Posts

Showing posts from March, 2011

සාමාන්‍ය පෙළ අසාමාන්‍ය ප්‍රතිඵලය ජිල්මාට් ද?

Image
(2011 මාර්තු 31,   W3Lanka )  විභාග ප්‍රතිඵල ඉහළ යාම හොඳ දෙයකි. වැඩි වැඩියෙන් දරුවන් විභාග සමත් වීම යනු ලංකාවේ උගතුන් ප්‍රතිශතය ඉහළ යාමයි. ලංකාවේ මාරාන්තිත තරග විභාග යනු කොහොමත් යහපත් දෙයක් නො වේ. පහේ ශිෂ්‍යත්වයේ පටන් ම ඒවායේ අරමුණ ඉහළ ගුණාත්මක මට්ටමේ අධ්‍යාපනයට ඇති සීමිත අවස්ථා ගණනට පිරිසක් තෝරාගෙන ඉතිරි පිරිස හළා දැමීමයි. පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අති විශ්ෂ්ට ය. කෙතරම් විශිෂ්ට ද යත්, සාමාන්‍ය පෙළට ඉගැන්වූ, පාසල් වාර විභාග උත්තර පත්‍ර බැලූ හා සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර අධීක්ෂකයන් ලෙස කටයුතු කළ අය පවා එතරම් හොඳ ‍ප්‍රතිඵල ලැබීම විශ්වාස නො කරති. විභාගයේ ප්‍රශ්න පත්‍ර ද සරළ මට්ටමේ ඒවා නො වූ සංදර්භයක සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙසේ අසාමාන්‍ය ලෙස ඉහළ යාම බොහෝ ගුරුවරුන්ගේ සැකයට භාජනය වී තිබේ. පැතිරෙන කටකතා භයානක ය. කොම්පියුටර් ජිල්මාට් ද, එක්තරා බලධාරියකුගේ පුතකු විභාගයට ලිවීම ද, තවත් බලධාරීන්ට පෞද්ගලිකව කැපී පෙනෙන්නට අවශ්‍ය වීම ආදී කරුණු ද මේ කතා බහ අතර වේ. විභාග ක්‍රමය පිළිබඳ ද මැතිවරණ ක්‍රමය පිළිබඳ සේ විශ්වාසය නැතිව යාම භයානක

ලංකාවට බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධුවරයෙක් හා දේශමාමක ජනප්‍රසාදන ලංකා පුත්‍රයෙක් පහළ වෙති

Image
(2011 මාර්තු 30,   W3Lanka )  මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිලිබඳ අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අටමස්තානධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසින් පසුගිය දා අනුරාධපුර මහා විහාරයේදී පිරිනමන ලදී. ඒ අනුව, ආචාර්ය මර්වින් සිල්වා බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු වරයෙකි. ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක නාහිමි ප්‍රමුඛ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට “දේශමාමක ජනප්‍රසාදන ලංකා පුත්‍ර” ගෞරව නාමය පිරිනැමීමට තීරණය කැර ඇත. ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල දේශමාමක ජනප්‍රසාදන ලංකා පුත්‍ර යෙකි. බු දු ස සු න බැ බ ලේ වා ! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

කෙරවළපිටියෙන් කෙළවර නො වන චම්පික - ශ්‍රීලනිප ගැටුම

Image
(2011 මාර්තු 29,   W3Lanka )  ආණ්ඩුව ඇතුළේ ජාතික හෙළ උරුමයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර මහා සංග්‍රාමයක් ඇවිළී තිබේ. මේ ගින්න ඇවිළෙන්නේ තෙල් හා විදුලිය උපයෝගී  කරගෙනයි. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඛනිජ තෙල් කර්මාන්ත ඇමති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‍ප්‍රධාන ලේකම් හා ජ්‍යේෂ්ඨ ශ්‍රිලනිප නායක සුසිල් ප්‍රේම ජයන්තත් ජාතික හෙළ උරුමයේ සැබෑ නායක පාඨලී චම්පික රණවකත් අතරයි. මෙම ගැටුමට හේතුව චම්පික රණවක කැබිනට් සාමූහික වගකීම අමතක කර, තමන් වැඩකාරයා බව තනියෙන් පෙන්නමින් සෙස්සන් කපාගෙන යන්නට උත්සාහ කිරීමයි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමන් වනාහි පාඩු ලැබූ ආයතන ලාභ ලබන තත්වයට පත් කරන විශ්වකර්මයකු බව පෙන්වමින් අනාගත රාජ්‍ය නායකත්වය සඳහා සිය යෝග්‍යතාව ප්‍රදර්ශනය කිරීමයි. මෙය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම දැවැන්ත මාධ්‍ය සංදර්ශනයකිනි. තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල පාඩු වෙනත් අමාත්‍යංශ යටතේ ඇති ආයතන වෙත පවරා ලාභ පෙන්වීම චම්පිකගේ විශ්වකර්ම න්‍යායයි. අප මෙම ගැටුමේ මුල් අවධිය  සුසිල් ප්‍රේම ජයන්ත අතට දරුවා දී කන්‍යාවක් සේ පෙනී සිටින චම්පික රණවක   නම් ලිපියෙන් විස්තර කළෙමු. දැන් එහි දෙවන අදියර කෙළවරපිටි

ලංකාවට පෙරේ(වා)රා!

Image
(2011 මාර්තු 28,   W3Lanka )  1960 දශකයේ මුල් භාගයේදී මුදල් ඇමති ඇන්.ඇම්. පෙරේරා ගෙන ඒමට උත්සාහ කළ පනතකින් අදහස් කෙරුණේ පුද්ගලයකුට තමන්ට බීමට අවශ්‍ය රා නිපදවා ගැනීම සඳහා ගසක් මැද ගැනීමේ නිදහස ලබා දීමයි. එහෙත්, සුපුරුදු පරිදි ඊනියා මත්පැන් විරෝධීහු එයට විරුද්ධව කළ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස පනත හකුළා ගන්නට සිදු විය. එදා අප අසා ඇති පරිදි ඩී.බී. ධනපාල මහතාගේ කර්තෘත්වයෙන් යුත් ලංකාදීප පුවත්පතේ ‍ඓතිහාසික හෙඩිමක් පළ විය. ඒ වනාහි පොල් ගෙඩි අකුරෙන් පෙරේ-රා යන්නයි. ලේඛකයා මෙම සටහන තබන ස්ථානය පිහිටි ඉඩමේ 1970 දශකයේදී ගමේ ප්‍රසිද්ධ කිතුලක් තිබිණි. එහි මල කැපුවේ ජුලියස් සිං‍ඤෝ ය. හැන්දෑවට කිතුල අසල වන රොද තුළ ජුලියස් සිං‍ඤෝ පුංචි පහේ බාර් එකක් පවත්වා ගෙන ගියේ ය. එක් කලෙක මෙම ගම අයිති පොලිස් ස්ථානයේ අධිපතිව එක්තරා වීරයෙක් පැමිණියේ ය. ඔහුට කිතුල් මල් පෙන්නන්නට බැරි ය. ජුලියස් සිංඤෝගේ මලට ද පොලිසිය ආවේ ය. ඔහු ගසට යවා මල මුලින් ම කැප්පවූ පොලිසිය මල ඔහුගේ ම කරේ තබා පොලිසි ගෙන ගියේ ය. කිතුල් රා නැති වන විට කසිප්පු ආවා විනා සහ ගමේ බේබදුකම වැඩි වුණා මිස අඩුවක් නම් වූයේ  නැත. අද වන විට ලේඛකයාගේ

පරණ බෝතලේ අලුත් වයින්: රාජ්‍ය දේපල විකුණන් කෑම දැන් අලුත් නමකින්

Image
(2011 මාර්තු 27,   W3Lanka )  මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නේ නැත. ඒ වෙනුවට ඒවා ප්‍රතිව්‍යූහගත කරනු ලැබේ. ප්‍රතිව්‍යූහගත කරනවා කියන්නේ කොටස්වලින් 50%ක් රජය සන්තකයේ තබාගෙන ඉතිරි 49% පෞද්ගලික අංශයට විකිණීමයි. කලින් ලංකා ඔක්සිජන් සමාගම ෂෙල් කොම්පැනියට විකිණීම, එයා ලංකා ගුවන්සේවය එමිරේට්ස් සමාගමට විකිණීම, ටෙලිකොම් ජපන් එන්.ටී.ටී. සමාගමට විකිණීම වැනි වැනි කටයුතු කෙරුණේ ද මේ අන්දමට ම ය. ඒවායේ පෞද්ගලික අංශයට දුන් කොටස් ප්‍රතිශතයන් මීට වඩා අඩු ය. කලින් එයට කියුවේ පෞද්ගලීකරණය කියා ය. නැතිනම් විකුණන් කනවා කියා ය. මේ කැත වැඩේ කළ ආණ්ඩුවල කැබිනට් මණ්ඩලවල වත්මන් ජනාධිපතිතුමා ද සිටියේ ය. එහෙත්, ජනාධිපති වූ පසු එතුමා එයට විරුද්ධ ය කියා කියනු ලැබේ. කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගන්නවා සේ දැන් මේ වැඩේට කියන්නේ ප්‍රතිව්‍යූහගත කිරීම කියා ය. මක් නිසා ද යත්, අපේ ජනාධිපතිතුමා පෞද්ගලීකරණය කරන්නේ නැත. මෙන්න මුලින් ම 'ප්‍රතිව්‍යූහගත' කරන්නට යන ආයතන පහ: ඇඹිලිපිටිය කඩදාසි සංස්‌ථාව, ලංකා පිඟන් සංස්‌ථාව, කන්තලේ සීනි කර්මාන්ත ශාලාව, මාවනැල්ල රබර් පර්යේෂණ

නියපොත්තෙන් යුක්තිය පසිඳලන ලංකාවේ අලුත් ආශ්චර්යය

Image
(2011 මාර්තු 26,   W3Lanka )  ඉතිහාසය පුරා ම අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වූ නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත් ආයතනයක් ලෙස නම් කරන ලදී. ආණ්ඩු පක්ෂයේ හිටපු උප ඇමතිවරයකු වූ චන්දන කත‍්‍රිආරච්චිට එරෙහිව වසර 14ක් තිස්සේ විභාග වෙමින් තිබූ මිනීමැරුම් නඩුවක චෝදනා ඉවත් කරගන්නට පෙබරවාරි මාසයේදී නීතිපතිවරයා තීරණය කළේ ය. එජාපයෙන් ආණ්ඩුවට කරණම් ගැසූ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල් කාදර්ට එරෙහිව තිබූ සමෘද්ධි මුදල් වංචා නඩුවේ චෝදනාවලින් ද ඔහු නිදහස් කරන ලදී. මේ අලුත් ම ප්‍රවෘත්තියයි: දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඇසුරු කළ බාල වයස්‌කාර දැරියක්‌ දූෂණය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස්‌ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා 24 වැනිදා නියෝග කළේය. 24 වැනිදා මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්‌ථාවේදී අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි එම්. සී. එම්. මුනිර් මහතා කරුණු දක්‌වමින් එම දැරියගෙන් විත්තියේ නීතිඥවරයා හරස්‌ ප්‍රශ්න ඇසීමේදී එම සම්බන්ධය පිළිබඳව වැඩිද

එළිසබෙත් ටේලර්ට රොකිං ප්‍රණාමයක් | A rocking tribute to Elizabeth Taylor

Image
පසුගියදා 70 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වූ පුරාවෘත්තමය නිළි හා නිරූපිකා එලිසබෙත් ටේලර් වෙනුවෙන් රොක් සංගීත කණ්ඩායමක් විසින් ප්‍රදන ලද ප්‍රණාමයකි. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අපට මොකද අපි අට සිල් උපාසක - ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට (රාමචන්ද්‍රට, දිමිත්‍රිට හා තවත් අයට පිළිතුරු)

(2011 මාර්තු 24,   W3Lanka )  එක් දිනක් උපාසකයෙක් සිල් පවාරණ වී ගෙදර යන කල ඉබ්බකු අල්ලා ඌ මැරීමට වලි කන කොල්ලන් පිරිසක් දුටුවේ ය. කොල්ලෝ ලිග්ගල් තුනක් තබා ඉබ්බා උඩුකුරු අතට තබා පුළුස්සන්නට සැරසෙනු දුටු උපාසක ඉහත මාතෘකාවේ ඇති කවි දෙපදය කීවේ ය.  අප එය ලියුවේ මෙරට වාමාංශිකයන්ගේ හැසිරීම පිළිබඳ යම් විග්‍රහයක් කිරීමටයි. අප හොඳින් දන්නා පරිදි 2005ජනාධිපතිවරණයේදී වාමාංශිකයෝ හැසිරුණේ මේ අන්දමටයි. කොටි සංවිධානයේ මැතිවරණ වර්ජනය හමුවේ ශ්‍රීලනිප, ජවිපෙ, හෙළ උරුම සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජය ගන්නා බව හා එහි අනතුරුදායකකම පෙනි පෙනී වාමාංශිකයෝ  කිසිත් නො කර අවසාන මොහොතේ හෝ කො‍ටි සිය මැතිවරණ වර්ජනය අතහැර දමනු ඇතැයි අප්‍රසිද්ධියේ සිහින දකිමින් උන් හ. 2005දී මහින්ද රාජපක්ෂ ජය ගත්තේ ය. ඔහු සැබැවින් ම ලාංකීය ඉතිහාසයේ සුසමාදර්ශීය වෙනසක් කළේ ය. නිදසුනක් ලෙස ජාතීන්ගේ ප්‍රශ්නය සියවසක් පිටුපසට ගෙන ගියේ ය. දැන් සුළු ජාතීන් නැවතත් ඉන්නේ ජාතික සමානාත්මතාව දිනා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්දැයි සිතා ගන්නට බැරි තැනක ය.  රනිල් වික්‍රමසිංහගේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැනි නව ලිබරල් ආර්ථික වැඩසටහන්වලට

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අවශ්‍ය මහින්දට ආදේශකයක් නොව විකල්පයකි

Image
(2011 මාර්තු 23,   W3Lanka )  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා විවෘතව නාම යෝජනා ඉදිරිපත් කිරීමට සජිත් ප්‍රේමදාස ඊයේ කෘත්‍යාධිකාරී කමිටුවේදී අසමත් විය.  ජනමාධ්‍යවලට කුමන අන්දමේ කයිවාරු ගැසුවත්, පක්ෂ නායකත්වය වෙනස් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව අනුව ගත යුතුව තිබුණු මූලික පියවර වූයේ කෘත්‍යාධිකාරී කමිටුවේදී ඡන්දයකට මුහුණ දීමයි.  කෘත්‍යාධිකාරී කමිටුවේ වැඩි බලයක් රනිල් වික්‍රමසිංහට තිබුණු බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මෙම තත්වය හමුවේ ඡන්දයකට නො ගොස් සම්මුතිකට එළඹීමට අවසාන මොහොතේ සජිත් පාර්ශ්වය තීරණය කළ බවක් ද පෙනෙන්නට තිබේ.  ආණ්ඩුව විසින් පුම්බන ලද සජිත්ගේ හුළං ආණ්ඩුව විසින් ම දැන් අරිමින් සිටින අන්දම රජයේ මාධ්‍ය හරහා දැකිය හැකි ය.  සජිත් වනාහි මහින්දට විකල්පයක් නොව ආදේශයක් පමණි. මහින්දට ආදේශක ඕනෑ තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් සොයා ගත හැකි ය. ඒ සඳහා විපක්ෂයක් අවශ්‍ය නැත.  අනෙක් පැත්තෙන් සජිත් යනු සරත් ෆොන්සේකා තරමට හෝ මහින්දට අභියෝගයක් විය නො හැකි 'ගේමක් නැති' ආදේශකයකි. තවමත් ලංකාවේ දේශපාලනයේ යට තලයේ වැදගත් සාධක වන කුලය ද සජිත්ට බලපාන්නේ අවාසි සහගත ලෙසයි. එසේ ම, ඔහු ව

ගැටුම්වේදය ආශ්‍රිත සංස්කෘතික හා දාර්ශනික අවලෝකන 'පුරවැසි මංපෙත්'

Image
(2011 මාර්තු 22,   W3Lanka )  ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන දීර්ඝ කාලයක සිට සමාජ ව්‍යාපාර සමග සම්බන්ධව සිටිමින් යහපත් සමාජයක් ගොඩනැඟීමේ අරගලයෙහි සංස්කෘතික, සමාජ හා දේශපාලනමය පැතිකඩ අධ්‍යයනය කරමින් හා විශ්ලේෂණය කරමින් සිටින චින්තකයෙකි. ගැටුම්වේදය ආශ්‍රිත සංස්කෘතික හා දාර්ශනික අවලෝකන මැයෙන් ඔහු විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්පාදනය කරමින් සිටි කෘතිය අද 'පුරවැසි මංපෙත්' නමින් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වේ. ශ්‍රී ලාංකික සමාජයේ යහපත් වෙනසක් ගැන සැබෑ ලෙස උනන්දු වන සියලු දෙනාගේ අවධානයට යොමු කරනු ලබන මෙම කෘතිය විශේෂයෙන් ම ආගමික නායකයන්, කලාකරුවන්, මාධ්‍යකරුවන්, ගුරුවරුන් හා සමාජ -දේශපාලන ක්‍රියාධරයින් යන පස්වැදෑරුම් සමාජ සන්නිවේදකයන් ඉලක්ක කොට ගන්නා බව සුනිල් විජේසිරිවර්ධන පවසයි. යහපත් සමාජයක් සඳහා අරගලය පෝෂණය කරන මෙම කෘතිය පිළිබඳ පුළුල්, ගැඹුරු සංවාදයකට මුල පිරීමක් අද (මාර්තු 22) දින ප.ව. 3ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සුසිල් සිරිවර්ධන, නිර්මාල් රංජිත් දේවසිරි, ජානකී ජයවර්ධන, ටියුඩර් වීරසිංහ, පියල් කාරියවසම් හා චන්දන සිරිමල්වත්ත මෙහිදී අදහස් දක්වති. නොවැ

පළාත් පාලන ඡන්දයේ යල් පැන ගිය තාරුණ්‍යය

Image
(2011 මාර්තු 22,   W3Lanka )  මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා රැසක් ප්‍රතික්ෂේප වීමට හේතු වුණේ ඉචිරිපත් කරන ලද නාමයෝජනාවෙහි අවශ්‍ය තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාව නො සිටීමයි. මේ පිළිබඳව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා සලකා බැලීම සඳහා ඊයේ අභියාචනාධිකරණයේදී පැවති පරීක්ෂණයේදී හෙළි වූ කරුණක් වන්නේ මෙහි තරුණ අපේක්ෂකයන්ගේ අවම වයස ව්‍යවස්ථාවට අවුරුදු 18 නො ව 20 පමණ විය යුතු බවට කොන්දේසියක් ක්‍රියාත්මකව තිබුණු බවයි. අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා 1991 මැයි 31 දිනට පෙර උපත ලැබිය යුතු අතර ඉන් පසුව ඉපදුණු අයට අපේක්ෂකත්වය ලැබිය නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂවින්ද්‍ර ප්‍රනාන්දු අභියාචනාධිකරණයේදී පැවසීය. සෑම අපේක්ෂකයෙකුම 2009 ජූලි 01 වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුව තිබූ බවත් එදිනට වයස අවු. 18 සම්පූර්ණ වී නොතිබූ අපේක්ෂකයින් ඇතුළත් වූ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසී ය. තරුණ අපේක්ෂකයන් සඳහා උපරිම වයස ද ගණනය වී ඇත්තේ මේ දිනයටයි. පළාත් පාලන ඡන්දයේදී තාරුණ්‍යයට අදාළව ලංක

ජනතාවට කුණු කවන ලංතාවේ 'හෝටල්'

(2011 මාර්තු 20,   W3Lanka )   කොළඹ නගරයේ පවත්වාගෙන යන හෝටල් හා ආපනශාලාවලින් ලබාගත් ආහාර සාම්පල් පරීක්‍ෂණයට භාජන කිරීමෙන් අනතුරුව ඉන් 18% ක විෂබීජ මිශ්‍රව තිබූ බවට රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කර ඇති බව අද දිවයින වාර්තා කරයි. හෝටල්වල පිළියෙල කරන ආහාර මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සෑම හෝටලයක්‌ම නිතර පරීක්‍ෂාවට භාජන කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ද, හෝටල් හා ආපනශාලා පවත්වාගෙන යැමට බලපත්‍ර නිකුත් කිරීමේදී ජනතාවගේ සෞඛ්‍යය ආරක්‍ෂා වන පරිදි ක්‍රියා කළ යුතු බවට දැඩි කොන්දේසි මාලාවක්‌ පැනවීමට ද දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දිවයින පවසයි. අපිරිසිදු ආහාර ‍අලෙවි කළ කොළඹ හෝටල් 100 කට එරෙහිව නඩු පැවරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන ඇති බව එහි මහජන පරීක්ෂක ඩබ්ලිව්.ජී.කරුණාතිලක මහතා අද ඊතලය වෙබ් අඩවියට පවසා ඇත. හෝටල් සේවකයන් අතර ක්‍ෂය රෝගය වැනි බෝවන රෝගවලින් පෙළෙන අය සිටිනවාද යන්න සොයා බැලීමට සෑම දෙනෙක්‌ම දැඩි පරීක්‍ෂාවට භාජන කිරීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ නගරයේ හෝටල් සේවකයන් විශාල පිරිසකට සෙංගමාලය සහ ක්ෂය රෝගය වැළඳී ඇති බව

වසර දස දහසකට පසු බල්ලන් නැවත වනගත කිරීමේ මානුෂික මෙහෙයුම කරාපිටියෙන් ඇරඹේ

Image
(2011 මාර්තු 20,   W3Lanka )   ලංකාවේ කකුල් හතරේ බල්ලෝ ලක්ෂ 20ක් සිටිති. සමහර බල්ලෝ මහ මැදුරුවල සුර සැප විඳිති. අනෙක් බල්ලන්ට යන එන මං නැත. බල්ලා ඉහළ සමාජයේදී සමාජ තත්වය පෙන්වන කැඩපතක් ද වේ.  කෙසේ වෙතත්, තිරිසනුන් අතරින් මිනිසාට වඩාත් ම සමීප සත්වයා බල්ලා ය. බල්ලා කෙතරම් මිනිසා‍ට සමීප වූයේ ද යත්, අද වන විට කැළෑවල බල්ලන් නැති තරම් ය. ලංකාවේ නම් කැළෑ බල්ලන් විශේෂයක් ඇත්තේ ම නැත.  බල්ලා මිනිසාගේ මිතුරකු වන්නට ගොස් සිය අනන්‍යතාව කෙතරම් නැති කර ගත්තේ ද යත්, අද වන විට ඌට මිනිසාගේ ඉඳුල් නැතිනම් කෑමක් බීමක් නැතිව මැරෙන්නට සිදු වී ඇත. ඒකත් හරියට ආණ්ඩු සමග සන්ධානගත වූ ඇතැම් විප්ලවවාදීන්ගේ ඉරණම වැනි ය.  දැන් ලංකාව බල්ලන් ආපසු වනගත කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙය දියත් කර ඇත්තේ ආසියාවේ ආශ්චර්යය ආරම්භ වන දකුණු පළාතේ පිහිටි ගාල්ලේ කරාපිටිය රෝහලෙනි. කරාපිටිය රෝහලේ සිටි බල්ලන් 62ක් අල්ලා ගෙන ගොස් කිලෝමීටර් 12ක් දුරින් පිහිටි කොට්ටව කැළයට මුදා හළ බව කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ජයම්පති පෙරේරා වෛද්‍යතුමා අද The Nation පුවත්පතට පවසා තිබේ.  මේ කොට්ටව කැළය යනු කුඩා වනරොදකි. ඒ මැදින් ගා

සතර සංග්‍රහ වස්තු හා ඇමති බන්දුලගේ දානමය පිංකම | Minister Bandula's alms giving and Sirasa

Image
(2011 මාර්තු 20,   W3Lanka )   සිරස  අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ මානව හිමිකම් බිඳ ඇත. සිය මවට සෙත් පතා දානමය පිංකමක් පැවැත්වීමට තමන්ට අයිතියක් ඇති බව හේ පවසයි. එහෙයින් තමන්ට අපහාස කිරීම ගැන සිරසට එරෙහිව නඩු දමන බව ද ඇමතිවරයා පවසයි.  මෙම මතභේදාත්මක දානමය පිංකම පැවැත්වී තිබෙන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ ය. මේ වනාහි රටේ ම අධ්‍යාපනය භාර ඇමති බන්දුල විසින් සිය ඡන්ද  පදනම වන හෝමාගම ප්‍රදේශයේ මහජන මුදලින් ඉදි කරන ලද පාසලකි. එහෙම කියා එය එතුමන්ගේ පෞද්ගලික බූදලයක් වන්නේ නැත.    මේ දානය පැවැත්වෙන්නේ පළාත් පාලන ඡන්දයට කලින් දවසේ ය. ඒ වන විට ඡන්දය වෙනුවෙන් පාසල්වලට නිවාඩු ලබා දී තිබුණ මුත්, සිසුන් හා ගුරුවරුන් මෙම දානය වෙනුවෙන් පාසලට කැඳවා තිබිණි. එපමණක් නොව, ඒ බදාදා දිනය මහජන දිනයක් බව හෝ නො සලකා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු ද දානයට වැඩම කර සිටිය හ. ඒ මහජන මුදලින් ධාවනය වන නිල රථවලිනි.  දානයට වියදම ඇමතිගේ අතින් බව වාර්තා වේ. සිරස ඇසූ ප්‍රශ්නයක් වන්නේ නිලධාරීන් පැමිණි වාහනවල වියදම් කාගේ ද යන්නයි. එසේ ම, දුර බැහැර සිට ඉසුරුපායට එන ජනතාවට අවශ්‍ය සේවා සපයන්නට නිලධාරීන් නොමැතික

පල්ලෙකැලේ ක්‍රීඩංගනයට මුරලිදරන්ගේ නම වෙනුවට සුදුසු නම් කීපයක්

Image
(2011 මාර්තු 19,   W3Lanka )   තාරකාවෝ බැබළෙන්නේ තමන්ගේ ම ආලෝකයෙනි. තමන්ට කියා එළියක් නැති ග්‍රහයෝ තාරකා‍වල එළිය තමන්ගේ සේ පරාවර්තනය කරති.  මුත්තයියා මුරලිදරන් තරුවකි. ඔහු ටෙස්ට් කඩුලු 800 ලබා ගත් අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික රූපවාහිනිය හරහා පැවසුවේ අලුතින් ඉදි වන පල්ලෙකැලේ ක්‍රීඩාංගනය මුරලිදරන්ගේ නමින් නම් කරන බවයි.  එහෙත්, පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගනය විවෘත විය. එය මුරලිදරන් නමින් නම් කරන බව මුලින් කීව ද එසේ සිදු වූයේ නැත.  මුරලිදරන් යනු ඉන්දීය සම්භවයකින් යුත් දෙමළ මිනිසෙකි. සිංහල අපි 1983දී මුරලිදරන්ගේ පවුලේ දේපල ගිනි තැබුවෙමු. මුරලිදරන්ට ලංකාවේ පුරවැසිකම පවා ලැබුණේ ඉපදී බොහෝ කලකට පසුවයි.  ලංකාව විසින් බිහි කරන ලද විශිෂ්ඨ ම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වුණාට ඔහු දෙමළෙකි. එහෙයින් ඔහු නමින් ක්‍රීඩාංගනයක් නම් කිරීම ලෙහෙසි නැත.  මේ ක්‍රීඩාංගනය නම් කිරීම සඳහා සුදුසු වෙනත් නම් කීපයක් අපි යෝජනා කරමු. මේ දවස්වල ඕනැ කෙහෙල්මලකට දමන නම (කවුරුත් දනිති) එස්.බී. දිසානායක ජාත්‍යන්තර ක්‍රීඩාංගනය (ක්‍රීඩා ඇමති කාලේ සුසන්තිකා ජයසිංහට රොඩු දමා තිබීම සුදුසුකමකි.) දි.මු. ජයරත්න ජාත්‍ය