දොස්තර වර්ජනය හා මණ්ඩලේ කචල් / Sri Lanka doctors' strike and the internal conflicts of the ruling class

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද  මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කරන්නට සැලසුම් කර ඇති වර්ජනය සාමාන්‍ය වර්ජනයක් නො ව රජයේ ආර්ථික ප්‍රතිපත්තියකට එරෙහිව කරනු ලබන්නකි. ඒ වනාහි වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව කරන වර්ජනයකි. ප්‍රශ්නය මතු වන්නේ ගුණාත්මකභාවය පිළිබඳ කාරණාවලින් මුත්, එකී ප්‍රශ්න රජයේ වෛද්‍ය විද්‍යාලවල ද නැත්තේ යයි තර්ක කිරීම දුෂ්කර ය. 


ලංකාවේ උසස් අධ්‍යාපනයේ තිබෙන ලොකු ම ගැටලුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැතිකම නො වන මුත්, රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා අධික උනන්දුවකින් කටයුතු කරයි. එහි අරමුණ කුමක් ද යන්න පැහැදිලි නැත. වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පිටරට යන සිසුන්ගේ මුදල් ඉතිරි කිරීම ඔස්සේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම හෝ ලංකාව උසස් අධ්‍යාපන වෙළඳපොළක් බවට පත් කිරීම හෝ මෙහි අරමුණු අතර ඇති බව රජයේ ලොකු ලොක්කන්ගේ ප්‍රකාශවලින් සිතිය හැකි ය. මේවායේ ප්‍රායෝගිකත්වය පිළිබඳ බරපතල ගැටලු තිබේ.


එහෙත්, මෙහි අරමුණ ලංකාවේ වෛද්‍යවරුන් සුලබ කිරීම බව නම් රජය කිසි දිනෙක පවසා නැත. වෛද්‍යවරුන් සුලබ වීම දුප්පතුන්ගේ පැත්තෙන් නරක දෙයක් නො වේ. එයින් ඔවුන්ගේ මිළ පහළ යන බැවිනි.  


රජය පැත්තෙන් ගත් කල වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංවිධිතභාවය හා ශක්තිය බිඳ දැමීමේ උවමනාවක් තිබේ යයි සිතිය හැකි ය. නීතිඥයන් වෛද්‍යවරුන් කෙරෙහි ඇති වෘත්තීය ඊර්ෂ්‍යාව ද මෙහි පසුබිමේ තිබෙන්නට පුළුවන.  


වෛද්‍යවරුන් වනාහි පෞද්ගලීකරණය වෘත්තීය අයිතිවාසිකමක් බවට පත් කරගෙන සිටින සමාජ තීරයකි.ඔවුන් සිය සේවා කොන්දේසි සකසාගෙන තිබෙන්නේ පෞද්ගලික වෛද්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව දිය හැකි වන පරිද්දෙනි. එවැනි පිරිසක් රජයේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියකට එරෙහිව යන්නට උත්සාහ කිරීම තුළ ගැටුමක් තිබේ. 


කෙසේ වෙතත්, උසස් උධ්‍යාපන ඇමති එස්. බී. දිසානායකත්, මහින්ද රාජපක්ෂ රජයත් මෙවර හැප්පෙන්නේ ලංකාවේ වඩාත් ම සංවිධිත වෘත්තික පිරිස සමග ය. ඔවුහු වෘත්තිකයන් වීමට අමතරව පංතිමය අරමුණු වෙනුවෙන් ද පෙනී සිටිති. එකී පංතිය ඇතැම් ලක්ෂණවලින් රාජ්‍යය සූරා කෑම සිය ආර්ථික ශක්තියේ පදනම බවට පත් කර ගෙන සිටින, රට පාලනය කරන ජාවාරම්කාර පැළැන්තිය සමග හොඳින් පෑහේ. එසේ ම මෙම පාලනය ආරක්ෂා කිරීමෙහි ලා වෛද්‍යවරුන් අයත් වන ඉහළ මධ්‍යම පංතීන් විශේෂ බරක් ද දරන ලදී. 


මේ ඇවිලෙන සටන අපට නම් පෙනෙන්නේ නියම මණ්ඩලේ කචල් එකක් සේ ය. අපි එය නිරීක්ෂණය කරන්නේ ආශාවෙනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අන්න මයිත්‍රීපාල සේනානායක වැඩේ විසදන්න භාර ගත්ත කියල දොස්තර වර්ජනය අත්හිටවල...

    දැන් මේක එස් බී සහ මයිත්‍රීපාල ගැටුම බවට පත් වෙලා...උසස් අධ්‍යාපනය සහ සෞක්‍ය ඇමති අතර පකුම් එක බෙදා ගන්න සටන බවට පත් වෙලා...

    මණ්ඩලේ කචල් තියෙන්නේ ඇමති මණ්ඩලයේ...බලමු බලමු...

    අපි ගී කියමු...නටමු...රනිල් එන්න මල් පිපීදැයි බලන්න

    ReplyDelete
  2. හොරු සහ හොරු අතර ගැටුමක්!

    ReplyDelete
  3. What is the problem with private medical colleges. Majority of the students will not stay in Sri Lanka. They will migrate to Australia, Canada, UK, and USA etc. for higher studies and will never come back to Sri Lanka. This is happening even now. Just look at how many Sri Lankan doctors settle down in foreign countries without returning to Sri Lanka after completing their post-graduate training? How many of them going back again after completing training? These are the things nobody wants to talk in public. "Hypocrisy of the followers of Hippocrates"

    ReplyDelete
  4. See this post and comments, do you want to get killed by a 3S, doctor ?

    http://www.gossip9.com/2011/09/blog-post_07.html

    ReplyDelete
  5. opening private universities is good. But it needs regulation authority to control them. Otherwise they will become like private bus industry or tuition industry.

    ReplyDelete
  6. To the Anonym at 1:24 PM.

    Oh for the god sake pls get rid of this stupid A/L mania. It doesn't matter whether 3A s or 3S s, but the work that person is able to do. Due regulation and monitoring process can ensure to have a great Medic even he/she had got 3S s for the A/Ls. Grow up!

    ReplyDelete
  7. Re: "See this post and comments, do you want to get killed by a 3S, doctor ?"

    What is important is how doctors do their job, not how many grades they achieved in their A/Ls. In the 70s and 80s, some students entered the medical colleges with 3S's.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා