Posts

Showing posts from July, 2023

මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයා

Image
අජිත් පැරකුම් ජයසිංහ මටත් සමහරු මාධ්‍යවේදියා කියනවා. කොණ්ඩෙයි රැවුලයි ඉදිලා නිසා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා කියලත් කියනවා. ඇත්තටම කවුද මේ මාධ්‍යවේදියා? ලංකාවට මේ සංකල්ප එන්නෙ බටහිරින් සහ ඉංග්‍රීසියෙන්. මාධ්‍ය කියන්නෙ ඉංග්‍රීසියෙන් Media. Medialogy කියල ඉංග්‍රීසියෙ වචනයක් නැහැ. ඒ කියන්නෙ ඒ සම්බන්ධ වේදයක්, විද්‍යාවක් නැහැ. තියෙන්නෙ එක්කො මාධ්‍ය අධ්‍යයනය (Media Studies) හෝ Journalism. Journalism කියන්නෙ පුවත්පත් කලාවට. එහි යෙදෙන පුද්ගලයා හෙවත් පුවත්පත් කලාකරුවාට කියන්නෙ journalist. ඇත්තටම මෙය කලාවකටත් වඩා ශිල්පයක් නිසා පුවත්පත් ශිල්පියා කීවා නම් වඩා නිවැරදියි. ඒ වුණාට දැන් ව්‍යවහාරය පුවත්පත් කලාවේදියා යනුවෙනුයි. පත්තරකාරයා කියන එක මදි වගේ පෙනුණට මට නම් හිතෙන්නෙ journalist කියන වචනයට ළඟම පරිවර්තනය ඒකයි. ජනමාධ්‍ය පටන් ගත්තේ පුවත්පතෙන්. පසුව රේඩියෝව, රූපවාහිනිය හා අන්තර්ජාලය ආවා. ඒත්, ඒ මාධ්‍යවල යෙදෙන අයටත් පොදුවේ භාවිතා කරන්නේ Journalist කියන වචනෙම තමයි. කරන කාර්යය අනුව වෙනස් වචන තියෙනවා. විනෝද සමයක විහිළුවක් තියෙනවා. එක්කෙනෙකු කියනවා තමන් පත්තරකාරයෙකුය කියලා. අනෙකා අහනවා දැන් පත්තර ගන්නෙ කීයටද ...

කැරැලි, කලබල ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ

Image
මේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි. ලංකාවේ කිසිදු මාධ්‍යයකට තමන් වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට, විශේෂයෙන් ම නිදහස් මාධ්‍යකරුවන්ට හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට සාධාරණ අන්දමින්, කලට වේලාවට මුදල් ගෙවීම පිළිබඳ කිසිදු හැඟීමක් නැත. මාධ්‍යකරුවන් පුහුණු කිරීම යන්න මාධ්‍ය ආයතනවලට අදාළ ම නැති දෙයකි. මාධ්‍යකරුවන් කොහෙන් හෝ පුහුණු වී පැමිණ සේවය කළ යුතු යයි ඔවුහු සිතති. මේ හේතුවෙන් බොහෝ නිදහස් හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට සාමාන්‍යයෙන් කිසිදු පුහුණුවක් නැත. එවැනි අයට මෙම ලේඛනයේ ප්‍රයෝජනයක් ඇතැයි සිතන බැවින් පළ කරමි. එය පරිවර්තනය කිරීම වෙනුවෙන් මට ගෙවීම් කළ ආයතනයට ස්තුතිය හිමි වේ.  ආත්මාරක්ෂාව වෘත්තීය මාධ්‍යකරුවකුගේ මූලික ප්‍ර‍මුඛතාවකි. තවත් වාර්තාකරණයක් සඳහා ඔබ ජීවත් විය යුතු ය.  පෙළපාලි හා සිවිල් අසහනයන් ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ සූදානම 1.    කල් තබා සැලසුම් කරන්...

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා කරන ලදී. පසුගිය ජුලි 26 දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවමින් එහිදී ද ඔහු තම අභිලාෂය ප්‍රකාශයට පත් කළේය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීම හෝ එය ඉක්මවා යන සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව පෙනේ. කෙසේ වෙතත්, සුපුරුදු පරිදි, බොහෝ දේශපාලන බලවේග මෙම ක්‍රියාවලිය දෙස හුදු දේශපාලනිකව පමණක් බලන ආකාරයක් ද දැකිය හැකිය. එහිදී, දෙමළ ඡන්ද මෙන්ම, සිංහල ඡන්ද ගැන ද ඔවුන් අධි සංවේදීය. ජනාධිපතිවරයාට ද එය අදාළය. ඔහු ද මීළඟ ජනාධිපතිවරණයට තරග වදිනු ඇති බව ප්‍රත්‍යක්ෂය. දෙමළ ජාතික සන්ධානය හා එහි ප්‍රතිවාදී දෙමළ ජාතික ජනතා පෙරමුණ අතර වැඩියෙන් දෙමළ ජාතිකවාදී වීම සඳහා පවතින තරගය ද මෙහිදී අදාළය. ජාතික මැතිවරණයක් වෙත ළං වෙමින් සිටින ඉන්දියාවට හා අගමැති මෝදිට ද ලංකාවේ ජාතික ප්‍රශ්නය මේ මොහොතේ ඉතා වැදගත්ය. එහෙත්, එහි පවතින්නේ දේශපාල...

රනිල්, අනුර හා නිර්මාල්

Image
  අජිත් පැරකුම් ජයසිංහ රනිල්ගේ ඉන්දීය චාරිකාව ගැන වෙනම සටහනක් ලියන්නට ඕනැ. ඒකෙන් පෙනෙන්නෙ රනිල් ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා තිබෙන මේ මොමන්ටම් එක උපරිමයෙන් පාවිච්චි කරන්නට උත්සාහ කරන බවයි. ටීඑන්ඒ එක එක්ක 13 ගැන කතා, ඉන්දියාව එක්ක කරන දේ, ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ ආදිය යන්නෙ අධි වේගයෙන්. වෙලාවකට මේ අපි වගේ රනිල්ගෙ මොක්කුද එවුන් කියල කට්ටිය කියන අයට පවා හිතෙනවා ඒ ස්පීඩ් එක වැඩිද කියලා. ඒක රනිල්ගේ මූලෝපායට අනුකූලයි. වේගවත් ආර්ථික වර්ධනයක් නැතුව ලංකාවට යන්න බැහැ කියන එක රනිල් එදා ඉඳන් කියපු එකක්. ඒ නිසා රනිල් ඒ සඳහා අවශ්‍ය පසුබිම වේගයෙන් නිර්මාණය කරනවා. ආයෝජනවලට, ව්‍යවසායකත්වයට නිදහස ලැබෙන පරිදි ඉදිරියේදී කරන කම්කරු නීති ප්‍රතිසංස්කරණ මෙහිදී ඉතා වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරනවා. ඒකට විකල්ප විදියට තෝරාගන්නට තියෙන්නෙ සමාජවාදයක් නෙමෙයි. එහෙම සමාජවාදී වැඩසටහනක් ගැන සාකච්ඡාවක්වත් මතු කරගන්නට බැරි වෙලා තියෙනවා. එහෙම වෙන්නට එක හේතුවක් වුණේ අරගලය එක්ක ඇති වුණ, තවමත් මිදෙන්න බැරුව ඉන්න ඊනියා ජන බලයේ සිහිනමය මතකය. දැන් හැමෝම චන්ඩි. හිටපල්ලකො උඹලට ජනතාවයි මායි කරන දේ කියල ...

නොසැමරීම වෙනුවෙන් කළු ජූලිය ගැන ලියන සටහන

Image
  අජිත් පැරකුම් ජයසිංහ “අපේ තාත්තා රාජගෙ පවුල ගෙයි සොල්දරේ හංගන් හිටියා. මං තමයි ඉනිමග දිගේ නැගලා ඒගොල්ලන්ට පාන් ගිහින් දුන්නෙ. රාජගෙ පුතා කුමාර් මගේ පන්තියෙ. රාජගෙ දූ මට වඩා අවුරුදු පහක් බාලයි. එයාගෙ ලස්සන ඇස් දෙක ලොකු කරගෙන මා දිහා බලන් හිටපු හැටි තවම මතක් වෙනවා. රාජලා පස්සෙ වන්නියට ගියා. රාජගෙ පුතා කුමාර් පස්සෙ කොටින්ට සම්බන්ධ වෙලා මැරුණලු. මං තාමත් රාජගෙ නංගිව හොයනවා.” කළු ජූලිය ගැන ඔයාලට මේ වගේ රොමැන්ටික් කතාවක් නැද්ද? නැතිනම් මං වගේ බොරු කියන්න. කෙසේ වෙතත්, ලංකාවෙ දකුණෙ ඇතැම් කට්ටිය කළු ජූලිය ගැන එන්න එන්න ෂොක් වෙන තරමට ඒ කාලෙ ෂොක් වුණේ නැති බව තමයි මගේ මතකය. සාතිශය බහුතරය ඒක වෙන්න ඇරලා පස්සෙ පැරදිච්ච මහින්ද මහත්තයව බලන්න මැදමුලනෙ යනව වගේ ට්‍රිප් ගියා. ඕව කරන්න පිටින් ආපු කට්ටිය කියන්නෙත් මෙහෙම කට්ටියම තමයි. ඒ වගේම මෙහේ කට්ටියත් ඒවට උදව් කළා. මෙහේ කියන්නෙ ඔයාලගෙ ගමේ. කවුරුවත් ඕවා වළක්වන්නට උත්සාහ කළේ නැහැ. ඇත්තටම එහෙම අවදානම් අරගෙන උදව් කරපු අතළොස්සක් හිටියා. ඒ අයට ප්‍රණාමය! අර මං උඩ ඇද බාපු බොරුව වගේ ඒවා කියන එවුනුත් ඉන්නවා. චර්යාවෙන් තේරුම් ගන්න. 83 ජුලි කලබල වෙලාවෙ මං හිටි...

ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන අල්ලන පාසල්

Image
  අජිත් පැරකුම් ජයසිංහ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට සිදු වී තිබේ. එහිදී විදුහල්පතිවරුන් මානුෂිකව කටයුතු කළ යුතු වුව ද, ඔවුන්ට මනුස්සකමට වඩා පාසලේ ප්‍රතිඵල ප්‍රතිශතය ගැන අවධානයක් ඇත. ඒ නිසා ඇතැම් සිසුන් පාසලෙන් විභාගය අයදුම් කරනවාට වඩා නොකර සිටීම ගැන ඔවුන් කැමතිය. ගුරුවරුන් ද එසේය. එසේ වන්නේ ඇයි? පාසලේ විභාග ප්‍රතිඵලවල ප්‍රතිශත ඉහළ ගියාය කියා විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ඇත්තෙන්ම ලැබෙන දෙයක් තිබේද? විදුහල්පතිවරුන්ට තමන් දක්ෂ ලෙස පාසල පාලනය කරනවාය කියා පෙන්විය හැකිය. එමගින් උසස්වීම්, ලොකු පාසල්වලට මාරුවීම් ආදිය ලබාගත හැකිය. වඩා ලොකු පාසල්වලට මාරු වන විට වඩා ලොකු වාසි හිමි වේ. මෑතදී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු වී යන විට දෙමව්පියන් ඔහුට ලබාදුන් ත්‍යාගය රු. ලක්ෂ 30කි. ඔහු එම මුදල පාසලටම පරිත්‍යාග කිරීමට තරම් නිර්ලෝභී විය. ලොකු පාසල්වල විදුහල්පතිවරුන් තව කෙතරම් නම් විශ්‍රාම ගොස් හෝ මාරු වී ගොස් තිබේද? ඔවුන්ට ල...

රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණාද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන ජුලි 20 උදෑසනට අවුරුද්දකට පෙර අද වැනි දිනෙක ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ එයින් ජයගෙන අදට හරියටම අවුරුද්දකි. ඊයේ, 2023 ජුලි 19 ශ්‍රී ලංකාවේ ඓතිහාසික දිනයකි. දූෂණ විරෝධී පනත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. එය 17, 19, 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත වැනි ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ශක්තිමත් කිරීම සඳහා ඉවහල් වන තවත් අතිශය වැදගත් පනතකි. රනිල් වික්‍රමසිංහගේ පදවි ප්‍රාප්තිය සැමරීම සඳහා කිසිදු උත්සවයක් පැවැත්වෙන්නේ නැත. එහෙත්, එය අතිශය වැදගත් සංසිද්ධියකි. හේතුව, ඔහු ජනාධිපති පදවියට පත්වන්නේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වතාවට බංකොලොත්භාවයට පත්වී, ණය නොගෙවා රට බංකොලොත් කර, ණය ගෙවන මුදලින් තෙල්, ගෑස්, ආහාර ආනයනය කරන්නැයි නිර්දේශ කළ ආර්ථික ඔස්තාද්ලා ද නොසිතූ ආකාරයේ සංකීර්ණ ගැටලු රැසකට රට මුහුණ දෙමින් සිටියදීය. 2022 මැයි 9දා අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රතික්ෂේප කරන ලද, ඩලස්...

ක්ලිටෝරියාවෙන් උපන් මූනීන්ද්‍රයා

Image
නිල් කටරොළු ශාකය Fabaceae කුලයට අයත් වේ. එහි උද්භිද විද්‍යාත්මක නාමය   Clitoria ternatea   ය. සංස්කෘත භාෂාවේ මෙය ‘අපරාජිත’ නම් වේ. ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දෙනෙක් මෙම ශාකය butterfly pea ලෙස හඳුන්වයි.  මෙම ශාක කුලය නම් කර ඇත්තේ ක්ලිටෝරිස් යන ග්‍රීක වචනයෙන් වන අතර එහි තේරුම “ක්ලිටෝරිස්” යන්නයි. මෙයට හේතුව ක්ලිටෝරියා විශේෂවල මල් කාන්තා ලිංගික අවයවයට සමාන වීමයි. ක්ලිටෝරිස් යන වචනය පැමිණෙන්නේ “කුඩා කන්ද” යන අර්ථය ඇති ක්ලෙයිටෝරිස් යන ග්‍රීක වචනයෙනි. මෙම වචනය මුලින්ම ඉංග්රීසි භාෂාවෙහි භාවිතා කරන ලද්දේ 17 වන සියවසේදීය. ක්ලෙයිටෝරිස් යන ග්‍රීක වචනයේ සම්භවය පිළිබඳව විවිධ මත කිහිපයක් තිබේ. එක් න්‍යායක් නම් එය පැමිණෙන්නේ “වසා දැමීම” යන අරුත ඇති ක්ලෙයින් යන වචනයෙන් බවයි. මෙම න්‍යාය පදනම් වී ඇත්තේ ක්ලිටෝරිස් කුඩා, සංවේදී ඉන්ද්‍රියයක් වන අතර එය නොපෙනී සැඟවී ඇත. තවත් න්‍යායක් නම්, ක්ලෙයිටෝරිස් යන වචනය පැමිණෙන්නේ “මහිමය” යන අර්ථය ඇති ක්ලියෝස් යන වචනයෙන් බවයි. මෙම න්‍යාය පදනම් වී ඇත්තේ ක්ලිටෝරිස් යනු ලිංගික සතුට සමඟ සම්බන්ධ වූ ඉතා සංවේදී ඉන්ද්‍රියයක් බව ය. ක්ලිටෝරිස් යන වචනයේ නිශ්චිත සම්භ...

මං තනි අලියෙකුය කියන ‘අපි’ ගැන නොදන්න බබාලාට පණිවුඩයක්

Image
  අජිත් පැරකුම් ජයසිංහ සමාජයක් එක්ක වැඩකරන හොඳම ක්‍රමය තමයි තමන්ගෙ වැඩ කොටස හරියට කරන එක. සමාජයක් එක්ක එකට යන්න සමාජ සපත්තුවේ ගානට තමන්ගෙ කකුල කපාගන්න අවශ්‍ය නැහැ. තමන්ගෙ ගමන යන ගමන් සමාජය එක්ක සන්නිවේදනයක් පවත්වාගන්න. මං කරන්නෙ එහෙම. සමාජය සංවිධානය කරනවාය කියලා බොරුවට එහෙ මෙහෙ දුව දුව, වෛරී ප්‍රකාශ කර කර, ලෙඩ හදාගන්න බොහෝ දෙනෙකු එහෙම කරන්නෙ ෆේස්බුක් එකේ ෆොටෝ දාන්න, ෆන්ඩ්ස් ගන්න. ඒක වැරදියි කියල මං කියන්නෙ නැහැ. සල්ලි අවශ්‍යයි වැඩ කරන්න. මං කරන්නෙ වැඩ කරලා සල්ලි හම්බ කරලා දේශපාලනය කරන එක. තමන්ගෙ ගමන යන ගමන් සමාජය එක්ක ඉන්න. සමාජය ඇතැම් විට ඔබට පසුපසින් යයි ඔබට සිතේවි. ඔවුන් ඔබ ප්‍රතික්ෂේප කරාවි. අනිවාර්යයෙන් සමාජ නායකයෙකු වෙන්න ඕනැ නැහැ. සමාජයේ සාමාජිකයෙකු වෙන්න. ප්‍රීතිමත් සාමාජිකයයෙකු වෙන හැටි ඉගෙන ගන්න. වෙනත් අය නායකයන් වන හැටි බලලා සතුටු වෙන්න පුරුදු වෙන්න. මං පොර නොවී නායකත්වයට ගරු කරන්න. සාධනීය විදියට විවේචනය කරන්න. කඩාකප්පල් කරන්න එපා. ගොඩනගන්න. සමාජයට උවමනා නම් ඔබව නායකයෙකු කරයි. නායකයෙකු නොවුණත් ඔබට වැඩ කරන්නට පුළුවන්. ඔබේ ඉඩ ඔබම හදාගන්න. සමාජවාදය ජීවන විලාසයක්. Adapted fr...

2022 ජුලි මාසය යනු කුමක්ද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ 2022 ජුලි 9 සටන සමග සම්බන්ධ වූ අයට එය ජීවිත කාලය තුළ අමතක නොවන, ආඩම්බර විය හැකි අත්දැකීමක් බව ඇත්තය. දැවැන්ත ජනරාශියකට හෙවත් මහා මොබ් එකකට සිදුකළ හැකි බලපෑම පිළිබඳ එය නිදසුනකි. එසේම එවැනි මහා මොබ්වල සීමාව ද එයින් සලකුණු වේ. දේශපාලනයෙන් තොරව හෝ දේශපාලනික වශයෙන් නන්නත්තාරවාදීව, අරාජිකවාදී ප්‍රවණතා ඔස්සේ සරලමතික විරෝධය හා වෛරය ඔස්සේ දේශපාලනික පරිවර්තන හෙවත් විප්ලව සාර්ථක කරගත හැක්කේ කෙතරම් දුරටද යන්න 2022 ‘අරගලය’ විසින් පෙන්වා දී තිබේ. 2022 ජුලි 9 යනු අරාජිකවාදීන්ගේ කූටප්‍රාප්තිය වන අතර ජුලි 22 වන විට රනිල් වික්‍රමසිංහ බලය තහවුරු කරගෙන අරාජිකවාදයට එරෙහි තීරණාත්මක ක්‍රියාමාර්ගවලට මුල පිරුවේය. විවෘත අවකාශයක් බවට පත් කරගෙන තිබුණු ගාලු මුවදොර පිටිය යළි පොදු අවකාශයක් බවට පත් කරගැනීම රනිල්ගේ දේශපාලනය සංකේතවත් කරයි. විවෘත අවකාශයක් යනු කිසිවකුගේ පැහැදිලි අයිතියකින් හෝ පරිපාලනයකින් තොරව මහජනයා විසින් හිතුමතේ භාවිතා කරනු ලබන ස්ථානයකි. පොදු අවකාශයක් යනු රාජ්‍ය පාලනය යටතේ පවතින, පරිපාලනය කරනු ලබන මහජන අවකාශයකි. අරගලය විසින් කරන ලද බුද්ධිමත් මෙන්ම විප්ලවවාදී හෝ ප්‍රතිවිප්ලවව...