Posts

Showing posts with the label පෞද්ගලික විශ්‍රාම වැටුප

ලැජ්ජයි, ඇමතිවරුනි, ලැජ්ජයි.

(2011 මැයි 29,,   W3Lanka )   කටුනායක වෙළඳ කලාපයේ එක් ආයතනයකින් සේවකයින්  පහ බැඟින් කටුනායක වෙළඳ කලාපයේ ආයතන 90ක සේවකයින් කැඳවා ඊයේ පවත්වන ලද පෞද්ග/ලික අංශයේ විශ්‍රාම වැටුප් යෝජනා කෙටුම්පත පිළිබඳ රැස්වීමේදී කම්කරුවෝ අභීත ලෙස දේශපාලකයන් ප්‍රශ්න කර, ඔවුන් කිච වී පල්ලම් බසින තතත්වයට පත් කළහ. ජනාධිපති නියමයෙන් සංවිධානය කරන ලද බව කියන මෙම රැස්වීමට කම්කරු ඇමති ගාමිනී ලොකුගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග, පළාත් සභා මන්ත්‍රී නිමල් ලංසා, ලලිත් වණිගරත්න, ආනන්ද හරිස්චන්ද්‍ර ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙරුමන් පිරිසක් සහ කම්කරු අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටි බව මාධ්‍ය වාර්තා කරයි. නිදහස් වෙළඳ කලාප කම්කරුවන් පානුයි, පරිප්පුයි කා ඉතිරි කරන මුදල පවා ‍සූරාකන්නට හදනවා නේදැයි අභීත කම්කරු සහෝදරියන් ඇමතිවරුන්ගෙන් අසන්නේ සදය උපහාසයෙනි. ඇමතිලාට, දේශපාලකයින්ට, නිලධාරීන්ට උත්තර නැත. සේව...