ලැජ්ජයි, ඇමතිවරුනි, ලැජ්ජයි.

(2011 මැයි 29,, W3Lanka) කටුනායක වෙළඳ කලාපයේ එක් ආයතනයකින් සේවකයින්  පහ බැඟින් කටුනායක වෙළඳ කලාපයේ ආයතන 90ක සේවකයින් කැඳවා ඊයේ පවත්වන ලද පෞද්ග/ලික අංශයේ විශ්‍රාම වැටුප් යෝජනා කෙටුම්පත පිළිබඳ රැස්වීමේදී කම්කරුවෝ අභීත ලෙස දේශපාලකයන් ප්‍රශ්න කර, ඔවුන් කිච වී පල්ලම් බසින තතත්වයට පත් කළහ.


ජනාධිපති නියමයෙන් සංවිධානය කරන ලද බව කියන මෙම රැස්වීමට කම්කරු ඇමති ගාමිනී ලොකුගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග, පළාත් සභා මන්ත්‍රී නිමල් ලංසා, ලලිත් වණිගරත්න, ආනන්ද හරිස්චන්ද්‍ර ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙරුමන් පිරිසක් සහ කම්කරු අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටි බව මාධ්‍ය වාර්තා කරයි.


නිදහස් වෙළඳ කලාප කම්කරුවන් පානුයි, පරිප්පුයි කා ඉතිරි කරන මුදල පවා ‍සූරාකන්නට හදනවා නේදැයි අභීත කම්කරු සහෝදරියන් ඇමතිවරුන්ගෙන් අසන්නේ සදය උපහාසයෙනි. ඇමතිලාට, දේශපාලකයින්ට, නිලධාරීන්ට උත්තර නැත.


සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස හාම්පුතුන්ට අණ කරන්නට බැරි රජයට සේවකයන්ගේ වැටුප් හා වෙනත් හිමිකම් කපා එවන්නට හාම්පුතුන්ට අණ කරන්නට ඇති අයිතිය කුමක්දැයි කම්කරුවෝ ප්‍රශ්න කළහ.


ලැජ්ජයි, ඇමතිවරුනි, ලැජ්ජයි.


කම්කරුවන් සැබැවින් අවදි වූ කල ඇමතිවරුන්ට ගෙදර යන්නට වන්නේ රෙදි නැතිව ය. 




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Ministers in Sri Lanka don't know what shame is...that is the biggest qualification to become ministers...

    ReplyDelete
  2. රතු තොප්පිකාරයෝ වයින් කරපු නූගත් කම්කරුවෝ පිරිසක් නේද කෑ ගහන්නේ. දැන් ආණ්ඩුව මේක නවත්වලා දැම්මොත් ආණ්ඩුවටද පාඩු? සේවකයන්ටද පාඩු? රතු තොප්පිකාරයන්ටද?

    පව් අසරණ සේවකයෝ.

    ReplyDelete
  3. All credits to the workers! Pollies should have done this consultation before drafting the bill.

    ReplyDelete
  4. @ anonymous මේක හම්බුනා කියල කම්කරුවන්ට වාසියකුත් නෑ. මේකෙ මුලු ප්‍රතිලාභ ලබන්න නම් අවුරුදු 30ක් විතර දිග සේවා කාලයක් අවශ්‍යයි. නමුත් නිදහස් වෙලද කලාපෙ ඉන්න අය ඉන්නෙ ඒ තරම් දිග කාලයක් සේවය කරන්න බලාගෙන නෙවෙයි. ගෑණු ළමයි වැඩි පිරිසක් පිටින් ඇවිත් බෝඩ් වෙලා ඉන්න අය. ඔවුන් විවාහ වෙන කාලෙ වෙනකොට රස්සාවෙන් අයින් වෙලා නැවත ගමට යනවා. එතකොට ඊටීඑෆ් එකෙන් ඒ ගොල්ලන්ට ගානක් හම්බෙනවා. එක්කෙනෙක් උපරිම වුනොත් අවුරුදු 5ක් නැත්තන් 8ක් වැඩ කරයි. ඒ නිසා විශාම වැටුපෙන් එයාලට වෙන ලොකු සෙතක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා