තට්ට බෑමේ මහා පූජෝත්සවය

සිල් බි‍‍ඳෙන මෙවැනි ඇඳුම් ගැහැනුන්ට ඇන්දවීමේ ක්‍රිස්තියානි කුමන්ත්‍රණ පැරදවිය යුතු ය. 
(2011 මැයි 07, W3Lankaබුදු දහම අනුව, ගෘහස්ථ සීලයේ හෙවත් ගිහි සීලයේ මූලික කොටස් වන්නේ පන්සිල්, අටසිල්, ආජීව අට්ඨමක සිල්, නවාංග සිල් හා දස සිල් ය.


දස සිල් සමාදන් වීම ඉතා හොඳ දෙයකි. දස සිල් නැතත්, දේශපාලකයන් නම් පන්සිල් රැක්කත් රටට සේවයකි. අඩු තරමේ සතුන් හා මිනිසුන් මැරීම, සොරකම් කිරීම හා බොරු කීම නැවැත්වීම ලොකු දෙයකි. මේ තුන නො කර දැන් දේශපාලනය යයි කියන දෙය කරන්නේ කෙසේදැයි අපෙන් ඇසීමෙන් වළකින්න. කාමයෙහි වරදවා හැසිරීම හා මත් වීම මුළුමනින් ම නැවැත්වීම ගැන නම් අපි කතා නො කරමු.


අපේ චම්පික රණවක ඇමතිතුමාත් ඔහුගේ ප්‍රධාන සහචරයන් දෙදෙනා වන උදය ගම්මන්පිල හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහත් හෙට හිස මුඩු කර දස සිල් සමාදන් වන බව අසා අපි මහත් ප්‍රීතියට පත් වුණෙමු. ඇත්තෙන් ම, එය ඔවුන් විසින් මෙතෙක් කරන ලද ‍දේශපාලනය උඩු යටිකුරු කරන දැවැන්ත ප්‍රතිපත්තිමය තීන්දුවකි.


තට්ටෙ බාන බොහෝ දෙනාට මෙන් එතුමන්ලාට ඉස්සරහින්, මැදින් තට්ටෙ පෑදීමේ ප්‍රශ්නයක් ද නැත.


නවීන විලාසිතා අනුව යාම බුදු දහම තරුණ පරපුර අතර ජනප්‍රිය කිරීමේදී වැදගත් විය හැකි ය.


කණේ කඩුක්කං පැළඳීම ද සලකා බැලිය හැකි අදහසකි. පිරිමින් වළලු දැමීම නම් දැනටමත් මෙවැනි අරමුණු සඳහා යොදා ගැනේ. මීට ටික කලකට පෙර ජනප්‍රියව පැවති ලක්ෂ්මී වන්දනාව ජනප්‍රිය කළ ඉරහඳ ව්‍යාපාරිකයා ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් එකට නව අරුතක් දී අලෙවි කිරීමට සමත් විය.


එහෙත්, තට්ට බෑමේ විලාසිතාවේ නරක පැත්ත වන්නේ හෙට සිට ‍ඉස්කෝල කොල්ලන් තට්ට බාගෙන ඇවිත් බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් දස සිල් වූ බව කියන විට අපේ විදුහල්පතිතුමන්ලා කුමක් කරාවි ද යන ප්‍රශ්නයයි.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ අර බයිල චක්‍රවර්තිගෙ බෙන්ස් එකේ ලැගපු කුක්කො දෙන්න නේද.. ????

    ReplyDelete
  2. මේක හොඳ වැඩක්. සාදු, සාදු!!

    තට්ටය බෑම මං ඉස්සෙල්ලාම කලේ පුන්‍යාතනයකට ආධාර පිණිසයි. පස්සේ ඒක නැගලා ගියා. විශේෂයෙන්ම තට්ටෙන් සොමිය දීම ගැන දැනගත්තට පස්සේ.

    http://kathandara.blogspot.com/2010/07/blog-post.html

    ReplyDelete
  3. කාටහරි මඩක් ගහන්න ඇත්නම් සතියක් කෑවේ නැතත් කමක් නෑ නේද? හොඳයි හොඳයි. ඇග කසනව ඇති නෙ. කට නලියනවද? ආමේ කාටත් වැඩක් නැති කතන්දරය යි මාතලන් කියල දෙන්නෙකුත් සෙට් වෙලා ඉන්නෙ.

    හොඳයි හොඳයි අදත් ආතල් එකක් ගන්නකො.

    ReplyDelete
  4. උපාසකම බලල් මීයො ඵක්ක ජුවල්

    ReplyDelete
  5. කිසිදු වැදගැම්මකට නැති post එකකි.සමහර comment ඊට එහා.බයිලා චක්‍රවර්ති කියන්නේ M.S.ප්‍රනාන්දුට.එයාට Benz එකක් තිබ්බ ද නම් දන්නේ නෑ.

    ReplyDelete
  6. ධර්ම රාජ්ජෙට මේ දෙන්නගෙ තට්ටෙ විතරයි අඩුවකට තිබුනෙ. දැන් ඒකත් හරි.

    ReplyDelete
  7. pansalwala Udukaya novesuu andum sahitha chithra ande kristhiyani balapemenda ?

    ReplyDelete
  8. අනේ බන් ජයශ්‍රී ,උබ දන්නා එකක් කතා කරපන්.මෝඩ අතල් දෙන්නේ නැතිව.උබට මේවා තේරෙන්නේ නැහැ

    ReplyDelete
  9. මට මේක දැක්කහම මතක් වුනේ පරණ කතාවක්. ඒ තරුණ සහ මහළු හාමුදුරුවරු දෙන්නෙක් ගඟෙන් එගොඩවෙන කොට ගඟෙන් එගොඩ වෙන්න බැරි ගැටිස්සියෙක් දැකලා තරුණ හාමුදුරුවෝ ඒ ගැටිස්සිව වඩාගෙන එගොඩ කරපු කතන්දරේ. ඒ කතාවේ හැටියට මහළු හාමුදුරුවන්ට ඒ ගැන තිබුනේ අකමැත්තක්. නමුත් තරුණ හාමුදුරුවෝ ඒ ගැටිස්සිව එගොඩ කරාට පස්සේ ඒ ගැන හිතන්න හියේ නැහැ. ව්3ලන්කා මට පේන විදිහට මහළු හාමුදුරොවෝ වගේ මේකේ ඉන්න ගෑනූ පරාණේ දැකලා ඒ ගැන කම්පනයට පත්වෙලා ඒ ගැනම හිත හිත ඉන්නවාවගේ මටනම් පෙනෙනේ.

    ReplyDelete
  10. ඔය තාවකාලික මහනකම හොඳ වැඩක්. මාත් තායිලන්තේ දී පොඩි වෙලාවකට මහණ වුණා.
    http://kathandara.blogspot.com/2010/03/blog-post_11.html

    ඒක කලේත් රට ජාතිය වෙනුවෙන් ම තමයි.

    ReplyDelete
  11. Hora Desapalana Balallu Sil Ganeema...

    ReplyDelete
  12. හැමදේම තේරෙන, බුද්ධිමත් Anonymousට හා මේ ලිපියේ ලේඛකයාට: ඉස්කෝල කොල්ලන් තට්ට බාගෙන ඇවිත් බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් දස සිල් වූ බව කියන විට ඒක ඇත්තද බොරුද කියල හොයාගන්න අපේ විදුහල්පතිතුමන්ලා බැරිද?සිසුන් කියන කියන හැම බොරුවක්ම විදුහල්පතිවරු/ගුරුවරු පිලිගන්නවාද?එවන් ගුරුවරුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?මම දන්න සැබෑ ගුරුවරුන් තම සිසුවා කියන්නේ ඇත්තද බොරුද කියල සොයාගන්නේ සිසුවාගේ සිරුරු බසින්(Body Language).එහෙමත් බැරි නම් දෙමාපියන්ගෙන් විමසන්න බැරිද? කොපමණ විකල්ප කුම තියෙනවද? තමන් ප්‍රිය නොකරන දේශපාලකයෙක් කරන කරන හැම දේම වැරදියි කියල කියන එකෙන් පෙන්වන්නේ ඔබගේ අඥාන බවයි මිසක් වෙන දෙයක් නොවේ.

    ReplyDelete
  13. jaya sri oya thama inne adure.eliyata awith yatharthaya gana hithanna.dakina hamadema hariy kiyala hithanna epa.

    ReplyDelete
  14. පිස්සුද මෙයා... මෙවැනි උතුමන්ගෙ සීලෙ එහෙම බිදෙනවද?දැන් බලන්න මෙතුමා ආරණයගත වෙලා මං හිතන්නෙ ....බලන්නකෝ...ඔය ජායාරූපෙ දිහා දෙනෙත බරවෙලා තියෙන්නෙ කොයි සැපතටද කියල.

    ReplyDelete
  15. ME KELLAGE PEKANIYE MUDDAKUTH ELLALA THIBUNA. E AIRFRESHNER EKAK ELLANNADA?

    ReplyDelete
  16. මෙහෙම තොරතුරු ලැබෙන එක ගොඩක් හොද දෙයක්. මේකට අදහස් දීපු ගොඩක් අය සැබෑ මිනිසුන් නෙවෙයි. ඒ නිසා මේ ක්‍රියාව මම ගොඩක් අගය කරනවා. ‍මේ වගේ නිවුස් දිගටම දෙන්න. මුන් හැදුනෙ නැතත් ඒවා උපරිමයෙන් අපි විවේචනය කලයුතු වෙනවා. මොකද අපේ ධර්මය විනාශවෙන්නෙ ඉතා සියුම් විධියට නිසා. දැන් ගම්වලත් බහුලව ඔයවගේ හා ඊට බරපතල සිදුවීම් දකින්න ලැබෙනවා.
    මධුර

    ReplyDelete
  17. තට්ටපිකJune 10, 2011 at 11:22 AM

    සුරාංගනී..සුරාංගනී..
    සුරංගනීට තට්ට ගෙනාවා
    තට්ට තට්ට තට්ට
    මේව 'උරුම' තට්ට
    සුරංගනීට තට්ට ගෙනාවා..

    ReplyDelete
  18. මුන් තට්ටෙ ගාපු දවසෙ දැනගෙන තිඑන්නෙ මුන්ට ඔලුවක් තිබ්බ කියලා!

    ReplyDelete
  19. Yata mail tika gawanam ita wada hodai.

    ReplyDelete
  20. Nice PHOTOSHOP CRAETION..HIK HIK..

    ReplyDelete
  21. රටට වෑඩක් කරන අයට අපහාස කිරීම කිරීම ඔබලාගේ ෆන් එකද ,,,,,,,,,,,

    ReplyDelete
  22. Irrelevant picture taken from Architect 2009 exhibition @ BMICH....
    so sad about your mentality...

    ReplyDelete
  23. This dress is specially designed for a well known occasion held in BMICH, by a designer who is a Buddhist. it is intentionally designed inspired by traditional "redda" and "hatte" for this occasion. the picture uploaded here looks so exposing due to the angle and if you all can see the rest of the dress, you'll realize it covers the whole body!!!!! this is totally plagiarism, please be responsible when uploading these kind of photos.

    ReplyDelete
  24. jobless stupid men!!! so sad!

    ReplyDelete
  25. ලේඛකයා වෙත: ඇග පෙන්නන ඔක්කොම ගෑනු ක්‍රිස්තියනිද???? බෞද්ධයො ඔක්කොම වහගෙනද ඉන්නෙ???

    ReplyDelete
  26. ada rate mona de wunath christiyani ayata banina anthawadi muladarmawadi pirisak innawa. e ayata mehema kathawak thiyenawa............ THAMANGE AHE THIYENA POL PARALE IWATH KARAGANNE NATHUWA ANUNGE AHE THIYENA RODDA IWATH KARANNA YANA PIRISAKI.

    ReplyDelete
  27. හැමදේටම අගම අදාල කරගන්න තරම් මන්දබුද්දික කෙනෙ මෙය ලිඋ බව ත්රෙය්.ජරව්ද කරන හෙළුවෙන් නටන හැමෝම ක්රිස්තියනිනම් මේ රටෙන් වැඩිහරියක් එසේමය .එස්සේල්ලම තමන්ගේ හෙළුව වහගෙන ජයරුපයේ ඇත්ත නැත්ත සොයා බලනු.රෙද්ද හැට්ටය ක්රිස්තියනින්ගේ ජාතික ඇඳුමද?
    ඇස් ගෙඩිවලට හෙන ගහලද සිහලුන්නේ?

    ReplyDelete
  28. "සිල් බි‍‍ඳෙන මෙවැනි ඇඳුම් ගැහැනුන්ට ඇන්දවීමේ ක්‍රිස්තියානි කුමන්ත්‍රණ පැරදවිය යුතු ය" - මේවගේ ගොන් ඒවා දන්නා එපා මනුස්සයෝ. මමත් බෞද්දයෙක්. ලේජ්ජ හිතෙනවා මේවා දැක්කම

    ReplyDelete
  29. mekathawta mona sanwadada?

    ReplyDelete
  30. ක්‍රිස්තියානි කතෝලික අය විතරද අංග පෙන්වන්නේ..? අයි බෞද්දයෝ මුස්ලිම් ගැණු වගේ ඇඟ වහගෙනද ඉන්නේ...? ජාතක කතාවල ඉන්න තරමක් ගෑනු ඉන්නේ බාගෙට හෙළුවෙන්..... හැම එකකටම ක්‍රිස්තියානි.... කියන එක දැන් සමහර ගොන් හරක්ට පුරුද්දට ගිහින්.. උන්ගේ ගෑනුන්ට ළමෙක් හම්බ උනත් එකටත් කියන්නේ.." මේක ක්‍රිස්තියානි එකෙක් කරපු කුමන්ත්රණයක් කියල" අනේ ... හරක්....

    ReplyDelete
  31. ක්‍රිස්තියානි කතෝලික අය විතරද අංග පෙන්වන්නේ..? අයි බෞද්දයෝ මුස්ලිම් ගැණු වගේ ඇඟ වහගෙනද ඉන්නේ...? ජාතක කතාවල ඉන්න තරමක් ගෑනු ඉන්නේ බාගෙට හෙළුවෙන්..... හැම එකකටම ක්‍රිස්තියානි.... කියන එක දැන් සමහර ගොන් හරක්ට පුරුද්දට ගිහින්.. උන්ගේ ගෑනුන්ට ළමෙක් හම්බ උනත් එකටත් කියන්නේ.." මේක ක්‍රිස්තියානි එකෙක් කරපු කුමන්ත්රණයක් කියල" අනේ ... හරක්....

    ReplyDelete
  32. සමහර මිනිස්සු ඉන්නවා ගෑනු කොටට/ශරීර අවයව පෙන්නන අඳිනවාට කැමති,,එකයි මේ නොකිය කියන්නේ..මිනිස්සුන්ගේ කාම ආශාවන් වැඩි වෙලා දැන්..පත්තරේක අනිවාර්යයෙන් දුෂණ ප්‍රවෘත්තියක් තියෙනවාමයි,,එකේ වැරැද්ද ගෑනු අයත් බාරගන්න ඕනේ.ලස්සනට ඇඳට අපි වරදක් කියන්නේ නෑ..කාමය ඇවිස්සෙන විදියේ ඇඳුම අඳින්න හොඳ නෑ.දැන් සමහරු කියයි සමහරුන්ට එහෙම හිතෙන්නේ නෑ කියල..ඒක බොරුවක්..කාට උනත් ඇඟේ වසාගෙන සිටින කොටස් යම් ආකාරයකින් පෙනෙනවා නම් කාම ආශාව ඇති වෙනවා..සමහර මිනිසුන්ට ඒවා ඉවසාගනීමට නොහැකි උනාම තමයි දුෂණ සිද්ද වෙන්නේ..මෙතන ලේඛකයා කියන්න ගිය දේ මට තේරෙනවා..ඒත් ඔබ ඒක කියල තියෙන විදිය වැරදියි..ක්‍රිස්තියානි ආගමේ අය නෙවේ..බටහිර සංස්කෘතිය අපේ වගේ සදාචාර සම්පන්න රටකට ගෙනල්ල අපේ රටවල් විනාශ කරන්නයි ඒ මිනිස්සු කරන්නේ.ඒවා අපේ රටේ මිනිස්සුම තමා කරන්නේ..ඒ රටවල් වල ගෑනු කියල නෑ..ඒ අයත් පිරිමි වගේ සිගරට් බොනවා..හැමතැනම රස්තියාදුවේ යනවා..ඒ වගේ පහත් සංස්කෘතියක් තියෙන්නේ..නමුත් ලංකාවේ ගැහැණු එහෙම නෑ..ලංකාවේ ගැහැනියක් වැදගත් විදියට හැසිරෙන වර්ගයක්.නමුත් අවාසනාවට ලංකාවේ කාන්තාවන් දැනට පිරිහෙමින් තියෙන්නේ..මම තවම පාසල් යන පුද්ගලයෙක්.මම දන්නවා කොළඹ ප්‍රසිද්ද පාසල් වල කෙල්ලෝ කරන අසබ්‍ය ක්‍රියා.ඉතින් අවාසනාවට අපේ අය මෝඩයි..මෙහෙම දෙයක් කිව්වම නෑ අපි එහෙම නෑ කියනවා..නමුත් ඔබ නොදැනුවත්ම හරි වැරැද්ද කරනවා..මට අන්තිමට කියන්න තියෙන්නේ ඔබ කාන්තාවක් නම් ලස්සනට අන්දිනවට වැරද්දක් නෑ..ඒක වෙන්න ඕනේ,.,කාන්තාව ලස්සනට ඉන්න ඕනේ..නමුත් කාමය ඇවිස්සෙන විදියේ දේවල් අඳින්න එපා..ඒ කිව්වේ ඇඟේ අවයව පෙන විදියට අඳින්න එපා..සමහර විට ඒක ඔයාලට තේරෙන්නේ නැතුව උනත් ඒ දේ වෙනවා ඇති..හොඳට හිතල බලල වැඩ කරන්න.. :)

    ReplyDelete
  33. Oya wage andagena inna sthriyak dekkama oya ilawu seelaya kedenawanam mona mala illawuwakatada sil ganne? Sil ganna aya mema rate karana dewal penenawane.Ewath malawikara thama.Masayakata serayak sil aragaththama hari yaie.

    ReplyDelete
  34. Redda Hettaya oya Baudha shuddawanthayanta narakanam hela urumaye oya ponnayata thibunane kalin kiyala oka wenas karawaganne.Uth hondata baduwage pekaniya diha bala bala athal ekak aragena thiyenawane.Ithin than anith agam walata benala monawa karannada? Oka awilla thamange heluwa wahaganne beri bauddhayanta awenika wuna gathilakshanayak.Baudhayo ewunge agama unma piliganne nehtinam anith aya mona kehurak karannatha?

    ReplyDelete
  35. Methana wedi denek comment dala thiyenne heluwa kiyanne mokakda kiyala meloke danumak nethuwaie.Okkomatama issella ehi arthadekweema diyayuthuie kiyala hithanawa wiwechanaya karanna issella.Batahira ratawal walath oya hondaie kiyana kramayata andina aya innawa.A ekineka hari kiya thaman hithana akaraya uda misak sanskruthi gawa gena nemei.Rate janagahana wishalathwaya uda aheta penena awastha ganana wenas wenawa.Nethuwa loka sithiyame thithak wage thiyena mema island ekath ekka maha brithania wage ardadweepayak sasandala api thama honda kiyala kiyanne behe.
    Ape janagahanaya million 24 ye.Ape rata wage UK 250 gunayak england wishalaie.Emanisa isso wage api sudanaie api thama great kiyana eken ahakwenna.

    ReplyDelete
  36. "සිල් බි‍‍ඳෙන මෙවැනි ඇඳුම් ගැහැනුන්ට ඇන්දවීමේ ක්‍රිස්තියානි කුමන්ත්‍රණ පැරදවිය යුතු ය."

    This is just sarcasm guys .... :P

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා