ආණ්ඩුවට සෙල්ලං දාන්න ඉඩ නො දෙන්න ඔබත් වීදියට එන්න


මා පුරවැසි බලයේ හෝ මෙම ලැයිස්තුවේ සඳහන් සංවිධාන කිසිවක සාමාජිකයකු නො වේ. එහෙත් මම අගෝස්තු 15දා මෙම උද්ඝෝෂණයට සහභාගි වෙමි. (එය සත්‍යක්‍රියාවක් නිසා, නීරස කතා නැති, බොරු සටන් පාඨ සහ ඝෝෂා නැති, පාරවල් අවුරා මහජනතාවට කරදර නො කරන අදට ගැලපෙන උද්ඝෝෂණයකැයි සිතමි.)

මා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ද උනන්දුවක් නැත. විධායක බලතල කප්පාදු කර ජනාධිපති ධුරය වෙනස් කිරීමට නම් මා කැමති ය. 

බලය බෙදා ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා මුලින් ම කළ යුතුව තිබෙන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමයි. දෙමළ ජාතික සන්ධානය මධ්‍යම රජය වෙත දිනාගෙන උතුර සංවර්ධනය පිළිබඳ වගකිව යුතු ඇමති තනතුරක් ලබා දීම වුව දැනට ප්‍රමාණවත් ය. තව ඕනෑ නම් පසුවට පුළුවන. දැන් වෙලා තියෙන්නේ විග්නේශ්වරන්ගේ පළාත් සභාවට තියෙන බලතලවලින්වත් යමක් කර ගන්නට බැරි වීමයි. ඒ රාජ්‍ය අකාර්යක්ෂමතාවේ පළාත්බද තත්වය මිස අන් යමක් නො වේ. 

උතුරට බලයට වඩා මේ මොහොතේ අවශ්‍ය ප්‍රාග්ධනයයි. එය මුළු ලංකාවට ම අදාළ තත්වයකි. ප්‍රාග්ධනය නැතුව බලය තිබුණා ය කියා කරන්නට දෙයක් නැත. බලයා නොව කෙළවල්ලා දුන්නත්, ඔය පවතින රාජ්‍ය අංශයෙන් මෙලෝ වැඩක් නැත.

කවුරු මොනවා කීවත්, පසුගිය වකවානුව තුළ යම් සාපේක්ෂ වෙනසක් සිදු වන බව කැපී පෙනෙන ලෙස සලකුණු කළ ප්‍රධාන රාජ්‍ය දෙපාර්තමේන්තුව පොලිසියයි.

විශේෂයෙන් ම මුල්‍ය අපරාධ විමර්ශන අංශය හෙවත් FCID පසුගිය ආණ්ඩුව කාලයේ ප්‍රධාන පෙළේ වංචා හා දූෂණ පැමිණිලි 89ක් විමර්ශනය කර අවසන් කරන ලදී. එයින් 22ක් රාජපක්ෂ පවුල හා සම්බන්ධ ය. එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී තිබෙන්නේ 15ක් සම්බන්ධයෙන් පමණි.

රාජපක්ෂලාගේ නඩු කල් යන්නේ මාස ගණන්වලිනි. තමන්ගේ ආණ්ඩුවක් නැවත බලයට එනතුරු නඩු කල් දමා ගත හැකි බව රාජපක්ෂ පවුලේ සොරු දැන් උදම් අනති. 

ගෝඨාභය රාජපක්ෂ තම දෙමාපියන්ගේ සොහොන් හදන්නට නාගරික සංවර්ධන අධිකාරියෙන් රුපියල් කෝටි 9 ක් ලබා දීම හා සම්බන්ධ ලියුමේ අත්සන ගෝඨාභයගේම දැයි පරීක්ෂා කර තහවුරු කිරීමට අවුරුදු දෙකක් ගිහිල්ලාත් බැරි වූ දප්පුලන්නන් සිටින නීතිපති දෙපාර්තමේන්තුව හා රාජපක්ෂලා රකින විජේදාස රාජපක්ෂ ඇමතියා සිටින තාක් කල් ඔවුන්ට රැකවරණය සුරක්ෂිත ය. 

මේ සෙල්ලම් දැන් ඉතින් අවසන් කළ යුතු ය. පසුගිය හා වත්මන් ආණ්ඩුවලත්, දේශපාලකයන් හා සම්බන්ධව දූෂණය් යෙදුණු රාජ්‍ය නිලධාරීන්ගේත්  දූෂණ විමර්ශනය කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු ය. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති ධුරයෙන් නෙරපිය යුතු ය.

රාජපක්ෂ ආණ්ඩු සමයේ හා වර්තමාන ආණ්ඩු සමයේ මහජනතාවගෙන් මංකොල්ල කන ලද මහ බැංකු බැඳුම්කර අයුතු ලාභයේ සිට සියලු සොරකම් කරන ලද මුදල් ඉක්මණින් ආපසු ලබා ගත යුතු ය. මේ සොරුන්ගේ දේපල රාජසන්තක කළ යුතු අතර, ඔවුන්ට දඬුවම් කළ යුතු ය.

බලය බෙදීම ගැන මෙයත් කිව යුතු ය. දේශපාලකයන්ට බලය බෙදා දුන්නා ය කියා රටක් සංවර්ධනය කළ නො හැකි බව පුරවැසි ව්‍යාපාර තේරුම් ගත යුතු ය.

ජාතික මට්ටමෙන් හෝ පළාත් මට්ටමෙන් දේශපාලකයන් ශක්තිමත් කිරීමට වඩා පුරවැසියන්ට වැදගත් විය යුත්තේ ප්‍රාදේශීය මට්ටමෙන් පළාත් පාලනය හා පුරවැසි ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමයි.

පළාත් පාලන ඡන්දය කල් දැම්මා දැන් හොඳට ම ඇති ය. එය අලුත් ක්‍රමය යටතේ පැවැත්විය යුතු ය. පැරණි ක්‍රමයට ආපසු නො යා යුතු ය. එසේ ම, පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් බවට පත් කිරීමට සංශෝධනය කළ නීති කිසි සේත් ම ආපසු හැරවීමට ඉඩ නො දිය යුතු ය.

එක එක කාලෙට එක එක බයිලා කියන, හරියට වැඩක් කර ගත නො හැකි, පළාත් සභා හා පළාත් පාලන (ඡන්ද කල් දමන) ඇමති ෆයිසර් මුස්තාපා ද ඉවත් කළ යුතු ය. 


පුරවැසි බලය යනු ‘පුරවැසි බලය' නම් සංවිධානය නො වේ. එම නම භාවිතා කරන අය සැබෑ පුරවැසි බලයක් ගොඩනැගීමේ හැකියාව ඇති නායකත්වයක් නො වන බව ඔප්පු කර තිබේ.

සැබෑ පුරවැසි බලය වන්නේ 2015 ජනවාරි 8 වෙනසට උර දුන් ජනතාවගේ බලයයි. ඒ අපේක්ෂා බොඳ වී යන්නට ඉඩ නො දෙන පුරවැසි ක්‍රියාකාරිත්වය සැබෑ පුරවැසි බලයයි. ඒ සඳහා සංවිධාන අත්‍යවශ්‍ය නැත. අප ක්‍රියාකාරී වන්නේ එසේ ය. 

නායකයන් කවුරුද යන්න ද වැදගත් නැත. ලක්ෂ 62කගේ ජන බලය නියෝජනය කරන්නට ඔබත් අඟහරුවාදා, අගෝස්තු 15දා සවස තුනට විහාර මහා දේවි උයන ඉදිරිපිටට රොක් වන්න.  

වත්මන් බලතුලනය ඉදිරියටත් රැක ගත යුතු ය. එසේම, දූෂිතයන් පලවා හැරිය යුතු ය. ආණ්ඩුවට සෙල්ලම් කරන්නට ඉඩ නො දිය යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. How about reminding Sirsena, that he promised he will be just one time President (or may be I am forgetting things, can anyone rememebr?)

    ReplyDelete
  2. https://www.facebook.com/kathika.sanvadamandapaya/posts/1404862756303143

    සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ - රැස්වීමක් පසුගිය සතියේ නාවල පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පවත්වා ඇත. එහිදී ‘හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගනිමු’ සත්‍යග්‍රහය පිළිබඳව සාකච්ඡා වී ඇති අතර මෙම සත්‍යග්‍රහයට පක්ෂය වශයෙන් සහභාගී නොවීමට තීරණය කර ඇත. එලෙස කිසිදු නිල සහභාගීත්වයක් දක්වනවාට පක්ෂයේ වෘත්තීය සමිති නායකයන් දැඩි විරෝධයක් දක්වා ඇති අතර මෙම සත්‍යග්‍රහය සංවිධානය කිරීම සඳහා රුපියල් ලක්ෂ 35 ක අරමුදලක් එහි සංවිධායකයන්ට ලැබී ඇති බවත් එය කළමනාකරණය කිරීම රාජ්‍ය නොවන සංවිධාන අංශයේ ඉදිරියෙන්ම සිටින ක්‍රියාකාරිනියකට පවරා ඇති බවත් එම අරමුදලෙන් මේ වනවිට ඉතිරිව ඇත්තේ ලක්ෂ 17 ක පමණ මුදලක් බවත් මෙහිදී සාකච්ඡා කෙරී ඇත.

    - කතිකා සංවාද මණ්ඩපය (https://www.facebook.com/kathika.sanvadamandapaya)

    ReplyDelete
  3. අඟහරුවාදා, අගෝස්තු 15දා සවස තුනට විහාර මහා දේවි උයන ඉදිරිපිටට රොක් වන්න.
    ඇයි පැරා පොලිසියෙන් නාවනකොට ඔයා ෂම්පෝ පැකට් බෙදනවා ද

    ReplyDelete
  4. පැරා,

    මෙතන පරස්පරයක් තියනවා.

    ඔබ කියනවා විදායක ජනාධිපති කම අහෝසි කරන්න ඕන කියල ඒ එක්කම කියනවා බැදුම්කර අපරාද කරුවන් නිතිය ඉදිරියට ගෙන එන්න කියල,
    මොනාද පැරා මේ විහිලු කතා ඔබට මතකද රටේ අගමැතිවරයා නීතිඥ වරු 3 දෙනක් පත්කරලා බැදුම්කර වල කිසිම වංචාවක් උනේ නැතිබව කිව්වා ඊට පස්සේ රටේ විදායක ජනාධිපති පත්කළ කොමිසමෙන් නේද මේවා එලි උනේ යම්විදියකින් විදායක ජනාධිපති කෙනෙක් හිටියේ නැත්නම් මේ දේවල් යට යනවා නේද ?

    ඊට පස්සේ ඔබ කියනව

    // අත්සන ගෝඨාභයගේම දැයි පරීක්ෂා කර තහවුරු කිරීමට අවුරුදු දෙකක් ගිහිල්ලාත් බැරි වූ දප්පුලන්නන් සිටින නීතිපති දෙපාර්තමේන්තුව හා රාජපක්ෂලා රකින විජේදාස රාජපක්ෂ ඇමතියා සිටින තාක් කල් ඔවුන්ට රැකවරණය සුරක්ෂිත ය.
    //

    දප්පුල ලිවේර මේ තනතුරට ගෙන එන්නේ රටේ ජනාධිපති නේද ? ඔහුනේද විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරලා බලවත් කණ්ඩායමක් පත්කරලා වේගවත් ලෙස අපරාද කරුවන්ට විරුද්දව පියවර ගන්න සැලැස්සුවේ.

    ඔබ අහයි ඇයි එහෙනම් මහින්දට විරුද්දව මෙහෙම පත්කිරීමක් නොකළේ කියල, මම නැවත මතක්කරනවා ඔබට මතකද දිල්රුක්ෂි ඩයස් මැතිනියට රනිල් තුමා කල දේ ? අන්තිමට මේ ආයතන ඉබේම අහෝසි වෙන්න ඇරිය

    දැන් ඔබ කියයි ඔය මොනා උනත් තොරතුරු දැනගැනීමේ නිදහස අපි ඇති කළා නේද කියල? අයිත් හිතල බලන්න මුහුන්දන් කනගේ ගේ වැටුපෙ ප්‍රමාණය වත් පෙන්වන්න කියල කල ඉල්ලීමේ හමස් පෙට්ටියට ඇරපු මේ හොර නඩය දැන් මොකද කියන්නේ ?

    අවසාන වශයෙන් නිර්මාල් රන්ජිත් දෙවසිරිගේ කියමනකින් නවතින්නම්
    මෙහිදී ඔහු තම මුහුණු පොතේ සදහන් කරනව හොරකම් කරන රනිල් මයිත්‍රි ආණ්ඩුවට වඩා හොරකම් කරන මහින්දගේ ආණ්ඩුව හොද බව ඒ ඇයි
    මහින්දගේ කාලේ යුද්දේ ඉවර කළා රටේ අතිවිශාල සන්වර්දනයක් කළා හැබැයි ඔවුන් සොරකම් කළා හැබැයි මේ ආණ්ඩුව මහින්දගේ කාලේ වගේ සොරකම් නම් කළා සන්වර්දනයක් නෑ එකයි වෙනස.

    “රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්
    http://www.colombotoday.com/36911-25454/

    ReplyDelete
    Replies
    1. විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කළ යුතු බවක් මා 2015 ජනාධිපතිවරණ සමයේදීවත් කීවේ නැත. මා විධායක ජනාධිපති ක්‍ර‍මයට විරුද්ධ නැත. මා විරුද්ධ අසීමිත බලතලවලට පමණි.

      Delete
    2. //ධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කළ යුතු බවක් මා 2015 ජනාධිපතිවරණ සමයේදීවත් කීවේ නැත.//
      ඉතින් පැරා මම කියන්නත් එකමනේ,

      ඔබේ මාතෘකාව අයිත් කියවල බලන්නකෝ
      //මහා සත්‍යග්‍රයේ මුලික අරමුණ විදායක ජනාධිපතිකම අහෝසි කිරීමනේ//

      , ඉතින් ඔබ සහයෝගය දෙන්නේ එකට නේද ?

      //ලක්ෂ 62කගේ ජන බලය නියෝජනය කරන්නට ඔබත් අඟහරුවාදා, අගෝස්තු 15දා සවස තුනට විහාර මහා දේවි උයන ඉදිරිපිටට රොක් වන්න. //

      පැරා පොඩ්ඩක් බලන්න මේකේ විගණන පනත ක්‍රියාත්මක කිරීම ගැන වචනයක්වත් නෑ නේද ? නිකම්ම දුෂණය ඉවත්කිරීම කිව්වට ඊට ලැබෙන බර අඩුයි නේද ?

      Delete
  5. Replies
    1. දැන් සනීපද ටොයියෝ ? සුබ පතලා ඇතිද වෙන මුකුත් කරන්න බැරිද

      Delete

  6. මුන් සෙට් එක 62 ලක්සෙම අයිති කරගෙනනෙ

    NGO නඩේට කීයක් හරි හොයාගන්න පොඩි කැම්පේන් පාරක් දානවා.

    ඊට වැඩි දෙයක් නෑ.

    ReplyDelete
  7. I will be there on time. Para.
    I do not think that it is an useful thing to waste your time with "Lankika Sithuwili". Because he is a bonded slave. Let him to sleep further.......

    ReplyDelete
  8. මරා රෙජිමය හොර කම් කල ඩොලර් බිලියන 18 ක් ම ඩුබායි ස්විස් බෑන්කු වල තියනවනේ.... ඒවා ගෙන්නගමුකෝ අනේ..

    ReplyDelete
  9. ප්‍රි වයිපයිAugust 15, 2017 at 12:31 AM

    මේ ආන්ඩුව හදන්න කඩේ ගිය මට දැන් මුන්ව අප්පිරියවෙලා තියෙන්නේ පැරා.
    තු නොදකින්...කාලකන්නී .. මෙලොව වැඩක් කරන්නෑ, මහින්දගෙ හොරකම් අල්ලනව තියා මිනිහගෙ නාකි මයිලක්වත් මුන් අල්ලන්නෑ 2020 වෙනකම් ඩීල් දාගෙන උන්ට කොමිෂන් වටවන්දනාව පමණයි.
    අයියෝ...අපෙ දරුවන්ට මුහුදට පනින්න වෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. දැන් සනීපද ටොයියෝ ?

      Delete
  10. ලක්ෂ 35ශතයක්වත් පැරාට නොලැබෙන බවත්, දුන්නත් පැරා නොගන්නා බවත් මට විශ්වාස ය. නමුත් එය බෙදා ගැනීමේ ක්රියාවලියේ සාක්ෂිකරුවකුවීමට පැරාට අාශාවක් තිබේ නම් එ් ඔහුගේ අයිතිය යි. ඊට එරෙහිවීමට අපට අයිතියක් නැත. ජයවේවා පැරා ඔහොම වම් පැත්තෙන් ම ඉදිරියට යන්න. රතු කුමාර මල්ලිත් හමුවෙයි.

    ReplyDelete
  11. නන්දන රටගෙදරAugust 15, 2017 at 3:21 PM

    වඩා හොඳ නැද්ද 2020 දි ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ජනාධිපති කළොත් ??
    ඇයි පැරා ඒ විකල්පය ගැන හිතන්නේ නැත්‍තේ ?
    ඇයි වැඳ වැඳ මේකම තියාගන්න හදන්නෙ

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය ගෙනා ආර්ථික වැඩසටහනත් මේක ම තමයි. හැබැයි, ඒක බොර වුණේ මහින්දගේ රාජ්‍ය සමාජවාදය, බැසිල්ගේ හොරකම් හා ගෝඨාගේ දේශපාලන අපරිණතකම නිසායි.

      ගෝඨා මිලිටරි නායකයකු මිස දේශපාලන නායකයකු නොවෙයි. දැන් වුණත් ඔහු දේශපාලනය කරන්නට දන්නෙ නැහැ. ඔහුට කීයටවත් ජනාධිපතිවරණයක් දිනන්නට බැහැ. ඔහු ඡන්දෙකට එනවා ය කියන්නෙ අනෙක් පාර්ශ්වයට පහසු අභියෝගයක්.

      ගෝඨාට නාගරික සංවර්ධන ඇමති තනතුර වගේ එකකින් දේශපාලනය පටන් ගෙන ඉදිරියට යන්නට උත්සාහ කරන්නට පුළුවන්. හැබැයි, ඒකට එයා ගොඩක් වෙනස් වෙන්නට ඕනැ. දැන් නම් එයා පිනට පහළ වෙනකල් බලාගෙන ඉන්නෙ. එයා ගැන හීන දකින ඔයාලා තමයි අසරණ වෙන්නෙ.

      Delete
    2. නන්දන රටගෙදරAugust 16, 2017 at 11:39 AM

      // ඔහුට කීයටවත් ජනාධිපතිවරණයක් දිනන්නට බැහැ. ඔහු ඡන්දෙකට එනවා ය කියන්නෙ අනෙක් පාර්ශ්වයට පහසු අභියෝගයක්.// හේතු සාධක සහිතව මෙය පැහැදිලි කළ හැකිද ? එක්කෝ ඔබ සමාජයේ සාමාන්‍ය මිනිසුන්ගේ අදහස් විමසා බලා නොමැතිද ?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා