හිස නමා සමාව ගැනීම හා වැඳලා සමාව ගැනීම

(2011 ජුනි 28, W3Lanka) ශ්‍රේෂ්ඨාධිකරණය තුළදී 2009.12.02 දින ඕමාරේ කස්සප හිමියන්ට අත දිගුකරමින් බියක් හා අපහසුතාවක් ඇති වන පරිදි තර්ජනය කිරීම යන චෝදනාව මත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එරෙහිව පවරා තිබුණු නඩුවක් ඊයේ සමථයකට පත් කරගෙන තිබේ.


ඒ වනාහි, සේනසිංහ ඕමාරේ කස්සප හිමියන්ට විවෘත අධිකරණයේදී චාරිත්‍රානුකූලව හිසනමා ආචාර කිරීමෙනි.


මීට පෙර, මාතර දිසා විනිසුරු කේ.ඞී.එල්. සමන් කුමාර මහතාට සහ ඔහුගේ බිරියට පහර දී මෝටර් රථයට ද අලාභහානි කළ බවට චෝදනා ලද හමුදා භටයින් හා හමුදා භටයකුගේ බිරිය අධිකරණයේ දී මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේෂ් රණතුංග මහතා ඉදිරියේ දිසා විනිසුරුවරයාට සිංහල ක‍්‍රමයට වැද ආචාර කොට සමාව ලබාගෙන නඩුව සමථයකට පත් කර ගත්හ. විනිසුරුවරයාගේ මෝටර් රථයට වූ අලාභය ගෙවන ලදී.


නීතිඥ සුජීව සේනසිංහ ද, මාතරදී සමාව ගත් සෙබළු ද සිංහලයෝ ය. එහෙත්, ඔවුන් දෙපිරිස දෙවිධියකට සමාව ගන්නට ඇත්තේ සිංහල චාරිත්‍ර ප්‍රදේශ අනුව වෙනස් වන නිසා විය හැකි ය. ප්‍රදේශ පමණක් නො ව පංති අනුව ද චාරිත්‍ර වෙනස් වේ. නිදසුනක් ලෙස, සාමාන්‍ය වැසියන් හාමුදුරුවන්ට බිම දණ ගසා වැන්දත්, ලොකු ලොක්කන් වඳින්නේ යන්තම් දෙකට නැවී ය.


සමහර විට, සුජීව සේනසිංහ සමාව ගන්නට ඇත්තේ අධිකරණ චාරිත්‍ර අනුව විය හැකි ය. එසේ නම්, මාතර සෙබළු සමාව ගත්තේ අධිකරණ චාරිත්‍ර අනුව නො වේ ද?


වැඳලා සමාව ගැනීම ලංකාවේ අධිකරණයේ අලුත් ප්‍රවණතාවකි. සමාව දීම දේව ගතියක්ලු නේ.


එහෙත් අප අසා ඇති පරිදි නම්, අපරාධයක් සැලකෙන්නේ රජයට එරෙහි ක්‍රියාවක් ලෙසයි. අපරාධ නඩු විභාගයකදී වරදකරු ද නිවරදිකරු ද යන්න තීරණය වන්නේ සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි සහිතව වරදකරු එම වරද කරන ලද බව ඔප්පු වූ විටදී ය.


ඕමාරේ කස්සප හිමි යනු ආණ්ඩුවට සම්බන්ධ භික්ෂුවකි. සුජීව සේනසිංහ එහිමියන් බියට පත් කර ඇත්තේ 2009 වසරේ දෙසැම්බර් 02වැනිදා තම ආරක්ෂාව වැඩිකරන ලෙසට සරත් ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවේ අතර මැදි පාර්ශවකරුවෙකු ලෙස මැදිහත් වීම සඳහා ඕමාරේ කස්සප හිමියන් ද එදින ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියදී ය. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් එම නඩුවට පෙනී සිට ඇත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Kauru monawa keewath, Lankawa Kohomada Budunge deshaya une?
    Mewa thamai Boru Soban.
    Me etanta kanna one unama kabarayath talagoya karana jathiye,Budhu Dhama kelesana hiwallu.

    ReplyDelete
  2. @ lankavoter - 100% එකඟයි මිත්‍රයා...ලංකාව බුදුන්ගේ දේශය, එතකොට අපි සිංහලයෝ. මේක සිංහල දේශය.. මොකද්ද මේ කතා...? ලංකාවේ පොරවල් වෙන්නේ සිංහල බෞද්ධයෝ විතරද..? මේකද සමානාත්මතාවය..? මාත් සිංහල බෞද්ධ තමා, ඒත් මේවගේ ජාතිවාදී ප්‍රකාෂයන් ප්‍රතික්ශේප කරනවා..

    ReplyDelete
  3. බුදුන්ගේ දේශය කියන්නෙ ඉන්දියාවට....ඉන්දියාවේ බුදුහාමුදුරැවෝ ඉපදුන නිසා ඒ රට බුදුන්ගේ දේශය. අනික බුදුහාමුදුරැවො‍් තමන්ට ගිහි කාලේ හිමිව තිබුණු රජකම, බිරිද, දරැවා, ර‍ට‍, සැප සම්පත් අත් හැරලා ගියේ...කිසිම දෙයක් අයිතිකරගත්තේ නෑ.....
    නලින්ට පිස්සු....

    ReplyDelete
  4. This is about the poster---These lunatics enjoy what hard working wetern people created. Even the microphone they spoke again west was discoverd in west. What a bunch of hyprocrats.

    ReplyDelete
  5. ආණ්ඩුවේ කටුකන බොරු දේශප්‍රේමීයෝ බටහිරයන් කියලා අපහාස කරන අය සුදු මිනිස්සු බුදුදහමට ගරු කරනවා. ඒවගේම ඒ මිනිස්සු
    ලෝකය වෙනුවෙන් විශාල සේවයක් කරලා තියෙනවා.ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක වුනත්අපි මේ නිදහසේ comment දාන blogger එක නිර්මාණය කරේ කවුද? මේ comment box එකේ ආකෘතිය හැදුවෙත් බටහිර මිනිහෙක්. නලින්ගේ පුතා ඉගෙනගන්නෙත් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක. මේවා රටේ මිනිසුන්ගේ නිදහස් මතවාද විකෘති කරන්න හදන වැඩ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා