විනූ වෙත්තමුනි සරාගී චිත්‍රපට නිළියක් ද? සිනමා කලාකාරියක් ද?

(2011 පෙබරවාරි 17, W3Lanka) 'සරාගී සිංහල චිත‍්‍රපට ගණනාවක රඟපා ඇති නිළියක වන විනූ වෙත්තමුණි'


ඉහත සඳහන් කළේ ලංකා ටෲත් වෙබ් අඩවියේ ඝාතනයට ලක් වූ නිළි විනූ වෙත්තමුණි පිළිබඳ සඳහන් වන ආකාරයයි. 


මේ වනාහි ඇය 'හොඳ චරිතයක්' ඇති ගැහැනියක නො වන බව වෙනත් බසකින් කීම සඳහා යොදා ගත් යෙදුමකි. 


පහත පළ වන්නේ විනූ වෙත්තමුනි 2007 අගෝස්තු මස 15දා ඩේලි නිව්ස් පුවත්පතට කරන ප්‍රකාශයකි. 

“I am a professional actress. Hence I can not pick and choose. But it does not mean I am going to accept any role. I give myself fully to the films I choose to act. But I do not wish to be branded or identify as an actress `good only’ for some particular role”


"මම වෘත්තීය නිළියක්. ඒ නිසා මට තෝර තෝරා ඉන්න බැහැ. එහෙත්, මම ඕනෑ චරිතයක් කෙරෙන කෙනෙකු ය කියා එයින් අදහස් වන්නේ නැහැ. මා තෝරා ගන්නා චිත්‍රපට වෙනුවෙන් මම පූර්ණව කැප වෙනවා. එහෙත්, ඇතැම් විශේෂ චරිත වෙනුවෙන් 'පමණක් හොඳ' නිළියක ලෙස හංවඩු ගැසෙන්න මගේ අදහසක් නැහැ." 


සරසවිය පුවත්පත විසින් සංවිධානය කරන ලද 'ලස්සන මුහුණු' නම් වැඩසටහනකින් පුංචි තිරයට දොරටු විවර කර ගත් ඇය රූපවාහිනියේ, සිනමාවේ වෘත්තීය නිළියක ලෙස කටයුතු කළා ය. ඇය 'සිහින දෙව් දුව නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බව ද අප ඉහත උපුටා ගැනීම සිදු කළ ඩේලි නිව්ස් පුවත්පතේ සඳහන් වේ. වෙනත් මාධ්‍යවල දැක්වෙන්නේ ඇය එහි නිෂ්පාදිකාව බවයි.


සරාගී චිත්‍රපටවල රඟ පෑ නිළියක ලෙස සලකනවාට වඩා ඇය සිනමා කලාකාරියක ලෙස සලකනවා නම් අපරාධ විනිදිත ගැහැනියක වන ඇයට කරන ගෞරවයකි.  


ධනවාදී වෙළඳපොළ තුළ සුන්දර ස්ත්‍රී ශරීර වැඩි ඉල්ලුමක් සහිත වෙළඳ භාණ්ඩ බවට පත් කර මිනිස් ගුණ දම් අවතක්සේරුවට ලක් කර තිබේ. මේ විපරීත ක්‍රමයේ ගොදුරු බවට පත් වන මිනිසුන් කෙරෙහි සමාජය සානුකම්පිත විය යුතුව තිබේ. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අනේ පල පකෝ යන්න. මුන් තොපිය දේශපාලනිකයි. හු හු

    ReplyDelete
  2. ගැහැනිය කොටට ඇන්දත් නැතත් වරද ගැනියගේ මක් නිසාද යත් ගැහැනුන් පිරිමින්ගේ හැගිම් අවුස්සන නිසාය.ගැහැනියක් මුලු ඇගම වැසෙන ලෙස ගියත් සමහරුන්ට සවයං මෝචනය වන්නේ කිසිදාක සුන්දර ගැහැනියක් සමග කතා කරවන් නැති නිසා වන්නට ඇත.සරාගි ලෙස නිර්මාණවල පෙනී සිටින ගැහැණුන්ට " හොද චරිතයක්" නොමැතිනම් එවාට දායක වන සහ ඒවා නරඹන වුන්න්ට ඇත්තේ මොකක්ද ?

    ReplyDelete
  3. ඕක බොහොම ලිබරල් වගේ පෙන්නන ලංකා ගොසිප්පුවෙත් තිබ්බේ. මං නම හිතන්නේ ඕකට හේතුව ඔය කෙල්ලට මඩ ගහන්න වුවමනාව නොවේ. කතාව මරා දැමු නිළිය ගැන වුවත් එය ඔවුන්ට තවත් එක විකුණන භාණ්ඩයක් නෙ. ඉතින් පහත සඳහන් නිව්ස් දෙකෙන් වැඩිය කියවෙන්නේ කොයික ද?

    1. රුපවාහිනි හා සිනමා නිලි විනු මරා දමා ඇත
    2. සරාගී චිත්‍රපට නිලි විනු මරා දමා ඇත

    දෙවෙනි එකට ආකර්ශනය වැඩියි.

    හැබැයි විනු වැඩිපුර හිටියේ සරාගී චිත්‍රපට වල නම් ඒක කියන එකේ වරදක් නැහැ. මෙතන වරද විනු ගේ මල මිනියෙනුත් වැල ආතල් එකක් දෙන්න හදන එක.

    ගඟට විසි කරපු දරුවාගේ බෙල්ල කඩාගෙන වැටෙන "අභිමානවත් මොහොත" සතියක් තිස්සේ තලු මර මර පෙන්නපු මාධ්‍ය වේදීන්ට මෙව්වත් මහා වැඩ ද?

    ReplyDelete
  4. Sihinna danawwa oba hariyatama hari.Manasa jara ekata geheniyek kohoma hitiyath uge ragaya evissenawa.manasa diyunu ekata heliweli geheniyek dekkath ganak nehe.Meka thamai budha dharmayeth ethi saranshaya.Me rate JHU karayo kotata andinawata virodaya pemen unge Baudhakama monawata oehedili wenawa.

    ReplyDelete
  5. w3 lanka oba dakina lesa lova hemoma dakinava nam .....JVP eka niyojanaya karana lanka truth minisun gena dakina vdiya kanagatuy...e gollo manussa sbavaya gena idiriyata pululva hithavi kiyala hithenava ,nathnam egollo hithana thenata thallu vevi.sihina danawwa oba hari.

    ReplyDelete
  6. ගැහැනිය වේසිය කියන තත්වෙට පත් කරන්නෙ පිරිමි කියන එක කවුරුත් කියන්නෙ නෑනෙ. හොඳ ලිපියක් සහෝ. යමක් දු‍ටු ගමන් ඒක වර්ගීකරනය කරල ඒකට ලේබල් ගහන එක අපේරටවල ලොකු අඩුපාඩුවක්, ඒ දේ උනේ කොහොමද කියන එක කවුරුත් බලන්නෙ නෑ.

    ReplyDelete
  7. ටී.බී.ඉලංගරත්න ගේ "තිලක" කියන පොතෙත්, තිලක එක්ක බෝඩින් වෙලා හිටපු පත්තර කාරයාව අනිත් බෝඩින් කාරයෝ හඳුවල තියෙන්නේ "පත්තර පරයා" කියල. කස්ටියට ඒ තරං අතීතයක් තියෙනව අපේ රටේ.

    ReplyDelete
  8. //ධනවාදී වෙළඳපොළ තුළ සුන්දර ස්ත්‍රී ශරීර වැඩි ඉල්ලුමක් සහිත වෙළඳ භාණ්ඩ බවට පත් කර මිනිස් ගුණ දම් අවතක්සේරුවට ලක් කර තිබේ.//

    මේකේ තේරුම මොකද්ද බොලේ? ධනවාදී පොළ නැති තැන සුන්දර කාන්තා ශාරීරයට ඉල්ලුමක් තිබුනේ නැද්ද? නැත්තම් ඒ ඉල්ලුම සමූපකාර ක්‍රමයට සැපයූවාද?

    ReplyDelete
  9. thamange birinda niruwath karala film wala pennapu ratak meka. mona kathada thawa

    ReplyDelete
  10. Mama methanadi eka wishesha deyak kiyanna kamathiy. Lingikathwaye niyama swabawayata garahana waira karana eka kenekuge gunayahapath kamak nemei. Aneka me wage dewal gana katha karanna issara wela thaman ganiyekda pirimiyekda kiyala prathipaththiyak thiyenna one. Ekawath hariyata nathi wikurthi asawal walin pelena samaja thathwayak ada athikaragena yanawa. Me gana kauruwath katha na. Mehema dewal allagena saragi bawa gan dodawana minissu pirimi asawal thiyena wikurthi ganun gana mokada kiyanne....?

    ReplyDelete
  11. ඒකනේ මට ඔය නිදහස් මාධ‍ය කියන 'උන්' පෙන්න බැරි...

    ReplyDelete
  12. කවුද මේ.........? අදමයි දැක්කෙත්. අනේමන්දා... කොහොමත් අර කිතුලේ හොරෙන් නැග්ග මිනිහටත් නිදහසට කියන් කාරනයක් තිබ්බලුනේ........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා