනය සාර්ථක යයි විවිධ තර්ක ඉදිරිපත් කළ හැකි ය. ආණ්ඩුව බිය වූ නිසා වර්ජනය සාර්ථක යයි ගෙනෙන තර්කය එකකි. ජනතාව දැඩි මර්දනයකට ලක් කර තිබෙන සංදර්භයක් තුළ මේ තරමින් හෝ වර්ජනය ඉල්ලීමට ප්‍රතිචාර ලැබීම ද ප්‍රමාණවත් යයි තීම තවත් එවැනි තර්කයකි.

බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු

Image
බොදු බල සේනාව වේවැල්වලින් සන්නද්ධ වීමට තීරණය කර තිබේ. බුදු තෙමඟුල සැමරෙන වෙසක් සමයේ බොදු බල සේනාවේ අය වේවැල් අරගෙන වීදි සරනු ඇති බව දන්වා තිබේ. ඒ උත්සව පවත්වන සමාජය වෙනුවෙන් සමාජ ශෝධක භූමිකාවක් ලෙස පෙන්වමිනි. මේ වේවැල් සෙල්ලම අලුත් දෙයක් නොවේ. වෙසක් කාලයට විකිණෙන භාණ්ඩ අතර වේවැල් ද තිබේ යයි සිතමි. 1992දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ පවත්වන ලද පහන් කූඩු තරගයකට සහභාගි වීම පිණිස නුවර සිට කොළඹට දුම්රියෙන් පැමිණෙද්දී මා දුටු දර්ශනයක් වන්නේ ‍දුම්රියේ පාපුවරුවේ පැමිණි මදාවි කොල්ලන් කීපදෙනෙක් වේවැල්වලින් දුම්රිය මාර්ගය අයිනේ සිටි අයට පහර දීමයි. දුම්රිය අද්දර පාරේ පයින් යන මිනිසකු හිටි හැටියේ හිසට වැදුණු වේවැල් පාරකින් වේදනාවෙන් ඇඹරුණ අයුර ඒ කොල්ලන්ට මහත් විනෝදයක් විය. වේවැල් කසාය තිත්ත ය. ගුරුවරු වැනි වේවැල් කසාය දෙන අය හැමදාමත් එයින් පරපීඩාකාමී සතුටක් ලබති. 2011 වෙසක් දිනයේ අත්දැකීම් කීපයක් ‍අපි එදා ලියා තැබුවෙමු. කියවන්න: ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ඔස්සේ බුදු දහම ක්‍රිස්තිය

සිංහල විවාහ චාරිත්‍ර විකාශය (ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොවේ)

Image
මීට වසර හතළිහකට පමණ පෙර, කුඩා දරුවකු ලෙස මගේ මාමාගේ විවාහ මංගල්‍යය දුටුවෙමි.  ඒ කාලයේ හැටියට හොඳ මට්ටමේ මඟුල් ගෙයක් වූ එහි හරක් මස් කන්නට දුන්නේ ය. ඒ කාලයේ සාමාන්‍ය මඟුල් ගෙදරක දුන්නේ මාළු ය. මට මතක පරිදි මම මුල් වරට කුකුළු මස් කෑවේ හැත්තෑව දශකයේ අගභාගයේදී ය. ඒ දවස්වල බොහෝ ගෙවල්වල කුකුළන් සිටිමුත්, ඒ ගෙදරම අය උන්ව මරාගෙන කෑමක් ගැන මට මතකයක් නැත. උගුඩුවන් වැනි සතුන්ගෙන් කුකුළන් බේරා ගැනීම සඳහා උන්ගේ කූඩුව හදා තිබුණේ ගස් දෙකක් අතර බඳින ලද කම්බිවල එල්ලී තිබෙන පරිදි ය. දවල් දවස පුරා ම ගෙවතුවල ඇහිඳ කන කුකුළෝ හැන්දෑ වූ විට ස්වේච්ඡාවෙන් ම කූඩුවට පියෑඹූ හ. ඒ වන විට සිංහල බෞද්ධයෝ දඩ මස් ඇතුළු විවිධ මස් වර්ග කෑ හ. බ්‍රොයිලර් කුකුළු මස් ජාතික මාංශ ආහාරය වී නො තිබුණි. මේ මඟුල් ගෙදර සීල් අරක්කු ද බොන්නට දුන්නේ ය. ඒ පිටුපස කාමරයක හොර රහසේ වගේ ය. අප්පුහාමිලා, රාළහාමිලා හොරුන්‍ මෙන් එහි රිංගා විග විගහට අසෝක වීදුරුවෙන් දෙක තුනක් ළඟ නමාගෙන 'ක්‍රාස්, ථු:' ගා කෙළ ගසා බත් මේසයට ගිය හ.  බත් මේසය විවිධ කෑම වර්ග පළංගාන, දීසි ආදියෙන් සමන්විත විය. බුෆේ ක්‍රමයට නොව, බෙදාගෙන කෑමට තිබුණු කෑම මේසය ව

මැයි 21 දැන ගියොත් කතරගම ය. නො දැන ගියොත් අතරමග ය.

Image
මැයි 21 වර්ජනයට අපි සහභාගි වෙමු. එහෙත්, අප‍ට ඒ පිළිබඳව අපට තිබෙන ප්‍රශ්න කීපයක් 'පළමුව මරණය - දෙවනුව මව්බිම' හෙවත් මැයි 21දා‍ වර්ජනය නම්  ලිපියෙහි දැක්වීමු.  අප දකින ආකාරයට මේ වර්ජනයට ජනතාවගෙන් යම් මට්ටමක හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකි ය. එසේ සිදු වන්නේ එය කැඳවූ වෘත්තීය සමිතිවල ශක්තිය නිසා නොව ‍රටේ ජනතාවට මේ ආණ්ඩුව එපා වී තිබෙන නිසා ය.   මෙම වර්ජනය කැඳවූ නායකත්වයට ඊට පෙර උද්ඝෝෂණයක් කැඳවීමේ ශක්තිය තිබුණා ද යන්න ප්‍රශ්නයකි. විදුලි බිල වැඩි කිරීමට එරෙහි වෘත්තීය සමිති එකමුතුව විසින් කැඳවන ලද මැයි 15දා උද්ඝෝෂණය එයට ලැබුණු පුළුල් සහ‍යෝගය නිසා සාර්ථක විය. මැයි 21 වර්ජන තීන්දුවට මෙම වෘත්තීය සමිති එකමුතුව සම්බන්ධ නැත. ඔවුන් මැයි 21 වර්ජනයට සහභාගි වනවාද යන්න ද මේ මොහොත වන විටත් තීරණය කර නැත. වෘත්තීය සමිති සහයෝගය වෙනුවෙන් සහෝදර සාකච්ඡා ද නැත. අනාගත ඇමතිවරයකු වන ලාල් කාන්ත දැන් සිටම හැසිරෙන්නේ බලයෙන් හිස උදුම්මාගෙන ය.  සමස්ත මහා වැඩ වර්ජනයක් යනු සෙල්ලමක් නොවේ. එවැන්නක් කැඳවිය යුත්තේ මාධ්‍ය නිවේදනයකින් නොවේ. වෘත්තීය සමිති වෙන වෙනම එකී තීන්දුවට පැමිණිය යුතු ය. වෘත්තීය සමිති එවැනි

'පළමුව මරණය - දෙවනුව මව්බිම' හෙවත් මැයි 21දා‍ වර්ජනය

Image
මැයි 21දින වැඩ වර්ජනයක් කැඳවා තිබේ. කැඳවා තිබේ යයි කීවේ ඒ වර්ජනය වෙනුවෙන් තීන්දු ගැනීමට මා හෝ මගේ වෘත්තීය සමිතියේ නායකත්වය හෝ සහභාගි නොවූ නිසා ය.  පෙනෙන විධියට මේ වනාහි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ කැඳවීමකි. ඔවුන්ගේ භාෂාවෙන් කියන විධියට කුරුට්ටන්ගේ කැඩී යාමෙන් පසුව ඇති වී තිබෙන තත්වය තුළ මෙහෙම ගියොත් කැඳත් නැතිව යන්නට පෙර කළ කැඳවීමකි. රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට කළ කැඳවීමකි.  දැන් මෙතැන ඇති ප්‍රශ්නය මේ වර්ජනය ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ වෙයිද කියා ය.  අනුර කුමාර දිසානායක හිටපු ඇමතිතුමා කියන පරිදි 21 වර්ජනයෙන් පසු 23 උද්ඝෝෂණයක් පැවැත්වේ. 'අහේතු කාලේන කජ්ජේන පුහුලං' කියා විහිළු ශ්ලෝකයක් තිබේ. ඒ කියන්නේ අහේතු කාලයට කජ්ජ ගහේ තිබියදී පුහුලම වැටෙනවාය කියා ය. අපි දන්න විධියට නම්, කම්කරුවෝ වර්ජනය තෝරා ගන්නේ අනෙකුත් ක්‍රියාමාර්ග සියල්ල අසාර්ථක වූ පසු ය. දැන් ක්‍රමය එහෙම නොවේ. මුලින් මාරාන්තික උපවාස කරනවා ය. ඊට පස්සේ මහා වැඩ වර්ජනයක් කරනවා ය. ඉන් පසු එක් දින සංකේත වර්ජනයක් කරනවා ය. ඊට පස්සේ ඒ වර්ජනය ගැන ජනතාව දැනුවත් කරන්නට පත්‍රිකා බෙදනවා ය. ඊට පස්සේ පිකටිං එකක් කරනවා ය

කරුණාරත්න පරණවිතානගේ ජාතිකවාදයේ දිළිඳුකම හා මගේ සාඩම්බර සිංහලකම

Image
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ද වන කරුණාරත්න පරණවිතාන බුද්ධිමතෙකි. මම ඔහුගේ දේශපාලනය අගය නො කරමි. එහෙත්, ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් ප්‍රිය කරමි. කැනඩාවේ ‍ ක ොන්සල් ජනරාල්වරයා වන ඔහු මෑතදී ස ිංහල බ්ලොග් අඩවියක් ආරම්භ කළේ ය. එය ඔබගේ අවධානයට යොමු විය යුතු එකකි. කියවන්න: සතරදිගන්තය ඔහු විසින් ලියන ලද දර්ශනයේ දිළිඳුබව සහ දිළිඳුබවේ දර්ශනය  නම් ලිපියෙහි ඔහු මෙසේ සඳහන් කරයි.  ජාතිකවාදය දාර්ශනික වශයෙන් ඉතා දිළිඳුය. එක විද්වතකු පැවසු පරිදි "ජාතිකවාදය මහා චින්තකයන් බිහි කර නැත. ජාතිකවාදයට දාර්ශනික එකාග්‍රතාවක්ද නැත. ජාතිකවාදය හොබ්ස් කෙනෙකු කාල් මාක්ස් කෙනෙකු තබා මක්ස්වෙබර් කෙනෙකු වත් බිහි කර නැත''. එහෙත් ලෝකය තවමත් දුවන්නේ මේ දාර්ශනික වශයෙන් දිළිඳු දේශපාලන දෘෂ්ටිවාදය සමගය. එසේ වන්නේ ඇයි? එක හේතුවක් නම් ලෝකය එතරම් දාර්ශනික නොවීමය. තවත් හේතු බොහොමයක් ඇත. බොහෝ 'ප්‍රගතිශීලීන්' ජාතිකවාදයට අකමැතිය.එයට හේතුව ජාතිකවාදයේ එක ස්වරූපයක් වන 'ජාතිවාදයට' තිබෙන අකමැත්ත සහ පිළිකුලය. එහෙත් ජාතිකවාදීන්ගේද එසේ නොවන්නන්ගේද අද දවසේද ඉරණම පාලනය කරන්නේ ජාතිකවාදයන්ගෙන්

ආණ්ඩුව මේ විදුලි බිල වැඩි කිරීම නවත්වා මහජන යෝජනා වහාම ක්‍රියාත්මක කළ යුතු ය. නැතිනම් ගෙදර යා යුතු ය

Image
මැයි 15දා ලක් ඉතිහාසයේ වැදගත් දවසකි. හෙට විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහන උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වේ. එය බොරැල්ලේ සිට ‍කොළඹ කොටුවට පා ගමනකි.  වෘත්තීය සමිති, බහුජන සංවිධාන, රාජ්‍ය ‍නොවන ආයතන හා දේශපාලන පක්ෂ ආදීහු විශාල පිරිසක් මේ පාගමනට එක් වී තිබේ.  මෙහි විශේෂත්වය වන්නේ එය කැඳවනු ලැබුවේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති පොදු විපක්ෂය විසින් වීමයි. මෙම විරෝධය කැඳවූ විදුලි බිල වැඩි කිරීමට එ‍රෙහි මහජන ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනය අප මීට පෙර මෙහි පළ කරන ලදී. මැයි දිනයට පෙර නිකුත් කරන ලද එම ලිපියෙන් පහත සඳහන් කරනු ලබන ඉල්ලීම් රජයෙන් කර තිබිණි.  පුද්ගලික විදුලි බලාගාර සමඟ විදුලි බල මණ්ඩලය ඇති කරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අහෝසි කර නියම විගණනයක් හරහා විදුලි ඒකකයක් පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගැනීම. රුපියල බාල්දු කිරීම හරහා සිදුවන පාඩුව මගහරවා ගැනීමට විදුලි බල මණ්ඩලයට ඊට සරිලන සහනාධාරයක් ලබා දීම. ඛනිජ තෙල් සංස්ථාව විදුලිය නිපදවීමට විදුලි බල මණ්ඩලයට ලබාදෙන තෙල් ලීටරයක මිල නැවත රුපියල් 65 දක්වා අඩු කිරීම. රුපියල් බිලියන 20 කට වඩා වැඩි වාර්ෂික පාඩුවක් ලබන ශ‍්‍රී ලංකන