ජාතික චින්තනයට ඩෑන් ප්‍රියසාද් සරණයි!

මහාචාර්ය නලින් ද සිල්වාගේ ජාතික චින්තනය අද වන විට ඩෑන් ප්‍රියසාද්ලාගේ ලුම්පන් බිස්නස් මට්ටමට පිරිහී තිබීම ඇත්තට ම හාස්‍යජනක ය. අද වන විට ජාතික වීරයකු වන එක ඉතා පහසු ය. ඒ වෙනුවෙන් නලින් ද සිල්වා තරම් මහන්සි වන්නට ඕනෑ නැත. පොඩි චන්ඩියකුට වුව, සමාජ මාධ්‍ය හරහා ජාතික වීරයකු වීම ඉතා පහසු ය.

ඩෑන් ප්‍රියසාද් වනාහි කොහේ හෝ අහිංසක ගැහැනියක තනියම නිවසේ සිටින වෙලාවක් බලා රොත්ත පිටින් ඒ ගෙදරට පැන වෙන මොකක් හරි සීන්කෝන් එකක් මුස්ලිම් ජාතිය සිංහල ජාතිය වඳ කරන්නට කරන එකකැයි කියා දර්ශනයක් දමා එය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර, මුස්ලිම් විරෝධී උම්මත්තකයන් අතර ජනප්‍රිය වී ගතමන්ට් එකක් සොයා ගන්නා නිකමෙකි.

ඩෑන් ප්‍රියසාද් වැනි අයට අනුග්‍රහ දක්වන, ඔවුන්ට මුදල් එවන ප්‍රධාන පිරිස වන්නේ රට දමා විදේශයන්ට සංක්‍රමණය වී එහි ජීවත් වන ගමන් ලංකාවට මාාාර ආදරේ බව පෙන්නීමට උත්සාහ කරන අයයි. ඩෑන් ප්‍රියසාද්ගේ මෝඩ රංගනයේ වීඩියෝ අපට එවමින් ඒවා තව අය සමග බෙදා ගන්නැයි කියූ පිරිස් වැඩි දෙනෙකු විදෙස්ගත වීර සිංහලයෝ ය.

අද වන විට ගලගොඩඅත්තේ ඥානසාරලා ද ඩෑන් ප්‍රියසාද්ලා පස්සේ වැටෙන තත්වයට පත් වී තිබේ.

වඳ කිරිපිටි කියා සැක කරනු ලබන යම් දෙයක් තිබේ නම් මුලින් ම කළ යුත්තේ ඒ කිරිපිටි විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කිරීමයි. හැබැයි, තනියෙන් සිටින ගැහැනුන්ට චන්ඩි පාට් දමා වීඩියෝ කර විකුණා මුදල් ගරා ගැනීම ඊට වඩා ලේසි ය. විද්‍යාව ජාතික චින්තනයටත් විරුද්ධ නේ.

දෙමළ ජාතිය විනාශ කිරීම හැර සිංහල ජාතිවාදය විසින් අත්පත් කර ගන්නා ලද වෙනත් ජයග්‍රහණයක් තිබේ ද යන්න දැන්වත් ආපසු හැරී බැලිය යුතු ය.

නලින් ද සිල්වාගේ සිංහල ජාතිවාදයෙන් තෙම්පරාදු කරන ලද බටහිර විරෝධය හා විද්‍යාව පිටුදැකීමේ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට රජ ගෙදර සිට දුගී පැල දක්වා රට පුරා හොර වෙද්දු හා කට්ටඩියෝ සිරී කා ඇත. ඒ මදිවාට 2015 මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා ජ්‍යෝතිෂ විශ්වවිද්‍යාලයක් පිහිටුවනු ලබන බවට පොරොන්දුවක් තිබිණි.

වර්තමානය වන විට ලංකාවේ දුප්පත්කමට හා රෝගාබාධ රැසකට ප්‍රධාන හේතුව වන්නේ කට්ටඩි හා හොර වෙද්දු ය. කිසිදු ඵලදායී වැඩක් නො කරන මේ තක්කඩින් විසින් ලාංකික ජනතාව ඉතා නිර්දය ලෙස සූරා කමින් තිබේ.

ආගමික පූජකයන්ට ද මෙයින් කල්ල මරේ විය. මේ වන විට එකිනෙකා සමග තරගකාරීව මහජනයා ගසා කන පන්සල්, පල්ලි, කෝවිල් ආදිය වනාහි සෑහෙන මුදල් සංසරණයක් වන තැන් ය.

වැඩිම කෙළවිල්ලක් වුණේ අධ්‍යාපනයට ය. පාසල් අද වන විට අධ්‍යාපනය හැර අන් සියලුම ගෝත්‍රික අභිචාර සිදු වන තැන් බවට පත් වී තිබේ. ඒවා සිදු වන්නේ ජාතියේ, ආගමේ, සංස්කෘතියේ නාමයෙනි.

මාධ්‍යවල තත්වය ද එසේ ය. අද ඒවායේ ඉඩ පිරෙන්නේ ජ්‍යෝතිෂ, හොර වෙද, ෆෙන්ෂුයි, හක්ගෙඩි හා ඒවා විසින් නිර්මානය කරන මුග්ධත්වයේ අනෙක් කෙළවර වන අපරාධ, ස්ත්‍රී දූෂණ ආදියෙනි.

හැබැයි, නලින්ගේ ජාතික චින්තනයට ද කෙළ විණි. දේශපාලන ඇඩ්වටයිසින්කාරයකු වන සමන් රෝහිත සිල්වා නලින්ගේ චින්තන කෑල්ල පර්සි මහේන්ද්‍රගේ මහින්ද කෑල්ල සමග පූට්ට් කර මහින්ද චින්තනය හැදුවේ ය.

මහින්ද චින්තනය නිසා දෙමළ ජාතියට කෙළ වුණේ ය. හැබැයි සිංහල ජාතියට ද ගොඩ එන්නට බැරි නරා වලක වැටිණි.

නලින් ද සිල්වා මහැදුරුතුමනි, ඔබට ඩෑන් ප්‍රියසාද් සරණයි!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    //දෙමළ ජාතිය විනාශ කිරීම හැර සිංහල ජාතිවාදය විසින් අත්පත් කර ගන්නා ලද වෙනත් ජයග්‍රහණයක් තිබේ ද යන්න දැන්වත් ආපසු හැරී බැලිය යුතු ය. //

    වේලුපිල්ලේ පිර-පාහරන් උපාසක මහතා වෙන්න ඕනේ දෙමල ජාතිය ආරක්ෂා කලේ ?

    //වර්තමානය වන විට ලංකාවේ දුප්පත්කමට හා රෝගාබාධ රැසකට ප්‍රධාන හේතුව වන්නේ කට්ටඩි හා හොර වෙද්දු ය. කිසිදු ඵලදායී වැඩක් නො කරන මේ තක්කඩින් විසින් ලාංකික ජනතාව ඉතා නිර්දය ලෙස සූරා කමින් තිබේ. //

    හැබැයි ඊට තව කොටසක් එකතු වෙන්න ඕනේ ඒ තමයි නවීන තාක්ෂණයේ නාමයෙන් මිනිසුන් බොරුවෙන් මුලාකරන ඔවුෂද සමාගම් මෙන්න බලන්න
    http://projects.propublica.org/graphics/bigpharma

    මේ තියන්නේ ඇමරිකාවේ අධිකරණ දෙපර්ථමේන්තුවෙන් උපුටා ගන්නා ලද තොරතුරුයි. මෙහි බලාගන්න පුළුවන් ලෝක ප්‍රසිද්ද සමාගම් වංචා වලට දඩුවම් විදින හැටි. මේ සමාගම් වල ඒජන්තයන් විසින් රටේ දොස්තර වරුන්ට දෙන බෙහෙත් වලින් සිදුවන මරණ ගැන දල අදහසක් ඔබට අතිශයෙන් විශ්වාසකටටුතු වෙබ් අඩවියක් මහින් පෙන්වන්නම් හොදට ඇස් පිහදලා බලන්න පැරා

    http://www.bmj.com/content/353/bmj.i2139

    මේ තියන්නේ එසේ මෙසේ වෙබ් අඩවියක් නෙමෙයි මේ British medical journal නමැති ලොවම පිළිගන්න අඩවියේ පලවෙලා තියන සොයාගැනීමක්
    එනම් ඇමරිකාවේ මරණයට පත්වන ඉහලම හේතු කීපයෙන් තුන්වෙනි හේතුව දොස්තර වරුන්ගේ වැරදියි.

    මෙම තොරතුරු ශ්‍රී ලංකාවේ සදහන් වෙන්නේ නැත්තේ රෝහල් ගතවී දිනකට වැඩි කෙනෙක් මරණයට පත් උනොත් මරණ පරීක්ෂණයක් සිදු නොකරන නිසයි. මෙනිසා ශ්‍රී ලංකාවේ කිසිම ලෙඩෙක් දොස්තර වරුන්ගේ වරදින් මරණයට පත් නොවේ. කොහොමද ටිකිරි මොලේ ?

    ReplyDelete
    Replies
    1. ගොනෝ ඇමරිකාව වගේ පාරිභෝගික අයිතිවාසිකම් 100% රකින රටක බෙහෙත් කොම්පැනි වලට බොරු කරල බේරෙන්න බෑ... ඒවගේ දියුනු රටවල එහෙම බොරු ඇත්තෙත් නෑ... ඔහේගෙ තියෙන මෝඩ බටහිර විරෝදෙට නලීන් වගේ පිස්සන්ගෙ ජාතිකවාදයට ආතල් දෙන්න එපා... හිංගලබෞජ්ජ ජතිකචිංතන විකාරවලට වඩා බටහිර විද්‍යාව ශ්‍රේෂ්ටයි... ඔහේ මැලේරියාවෙන් හරි උණ රක්තපාතෙන් හරි බේරිලා ඉන්නෙත් බටහිර විද්‍යාවට පින්සිද්ධ වෙන්න

      Delete
    2. //මෙම තොරතුරු ශ්‍රී ලංකාවේ සදහන් වෙන්නේ නැත්තේ රෝහල් ගතවී දිනකට වැඩි කෙනෙක් මරණයට පත් උනොත් මරණ පරීක්ෂණයක් සිදු නොකරන නිසයි. මෙනිසා ශ්‍රී ලංකාවේ කිසිම ලෙඩෙක් දොස්තර වරුන්ගේ වරදින් මරණයට පත් නොවේ //
      යකෝ මේක ඇත්තනම් මහ භයානක තත්වයක්නෙ

      Delete
    3. https://www.justice.gov/opa/pr/johnson-johnson-pay-more-22-billion-resolve-criminal-and-civil-investigations

      මිහරකෝ, මේ අවුරුදු ගණනක් වැරදි නොපිළිගනිමින් නඩු කියල ඔප්පු උනාම වන්දි ගෙවනවා, ඔවුන් කලින් කිව්වේ තම සමාගම නිවැරදි බවයි නමුත් කර මුලටම හිර උනාම වන්දි ගෙවනවා එකේ ඇති දුයුණු කමක් නෑ හරකෝ අර රවිය මුදල් ඇමති කමෙන් ඉල්ලා අස්වුණා වගේ.

      මේවගේ දහස් ගණන් නඩු තියනවා, මේ තියෙන්නේ දැනට අවුරුදු 2ට පෙර ඇමරිකාවේ කොන්ග්‍රස් https://www.youtube.com/watch?v=qxr-cv-JuI8&t=39s මණ්ඩලයට විශාලම වැක්සින් වංචාව ගැන පරීක්ෂණ කිරීමට යෝජනා කරන ආකාරයයි, අද වනතුරු කිසිවක් නොවෙන්නේ මුදල් බලය නිසයි නමුත් විවිද පාරිබෝගික ආරක්ෂණ මණ්ඩල සහ ස්වාදීන පුද්ගලය්න්නේ බලය දැඩි වුන විට ඔය වන්දි ගෙවපු විදියට අදාළ සමාගම වන්දි ගෙවයි, මේ වන්දිය ඔවුන් ලබපු ලාබයෙන් 1% පමණ නිසා තෝපි වගේ හරකව මේ බෙහෙත් වලින් නිරතුරුව මරණයට පත්කරනවා.

      Delete
    4. @Lankika Sithuwili,
      එම බෙහෙත් බිව්වොත් මැරෙයි කියා ඔබ සිතනවා නම් ඔබ ඒ බෙහෙත් නොබී සිටින්න. අපට නම් ඔබේ කියමන් ගැන කිසිදු විශ්වාසයක් නැත. ඔබේ සිතුවිලි අප මත පැටවීමෙන් වළකින්න. ඔබේ ප්‍රවාද අපට මහත් කරදරයකි.

      Delete
    5. AnonymousAugust 21, 2017 at 3:25 PM,

      මෙතන මාව විස්වාස කරන්න කියලා කොහෙද කියල තියෙන්නෙ අමරිකාවේ අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවිය ඔබට ඉංග්‍රීසි කියවන්න බැරිද? ඔබට ධිකරණ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සබැඳියක් ලබා ලබල දීල තියෙන්නෙ එකට ගිහිල්ලා බලන්න මිසක් මම කියන දේවල් විශ්වාස කරන්න නෙමේ

      Delete
    6. Lankika Sithuwili

      වගේ බටහිර විද්‍යාව සැකකරන හරක් ඇමරිකාවෙත් ඉන්නව... උන් තමයි anti vacciners කියන පිස්සො... උන් බෙහෙත් කොම්පැනි මාර වංචාකාරීක, ඒවායින් බෙහෙත් බිව්වහම මැරෙනවය, කොම්පැනි ආන්ඩු ඔක්කොම වංචාකාරයොය කියල හිතාගෙන ලමයින්ට බෙහෙත් නොදී ඉන්නවා.. උන්ගෙ ගොන්කම් නිසා ලමයි මැරෙන එක වලක්වන්න ඇමරිකාවෙ සමහර ප්‍රාන්තවල නීතිත් ගෙනල්ලා තියෙනවා... හරකො ඇමරිකාව වගේ 100% නීතිය ක්‍රියාත්මක වෙන රටවල සමාගම් වලට මුදල් බලය නිසා නීතියෙන් බේරිලා ඉන්න බෑ... ලංකාවෙන් පිටරටක ජීවත්වෙලා නැති හරකෙක් නොදන්නවට ඇමරිකාව වගේ අතිශය දියුනු රටක ඉන්න මිනිහෙක් දන්නවා ඒ රටවල ආයතනවලට තියෙන බලය.. කොන්ග්‍රස් එකේ ඔනෑම සෙනෙටර් කෙනෙඋට ඇවිත් ඔනෑ දෙය කරන්න පුලුවන්, නමුත් ඇමරිකාව වගේ 100% නීතිය ක්‍රියාත්මක වෙන රටවල සමාගම් වලට බේරිලා ඉන්න බෑ.. ලංකාවෙ ඉන්න බටහිර විරෝදී ගොබිලො හිතාගෙන ඉන්න ඇමරිකාවත් ඉන්දියාව වගේ කියල වෙන්නැති

      Delete
    7. AnonymousAugust 21, 2017 at 7:05 PM,
      https://www.youtube.com/watch?v=cFPOdwMMysw

      හරකට තණකොළ

      Delete
  2. ප්‍රධාන පිරිස වන්නේ රට දමා විදේශයන්ට සංක්‍රමණය වී එහි ජීවත් වන ගමන් ලංකාවට මාාාර ආදරේ බව පෙන්නීමට උත්සාහ කරන අයයි.

    සහතික ඇත්ත තමන්ගේ සුභ සිද්දියට රට අතහැර ගොස් එහෙසිට ලංකාව හදන්න හදන අය සිංහල බ්ලොග් අවකාශයේ ඉන්නවද මෙහෙම් කරන්න අහම කරන්න කියලාකියන මේ රට හැදුනේ මෙයා නිසා අදිවශ්යෙන් කියන

    මසුරන් කියමන් පැරා ඔබට මෙවන් ලිපියකින් අප වැනි ලාංකිකයන්ව දැන්වත් කරන එක ස්තුතියි !

    ReplyDelete
  3. නිල් බලකාය ,රාවණා බලය,බොදුබල සංවිධානය,තබ්ලික් ජමාත්,උලමා සබේ,ආවා ,අන්තරේ වැනි සියළු අන්තගාමී සංවිධාන තම ගතමනාව හොයා ගන්න ඩෑන් වර්ගයේ ගොන් නම්බෝ පාවිච්චි කරයි.දැන් නම් ජී ඇල් පීරිසුයි ඩෑන් ප්‍රියසාදුයි එක්කුස උපන් සහොදරයො වගෙ.. හා නැද්ද මං කියන්නෙ.. නැවත රාජපක්ෂ යුගයකදී රජවෙන්නෙත් මෙවැනි හරක්මයි.(අතකොටා මොඩ්ල්)

    ReplyDelete
  4. "මහින්ද චින්තනය"- චම්පික රණවකයි ඩලස් අලහප්පෙරුමයි නොහිටියානම් ඔය වචන දෙක එකතු කරගන්න රාජපක්ෂ අයිය මලෝරු හතරදෙනාටමත් බැරි වෙනවා.

    ReplyDelete
  5. ජාතියේ, ආගමේ, සංස්කෘතියේ නමින් එනතාක් ඕනම ගූ ගොඩක් හිසේ සිට දෙපතුල දක්වා හලා ගැනීමේ රුසියෝ වෙමු අපි

    ReplyDelete
  6. ටෙලිවිෂන්, යූටියුබ් සහ ෆේස්බුක් කාලයේ ජාතික වීරයන්. තව අවුරුදු කීපෙකින් මෙවන් අය දවසට දුසිම් ගණනින් බිහිවෙන විට ඒකත් එපා වෙයි. එතකන් ගිය දෙන්.

    ReplyDelete
    Replies
    1. කට පරිස්සම් කරගෙන .ගත පරිස්සම් කරගන්න

      Delete
  7. ඩෑන් කොල්ලගේ අතිජාත ස්පොන්සර්ස්ලා ඇවිල්ලා අටපාස් කොරියන් ලේබරර් සෙට් එක

    ReplyDelete
  8. Most important thing is to defeat the Ideology of Naleen Silva called Jathika chinthana. We will ready to accept you are as the hero if you will ready challenge a open debate with Naleen de Silva. I remember the Sinhala provard "PALU GEWAL WALA WALAN BIDINNA EPA"

    ReplyDelete
  9. හු.. හු... හු
    සම හරක් බ්ලොග් ලියන චන්ඩි, ඇනෝ වහලා ඇයි ඇනොලට බයේද නැතිනම්
    මන් වැදගත් බ්ලොග්කරුවන්ගේ එකෙක් මට ලැජ්ජයි ඕවට කියලද
    මාතලන් කමියා ඉයන් ඊගාවට කවුද හු හූඌඋ ..

    මැන්ටල් ඩොකත් ඇනෝ වහලා අන්තරේ කොලන්න්ට බයේ හු හු හු.....

    රට හදන්න බ්ලොග් ලියන සම හරක් ට සතුටුයිද දැන් හි හු හා!!!!!!!

    කමෝන් අජිත් ඔයත් ඇනෝ වහනවද ඇනොලට බයේ

    ඇනොලා කැමති මෙ ගැනත් අජිත් ලිපියක් ලියනවානම්
    ඇනෝ මොඩරේට් කලාට ඔයා හරි කියවනවානේ ඒ ඇති

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා